ලංකා ජාතික
සංගමයෙන් ඉවත් වූ ඩී.එස්.සේනානයක මහතා එක්සත් ජාතික පක්ෂය පිහිටවනු ලද්දේ 1946
වසරේදීය.ජාතික සංගමයට වාමාංශිකයන් ඇතුලත් කර ගැනීමට තීරණය කිරීම නිසා ඩී.එස්. මහත්
සේ උරණව සිටියේය. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය ලංකාවේ දෙවන පක්ෂය හැටියට ජනතාව
ඉදිරියට පැමිණියේ 1947 මැතිවරණයත් සමගිනි.දෙමළ මුස්ලිම් සිංහල ඇතුළු ලංකා වාසී
සියළු ජනතාව ඒකරාශි කිරීමේ අරමුණින් තැනූ ව්‍යවස්ථාවක් සහිත එක්සත් ජාතික පක්ෂය
ඉතා ටික කලකින් වඩාත් ශක්තිමත් සමගි සන්ධානයක් බවට පත් විය.ඒ අවස්ථාවේ දී ද්‍රවිඩ
කොන්ග්‍රසය අන්ත ජාතිවාදී ස්ථාවරයක සිටියහ. නමුත් අකමැත්තෙන් හෝ එක්සත් ජාතික
පක්ෂයට බැඳී තරඟ කිරීමට ඔවුන්ට සිදු විය. නමුත් ඩී.එස්.ට විරුද්ධව සිටි එකම බලවේගය
බවට පත් වූයේ මාක්ස්වාදී බලවේගයයි. මේ විරෝධතාවය මැඩලීමට ඩී.එස්. වහා අණුවන තීරණ
කීපයක් ගැනීමට උත්සුක විය. එකක් නම් දෙමළ හා මුස්ලිම් සුළු ජන සංයුතියක් තිබෙන
චන්ද කෙට්ඨාශ වල මායිම් වෙනස් කිරීමයි.මේ මගින් සුළු ජනවර්ගයන්ගේ පාර්ලිමේන්තු
නියෝජනය එක්සත් ජාතික පක්ෂයට හිතැති ලෙසට ලැබුණි. අනෙක් කරුණ නම් 1948 ලංකා
පුරවැසි පණත හා 1949 ඉන්දියානු හා පකිස්ථානු පදිංචිකරුවන් ගේ පුරවැසි පණත මගින්
ඉන්දියානු චන්ද දායක සංඛ්‍යාව සීමා කරන ලද්දේය. මේ මගින් මාකස්වාදී පක්ෂ වෙත ඇදී
ගිය චන්ද වලක්වාලීම ඔහුගේ බලාපොරොත්තුව විය. මේ පියවරයන් නිසා උතරු සහ නැගෙනහිර
පළාත් වලින් පළවා හරින ලද සිංහලයන්ට වඩා වැඩි නියෝජනයක් සුළු ජනකොටස් වලට
ලැබුණි.එක්සත් ජාතික පක්ෂයේ ගෝත්‍රවාදී ස්ථාවරත්වය වර්ධනය වන්නේ බලය රඳවා තබා
ගැනීමට සිදු කරන ලද පියවරක් ලෙසටයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1951
සැප්තැම්බර් මස 02 දින පිහිටුවාලීමට කටයුතු කළ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ගේ
දර්ශනය වූයේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදයයි.එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී විපක්ෂයට
පැමිණි ඔහු දේශපාලනයේ බෙදීම අනුමත කලේ මෙලෙසිනි. බෙදීම හෙවත් භේදවීම ජීවිතතයට අවශ්‍ය
දැයකි. දියුණුව ප්‍රගතිය උදාවන්නේ එවැනි තත්ත්වයකින්ම පමණි. එහෙත් එය එයම පරයා නැග
සිටින සාමග්‍රිය පෙළන සුලු භේදයක් නොවිය යුතුය. මගේ මේ දර්ශනය ක්‍රියාත්මක කළ හැකි
බව මම නිතර ඇදහීමි. එය නිවරදි බව මේ රටේ ජනතාව ප්‍රත්‍යක්ෂ කොට හමාරයි.
