පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Thursday, November 6, 2014

එරාවුර් හන්දියේ සිංහල අව නඩුව


                                          

 


                  1956 වර්ෂයේ දී  සිංහලය රාජ්‍ය භාෂාව කිරීමත් සමගම ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ සාමාජියන් බෙහෙවින් කුපිත වූහ.ඔවුන් ගේ උසිගැන්වීම් මත එවකට වාහන වලට  හඳුන්වාදී තිබූ ශ්‍රී අකුරට තාර ගෑම ඇරඹුණි.මෙයට හේතු වූයේ 1945 සිට ජී.ජී. පොන්නම්බලම් මහතාගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා ද්‍රවිඩ කොන්ග්‍රසය මගින් දියත් කළ ජාතිවාදී දේශපාලනයයි. ඔවුහු සමතුලිත නියෝජනයක් ඉල්වමින් සෝල්බරි කොමිසමට යෝජනාවක් ඉදිරිපත් කළහ. පණහට පණහක් සේ සිංහල හා දෙමළ ජනතාවට නියෝජනයක් අවශ්‍ය වන බව ඉන් පැවසෙයි. සොල්බරි කොමිසම මෙය පිළි නොගත් අතර ද්‍රවිඩ කොන්ග්‍රසයෙන් කැඩී ගිය පිරිසක් විසින් 1949 දී ඉලංකෙයි තමිල් අරසු කච්චි නොහොත් දෙමළ රාජ්‍ය පක්ෂය පිහිටුවා ගත්හ. මෙම පක්ෂය ස්ථාපනය කිරීමේදී අනුමත කෙරුණු මූලික යෝජනාවේ මෙසේ සඳහන් වෙයි.

      ' ද්‍රවිඩයන්ට නීතියෙන්ම නිදහස හා ආත්ම ගෞරවය සහතික කිරීමේ හා සාධාරණ හා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඔවුන්ගේ ප්‍රශ්ණ විසඳා ලීමේ එකම ක්‍රියාමාර්ගය වන්නේ රටේ ද්‍රවිඩ ජාතිය සඳහා ස්වයං පාලනය හා ස්වයං නිර්ණය කිරීම සහතික කරනු වස් ඔවුන්ට ඔවුන්ගේම ස්වාධීන රාජ්‍යයක් පිහිටුවා ගැනීමට ඉඩකඩ සලසා දීමයි.'

      ලංකාව තුළ වෙනම රාජ්‍යයක් ලෙස වන මෙම සංකල්පය එතැන් පටන් දිනෙන් දින වර්ධනය විය.1956 දී සිංහලය රාජ්‍ය භාෂාව කිරීම ඔවුන්ගේ ඇහැට ඇඟිල්ලෙන් ඇනීමක් බඳු විය. චෙල්වනායගම් ගේ කණ්ඩායම තමන්ගේ අභිලාෂය පතා ඇති කළ කෝලාහලය මහා ව්‍යසනයක ආරම්භයක් විය. මෙහිදී සිංහල ව්‍යාපාරිකයන් ගේ වෙළෙඳ ස්ථාන කඩා පුළුස්සා  විනාශ කිරීම  සිදු වූ අතර ජන ඝාතනද සිදු විණි. මේ තත්ත්වය රජයට පාලනය කර ගැනීම ඉතා අසීරු විය.ලංකාවේ නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයේ ද තත්ත්වය එයින් වෙනස් නොවීය. සෙන්ගල්වාඩිය නොහොත් සෙන්කලාඩිවල කඩයක් දමා ගෙන සිටි මනිමෙල් සිල්වා නොහාත් උපාසක මහතා මේ අරගලයේදී ඝාතනය වූ සිංහලයෙකි. හැඩිදැඩි පුද්ගලයෙකු වූ ඔහු ප්‍රදේශයේ සියළු යුක්තිගරුක පුද්ගලයන්හට නිර්භීතව නයාකත්වය සැපයූ වෙකු විය. මේ තත්ත්වය තුළ කාලයක් තිස්සේ වෙළහෙළදාමේ යෙදී සිටි සිංහල ව්‍යපාරිකයන් තම ජීවිත ආරක්ෂාව පතා ගම් රටවල් බලා පැමිණියහ.

            ගාල්ලේ දොඩන්දූවේ උදේරිස් සිල්වා පුලියන්දූවට පැමිණියේ 1895 වර්ෂයේ දීය. ඔහු එහි සිල්ලර කඩයක් ආරම්භ කරනලද්දේ 1895 ජූනි මස පළමුවනදාය. රෙදි පිළි සීනි පුවක්  උම්බලකඩ ජාඩි තුනපහ කඩදාසි ඇතුළු බොහෝ ද්‍රව්‍යයන් වෙල හෙළඳාම් කරමින් ගම සමගද සම්බන්ධකම් පැවැත්වීය. ගාල්ලේ දොඩන්දූව එකල ප්‍රසිද්ධ නාවික වරායකි. එහි සිට ඉන්දියාව බලා යාත්‍රා කල යාත්‍රා ද්‍රෝණි නම් නෞකා මගින් ඉන්දියාවේ සිට ජාඩි  කැලිකට් රට උළු මාලදිවයිනේ සිට කරවල මෙන්ම බොන්දි අළුවා ඇතුළු වෙළෙඳ ද්‍රව්‍ය රාශියක් ආනයනය කළහ.එසේම නැගෙනහිර පළාතෙන් දැව ලබා ගෙන දකුණට නැව් මගින් ප්‍රවාහනය කරන ලද අතර ඒ දැව භාවිතා කොට ගොඩනැගිලි තැනූ ඔවුහු නැව් තැනීම සඳහාද  ජාඩි පීප්ප නිෂ්පාදනය ද කළහ.ලන්දේසීන් ගේ කාලයේදී දිවයින වටා නිදහස් වෙළෙඳාම පැවති අතර මුස්ලිම් වෙළෙඳුන්ට දමා තිබූ තහංචි හේතුවෙන් සිංහලයන් හට තම පැරණි නාවික බලය යළි ගොඩනගා ගත හැකි විය.1702 වර්ෂයේ දාතම සහිතව ලිපියක් දැනට දොඩන්දූ නාවිකයන්ගේ වත්මන් පරපුරේ සාමාජිකයෙකු වූ ගාමිණි පටුවතවිතාන මහතා ළඟ තිබේ.සේරුවාවිල බෞද්ධ පුනරුදයේ පුරෝගාමියා වූ දඹගස්ආරේ මේධංකර මහා යතිවරයාණන්වහන්සේද 1922 වර්ෂයේ දී ත්‍රිකුණාමල වරාය දක්වා ගමන් කලේ දොඩන්දූ නැව් මගිනි. ඒ යන අතර මග මඩකලපුවේ නැවතී එහි මංගලාරාමයද ස්ථාපිත කළ බව කියති. පානම පත්තුව අක්කරායි පත්තුව කරවාකු පත්තුව සමන්තුරේ පත්තුව මානමුනේ පත්තුව බින්තැන්න පත්තුව එරුවිල් පත්තුව එරාවුර් පත්තුව සහ වෑගම් පත්තුව යනුවෙන් පත්තු නවයකට බෙදා තිබුණු පැරණි මඩකලපු දිස්ත්‍රික්කය තුළ සිංහල වෙළෙද ප්‍රජාවට නායකත්ව ගැනීමට හැකි වූයේ ප්‍රබල නාවික බලයකට හිමිකම් කියමින් දකුණු පළාත සමග සෘජු සම්බන්ධතා පවත්වමින් එසේම ඉතා ශක්තිමත් බැඳිමකින් කටයුතු කළ බැවිනි.

            දොඩන්දූවේ සිට හම්බන්තොට වරායට ගමන්කරන දොඩන්දූවේ නැව් එහිදී ලුණු පටවා ගෙන නැගෙනහිර වෙරළට සේන්දු වෙති. එහිදී අක්කරපත්තුව කල්මුනේ කාරතිවු හරහා ත්‍රිතුණාමලයට වෙළෙඳ බඩු සපයන ඔවුහු අනතුරුව ලංකාවේ උතුරේ පේදුරුතුඩුව දක්වාම යාත්‍රා කොට අලෙවි කටයුතු කළ බව පැරණියන් පවසති. නැවතත් දකුණු දිග මුහුදු තීරය දිගේ මන්නාරම දක්වා ගොස් එහි මල්වාඩියේ  පදිංචිව වෙලෙ හෙළදාමෙන් දියුණු ව සිටියහ.දොඩන්දූවේ මේ වෙළඳ පරපුරු වල මහා බල කුණු කීපයක් එකල සිටියහ. ඒ අතරින් පළමු කී උදේරිස් සිල්වා ඔහුගේ පුත්‍රයා වන එලියස් අප්පු සහ මුණුපුරා වූ අමරදාසද විය. අමරදාස මහතා අවසන් වරට කඩයක් වත්වා ගෙන ගොස් තිබුණේ කාරතිවු වලයි. 1956 වර්ෂයේ දී ඇති වූ කලකෝලාහලයේ දී මේ කඩය පුලුස්සා දමන ලදී .එසේම සිංහලයන් පිරිස ලොරියක පටවා ගෙන ඝාතනය කිරීමට ගෙන යද්දී එයින් පැනගත් තිදෙනා අතර අමරදාසද වෙයි. එහිදී පොලිසියට කරන ලද පැමිණිල්ලෙන් ඵලක් නොවුණු අතර මඩකලපුවේ පොලිස් ස්ථානාධිපති ඔහුට ලිපියකින් දන්වා එවා ඇත්තේ මෙම අපරාධයට සැකකරුවෙකු නොමැති බවයි. මේ අවනඩුව ගැන එකල අරාක්ෂක අගමැති වරයාටද දැනුම් දෙන ලද්දේ නමුත් ප්‍රතිඵලයක් අත් නොවුණි. පසුව කෝලාහලය සන්සුන්වූ පසු නැවත ආපසු ගොස් කලවංචිකුඩිහි ව්‍යාපාර ආරම්භ කර  පවත්වා ගෙන ගොස් ඇත. අවසාන වශයෙන් ඔවුන්ට තම ව්‍යාපාරික ස්ථාන අතහැර යන්නට සිදු වූවේ 83 වර්ෂයේ ඇති වූ කලබල වලින් පසුවයි.

        ඩබ්.චාර්ලිස් සිල්වා ගාල්ලේ තල්පේ පදිංචි කරුවෙකි. ඔහු ද නාවික යාත්‍රා මගින් මඩකලපුවට සේන්දු වූවෙකි. ඒ නමසිය තිහේ දශකයේ දීය. එරාඌර් නොහොත් එරාවුර් හන්දියේ සින්න මුදලාලිගෙන් කඩයක් බදු ගත් චාර්ලිස් ද පෙර අය පරිද්දෙන්ම වෙළෙදාමෙන් දියුණු විය. මඩකලපුවට දුම්රිය මාර්ගය වැටෙන්නට පළමුව නාවික යාත්‍රා මගින් වෙළෙඳ බඩු ප්‍රවාහනය කර ගත්තද පසුව ගාල්ලේ වෙලින්ටන් බස් සමාගමේ ප්‍රවාහන රථ මගින් ඒ පහසුව සැලසීය. මේ නිසා වෙළ හෙළදාම සීඝ්‍රයෙන් දියුණු විය.      ඒ අවදියේදී සෙන්කල් අඩියේ ලුණු කඩේ ඊනා අහමදු ලෙබ්බේ කොට්ටමුනේ කානා සින්නතම්බි තැඹිලිවිල කුමාරපෙරුමාල් සින්නතම්බි වැනි මහම්මත් වෙළෙඳුන් ද ව්‍යාපාර වල නියැලී සිටියද ඔවුන් ඉතා සුහදව සිංහල වානිජයන් සමග කටයුතු කරන ලද්දේය. එසේම හේරා ඔරුවේ(එරාඌර්) පොක්කර උරුම කණ්ඩ වැනි දෙමල ව්‍යපාරිකයන්ද මේ සුහදත්වය ආරක්ෂා කෙට ගත්තේ සංස්කෘතික වශයෙන් සමාන කම් දැක්වූ බැවිනි. මේ තත්ත්වය 1956 වර්ෂයෙන් පසුව වෙනස් වූයේ යටකී ලෙස එස්.ජේ.වී.චෙල්වනායගම් විසින් ගෙන ගිය ජාතිවාදී ඇවිස්සීම් වලින් දෙමළ ජනතාව කුපිත වූ බැවිනි. මේ නිසා සිංහල දෙමළ ප්‍රජාව අතර සෙමින් විරසකයක් ගොඩ නැගුණි. මෙහි සඳහන් කළ චාර්ලිස් සිල්වා මහතා ගේ සහෝදරයා ගේ පුත්‍රයා වූ අල්විස් වල්ගම එරාවුර් හන්දියට පැමිණුනේ 1948 වසරේදීය. ඔහු සිය බාප්පා කර ගෙන ගිය වෙළෙඳ ව්‍යාපාරය දියුණු කරමින් කෝපාවෙල සහ එරාවුර් වල කඩ දෙකක්ම පවත්වාගෙන ගියේය. ඒකාලයේ සිටි හෝටලය නමින් ජනප්‍රිය සිංහල භෝජන ශාලාවක්ද තිබූ බව පැවසෙයි. ඒ ආකාරයට සිංහල කඩ දහයකට අධික සංඛ්‍යවක් නවසිය පණහ දශකය වන විට එරාවුර් හන්දියේ ශක්තිමත්ව තිබුණි. 1956 දී මනිමෙල් සිල්වාට වෙඩි තබා ඝාතනය කළ පසු සුපුරුදු පරිදි නැවතත් මේ වෙළෙන්දෝ සිය ව්‍යපාර ආරම්භ කළද අසූව දශකය වන විට චෙල්වනායගම් ගේ දෙවන පරපුරෙන් බිහිවූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ක්‍රමයෙන් වර්ධනය විය. නැගෙනහිර පළාත තුළ කරුණා අම්මාන් ගේ ප්‍රධානත්වයෙන් මේ කොටි බල මුළු ගැන්විණ.

