ලංකාවේ රාජධානි අතර සිවුවැනි රාජධානිය යාපහුවයි.
පොලොන්නරු රාජධානිය බිඳ වැටීමත් සමග ඇති වන සතුරු ආක්‍රමණ හමුවේ සිංහල රාජ්‍යත්වය තවදුරටත් දුර්වල වී යෑමේ ප්‍රතිඵලයක්
වශයෙන් වඩා ශක්තිමත් බලකොටු නගරයක් පිහුටවනු ලබන්නේ දඹදෙණියේ දීය. තෙවන විජයබාහු
රජු දළදා වහන්සේ නැවත බෙලිගලට වඩම්මවා
සිංහල රාජ්‍යත්වයේ ස්ථාවරත්වය නැවත ශක්තිමත් කරලීමත් සමග දඹදෙණියේ බලකොටු රාජධානිය
ඇරඹෙයි.ඉන්පසු ඔහුගේ පුත් දෙවන පරාක්‍රමබාහු රජු කාලිංග මාඝ පරදවා දඹදෙණිය සශ්‍රීක
නගරයක් බවට පත් කළ බව පැහැදිලිය.ඔහුට පුත්‍රයන් දෙදෙනෙකි.සතරවන බෝසත් විජයබාහු ලෙසින්
දඹදෙණියේ රජ වූයේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයාය.නමුත් වසර දෙකක් ඉකුත්වූ පසු මිත්‍ර නම්
සෙනෙවියෙකු අතින් රජු මරණයට පත් විය. මේ වන විට රජුගේ සොහොයුරු බුවනෙකබාහු කුමරු
ප්‍රාදේශීය පාලකයෙකු ලෙසින් යාපහුවේ නැවතී සිටියහ.සතරවන විජයබාහු ගේ ඇවෑමෙන්
බුවනෙකබාහු කුමරු පළමුවන බුවනෙකබා ලෙසින් දඹදෙණියේ දී රජ විය. නමුත් මේ අවදියේ
දිගින් දිගටම ජාවකයන් ගේ ආක්‍රමණ වලට මුහුණ දෙන්නට සිදුවිය.ජාවක චන්ද්‍රභානු පළවා
හැරීමට බුවනෙකබා රජුට හැකිවූයේ දඹදෙණියට වඩා යාපහු ගිරි දුර්ගය ශක්තිමත්
බලකොටුවක් වූ බැවිනි.
යාපහුව ක්‍රි.පූ. සියවස් ගණනාවක සිට ජනාවාස
භූමියකි.යාපහු පර්වත මුදුනේ ගල්ලෙන් 40 ක් පමණ පිහිටා තිබේ.ගල්ලෙන් විසිපහක පමණ
කටාරම් කොටවා ඇත. ඉන් ගල් ලෙන් තුනක ලෙන් ලිපි ඇත.පර්වත මස්තකයේ පවතින බෝධිඝරය
පැරණිය.දෙතිස්ඵල බෝධින්වහන්සේ නමක් වැඩම වූ බව සිංහල බෝධිවංශ ටීකාව දක්වා ඇත. එකල
මෙම පර්වතය හඳුන්වන ලද්දේ සුන්දරගිරි පව්ව යනුවෙනි. යාපහු ගිරි දුර්ගය පොළොන්නරු
අවදියේ සුභ නම් සෙනෙවියෙකුට වාසස්ථානය වී ඇත.එකල එය සුභවාල සුභගිරි යනුවෙන් දක්වා
ඇත. කාලිංග මාඝ ආක්‍රමණයෙන් බේරෙනු වස් ඇති කළ මේ බලකොටුව වටා මුර කපොලු රාශියක් ද
විය.වලස්ගල ඉන් එකකි. අච්චගිරිය යයි ප්‍රසිද්ධ වළස්ගල ආසන්නයේ ආරණ්‍ය සේනානසනයක් ද
විය.දඹදෙණි රාජධානි සමයේ දී පළමුවන බුවනෙකබා නිරිඳු මේ සුභ පර්වතය අංග සම්පූර්ණ
බලකොටු නගරයක් බවට පත් කරන ලද්දේය.එලෙස සිදු වූ පරිවර්තනයට අවදි කීපයක් ගත වන්නට
ඇතැයි කල්පනා කළ හැකිය.මුල් ප්‍රාග් ෙඑතිහාසික ජනාවාස. පසුව අනුරාධපුර යුගයේ පූජ්‍යස්ථානයක්
වශයෙන් සංවර්ධනය විය. පව්ව මතු පිට ගරාවැටුණු ස්ථූපයක් දක්නට ඇත්තේ එබැවිනි.
