මල්වතු අස්ගිරි උභය විහාරය නියෝජනය කරන
ස්වාමීන් වහන්සේලා මෙරට පාලනය කළ පාලකයන් හට අර්ථයෙන් ධරමයෙන් අනුශාසනා කළ ආකාරය
වසර දෙදහස් පන්සීයක ඉතිහාසය තුළ නිරන්තරයෙන් අපට දැක ගත හැකිය.මෙම මහා විහාර සම්ප්‍රදාය අඛන්ඩව අවිච්ඡින්නව පැවත පැමිණි පිළිවෙලකි. 1815 වසරේ රට ඉංග්‍රීසීන්ට ගිවිසුමකින් භාර දුන්නද රටේ රජු අපට අහිමි වුවද
මෙම මහා විහාර සම්ප්‍රදාය අවසන් වූ යේ නැත. වෙනත් ලබ්ධියක පිහිටා සිටි ඉංග්‍රීසි ආණ්ඩුවට ඔවුන් ගේ පාදලිවරුන්ගේ උපදෙස් මත බුද්ධාගමට අනුග්‍රහය දැක්වීම සීමා කිරීමට සිදු වුවද මහා විහාරයට ගරු සත්කාර
කිරීම මෙන්ම උන්වහන්සේලාගේ මතයට කන්දීමට සිදු වූ බව පෙනේ.
පැල්ක් ආණ්ඩුකාරවරයාගේ කාලයේ මල්වතු
විහාරයේ මහානායක හිමියන් බැහැදැක ලංකාවේ රාජ්‍ය පාලන පිළිබඳ එහි සම්ප්‍රදායන් ගැන
කෙටුම්පතක් සකස් කරන ලද්දේ ඒ ආශ්‍රයෙන් රට පාලනය කිරීමට විය යුතුය. පසු කාලයේ ඉංග්‍රීසීහු ද පමණ ඉක්මවා බුදු දහම විනාශ කිරීමට පෙළඹී
නැත්තේ මේ නිසාය.ලංකාවට නිදහස ලබා දීමට ඉංග්‍රීසි රජය
උත්සුක වූ අවස්ථාවේ ඇති කළ සෝලබරි ව්‍යවස්ථාව තුළ ද මේ රටේ බහුතරය අදහන ආගම කෙරෙහි විශේෂත්වයක් නොදැක්වුවද අනෙක් ආගම්
ශක්තිමත් කිරීමටද එහි ප්‍රතිපාදන වෙන් විය. කහ වස්ත්‍රය නෙහොත් චීවරය ඇතැම් විට ඉංග්‍රීසීන්ට හිස රදයක් විය. නිදහසින් පසු වුවද භික්ෂූන් වහන්සේලා රජයට හිස රදයක් විය. එසේ වීමට හේතුව බ්‍රිතාන්‍ය පාලනයෙන් පූර්ණ නිදහසක් හිමිව නොපැවතීමයි. 1972 ව්‍යවස්ථාවද 1978 ව්‍යවස්ථාවද බුදු දහමට ප්‍රමුඛස්ථානය
පිරිනමන්නේ යැයි දක්වා ඇත. එහි අර්ථ නිරූපණයක් නොමැති වුවද මහානායක හිමි වරුන් ගේ අවවාද
අනුශාසනා පිළිගැනීමට චාරිත්‍රානුකූලව රජය බැදී තිබේ.
