මෙරට රාජ්‍ය නායකයා වූ විධායක ජනපතිවරයා
ගේ බලතල අඩුකිරීම ව්‍යවස්ථාදායක සභාව පත්
කිරීම ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා අගමැති ලෙස නම් කිරීම
ඇතුලු සංශෝධන රාශියක් ඇතුලත් තිරීමේ අරමුණින් යයි හඳුන්වා දුන් ව්‍යවස්ථා වෙනස දක්වන්නේ
දහනවවන ව්‍යවස්ථා සංශෝධනය යනුවෙනි. මෑත දේශපාලන ඉතිහාසයේ මහත් ආන්දෝලනයට ලක් වූ
මෙම ව්‍යවස්ථා වෙනස රටේ දේශපාලන අර්බුදයක් නිර්මාණය කරලීමට සමත් බව අද පිළිගත්
මතයයි. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද ප්‍රකාශ කරන පරිදි මෙම සංශෝධනය නැවත
සලකා බලා වෙනස් කිරීම අත්‍යවශ්‍ය වෙයි. එහෙත්
ඉදිරියේ දී රාජ්‍ය බලය ලබා ගන්නා පක්ෂ කණ්ඩායමට තුනෙන් දෙකේ බලයක් ලබා නොගෙන කළ නොහැකි වන බව
පැවසේ. එහෙයින් ඉදිරියේ දී මාර්තු මාසයේ දී වත්මන් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට
බොහෝ දුරට ඉඩකඩ තිබෙන බැවින් එහිදී පැවැත්වෙන මැතිවරණයේ දී තුනෙන් දෙකේ මහජන බලයක්
ලබා ගැනීම දැන් පවතින ආණ්ඩු පක්ෂයේ බලාපොරොත්තුව බව පෙනේ.
ව්‍යවස්ථාවේ දහඅට වන සංශෝධනයෙන් පසු
ජනාධිපතිවරයා ගේ ධූරය දැරීමේ වාර ගණන වැඩි
කරගත්හ.එය මගින් අනවශ්‍ය බලයක් ජනාධිපතිවරයාට ලැබුණු බව සමාජයේ කතිකාවක් නිර්මාණය
විය. කොටි පරදන යුද්ධයෙන් පසු එම ජයග්‍රහණයේ ආකර්ෂණය දිනාගත් මහින්ද රාජපක්ෂ මහතා
තව දුරටත් ජනපතිලෙස කටයුතු කිරීම බහුතරයේ මතය වුවත් ඔහුගේ රාජ්‍ය කාලයේ දී ඇති වූ දේශපාලන විගඩම් නිසා මෙම සමාජමතය වෙනස්
විය. මෙයින් ප්‍රයෝජනය ගත් රනිල් වික්‍රමසිංහ
ඇතුලු එ.ජා.පය කුමන්ත්‍රණකාරී ප්‍ර වේශයකින් මහජන මතය භාවිතා කර නව රජයක් පිහිටුවා
ගැනීමට සමත් විය.මෙම නව රජය පිහිටුවා ගැනීමෙන් පසු ජාත්‍යන්තරයේ උපදෙස් පිට සියලුම
රාජ්‍ය කටයුතු මෙහෙයවීමට යහපාලන ආණ්ඩුව පියවර ගත්හ. බැඳුම්කර වංචාව සිදු කරන ලද්දේ
හුදෙක් මුදල් හම්බ කිරීමේ චේතනාවට වඩා එහා ගිය ආර්ථික ඝාතක ක්‍රියාවලියක් ඇති
කරලීම සඳහා බව කල්පනා කළ හැකිය. රට සැම අතින්ම බෙලහීන කොට විදේශීය සමාගම් වලට සහ
ආයෝජකයන්ට මෙරට ආර්ථිකය පාලනය කරගත හැකි මට්ටමට රට පත් කිරීම එහි අරමුණ වන්නට ඇත. ජාත්‍යන්තරය
අනුදත් වැඩ පිළීවෙල සාර්ථක කරලීමට තිබූ අනෙක් බාධකය වූයේ විධායක ජනපති ක්‍රමයයි.එය
සහමුලින්ම අහෝසි කරලීමට ජනතාවගේ එකඟතාවය නැතිවුවද එහි සංශෝධන කරමින් බලතල අඩු
කිරීමට ජනතාවගේ පැත්තෙන් කැමැත්තක් ඇතිබව පසක් කරගත් රනිල් වික්‍රමසිංහ මහතා ජනපති
