ලංකාවේ ජාතික වන උයන්
අතර මුල් තැනක් හිමිවන විල්පත්තු අභය භූමි සීමාවේ තිබෙන මරිච්චකඩ්ඩු කල්ලාරු
වනන්තරයෙන් අක්කර 1080 ක ප්‍රමාණයක් හෙළි පෙහෙලි කර නැවත පදිංචි කිරීම් වලට දුන්
පුවත වාර්තාවන්නේ 2014 වසරේදීය.මෙම ඉඩම් ලබාදීම කරනු ලැබ
ඇත්තේ මරිච්චකඩ්ඩුව සිලාවතුර ආදී තැන් වලින් අවතැන් වූ මුස්ලිම් ජනතාව නැවත පදිංචි
කිරීමේ අරමුණිනි. දැන ගන්නට තිබෙන පරිදි උතුරු
වසන්තය තේමා කොට ජනාධිපති කාර්ය සාධක බලකායේ මැදිහත්වීම මත ගිය රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකුව
සිටි රිෂාඩ් බද්යුදීන් මහතා මෙම මුස්ලිම් ජනතාව පදිංචි කොට තිබේ. මරිච්චකට්ටුව
වනාහි බෙහෙවින් සංවේදී පරිසර කලාපයකි. එසේම පැරණි ඓතිහාසික හා පුරවිද්‍යාත්මක
නටබුන් පැතිර පවත්නා විල්ලුවලින් ගහන තෙත්බිම් ප්‍රෙද්ශයකි. රාවනාගේ පරපුරේ කෙනෙකු
වූ මරිච නම් නරපතියා මෙන්ම කනශ නම් රජ කෙනෙකු මේ පෙදෙස පාලනය කර ඇත.පැරණි මංගන
නගරය මෙහි මුල්ලි කුලම් ආසන්නයේ පසට යටව
තිබෙන බව පුරාවිද්‍යාඥයන් ගේ මතයයි. ඒ අනුව සලකා බැලිය හැක්කේ පූර්ව ඓතිහාසික
යුගයේ පටන් විල්පත්තු අවට භූමි භාගය නොහොත් පැරණි උරුවේලාව කෙතරම් වැදගත්ද යන්නයි.
නැවත පදිංචි කිරීම සඳහා පදනම් විය යුත්තේ
යුද්ධයෙන් අවතැන් වූ ජනතාවයි.වසර තිහක් තිස්සේ ඇති වූ කලබල වලදී සිංහල මුස්ලිම් සහ
දෙමළ යන ජන කොටස් සියල්ල අවතැන් විය.අනාථ කඳවුරු වල කාලයක්ම ගතකරන්නට ඔවුනට සිදු
විය.එහෙත් සිංහල ජනතාව අවතැන් විම ආරම්භ වන්නේ විසිවන සියවසේ අසූව දශකයේ සිට නොවේ.