ලංකා ඉතිහාසය තුළ දෙමළ ආක්‍රමණ කීපයක්
ඇති විය. මුස්ලිම් වානිජ බලවේග විසින් රටේ රජු
ඉස්ලාම් ආගමට නැඹුරු කර ගැනීමටද උත්සාහයක් විය. ඒ හැම විටම මහා විහාරයේ
අවවාද අනුශාසනා මත රජුන් සටනට පිළිපන්හ. රටද නිදහස් කර ගත්හ.මීට වසර හයසීයකට ප්‍රථම අවසන් වරට රට
එක සේසත් කරන ලද්දේ වීදාගම මහා මෛත්‍රීය ස්වාමීන් වහන්සේ ගේ මැදිහත් වීම මත බව අප
අමතක නොකළ යුතුය.නිදහසින් පසු රටේ ජනාධිපතිවරයෙකුද පත්
වූ අසූව දශකයේදී මෙරට දෙමළ ආක්‍රමණය නැවතත් ඉස්මතු විය.එය ආක්‍රමණයක් ලෙසට නොගෙන ත්‍රස්තවාදයක් ලෙසට ගෙන කටයුතු කිරීමෙන්
මෙරට පාලකයන් විශාල වැරැද්දක් කළහ. එම ආක්‍රමණය පිටිපස සිටි ඉන්දීය බලපෑම වර්ධනය වන කල්හි එම බලයට හිස නමා තිම්පු
සාකච්ඡාවට ගිය රජය ඇතැම් කොන්දේසි වලට යටත් වූහ. 1987 පළත් සභා පණත සම්මත කර ගන්නේ ඒ අනුවයි. දෙමළ ආක්‍රමණිකයාට අවශ්‍ය වූයේ ආවුධ බලයෙන් රජය සහ ජනතාව බිය පත් කර
දනින් වට්ටවා ගැනීමයි. සාකච්ඡා ගිවිසුම් යනු එයට අවශ්‍ය නෛතික
බලය ලබා ගැනීමට කරන ලද උපක්‍රමයයි. මේ රටේ එවකට සිටි විද්වතුන් සහ මහා
විහාරීය භික්ෂුන් වහන්සේලා මේ අනතුර කල්තිය දුටුවහ. තිම්පු සාකච්ඡා වලදී දෙමළ කොට සංවිධානය ඉදිරිපත් කළ රට බෙදීමේ ස්වයං
පාලන ඉල්ලීම දක්වා වූ යෝජනාවලියට මේ අය විරුද්ධ වූහ.
1985
සැප්තැම්පර් 14 දාතමින් යුතුව එවකට සිටි අතිගරු මහානායක ස්වාමීන් වහන්සේලා විසින්
ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතාට යොමු කළ ලිපියක්
1985 සැප්තැම්බර් මස 20 දින පාර්ලිමේන්තු මන්ත්‍රී රිචඩ් පතිරණ මහතා විසින්
සභාගත කර ඇත. එම ලිපියේ සඳහන් වැදගත්ම කාරණා මෙලසය. ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්ණය
විසඳීම සඳහා තිම්පු නුවර දී කරන ලද සාකච්ඡා අසාර්ථක වීමෙන් පසුව ත්‍රස්තවාදී
නායකයන් සහ ද්‍රවිඩ දේශපාලන නායකයන්ද සමග ශ්‍රී ලංකා නියෝජිතයන් විසින් තුන්වැනි
සාකච්ඡා වාරයකට සූදානම් වන බවද කම්කරු සංගමයේ නායක තොන්ඩමන් මහතා ඉදිරිපත්කරන ලද
යෝජනා අනුව සකස් කරන ලද නව යෝජනා මාලාවක් එහි පදනම වන බවද ද හින්දු පත්‍රය යේ පළවී
ඇති අතර ඉන් සමහර කොටස් ලංකාවේ පුවත්පත් වලද පළවී තිබුණ බැව් දක්නට ලැබුණි.
උතුරු සහ නැගෙනහිර පළාත්වල පමණක් නොව උතුරු මැද පළාතේද දිගු කලක්
ස්ථීරව පදිංචිව සිටි සිංහලයන් ත්‍රස්තවාදීන් ගේ තාඩන පීඩන සහ බිය ගැන්වීම් නිසා
මරණ බියෙන් තම ගේදොර ඉඩකඩම් හරකාබාන ආදී සියලුම සම්පත් හැරදමා පලාඑන බව සත්‍යයකි.
ඔවුන්ගෙන් වැඩි දෙනා ලක්ෂයකට වැඩි ගණනක් අද
අනාථව සිටිත් ඔවුන්ගේ දුක්ඛිත තත්ත්වයට පිහිට වන්නට රජය සහ ත්‍යාගශීලීන්ටද
ඉදිරිය හැකවේද
තුන්වැනි සාකච්ඡා වාරයට පදනම වශයෙන් ශ්‍රී
ලංකා රජය විසින් කෙටුම්පත් කර ඇතැයි ද හින්දු පත්‍ර යේ පළවී තිබෙන සමහර යෝජනා අප
සැලකිල්ලට යොමු කළෙමු. ඒ ගැන අපේ අදහස් ඔබ තුමන් වෙත දන්වා සිටීම අවස්ථාවෝචිත යයි
සළකුමු.
