නව ව්‍යවස්ථාවක් පිළිබඳ යෝජනා තව වරක්
යටපත් වී ඇත. පළාත් පාලන මැතිවරණයට දින නියම කරලීම නිසා ව්‍යවස්ථා අතුරු වාර්තාව මදක් පැත්තක තබා තිබෙන
බව දක්නට තිබේ.ලබන මාර්තු මාසයේ ජිනීවා මානව හිමිකම් සැසිවාරය නිමිති කොට එය නැවත
වරක් කරළියට පැමිණීමට ඉඩ ඇත.කෙසේ වෙතත් යහපාලන රජයේ ඒකායන පරමාර්ථය කුමක් හෝ උප්පර
වැට්ටියක් යොදා දෙමළ සහ මුස්ලිම් අන්තවාදීන් සැනසීමයි.ඒ සඳහා හොඳම උදාහරණය අඹගමුව
ප්‍රාදේශීය සභා සීමාව තුනකට කැඩීමේ ගැසට්ටුව නිකුත් වීමෙන් පසු පෙන්නුම් කර තිබේ. පළාත්
පාලන සභිකයන් සංස්ථාපනය කිරීමේ ගැසට් පත්‍රයට පළාත් සභා සහ පළාත් පාලන ඇමති ෆයිසර්
මුස්තාපා මහතා අත්සන් තබන ලද්දේ නොවැම්බර්
මස 02 දිනදීය. එය දින දෙකක් තුළ මහජනතාවගේ දැන ගැනීම පිණිස මුද්‍රණයෙන් ප්‍රකාශයට
පත් කළ හැකිය. යම් විරෝධතාවයක් තිබේ නම් නීතිමය ස්ථාවරයකට එවිට යා හැකිය.නමුත් ඇමතිවරයා
විසින් අත්සන් කරන ලද මෙම ගැසට්ටුව අන්තර්ජාලයේ ප්‍රසිද්ධියට පත් කරන ලද්දේ දින
නවයක් ඉකුත් වීමෙන් පසුවයි.එම ගැසට්ටුවේ අඹගමුව ප්‍රා දේශීය සභාව පිළිබඳ නිවේදනයත්
තමන්කඩුව ප්‍රා දේශීය සභාව පිළිබඳ නිවේදනයත් අඩංගු නොවිණි. ඒ වෙනුවට එම කරුණු යොදා
අංක 2043/57 නමින් තවත් අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කෙරී තිබේ.
.1980 දී ගම් සභා අහෝසි කරලීමෙන් පසු
පැවති පළමුවැනි පළාත් පාලන මැතිවරණයේ දී අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍ර දේශය නිර්ණය
කෙරිණ. එහිදී පත් වූ මන්ත්‍රී සංඛ්‍යාව විසිඑකකි. එයින් 13 ක්ම දෙමළ මන්ත්‍රීවරුන්
වෙති. එහෙත් පළාතේ වාසය කරන සිංහල ජනතාව එයට වෙනස් කමක් නොපා සාමයෙන් වාසය කළහ. මේ
කාලයේ සිටම අලුතෙන් පුරවැසි බව ලැබූ දෙමළ ජනතාව වෙනුවෙන් වෙනමම පරිපාලන බල ප්‍ර දේශයන්
ඇති කර ගැනීම සඳහා දෙමළ දේශපාලනඥයන් තර්ක කළහ. නමුත් එයට ඉඩ නොලැබුණි.ඒ මන්ත්‍රී
ආසන 13ක් හිමිව තිබියදීය. 2013 සීමා නිර්ණ කටයුතු ආරම්භ කරලීමෙන් පසු නුවර එළි
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පවත්වන ලද සෑම රැස්වීමකදීම මෙම දෙමළ දේශපාලනඥයන් වෙනමම
පරිපාලන ප්‍ර දේශ කඩා ගැනීමට සටන් කළහ. එසේම
තමන් ගේ කොට්ඨාශ යන් සඳහා දෙමළ නම් තබා ගැනීමටද අවසර ඉල්ලූහ. නමුත් මෙම කමිටු
රැස්වීම් වලට සාභාගි වූ හිටපු ප්‍රා දේශීය
සභා මන්ත්‍රී හෙළප්‍රිය නන්දරාජා මහතා ඇතුළ අයගේ තර්ක හමුවේ මෙම ජාතිවාදී ඉල්ලීම්වලට
ඉඩ නොලැබුණි.
