මෙවර
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මගින් සිදු කරන විෂය මාලා වෙනස් කම් වලදී
ඉතිහාසාය, සෞන්දර්ය කලා විෂයයන් පමණක් නොව කෘෂීකර්ම විෂයද ඉවත් කර තිබේ.ඒ විෂය
මොඩියුල් වශයෙන් කෘෂී කළමනාකරණය සහ තාක්ෂණය යනුවෙන් වරණීය විෂයයන්ට ඇතුළත්
කර තිබේ. කෘෂිකර්මය යනු මෙරට ජනතාවගේ ජීවිතයට බද්ධව පවතින ආත්මීය සම්බන්ධයක් තිබෙන
විෂයක් බව ඕනෑ කමින්ම අමතක කර තිබෙන බව පෙනීයයි.කෘෂිකළමනාකරණය යනු සමාගම් වළට අවශ්‍ය
කළමනාකරුවන් බිහි කරන ක්‍රමවේදයයි.කෘෂි තාක්ෂණය යනු කෘෂිකර්මය පහසු කරවන එක්
මාර්ගයක් පමණකි.ජීවන පැවැත්මට අවශ්‍ය ආහාර නිපදවීම එනම් ආහාර සුරක්ෂිතතාවය සහ
ස්වෛරීත්වය උදෙසා මේ විෂයයන් සිදුවන මෙහෙයක් නැත.
වර්තමාන රජයේ වගා සංග්‍රාමය සඳහා යොදා ඇති තේමා පාඨය නම් 'එක මිටට ගොවිබිමට'
යන්නයි. මෙයට කලින් විවිධ ආණ්ඩු යටතේ මෙවැනි තේමා පාඨ සහිත ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක
වූ බව අප දනිමු. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිවරයාගේ වකවානුවේ දී වැව් දහසක් ව්‍යාපෘතිය
ක්‍රියාත්මක කරන ලද්දේ එවකට කෘෂිකර්ම ඇමතිවරයාව සිටි වර්තමාන ජනාධිපති අනුර
දිසානායක මහතා විසිනි.අරමුණ යහපත් වුවද ඒ අවස්ථාවේ දී කිසිම වග විභගයක් නොමැතිව
වැව් හාරා යම් විනාශයක් කර තිබුණි.එක මිටට ගොවි
බිමට නමින් වන වැඩ සටහනද සැබවින්ම
යහපත් අරමුණකි. රටේ කෘෂිකාර්මක ඵලදාව නැන්වීම උදෙසා සෑම දෙනම ගොවි බිම් කරා කැන්දන
දිරිමත් කරන පාඨයක් සහිත වැඩ සටහනකි. එහෙත් රටේ වී ගොවිතැන වාර්ෂික හා අර්ධ වාරෂික
භෝග ආදිය වගා කිරීමේ දී පවතින ශ්‍රම සම්පත ගැන කල්පනා කළ යුතුය.
නිදහසින් පසු
රටේ කෘෂිකර්මයට ලැබුණු වටිනාකම නිසා ගම්වල සිටි තරුණ පිරිස් විශාල උනන්දුවකින්
ගොවි බිම් අස්වද්දන්ට යොමු වුණද හැත්තෑවේ දශකයෙන් පසුව ඇති වූ විවෘත ආර්ථික ප්‍රතිපත්තියත්
ඒ මත සංවර්ධනය වූ වෙළෙදපළ ආර්ථිකයත් නිසා ඊට සරිලන ලෙසට තරුණ තරුණියන් අධ්‍යාපනය
ලබාගෙන ඇත. ඒ තත්වය තුළ ගොවිබිමට නිරන්තරයෙන් එක් වන ශ්‍රමික පිරිස අඩුවී ඇති අතර
අර්ධකාලීනව ගොවිබමට එන එනම් ගෙවතු වගා කරන විවේක කාල වලදී ගොවිතැන් කරන ශ්‍රම
බලකායද හීන වෙමින් පවතී. එවැනි තත්වයක් යටතේ එක බිමට ගොවි බිමට සාර්ථක කර ගැනීමට
නම් ගොවි බිමට බසින ශ්‍රම සම්පත වර්ධනය කරගත යුතුය. එවැනි දිගු කාලීන අරමුණක් අධ්‍යාපන
ප්‍රතිසංස්කරණයන් තුළ නැත. ඒ අතර 2025 යල සහ මාස කන්න වල එක විටම ගොවි බිමට
බසින්නට කළ ආයාචනය ද පුස්සක් වී තිබේ.