       1985 වසරේ දී කොටි ත්‍රස්වාදීන් අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස කළ මනුෂ්‍යඝාතනය මුළු ලංකාවම සසල කරවන්නක් විය. එයට සමගාමීව එරාවුර් සහ මඩකලපු ප්‍රදේශ වලද ත්‍රස්ත ක්‍රියා වර්ධනය විය. චාර්ලිස් සිල්වා ගේ බෑනා වූ අල්විස් වල්ගම මහතාගේ කෝපාවෙල කඩය එහිදී ගිනිබත් කෙරුණු අතර එහි තිබූ ඔප්පු තිරප්පු සහ වෙනත් වටිනා ලියකියවිල රැසක් අතුරුදහන් වූ බව පැවසෙයි.මේ අවදියේ දී අල්විස් වල්ගම මහතා එරාවුර් සිංහල වෙළෙඳ සංගමයේ ප්‍රධානියා විය. වෙළෙඳ පළ කඩ අතරින් පණස් දෙදෙනෙකු සිංහලයන් විය. නමුත් 1987 දී මේ නැගෙනහිර සිංහලයන්ගේ කලදසාව නරක අතට හැරුණි. කරුණා අම්මාන් ගේ මූලිකත්වයෙන් මෙහි සැඟවී සිටි ත්‍රස්තයන් වරින් වර ප්‍රහාර එල්ලකළහ. හිටිහැටියේ දිනක් සිංහලයන් සියළු දෙන එරාවුර් පොලිස් ස්ථානයට කැඳවන ලදහ. ඊට හේතුව පොලසියට පහරදීමේ තැතක් අනාවරණය වීම නිසාය. සමහරු සිය කඩ සාප්පු වසා නොදමාම පොලීසියට ගිය බව පැවසෙයි. කොසේ වෙතත් 1987 ඔක්තෝබර් මස 6 වන දින වන විට සිංහලයන් 1200 පමණ පිරිසක් පොලිසියට රොක් වී සිටියහ.නමුත් කොටි ත්‍රස්තයන් කලේ සියළු වෙලෙඳ ව්‍යාපාර ගිනිබත් කිරීමයි. අනතුරුව එරාවුර් සිංහල විදුහලේ රාත්‍රිය ගතකළ මේ වෙළෙන්දන්ට අනාථයන් ලෙසට ගම් රටවලට පැමිණීමට සිදු විය.මේ වන විට නව වෙළෙඳ පලේ කඩ හැත්තෑ දෙකෙන් පණස් දෙකක් තුළම සිංහලයන් ගේ වෙළෙඳ ව්‍යාපාර විය. එම නව වෙළෙඳ පල තනා වෙලෙඳ මහතුන් තොරා ගන්නා විට එය නිසි පරිදි වූයේ දැයි පාර්ලිමේනතුවේ දී ප්‍රශ්ණ කරනු ලැබිණි. එවකට විපක්ෂයේ සිටි පාරලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් ජයකොඩි මහතා එම ප්‍රශ්ණය නගන ලද්දේ මෙසේය.

1/ එරාවුර් සුළු නගර සභාවට අයත්ව තිබී දැනට කඩ දමා ඇති ගොඩ නැගිල්ලේ වෙළෙඳ ව්‍යාපාර කරන අයගේ නම් සහ ලිපිනයන් එතුමා ඉදිරිපත් කරනවාද

2/ එම අයගෙන් කොපමණ සංඛ්‍යාවකට අලුතින් .තනන ලද වෙළෙඳ සැලේ කඩ කාමර ලබා දී තිබේද

3/ කඩ කාමර ලබා නොදී ඇති අයගේ නම් සහ ලිපිනයන් එතුමා සඳහන් කරනවාද

4/ එම අයට කඩ කාමර ලබා දීමට එතුමා කටයුතු කරනවාද

5/ නොඑසේනම් ඒ මන්ද‍

       මේ ප්‍රශ්ණය යොමු කරන ලද්දේ අගමැති පළාත්පාලන නිවාස ඉදිකිරීම් ඇමති සහ මහජන පරිපාලන අමාත්‍ය වර යන තුන්පළගෙනි. එදා අද වගේ නොව පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් විමසූ කල්හි නිවරදි පිලිතුරු ලැබුණි. පළාත් පාලන ඇමති වින්සන්ට් පෙරේරා මහාතා මේ ප්‍රශ්ණයන්ට දුන් පිළිතුරු අතර සිංහල වෙළෙඳ මහතුන් ගේ නම් පණස් දෙකක් සහ මුස්ලිම් වෙලෙඳ මහතුන් ගේ නම් දහනවයක් සහ එක් දෙමල ව්‍යාපාරකයෙකු ගේ නමක් සටහන්ව තිබුණි . මෙම වාර්තාව 1987 මැයි අට වන දින හැන්සාඩ් වාර්තාවේ පළව තිබේ.

        කෙසේ වෙතත් 1987 ඔක්තෝබර මාසයෙන් පසුව මේ සිංහලයන්ට උන්හිටි තැන් නැති විය. ඊට එක් හේතුවක් වූවේ 1987 ජූලි මාසයේ අත්සන් කරන ලද ඉන්දු ලංකා ගිවිසුමයි. එහිදී දෙමළ ජනතාවගේ පාරම්පරික නිජබිම් ලෙසින් උතුරු හා නැගෙනහිර ප්‍රදේශ පිළිගනු ලැබ අතර කිසිවෙකුත් නැවත සිංහලයන්ට පදිංචි වීමට ඉඩ ප්‍රස්ථා  ඇති නොකළහ. නමුත් 2005 දී කොටි පරාජය කිරීමෙන් පසුව නැවත ආපිට ගිය සිංහලයන් මේ ස්ථානයන් නැවත අත්පත් කරගෙන පදිංචි වීමට උත්සාහ කළහ . එසේම පුනරුත්ථාපන අධිකාරියෙන් වන්දි ලබා ගෙන සිය ව්‍යාපාර නැවත ආරම්භ කිරීමේ බලාපොරොත්තුවක් ද විය. එහෙත් එවක වන විට එහි බලවත් ව සිටි මුස්ලිම් භක්තික ප්‍රාදේශීය සභාපතිවරයා ගෙන් ඊට ඉඩ නොලැබුණි. අල්විස් වල්ගම මහතා සහ අනෙක් පිරිස එහි ගොස් නව වෙළෙඳ පළ කඩ කාමර අස්පස් කරමින් සිටින විට ඔවුන් එරෙහි තහනමක් පැනවූ සභාපති වරයා ඔවුන්ට විරුද්ධව නඩුද පැවරුවේය. ඒ ප්‍රාදේශීය සභාවේ දේපළ වලට බලහත්කාරයෙන් ඇතුළු වී අලාභ හානි කරන ලද බව දක්වමිනි. දැන් මේ නඩුව කාලයක් තිස්සේ මඩකලපු උසාවියේ දී දෙමල භාෂාවෙන් විභාග වන අතර රජය හෝ ආරක්ෂක අමාත්‍යංශය හෝ ඊට මැදිහත් වී සමථයකට පත් කර නොමැත. 1881 වර්ෂයේ දී මඩකලපු දිස්ත්‍රික්කයේ සිංහල ජනගහනය 5012 කි. එය 1891 වන විට 6403 දක්වා වර්ධනය ව තිබුණි. 1946 ජන සංගණනයේ දී හෙළිදරව් වූයේ මඩකලපු දිස්ත්‍රික්කයේ සිංහල ජනගහනය එකොලොස් දහස ඉක්මවා තිබූ බවයි.ඒ දෙමල ජනගහනය ලක්ෂයක් ඉක්මවා යන අවස්ථාවකය. එහෙත් ඒ දෙමල ජනගහනයෙන් අඩක් පමණ වැදි ජනතාව විය.ජාතිවාදී කලබල නිසා මඩකලපු දිස්ත්‍රික්කයේ සිංහල ජනගහනය 1981 වන විට 2289 කට පහත වැටී තිබුණි.

             කලක් මහා සමුදුරු බලයක්ද ව්‍යාපාරික බලයක්ද හිමිව සිටි නිර්භීත අධිෂ්ඨානශීලී මිනිසුන් පිරිසගේ ඉරණම අද මෙලෙස තීන්දු වී තිබේ. තම මුතුන් මිත්තන් විසින් වසර හාරසියයක පමණ තිස්සේ අඛණ්ඩව පවත්වාගෙන පැමිණි නිදහස අද ඔවුනට අහිමිව ඇත. කොටි ත්‍රස්තවාදය පරදාවා ජාතිය බේරා ගැනීම පිණිස දිවි කැප කළ අභීත රණවිරුවන් ගේ අභිප්‍රායට වඩා චෙල්වනායගම් පරපුරේ ඊලාම් අභලාසයද නව මුහුණුවරකින් කළ එළිදකින ඉස්ලාම් මූලධර්මවාදී අභිලාෂයද නැගෙනහිර පළාතේ ජයග්‍රහණය කර තිබේ. එයටහොඳම නිදර්ශනය  පෙන්වන්නේ අල්විස් වල්ගම මහතා ඉගෙනුම ලැබූ බණ්ඩාරමුල්ල විදුහල අද මුස්ලිම් සිසුන්ගේ අරාබි විශ්වවිද්‍යාලයක් බවට පත් වීමයි. මුස්ලිම් කොන්ග්‍රසයේ රවුෆ් හකීම් සහා හසන් අලි යන මහත්වරුන් අද නැගෙනහිරට වෙනමම මුස්ලිම් පරිපාලන කොටසක් ඉල්වන්නේ මෙම ලිපියේ සඳහන් ජනවාර්ගික පවිත්‍රකරණය සිදු කර අවසන් වූ පසුවයි. එහෙත් ඔවුන් සඟවන එක් කාරණයක් නම් 1990 වසර වන විට සිංහලයන් මෙන්ම ඔවුන්ද කොටි ත්‍රස්තයන්ගෙන් බැටකා අනාථව සිටි බවයි.


 

            

Saturday, October 25, 2014

බෞද්ධ අධ්‍යාපන ක්‍රමය උඩුයටි කුරු කළ ඔල්කට් ගමන


                          

 

                   දොඩන්දූව ශෛලබිම්බාරාම විහාරය වනාහි දකුණු ලක පතළ ඓතිහාසික වැදගත්කමකින් යුක්ත වූ මහා සිද්ධස්ථානයකි. එහි වැඩ සිටි දොඩන්දූවේ පියරත්න තිස්ස නායක ස්වාමීන් වහන්සේ බුද්ධ ශාසනයටත් සිංහල ජාතියටත් ඉටුකළ මෙහෙයන් අතර ප්‍රමුඛ වන්නේ බොදු පාසල් ඇරඹීම සඳහා ගත් ක්‍රියාමාර්ගයයි.1812 වර්ෂයේ සිට බැප්ටිස්ට් මෙතෝදිස්ත වෙස්ලියන් ආදී මිෂනාරී සමාගම් විසින් ලංකාවේ මුහුදු බඩ පළාත් වල ක්‍රිස්තියානි පාසල් ඇරඹීමත් ඒවාට බ්‍රිතාන්‍ය රජයේ සෘජු අනුග්‍රහය ලැබීමත් හේතු කොටගෙන විහාරස්ථාන මුල්කොට ඇතිවුණු පිරිවෙන් අධ්‍යාපනය සම්පූර්ණයෙන් දුර්වල විය. එසේම  ක්‍රිස්තියානි මිෂනාරීන් විසින් ගමක් ගානේ ඔවුන්ගේ ආගම ප්‍රචාරය කරමින් බුදු දහම විවේචනය කරමින් යනෙන කල ඒ පිළිබඳව එකළ සිටි මහා සංඝරත්නයේ ඇස් විවර වූහ. වැලිවිට සංඝරාජ මාහිමියන් විසින් උපසම්පදාව පිහිටුවා ඇති කල බෞද්ධ ප්‍රබෝධය නිසා පහත රට විහාරස්ථානයන්හිද සංඝ පරම්පරා ඇති වෙමින් අධ්‍යාපනයට අවශ්‍ය මංපෙත් විවර වූහ.

                     1839 දී රත්මලානේ පරම ධම්ම චේතිය පිරිවෙන බිහිවීමෙන් පසුව එයට සමගාමීව කොළඹ මාළිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනද පිහිටුවන ලදී. මේ අභාෂයෙන් පණ කැවී දොඩන්දූව ශෛල බිම්බාරාමය ආශ්‍රිතව 1856 දී පමණ පිරිවෙනක් ආරම්භ විය . එහි නායකත්වය ගන්නා ලද්දේ පූජ්‍ය උඩුගල්පිටියේ සිරි සුමනතිස්ස නායක ස්වාමීන් වහන්සේ විසිනි. මෙම පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවේනාධිපති ධූරය දැරූ දොඩන්දූවේ පියරත්න තිස්ස නායක ස්වාමීන් වහන්සේ මේ පිරිවෙන් අධ්‍යාපනයෙන් ඇති වූ ප්‍රබෝධයත් දොඩන්දූවේ වෙළෙඳ ප්‍රජාවෙන් ලැබුණු සහයොගයත් හේතු කොට ගෙන බෞද්ධ දරුවන් විෂයෙහි පාඨශාලාවක් පිහිටුවීම කෙරෙහි උනන්දු විය. එයට වඩාත්ම හේතු වූයේ මොර්ගන් වාර්තාව අනුව ඉංග්‍රීසි ආණ්ඩුව විසින් 1868 දී ප්‍රසිද්ධ ඉගැන්වීම් දෙපාර්තමේන්තුව පිහිටුවීමයි.මේ නිසා ආධාර ලැබිය හැකි පාසල් විවෘත කිරීමට හැකි විය. පියරත්න නායක හිමියන් ගේ ද බලාපොරොත්තුව වූයේ මෙලෙස රජයේ ආධාර ලබන බෞද්ධ පාසල් ආරම්භ කිරීම විය හැකිය.

             මේ අවදියේ දී දෙඩන්දූව කුමාර කන්ද විහාරයේ පුස්කොල ලිවිම පිණිස පැමිණි සිට දාවිත් නම් තරුණයෙක් එහිම පැවැදි වී මිගෙට්ටුවත්තේ ගුණානන්ද නමින් ප්‍රකටව ක්‍රිස්තියානි මිෂනාරි වැඩ කටයුතු වලට එරෙහිව සටනට බැස සිටියේය. 1865 දී ක්‍රිස්තියානීන් සමග බද්දෙගම හා වරාගොඩ හා  පාණදුරේ දී ඇති වූ ප්‍රසිද්ධ වාදයකින් පසුව භික්ෂූන් වහන්සේලා අතර විශාල පිබිදීමක් ඇති විය.මේ ප්‍රබෝධයෙන් ප්‍රයෝජනය ගත් ශෛලබිම්බාරාම විහාරාධිපති පියරත්න තිස්ස නායක ස්වාමීන්වහන්සේ 1869 දී ජින ලබ්ධි විශෝදක  නමින් ප්‍රථම බෞද්ධ පාඨශාලාව  දොඩන්දූව සිය විහාරස්ථානය ආශ්‍රිතව ආරම්භ කරන ලදී. ඉන්පසු 1869 දෙසැම්බර් මාසයේ දී පාණදුර උපාධ්‍යා නමින් තවත් පාසලක් ආරම්භ කල නමුදු ආණ්ඩුව මගින් ඒවා ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කරන ලදී. මින් පසු නොබැස උපක්‍රමශීළීව කටයුතු කල පියරත්න තිස්ස නායක හිමියන් රොබින්සන්  ආණ්ඩුකාර තැන දොඩන්දූවට කැඳවා පාසල පෙන්වා අනුග්‍රහය ලැබ ගෙන ලියාපදිංචිය නිම කිරීමට කටයුතු කලේය.ඉන්පසු අම්බලන්ගොඩ පටබැඳිමුල්ලේ කතළුවේ හා අහංගම දී තවත් පාසල් තුනක් විවෘතත කළේය. එහෙත් ආණ්ඩුවේ වාර්තා අනුව 1880 වන විටත් ආධාර ලබන පාසල් වශයෙන් ක්‍රියාත්මකව තිබුණේ කොරතොට හෝමාගම හඳපාන්ගොඩ වලහේපිටිය නම් පාසල් හතර පමණකි.ඒ අනුව බලන කල්හි පෙනෙන්නේ ප්‍රථම බෞද්ධ පාසල බෞද්ධ වීම නිසාවෙන්ම ලියාපදිංචිය ප්‍රමාදව තිබූ බවයි.     