නමුත්
සීමා නිර්ණ කටයුතු අවසන්ව එම ගැසට් පත්‍රය නිකුත් වීමෙන් පසුව මනෝගනේෂන් දිගම්බරන්
වැන දේශපාලනඥයන්ද රවුෆ් හකීම් ෆයිසර් මුස්තාපා වැනි මුස්ලිම් දේශපාලඥයන් ගෙන් ද
සමන් විත හමුවක් අගමැති ගේ ප්‍රධානත්වයෙන් රැස්වී නැවත එම ජාතිවාදී ඉල්ලීම්
සාකච්ඡා කරනු ලැබිණ. එහිදී එම ජාතිවාදී ඉල්ලීම් වලට අනුමැතිය ලැබුණු අතර පළාත්සභා
ඇමතිවරයාට තිබෙන බලතල ප්‍රකාරව 2017 නොවැම්බර් මස 02 දින මෙම බල ප්‍ර දේශය අඹගමුව
නෝර්වුඩ් සහ මස්කෙළිය යනුවෙන් කොටස් තුනකටද නුවරඑළිය බල ප්‍ර දේශය ආගරපතන කොටගල සහ නුවරඑළිය යනුවෙන්
කොටස් තුනකටද බෙදා වෙන් කරන ලදී. මෙම කැඩීම තුළින් ඉස්මතු වන ජාතිවාදී බල තුලනය
මෙසේ වෙයි.
ශ්‍රී පාද රක්ෂිතයට ආසන්නයේ
ම තිබෙන ග්‍රාම නිළධාරි කොටස සීතගඟුලයි.එය මස් කෙළියට කඩා ඇත.මස්කෙළි කොටසේ ග්‍රාම
නිළධාරි වසම් 10 කි. තෝරා පත් කරගන්නා සභිකයන් සංඛ්‍යාවද 10 කී.එක් වසමකට එක්
මන්ත්‍රී වරයෙකු බැගිනි.ලැයිස්තුවෙන් තවත් මන්ත්‍රී වරු 06 දෙනෙකි. මෙම ප්‍ර දේශයේ
සිංහල ජනතාව පන් දහසක් පමණ දිවි ගෙවූවද ප්‍ර දේශය පුරාම විසිරී සිටින බැවින් ඔවුන්
හට කිසිම නියෝජනයක් නොලැබේ. එහෙත් වතු ආශ්‍රීතව පොකුරු වශයෙන් දිවි ගෙවන දෙමළ
ජනතාවට විශාල මන්ත්‍රීවරු පිරිසක් ලැබේ. ඒ පාරවල් හදන්නට ලයිට් දෙන්නට වැසිකිලි
කැසිකිලි හදන්නටය. එහෙත් ඒවා දැනටමත් සම්පූර්ණ කර ඇත. නෝර්වුඩ් කොටසේ ග්‍රාම නිළධාරි කොටස් 17 කි.
තෝරා පත් කරගන්නා මන්ත්‍රීවරු 12 කි. ලැයිස්තුවෙන් 08 ක් හිමිවේ. මේ කොටසට හැටන්
දිකඔය පෙදෙසින් ද ග්‍රාම නිළධාරි වසම් එක කර තිබෙන්නේ දෙමළ නියෝජනය වැඩිවන
ආකාරයටයි. බහුතරයක් සිංහල ජනතාව ජීවත් වන අඹගමුව කොටසේ ග්‍රාම නිළධාරි වසම් 40 කි.