එය දහ අට වන සියවස තෙක්ම ඇදී යන ප්‍රශ්ණයකි. ලන්දේසීන් විසින් ඉන්දියාවේ සිට ගෙනා මලබාර්
වහලුන් උතුරේ පදිංචි කිරීමත් සිංහල බෞද්ධයන්ගේ විහාරස්ථාන කඩා රෙපරමාදු දේවස්ථාන
ඉඳි කිරීමත් යන කාරණා නිසා සිංහලයන් ක්‍රමයෙන් උතුරෙන් අවතැන් වීම පටන් ගත්හ.මන්නාරම්
දිස්ත්‍රික්කයේ තත්ත්වයද එසේය. එම පෙදෙසේ පවතින පුරා වස්තු දෙස බලන කල්හි අතීතයේ
කෙතරම් විශාල සිංහල ජනගහනයක් වාසය කරන්නට ඇත්දැයි කල්පනා කළ හැකිය. මන්නාරම්
දිස්ත්‍රික්යේ සිංහල ජනගහනය 1981 දී 8683 ක් වූ බව සටහන්ව ඇත. . කොටි ත්‍රස්තවාදය
පැතිරී ගිය සමයේදී අනාථ කඳවුරු වලට ගාල් වූ සිංහලයන් 847 දෙනෙකු නැවත සිය මුල්බිම්
අතර වන මුරුන්කන් වලට පැමිණියද ඒ වන විටද ඔවුන් ගේ ඉඩම් පැහැරගෙන තිබුණි. එවකට
නැවත පදිංචි කිරීම් අමාත්‍ය වරුන්ව සිටි මෙල්රෝයි ප්‍රනාන්දු සහ බද්යුදීන් යන
අමාත්‍ය දෙපළටම සිය අභියාචනා ඉදිරිපත් කළද
ප්‍රතිඵලයක් අත් නුවුණි. මුස්ලිම් අවතැන් වූවන් සඳහා ඉඩම් ලබා දීම ආරම්භ වන්නේ මේ
කාලවකවානුවේදීය. එහිදී සිංහල ජන සමාජය වෙතින් එන විරෝධය මැඩපැවැත්වීමට මුරුන්කන්
සිමෙන්ති සංස්ථාව අසල නාරිකාඩු භූමියෙන් යම් කිසි කොටසක් ලබාදීමට යුධ හමුදාව යොදවා
ගනු ලැබිණ. එහෙත් මේ පිරිසට නිවාස පහසුකම්
සහ ඉඩම් ඔප්පු කිසිවක් මේ තාක් ලැබී නොමැත
1981 දී මෙහි සිටි මුස්ලිම් ජන ප්‍රමාණය
27717 කි. දෙමළ ජන ප්‍රමාණය 54424 කි. වසර
තිහක කාලයකදී මේ ජන කොටස් තුනම යම්කිසි වර්ධනයක් දැක්විය යුතුය. එහෙත් කොටි ත්‍රස්ත
කලබල නිසා විශේෂයෙන්ම සිංහල ජනතාවට උන්හිටි තැන් අහිමි විය.ඔවුන් ගේ ජනගහනය 2012 වර්ෂය වන විට 2305 දක්වා පහළ බැස තිබුණි.එසේ
වූවිට අවතැන් වූවන් පදිංචි කිරීමේදී යම්කිසි විධිමත් ක්‍රමයකට එය කළ යුතුව තිබුණි.
නමුත් සිදු වූයේ දෙමළ ජනතාවට සහ මුස්ලිම් ජනතාවට පමණක් මුල් තැන් ලැබීමයි.
මන්නාරම් දිස්ත්‍රික්යේ වාසය කළ දෙමළ ක්‍රිස්තියානි ජන කොටස් වලට එහිදී විශේෂ
අවස්ථාවක් හිමි විය.
පසුගිය රජයේ කර්මාන්ත හා වානිජ කටයුතු
ඇමති රිෂාඩ් බද්යුදීන් මහතා ගේ මැදිහත් වීම මත මුස්ලිම් ජන කොටස් නැවත පදිංචි
කිරීම ආරම්භ කොට ඇත්තේ කටාර් රාජ්‍යයේ නායක
ශෙයික් අහමඩ් බින් ජාසිම් සහ ශ්‍රී ලංකා ආර්ථික
සංවර්ධන අමාත්‍යවරයා අතර ඇතිවූ සම්මුතියකට
අනුවයි. ඒ අනුව කටාර් ජනාධිපති අනුග්‍රහය
දක්වන බින් ජාසිම් අරමුදලෙන් මෙයට මුදල් ලැබුණි. විල්පත්තු උතුරු සීමාවට වන්නට