       පියරත්න තිස්ස නායක හිමියන් ගේ පාසල් ක්‍රමය සහමුලින් ම බෞද්ධ අධ්‍යාපන ක්‍රමයක් විය. අකුරු ශස්ත්‍රය ඇරණු කොට උන්වහන්සේගේ විෂය මාලාවට බෞද්ධ අධ්‍යපන ක්‍රමවේදයක් ඇතුළත් විය. එහි පළමුවරට තිබුණේ පළමුවන පාඩම් පොතයි. දෙවනුව බුද්ධ වන්දනාවත් තෙවනුව සරණත්තය දීපනී නම් ග්‍රන්ථයත් සිවුවනුව ජිනධර්ම විකාශිනී නම් ග්‍රන්ථයත් පස්වෙනුව සෙය්‍යාර්ථ දීපනී නම් ග්‍රන්ථයත් ඇතුළත් වූහ. මෙයින් සරණත්තය දීපනී නම් ග්‍රන්ථයෙන් සරණාගමන ආනිශංස ප්‍රකාශ කිරිමත් ජින ධර්ම විකාශිනීය සරණාගමනේ පටන් ප්‍රාණඝාතාදී අකුශල කර්මයන්හි යෙදීමෙන් ලැබෙන කර්ම විපාකය දැක්වීමටද සිගාලෝවාද සූත්‍රයෙන් දැක්වෙන සතර කර්ම ක්ලේශයන් සතර අගති ආදියද මව්පිය ගුරුවර ආදීන් කෙරෙහි දරුවන් දැක්විය යුතු ගෞරවාදරය ආදියද සරලව විස්තර තර තිබුණි. ‍ස්‍යොර්ථ දීපනියෙහි බුද්ධ චරිතය සවිස්තරව ද චතුරාර්ය සත්‍යය ආදී ධර්ම විභාගය ද බෞද්ධ ගුණ ධර්ම වගා කිරීමෙන් මෙලොව පරලොව වැඩ සාදන අයුරුද තුන් සූත්‍රය හා එහි සරල අදහස් අන්තර්ගතව තිබුණි.මේ තත්ත්වය එකල හැටියට බෞද්ධ දරුවෙකු බිහි කිරීමට ප්‍රමාණවත් පරිදිම විය.මිථ්‍යා දෘෂ්ටිකයන්ට සිංහල කියවීමට හා ලිවීමට බෞද්ධ පූජකයන් විසින් වඩාත් හොඳින් උගන්වනු ලැබේ යයි 1833 දී ලංකාවට පැමිණි කොල්බෘක් කැමරන් කමිටුව ඉදිරියේ ආච්ඩිකන් වරයා කළ ප්‍රකාශය මෙහිදී සිහිපත් වේ.බෞද්ධ දරුවන්ට සුදුසු අධ්‍යාපනය කුමක්දැයි දන්නේ උගත් නැණවත් භික්ෂූන් වහන්සේලා පමණකි.දශක කීපයකට පසුව පියරත්න තිස්ස නායක හිමියන් අතින් එය නැවත ප්‍රතිෂ්ඨාපනය විය.

          මිගෙට්ටුවත්තේ ගුණානන්ද ස්වාමීන් වහන්සේ සහ පාදිලියන් ද ක්‍රිස්තියානි කතීසේරුවරුන් ද අතර ඇති වූ පාණදුරා වාදයෙන් බලාපොරොත්තු නොවූ ප්‍රතිඵලයක් හට ගත්තේය.ටයිම්ස් ඔෆ් සිලෝන් ප්‍රවෘත්ති පත්‍රයේ කතුවරයා වූ ජෝන් කූපර් වාදය පිළිබඳව සියලු තොරතුරු සම්පූර්ණ වාර්තාවක් ඉංග්‍රීසි බසින් පළ කළේය. ජේ.එම්. පීබල්ස් විසින් ලියන ලද හැඳින්වීමක් සහිතව මෙම වාර්තාව නැවත ඇමරිකා එක්සත් ජනපදයේ දී පළ කෙරිණි.1864 දී පරම විඥානාර්ථ සංගමය නමින් නව දෘෂ්ඨි සම්මේලනයක් පිහිටුවාගෙන සිටි කර්නල් ඔල්කොට් මේ ආකර්ශණීය වාදයෙන් ඔද වැඩීබෞද්ධ ධර්මය ගැන හැදෑරීමට සුදුසු වන්නේ කවරෙක්දැයි යන්න විපරම් කොට බැලීය. ඔහුට දැන ගන්නට ලැබුණේ දොඩන්දූවේ පියරත්න තිස්ස නායක හිමියන් මීට ඉතා සුදුසු බවයි.ඒ අනුව ක්‍රියාත්මක වූ ඔල්කොට් තුමා පියරත්න හිමියන්ට ලැබෙන්ට හැකිවන පරිදි ලිපියක් තැපැල් කර එවන ලදී. පියරත්න හිමියන් මේ ලිපියට ප්‍රතිචාර දැක්වීමෙන් පසුව දිගින් දිගටම ලියුම් ගනුදෙනු කරන ලද බව පෙනේ. 1878 අගෝස්තු 22 දාතම යටතේ එතුමා පියරත්න තිස්ස නායක හිමියන් වෙත එවන්නට යෙදුණු ලිපියේ කොටසක මෙලෙස සඳහන් වෙයි.

          මා මේ නගරයේ නොසිටි කාලය තුළ ඔබ විසින් මා වෙත එවන ලද ජූනි 15 දින දරණ ලිපිය පමාවී ලැබුණු නමුත් ඒ ගැන මාහද සතුටින් ඉපිලී යයි. එහ් අන්තර්ගතය සතුරන්ට මැදිව කුමණ හෝ කළ හැකි අනතුරකට මුහුණ පාසිටින පිරිසක් වෙනුවෙන් ඉතා තදින් අවශ්‍ය වන ආරක්ෂාව හා දිරිගන්වන සුළු ප්‍රකාශනයකි. එය අපට නොපෙනෙන එහා කෙළවරේ අපගේ ප්‍රධාන සංගමයට සම්බන්ධ වී සිටින පුරෝගාමී අනුඛන්ඩය කෙරෙහි සංවේදීබව අනුකම්පාව වේගයෙන් ජනිත කරවන්නකි. විශ්වාස වන්ත මිතුර ඔබ විසින් අප වෙත දිගු කළ දෑත් සහෝදරත්වයෙන් හා උණුසුම්ව ග්‍රහණය කර ගත්තෙමි. අපගේ උපදේශක මණ්ඩලයේ සියළු දෙනගේ එකඟත්වයෙන් ඔබ අපගේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ලෙස පත්කරගන්නා අතර ඒ සම්බන්ධ සන්නස් පත මේ සමග එවමි.

       ඔබ සම්බන්ධව යමක් කාරුණිකව මා වෙත ප්‍රකාශ කරයි. එතරම් වටිනාකමක් නැති මා ගැන කරුණු කීපයක් කීමට මට පොඩියකට අවසර දෙන්න. දැනට හතලිස් හයවන වියේ පසුවන මා උපතින් ඇමරිකානුවෙකි. 1635 සිට අපගේ පවුල මෙහි වෙසෙන් අතර 1776 සහ  1812 දී බ්‍රිතාන්‍යට විරුද්ධව යුධ වැදුනෙමි. සැබෑ සහෝදරත්වයෙන් හා මානව දයාවෙන් යුතුව මෙම සංගමයට අඩිතාලම තබන තෙක්ම මා දැඩිමතධාරී දේශමාමකයෙකු වීමි. එහෙත් මා දැන් ඉතා තදින් සිතනුයේ හැම ජාතිකයෙකුම අප එකම පවුලක සහෝදරයන් ලෙසය. බටහිර හොඳින් උගත් ජනයා පෙරදිග මගේ බහුශැත භික්ෂූන් හා සසඳන කළ මෝඩයන් ලෙස පසුවෙයි. මා ඔවුන්ගේ අන්තිමයා වෙමි. ප්‍රඥාව යනු මිනිසා සහ ලෝකය පිළිබඳව වන්නා වූ සැබෑ අවබෝධයයි. මෙය ක්‍රිස්තියානි ලොවට උගත හැකිද.  පිපාසාවෙන් පෙළෙන සිසුවෙකුට මේ ලෝකායත ස්වභාවය නම් කටුවෙන් වැසී ගිය සත්‍යය විශ්ව විද්‍යාලයකින් ආචාර්ය වරයෙකුගෙන් හෝ පොතපතින් ලද හැකියි. පෙරදිග යතිවරු යෝගීන් හා පැවිද්දන් මෙම දිව්‍යමය ඥානය රැකගෙන සිටිනාතර එය මිථ්‍යදෘෂ්ටික රටවල ජනයාගේ පිළිකුලට හා ගැරහීමට පාත්‍රව ඇත. පාරිශුද්ධත්වය බලය ආලෝකය හා පරම සුඛයට මාර්ගය ඇති බව පෙන්වා දිය හැකියි. බටහිර රටවල සිත දූෂ්‍ය කරන දේවධර්මවාදයත් පංචකාමයේ ගැලුණු පූජකයන්ද පූජ්‍ය කටයුතු වලට ආදේශකයක් වන ව්‍යාජ පොත් හුදු ක්‍රියාදාමයකට දායක වන වචන පමණකි. ප්‍රයෝගකාරී කොටස් විසින් ජනතාවට සත්‍ය දැන ගැනීමට ඇති මංවසා ගෙන ඔවුන්ගේ මිථ්‍යා විශ්වාස නමැති අගල් කපා ගෙන සිටී. නමුත් ජනතාවගේ හෘදය සාක්ෂිය හා දෛව්‍ය පාලනය කිරීම නූතන භෞතික විද්‍යාව විසින් බැහැරකර ඇත. ඔවුන්ගේ අධ්‍යත්මික දේ හා ශික්ෂාවන් ඒ සමගම අඳුරෙන් වැසී ගියේය. දස දහස්ගණන් ක්‍රිස්තියානි අනුගාමිකයන් හා ඓතිහාසික බලාපෑම්වල අන්තිම සංඤාවන් ද බොහෝ දුරට මෙලහකටත් අතුගෑවී හමාරය.

        මෙහි පවතින තත්ත්වය මෙලෙසය. ඉදින් අපි කොයිබටද මිනිසාගේ ස්වභාවය හා දෛවය පරීක්ෂා කර බැලීමට අපට පෙළඹවීමක් ලබා ගත හැකිද. අප එය කරමුද. මිෂනාරීන් හා දූෂිත වාග් විද්‍යාඥයින් විසින් ඓතිහාසික ලේඛනයන්හි සදොස් පරිවර්තනයන් අපට ලබා දී ඇත. ඓතිහාසික ශික්ෂාවන් හා සිද්ධාන්ත උගතුන් විසින් වැරදියට සඳහන් කර ඇත. නැතිනම් කොහෙත්ම පෙන්වා නැත.බටහිර ලෝකය ඉන්ද්‍රිය පිනවීම හා අවිද්‍යාවේ මෘගත්වයට ගොදුරුව මිය යමින් සිටිනා බව පෙනෙයි. පියවරුනි සහෝදරයිනි ඔබලා පැමිණ මේ අන්ත්‍රායෙන් ඔවුන් මුදවාගන්න. මිෂනාරීන් ගුරුවරු වාදකරන්නෝ පුරෝගාමියෝ මේ හැමටම පැමිණෙන්න යයි කියමි. වෛරකිරීමට හිතාගෙන සිටින අයද විරුද්ධවන්තයෝ ද වැරදි අරුත් සපයන්නෝ ද අයහපත් ලෙස සැලකුම් ලැබුවෝද පැමිණෙන ලෙසට ආයාචනා කරමි. කිසිවක් බලාපොරොත්තු නොවීම එහෙත් හැමෙකක්ම ඉටුකිරීමට ධාරණය කරගෙනම පැමිණෙන්න. මාගේ සහෝදරය මම ඔබට කියන්නේ ජනතාව ඔවුන්ට දැනුන මෙහොතෙත්මඅසන්නට සූදානම් යන්නයි.

        .සැබවින්ම එහි මිනිසුන්ට බෞද්ධ දර්ශනයෙන් කියැවෙන නිවන් සුවය පිළිබඳව දැන ගැනීමට තිබෙන අවශ්‍යතාව කෙබඳුදැයි යන්න  හිතාගන්නටවත් නොහැකි තරම්ය . යුරෝපයට හෝ ඇමරිකාවට  පැමිණ නැති ඔබ එය නොදන්නෙහිය. වරක් අපට බෙහෝ සබඳකම් ඇති සංස්කාරකවරයක් වන ධනා මහතා කියූ කරුණක් තිබේ. ඔබ හොඳ උගත් යමක් ඒත්තු ගැන්විය හැකි බෞද්ධ යතිවරයෙකු මෙහි කැඳවා ගෙන විත් දේශන පවත්වන්නට කීවොත් ඔහු ඔබගේ දෑස් ඉදිරිපිටම මේ රට අතුගා පිරිසඳු කර දමනු ඇත යන්නයි. විද්‍යාත්මක පුනරුදය නිසා මිනිසුන් තුළ ඇති වී තිබෙන ක්‍රිස්තියානි ආගම් කෙරෙහි වන පිළිකුල හා තම ආත්මයන් සකස් කරගන්නේ කෙසේද යන පැණය ඔවුන්ගේ සිත්තුළ ද පවතී.

        විෂය පතය ගැන මම කතාකලේ ටිකයි. ඒ වාගේම ඒගැන වැඩිපුර ලියැවුනා. නමුත් මා බොහෝ දුරට ඒ ගැන නොදන්නෙක්.අපි සැවොම වාගේ දැනුමැති අය නොවෙයි. ඒ නිසා ගුරුවරයෙකු වීමට මා දිරිමත් වන්නේ නැහැ.එම කුසලතාවය නොමැතිවීමේ වරද දිගටම වැඩෙමින් තිබුණි. ඉදින් මා අන්තිමේදී තීරණය කලා ලංකාවටද අනෙකුත් පෙරදිග රටවලටද ගොස් මේ ගැන අධ්‍යපනය කිරීමට. අපගේ සංගමය ලෝකයේ අනෙකුත් කොටස්වලද ක්‍රමයෙන් වර්ධනව ඇති අතර නොයෙකුත් ඇදිහිලි අනුගමනය කරන අය එහි සිටිති. මට අවශ්‍ය මගේම ලබ්ධිය අදහන අනෙකුත් අයගේ උපකාරය හා උපදේශනය ලබා ගත හැකි පරිදි අපගේ ප්‍රධාන කාර්යාලය ඉතා ඉක්මනින්ම ලොව අනෙකුත් කොටස්වලටද ගෙන යෑමයි. මෙම ලිපියට පිළිතුරු ඒමට පෙරාතුව යම්කිසි බලාපොරොත්තු නොවූ දෙයක් සිදු නොවවහොත් කියූ පරිදි බොම්බායට ඒමට සිතාසිටිමි. ඉදිරියේ දී ලංකාවටද ඒමට බලාපොරොත්තු වන අතර එහිදී අපට මුහුණට මුහුණ ලා අදහස් හුවමාරු කර ගැනීමට හැකිවනු ඇත.