සැබවින්ම බණ්ඩාරනායක මහතාට මෙම අදහස
පැමිණියේ ඔහු ප්‍රජාතන්ත්‍රවාදය උගෙන ගත් මහ ගෙදරින් ද යන්න විමසිය යුතුය. නමුත්
එවකට දේශපාලනයේ යටින් දිවගිය අප්‍රකාශිත කතාවක් මේ සම්බන්ධව පවතී.එය මෙසේය. 1935
ලංකා සමසමාජ පක්ෂය පිහිටුවාලීමෙන් මෙරට පක්ෂ දේශපාලනය ආරම්භ විය. එහෙත් ආගන්තුක වූ
මාක්ස්වාදී ප්‍රතිපත්තීන් කෙරෙහි ජනතා ආකර්ශනය ඇති කිරීම ලෙහෙසි පහසු නොවීය.
ඔවුන්ගේ ප්‍රධානතම ඉලක්කය වූයේ වැඩකරන ජනතාවයි. එසේම වතු කම්කරුවන්ද ඔවුන්ගේ
දේශපාලන ඉලක්කයක් විය. ඒ අතර වාරයේ එක්සත් ජාතික පක්ෂය බිහිවීමත් සමග ප්‍රධාන
දේශපාලන ප්‍රවාහය ලෙසින් එය ස්ථානගත විය.
එයට හේතුව එම පක්ෂයේ නායකයා වූ ඩී.එස්.සේනානායක මහතා ජෝන් කෙතලාවල මහතා වැනි අය
විසින් පුරාණ රජරට සභ්‍යත්වය නැවත ඇති කරලීමට කරන ලද වැඩ කොටසයි.
ඩී.එස් ගේ අභාවය සිදු වූයේ 1952
මාර්තු මාසයේදීය. ඒ වන විට බණ්ඩාරනායක මහතා පක්ෂය හැර ගොසිනි.1948 දී රටට නිදහස
ලබාදුන්නද මේ වන විටත් රාජ්‍ය පාලනයේ අදිසි හස්තය වූයේ සෝල්බරි සාමි වැනි බ්‍රිතාන්‍ය
නියෝජිතයන්ය. සමසමාජ පක්ෂයේ බැබලීම මත ඉදිරියේ දී රටේ ප්‍රධාන දේශපාලන දහරාව බවට
එය පත් වීමෙන් බ්‍රිතාන්‍ය අධිරජ්‍යවාදයට ඇති වන තර්ජනය මේ නියෝජිතයන් වහා වටහා
ගත්හ. එහිදී එවකට සිටි පාලක පක්ෂයේ නායකයන් කීප දෙනෙකු කැඳවා කළ රහස් සාකච්ඡාවක්
විය. මෙයට මහ සේනානායක මහතා ජෝන් කොතලාවල මහතා සහ බණ්ඩාරනායක මහතා ද අයත් විය. නැග
එන සමසමාජ බලවේගය ඔවුන්ගේ ප්‍රධානතම මාතෘකාව විය. බ්‍රිතාන්‍ය නියෝජිතයන් ගේ
යෝජනාව වූයේ නව විරුද්ධ පක්ෂයක් සෑදීමෙන් සමසමාජ බලවේගය දුර්වල කළ හැකි බවයි. මේ
යොජනාවට කිපුණු ජෝන් කොතලාවල මහතා මෙම නියොජිතයන්ට බැණ වැදී තිබේ. නමුත්
බන්ඩාරනායක මහතා මෙම යෝජනාවට එකඟතාවය පළ කොට ඇත. ඔහුගේ කොන්දේසිය වූයේ එවකට රටේ
සාකච්ඡාවට බදුන් වෙමින් තිබූ ප්‍රධාන මාතෘකාවක් ඉදිරියට ගනිමින් දේශපාලනය සකස් කරගත
යුතු බවයි. එය නම් සිංහල භාෂාව රටේ ප්‍රධාන
භාෂාව බවට පත් කිරීමයි. මෙයට එකඟතාවය හිමිවුණී.එක්සත් ජාතික පක්ෂය එක් පිළකටත් ශ්‍රී
ලංකා නිදහස් පක්ෂය තවත් පිළකටත් බෙදී මෙරට පක්ෂ දේශපාලන කරළිය උණුසුම් කරන්නේ
එතැන් සටයි. මෙම අප්‍රකට කතාව අප සමග පවසා සිටියේ එවකට පොලිස් සේවයේ නිරතව සිටි
දයාරත්න නම් විශ්‍රාමික පොලිස් සාජන්වරයෙකි.බ්‍රිතාන්‍ය නියෝජිතයන් සමග කරන ලද
රහස් සාකච්ඡාවේ තොරතුරු යතුරුලියනය කරන ලද්දේ ඔහු විසිනි.