තෝරා පත් කරගන්නා මන්ත්‍රී වරු 13 කි. ලැයිස්තුවෙන් 08 කි. මේ කොටසටද හැටන් දික්ඔය
කොටසින් ග්‍රාම නිළධාරි වසම් කඩා දමා තිබේ.ඒ අඹගමුව බල ප්‍ර දේශයටද දෙමළ නියෝජනය
ලැබ ගැන්මටයි. අතැම් ග්‍රාම සේවා වසම් කීපයක් එකතු කර එක් කොට්ඨාශයක් තනා ඇත. අඹගමුව
ඓතිහාසික සෙල් ලිපිය පවතින සෙල් ලිපි වසම ද වෙනත් වසම් කීපයක්ද එක් කර එලෙස එක්
මන්ත්‍රී කොටසක් ඇත කර තිබේ.ඒ සිංහල මන්ත්‍රී සංඛ්‍යාව තුනී වන ලෙසටය.
නුවර එළි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
පැවති සීමා නිරණ කම්ටු රැස්වීම් වලදී අවධාරණය කළ එක් කාරණයක් නම් පැරණ ග්‍රාම වසම්
වල නම් වෙනස් නොකරන ලෙසයි. මෙම ගැසට්ටුව මගින් පහළ ලෙච්චමී ඉහළ ලෙච්චමී තෙන්මදුරි
යනුවෙන් මස් කෙළිය වසමේ සහ නෝර්වුඩ් කොටසේ කොට්ඨාශ වල නම් අළුතින් යොදා ඇත. මෙම
වසම් කඩා ඇත්තේ ජන ඝනත්වය අනුව වුවද
භූගෝලීය විවිධත්වය ආගමික හා සංස්කෘතික විවිධත්වය ආදී අනෙකුත් නිර්ණායක නොසලකා හැර
ඇත.
නව සිය පණහ දශකය වන විට. නුවර එළි දිස්ත්‍රික්කයේ
පරිපාලන ප්‍ර දේශ බවට( ආදායම් පාලක කොට්ඨාශ) පත්ව තිබුණේ උඩ හේවාහැට කොත්මලේ සහ
වලපනේ වශයෙනි. අඹ ගමු ඇතුලත්ව තිබුණේ කොත්මලයටයි. පසුව ගම් සභා සීමා නිර්ණය
කිරීමේදී අඹගමුව උතුර සහ අඹගමුව දකුණ වශයෙන්ද එය සළකුණු කර තිබේ.මේ කාලයේ මෙහි වතු
වල සිටි දෙමළ ජනතාවට චන්ද බලය හිමිව නොතිබුණි. පුර වැසි කමද නැත. සිරිමා මැතිණිය
සිරිමා ශාස්ත්‍රී ගිවිසුමෙන් වතු දෙමළ ජනතාවගෙන් ලක්ෂ පහක් පමණ ඉන්දියවට
යැවීමට ගිවිස ගත්හ. නමුත් 1965 බලයට පත් වූ ඩඩ්ලි සේනානයක ආණ්ඩුව ඉතාමත් ජාතිවාදී
ලෙස අනාගත දෙමළ චන්ද වලට තිබෙන ආශාව නිසා ඔවුන් ගෙන් වැඩි කොටසක් මෙහිම නවත්වා
ගත්හ.මේ කාලයේ නුවර එළි මන්ත්‍රී වරයාව සිටි විලියම් ප්‍රනාන්දු මහතා ශාන්ති පුර ගාමීණී
පුර ඇතුළු සිංහල ගම්මාන රාශියක් බිහිකරන ලද්දේය. ඒ උඩරට සිංහල ජනතාවට සිදුවූ
ඓතිහාසික අසාධාරණය සමහන් කිරීමටයි. එහෙත් එතුමා සිංහල මෙන්ම දෙමළ ජනතාවටද සිය
ගම්මාන ව්‍යාපෘතින් තුළ තැනක් දුන්හ. නමුත් 1970 දශකයෙන් පසු මෙ තත්ත්වය වෙනස් විය නුවර එළිය ආසනය නුවර
එළිය මස් කෙළිය බවට පත් විය. එක්සත් ජාතික පක්ෂ රජය දෙමළ වතු කම්කරුවන්ට දිව්රුම්
පෙත්සමකින් චන්ද බලය ලබා දුන්හ. එයින් සිදු වූයේ නුවර එළි දිශාවේ සිංහල ජනගහනයේ
චන්ද බලය යටපත් වීමයි.