           අපගේ සංගමයේ පදනම වන්නේ සහෝදරත්වය හා මානව දයාව බව මීට ඉහතින් අවධාරණය කර කියා ඇත.  එය බොහෝ විට පොදු සතුරා වන ක්‍රිස්තු ධර්මයට එදිරි සංවිධානයක් බව කිව යුතු වෙයි.අපට යුදෙව් ආගම අදහන්නන් හේතු ධර්මවාදන් විඥානවාදීන් පර්සි ජාතිකයන් බෞද්ධයන්  තිබ්බතයන් බ්‍රාහ්මණ හා ජෛන ආගමිකයන්ද සිටිති. තවද නොයෙකුත් නිකායනට බෙදුනු නාමික ක්‍රිස්තියානින් වන තවද කිසිවක් නොමැති මුත් තම පැරණි ආගමික දාසබවෙන් මිදීමට තරම් ධෛර්යක් නොමැති අයද වෙති. අවස්ථාවෝචිත පරිදි මේ කණ්ඩායම් කොටස්වලට බෙදා මව් සංගමයට යා කොට ඇත.  එය ප්‍රන්සයේ විවිධවූ විද්‍යාස්ථානයන් ගේ එකතුවක් ලෙස විශ්ව විද්‍යාල සුසැදී ඇති ආකාරයට සමාන වෙයි. බාල වයස්කාරයන් හික්මීම සඳහා පණ්ඩිත් දායානන්ද් සරස්වතී ස්වාමීන් ගේ ආර්ය සමාජ නම සංගමය සමගද කිට්ටු  සබඳතායක් ඇත.

    පූජනීය සත්‍ය වසා ගත් ව්‍යාජ හා දුෂඨ දෘෂ්ඨිවදයන් අතුගා දමා සුපිරිසිදු ආර්ය දර්ශනය පෙර ස්වභාවයට නැවත ගෙන ඒමට කෙතරම් වෙහෙසක් දැරුවාද යන්න මා ඔබට විස්තර කිරීමට අවශ්‍ය නැත. මගේ මුල් ලිපියෙන් එය ඔබට ලැබෙන්නට ඇතැයි සිතමි. පරම විඥානාර්ථ සංගමයේ නායකයන් වන අපි ශාක්‍ය මනින්ද්‍රයන් වහන්සේ  විසින් දේශිත තේරුම් ගැනීමට දුෂ්කර මූල ධර්මයන් අඩංගු දිව්‍යමය දර්ශනය අදහහන්නෝ වෙමු. සෑම මිනිසෙකු විසින්ම විසිරුවා හැරිය යුතු මේ සත්‍යයේ ආලෝකය ඔවුන් තුළ ඇති බව අපි දනිමු. එය සියළු මිනසුන්ගේ ඇදහිලි වල දැකිය හැකි පොදු පසුබිමක රැඳුනා වූ සත්‍යයේ කොටසකි. අපි ක්‍රිස්තියානීන්ට විරුද්ධ සංගමයක් නම් එසේ වන්නේ එම ඇදහිලි කෘර හා හිංසා කාරී වූ ද මිනිසා ගේ යහ කැමැත්තට එදිරි වූවක් නිසාය.  බුදුන්ගේ දිව්‍යමය ප්‍රඥප්තියක් වන්නේ අන් සමයන්ද තමන්ගේ සමය එකම සමය ලෙස පිළිගැනීමයි.එහෙත් ඔවුහු තම සමය අනෙක්වාට වඩා ඉහළින් තබා ඒවා තමා යටතට ගෙන ගරහමින් මුළු පෘතුවියම දූෂිතභාවයට පත්කර ඇත. ක්‍රිස්තියානීන් ගේ මේ ස්වභාවය හඳුනාගනිමින් අපගේ තරුණ සංගමය විසින් එළිපිටම අභියෝගගාත්මකව ඔවුන්ගේ මුහුණටම ඔවුන්ගේ ඇදහිලි වල ඇති ව්‍යාජ ස්වභාවයද බයිබබලය හා ගැලවුම් කරු අතර කිසිදු සබඳතාවයක් නොමැති බවද මිථ්‍යා දෘෂ්ඨියක් බවද ප්‍රසිද්ධියේ පුකාශ කර ඇත්තෙමු.

           කර්නල් ඔල්කට් ගේ මේ ලිපිය කියවන කල්හි කාරණා කීපයක් ප්‍රත්‍යක්ෂ වෙයි. එකක් නම් ඔහු ක්‍රිස්තියානි ආගමට විරුද්ධ වූයේ ඇයිද යන්නයි. යුරොපයේ ඇතිවූ විද්‍යා පුනරුදය මගින් ඇති කළ ආලෝකය මත තම ලබ්ධිය පිළබද විශ්වාසය ගිලිහීම එහි අංක එකට ගත හැකිය. ඔල්කට් තුමා ලෝකයේ සියළුම ආගම් වගින් කියවෙන්නේ එක සත්‍යයක් ලෙස විශ්වාස කරන්නෙකුව සිට ඇත. නමුත් පාණදුරා වාදයෙන් ඇති වූ ප්‍රබෝධය නිසා අළුත් යමක් දැන ගැනීමේ ආශාවෙන් මඩනා ලද සිත් ඇති ව ඔහු ලංකාවට පැමිණීමට අදහස් කර ඇත. ඔල්කට් තුමා 1880 මැයි 19  දින ගාලු වරායෙන් ලංකාවට පැමිණියේ බලැවැට්ස්කි මැතිණියද සමගින්ය. මෙහිදී පොරොත්තුව සිටි අති පූජ්‍ය බුලත්ගම ධර්මාලංකාර සිරි සුමනතිස්ස නායක හිමියන් පූජ්‍ය වැලිගම සුමංගල නා හිමියන් සහ දොඩන්දූවේ පියරතන තිස්ස නා හිමියන් තුන් පළ එතුමාට ආශිර්වාද කොට පිළිගෙන ගාල්ලේ දොන් දානියෙල් පිලිප් විජේරත්න මහතාගේ අභිනව ගෘහයට කැඳවා ගෙන ගොස් තිසරණ සහිත පංචශිලයෙහි පිහිටවූහ. මැයි 26 වන දින ඔල්කට් තුමා ඇතුළු පිරිස දොඩන්දූවට පැමිණි අතර එහිදී සවස හතරට පමණ අධික වර්ෂාව නොතකා රැඳී උන් පිරිසට දේශානාවක් කරමින් බුදුරජානන් වහන්සේ ගේ උත්තම භාවයත් මිථ්‍යාආගම් ඇදහීමෙන් වන විපත්තියත් තේරුම් කර දුන් බව සඳහන්ය. මේ පිළිබඳව විස්තර දොඩන්දූවේ ධරමසේන අපවත්වී වදාල නායක හිමියන් ගේ ගේ ලේඛන අතර තැන්පත් තිබුණි.

                         පියරත්න තිස්ස නායක හිමියන් ගේ මග පෙන්වීම යටතේ ඔල්කට් තුමා විසින්  1881 දී පාසල් අරමුදලක් ඇති කරන ලදී. ඉන්පසු රට පුරාම බෞද්ධ පාසල් පිහිටුවීම ආරම්භ කොට පවත්වාගෙන එන ලදී. කලක් ගිය පසු පියරත්න තිස්ස නායක හිමියන් විසින්ආරම්භ කරන ලද මුල්ම පාඨශාලා දෙකද බෞද්ධ පරම විඥානාර්ථ සමාගමට භාර දුන් බව සඳහන්ය.යුරෝපයේ එකල සමානාය ජනතාවට පාසල් නොවීය. විද්‍යා පුනරුදයත් සමග ඇති වූ කම්හල් සහ පතල් වල වැඩට යොදා තිබූ බාල දරුවන් නොහික්මුණු හිතුවක්කාර පිරිසක් විය. ඔවුන්ගේ දැඩි ගති හික්මවීමට නොහැකි තරම් වූයේ ඉරිදා දිනයටයි. ඒ  නිවාඩු දිනය බැවිනි. මෙයට පිළයමක් වශයෙන් ක්‍රිස්තියානි පල්ලිය විසින් ඉරිදා පාසල් ආරම්භ කරන ලදී. නමුත් ලංකාවේ තත්ත්වය එය නොවීය. කුමන කරාතිරමේ පුද්ගලයෙකුට වුවද මළ පතේ අකුරක් කියවීමට හැකි වන පරිදි අකුරු ශාස්ත්‍රය ඉගැන්වීම කරන ලදී. ඔවුන්ගේ එදිනෙදා විද්‍යා දැනුම ලබා ගත්තේ සොබා දහමෙනි. විද්‍යාදැනුම හික්මවන ලද්දේ දහම් කරුණු කියා දීමෙනි. එය නිතිපතා සිදු වූ දෙයකි. තවත් විශේෂ දෙයක් එහි විය.වැඩිහිටියෙක් බවට පත් වීමේ දී හමුදාවට සහ ආරක්ෂක සේවයට බැඳිය යුතු බැවින් සටන් ශිල්පය හා ව්‍යායාම් අනිවාර්යෙන් උගත යුතු විය. මේ තත්ත්වය වටහා නොගත් ක්‍රිස්තියානු පූජක වරු ළමුන් ගේ ව්‍යායාම් ගැන වාර්තා කරති. මෙවැනි පන්සල් පාසල් 6000 ක් පමණ තිබූ බව කෝල්බෘක් කෙමිසම වාර්තා කර ඇත. කෙසේ වුවත්1869 දී පිහිටවූ බෞද්ධ පාසල් වල නොතිබුණේ මෙම ව්‍යායාම් නොහොත් සටන් පුහුණුව පමණකි. එය එකළ තහනම් දෙයක් විය.

        නොහික්මුණු දරුවන් යහමගට ගැනීමට යුරෝපයෙන් දුන් ආදර්ශය සහ ඉන්දියාවේ ආර්ය සමාජ ආදර්ශය ගුරු කොට දහම් පාසල් ඇති කිරීම ඔල්කට් තුමා අනුමත කල දෙයක් විය.ලංකාවේ බෞද්ධ පරම විඥානාර්ථ සමාගම 1881 දී  ප්‍රථමයෙන්ම කලේ මෙලෙස ඉරිදා පාසල් පිහිටුවීමයි.1886 දී කොළඹ පිටකොටුවේ බෞද්ධ ඉංග්‍රීසි පාසල ඉරදා පාසලිකි.සී.ඩබ්. ලේඩ් බීටර්  එහි ප්‍රථම විදුහල්පති විය. පසුව එය ප්‍රසිද්ධ ආනන්ද විද්‍යාලය බවට පත් විය.කෙසේ වෙතත් බෞද්ධ දරුවෙකු සමාජයට මුදා හරින්නේ කෙසේද යන්න වටහා නොගැනීම හේතුවෙන් 1880 න් පසුව බිහිවූ පාඨශාලා සියල්ල මගින් ඉටු කෙරුණේ බටහිරයන්ට අවශ්‍ය ලෙස සිංහල මොළ සේදීම  පමණකි. යුරෝපයේ විද්‍යා පුනරුදය ලංකාවට ආදේශ කොට ක්‍රිස්තියානීන්ට නාමිකව විරුද්ධ වන පිරිසක් බිහිකොට සියළු ආගම් සම තත්ත්වයේ සලකන මානවයෙක් බිහි කිරීමේ ඔල්කට් අදිටන ලංකාවේ දී සාර්ථක වූ බව පමණක් අවසානයේ දී ලියා තැබිය යුතුය.නිදහස් අධ්‍යාපන ක්‍රමය මගින් රට පුරා ප්‍රචලිත කරන ලද්දේද 1962 වර්ෂයේ දී ඒවා  රජයේ අධ්‍යාපන ක්‍රමයක් ලෙසට තහවුරු කරන ලද්දේද කිසිම විචාරයකින් තොරවයි.ඒ මගින් අපට අතීතයෙන් උරුම වූ බෞද්ධ අධ්‍යපන ක්‍රමවේදය අහිමි විය.

Friday, October 3, 2014

පාප්ගේ වරම් මත ජුසේ වාස් පැළකිරීම නිසා රට දෙකඩ වෙයිද


                           

                    දාහත්වන සියවසේ දී ලංකාවට පැමිණි මිෂනාරියෙකු පමණක් නොව ඔත්තුකරුවෙකු ලෙසටද හඳුන්වාලිය හැකි ජුසේ වාස් පියතුමා මරණයට පත් වූයේ 1710 වසරේ ජනවාරි මස දාසයවනදාය.උපතින් කොන්ගානි බ්‍රාහ්මණයෙක් වූ ඔහු එක් අතකින් මායාකාරයෙක් ලෙසින්ද ප්‍රකටය. ඊට හේතුව බ්‍රාහ්මණ වංශිකයෙක් ලෙසට උපතින් ලැබූ තන්ත්‍ර මන්ත්‍ර දැනුමයි. ක්‍රිස්ටෝපර් වාස් සහ මාරි මිරැන්ඩෝ ගේ පුත්‍රයා වූ ජුසේ වාස් සිය තරුණ වියේ දීම පූජකවරය ලබා ඔරතේරියානු නිකායේ නායකයෙකු විය. එකල ඉන්දියාවේ පැවති මුස්ලිම් ආක්‍රමණයන් හමුවේ සිය මිෂනාරි කටයුතු සාර්ථක ලෙස කරගෙන යෑමේ අපහසුතාවය මත ජුසේ වාස් ලංකාවට පැනගත්තේය. එහෙත් ඕලන්ද රෙපරමාදු සභාවේ බලපෑම මත කතෝලිකයන්ට දැඩි පීඩනයක් එල්ල වී තිබූ සමයක් බැවින් ලංකාවට පැමිණීමත් සැරි සැරීමත් බලගතු අභියෝගයක්ම විය. එහෙත් දක්ෂ මන්ත්‍රකාරයෙක් වූ ජුසේ වාස් හිඟන වෙස් ගෙන1687 වර්ෂයේ දී මන්නාරමට ගොඩබැස යාපනය දක්වාපැමිණියේය. පෘතුගීසි සමයේදී මිෂනාරීන් ගේ ප්‍රධාන තිප්පළක් වූ යාපනය තුළ සිය පදනම සකසා ගැනීම වඩාත් යෝග්‍ය බව වටහා ගත් ඔහු රෙපරමාදු බලාපෑම මත පීඩනයට පත්ව සිටි කතෝලිකයන් ඉන් ගලවා ගැනීම් පිණිස රහසේ සංවිධාන කටයුතු ආරම්භ කිරීමට උත්සාහ දැරීය.