මෙම ව්‍යාපෘතිය
වෙනුවෙන් ගොවිජන සේවා කොමසාරිස් රෝහණ රාජපක්ෂ විසින් 2025 අප්‍රියෙල් 09 දින 7/11/60
යනුවෙන් නිකුත් කළ චක්‍ර ලේඛනයක් ඇත. 2000
අංක 46 ගොවිජන සංවර්ධන පනතේ 30(3) වගන්තිය යටතේ කුඹූරු ඉඩමක් වෙනත් භෝග වගාවකට
යෙදිය හැකිය. එහෙත් 2020 නිකුත් කරන ලද 2020/1 චක්‍ර ලේඛනයකට අනුව කුඹුරු ඉඩම් A B C යනුවෙන් කොටස් තුනකට වර්ග කර
තිබුණි. එහි විද්‍යාත්මක පදනමක්නොමැතිය. ඊට හේතුව රටේ පවතින විවිධ කෘෂිකාර්මක ඉඩම්
වලට යොදා ඇති නාමයන්ය. ඒවා ඒ බිමේ භූගෝලීය සාධක අනුව වර්ග කිරීමට පැරණියන් පුරුදුව
සිටියහ. කුඹූර, ඕවිට, අස්වැද්දුම, උඩුමුල්ල ,දෙණිය, පිට කට්ටිය , කමත ආදී වශයෙන් ඒ
ඉඩම් නම් කර තිබුණි. කුඹුර යනු වී ගොවිතැනට සෘජුවම යොදා ගත් ඉඩම්ය අස්වැද්දුම යනු
අලුතෙන් වගා කටයුතු වලට යොදා ගන්නා ලද ඉඩම්ය. ඒවා කුඹූරු විය හැකිය. නැතිනම් ගොඩ
භෝග වගා කිරීම සඳහා විය හැකිය.අනෙක් ඉඩම් සියල්ල කුඹූරු ආශ්‍රිත ගොඩ ඉඩම්ය. බොහෝ විට ජලාශ්‍රිත
ඉඩම්ය. ඒ නිසා ජල උල්පත් සහිත පරිසර පද්ධිතියක් ඒවාට තිබේ. ඉහතකී වර්ගීකරණයේ දී සී
කාණ්ඩයට වැටෙන්නේ ඒ ඉඩම්ය. නමුත් ඒ චක්‍ර ලේඛනය වගකීමක් සහිතිව ඉඩම් වල නාමයෙන්ම
වර්ගීකරණය කර තිබුණා නම් වගාවට පමණක් නොව පරිසර පද්ධතීනට ද සාධාරණයක් ඉටු කරන්නට
ඉඩ තිබුණි.
කෙසේ වෙතත්
2025 නිකු ත් කරන ලද චක්‍ර ලේඛනය මගින් මේ වර්ගීකරණය ද නොසලකා හැර තිබේ. ඕනෑම
කුඹුරු ඉඩමක වාර්ෂික හෝ අර්ධ වාර්ෂික භෝග වගා කිරීමට ඒ මගින් අවසර ලබා දිය හැකිය.ලංකාවේ පවතින භූගෝලීය සාධක අනුව විවිධ පළාත්වල
ගොවිතැනේ දී භාවිතා කරන සම්ප්‍රදායන් තිබේ. උඩරට පළාත්වල එක් කන්නයක් එළවලු කරන
අතර ඊ ළඟ කන්නය වී ගොවිතැනට යොදා ගනිති.තවත් ප්‍රදේශයක වැව් පද්ධති රැසක් තිබෙන
බැවින් වාරි ජලය තිබෙන ප්‍රමාණය අනුව වී ගොවිතැනේ කන්නය තීරණය කරති.මහාවැලි ජලයෙන්
වගා කරන කුඹූරු පාස්සවා ගන්නේ මධ්‍යගත වාරි ජල සම්පාදන කාල සටහනකට අනුවයි. ඒවායේ ද
ඇතැම් කන්න වල මුං ඇට ,රටකජු වැනි ධාන්‍ය භෝග වගා කරති. බස්නාහිර පළාත දකුණු පළාතේ
ගාල්ල, මාතර දිස්ත්‍රික්කයන්හි පවතින ගංගා ද්‍රෝණි ගොවිතැන සහමුලින්ම වෙනස්ය.යල සහ
මහ කන්න දෙකේදීම ඒවා වගා නොකරති.ඇතැම් කුඹූරු හරහා ගං වතුරාව ගලන්නේ යල කන්නයට යි.