අනතුරුව බලකොටුවක් වශයෙන් ගොඩනැගීම නිසා
මාළිගා ප්‍රාකාර අටලු ආදියෙන් සම්පූර්ණ විය...මෙම නුවර ගොඩ නැගූ ආකාරය දනවන අගනා
පැරණි විස්තරයක් වෙයි.දෙවන පරාක්‍රමබාහු රජ දවස විසූ පූජ්‍ය ඉහළගම සංඝරක්ඛිත නායක
හිමියන් විසින් රචිත යාපහු නුවර විස්තරය යනු එම අගනා ලේඛනයයි.එහි මෙසේ දැක්වේ.
ඒ පළමුවන බුවනෙකබාහු මහරජතුමා අනුරාධපුරයෙන් අටගව්වක්
ගිය තැන ඈපා මාපා ඇමතියන් පිරිවරා යාපා නමින් නුවරක් කරවන්ට පටන්ගත්තේය.විසිදාහක්
පමණ ගල් වඩුවන් හා ඒ සීයක් මූලාචාරීන් හා
දෙසිය පණසක් සංගලියන් හා තුන්දහසක් සිත්තරුන් හා හතර දාහක් ගල්ගෙනෙන්නන්ද යන මේ
ආදීහු අධිකාරි නිලමේ ගේ අණ පරිදි සමහරෙක් සිංහ රූප නෙලති. සමහරෙක් ව්‍යාඝ රූ නෙලති
සමහරකේ හංස රූ නෙලති සමහරක් දේවරූප නෙලති සමහරෙක් බහිරව රූප නෙලති.
සමහරෙක් ඉරහඳ ඡායාරූප නෙලති සමහරෙක් තෝලක්කාර
රූප නෙලති සමහරෙක් දළදා ආසන නෙලති.සමහරෙක් දළදා කරඬු නෙලති. සමහරෙක් දළදා පෙරහර
නෙලති. සමහරෙක් ගල් උලුවහු නෙලති.සමහරෙක් ගල්කණු කපති.සමහරෙක් ලියපත් වැල්
නෙලති.සමහරෙක් ගල් පඩි කපති.සිත්තරු සිතියම් කරති.මෙකී මේ සියල්ලක්ම ගල් වැඩයි. මෙසේ මේ සේනාව නව මහලින් යුත් මාළිගා හතරක් හා
උඩුමහල්නවයක් හා බිම් මහල් නවයක් හා ඒවාට කුළු ගෙවල් පන්සීයක් හා අසූ රියන් මහ
ගබඩාවක් හා පිට වාසල ගෙවල්ද නිමවා සෙලොස් රියන් උස ගල් පහුරක්ද ලෝකඩ කෝෂ්ටයක්ද රන්
තොරන් දහසක්ද රිදී තොරන් දහසක්ද මෙ පරිද්දෙන් බුවනෙකබාහු නරදේවයන්වහන්සේ සියලු
කටයුතු සම්පාදනය කොට නුවර මධ්‍යයෙහි කලු වැල්ල පියවා සුදු වැල්ල අතුරවා ලද පස්මල්
ඉස්වා පුංකලස් තබ්බවා මාරුප්මල් කදලි තොරණාදීන් මොනවට සරසවා සඟ දහසක් රැස්කොට මහ
දන්දී අනික් පිරිස තිසරණ පංචශීලයෙහි පිහිටුවා.ලීය.