1952 දී ශ්රී ලංකා නිදහස් පක්ෂය
තනිවම තරඟ කොට ආසන නවයක් දිනාගත්තේය.එමගින් රටේ සමස්ත සිංහල ජනගනය එක්සත් ජාතික
පක්ෂයටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් වශයෙන් ප්‍රධාන කොටම දෙකට බෙදුණහ. මීට ප්‍රථම
1935 වර්ෂයේ පිලිප් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු ලංකා සමසමාජ පක්ෂය බහිව තිබූ
නමුත් බරපතල සමාජ බෙදීමකට මුල පුරණ ලද්දේ 1952 වර්ෂය තුළදීය.1943 වර්ෂයේදී ජේ.ආර්.
ජයවර්ධන මහතා සිංහල හා දෙමළ බස රාජ්‍ය භාෂා කරන මතයේ සිටියේය.එයම එක්සත් ජාතික
පක්ෂයේ මතය විය.එම තත්ත්වය තුළ ඔවුහු සිංහලය රජ බස කිරීම සඳහා වූ ජනතා ඉල්ලීමට
කන්නුදුන්හ. නමුත් බණ්ඩාරනායක මහතා එම මතයට ගරු කරමින් පොදු ජනතාව පැත්ත ගනිමින්
මේ ප්‍රතිපත්තයට එකඟතාවය පළ කර සිටියේය. 1956 දී එතුමාගේ ජයග්‍රහණයට මූලික හේතුව
වූයේ මෙයයි.
දහනව වන සියවසේ අග භාගයේ සිට පැන නැගුණු බෞද්ධ
පුනර්ජීවය තුළ ජාතික නිදහස් සටන ඇවිලීමත් සමග සිංහල භාෂා අවශ්‍යතාවය දැඩි ලෙසට
දැනෙන්නට විය. මෙම පුනර්ජීවයට වැදගත් හේතුවක් වූයේ මේ රටේ පිරිවෙන් අධ්‍යාපනය යි. සවභාෂාවෙන් කටයුතු කළ යුතුයයි 1935 දී ලංකා
සම සමාජ පක්ෂය වෙතින්ද යෝජනාවක් ඉදිරිපත්
විය.පොලිස් උසාවියේ කටයුතු සිංහලෙන් හා දෙමළෙන් කළ යුතුයයි සදහන් මෙම යෝජනාව රාජ්‍ය
මන්ත‍්‍රණ සභාවේදී සම්මත විය. එහෙත් සිංහල භාෂාවට නිසි තැන නොලැබුණු අතර 1948 දී
නිදහස ලබා දීමත් ඉන් අනතුරුව කටයුතු කළ රජය ඉංග‍්‍රීසි අනුකාරකයින් ලෙසට කටයුතු
කිරීමත් නිසා දේශපේ‍්‍රමී ජනතාව මහත් සේ
කලකිරීමට පත් විය.
