ජල සම්පත මෙරට ජාතික උරුමයකි. පැරණි රජවරුන් විසින් මහා වැව් ඉඳි කොට දී
කුඩා වැව් ද පෝෂණය කරමින් රට සශ්‍රීක කර ලීමට ඉඩ පහසුකම් සැලසූ අතර ජනතාව එම
උරුමයන් තමන් ගේ පණ සේ ආරක්ෂා කළහ. වැව් නඩත්තු කරලීමට ගමේ පැවති එකමුතුවද වැව්
ගැන දත් දැනුමැත්තන්ගේ අත්දැකුම්ද ඉතා වැදගත් විය. බ්‍රිතාන්‍ය පාලකයන් විසින් මෙම
වැව් කඩා බිඳ දැමීමත් රාජකාරිය තහනම් කිරීම නිසා ඇතිවූ සෝදා පාලුව නිසාත් වැව් වල
පාලනය මුලුමනින්ම බිඳ වැටුණි. එහි ප්‍රතිඵලය වූයේ මහා ජල ගැලුම් වලින් වැව් කැඩී
බිඳී විනාශව යෑමයි.වාරිමාර්ග දෙපාර්තමේන්තුව පිහිටුවන ලද්දේ බ්‍රිතාන්‍යයයන්
විසින් කරන ලද ඒ වැරැද්ද නිවරදි කිරීමටයි.
නමුත් වැව් ගැන වැවේ සොරෙව්ව ගැන නොදත් ඉංජිනේරුවන් නිසා වැවේ පුරාණ ස්වරූපයට වූ
විනාශය අති මහත්ය.කෙසේ වෙතත් වර්තමානය වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව බල ගන්වන
පනතට අමතරව මහවැලි අධිකාරි පනත ජල සම්පත් පනත ආදී පනත් වලින් ආවරණය වෙමින් මේ රටේ
ජලය බෙදා හැරීම සහ නීතිරීති ක්‍රියාත්මක වෙයි.
රටේ දේශපාලන අධිකාරිය ක්‍රියාත්මක කරන රජයයන් අළුතින් පත් වූ සෑම අවස්ථාවකදීම ජලය පිළිබදව ප්‍රතිපත්ති අලුත් වටයකින් ඉදිරිපත් කර තිබේ. මේ ප්‍රතිපත්ති සම්පාදනයේදී ලංකාවේ විද්‍යාඥයන් ගේ අදහස් සෘජුවම භාවිතා කර නැත. ඒ වෙනුවට විදේශ වල අත්දැකීම් සංවර්ධන ක්‍රියාදාමයන් ආදිය සැලකිල්ලට ගෙන සකස් කරන ලද සංකල්ප මත එම ප්‍රතිපත්ති සකස් කර තිබේ.ලංකාවේ රජය ආසියානු සංවර්ධන බැංකුව සමග 2000 වසරේ දී ලෝන් ශ්‍රී 1575 යනුවෙන් ගිවිසුමකට එළඹීම නිසා කැබිනට් අනුමැතිය සහිතව ජාතික ජල සම්පත් කවුන්සලයක් පිහිටුවීමට අනුමැතිය හිමි විය.මෙම යෝජනාවට අනුමැකිය හිමි වූයේ 2000 මාර්තු මාසයේදීය. මුල් වරට ජල හිමිකම් බලපත්‍ර සංකල්පය මෙහිදී ඉදිරිපත් විය.නමුත් ඇතිවූ මහජන විරෝධය හේතුවෙන් එය ක්‍රියාවට නැගීම අසීරු විය. පසුව ජලය විකිණීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් එකඟව විදේශ මුදල් ලබා ගත් නිළධාරීන් ගේ පෙළඹවීම මත 2004 වසරේදී ද මෙම ක්‍රියාවලිය නව මුහුණවරකින් එළියට පැමිණියේය.