පිහිටා තිබෙන මරිච්චකඩ්ඩු කල්ලාරු වනාන්තරයෙන් මේ සඳහා ඉඩම් ලබා දී තිබේ. 2013 වසරේ දී මන්නාරම
දිස්ත්‍රික් ලේකම් වරයාට ලිපියක් යවන වන
සංරක්ෂණ ජනරාල් කේ.පී. ආරියදාස මහතා මුස්ලිම් අවතැන් වූවන් ගැන සඳහන්කරයි. කුලන්
කුලම් සම්බදාමුසලිකාඩු පණ්ඩාර වෙල්ලි පුදවේලි මුසලි පුන්නච්චි කුලම් මරිච්චිකට්ටි යන තැන් වල සිට
අවතැන් වූවන් සඳහා මරිච්චකඩ්ඩු සිලාවතුර
මර්ගයේ කි.මී. 23-29 අතර මග දෙපසේ මීටර් 250 ක පළල බිම් තීරුවක් නිදහස් කළ යුතු බව
එහිදී සඳහන් කර ඇත.එසේම අකාති මුරුප්පු
පිච්චායි වන්නියා කුලම් වෙප්පන් කුලම් යන ස්ථාන වලින් අවතැන් වූවන් සඳහාද පිච්චායි
වනන්නියාකුලම් නම් ස්ථානයෙන්ද විඩතලතිව් හි අනාථ වූවන් සඳහා එම ස්ථානයට යාබද මඩු
රක්ෂිතයෙන්ද ඉඩම් ලබා දෙන මෙන් මෙහිදී ඉල්වා ඇත. ඒ අනුව මන්නාරම් දිස්ත්‍රික්කයේ
මුසලි කොට්ඨාශයට අයත් අක්කර 1080 ක් නිදහස් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
කටයුතු කර තිබේ.
මෙකියන ගම්වල ජීවත්ව සිටි මුස්ලිම් ජනතාව
කොපමණ දැයි ජන ලේඛණ හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව වාර්තා කරන්නේ මෙසේය.1816 වසරේ රජයේ ජන ගහන
වාර්තාවල මුස්ලිම් නමින් ජනතාවක් නැත. 1901
ද එසේමය. මන්නාරමේ මුසලි උතුර සහ දකුණ යන
තැන් වල සංක්‍රමණික මුවර්(මරක්කල) ජන පිරිසක් සිටි බව එම වාර්තා සඳහන් කරයි. 1901
සහ 1911 ජන වාර්තා අනුවද මේ ජන කොටස් සංක්‍රමණිකයන්ය.
දකුණු ඉන්දියාවේ සිට යාත්‍රා මගින් මන්නාරම් මුහුදු තීරයට පැමිණ කුදිරමලය ආසන්නයේ
නවාතැන් ගැනීම හා පසුව රට අභ්‍යන්තරයේ
වෙළෙදාමේ යෙදීම මේ ජන වර්ග විසින් කර ඇති කාර්යයන්ය. මේ පිරිස 1946 සහ 1953 සංගණන
වාර්තා වලින් ද ඉන්දියානු හෝ ලංකා මුවර්
යන ව්‍යවහාරයෙන් දක්වා ඇත.ඔවුහු ලංකා මුස්ලිම් යනුවෙන් හැඳින්වන්නට පටන් ගත්තේ 1971
න් පසුවයි.
1901 වර්ෂයේ දී මුසලි කොට්ඨාශයට අයත් තම්පඩා
මුසලිකාඩු පුතුවෙල්ලි මුසලි මාන්තාන් වේලි පණ්ඩාරවේලි ආකාතිමුරුප්පු සහ
මරිච්චිකට්ටි යන ස්ථාන වල සිටි මුවර් ජනගහනය 870 ක් විය.එම කාලයේ මන්නාරමේ
සම්පූර්ණ මුවර් ජනගහනය 13000 ක් පමණ විය.ඉන්පසු 1946 දී සිලාවතුර අකාති මුරුප්පු
විඩතලතිව් මරිච්චිකට්ටි යන ස්ථාන ඇතුළු මන්නාරම සමස්ත මුවර් ජනගහනය 10410 ක් පමණක් විය.1981 වන විට
මෙම මුවර් ජනහනය මුස්ලිම් යනුවෙන් හඳුන්වා 27717 ක් ලෙසට ගණනය කර තිබුණි. යුද්ධයෙන්
පසුව 2012 සංගණන වාර්තාව අනුව මන්නාරමේ සිටි මුස්ලිම් ජනගහනය 16436 ක් බවට පත් ව තිබුණි.
