ගඟසිරිපුරය නොහාත් ගම්පළ ලංකාවේ සයවන රාජධානිය ලෙසින් සළකනු ලබයි.සතරවන
බුවනෙකබාහු රජුගේ පටන් පස්වන බුවනෙකබාහු දක්වා කාලය (1341-1408) තුළ මෙම රාජධානිය
පැවති බව ඉතිහාසයේ සඳහන්ය. ගම්පළ රාජධානිය අනුරාධපුර යුගයේ සිට ජනාවාසව පැවති සංශ්‍රීක ප්‍රදේශයකි.මහනුවර
රාජධානි සමයේ දී ද ගම්පොළ විශේෂ පාලන පෙදෙසක් ව පැවති බවට සාධක හමුවේ.මහනුවර
සිට කොත්මලේට යනෙන රජ මාවත පිහිටා තිබෙන්නේ ගම්පළ උඩ පළාත හරහාය.තැන තැන පඩිපෙල්
සහිතව අම්බලම් සහිතව ශේෂව පවතින මේ මාවත අදටත් දක්නට හැකිය. වඩාත් වැදගත් වන්නේ මේ
රජ මාවත දෙපස තිබෙන අතිශයින් පැරණි පාරම්පරික ගම්මාන සමූහයයි.අටබාගේ දොලොස්බාගේ
පස් බාගේ නරංවිට උලපනේ ඇරෑගොඩ ලියන් දෙණිය
ලැගුම්දෙණිය පන්විල වත්ත අංගම්මන විඟුලවත්ත බෝවල මාලතිමාල සේල ආදී වීගොවිතැනින්
සපිරි පස්ගෝ රසින් අඩුවක් නැති රමණිය කඳු සිඛර වලින් ගැවසී ගත් ගම්පළ තවත් සුන්දර
කරමින් මහවැලි ගඟ වක්කලම් ගසමින් ගලා බසී.එයට කොත්මලේ ඔය එකතුවන්නේ කොතනකද එතැන
මහවිල්ල විය.
තුන්වන වික්‍රමබාහු
රජ දවසදී කෑගල්ලේ දී අරුම පුදුම සිද්දියක් වාර්තා වෙයි. ඒ නම් බෙලිගෙඩියකින්
කුමරියක් ඉපදීමයි.හෙණකඳ බිසෝබණ්ඩාර ලෙසින් නම්ලද මේ කුමරිය රූපශ්‍රීයෙයන් අග
තැන්පත් කාන්තාවකි. වර්තමාන ඇම්බැක්ක අසළ ඇය නිතර මල් නෙලන්ට ගිය බව පැවසෙයි.
එහිදී කතරගම දෙවිදුන් මේ රූසිරි හෙබි කුමරිය දැක වශීව ඇය ජීවිතක්ෂයට පත් කර දෙවඟනක්
බවට පත් කර ඇම්බැක්කට අධිපති කර ගත්තාය. කොත්මලේ සැවැන්දරපිටියේ දී අභාවයට පත්
ඇයගේ දේහය කහට ගහකින් තැනූ බෙනයක බහා
භූමදානය කළ බවත් මේ සිද්දියෙන් පසු කෝපයට පත් මහවැලි ගඟ ඉල්පී වතුරාව වැඩි වී කහට
ලීයෙන් තැනූ බෙනයත් සමගම ගඟ දිගේ ගසාගෙන ගොස් වර්තමාන ගම්පළ අසල බෝතලපිටිය ඉවුරට
ගොඩ ගසා ඇත. රජුට මෙය ආරංචි වී පැමිණ දේහය ආදාහනය කොට භෂ්මාවශේෂ තැන්පත් කළ තැන අද
හැඳින්වන්නේ කහටපිටිය යනුවෙනි. එහි හෙණ කද බිසෝබණ්ඩාර වෙනුවෙන් තැනූ කුඩා දේවාලයක්
තිබේ.