රජතුමා සොක්කන් වඩක්කන් වීරක්කන් කිලා
මුක්කන් කාරික්කන් පටකඩ පට්ටෝලි දෙවාංගං දේවගිර කුජරාති කම්බාතික මාරුපි වලිංගාදියං කංශපට සුදුපට රටපට
ජිනපට කොජා සලු දීන සලු දිවයින් සලු නිල්මිණි සවඩි රන්මිනි සවඩි කේයුරාභරණ
ඌරුජාල ඉන සැද උදර බන්දන මකර බන්දන නලල්පට
පාදසංකාරා පාදාභරණ පාද ජාලා කිංකිණක ජාලා පාදංගුලි පාද ජංගල් පත්‍රාවලලු සාදං
මුතුදං රංදං රිදී දං මුත්හර අවුල්හර යනාදී සිව්සැට ආභරණයෙන් සැරසී සිද්ධ ඔටුණු රන්
ඔටුණු මිණි ඔටුණු සත්රුවන් ඔටුණු යනාදී ඔටුණු වලින් ඔටුන්නක් ගෙන පැලඳ මගුල් කඩුව
අතට ගෙන ෙඑරාවතානන් හස්ති රාජයා ප්‍රධාන ඇතුන් හාරසිය අසූ නව දෙනෙක් හා අසුන්
හාරසිය අසූනව දෙනෙක් හා මහත් පෙරහරින් දඹදෙණි පුරයට පැමිණ එහි තිබුණ දන්ත ධාතුන් වහන්සේ වැඩමවා ගෙන සමහරක් රන් කොණ්ඩි
ගනිති.සමහරෙක් රිදී කොන්ඩි ගනිති.සමහරෙක් රන් සින්නන් ගනිති. සමහරෙක් රිදී සින්නන්
ගනිති. සමහරෙක් රන් චාමර ගනිති.සමහරෙක් රිදී චාමර ගනිති. අහෝ සාදු අහෝ සාදු කියා
මහත් පෙරහරින් යාපවු පුරවරයට පැමිණ යාපහු පුරයෙහි සත්මහල් ප්‍රාසාදයෙහි දන්තධාතුන්
වහන්සේ වඩා හිඳුවා උදයට හාල් සේරු සියයක බත් වෑංජන සීයක් වර්ගයක් හා කැවිලි සීයක්
වර්ගයකින් බුද්ධ පූජාව පවත්වා දහවල් දානයට හාල් සේරු පන්සියයක බත් හා වෑංජන්
පන්සිය වර්ගයක් හා කැවිලි පන්සිය වර්ගයකින් බුද්ධ පූජාව පවත්වා සවස අෂ්ට විධ පාන
වර්ගයෙන් ගිලන් පස බුද්ධ පූජාව පවත්වා
උදේට එක නම් ඇති මල් වර්ගයකින් මල් ලක්ෂයක් පූජා කරවීම.
අමු කපුරෙන් පහන් ලක්ෂයයි.එළඟි තෙලෙන් පහන්
ලක්ෂයයි. මෙසේ දන්තධාතූන් වහන්සේට නිසි පතා පූජා කොට. අතාවුදයෝ සළු වඩන්නෝ බුලත්
වඩන්නෝ තෙල් වඩන්නෝ නානු වඩන්නෝ කපුරු වඩන්නෝ ඡත්‍ර වඩන්නෝ පවන් වඩන්නෝ කපුවෝය.කිලිංගයෝය.
නැකැත්වොරුය වෙදවරුය බැට්ටවරුය පුලවරුය ගබඩා නායක බණ්ඩාරනායක රට නායක අර්ථනායක
ගජනායක බදු නායක මුදලිගෙයි බාලයන් රහස්ගෙයි බාලයන් තටුගෙයි බාලයන් සවරිබාලයන් මේරු
බාලයන් මල්ලවයන් අට භාගයේ මුර පිරිස් කොත්මලේ අට පෙට්ටියේ වැද්දන් මස් වැද්දන්
ඔටුණු පඬිවරුන් සුද්දචාරීන් බඩාලුන් දඬුවඩුවන් ඊ වඩුවන් කුලු පොතුවන් කලල් ගසන්නන්
රදවුන් ඇම්බැට්ටයන් බලි පතුවන් කාලි නටන්නන් යන මේ ආදීන් හා නුවර අවට සෙට්ටි වීථිය
අගංපඩි වීථිය පරිවාර වීථිය උතුරු මධ්‍යම වීථිය යන මේ වීථි සාදවා උඩු වහල පල්ලෙ වහල
උඩගම්පහ පල්ලේ ගම්පහ දිසා අදිකාරම් රැස් කරවා
දන්ත
ධාතූන් වහන්සේ ට නැගෙනහිරින් මාහෝ හා දකුණු දිගින් ගමගොඩ හා බස්නාහිරින් රත්වෑ
මියර හා උතුරු දිගින් වෑ මියර හිම්කොට කවුඩා බල්ලා කෙස්ස වටහපත ඉරහඳ කොටා දන්ත
ධාතුන් වහන්සේට ගම් නියම්ගම් රාජධානි පිළිවෙලින් පූජා කොට මැඩියා වැව බඳවා යාපහු
වැව බඳවා සැස්සේරුවේ ගල් පිළිමය නෙලා සීයයට විස්සක් අඩු විහර කරවා දැහැමින් රාජ්‍යය කොට කම්වූ පරිද්දෙන් වෙසක් මස පුර
පසලොස්වක් පොහෝ දින බ්‍රහස්පතින්දා විසා නැකතින් රජතුමා ස්වර්ගස්ථ වූහ.