විධායක බලයෙන් කොටසක් අගමැතිට ගැනීමේ සූක්ෂම ක්‍රියාමාර්ගයක් දියත් කලේය. ඒ අනුව
දහනවවන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේය. මෙම සංශෝධනය මගින් 1978 ව්‍යවස්ථාවට
උල්ලංඝණය කරන බවට පෙත්සම් දහයක් ශ්‍රේෂඨාධිකරණය ඉදිරිපත් විය.මෙහිදී ව්‍යවස්ථාවේ
11 වන වගන්තිය 26 වන ඡෙදය සංශෝධනය කරලීමයට නම් ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය
තීන්දු කලේය. එහිදී කාරක සභාවේ අවස්ථාවේදී කළ හැකි සංශෝධන කීපයක් නීතිපතිවරයා
විසින් අධිකරණයට ඉදිරපත් කරන ලද අතර සංශෝධන සහිතව දහනව වන ව්‍යවස්ථාව අධිකරණය
ඉදිරියේ සම්මතසම්මත විය.
මෙම සංශෝනය
පිලිබඳව පනත් කෙටුම්පත් විවාදය 2015 අප්‍රියෙල් මස 27 සහ 28 දෙදින තුළ පවත්වනු
ලැබූ අතර මේ විවාදයේ දී මතු වූ කාරණා රාශියකදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගේ ඇස් වසා
නව සංශෝධනද ඉදිරිපත් කරගනිමින් විශේෂයෙන්ම මෙතෙක් ඉදිරිපත් නොවූ වගන්ති කාරක සභා
අවස්ථාවේ දී ඇතුලත් කරමින් එය සම්මත කරගැනීමට ආණ්ඩුව සමත් විය.විශේෂයෙන්ම
ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු පුද්ගලයන්ගේ පුරවැසි භාවය පිළිබඳ වගන්තිය මෙම
සංශෝධනයට අතුලත් කරගන්නා ලද්දේ ඉතාමත කූඨ ලෙසටයි. පසුගිය ජනපතිවරණය සමයේ දී ගෝඨාභය
රාජපක්ෂ මහතාගේ පුරවැසි බව පිළිබඳව විශාල ආන්දෝලනයක් ඇති කර ලද්දේ මේ වගන්ති වල
තිබෙන අපරික්ෂාකාරී බව හේතු කොට ගෙනයි. එම ඇතුලත් කිරීම නිවරදි නොවන්නේ එමගින්
ලංකාවේ උපන් සිංහලයෙකුට විදේශ ගත වීමෙන් ලබන පුරවැසි කම හේතුවෙන් උපන් බිමේ පුරවසි
කමද අහිමි වන තර්ජනයක් මතුවීමෙනි කෙසේ වෙතත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට
විධායක බලතල හිමිවන පරිද්දෙන් ඇතුලත් කළ වගන්ති රාශියක් මෙහි ඇත. විශේෂයෙන්ම ව්‍යවස්ථාදායක
සභාවේ පත් කිරීම් සම්බන්ධව අගමැති ගේ බලතල
නිසා තනතුරු වලට පක් කල පුද්ගලයන් වැරැද්දක් කළද ඉවත් කිරීමට නොහැකි වන
ලෙසට හිරකර තබා ඇත. පාස්කු ප්‍රහාරයට වග කිව යුතු යැයි සැළකෙන පූජිත ජයසුන්දර මේ
වන විටත් එම තනතුනේ ඉවත් කළ නොහැකි තත්වයක පවතින්නේ මේ අර්බුදය හේතු වෙනි. එසේම
පසුගිය රජය කාලයේ දී අත්තනෝමතික ලෙස කටයුතු කළ හිටපු අගමැතිවරයා ඉවත් කිරීමට ජනපති
වරයාට නොහැකි විය.එයට අවුරුදු හතරහමාරක් බලා සිටිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන්
සහතිකයක්ද ලැබුණේ දින පනස් දෙකේ ආණ්ඩුවද අකර්මණ්‍ය කරමිනි.මෙම සහතිකය ව්‍යවස්ථාව
පිළිබඳ අර්බුදය සමාජ ගත කිරීමක් විය.