කොත්මලේ
ඔය හරස් කර මහවැලි බැම්ම බැඳෙන්නේ 1979 වර්ෂයේ දීය. මෙගාවොට් 201 ක් ජාතික විදුලි
බල පද්ධතියට එක් කරමින් කොත්මලේ සිටි
පාරම්පරික ගොවී පවුල් 3000 ක් මහවැලි ගොවිබිම් කරා සංක්‍රමණය විය.ඒ ජනතාව ඒ කාලයේ
ම කොටි ත්‍රස්තවාදයෙන් බැට කමින් ඇතැම් විට ජීවිතද හැර ගියහ. ජාතියට විදුලිය
සැපයීම පිණිස තම පාරම්පරික දේපළ අහිමි කරගත්තා පමණක් නොව ජීවිතද අහිමි කරගත් ඒ
උතුම් මිනිස් සමූහය පිළීබඳ අදටත් රටේ ගෞරවයක් නැත.දැන් නැවතත් අටබාගේ, උලපනේ,
මාවතුර ආදී කොත්මලේ ගම්මාන පිටින් නාය යමින් මහා ව්‍යසනයකට මුහුණ පා සිටින්නේ ද
ඔවුන්ගේම නෑසියන්ය.නිදහසේ ගලා ගිය කොත්මලේ ඔයත් මහවැලි ගඟත් හරස් කර බැමි බැඳීමෙන්
මේ උඩ පළාත සහමුලින්ම දෙදරා ගොස් තිබේ. කොත්මලේ බැම්ම බඳින්නට පෙර පේරාදෙණිය විශ්ව
විද්‍යාලයේ භූගර්භ විද්‍යා මාහාචාර් විතානගේ මහතා මේ උඩ පළාතේ භූ පැලුම් ගැන
පාලකයන්ට මතක් කර දුන්නේය. වරක් ගාමිණී දිසානායක මහතාගේ මුහුණටම එය ප්‍රකාශ කර
තිබේ.1947 වර්ෂයේ ද මහවැලි ගග උතුරා ගියේය. ගම්පළ නගරයද යට විය. ගම්පළ යකඩ පාළම
වතුරාවෙන් යට වුණු ඡායාරෘපය අදටත් හුවමාරු වෙයි. අටබාගේ වැඩ සිටි පූජ්‍ය අටබාගේ ධම්මසිරි නායක
ස්වාමීන් වහන්සේ ඒ ගං වතුරත් කඳු නායයාමත් ගැන ප්‍රකාශ කර තිබෙන්නේ මෙලෙසටයි.
'ශ්‍රී ලංකා ද්වීපයේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත කඳුකර ඉහළ කොරළයේ අටබාගෙනම් ප්‍රසිද්ධ
ග්‍රාමවරය පිහිටා තිබේ.ගමට උතුරු දෙසින් පවුරක් වැනි සිත් කලු කඳු වැටියකි. මේ කඳු
වැටිය මැදින් දිවෙන තාර පාර ඇල්පිටිය හන්දියේ සිට පුපුරැස්ස කඩ මන්ඩිය තෙක් වැටී
තිබේ.අටබාගේ ඔය අසබඩ අමුනේමුල්ල නම්
රජයේ මූකළාන ඇත.ගම්මුන්ට අයත් සරුසාර
රමණීය වෙල් යායද පිහිටා ඇත්තේ මේ ඔය දෑලේය. ගමේ දකුණු පැත්තේ සීමාව ද කඳු වැටි
යකි. මෙය ඉංග්‍රීසි කාරයන් විසින් වවා ඇති අක්කර දහසක පමණ විශාල තේ වත්තකි. සොගමා
වත්ත නමින් හඳුන්වන මෙහි එදා ගම් ගම්වැසියෝ හේන් ගොවිතැන සහ හරකුන් එඩේරකම කර
තිබේ. නැගෙනහිර පැත්ත පිහිටා ඇත්තේ දුනුකේ උල්ල නම් පිටිසර ගමය. මෙයද කඳු
වැටියකින් වෙන්ව ඇත. නැගෙනහිර ගම් කෙළවර කඳු කඩා යාම නායයාම කලක පටන් පවතී. මෙසේ
පොළව කැඩීයමින් තිබියදිම එහි ගම්මු ගොවිතැන් කරති.' ( 1972 සාහිත්‍ය කලාපය )
ගම්පළ
රාජධානියේ නශ්ඨාවශේෂ වලින් අද ඉතිරිව පවතින වැදගත් ම ස්ථානය නියම්ගම්පාය
විහාරස්ථානයයි. ගඩලදෙණිය ලංකා තිලකය සහ ඇම්බැක්ක ගැන වෙනම කතා කළ හැකිය.ගොඩගම
පිහිටි මාළිගයේ නටබුන් කලකට ඉහත තිබුණද දැන් ඒවා නැත. වර්තමාන සිංහපිටියේ මාළිගයේ ශිලාමය
සිංහ රූපය තිබී ඇත. අම්බුළුවාව තනිකර නෙල්ලි කැළයකි.ජලධාරා නිරන්තරයෙන් කඳු
වැටියෙන් ගලාවිත් තිබී ඇත.උලපතේ අවට ගමන් මාළිගාවක සළකුණුද තිබි ඇත.ඒ ජයමහා ලේනා
මාළිගය ලෙසට ජන ප්‍රවාදයේ එයි.ගම්පළ වෙනස්වන්නට ආරම්භ වූයේ අසූව දශකයේ දීය. 83
ජූලි කලබල සමයෙන් පසු විශාල ජනකායක් ගම්පළ ව්‍යාපාරික ස්ථාන අත්පත් කරගෙන
පැලපදියම් විය.අස්ගිරි විහාරයට අයත් ගම්පළ
වෙලට ජලය සැපයීමට උලපනේ අසළ අමුණක් ද විය.