එවක ඉදිරිපත් වූ රට පෙරට ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නැති දෙයක් ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාත්මක සැලැස්ම නමින් වූ තවත් පත්‍රිකාවක් මුද්‍රණය විය. එහි සඳහන් වූයේ පොදු ජන එක්සත් පෙරමුණ ආණ්ඩුව ආරම්භ කරන ලද ජාතික ජල කළමනාකරණ වැඩපිළිවෙල සම්පූර්ණ කර ක්රියාත්මක කෙරේ යන්නයි. අංක 1349/3 සහ 12.07.2004 දිනැති රට පෙරට ප්‍රතිපත්තිය අනුව අහෝසි කිරීමට පොරොන්දු වූ අන්තර්වාර ජල සම්පත් අධිකාරිය අහෝසි නොකර එවක තිබූ ගංගාධාර හා මහවැලි සංවර්ධන හා රජරට සංවර්ධන අමාත්‍යංශය යටතේ පිහිටුවීමට යෝජනා කර ගන්නාලදී. එහිදී බලාපොරොත්තු වූයේ ජල සම්පත් කළමනාකරණ සභාව හා ජාතික ජල සම්පත් කළමණාකරන අධිකාරිය පිහිටුවීමයි.එවක සිටි නිළධාරීන් බොහොමයක්ම ජාත්‍යන්තර වාරි කළමනාකරණ ආයතනවලට සෘජුවම බැඳී සිටි හෙයින් මේ ප්‍රතිපත්ති සකස් කිරීමට විදේශගත ධනය කෙතරම් යෙදවන්නට ඇත්දැයි සිතා ගත හැකිය. මෙහි අරමුණ වූයේ ජල දූෂණය කළමනාකරණය කර ගැනීම පිණිස සියළුම ගංගා ද්‍රෝණි ආවරණ කරමින් අධිකාරියක් පිහිටුවීමයි.නමුත් මේ ක්‍රමය යටතේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව අහෝසී වී යෑමේ තර්ජනය මතුව ආ හෙයින් වෘත්තීය සමිති විසි නවයක් පෙරමුණු ගෙන ඉදිරි පත්වූ එම යෝජනාව පරාජය කරන ලදී.මෙවැනි ප්‍රතිපත්ති ගණනාවක්ම 2008 වසරේ 2014 වසරේ සහ 2019 වසරේ ඉදිරිපත් කර තිබේ.නුමුත් ඒ අරමුණූ පරාජයට පත් විය.එයට හේතුවූයේ මේ ප්‍රතිපත්තීන් තුළ පැහැදිලිව රටේ ජල අයිතිය අන්සතු කිරීමට දරණ ලද වෑයමයි. .
වාර ගණනාවකදී මෙලෙස පරාජයට පත් කරන ලද ජල සම්පත් අධීකාරිය පිහිටුවීමේ යෝජනාව දැන් නැවතත් කරළියට පැමිණ තිබේ.මේ සම්බන්ධව වන ජල සම්පත් ප්‍රතිපත්තිමය කොටුම්පතක් සකස් කර 2021 සැප්තැම්බර් මාසයේ දී ඉදිරිපත් කර තිබෙන්නේ රටේ වාරිමාර්ග ක්ෂේත්‍රයන්හි සිටි දැනට විශ්‍රාම ගැන්වී සිටින විද්වතුන්ගේ සාභාගිත්වයෙනි.මෙයට සෘජුව සම්බන්ධීකරණය ලබා දෙන්නේ ලංකා ජලනී නම් රාජ්‍ය නොවන සංවිධානය බව ආරංචි මාර්ග දක්වයි.. මෙහි නිරතව සිටින බොහෝ ඉංජිනේරුවන් ජාත්‍යන්තර වාරි කළමනාකරණ ආයතනය සමග කාලයක් තිස්සේ බැඳී සිටින රටේ ජල සම්පත් විකිණිම සදහා සෑම විටම මැදිහත් වූ පිරිසකි. එහි සිටින ඇතැමුන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ වරුන්ය.ඔවුන් විසින් සකස් කරන ලද මේ නව ප්‍රතිපත්ති කෙටුම් පත රනිල් වික්‍රමසිංහ රජය යටතේ කැබිනට්ටුවට ඉදිරිපත් කරලීමට දැන් සියලුම කටයුතු සූදානම් කර තිබේ යැයි දැන ගන්නට තිබේ..මෙම කෙටුම්පනතේ තිබෙන භයානක ප්‍රවේශයන් දෙකක් පිළිබඳ මේ අවස්ථාවේ දී මතක් කළ යුතුය. එකක් නම් ගංගා දෑලේ ජීවත්වන ජනතාව සතු ජල හිමිකම් බලපත්‍රය අන්සතු කිරීමට නැතිනම් විකිණිමට හැකියාව ලැබීමයි.