පාලන විමධ්‍යගත කිරීමේ කවර අන්දමේ ඒකකයකට
වුවද රජය සතුව පැවතිය යුතු බලතල බෙදාහැරීම නුසුදුසු බව කීප වරක්ම අප පෙන්වා දී ඇත.
ඒකීය රාජ්‍යයක් තුළ එකම ව්‍යවස්ථාදායකය
පාර්ලිමේන්තුවයි. පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය වෙනත් කිසිම ආයතනයකට පැවරීම
ඒකීය රාජ්‍ය යේ පැවැත්මට හානිකරය යනු අපේ අදහසයි.
ප්‍රා දේශීය සභාවක පාලන ප්‍ර දේශය තුල
විශේෂ පොලිස් බල ඇණියක් ඇති කිරීම සහ එයට ජන වාර්ගික අනුපාතය හා කතා කරන භාෂාවේ
අනුපාතය අනුව භටයන් බඳවා ගැනීම තව යෝජනාවකි. ආරක්ෂක අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා
පොලීසියට යටත් නැති (පළාත් නවයට ) පොලිස් නවයක් පිහිටුවන්නට නීතියෙන් ඉඩදීමේ ප්‍රතිවිපාකය
ගැන සැලකිලිමත් විය යුතුය.
ත්‍රිකුණාමලය වරාය වරාය අධිකාරියේ පාලනයට
පැවරෙන අතර සෙසු මුහුදු තීරය ප්‍රා දේශීය සභාවල පාලනයට පැවරීම තවත් යෝජනාවකි. එවිට
ශ්‍රී ලංකා මුහුදු තීරයේ පුත්තලමේ සිට පොතුවිල් සහ පසුව හම්බන්තොට දක්වා තුනෙන්
දෙකොටසක් පමණ ප්‍රා දේශීය සභා දෙකක පාලනයට යටත් වේ. එවිට ආරක්ෂක කටයුතු මුහුදු
සම්පත් ආගමන විගමනය ආනයන අපනයනය ඉතිරි වරාය පාලනය මධ්‍යම ආණ්ඩුවෙන් ඉවත් වූ විට
තත්ත්වය කුමක්ද එම නිසා මුහුදු තීරයේ සම්පූර්ණ පාලනය මධ්‍යම රජය විසින් කළ යුතුය
යනු ප්‍රකාශ කරමු.
රජයේ ඉඩම් සංවර්ධනය ජනයා පදිංචි කරවීම
ගොවි ජනපද ඇති කිරීම ආදී සියලුම ආකාරය් ඉඩම් ප්‍රතිපත්තිය පිළිබඳ බලතල ප්‍රා දේශීය
සභාව සතු විය යුතුය. මෙයද තව යෝජනාවකි.( කලක සිටම ද්‍රවිඩ නායකයන් කියා සිටියේ
උතුරු නැගනෙහිර පළාත් වල ඉඩම් එම පළාත්වල පිංචි කරුවන්ට පමණක් දිය යුතුය. වෙනත්
පළාත් වල අයට නොදිය යුතුය යන්නය. )
මහාවාරිමාර්ග වලින් සශ්‍රීක වන ඉඩම්වලට ජන
අනුපාතය අනුව (මුළු රටේම ) ජනයා පදිංචි කල යුතුය යන රජයේ තිරණයට රජයේම සිටින
තොන්ඩමන් ඇමතිතුමා විරෝධය පළ කළ බව කාටත් මතක ඇත. උතුරේ දෙලක්ෂයක් සිංහලයන්
පිදිංචි කරවන බවට ආරක්ෂක ඇමතිතුමා රජයේ තීරණය ප්‍රකාශ කළ විට දෙලක්ෂයක් තබා
දෙසීයක්වත් පදිංචි කරවීමට ඉඩ නොදෙන බව ඇමතිමණඩලයේම සිටින ඇමතිවරයෙකු අභියෝග කෙළේය.