1951 ජූනි මස දී රැස්වූ සිංහල මහා සභා සම්මේලන
අවස්ථාවේ දී සිංහල භාෂාව වහාම රජයේ භාෂාව
කළ යුතු යයි යෝජනාවක් සම්මත විය. ස්වභාෂාව රාජ්‍ය කටයුතු වලදී ප‍්‍රමුඛතාවයට
පත්කළ යුතු බවට මේ වන විට ඩී.එස්. සේනානායක රජයේ ආතර් විජේවර්ධන කොමිසම ද නිර්දේශ
කර කිබුණි. ඉන් පසුව සිංහල භාෂාව පිළිබඳ
අවශ්‍යතාවය රටේ දේශපාලන කරළියේ උණුසුම් මාතෘකාවක් බවට පත්වූ අතර ස්වභාෂාවන්ගෙන් උසස් විභාග පැවැත්වීම සුදුසු
යයි ජෝන් කොතලාවල රජයේ උසස් අධ්‍යාපන කොමිසම ද නිර්දේශ කොට තිබුණි. එසේම අධ්‍යාපන
මාධ්‍ය ස්වභාෂාවට පත් කිරීම සඳහා පත් කරන ලද ටී.ඩී. ජයසූරිය කාරක සභාව ද
යෝජනාවලියක් ඉදිරිපත් කර තිබුණි.
දෙමළ භාෂාවට ද ස්වභාෂාවක්
වශයෙන් නිසි තැන හිමි විය යුතු යයි ද එය ස්වයං තීරණ අයිතිය මත පදනම්ව වෙනම දෙමළ රාජ්‍යක
ප‍්‍රධාන භාෂාව විය යුතු යයි ද 1949 දී බිහිවූ චෙල්වනායගම් මහතාගේ දෙමළ රාජ්‍ය
පක්ෂයේ මතවාදය විය. ජාතික නිදහස
දිනා ගැනීම උදෙසා රටේ බහුතර ජන බලයකින් සමන්විත වූ ලංකා ජාතික සංගමය කටයුතු කළ අතර
පසුව එක්සත් ජාතික පක්ෂය ඉන් බිහි විය. සිංහල මහ සභාවේ ජාතික මතය සමග සිටි
බණ්ඩාරනායක මහතා 1951 දී ශ්රී ලංකා
නිදහස් පක්ෂය බිහි කළේය. මේ පක්ෂ දෙක හුදෙක් දේශපාලන බලය
උදෙසා සිංහල ජාතික මතය අත් හළ බව පෙනේ. 1951 සැප්තැම්බර් මාසයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළමුවැනි ප‍්‍රතිපත්ති
ප‍්‍රකාශනයේ 10 වන පිටුවේ ජාතික භාෂා යනුවෙන් සඳහන් වන කොටසේ ඇතුලත්ව ඇත්තේ සිංහල
හා දෙමළ භාෂාව අප‍්‍රමාදව රජයේ භාෂා බවට පත් වීම අත්‍යවශ්‍ය බවයි. කෙසේ වෙතත්
සිංහල ජාතික මතය දරන බොහෝ පිරිසක් පසුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු විය. පක්ෂ මතය කෙසේ වුවද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ
නායකයා වූ බණ්ඩාරනායක මහතාට නැගී එන ජාතික මතය අවසානයේ පිළි ගැනීමට සිදු විය. මේ තත්ත්වය මෙසේ පවතින අතර සිංහල හා දෙමළ
දෙබසටම සම තැන් දෙන බව අගමැති ජෝන්
කොතලාවල මහතා උතුරට ගොස් කළ ප‍්‍රකාශයක් නිසා සිංහල ජනතාව අතර මහත් ආන්දෝලනයක්
ඇතිවිය. ඒ සමගම සිය පක්ෂයේ මතය පැහැදිළි කළ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා සිංහල හා
දෙමළ භාෂා රාජ්‍ය භාෂා කිරීමට යෝජනාවක් ඉදිරිපත් කරන ලදී. ජාතික අභිමානයෙන් කිති
කැවී සිටි සිංහලයින් විසින් මේ කිසිවක්
පිළි නොගන්නා ලදී. බලයට පත්ව පැය විසි හතරක් තුළ සිංහල පමණක් රාජ්‍ය භාෂාව කරන බව
සිංහල ජාතික බලවේග සමග සිටි බණ්ඩාරනායක මහතා තීරණාත්මක ලෙසට ප‍්‍රකාශයට පත් කළේය.