පළමුවන බුවනෙකුබාහු රජු දෙවනපරාක්‍රමබාහු ගේ
දෙවන පුත්‍රයා වෙයි.පරාක්‍රමබාහු රජුගේ මව් බිසව වූ සෝමමාලා දේවිය දළදා වැඩමවූ කීරවැල්ලේ
පරපුරේ කුමරියකි. පියා කාලිංග වංශික දළදා පරපුරට සම්බන්ධ වෙයි.මේ නිසා කොත්මලේ
සඟවා තිබූ දන්තධාතුන් වහන්සේ බෙලිගලට වැඩම්මවීමත් පසුව දඹදෙණියේ තැන්පත් කරවීමත්
සිදු වූයේ දළදා වහන්සේ කෙරෙහි පැවති අසීමිත භක්ත්‍යාධරයෙනි.දළදා වහන්සේ දඹදෙණියේ
වත්මන් විජයසුන්දරාරාම වෙහෙර ඉදීරිපසදී රජු අභියස ප්‍රතිහාර්ය පෑ බව සඳහන්ය.මේ
නිසා දළදා වහන්සේ කෙරෙහි අසීමිත ගෞරවයක් භක්තියක් ඒ පරපුරේ රජුන්ට තිබුණි. මෙම පුස්කොළ ලේඛනයේ තිබෙන විශේෂතා කීපයකි .
ඉන් එකක් නම් දළදා වහන්සේට කල බුද්ධ පූජාවයි.මෙම ලිපිය රචනා කරන ලද භික්ෂූන්
වහන්සේ සඳහන් කරන ආකාරයට උදෑසනව ට හාල් සේරු සීයක් වෑංජන සීයක් කැවිලි
සීයක් සූදානම් කරති. දහවල් දානයට හාල් සේරු පන්සීයක් වෑංජන පන්සීයක් සහ කැවිලි
පන්සීයක් වෙති.යාපහුව දළදා මාළිගය සත් මහල් ප්‍රාසාදයකි.යාපහුව බලකොටුවේ රමණීය
පියගැට පෙල කරණය කර කෙළින්ම ප්‍රවිෂ්ට වනුයේ මෙම දළදා මන්දිරයටයි.ඉතා දැඩි
ආනතියකින් යුක්තව මේ පඩිපෙළ තනා තිබෙන්නේ සතුරන්ට ලෙහෙසියෙන් තරණය කළ නොහැකි වන
ලෙසටය. මෙකී දළදා මන්දිරයේ විශාල ප්‍රමාණයක බුද්ධ පූජාවක් සකස් කරන්නට ඇත්තේ කුමක්
නිසාදැයි පැනයක් නගී. වර්තමාන දළදා පූජාවට නම් ගැනෙන්නේ හාල් සේරු තිස් දෙකක්
පමණි. දළදා භාර පැරණියන් පවසන පරිදි යාපහු රාජධානියේ මහා සංඝ රත්නය දළදා පූජාවට
වැඩම වීම මෙහිදී සිදු කර ඇත. සැස්සේරුව ඇතුලු වෙහෙර විහාර අසූවක් පළමුවන බුවනෙකබාහු
රජු විසින් තැනවීම කොට ඇත.ඒවායේ වැඩ වසන මහා සංඝරත්නය මෙන්ම දළදා තේවාවන්ට සම්බන්ධ
සියලුම පුද්ගලයන් මෙම අවස්ථාවන්ට සාභාගි වී තිබේ. බුද්ධ පූජාව අවසානයේ මහ දන්
පවත්වා බුද්ධ ශාසනයේ චිරස්තිථියට ආශිර්වාද කර තිබේ.