පාර්ලිමේන්තුව
විසින් මෙම දහනව වන සංශෝධනය සම්මත කර ගැනීමේ දී විපක්ෂයේ ද සහාය ලබා ගත්හ. ඉතා කූඨ
ලෙස මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල ජනාපතිවරයා නොමග යවමින් කළ මේ කුමන්ත්‍රණය
ජනපතිවරයාට වැටහෙන විට අස්සයා පැන ගොසිනි. දින පනස් දෙකේ ආණ්ඩුව කාලයේ රනිල් වික්‍රමසිංහ
ළඟ තබා ගෙන හිටපු ජනපතිවරයා කළ ප්‍රකාශය මගින් ගම්‍ය වන්නේ ඔහුගේ පසුතැවිල්ලයි.
ඔහු පෞද්ගලික ව පසුතැවිල්ලට පත් වුවද ජනතාව සමූහයක් ලෙසට මේ සංශෝධනය නිසා විශාල
ලෙස අගතියට පත් සිටින බව ඔහු අදටත් තේරුම ගෙන ඇතැයි නොසිතමි. මෙම සංශෝධනය ජනමත
විචාරණයකට ලක් කර නොමැත.එය ජනමත විචාරණයකට ලක් කළ යුත්තේ 1978 ව්‍යවස්ථාව අනුව
ජනමත විචාරණයකට ලක් කළ යුතු වගන්ති කීපයක් මේ සංශෝධනයෙන් ඉවත් කර ඇති බැවිනි. (11
වන ව්‍යවස්ථාව සහමුලින්ම ඉවත් කිරීම )මෙයට අත්සන් තබා ඇත්තේ කතානායක වරයාය. ඒ නිසා
දහනවය අදටත් වලංගුද යන්න ප්‍රශ්ණයක්ව පවතී.දහනවය නීත්‍යානුකූල වන්නට නම් ජනමත
විචාරණයකට ගොස් එයට ජනපතිවරයා අත්සන් තැබිය යුතුය.
මෙම
තත්ත්වය මත දැනට අර්බුදයට පත් ව තිබෙන රාජ්‍ය පාලනය යලි යථා තත්වයකට පත් කරන්නේ
කෙලෙසකදැයි වත්මන් ජනපති වරයා කල්පනා කළ යුතුය. ඉදිරි මැතිවරණයකින් තුනෙන් දෙකක බලතල
රැගෙන එය වෙනස් කරනවාද එසේත් නැතිනම් ඉතා කූඨ ලෙස අසම්මත ලෙස තහවුරු කළ
දහනවයේ නීත්‍යානුකූල නොවන තැන් පිළිබඳව ශ්‍රේෂාඨාධීකරණයෙන්
විමසා නිවරදි කරගන්නවාද යන්න පීළිබඳ තීරණයකට එළඹිය යුතුත. ජනතාවගේ පැත්තෙන් කල්පනා
කර බලන කල්හි නම් මේ ව්‍යවස්ථා සංශෝධනය බල රහිතය. ජනතාවගේ පරමාධිපත්‍ය බලය එයින්
උල්ලංඝණය වී තිබේ. එවිට ජනමත විචාරණයක් මගින් හෝ මෙය අහෝසි කර ගැනීමට තැත් කිරීම වඩා කාලෝචිත වේ.
ඉතින් මහින්ද රාජපක්ෂට පුලුවන් නේද ඒ බලතල දැන් පාවිච්චි කරන්න.
ReplyDelete