          මේ පුද්ගලයාගේ පැමිණීම පිළිබඳව ඉව වැටුණු ලන්දේසි ආණ්ඩුකාර වෑන් රීඩ් ඔහු අත් අඩංගුවට පත් කර ගැනීමට හදිසි වටලෑම් කීපයක්ම සිදු කිරිමට අණ කලේය. එහෙත් ඔහුගේ දක්ෂතාවය මත ඒ සැම තැනකින්ම බේරී පළා යන්නට හැකි විය. වසර තුනක් තිස්සේ රහසේ ගම් දනව් වල ඇවිද යමින් කතෝලිකයන් සංවිධානය කළ හෙතෙම සිය අවසාන අරමුණ වන උඩරට රාජධානිය වෙත යෑමේ අභිප්‍රායෙන් පුත්තලමට පැමිණියේය. දෙවනි රාජසිංහයන්ගේ ඇවෑමෙන්  මේ වන විට රජු බවට පත්ව සිටියේ දෙවනි විමලධර්ම සූරියයි. ඔහු ඉතා දුර්වල පාලකයෙක් වූවා සේම මිෂනාරීගේ හිතවතෙකු විය. කල් යල් බලමින් සිටි ජුසේ වාස් පුත්තලම හරහා1691 වර්ෂයේ දී මහනුවර රාජධානියට සේන්දු විය. එහෙත් ඕලන්දයන්ගේ ඔත්තු කරුවෙක් ලෙසට එහිදී ඔහු අත්අඩංගුවට පත් විය . වසර දෙකහමාරක් තිස්සේ සිරගතව සිටි ජුසේ වාස් සිය කපටි ඥානය මෙහෙයවා තාපසයෙක් ලෙසට හැඟවීම පිණිස සිරමැදිරියේදී භාවනාවෙන් ගත කළේය. කල් යත්ම රජුට මේ හැසිරීම ආරංචි විය.මිෂනාරීන්ට හිතවත් ඇමතිවරයෙක් මේ වන විට දැන හඳුනාගෙන සිටි බැවින් රජු ගේ හිත වෙනස් කිරීමට ද පහසු විය. එම නිසා අවසානයේ සිර ගෙයින් මුදවා නිදහස ලබා දීමට රජු එකඟ විය. මේ කාලයේ උඩරට පළාත් වල දැඩි නියඟයක් ඇති විය. ජුසේ වාස් මහජනතාව ඉදිරියේ සිය මයා දර්ශන පෙන්වමින් වැසි වස්සවා පුදුමයට පත් කලේය. මේ බැව් ආරංචි වූ රජු ඔහුට පල්ලියක් සාදා ගැනීමටද අවසර ලබා දී රාජධානියේ කැමති තැනකට යෑම් ඊම් කිරීමටද නිදහස ලබා දුන්නේය.

                 එතැන් සිට සිය මිෂනාරි සේවය ආරම්භ කළ ජුසේ වාස් වරක් හිඟන්නෙකු ලෙසද වරක් ලන්දේසි හමුදාවේ ලන්ස දරන්නකු ලෙසද තවත් වරක් කුල කාන්තාවන්ගේ අන්තේවාසිකයෙකු ලෙසද කත් කාරයෙකු ලෙසද වෙස් වලාගෙන ජනතාව වෙත සිය ආගමේ පණිවුඩය ලබා දෙමින් සැරි සැරීය. එවකට මහනුවර රාජධානිය තුළ සිටි කතෝලිකයන් පමණක් නොව දුප්පත් ගැමි ජනතාවද වෙසසින්ම හීන කුල වල වැසියන්ද ආගමට හරවා ගනිමින් සැරි සැරීය.මේ කාලයේ දි මහනුවර වසූරි වසංගතයකින් ඇළලී ගියේය. වංශාධිපතියන් ජනතාව මග හැර යද්දී ජුසේ වාස් ගම් දනව් වල සැරි සරමින් රෝගීන්ට සාත්තු කරමින් ඔවුන්ගේ හිත් ගන්නට කළ වෑයම ඔහුගේ මිෂනාරි කටයුතු වලට ඉතාමත් වැදගත් විය. දැන් රජු ගේ හිතවත් කම ඔහුට නිරන්තරයෙන් ලැබේ. ඒ නිසා මහනුවරින් පිටත රජුගේ අණසක පැවති දකුණු දිග බලා යමින් එහි සිටි කතෝලිකයන් රහසේ සංවිධානය කිරීමට ඔහුට වරම් ලැබුණේය. මේ අතර වාරයේ රටේ තත්ත්වය ගැන නිරන්තරයෙන්ම වාර්තා සකසමින් ගෝවට පණිවුඩ පිටත් කිරීමට ද ඔහු අමතක නොකළේය.මේ කාලයේ දී ඔහුගේ සහායට මෙනසීස් කාර්වල්ලි හා ගොන්සාල්වේස් නම් පූජකවරුන් ගෙන්වා ගැනීමට ඔහු අමතක නොකලේ රජු ගේ සහාය බෞද්ධයන්ට වඩා කතෝලිකයන් ගේ පැත්තට යොමුව තිබූ බැවිනි. වරක් කර්වල්ලි පියතුමා රෝගී වූ විට රජු සිය රාජකීය වෛද්‍යවරයා පවා යැවීමට කටයුතු කලේ මේ සමීප සබඳතාවය නිසාවෙනි.ජුසේ වාස් මෙයින් අදහස් කලේ උඩරට රජු කතෝලික ආගමට හරවා ගෙන ඕලන්දයන්ට විරුද්ධව මෙහෙයවීම බව නිසැකය. විමලධර්මසූරිය රජුගේ අවෑමෙන් නරේන්ද්‍රසිංහ රජු බලයට පත්ව සිටි කාලය මේ මිෂනාරින් ගේ ස්වර්ණමය අවදිය විය.පළමු කී කාර්වල්ලි පියතුමා අසනීපව මිය යෑමෙන් පසුව මෘත ශරීරය පල්ලියේ වත්තේම වලදෑමීට රජු අවසර ලබා දුන්නේය.  කිසිවෙකු ගේ මලසිරුරක් මෙතෙක් මහනුවර නගරයේ වළ ලෑමට නොතිබූ අවසරයක් පවා මේ පිරිසට ලැබුණේ බුද්ධ ශසනයේ පාරිහානිය ඉතා උච්චතම අවස්ථාවට පත්ව තිබූ බැවිනි.

            නරේන්ද්‍රසිංහ රජු සෙල්ලක්කාරයෙක් විය. බෞද්ධ  භික්ෂූන් ට වඩා මේ මිෂනාරීන්ට හිතවත් කමක් දැක්වූ ඔහු හඟුරන්කෙත මාළිගයේ වාසය කරන සමයේ දී ජුසේ වාස් හඟුරන්කෙතට කැඳවා මාළිගය අසලින්ම තබා ගැන්මට පවා උත්සාහ දැරීය. එසේම නිරන්තරයෙන් මේ පූජක වරුන් හා කැල්වින් පූජකවරුන් රජ සභයට කැඳවා ඔවුන් අතර විවාද පවත්වා කතෝලික පක්ෂය ජය ලැබීම සිදු වන විට ඊට සහාය පළ කරමින් සතුට පළ කළ බව පැවසේ. ජුසේ වාස් සිය බ්‍රාහ්මණ මූලය පදනම් කරගනිමින් මායා කරුවෙකු ලෙසට පමණක් නොව ස්ත්‍රීන්ට දරු සම්පත් ලබා දෙන වඳ ස්ත්‍රීන්ට දෙවියන්ගේ වරමින් දරු ගැබ් ඇති කරන විස්මිත පුද්ගලයෙක් ලෙසට ද මේ කාලයේ ප්‍රසිද්ධ විය. 1710 වසරේ දී සිය අවසන් ලිපිය ගෝවට යොමු කරමින් ප්‍රකාශ කර සිටියේ සිය දූත කාර්යය ඉතා සාර්ථක බවයි.1705 වර්ෂයේ දී ජුසේ වාස් ගේ ඇරයුමින් මෙහි පැමුණු ගොන්සාල්වේස් නම් පූජකවරයා ජුසේ වාස් ගේ කටයුතු ඉදිරියට ගෙන යමින් බුදුදහමට විරුද්ධව පොත්  පවා රචනා කරන්නට විය. දේව වේද පුරාණය දේව නීති විසර්ජනය වේදකාව්‍යය ඔහු විසින් රචනා කරන ලද පොත් පත් වෙයි.  නරේන්ද්‍රසිංහ රජුගේ කාලයේදී උභය විහාරයේ විරෝධතාවය වැලිවිට හිමියන්ට එල්ල විය.එයට හේතුව වැලිවිට සිල්වත්සමාගම යනුවෙන් ප්‍රසිද්ධ වූ කණ්ඩායම මහා විහාරයට ගරු සරු නොදැක්වීමයි. මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් ගොන්සාල්වේස්  කොළඹ ප්‍රධාන කතෝලික දේවගැති හා රහසේ මන්ත්‍රණය කොට වැලිවිට හිමියන්  ඝාතනය කරලීම සඳහා කාපිරි මිනිසුන් කීප දෙනෙකු නුවරට ගෙන්වා ගත්තේය. මේ පුවත මන්දාරම් පුර පුවතේ සඳහන් වන්නේ මෙසේය.

උඩරට යුව රජ මැතිගණ නිතින -        සිය නෙත විලස ගුරුකොට අදරින රකින

සරණංකර බිදන් හෙරණිඳු ගුණ නදන-    වසදී නසනු වස් යෙදි කාපිරි        දුදන

දෙව් ගැතිගෙන් මහත් අල්ලස් ලබා ගෙන- සරණංකර හෙරණිඳු මරණ ලෙසින

විස දීමට ආමුයි උන් කී බැවින -          පසු දින යැවූ නරනිඳු වෙත උන් සදෙන

.

         ජුසේ වාස් මියගොස් 2015 වසරට වසර තුන්සිය පහක් ගතවේ. උපතින්ම කොන්ගානි වංශිකයෙක් වූ ජුසේ වාස් යාපන කතෝලිකයන්ට මෙන්ම දකුණු මුහුදුබඩ තීරයේ කතෝලිකයන්ටද ගැලවුම්කාරයෙකි. ඊට හේතුව රෙපරමාදු පීඩනයෙන් ජනතාව ලවා ගැනීමට ක්‍රියාකළ තැනැත්තෙකු නිසාය. නමුත් කතෝලික මිෂනාරි සේවයේ ව්‍යප්තිය වෙනුවෙන් ඔහු ඉටු කළ සේවයද මෙහිදී සැලකිල්ලට ගැනේ. යාපනය මන්නාරම ආදී පෙදෙස් වල කතෝලික ආගම පවත්වා ගෙන යෑමට ජුසේවාස් දැමූ අඩිතාලම නිසා දෙමළ කතෝලිකයන්ට රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු පවා හිමි වුණි.ඊලාම් රාජ්‍යය  පිලිබඳ සංකල්පය දෙමල ජාතිවාදීන්ගේ  නිර්මාණයක් වුවද එය සාර්ථක කරලීමට පසුබිම සකස් කරන ලද්දේ ද්‍රවිඩ පූජකවරුන්ය. උතුරු පළාත කතෝලික සේවා දයක රාජ්‍යයක් කරගැනීමේ පිපසාවෙන් පෙළුණු ඔවුහු ප්‍රභාකරන් ලවා එය ඉටු කරගැනීමට මාන බැලූහ.එය සාර්ථක නුවූ තැන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පෙත්සම් ඉදිරිපත් කරමින් රාජද්‍රෝහී කුමන්ත්‍රණ වල යෙදුණහ. යුද්ධය හමාර වූවායින් පසු උතුරේ පදිංචි වීමට රිසි සේ සිංහලයන්ට ඉඩ නොදීමත් ජාත්‍යන්තර බලවේග හමුවේ මහින්ද රාජපක්ෂ රජය කතෝලිකයන්ට මෙන්ම අන්‍යගමිකයන්ට පක්ෂපාති වීමත් නිසා රායප්පු ජෝශප් වැනි පූජකයන් පෙරටුකර සිය අතීත අරමුණු ඉටු කරගැනීම මේ බෙදුම්වාදීන් ගේ අරමුණයි. පාප්තුමා ලංකාවට පැමිණෙන්නේ මේ සැලසුමේ පළමු අදියර තහවුරු කලීමටයි. ජුසේ වාස් නම්  ඔත්තුකරුවා භාග්‍යවත් නමින් සාන්තුවරයෙකු ලෙසට නම් කිරීම ඔහු මිය ගිය ජනවාරි මස 16 වන දා අසන්නයේ සිදු කරලීමට ලක් රජයේ පූර්ණ අනුග්‍රහය ලැබීමත් එහි දේව මෙහෙය ගාලු මුවදොර පැවැත්වීමට අවසර ලබා දීමත් තුළින් ගම්‍ය වන්නේ  උතුරු නැගෙනහිර පෙදෙස් වල ද්‍රවිඩයන්ගේ ආකර්ශණය ජුසේ වාස් වෙත යොමු කර ගැනීමත් ඒ මගින් කතෝලික සභාවේ බලය වැඩිකර ගැනීමත් යන කරුණුය. නරේන්ද්‍රසිංහ ගෙන් පසුව  සිංහල බෞද්ධයන් පාවා දීමට මතුව සිටින්නේ මහින්ද රාජපක්ෂ රජයයි.ඔවුන්ගේ එකම අරමුණ ඉදිරි මැතිවරණයේ දී කතෝලික ඡන්ද ප්‍රමාණය ලබා ගැනීම පමණකි. කතෝලික සභාවේ උගුලකට අසුව සිටින බව  ඔවුන් නොදනී. මෙයින් සිදු වන්නේ රට දෙකඩ කර ගැනීමට අවශ්‍ය පසුබිම සැකසීම පමණකි.

Monday, September 8, 2014

බුද්ධ ශාසන පණත් මගින් සිදු වන්නේ කුමක්ද


                                
              වසර තිහක් පමණ කාලයක් ලංකාවේ ජනී ජනයා භීතියට පත් කළ කොටි කැරැල්ල ත‍්‍රස්තවාදයක් ලෙසට හැදින්වීම අදට කොතෙක් දුරට උචිත දැයි සිතා බැලිය යුතු කාලය එළඹ තිබේ. මේ සටන මගින් රට දෙකඩ කීරීමටත් බටහිරට හිතැති ක‍්‍රිස්තියානි සේවාදායක රාජ්‍යක් බිහි කිරීමටත් ඇමරිකාව එංගලන්තය ප‍්‍රමුඛ රට වලට තිබූ වුවමනාව මෙහිදී සැලකිල්ලට ගත යුතුය. ඒ අනුව මේ යුද්ධය ඉතිහාසයේ සිදුවූ සතුරු ආක‍්‍රමණ සේම ලංකාවේ ස්වාධීනත්වය නැති කරලීමට දියත් කරවූවක් බව පැහැදිවම තේරුම් ගත යුතුය.