එහිදී අවතැන් ජනගහනය 11281 කි.එවිට නැවත පදිංචි කිරීම් වලදී මේ ප්‍රමාණය සැලකිල්ලට
ගත යුතුව තිබුණි. නමුත් මරිච්චකඩ්ඩුවට ආසන්නයේ 23 වන කි.මී. කණුවේ සිට
සිලාවතුර 29 කි.මී. කණුව දක්වා දුර ප්‍රමාණයක අක්කර 1080ක් එළිකොට මුස්ලිම් ජනතාව
පදිංචි කිරීමට සාධාරණ හේතුවක් දක්වා නොමැත.මන්ද සමස්ත මන්නාරම් දිස්ත්‍රික්කයේම අවතැන් වූ මුස්ලිම් ජනතාව දිවි ගෙවා ඇත්තේ එහි
විවිධ ප්‍ර දේශ වල බැවිනි.මෙහිදී කර ඇත්තේ ආසන්න පුත්තලම් දිස්ත්‍රික්කයෙන්ද
කල්කුඩා ප්‍රදේශයෙන්ද මුස්ලිම් ජනතාව
ගෙන්වා පදිංචි කිරීමකි. එසේම පරිසර හානි අගැයුම් වාර්තාවක් නොමැතිව රක්ෂිත වනාන්තර
පද්ධතියක් හෙළි පෙහෙළි කොට විශාල වන විනාශයක්ද සිදු කිරීමකි.අවතැන් වූ ජනතාවගේ
සැබෑ සංඛ්‍යා ලේඛන පරීක්ෂා නොකොට මෙහිදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මන්නාරම්
දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු නිළධාරීන් විශාල වැරැද්දක් සිදු කර ඇත.
ආරම්භයේදී මේ ජනාවාසය
තුළ සුන්නි මුස්ලිම් පවුල් 1500 ක් පදිංචි
කරන ලැබ ඇතැයි දැනගන්නට ඇත.එය ජාසිම් සිටි ලෙසට නම් කර ඇත. දෙවන අදියරේදී එය පවුල්
2000 ක් දක්වාද තෙවනි අදියරේදී පවුල් 20000 දක්වා ද ව්‍යාප්ත කිරීම ඔවුන්ගේ අරමුණ
වී තිබුණි. මෙලෙස ආරම්භ කළ පදිංචි කිරීම් කිසිවක් නැවත පදිංචි කිරීම් නොවේ. ඒවා නව
පදිංචි කිරීම් ලෙසට පෙන්වා දිය යුතුය. මෙම නව පදිංචි කිරීම් මගින් බලාපොරොත්තු වන්නේ
කුමක්දැයි වටහා ගත හැක්කේ මෙම ප්‍රදේශය සීමා වන කලාපය නිරීක්ෂණය කළහොත් පමණකි. මෙම
පෙදෙස දකුණෙන් සහ නැගෙනහිරෙන් විල්පත්තුව අභය භූමියට වහංගු වී ඇත. බටහිර කෙළවරක් නැති මහ මුහුදයි. උතුරෙන් සිලාවතුර මාර්ගයයි.
දකුණෙන් නැවත වනාන්තරයයි.මෙම නිවාස තැනීමට ආධාර උපකාර ලබාදුන් අයතන දෙකකි . එකක්
නම් කටාර් රාජ්‍යයේ බින් අහමඩ් සංවිධානයයි. අනෙක නම් ඔස්ට්‍රේලියන් ඒඩ් නම් ආයතනයයි.