බෞද්ධ තොරතුරු පරීක්ෂණ වාර්තාව ලංකා ජාතික ගුරු සංගමයේ සිය බස් සටන මෙයට වඩාත්ම බල
පෑවේය. එක්සත් ජාතික පක්ෂය ද මේ ගැන කලබලයට පත්ව 1956 දී කැළණියේ පැවැත්වූ සම්මේලනයකදී සිංහලය පමණක් රාජ්‍ය භාෂාව කිරීමේ යොජනාවක් සම්මත
කර ගත්තේය.
අඩ සියවසකට එහා කාලයක සිට ජාතික නිදහස් සටන්
වල යෙදී සිටි සිංහල ජනතාව 1956 දී මහජන එක්සත්
පෙරමුණු රජයට ඓතිහාසික ජයග‍්‍රහණයක් අත් පත් කර දුන්නේ බණ්ඩාරනායක මහතා සිංහල
ජාතික බලවේගයන්හි මතයට අවංකව ම ගරු කළ බැවින් යැයි ජනතාව අතර මතයක් තිබූ බැවිනි.
එහෙත් 1956 ජූලි 06 වන දා උත්තර මක්ත‍්‍රී
මණ්ඩලයෙන් සම්මතව ක‍්‍රියාත්මක භාවයට පත් රාජ්‍ය භාෂා පණත ට දෙමළ රාජ්‍ය පක්ෂය විසින් එල්ල කරන ලද
බලවත් විරෝධතාවයන් ඔස්සේ බණ්ඩාරනායක මහතා සිය මුල් ස්ථාවරය දෙසට දෝලනය විය. දෙමළ
බසට ද සාධාරණ තැනක් තිබිය යුතු බව ඔහුගේ මුල් මතය විය. ඒ අනුව චෙල්වනායගම් මහතා
සමග ඇති කර ගත් ගිවිසුම 1957 ජූලි 26 වනදා
ප‍්‍රකාශයට පත් විය.
බණ්ඩාරනායක මහතා අගමැතිව සිටි කෙටි කාලයේදී සිය
ප්‍රතිපත්ති අනුව යමින් ත්‍රිකුණාමලය හා කටුනායක බ්‍රිතාන්‍ය ගුවන් තොටුපලවල් පවරා
ගැනීම බස් සේවය ජනසතු කිරීම වරාය නැවුබඩු සංයුක්ත මණ්ඩලය පිහිටුවීම සමාජවාදී රටවල්
සමග තානාපති සබඳකම් ඇති කර ගැනීම.විද්‍යෙදය හා විද්‍යාලංකාර බෞද්ධ අධ්‍යාපන පීඨ
පූර්ණ බලතල සහිත විශ්ව විද්‍යාල බවට පත්
කිරීම කුඹුරු පණත ගෙනඒම කම්කරු විනිශ්චය සභා පිහිටුවීම සහ වගාරක්ෂන ක්‍රමයක් ඇති
කිරීම වැනි වැදගත් දේශපාලන තීරණ රැසක් ගන්නා ලදී..ලංකා ජාතික සංගමයෙන් බිහිවූ
එක්සත් ජාතික පක්ෂය සිය මුල් ස්ථාවරයේ සිටිමින් සිංහල දෙමළ මුස්ලිම් ඇතුළු සියළු
ජනතාව එක්රොක් කොට නව ජාතියක් බිහිකරලීමේ යෙදී සිටියද ජනතාව බලාපොරොත්තුවන මාර්ගය
එය නොවීය. දශක ගණනාවක් යටත් විජිත පීඩනයෙන් සිය ස්වදේශිකත්වය ඔසවා ගැනීමට නොහැකිව