දැන් වර්තමාන යහපාලන රජය යටතේ නව කඳුකර ගම්මාන
අමාත්‍යංශයක් ඇති කර තිබේ. එයින් දෙමළ වතු කම්කරුවන්ට පර්චර්ස් 07 ක් පමණ ප්‍රමාණයක්
නිවසක් සාදා ගන්නට ලබා දෙනු ලැබේ. එහෙත් උඩරට සිංහල ජනතාවට සිදු වූ අසාධාරණ කම්
සමහන් කරන්නට එකදු නිවාසයක් සෑදීමට එයින් අනුමත නොකෙරේ. ඒ වෙනුවට අද ඔවුන් ගේ උත්සාහය
වී ඇත්තේ සෑම ග්‍රාම නිළධාරී කොට්ඨාශයකටම එක් මන්ත්‍රී වරයෙකු බැගින් පත් කරගෙන
අනාගත මලයහ නාඩුවට පාර කැපිය හැකි දෙශපාලන බල තුලනයක් සාදා ගැනීමයි.එවිට දිගම්බරන්
මනෝ ගනේෂන් වැනි දේශපාලනඥයන්ට කඩේ යන දේශපාලන හෙංචයියන් බිහි කර ගත හැකිය. අඹ ගමුව
ප්‍රා දේශීය සභාව කොටස් තුනකට කැඩීමෙන් එහි පළමු පියවර ඇරඹේ. මෙම ප්‍රා දේශීය
සභාවේ හිටපු සභාපති නගුලේස් මහතා සීත ගගුල සහ මරේ වසම් වල ආසන්නයේ දැනටමත් ඉඩම්
මිළදී ගනිමින් සිටී. එසේම මීට කලකට ඉහත කොත් ඇල්ලන වසම ආසන්නයෙට කඩා වැටුණු ගුවන් යානයේ සිටි මුස්ලිම් වන්දනා කරුවන් සඳහා
සොහොන් කීපයක් දැනටමත් මේ වසමේ ඉඳි කර ඇත. මුස්ලිම් දේශපාලනඥන් ගේ බලාපොරෙත්තුව
වන්නේ මෙම් වසම් වල තමන්ට රිසි බලයක් ගොඩනගා ගෙන පල්ලි ඇටවීමටයි.ශ්‍රී පාද රක්ෂිතය
අවට ඉඩම් නව බෙදීම නිසා මස්කෙළිය ප්‍රා දේශීය සභාවට අයත් වේ. මාවුස්සා කැලේ සමන්
දේවාලයද මස් කෙළියට කැඩී තිබේ.එසේම ශ්‍රී පාද මාර්ගයේ කැලිකසල බැහැර කිරීමද කඩ බදු දීමද මින් පසු මෙම දේශපාලනඥයන් අතට පත්
වනු ඇත. ඉදිරියේදී මස් කෙළිය සඳහා නව ප්‍රා දේශීය ලේකම් කාර්යාලයක් පවා ස්ථාපිත
කරලීමට ඉඩ තිබේ.මේවා අනාගත සැලසුම්ය.
ඉංග්‍රීසීන් ගේ තාඩන පීඩන වලට හසු වුණ සිංහලයන් සදා කල් අසරණය. ඔවුන්ට ඔවුන්
ගේ නව පරම්පරාවට නව ඉඩමක් නව නිවසක් පිලබඳ බලාපොරෙත්තුව සිහිනයක් පමණි. ඒවා සියල්ල
මේ යහපාලන රජයේ වසල ප්‍රතිපත්ති මත සුණ විසුණු ව යයි. අනාගත මලය නාඩු ව තුළ ඇවිලෙන
ජාති වාදී ගැටුම් නිවන්නට මේ දේශපාලනඥයක් කිසිවකුත් ඉතිරි නොවුණු ඇත. ශ්‍රී පාදය
පවා අන්‍යාගමිකයන් සතු වීමට පසුබිම සැකසෙනු යයි කීම හුදෙක් හිතළුවක් නොවේ.එදාට
සුසුම් හෙළනු ඇත්තේ අපේ අනාගත දරු පරම්පරාවයි.
No comments:
Post a Comment