         අනුරාධපුර යුගයේ දුටු ගැමුණු එළාර යුද්ධය මෙන්ම මෙම සතුරු ආක‍්‍රමණය ද බිහිසුණු විය. මානවම්ම පළමුවැනි විජයබාහු යුග වලදී පළමුවැනි පරාක‍්‍රමබාහු දෙවැනි පරාක‍්‍රමබාහු යුග වලදී ද මෙලෙසම රට එක සේසත් වූ ආකාරය තේරුම් ගත හැකිය.  දුටු ගැමුණු රජුගේ එකම පරමාර්ථය වූයේ විදෙස් සතුරා නසා ශාසනය බැබලවීමයි. පොළොන්නරු දඹදෙණි යුගවලදී කළ ශාසනික කතිකාවක් වලින් පැහැදිළිව පෙනෙන්නේ බුද්ධ ශාසනය නැන්වීම රජුගේ ප‍්‍රමුඛ කාර්යය වී තිබූ බවයි. පළමුවැනි විමලධර්ම සූරිය රජු පවා තමන්ගේ කෙටි රාජ්‍ය කාලය තුලදී උපසම්පදාව නැවත ඇති කරන්නට ගත් උත්සාහය වෙසෙසින්ම කැපී පෙනේ.

          අනුරාධපුරයේ රජ කළ විශිෂ්ඨ ගණයේ නරපතියෙකු වූ පස්වන කසුප් රජුගේ පුවරු ලිපියට අනුව ඔහු කෙත් කම් සුලභ කොට සසුන් කොඩිය එසවූයේ එය තම ප‍්‍රමුඛ කාර්යය ලෙසට සැලකීමෙනි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිවු වැදෑරුම් පිරිස ඇතුලත් මේ බුද්ධ ශාසනය නැන්වීමට පුරාණ රජ දරුවන් නොකළ දෙයක් නැත. රට එක සේසත් කළ සයවන පරාක‍්‍රමබාහු රජු උතුර ජයග‍්‍රහණයෙන් පසු එම ජයග‍්‍රහණය සිහිවීමට විජයාරාමය නම් අගනා විහාර මන්දිරයක් ද ස්ථූපයක් ද කරවූයේ සතුරු ආක‍්‍රමණිකයින්ගේ මුඛ්‍ය තම අරමුණ වූයේ බුදු සසුන විනාශ කිරීම යයි සැලකූ බැවිනි.

      වත්මනෙහි සිදුවු කොටි ආක‍්‍රමණය ඉතිහාසයේ නොවූ විරූ තරම් බිහිසුණු යුද්ධයක් බවට පත් වූයේ එය ලෝකයේ පවතින නවීන අවි ආයුධ පරිහරණයේ ද උච්චතම අවස්ථාවක් වූ බැවිනි.මේ බිහිසුණු ස්වරූපය නිසාම රාජ්‍ය පාලකයන් මතවාදීව පවා බිඳ වැටී රට දෙකඩ කිරීමට ගිවිසුම් අත්සන් කළහ. නමුත් ජාතියේ වාසනා ගුණය නැවත ඉස්මතු විය .රට පුරාවට බෝධි පූජා පවත්වමින් බණ භාවනා කිරීමෙන් සත්‍යග‍්‍රහ කිරීමෙන් මේ වාසනා ගුණය ඉස්මතු වූ බව නොරහසකි. වත්මන් ජනාධිපතිවරයා ඇතුළු ත‍්‍රිවිධ හමුදාවට සිය ප‍්‍රයාමයන් සාර්ථක කර ගැනීමට මේ සියළු සද් කාර්යයන් ගේ පිහිටාධාරය ලැබුණු බව පිළිගත යුතුය.  මේ කුරිරු යුද්ධය අවසන් වී දැන් වසර කීපයක් ගතව ඇත. පෙර රජ දරුවන් ගත් මග යමින් මේ රජයද සසුන් කොඩි ඔසවා කෙත් කම් සුලභ කරන්නේ යයි යම්බලාපොරොත්තුවක් මෙරට ජාතික බලවේග කෙරෙහි විය. දීර්ඝ කාලයක් තිස්සේ යුරෝපීය පර සතුරන්ට යටත්ව සිට ලැබූ පීඩනයෙන් නිදහස් වීමේ වුවමනාවක් ද බොහෝ පිරිසකගේ යටි සිතේ තිබෙන්නට ඇති බව නිසැකය.

            යුද්ධ ජයග‍්‍රහණය සමරා පළාත් නවයේ සිහිවටන ස්ථූප නවයක් ඉදිකිරීම රජයේ පළමු පියවර ලෙස ට ඉදිරියට පැමිණීම සිංහල බෞද්ධ ජනතාවගේ සැනසිල්ලට හේතු විය. ඒ පියවර ඉතිහාසයෙන් ගත් ආදර්ශයක් විය. නමුත් මේ වන විට මෙකී වෑයම සහ වුවමනාව ක‍්‍රමයෙන් අඩපණව  තිබේ. ඇතැම් ස්ථානයන්හි මේ සදහා මුල් ගල් තැබුවද ඒවායේ වැඩ නිම කරන සෙයක් පෙනෙන්නට නැත. 2011 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් අරමුණු කරගත් විශාල වැඩ කොටසක් ද මේ අතර තිබෙන බව පිළිවෙතින් පෙළගැසෙමු යයි මුද්‍රණය කළ පොත් පිංචේ සදහන්ව තබුණි. ආගමික කටයුකු අමාත්‍යංශයේ නම පවා වෙනස් කොට බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය යන නාමය නැවත යොදන ලද්දේ ඒ අරමුණින් විය යුතුය.   නමුත් මේ සියළු යහපත් වැඩ අතරමග නැවතී තිබේ. පෙර රජ දරුවන් ගත් මග වත්මන් රජයට ක‍්‍රමයෙන් අමතකව යමින් ඇත. ඒ වෙනුවට ඔවුන්ගේ මුඛ්‍ය පරමාර්ථය බවට පත්ව තිබෙන්නේ සර්ව ආගමික සහජීවනයයි. ඒ යටතේ 2010 වර්ශයේ පමණක් හින්දු කෝවිල් සංවර්ධනයට ලක්ෂ 181 ක් ද ක‍්‍රිස්තියානි දේවස්ථාන සංවර්ධනයට ලක්ෂ 21 ක්ද ඉස්ලාම් දේවස්ථාන සංවර්ධනයට ලක්ෂ 40 ක්ද බෞද්ධ සිදධස්ථාන සදහා ලක්ෂ 85 ක්ද ලබා දී ඇත. ඒ අතරම සියලුම ආගම් එක සමාන කොට සැලකිය යුතු යයි යන යටත් විජිත මතය නැවතත් රජයේ ආගමික ප‍්‍රතිපත්තිය බවට පත්ව තිබේ. එහෙත් අන්‍යාගමිකයන් සදහා වැඩි වරප‍්‍රසාදයක් විවෘතවම ලබා දෙන ආකාරය ඉහත කී මුදල් ප‍්‍රතිපාදන වෙන්කිරීමේ ක‍්‍රමය තුළම තිබෙන බව පැහැදිලි වේ.

            බුද්ධ ශාසනය නැන්වීම සදහා නීති කෙටුම්පත් පහක් ඉදිරිපත් කීරීමට සූදානම් බව බුද්ධ ශාසන ඇමති වත්මන් අගමැති වරයා පවසන අතර සර්ව ආගමික මධ්‍යස්ථාන සංවර්ධනය කිරීමේ වැඩමුලු පවත්වමින් රටපුරා යන එන ගමනේ දී එම කෙටුම්පත් වලට එකඟතාවය ලබා ගැනීමේ උත්සාහයක්ද පවතින බව පෙනී යයි. නමුත් ත්‍රෛනිකායික නායක ස්වාමීන් වහන්සේලා ඇරුණු කොට මෙම කෙටුම්පත් දැක තිබෙන්නේ සීමිත භික්ෂූන් වහන්සේලා පිරිසක් පමණි. මෙම කෙටුම්පත් වලින් කීපයක් මීට කලකට ඉහත බෞද්ධ සංවිධාන විසින් සකස් කර ඇති බව දැන ගන්නට ඇත. බුද්ධ ශාසන කෙටුම්පත එයින් මූලික වෙයි. උත්තරීතර සංඝ සභා පණත ද අන්‍යගමීකරණ පණත ද එසේම වෙයි. කතිකාවත් ලියා පදිංචි කිරීමේ පණත විහාර ගම් දේවාල ගම් සංශෝධන පණත සහ බෞද්ධ අරමුදල් පණත අනෙක් පණත් අතර වෙති.

     බුද්ධශාසන පණතේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ නවවන වගන්තියෙන් සහතික වී ඇති අරමුණ බල ගැන්වීම යයි දක්වා තිබේ. නමුත් එය විමර්ශනය කරන කල්හි එය අවසාන වශයෙන් ශාසනයේ දියුණුවට උපකාරී වන නීති කෙටුම්පතක් දැයි සැක සිතේ. පණතේ තුන්වන කොටස මේ සඳහා උදාහරණ වශයෙන් දැක්විය හැකිය. එහි 1 ආ වගන්තිය 10 වගන්තිය 14 වගන්තිය ආදියෙන් කියැවෙන්නේ භික්ෂූන් වහන්සේලා ගේ ලියාපදිංචිය කොමසාරිස් ජනරාල් ගේ බලයට යටත්වන බවයි. දහම් පාසල් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් ද එය එලෙස වෙයි. එම බලය ට පිටුපා ක‍්‍රියා කිරීමෙන් රුපියල් ලක්ෂයක දඩයකට යටත් වේ. කතිකාවත් ලියාපදිංචි කිරීම සඳහා සකස් කල කෙටුම්පතේ වගන්ති අනුව ද කියැවෙන්නේ භික්ෂූන් වහන්සේලා පිළිබද විනය නීති රීති වලට කොමසාරිස් වරයා මැදිහත් වන ආකාරයයි.

       පුරාණ සම්ප‍්‍රදාය අනුව සංඝ සමාජයේ පැවැත්ම උදෙසා ශික්ෂා පද 227 කින් ද භික්ෂුනීන් වහන්සේලා සදහා ශික්ෂා පද 311 කින් ද යුක්ත සඝ විනයක් දක්වා තිබේ. එය බුදුන් වහන්සේ විසින් පනවන ලද්දකි. මහණකම නැතිවන ආපත්තීන් 04 ක් දක්වා තිබීමද මෙහිදී සැලකිල්ලට ගත යුතුය. භික්ෂූත්වය නැතිවන්නේ මේ පාරාජිකා ආපත්තීන් 04 ට පැමිණීමෙන් පමණකි. සෙසු ආපත්තීන්ට පැමිණි විට එයින් මිදී සකස්වන්නේ කෙසේ දැයි සඝවිනය තුළ පැහැදිලිව දක්වා තිබේ. සංඝ සමාජය තුළ ඇතිවන  ඕනෑම ගැටලුවක් විසදාගත හැකි ආකාරය සඝවිනය පැහැදිලි කර ඇත. බුදුන් වහන්සේ පිරිනිවන් පැම සදහා කුසිනාරාව ට වැඩම කරවන අතර වාරයේ භෝග නගරයේ ආනන්ද චෛත්‍යයෙහි වැඩ වසන කල්හි උපදේශ හතරක් දේශනා කොට වදාළහ. එහි පළමු උපදේශය මෙලෙසය. භික්ෂූණි මේ ධර්මය ය මේ විනය ය මේ ශාස්තෘවරයාගේ ශාසනය ය. මා මෙය භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පිළිගතිමි. යයි යම් භික්ෂුවක් කියයි නම් එපමණකින්ම එම කියමන කෙරෙහි පැහැදීමක් ඇති කර ගත යුතු නැත. එමෙන්ම එය ප‍්‍රතික්ෂේප කළ යුතු ද නැත. එපමණින් ඒ ගැන පැහැදීමකට පත්නොවී ප‍්‍රතික්ෂේප ද නොකර ඒ කියන ලද පද ව්‍යඤ්න මනාකොට ඉගෙන සූත‍්‍ර හා ගැලපිය යුතුය. විනය හා සැසඳිය යුතුය. එසේ කල විට සූත‍්‍ර හා නොගැලපෙන දේ විනය හා නොසැසදෙන දේ වටහා ගත හැකිය.

          එම නිසා ධර්මය ට අනුව ජීවත් වන අතරම බුදුන් වහන්සේ විසින් අනු දැන වදාළ භික්ෂු භිස්ෂුණී විනය රැකීමද සංඝ සමාජයේ වගකීමක් සම්ප‍්‍රදායක් ලෙසට සැලකූ බව පැහැදිළිය. දැනට අනුරාධපුර රත්න ප‍්‍රාසාදය අසල පිහිටා තිබෙන පස්වන කසුප් රජුගේ පුවරු ලිපියට අවධානය යොමු කිරීමෙන් පැරණි රජවරු ද මේ සම්ප‍්‍රදාය අනුව සංඝ සමාාජය කෙරෙහි නීති පණවා ඇති ආකාරය තේරුම් ගත හැකිය. මෙම පුවරු ලිපියේ තිස්වන වගන්තිය අනුව නිකායෙහි සංඝයා හිඳ විසඳා නිම විය යුතු යයි දක්වා තිබේ. සංඝයා විසින් නොනිමවන කල්හි සම්දරුවන් හා රැස්ව විචාරා නිමවා ගත යුතු යයි ද සඳහන් වේ. බි‍්‍රතාන්‍ය පාලනකාලයේ දී ශාසන සම්ප‍්‍රදාය ගැන නොදත් නිළධාරීන් රෝම ලන්දේසි නීතියට අනුකූල වන පරිදි නීති කෙටුම්පත් සකස් කළහ. පුද්ගලික දේපළ ක‍්‍රමයක් නොතිබූ ලංකාවේ විහාරාරාම පාලනය කිරීම සදහා දේපළ නීතියක් විහාරගම් දේවාලගම් පණත යනුවෙන් හඳුන්වා දුන්හ. මෙහි දීර්ඝ කාලීන ප‍්‍රතිඵලය දැනටමත් අත්විඳ තිබේ. විහාර ඉඩකඩම්වල ආරවුල් බේරා ගැනීමට භික්ෂූන් වහන්සේලාට උසාවි ගානේ රස්තියාදු වීමට සිදුව කිබෙන බව රජය නොදන්නවා නොවේ. එසේ තිබියදීත් විහාර ගම් දේවාලගම් සංශෝධන පණත යනුවෙන් නව කෙටුම් පතක් සකස් කර ඇත්තේ කුමන අභිප‍්‍රායකින් දැයි විමසා බැලිය යුතුය.