සිටි ඔවුහු පූර්ණ සිංහල රාජ්‍යයකට නැවත ගමන් කිරීමට උත්සාහ ගනිමින් සිටියහ.(
මෙයින් අදහස් කරන ලද්දේ දෙමල මුස්ලිම් ජනවර්ග ප්‍රතික්ෂේප කිරීම නොවේ )මේ මතය
භාවිතා කරමින් දේශපාලනය තුළ ගෝත්‍රවාදී පකෂයක් ලෙසට ඉස්මතු වූයේ ශ්‍රී ලංකා නිදහස්
පක්ෂයයි. ඔවුහු ආණ්ඩු පිහිටුවීමේදී වෙනත් පක්ෂ සමග සන්ධාන ගත්වීමට උත්සාහ දරණු
පෙනුණි.ඒ මගින් නිරන්තරයෙන්ම සැබෑ සිංහල ජන මතය යටපත් විය. විප්ලවකාරී සමසමාජ
පක්ෂයත් මහජන එක්සත් පෙරමුණත් සමග සන්ධාන ගත වීමෙන් පමණක් ආණ්ඩුවක් පිහිටුවිය හැකි
වනු ඇතැයි යන මිත්‍යා මතය නිසා ශ්‍රී ලංකා නිහස් පක්ෂය ආරම්භක ජයග්‍රහණයේ පටන්
වෙනත් බලවේග මත යැපෙන්ට පටන් ගත්හ.එහි අවසාන ප්‍රතඵලය වූයේ බණ්ඩාරනායක චෙල්වනායගම්
ගිවිසුම අත්සන් කිරීමයි.
බණ්ඩාරනායක ඝාතනයෙන් පසු සිරිමා
බණ්ඩාරනායක මුල් අවදීය සැබවින්ම මෙරට ජාතික බලවේගයන්හි අදහස් මුදුන් පමුණවා ගැනීමට
ලැබුණු ස්වර්ණමය අවස්ථාවකි. එහෙත් නැවතත් තනි පක්ෂයක් බලවේගයක් වශයෙන් ඉදිරියට
නොපැමිණීමට ගත් තීරණ නිසා අනෙක් පක්ෂ සමග යැපෙන්නට යෑමෙන් ශ්‍රීලනිපය ගෝත්‍රවාදී
දෙශපාලනයට අවතීර්ණ විය.1970 න් පසු ශ්‍රීලනිපය මාක්ස්වාදී පක්ෂ වල අත්අඩංගුවට පත්
විය.රජයට විරුද්ධව පැමිණි ජ.වි.පෙ. කැරැල්ල සැබවින්ම විදේශ බලවේගයන්හි
උසිගැන්වීමකි.සිංහල ජාතික පසුබිමක් තිබූ සිරිමා රජය බෙලහීන කොට නැවතත් අධිරාජ්‍ය
ගැති රාජ්‍ය ස්ථාවරයක් බිහිකිරීම මෙහි පරමාර්ථය විය.1977 වර්ෂයේදී එක්සත් ජාතික
පක්ෂය නැවතත් බලයට පත් වන්නේ තුනෙන් දෙකේ බලයක් සහිතව නමුත් මේ රජය පවත්වා ගැනීමට
අවශ්‍ය සිංහල ජාතික බලවේගයන්හි සහාය
නොලැබුණි. ඊට හේතුව එම රජය විශ්වාස කල විවෘත ආර්ථික ප්‍රතිපත්තිය මත සිංහල
සංස්කෘතිය මහා අර්බුදයකට පත් වීමයි.නමුත් ජේ.ආර්. රටට පිරිමහින වැදගත් තීරණයකට එළඹ