අප ඇතුළු භික්ෂූන වහන්සේලා 9500 ක් පමණ අත්සන්
කර 1985 ජූලි මස 16 වන දින ශ්‍රීමත් ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජය වෙත ඉදිරපත් කරන ලද
සංදේශයයෙහි කරුණු පහක් ක්ෂණික අවධානය යොමු කර ඇත. එම කරුණු නම් 1- රජයේ ඉඩම් වල
වැසියන් පදිංචි කිරීම 2- නොරටුන්ට පුරවැසිකම් දීම 3- සිංහලයන් ගේ දුක් ගැනවිලි 4
පාලනය විමධ්‍යගත කිරීම 5- බෞද්ධ සිද්ධස්ථාන ආරක්ෂා කිරීම යන මේවාය.
ශ්‍රීමත්
ජනාධිපතිතුමනි
ශ්‍රී ලංකාවේ ඒකීය සවයං පාලනයටත් පාරම්පරික
සිංහල ප්‍ර දෙශයන්හි පදිංචි සිංහලයන්ටත් අවුරුදු දෙදහස් තුන්සීයක් කල් සිංහල
ද්වීපයෙහි පැතිර පවත්නා බුද්ධ ශාසනයටත් අවුරුදු 2357 ක් සිංල කිරුළ රැකගත් උඩරට සිංහල
ප්‍ර දේශයේ ගම්බද දිළිඳු ජනතාවටත් ආනාගත
ඉරණම විසඳන මෙම අවස්ථාවේදී දූරදර්ශීව බුද්ධිමත්ව සාධාරණව සිතාමතා තීරණ ගන්නා ලෙස
මතක් කරන අතර ඒ සඳහා මහා සංඝයා වහන්සේ ගේ අදහස් කෙරෙහි සැලකිලිමත්වන ලෙසද මතක්
කරමු.
මෙම ලිපියට ප්‍රධාන වශයෙන් මල්වතු
පාරශවයේ මහානායක අතිපූජ්‍ය සිරිමල්වත්තේ ආනන්ද හිමියන් අස්ගිරි පාර්ශවයේ මහානායක
අති පූජ්‍ය පලිපාන ශ්‍රී චන්දානන්ද හිමියන් කැළණි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය
හල්ගස්තොට ශ්‍රී දේවානන්ද හිමියන් කෝට්ටේ පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය ලබුගම
ලංකානන්ද හිමියන් ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානායක අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ
හිමියන් ශ්‍රීලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය ඉඳුරුවේ උත්තරානන්ද
හිමියන්ද අත්සන් තබා තිබුණි. මෙම කරුණු ඉදිරපත් කිරීම නිසා එවක රජය යම් කිසි
ආකාරයකින් ඒකීයත්වය ආරක්ෂා වන පරිදි පළාත්
සභා පණත සකස් කළ නුමුත් රටේ එෟකීයත්වය පලුදු වූ බව කවුරුත් දන්නා සත්‍යයකි.
වර්තමානය වන විට එවක තිබූ කොටි ආක්‍රමණය
රජය විසින් සම්පූර්ණයෙන් විනාශ කොට දමා අවසන්ව ඇත. නමුත් ඉන්දීය බලපෑමට මුහුණ දීමට
රට ශක්තිමත් කර ගෙන නැත. එහි ප්‍රතිඵලයක් වශයෙන් සහ දෙමළ ප්‍රශ්ණයක් ඇතැයි යන මිථ්‍යාවේ
ගැලීසිටින දේශපාලකයන් නිසා නැවතත් රටේ ඒකීයත්වය අහෝසි කරන ව්‍යවස්ථා කෙටුම්පතක්
දැන් සකස් කරමින් තිබේ. එය සමහර විටක දහතුන් වන සංශේධනයට එහා යන බලය බෙදීමක් ගැන
ව්‍යවස්ථා වෙනස් කිරීමක්ද විය හැකිය. වත්මන් මහානායක හිමි වරුන් ද රටේ ව්‍යවස්ථාදායක
බලය පළාත් වලට නොදෙන ලෙසට දක්වා දැනටමත් රජයට ජනාධිපතිවරයාට ලිපි ඉදිරිපත් කොට
තිබේ.එසේ නම් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමි කිරීමට දැන් අවස්ථාව ලැබී තිබේ.
මහානායක හිමිවරුන්ගේ මතයට කන්දී රට දෙකඩ කරවන නව ව්‍යවස්ථාව ඉවත් කිරීමට කාලය
පැමිණ තිබේ.මහාවිහාරය මෙම තීරණය දෙස බලා සිටින බැව නිසැකය.
No comments:
Post a Comment