එය රජ ඇළයි.ගම්පළ වෙල ගොඩ කර කරන ලද විනාශය නිමක් නැත.හිටපු අමාත්‍යවරයෙකු වූ
දි.මු. ජයරත්න මේ විනාශයට සෘජුවම ආධාර උපකාර දුන් පුද්ගලයා වෙයි.චන්ද අපේක්ෂාවෙන්
කළ චන්ඩාල වැඩ වල විපාකයන් ඒ විනාශයට සම්මාදම් වු පුද්ගලයන්ගේම කරපිටින් ගොස්
ඇත. සාලියාවෙල
විහාරස්ථාන ඉඩ කඩම් ද ගඟේ පිටාර තැන්නේ තිබෙන කුඹූරුද ගොඩ කරමින් නගරය පළල්
වන්නට වූ තර කුඩා කඩමණ්ඩියක් ලෙසට පැවති ගෙලිඔය ද පුළුල් නගරයක් බවට පත් වූයේ
එක්තරා මුස්ලිම් ව්‍යාපාරිකයෙකුගේ මැදිහත්වීමෙන්ය. නවසිය හතළස් හතේ ගංවතුර අවස්ථාවේ
දී දෙගොඩ තලා ගිය වතුර මගින් ගම්පළ නාවලපිටිය පාරේ පාළම යටවුණු හැටි ඡායරූපයට නගා
ඇත.එහෙත් මෙවර ගං වතුරට පාළම යට වූයේ නැත..කෙත්මලේ ජලාශය සෑදිමෙන් පසුව ගංවතුරාව සීමා විය. එය අවසරයක් ලෙසට ගෙන අධි නගරයක් ලෙසට සංවර්ධනය වන කල්හි පැරණි ගඟ සිරි පුරය
අභාවයට පත් විය
දුටුගැමුණු කුමරු සැඟව සිටියේ කොත්මලයේය. කොත්මලයට යන්නට නම් දෙහුදු
කඩුල්ලෙන් ඇතුල්වන්නට සිදු වෙයි.කඳු උඩ නිවාස තනාගෙන සිටි ගම්මුන් රජුගේ ගබඩාගම්
සහ විහාරගම් වලට අයත් විය. පුසුල් පිටිය එවැනි ගමකි. එහි වි මිටි හත්සීයක් තැන්පත්
කළ හැකි වි අටුවකි.ගම්පළ සමයේ සශ්‍රීකත්වය ඉන්ම මැන ගත හැකිය නියම්ගම් දර ද එවැනිම
වී අටුවක් තිබුණි. කොත්මලේ ජලාශය වෙනුවෙන් මේ අටුව පිරවූ ජනතාව සිට ඉඩ කඩම් පරිත්‍යාග
කර මහවැලි කලාප වලට ගොසින්ය. අද පුසුල් පිටියේ වී අටුව හිස්ය.මේ පැරණි බිම් කඩ යා
කරමින් නව මාර්ග ඉඳි වූයේ මහවැලි සංවර්ධනයත් සමගිනි.මේ නිසා උඩ පළාත දෙදරා ගොස්
ඇත. කොත්මලේ හදවතේ බැඳි බැම්ම නිසා දරාගත් ජල කඳ මහ පොලවට බර වැඩිය.බහිරවයාට බර
වැඩිය.බර වැඩි වැස්සකදී කඳුකරයම හෙල්ලුම් කන්නේ ඒ නිසයි. මෙදා පාර වැටුණු
ධාරානිපාත වැස්සෙන් ඉහළ කඳුකරයම තෙත බරියන් විය. උසුලා ගත නොහැකි ජලධාරාවන් නිසා
හෙල්ලුම් කා තිබූ පස් තට්ටු මහ රෑම කඩා වැටුණේ ජලාශයේ දොරටු ඉබේ ඇරී ගිය පසුය.
ජලයට ජලය ඇදෙන්නේය.අනතුරුව ඒ මහා ජලකඳ පැයක් ඇතුළත ගම්පළ වට කරමින් කඩ සාප්පු
යටකරමින් නිවාස යට කරමින් මිනිස් ජීවිත විනාශ කරමින් දෙගොඩ තලා ගලා ගියේය.විපත්
දෙගුණ තෙගුණ වූයේය. පේරාදෙණිය ද මහනුවරද සේරුවිල ද අනතුරුව කැලණි ගං මිටියාවතද දිය
රකුසාට බිලි වුණු ආකාරය ඇස් පනා පිට දකින්නට සිදු විය.මේ විපතෙන් මිදෙන්නට යළි නොම
එන්නට නම් බුද්ධිමතුන්ගේ දායකත්වය අත්‍යවශ්‍ය වෙයි. ජනතාවට සහන දී යටිතල පහසුකම්
යථාවත් කළ පමණින් රට ඉදිරියට නොයයි.ජලාශය කළමනාකරණය කළ පමණින් විපතට පාලනයක් නැත.
එබැව් කියා දුන් පාඩම සිතට ගත යුතුය.
මතුගම සෙනෙවිරුවන්


No comments:
Post a Comment