සිටියේය. ඒ නම් විධායක ජනාධිපති ක්‍රමය බිහිකිරීමයි. එහෙත් එය තවදුරටත් සංවර්ධන
කොට ගෝත්‍රවාදී දේශපාලනයෙන් ඉවත් වීමට එක්සත් ජාතික පක්ෂයට නොහැකි වුණි.අසූනමයේ
නැවත මතුවූ ජ.වි.පෙ. කැරැල්ල තුළ සිංහල ජාතික මතයෙන් ඉවත් කල තරුණ පරපුරක ඛෙදවාචකය
හොඳින් ප්‍රදර්ශනය විය. ජේ.ආර්. ගෙන් පසු ශක්තිමත් ලංකාවක් වෙනුවට විදෙස් බලවේගයන්
විසින් නැටවෙන රටක් ක්‍රමයෙන් බිහිකිරීමට අවශ්‍ය පසුබිම සැකසුණි.ශ්‍රීලනිපය නැවත
අලු ගසා නැගී සිටින්නේ සිය ගෝත්‍රවාදී ප්‍රතිපත්තීන්ට නව මානයන් එක් කරමිනි.චන්ද්‍රිකා
බණ්ඩාරනායක යුගය මෙයට ඇති ඉහළම උදහරණයයි. සමසමාජ
කොමියුනිස්ට් වැනි පක්ෂ අභිබවා නැගී සිටි දෙමළ සහ මුස්ලිම් ගෝත්‍රවාදී පක්ෂ
වල මතයට හිස නැමීම සිදු වන්නේ පණහේ දශකයේ ස්ථාපිත කරනු ලැබූ පක්ෂ දේශපාලනයේ බෙදීම
මතයි.
වර්තමානය වන විට මෙරට පක්ෂ දේශපාලනයට
වසර අසූවක් ගතව තිබේ.බහුතර සිංහල ජනතාවක් සිටින රටක් වුවද රටේ වැදගත් තීරණ ගනු
ලබන්නේ ගෝත්‍රවාදී පක්ෂ වල උපදෙස් පරිදිය. විශේෂයෙන්ම මූලධර්මවාදී පක්ෂ වල ස්ථාවරය වන්නේ විශේෂ ආගමික නීති මගින්
සිංහල රට සිරකිරීමයි.මේ ක්‍රමය සහමුලින්ම වැරදි සහගත වුවද පක්ෂ දේශපාලනය සිය බලය
උදෙසා පමණක් යොදා ගන්නා වත්මන් දේශපාලනඥයන්ට එම තත්ත්වය නිවරදි කරගන්නට ශක්තියක්
නැත. සිංහල බෞද්ධයන්ගේ චන්ද වලින් පමණක් බලයට පැමිණිය නොහැකි බව යලි යලිත් පුන
පුනා ප්‍රකාශ කරන තැනට ඔවුන් පත්ව තිබේ. සැබවින්ම මේ ගෝත්‍රවාද දේශපාලනයේ ගමනක
අවසානය සනිටුහන් වී ඇතැයි සිතන්නට හැකිය. තව දුරටත් මේ ක්‍රමය යටතේ රටේ
ස්වාධීනත්වය තහවුරු කළ හැකි නොවේ. බ්‍රිතාන්‍ය වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදායෙන් ඈත්ව
නව ක්‍රමයකට රට පත් කිරීමට අවශ්‍ය පසුබිම සකස් වෙමින් ඇත.ඒ සඳහා ජනතාව සූදානම් විය
යුත්තේ සිය පක්ෂයට වඩා රට පෙරට තබමිනි.
No comments:
Post a Comment