        ලංකාවේ දේශපාලනය තුළ පවතින අන්‍යාගමික බලපෑම නිදහස ලැබූ වකවානුවේ සිටම දක්නට ලැබුණකි. එල්. එච් මෙත්තානන්ද මහතාගේ කතෝලික ආක‍්‍රමණය නම් ග‍්‍රන්ථයේ මේ පිළිබද අගනා විවරණයක් ඇත. පසුගිය කාලයේ කොටි ආක‍්‍රමණයට ද පදනම සපයා දී ඇත්තේ මේ අන්‍යාගමික බලවේග විසිනි. සංඝ සමාජය නීති වලින් බැඳ තබා උන් වහන්සේලාගේ ජාතික වගකීම අවසන් කළ යුතු යයි මේ බලවේග වර්තමානයේ සිතනවා නිසැකය.2008 පෙබරවාරි හිදී මීගමුවේ දේවස්ථානයක පැවති රහසිගත රුස්වීමකදී සංඝ සමාජය පිළිබද ගත් තීරණ අදිසි හස්තයක් හරහා ක‍්‍ර‍්‍රියාත්මක වීමට තැත් කරන බවට සැකයක් ඇතිවී තිබේ. විහාරස්ථාන සතු ඉඩකඩම් වසර පහක කාලයකට රජයේ සංවර්ධන වැඩ වලට යෙදවීම, අන්තර් ආගමික සාම කමිටු පිහිටුවීම ආදී යෝජනා මේ අතර තිබේ.

           ආගමික කටයුතු අමාත්‍යංශය යටතේ සර්ව ආගමික සහජීවන වැඩ සටහන් කි‍්‍රයාත්මක කිරීම දැනටමත් අරඹා තිබෙන අතර ඒ සදහා සම්බුද්ධත්ව ජයන්ති ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ද වෙනස් කර තබුණි. පෙර රජය විසින් අනුමත කළ විසි වැදෑරුම් වැඩපිළිවෙල අවලංගු කොට මෙලෙස සර්ව ආගමික ක‍්‍රියාවලියකට සපැමිණ තිබෙන්නේ බෞද්ධ බලය අඩපණ කිරීමට බව තේරුම් ගත යුතුය. බෞද්ධ ආගමික සංවිධාන මැදිහත් වී සකස් කළ මෙහි ඇතැම් කෙටුම්පත් ඉහළ නීති දෙපාර්තමේන්තු වලදී වෙනස් කොට ඇති ආකාරය ද තුලින් තේරුම් ගත යුත්තේ සසුන් කොඩි නැන්වීමට වඩා බිම දැමීමට යම්කිසි කොටසක් උත්සාහ කරන බවයි. බුද්ධ ශාසනය පිළිබද ප‍්‍රශ්ණ විසදීමට රජය අවංකව මැදිමත් විය යුතු වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් එම වගකීම රජයට පවරා ඇති බැවිනි. නමුත් පවත්නා නීති මේ සඳහා යොදා ගැනීමේදී සම්ප‍්‍රදායන්ට එකගව එය ඉටු කරලීමට පරිස්සම් විය යුතුය. එසේම යම්කිසි ශාසන පරිහානියක් රටේ තිබෙන බව ද සැබැවින්ම තේරුම් ගැනීම ඉතා වැදගත්ය. ඒ තත්ත්වය තුළ ශාසන ශෝධනයක අවශ්‍යතාවය ද මතුව තිබේ.

         යම්කිසි ආකාරයකින් උසාවියට බලය නොදී අදාල නිකායත‍්‍රයට එම බලය ලබා දෙන්නේ නම් ඉතා කල්පනාකාරීව ඒ සදහා මැදිහත් විය යුතු යයි සිතමි. එහෙත් සර්ව ආගමික මතවාදයකින් රජය පටලවා ඇති අවස්ථාවකදී එවැනි සිහි බුද්ධියක් මතු වේ දැයි සැක සහිතය. කෙසේ වෙතත් බුද්ධ ශාසන පනතේ 3 වන කොටස ලෙසින් සැලකෙන ලියා පදිංචිය බල ගැන්විය යුත්තේ අදාල නිකායේ මූලස්ථාන මගිනි. ඒ සඳහා ව්‍යවස්ථාවේ නවවන වගන්තිය බලාත්මක කිරීමට මහා සංඝ රත්නයෙන් උපදෙස් පැතිය යුතුය. වෙසෙසින්ම ලංකාව පුරා තිබෙන විහාරස්ථාන නැවත යාවත්කාලීන කිරීමට පහසුකම් සැලසීම රජයේ මුඛ්‍ය පරමාර්ථය විය යුතුය. පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් ප‍්‍රකාශ කරන පරිදි උතුරු පළාතේ දැනට හදුනාගෙන ඇති වැව් 1100 ආසන්නයේ පවතින විහාරස්ථාන නටබුන් රාශියක අන්‍යාගමික දේවස්ථාන ඉදිවී ඇත. මේවා ඉවත් කොට නැවත විහාරස්ථාන ඉඳිකරලීම හෝ පුරාවිද්‍යා ස්ථාන බවට පත් කිරීම රජයේ වගකීමක් ලෙසින් සැලකිය යුතුය.

        ශාසන ශෝධනය කොට සසුන් කොඩි එසවීම උදෙසා පෙර රජ දරුවන් ගත් මග පූර්වාදර්ශයක් ලෙස නොගතහොත් මෙතෙක් රජයට ලැබී තිබෙන සොබා දහමේ ආශිර්වාදය ඉදිරියේදී නොලැබී යෑමට බොහෝ දුරට ඉඩකඩ තිබේ. පසුගියදා සිදුවූ ගංවතුර විපත්  භූමි කම්පන මෙන්ම වත්මන් නියන් තත්ත්වයද මෙයට පෙර නිමිත්තකි. සෙනසුරු ග‍්‍රහයා  හා අගහරු ග‍්‍රහයාගේ වෙනස්කම් හා ගමන සැලකිල්ලට ගෙන මේ විපත්තිය තේරුම් ගත හැකිය. සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය උදා කර දී තිබුණේ මේ ග‍්‍රහ විපත් තේරුම් ගෙන ධර්ම මාර්ගයේ ගමන් කරලීම සඳහාය. එහෙත් එම අවස්ථාව ගිලිහී ගියේය. මිථ්‍යා දෘෂ්ඨීන් වැළඳ ගැනීම සහ අනුග‍්‍රහය දැක්වීම මගින් සෑම ආශිර්වාදයක්ම ශූන්‍ය විය හැකි වන බව ද ඉතා ඉක්මනින් තේරුම් ගත යුතුය.

Monday, August 18, 2014

දහම්පල් හිමිය අප විරව තංස


                                         
       

                දිගු නිදහස් අරගලයකින් පසු ඉන්දියාව බ්‍රිතාන්‍ය අධිරාජයාගෙන් නිදහස ලැබූවේ 1947 වසරේ අගෝස්තු මස 15 වනදාය. එහි ප්‍රථම අග්‍රාමාත්‍ය තනතුරට පත් වූයේ ජවහලාල් නේරු මහතාය. එහෙත් ඉන්දියාව පූර්ණ ස්වරාජ්‍ය උදෙසා ඉතා ඉක්මනින් කටයුතු කරලීමේ ප්‍රතිඵලයක් වශයෙන් එහි ප්‍රථම ජනාධිපතිවරයා ලෙස බිහාර් ප්‍රාන්තයේ උපත ලද ආචාර්ය රාජේන්ද්‍ර ප්‍රසාද් මහතා පත් විය. 1948 වසරේ දී ලංකාවද නිදහස අත් කර ගත් නමුත් පූර්ණ ස්වරාජ්‍ය පිළිබඳව සංකල්පයන් රෝපණය කර ගැනිමට අවශ්‍ය සාධක ගොඩනැගුනේ ඉතා සෙමිනි.ඒ අතර රටේ ස්වභාෂාවන්ට හිමි තැන ලබා ගැනිම පිණිස සමාජය තුළ පුලුල් කතිකාවතක් දියත් විය. බණ්ඩාරනායක මහතා ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරයට පත් වූ කල්හි මෙම අවශ්‍යතාවය ඉටුකරලීමට අවශ්‍ය ප්‍රතිපාදන ඇති කළේය. මෙවකට ශ්‍රේෂ්ඨ පිරිවෙණ් බවට පත්ව තිබූ විද්‍යාලංකාර හා විද්‍යෙදය විශ්වවිද්‍යාල බවට පත් කිරීමටද බණ්ඩාරනායක රජය පියවර ගත්තේය. ඉන්පසු එහි මංගල උපාධි සම්මුති උත්සවය පවත්වන ලද්දේ 1959 ජූනි මස 17 වන දිනදීය.. රජයේ මූලික අදහස වන සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ පියවර නියම අන්දමින් ක්‍රියාත්මක කිරීම හා  ලෝකයේ උසස් භාෂාවක් ලෙසට සිංහලය  නගා සිටුවීම මෙම විශ්ව විද්‍යාල පිහිටුවීමේ අරමුණු අතර වන බව එවකට අධ්‍යපන ඇමති වරයාව සිටි විජයානන්ද දනායක මහාත එහිදී ප්‍රකාශ කලේය.

      මෙම මංගල උපාධි සම්මුති උතසවයේ ප්‍රධාන අමුත්තා ලෙසට සාභාගි වූයේ ආචාර්ය රාජේන්ද්‍ර ප්‍රසාද් මහාතාය. එතුමාට ආරාධනා කරමින් උපකුලපතිව සිටි කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ කල කථාව මෙසේය.'විද්‍යාලංකාර පිරිවෙණ 1959 ජනවාරි මස 01 දින විශ්ව විද්‍යාලයක් වශයෙන් වර්තමාන ලක් රජය මගින් සම්මත කරන ලදී. අවුරුදු දෙදහස් පන්සීයකට ප්‍රථම දඹදිවින් ලෝකය පුරා පැතිර ගිය විද්‍යාලෝකය ප්‍රඥාලෝකය හා ධර්මාලෝකය දැනට යුධභයින් වෙව්ලාගිය භේද භින්න වූ ලෝකයෙහි යළි ප්‍රචාරය කිරීම සඳහා ඉන්දියාව පෙරමුණ ගත යුතුය. රාහුල සාංකෘත්‍යයන ආදී කීර්තිධර භාරතීය පඬිවරුන්ගේ ගුරු භූමිය වූ මේ විද්‍යාපීඨය ථෙරවාද බුද්ධාගම පිලිබඳව අද්විතීය කේන්ද්‍රස්ථානයක්ව පවතියි. එබැවින් භාරත ලංකා දෙරට අතර පවත්නා චිරන්තන සම්බන්ධය තහවුරු වීමටත් මේ විද්‍යාපීඨය හා භාරතීය පඬිවරුන් අතර පවත්නා සම්බන්ධය දැඩිකරලීමටත් රාෂ්ට්‍රපති තුමා ගේ පැමිණීම විශේෂ හේතුවක් වනු ඒකාන්තය.'

     මෙහිදී ඉන්දිය ජනාධිපතිවරයා දැක්වූ අදහස්ද මෙලෙස සටහන් කරගැබිම ඉතාවැදගත්ය. 'සාගරයෙන් ඔබ්බෙහි පිහිටි ඉන්දියාවේ වැසියන් වන අපි විද්‍යාලංකාර විශ්ව විදයාලයෙන් කෙරෙන වැඩත් එහි වර්ධනයත් ගැන දැඩි සැලකිල්ල යොමු කරන්නෙමු. හින්දු ධර්මය සහ බුද්ධාගම එකිනෙකට අසම්බන්ධයයි හෝ ප්‍රතිවිරුද්ධ යයි හෝ අප නොසලකන බැවින් අපේ මේ උනන්දුව සැබවින්ම අවංක එකකි. බුද්ධාගම පිලිබඳ මහජන ප්‍රබෝධයක් මෑත කාලය තුල ඉන්දියාව පුරා ඇති විය. බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණයෙන් 2500 යේ ජයන්ති මහෝත්සවය කෙරෙහි දැක්වුණු උද්‍යෙගයත් පැරණි නාලාන්දාව පිහිටි තැන බෞද්ධ ශාස්ත්‍රයතන පිහිටුවීමෙනුත් විවිධ විශ්ව විද්‍යාලයන් බුද්ධාගම කෙරෙහි දක්වන උනන්දුවෙනුත් ඒ බව පැහැදිලි වේ.බුද්ධාගම හැදෑරිය හැකි අගනා විශ්වවිද්‍යාලයන් ඉන්දියාවේ ඇතද ඉන්දීය ශිෂ්‍යයන් විද්‍යාලංකාරයට පැමිණ මේ විශ්ව විද්‍යාලයේ ජීවය උරාගන්නවා පමණක් නොව ලංකාවේ ශිෂ්‍යයන්ද භාරතීය මධ්‍යස්ථානයන්හි සිපසතර හදාරනු දැකීමට කැමැත්තෙමි.'

     බුද්ධාගම කෙරෙහි ඉන්දීය ජනාධිපතිවරා තුළ මෙවන් හැඟිමක් ඇති කරලීමට මුල් වූයේ ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා විසින් බුද්ධගයාව බේරා ගැනීම පිණිස ආරම්භ කරන ලද නඩුව යි.                          ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා 1891 වර්ෂයේදී ඉන්දියාවට සැපත් ව බුද්ධගයාව වන්දනා මානයට යනවිට එහි ආධිපත්‍ය ඉසිලූ ක්‍රිෂ්ණ දයාල් ගිරි මහන්තා මහන්තා  ශිව ලිංගය වන්දනා කරන්නට සපැමිණෙන හින්දු භක්තිකයින්ට රිසිසේ එම ස්ථානයේ නිදහස ලබා දී තිබුණි. මේ දර්ශන වලින් අතිශය ශෝකයට පත් ධර්මපාල තුමා කෙසේ හෝ අවසරලබා ගෙන බුදුන් වහන්සේ බුද්ධත්වයටපත්  ස්ථානයේ ශ්‍රී මහා බොධියේ ඉදිරිපිට වජ්‍රාසනය අසලට වී සතිපට්ඨාන සූත්‍රය සඡ්ඡයනා කරමින් බලවත් අධිෂ්ඨානයක් කළේය. ඉන් පසු බරණැස ඉසිපතනයට ගොස් එහි බෞද්ධ නටබුන්වල ගල් ගලවා ගෙන යන හින්දුන් ගේ නොමනා ක්‍රියාවන් නැවැත්වීමට සටන් කලේය. අනතුරුව තම මවට තැපැල් පතක් යවා මුදල් ගෙන්වා ගෙන රුපියල් 600 කට ඉසිපතනය ආසන්නයේ ඉඩමක් මිලදී ගෙන මහාබෝධි සමාගම ආරම්භ කොට සිය අධ්‍යාත්මික හා ආගමික මෙහෙයවීම් සදහා පදනමක් ඇති කළේය..