යාපහුව නගරය පිට නගරය හා ඇතුල් නගරය යනුවෙන්
දෙකට වෙන් කරනුයේ මහා ප්‍රාකාරයකිනි.මෙම ලේඛනයේ සඳහන් පරිදි ඒ කර්මාන්තය කරලීමට
ගල් වඩුවන් විසිදහසක් පමණ සේවයේ යොදවා තිබුණි.එතරම් ආශ්චර්යක් සිදු වූයේ කෙලෙසකද.රජු
විදෙස් සම්බන්ධ කම් පවත්වා තිබේ.චීන කාසි අඩංගු මුට්ටියක් යාපහුවෙන් ලැබී තිබෛන බව
මෙහිදී දැක්විය හැකිය .වර්තමානය වන විට මේ ගල් වැඩ වල නටබුන් අප දකින්නේ බෙහෙවින්
හුදකලාබවකිනි.පිට නගරයේ පවතින යාපහු මහ වැවත් මහව නගරයේ පවතින මැඩියා වැවත් රජුගේ
නිර්මාණයන්ය.නැගෙනහිරෙන් මහව නගරයත් බස්නාහිරෙන් රත්වෑ මියරත් ( ප්‍රාකාරයත් )
දකුණෙන් ගම්වාසීන්ට නියමිත ගමගොඩත් උතුරෙන් යාපහු වෑ මියරත් අඩංගු සීමාව දළදා
වහන්සේ වෙත පූජා කරවා තිබේ.
බුවනෙකබාහු රජු ගේ රාජකීය වාස්ත්‍රාභරණ පිළීබඳවද ඔහුගේ නිළධාරීන් පිළිබඳවද මෙහි තිබෙන විස්තරය කුහුල දනවන සුලුය.යාපහු පුරවරය ගොඩනැන්වීමට ශිල්පීන් විසින් කරන ලද සමත්කම් අද අප දකින්නේ ඉස්තරම් කලාකෘති ලෙසිනි. බුවනෙකබාහු රජුගේ අභාවයෙන් පසුව ආර්යචක්‍රවර්තී ප්‍රධාන පාණඩ්‍ය හමුදාවක් පැමිණ දළදා පාත්‍රා ධාතූන් වහන්සේ පැහැර ගෙන ගොස් තිබේ.නමුත් මේ කතාව පිළිබඳ දළදා භාර පරපුර පවසන්නේ මෙවැනි දෙයකි. මේ යුගයේ දළදා භාරව සිටියේ කලුගමුවේ නිලමේ නොහොත් කීරවැල්ලේ බෝපිටියේ දිව නිලමේ වරයාය. මේ දිව නිලමේ වරුන් සතුව සැම විටම දළදා අනුරුවක් තිබී ඇත.. පාණ්ඩ්‍ය ආක්‍රමණ හමුවේ බෝපිටියේ නිලමේ වරයා දළදා අනුරුව මන්දිරයේ තබා සැබෑ දළදා වහන්සේ රැගෙන සැඟවුණි.වසන් වී ගොස් දරාණේ ලෙන නම් ස්ථානයේ තැන්පත් කොට තබා තිබී ඇත. කුරුණෑගල රාජධානි සමයේ දී සතරවන පණ්ඩිත පරාක්‍රමබාහු රජු පොළොන්නරුවේ සිට දළදා අනුරව වඩම්මවා පැමිණි අතර කුරූණැගල රත්කැරැව්වේ දී නැවතී සිටි තැන දී සැබෑ දළදා වහන්සේ අහසට නැගී සපු ගසක් මස්තකයේ දී ප්‍රාතිහාර්ය පාන ලද්දේය.යාපහු රාජධානියෙන් පසුව කුරුණෑගල ශ්‍රී විභූතිය ඇරඹෙන්නේ එතැන් සිටයි.
මතුගම
සෙනෙවිරුවන්
No comments:
Post a Comment