ඇතැම් තැන්වල මාස් කන්නයට ද යල සහ සහ කන්න දෙකටම ගංවතුරාටවට යට වන කුඹුරු ද
තිබේ.වගුරු කඩොල් පස තිබෙන බැවින් ඒවා සුදුසු වනුයේ වී ගොවිතැනට පමණකි.
2025
චක්‍ර ලේඛනය මේ සියලු විවිධ වූ කුඹූරු පද්ධති අරභයා ක්‍රියාත්මක වන්නකි.එහි (111)
කාණ්ඩය අනුව කුඹූරු ඉඩම් හි වෙනත් භෝග වගා කිරීමට අවසර ලැබෙන අතර 2020/1 චක්‍ර ලේඛනය
අනුව ඒ බී.සී. යනුවෙන් කළ වර්ගීකරණය ගණන් නොගැනේ.ඒ අවසර දීම වසර තුනක් සහ මාස හයක්
වැනි කාලයකට ලබා දිය හැකි අතර මේ වන විට බස්නාහිර පළාතේ විවිධ තැන්වල වගුරු කඹූරු
සඳහා අවසර ලබා දී තිබේ. මෙම ලිපියේ ප්‍රථමයෙන් සඳහන් කරන ලද අධික ශ්‍රම හිඟයක් ද
ශ්‍රමය සඳහා ඉහළ මිළක් ද ගෙවිය යුතු සමයක. ගං වතුරාවට යටවන කුඹූරු වල කාණු කපා පස් කණ්ඩි සාදා එලවළු හෝ
කෙසේල් පළතුර වැවීමට යමෙක් ඉල්ලන්නේ නම්
එහි යටි අරමුණක් තිබිය යුතුය.එවැනි වගා මේ පසේ එතරම් සාර්ථක වන්නේ නැත. විශේෂයෙන්ම
කඩොල් පසේ පොල් වගාව එතරම් සාර්ථක වන්නේ නැත.වැලි සහිත කඩොල් පසේ නම් එය සාර්ථක කර
ගත හැකිය. මෙහිදි සිදු වන්නේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අවසර ලබාගෙන යම් කොටි
කාලයක් වගා කරන බව පෙන්වා ඉඩම ගොඩ කිරීම සඳහා ප්‍රවේශ වීමයි. බස්නාහිර පළාතේ ඉඩම්
වල වටිනාකම ඉතා සීග්‍රයෙන් ඉහළ යන වකවානුවක එක මිටට ගොවි බිමට නොව එක මිටට ඉඩම්
වෙලෙඳපළ ශක්තිමත් කිරීමට නම් ඒ මාර්ගය සුදුසුය. චක්‍ර ලේඛනය අනුව අවසර ලබාගත්
ස්ථානයක යම් පිරවීමක් කළහොත් ගොවිජන ප්‍රාදේශිය නිළධාරීන්ට නඩු පැවරිය හැකිය.
එහෙත් ඒ කටයුත්ත ප්‍රායෝගික නැත. කෘෂිකාර්මික ප්‍රශ්ණ සඳහා වෙනම අධිකරණ ක්‍රමයක්
නැති තත්වයත වසර ගණනන් ඇදෙන නඩු වලට මුදල් වැය කිරීමට දෙපාර්තමේන්තුවට හැකියාවක්
නැත.
වත්මන්
රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුලලේ කොන්දේසි වලට යටත් වී අවසන්ය. වී වගාව පාඩු බව
මෑතකදී ලාල් කාන්ත ඇමතිවරයා පවසා ඇත. අවශ්‍ය නම් විදෙස් වලින් හාල් ගෙන්වා පාරිභෝගිකයා
වෙත සහල් ලබා දෙන්නට පැකිලෙන්නේ නැති බව ඔහු පවසා ඇත. එවැනි ප්‍රකාශ හමුවේ වී ගොවිතැනට
වඩා වෙළඳපළ ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා මේ රජයද කටයුතු කරනු නිසැකය. එක මිටට
ගොවි බිමට යනු ප්‍රෝඩාවකි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාමුව අධ්‍යනය කිරීමෙන් සහ මෙකී
චක්‍රෙල්ඛනය කියැවීමෙන් එය පසක් කර හැකිය.
මතුගම සෙනෙවිරුවන්
No comments:
Post a Comment