           බුද්ධගයාවේ මහන්තා ට විරුද්ධව ක්‍රි.ව. 1895 දී ධර්මපාල තුමා නඩු මගට බැස්සේ වෙන කළ හැකි කිසිම දෙයක් ඉතිරිව නොතිබූ බැවිනි.බුද්ධගයාවේ තැන්පත් කළ බුදු පිළිමය මහන්තා ගේ පිරිස විසින්පැහැර ගෙන යෑම නිසා නඩු මගට බැසීම ඉක්මන් විය. බෞද්ධයන් ගේ අයිතිය ප්‍රකාශ කරලීමට තිබූ එකම සිහිවටනය වූයේ බුදධගයාවේ ස්ථූපාකාර හැඩයයි. ඒ තත්ත්වය නීතිමය මාර්ගයෙන් හෙළි කරවා එතුමා ගේ අප්‍රතිහත ධෛර්යයෙන් මුල් වතාවේ නඩුවෙන් ජය ලබන්නට හැකි වුවද 1906 වසරේ ප්‍රකාශයට පත් කළ ඇපැල් නඩු තීන්දුවෙන් එතුමා පරාජයට පත් විය.බුදුරදුන් විෂ්ණු ගේ නවවන අවතාරය ලෙසින් හින්දු පක්ෂයේ පිරිස එයට අවශ්‍ය කරුණු කියා පෑ නමුත් ධර්මපාල තුමාගේ නීතිඥ වරුන්ට එම තර්ක බිඳ හෙළීමට තරම් දැනුමක් නොවීය.  නමුත්  මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර් තුමාගේ ඉල්ලීම පරිදි මහත්මා ගාන්ධි තුමා මෙයට මැදිහත්වීමට පොරොන්දු වූවද එයද ඉටු නොවීය. අනතුරුව බුද්ධගයාවේ තත්ත්වය සමනය කලේ ඉන්දියාවේ ප්‍රථම ජනාධිපති රාජේන්ද්‍ර ප්‍රසාද් මැතිතුමා පත් කළ කොමිටියේ නිර්දේශ අනුවයි. 1949 දී බුද්ධගයා පණත මගින් මෙම ස්ථානය බෞද්ධයන් ගේ වන්දනා මාන ස්ථානයක් බවට පත් කරලීමට ඉන්දීය රජය එකඟ වූවද ඒ සඳහා පාලක කොමිටියට හින්දූන්ද ඇතුලත් විය යුතු යයි තීරණය වුණි.එහිදී වැඩි පිරිසක් හින්දු සාමාජිකයන් එයට ඇතුළත් විය. ඉන්දීය මහා බෝධි සමාගම පිහිටුවා බුද්ධගයාව හින්දූන්ට හා බෞද්ධයන්ට බාර දුන්නේ වඩා උපක්‍රමශිළි ව යයි සිතේ. නමුත් කොළම ආනන්ද විදහුලේ රැස්වුණු බෞද්ධයන් මීට විරෝධය පෑම නිසා තත්ත්වය මදක් වෙනස් විය.

           වසර 1815 දී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයට භර දුන් ඓතිහාසික ගිවිසුම මගින් සිංහලයාගේ නිදහස නැති විය. වසර දහස් ගණනක් අඛණ්ඩව ගලා පැමිණි සිංහල ශිෂ්ඨාචාරය යුරෝපා ජාතීන් වෙත පවරා දෙන්නට සිංහලයා මෝඩ වීමේ විපාකය අද අප විඳිමින් සිටින්නෙමු.බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් නොවී සිටි ආසියාතික ජාතීන් දියුණුවෙහි හිණි පෙත්තට ගමන් ගනිද්දී සිංහල ජාතියේ විනාශයට මං පෙත් විවරව ඇත. 1815 වසරේ සිට දැන් වසර දෙසීයක් ඉකුත් වෙමින් තිබේ. එහෙත් විනාශයට මිස දියුණුවට  යන්නට මගක් තවමත් සිංහල පාලකයන් ගේ සිතතුළ පහළව නැත. මේ පරිහානිය 1911 වැනි ඈතකාල වකවානුවකදී දුටු ප්‍රාඥයකු  වශයෙන් ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා හඳුන්වන්නට හැකිය. ධර්මපාල චරිතාපදානය තුළ අපට දකින්නට ලැබෙන්නේ අඩ සියවසක් පමණ කාලයක් ඔහු සිංහල ජාතිය නැගිටුවන්නට ගත් උත්සාහයයි. මිගෙට්ටුවත්තේ ගුණානන්ද මා හිමියන්ගේ පාණදුරාවාද කාහලනාදය මගින් ශක්තිමත් කරන ලද ජාතික බලවේගවලට මග පෙන්වූ ධර්මපාල චරිතය මැනවින් වටහා ගත්තා දැයි සැකයක් ඇති වේ. එයට හේතුව ධර්මපාල මග ගනිමින් රටේ නිදහස දින ගන්නට සටන් කොට නිදහස ලැබූ පසු ඒ සියල්ල අමතක කිරීමයි. 1948 සිට මේ වන තෙක් සිදු වූ දේශපාලන ක්‍රියාදාමය ගැන කල්පනා කරන බලන කල්හි ධර්මපාල හඬ යොදා ගෙන ඇත්තේ සිංහල ජාතිය දේශපාලන වශයෙන් රවටන්නට පමණක් දැයි කල්පනා වේ.

           ධර්මපාලතුමා එදා අළුත පොහාසත් වූ සිංහල ධනවතුන් ගැන කලා කලේ මෙලෙසය.'කුරුඳු පොල් පැඟිරි මිනිරන් යන ද්‍රව්‍ය වෙළෙදාම් කිරීමෙන් පහතරට සිංහලයන් ස්වල්ප දෙනෙක් ධන රැස් කර ගෙන තිබේ. මේ ධන රැස්කර ගැනීමට පරදේශික ශාස්ත්‍රාචාරීන්ගේන්  ශිල්ප ශාස්ත්‍රයන් මේ ධනවතුන් උද්ග්‍රහණය නොකොළෝයි. ස්වදේශ ඥානයෙන් ස්වදේශ වීර්යයෙන් ස්වදේශින් ගේ බලයෙන් පොල් කුරුඳු ආදිය වැවීම කොට ඇතැම් සිංහලයෝ ධන රැස් කර ගත්තෝය.ස්වදේශ ඥානයෙන් ස්වදේශ වීර්යයෙන් ස්වදේශාලයෙන් මිණිරන් පතල් වලින් ඇතැම් සිංහලයෝ ධනවතුන් වී සිටිති. මෙසේ රැස් කලාවූ ධනයෙන් සිංහල ධනවතුන් කරන්නේ කුමක්දැයි විභාග කටයුත්තේය. සිංහලයන්ට අයිති රටෙන් සෛංහල බලයෙන් ධන උපදවාගෙන ස්වදේශාලයෙන් ස්වජාතිය ආගම් රට වර්ධනය කිරීමට ඒ ධනය වියදම්නොකොට අපේ සිංහල ධනවතුන් පළමුකොට කරන්නේ සුද්දාගේ තොප්පිය හිසට දැමීමයි. ගෙයක්කරවා ඊට සුද්දා ගේ රටේ තිබෙන ගමක නමක් දීමයි. පුතාට හැමිල්ටන් ආර්කිලෙස් ඇලිජින්නස්ටන් ඩන්කන් ඔස්බර්ග් යන නම් රාශියක් ඒකාබද්ධ කොට සිල්වා ප්‍රනාන්දු දියස් පීරිස් ආදී පරංගි නාම නම් වලට යා කර ගැනීමයි. ධනවත් එකම සිංහලයෙක්ට ප්‍රඥාව තිබේ නම් දැන් කරන විකාර කරන්නේ නැත. '

           පළමුවන ලෝක යුද්ධය පැවති කාලවකවානුව බැවින් එකල ලංකාවේ රබර් මිළ පහත වැටුණේය. ඉන්දියාවේ සිර අඩස්සියේ සිටි ධර්මපාලතුමා හිනිදුම මහබෝධිවත්තේ සිටි ලුවිස් කොන්දොස්තර මහතාට ලියූ ප්‍රසිද්ධ ලපියක් වෙයි.එහිදී ඔහු මෙසේ පවසා ඇත.' නැවතත් හාල් කෝලාහලය හට ගෙණ තිබේ.ලංකාවේ සිංහලයෝ රබර් වැවීම කලා අද එයින්ද ප්‍ර යෝජනයක් නැහැ. තේ වැවීම කලා අද එයින්ද ප්‍රයෝජනයක් නැහැ.බත් කන්ට හාල් නැහැ. කුඹුරු වැපිරීම් කළොත් කන්ට ටික ලබා ගත හැකියි. නැතිනම් රබර් කා ජීවත් වන්නට වේ.' සැබවින්ම මේප්‍රකාශය අදටත් එකසේ වලංගු නොවන්නේද. සිංහලයන් විදේශිකයන් ගේ නොයෙකුත් ව්‍යාපාර කරති. ඔවුන් අනුකරණය කොට කුඹුරු ගොඩ කර විසල් ගෙඩනැගිලි සාදා පරදේශීන්ගේ බඩු භාණ්ඩ අලෙවි කරති.කුඹුරු වතු පිටි පාලු වී යති.වැඩි කලක් ගත නොවී කන්ට හාල් නැතිවෙන බව එදා ධර්මපාලතුමා කිවූ අනාවැකිය සත්‍යය වේගෙන එයි.

       සිංහලයාට අනන්‍ය වූ කර්මාන්ත  හා කෘෂිකර්මය නන්වාලීමට වෑයම් කළ යුතු බව ධර්මපාලතුමා නිතර දුන් උපදේශයකි. වර්ෂ 1889 දී ඔල්කට්තුමා සමග  ජපන් රටට යෑමට ධර්මපාලතුමාට හැකි විය. එහිදී බෞද්ධ සම්මේලනයක් පැවැත්වීම නිසා උගත් ධනවත් ජපන් බෞද්ධයන් ගේ ආකර්ශණය දිනා ගතහැකි විය. දේශනා තුන්සීයක් පමණ එහිදී සිදු කළ බවද වාර්තා වේ. ධර්මපාලතුමා 1902 දී නැවත වරක් ජපානය බලා ගියේය. 1904 දී කර්මාන්ත අරමුදලක් ඇති කිරීමටද එතුමා මුල් විය. ඉන්පසු ඕලන්ද ඩෙන්මාර්ක් සහ එංගලන්ත යන රටවල සංචාරය කරමින් කර්මාන්ත නරඹා අත්දැකීම් එකතු කලේය. අනතුරුව 1904 ජූලි මාසයේ දී ඉන්දියාවේ සාරානාත් හි කර්මාන්ත ශාලාවක් ඇරඹිමට ද එතුමා ක්‍රියාකලේය.ඉන්පසු ලංකාවට පැමිණ තම සහෝදරයා වූ සී.ඒ. හේවාවිතාරණ මහතාගේද සහයෝගය ඇතිව යූ.බී.දොළපිහිල්ල මහතා පේෂකර්මය හැදෑරීමටද බියන්ගොඩ බාලසූරිය මහතා ගිනි පෙට්ටි කර්මාන්තය ගැන හැදෑරීමටද වේයන්ගොඩ විජයබාහු මහතා පිඟන් කර්මාන්තය ගැන හැදෑරීමටද ශිෂ්‍යත්වයක් ලබා දී ජපානයට පිටත් කොට හැරියේය. ආපසු පැමිණි ඔවුහු ආරම්භ කළ කර්මාන්ත මගින් ජාතික ආර්ථිකයේ නව පිබිදීමක් ඇති විය. රටපුරා අත්යන්ත්‍ර පෙහෙකම්හල් නව ප්‍රවේශයකින් ඇරඹී අතර අලියා ගිනිපෙට්ටි කර්මාන්ත ආයතනයද ආරම්භ විය. ධර්මපාල තුමා පැවතෙන්නේ ව්‍යාපාරික පවුලකිනි. ධනය මත බලය රඳා පවතිනබව ඔහු දැන සිටියේය. ඔහු තමන්ගේ ධනය නොව රටේ ධනය වර්ධනය කළ හැකි මාර්ගද ඒ මගින් ස්වාධීනත්වය කර යන මාර්ගයන්ද හොඳින් අධ්‍යනය කොට එය ක්‍රියාවට නැගීය.

       1913 දී සිවුවන වතාවටද එතුමා ජපානය බලා ගියේය. එවකට සිටි ඉංග්‍රීසි ආණ්ඩුවේ පොලිස්පති ඩවිබිගින් මහතා ආණ්ඩුවට සිය රහස් වාර්තා මගින් නිර්දේශ කලේ ධර්මපාලතුමා භයානක පුද්ගලයෙකු බවයි.එම නිසා කල්යල් බලා බ්‍රිතාන්‍යයන් විසින් ධර්මපාතුමා ඉන්දියාවේ දී නිවාස අඩස්සියේ තබන්නට කටයුතු කලේය.මෙයට ප්‍රධාන හේතුව ඔහු ජපානයත් සමග ගෙන ගිය ආර්ථික සහයෝගීතාවයයි.  1885 වසරේදී සිය ඩේවිඩ් හේවාවිතාරණ නාමය අතහැර ධර්මපාල නාමය ගත් තැන් සිට එතුමා එඩිතර සිංහල බෞද්ධ නායකයෙක් ලෙසට ක්‍රියාකලේය. ඔහු බොරුව රැවටීම මෙන්ම දුෂ්චරිතයද පිළිකුල් කලේය. මතපැන් බී නිකරුණේ කාලය කන්නන්හට බැණ වැදුණේය. ට්‍රාන්ස්වල් ලීඩර් පත්‍රයේ ලන්දේසි ලේඛකයෙක් දැක්වූ සටහනක් ධර්මපාලතුමා උපුටා දක්වන්නේ මෙසේය.' සුදු මිනිසා මත් පැන් බොයි. බී ඇද වැටෙයි. ස්වදේශකයන් මතු පැන් නොබී. පිරිමැස්මෙන් නැගෙයි. කල් නොයාවා අපට එක් දෙයක් දත හැකිය. පහත් සුදු මිනිසා ස්වදේශකයන්ට මෙහෙකරයි. එය වෙනස් කිරීමට නම් ස්වදේශිකයන් මත්පැන් බී ඇද වැටිය යුතුය. ඔහුට මත්පැන් දෙනු. කල් නොයවාම ඔහු ඇදවැටී මේලේඡ්ත්වයට පත් වනු ඇත.'ධර්මපාලතුමා මේ උදාහරණ නිතර දක්වමින් තරුණයන්ට අවවාද දුන්නේය. දැනගතයුතු කරුණු පෙන්වා දුන්නේය. අවසන් කාලයේ දී  පැවිදිදිවියට පත්ව 1933 අප්‍රියෙල් 29 දින නිධනප්‍රාප්ත වන තෙක්ම මේ පිළිවෙතෙහි ගැලී සිටියේය.  නමුත් එතුමා ප්‍රාර්ථනාකල නව ලෝකය බිහි වුණේ නැත. ඉංග්‍රීසින්  අනුකරණය කළ ලංකාවේ කලුසුද්දන් අතින් බිහිවූයේ විදේශගැති ශ්‍රී ලංකාවකි. ධර්මපාලතුමා උප්පත්තිය ලැබ වසර එකසිය පණහක් ගතවන මේ මොහොතේ  එතුමා ගේ දර්ශනය ගුරුකොට ගනිත්නම් සිංහල ජාතිය තවත් කල් වැජඹෙනු නියතය.

කැලුම්කල් දියුණු කොට සිංහල   වංස - නෙලුම්පල්ලකර කළ නිසි රණ හංස

හැඟුම් උල්පතෙව් දිනුහළ බිය     සංස -         දහම්පල් හිමිය අප විරව    තංස