මහවැලි අධිකාරිය සතු ඉඩම් බලතල ප්‍රාදේශිය ලේකම් වරුන්ට පවාරා ( විධිමත් සැලැස්මකින් තොරව ) බෙදුම්වාදී න්‍යයා පත්‍රයට අවශ්‍ය පසුබිම සකස් කරලීමට අයවැය යෝජනාවක් ඉදිරිපත් කර ඇති මොහොතක නිදහස් කරන ලද ඉඩම් වල සිටින ගොවියන් තමන්ට හිමිවන ජල හිමිකම්ද අන්සතු නොකර සිටීවි යැයි කියන්නට නොහැකිය.එසේම මහාපරිමාණ ජල පාරිභෝකියන් ලෙසට සැලකෙන විශාල සමාගම් ගැනද මෙම කෙටුම්පතේ සඳහන්ව තිබෙන්නේ සුළු ජල අයිතිය රකින්නට නම් සමාගම් වල ජල අයිතියද පාලනය කළ යුතු බවයි. මෙයින් හැඟවෙන්නේ විශාල සමාගම් වලට පවරන්ට නියමිත ජල කළමනාකරණය පිළිබඳ පණිවුඩයයි. අනෙක් භයානක කරුණ නම් ගංගාද්‍රෝණියක තිබෙන ජල හිමිකම් සම්බන්ධ යම් ගැටුමක් නිරාකරණය කිරීමට ගැටුම් නිරාකරණ ආයතනයක් පිහිටුවීමට යෝජනා කිරීමයි. මේ කියන්නේ මහවැලි ගඟට බව පැහැදිලිය. එය ආරම්භ වනුයේ මධ්‍යම කඳුකරයෙනි. එහි දැන් ඉන්දීය බෙදුම්වාදී වුවමනාව මත වතු දෙමළ දේශපාලන නායකයන් ගේ කඳවුරක් බවට පත්ව තිබේ. මහවැලි ගඟ අවසාන වශයෙන් මුහුදට එක්වන්නේ ත්‍රිකුණාමලයෙනි. එහිද ඩයස්පෝරා බලය ස්ථාපිත කරන්නට වත්මන් ආණ්ඩුව කැස කවමින් ඇත. අතරමගදී ජලය පරිහරණය කරනු ලබන්නේ මෙරට පාර්ම්පරික ගොවි ජනතාවයි.මේ පාර්ශවයන් අතර ගැටුම් කාරී වාතාවරණයක් ඇති කරනුයේ බෙදුම්වාදී වුවමනාවන් සඳහාය.එවිට ජල හිමිකම් සම්බන්ධව ගැටුම් ඇති වීම සුලභ දෙයක් වනු ඇත. ලංකා ජලනී නම් සංවිධානය මේ ඩයස්පෝරාවේ බළල් අතක්ද යන පැනය මතුවන්නේ මේ කරුණු නිසාය.
ජල පරිහරණය සහ කළමනාකරණය උදෙසා සිය
ඉතිහාසයේ යුගණනාවකම අත්දැකීම් හිමි රටක් වශයෙන්
ලෝකයේ කීර්තියක් දිනා සිටියද වර්තමානය වන විට මෙම දැනුම යොදා නොගැනෙන
තරම්ය. ඒ වෙනුවට විදේශ ආධාර මුදල් මත යැපෙන නිළධාරීන් සහ දේශපාලනඥයන් විදේශ රටක ක්‍රියාත්මක
කරන ලද ජල කළමනාකරණ මූලධර්ම ලංකාවට ආදේශ කරයි. 1985 වැනි ඈතකාලයකදී පිහිටවූ ජාත්‍යන්තර
වාරි කළමණාකරණ ආයතනය මත යෑපීම ආරම්භ වූ දා
පටන්ම එය එසේ වෙයි. දැනට රටේ වාරි ජලය සහ පානීය ජලය පාලනය කරන ආයතන වසා දමා එක්
අයතනයක් තුළටද ඒ ආයතන තුළ තවත් අනු ආයතන බිහි කිරීමට කරනු ලබන තැත අපි දකින්නේ
විශ්‍රාම ගොස් සිටින විශ්‍රාම යන්නට සිටින නිළධාරීන්ට තවත් රැකියාවකට යෑමට මග පාදා
දීමකි.එසේම එක් අයනයකින් සියල්ල හසුරුවන කල්හි ගෙඩිය පිටින් විකිණීමට තිබෙන
වුවමනාව ප්‍රබලව මතුවන බවද මෙහිදී සඳහන් කළ යුතුය.
මතුගම
සෙනෙවිරුවන්
No comments:
Post a Comment