කටාරය යනු යූෂුෆ් අල් සර්දාවි නම් ඉස්ලාමීය නායකයාගේ මූලිකත්වයෙන් මතවාදීව පාලනය වන
සුන්නි වහාබ්වාදය පතුරුවන රාජ්‍යයකි. මේ උපකාර මත ඉඳිකර ඇති ස්ථානයේ අවතැන් වූ
පකිස්ථානුවන්ද පදිංචි කර ඇතැයි පැවසේ. එය බරපලත කරුණකි. එසේ නම් මේ පදිංචි කිරීම්
වල සැලසුම නම් අනාගතයේදී රටේ ඉස්ලාම් අන්තවාදය පොෂණය කිරීම උදෙසා ආරක්ෂක කලාපයක්
තැනවීම බව පැහැදිලිය. පැතිතුනකින් රටට වහංගුවී ඇති බැවින් එය බල කඳවුරකට සමානය. . මේ තත්ත්වය තුළ මුස්ලිම් ජනගහන ව්‍යාප්තිය
මන්නාරම් දිස්ත්‍රික්කයේ ඉහළ සිට පහළටම ගෙන යෑමට සම්පූර්ණ අනුග්‍රහය ලැබී ඇත.
විඩතලතිව් සිට මරිච්ච කඩ්ඩුව දක්වා ක්‍රමානුකූලව පතුරුවා හැරීම එහි අභිප්‍රායයි.
අනාගතයේදී මුස්ලිම් අන්තවාදයේ ප්‍රධාන
කේන්ද්‍රස්ථානය බවට මන්නාරම පත්වීමට ඇති ඉඩකඩ විශාල බව මේ අත්දැකීම් වලින් සනාථ
වේ.
2007 වසරේ අවසන් කොට ඇති ජාතික භෞතික
සැලසුම් ප්‍රතිපත්තිය අනුව මරිච්චකට්ටි සිට මාන්තොට දක්වා ප්‍රදේශය සංචාරක ප්‍රවර්ධන
කලාපයක් ලෙසට නම් කර තිබේ.(34 සිතියම )වත්මන් ජනාධිපතිවරයා විසින් මරිච්චකට්ටි
කල්ලාරු වනාන්තර කොටසක් පමණක් රක්ෂිත වනාන්තර බවට පත් කොට 2107 මාර්තු 28 දින
ගැසට්ටුවක් නිකුත් කර තිබෙන්නේ මේ සංචාරක ප්‍රවර්ධන ප්‍රදේශය නිදහස් කරලීමටයි.
පරිසර වේදීන් ගේ ඉල්ලීම වූයේ මේ වනාන්තර පෙදෙස විල්පත්තු ජාතික වනොද්‍යානයට එක් කළ
යුතු බවයි. නමුත් එය සිදු නොවූයේ සංචාරක
කලාප සඳහා මේ ප්‍රදේශ විදේශිකයන්ට බදු දීම පිණිස යොදා ගැනීමට ඉලක්කයක් .තිබෙන බැවිනි.
එවිට ඉන් සම්පූර්ණ ප්‍රතිලාභය අත් කරගන්නේ බද්යුදීන් ඇමතිවරයා විසින් පදිංචි කරන
ලද මුස්ලිම් ජනතාවයි.දැන් නැවතත් මුස්ලිම් දේශපාලකයන්ගේ විරෝධය නිසා ගැසට්ටුව හකුළා
ගෙන තිබේ. රජයට පරිසරයෙන් වැඩක් නැත.මුහුදට සමීප මෙවැනි ඉඩම් විදේශිකයන්ට
පැවරීමෙන් අතයට ගන්නා ලාභය උපරිම කරගත හැකිය.අනෙක් අතට සිංහල චන්ද වලට වඩා
මුස්ලිම් චන්ද සිතියම දිග හැර ගැනීම වඩා වාසිදායකය. අවතැන් වූ 7000 ක් පමණ වූ සිංහලයන් නැවත පදිංචි කරලීමට වන
සංරක්ෂණයට හෝ රජයේ සිංහල ඇමතිවරුන්ට රුදාවක් නැත්තේ එබැවිනි.
No comments:
Post a Comment