සිංහල අලුත් අවුරුද්දට ප්‍රථම ආණ්ඩුවේ ප්‍රධාන
පක්ෂ කීපයක් එකතුව ගැසූ කැරැල්ල අද වන විට විවිධ ස්වරූප ගනිමින් පාර්ලිමෙන්තු දේහයත්
ජාතික දේහයත් ආක්‍රමණය කරමින් පවතී.රටේ විදේශීය ආදායම බිංදුවට වැටී තිබෙන මොහොතක
පාර්ලිමේන්තුවට නව අග්‍රාමාතය වරයෙකු ද පත් වෙයි. ප්‍රජාතන්ත්‍රවාදයේ මහගෙදර වන
පාර්ලිමේන්තුව තුළ මෙවර එකී තනතුරු පිරවෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව නොවේ.එහෙත් අග්‍රාමාත්‍ය
වරයා මැයි 17 සඳු දින කළ සිය කතාවෙන් එක් වැදගත් කරුණක් ප්‍රකාශ කළ බව කිව යුතුය. එනම් පාර්ලිමේන්තුව තුළ තිබෙන
දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතු බවයි.යමක් වෙනස් කිරීමට නම් අදාල ආයතනය හෝ
සංස්ථාව ගැන හොඳ අවබොධයක් තිබිය යුතුය.එම ආයතන වැඩ කරන ආකාරය කණ්ඩායම් හැඟීම.දූෂණ
පමණක් නොව මනුෂ්‍යයාගේ හැසීරීම රටාවත් ගැන හොඳ අධ්‍යයනයක් තිබිය යුතුය.
ලංකාවේ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දැන් වසර හතළිස්
හතරකි.ජනරජ ව්‍යවස්ථාවට වසර පණහක් පිරීඇත.
නිදහස යයි ලබා දුන් 1948 දේශපාලන සංස්කෘතියට වසර හැත්තෑ හතරක් ගත වී තිබේ.විධායකය
ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යනුවෙන් කියැවෙන ආයතන තුනට වෙන් වශයෙන් බලය බෙදා දී
සැකසුන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එකිනෙකා ගෙන් පෝෂණය විය යුතුය.ජනතා පරමාධිපත්‍ය
සහතික කිරීමට මේ අයතන තුන එක්ව කටයුතු කිරීම ඉතා වැදගත්ය. අවාසනාවකට වසර තිහක්
පුරා ඇදී ගිය කොටි ත්‍රස්ත යුද්ධය නිසා මේ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ සැබෑ ලෙසටම
අත්හදා බැලීමට දේශපාලකයන්ට නොහැකි විය.ඒ වෙනුවට එක් එක් ආයතන වෙන් කර බෙදා දුන්
බලය නොහොත් ජනතා බලය අව භාවිතා කිරීමටත් ව්‍යවස්ථානුකූලව විකෘති කිරීමටත් දැන්
විසි වතාවක්ම උත්සාහ කර තිබේ.මෙම විකෘතිය ඇති කිරීම ගැන විද්වත් සමාජය දොස්
කියන්නේ විධායකටයි.ව්‍යවස්ථාදායකයේ සෙල්ලම් අධිකරණයේ දූෂණයන් එකිනෙක පෝෂණය කරමින්
රට අගාධයට පත් කර ඇති බව තේරුම් ගෙන ඇත්තේ ස්වල්ප පිරිසකි.මූල්‍ය විනයක් නැති කම
රටට හෙණයකි.පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සතු ප්‍රධාන වගකීම් දෙක අතරට ප්‍රථමයෙන්
එන්නේ ප්‍රතිපත්ති සම්පාදනයයි.ප්‍රතිපත්ති මත නීති සම්පාදනයයි. දෙවැන්න මූල්‍ය
අධීක්ෂණයයි.තෙවැන්න ජනතාවගේ සුභ සිද්ධිය පිණිස යෝජනා ඉදිරිපත් කර ක්‍රියාත්මක
කිරීමයි.වසර හැත්තෑහතරක් තිස්සේම මේ දේ නිවැරදිව සිදු කර ඇත්දැයි පරීක්ෂා කර බලන
කල්හි.මන්ත්‍රීවරයෙකු ප්‍රධාන තැන දී ඇත්තේ පළමු කී කාරණා දෙකට නොව තෙවනි අවස්ථාවට
බව පෙනේ.ජනතාවට රැකියා ලබා දීම රාජ්‍ය සේවයේ මාරුවීම් යටිතල පහසුකම් ඇති කිරීම තම
ඥාති හිත මිතුරන්ට සැලකීම කෙතරම් දුරට විහිදී ගොස් ඇත්දැයි කල්නා කර බලන කල්හි රටේ
මුදල් නාස්තියට ප්‍රධාන හේතුවක් ලෙසට එය හඳුනාගත හැකිය.
ප්‍රාදේශීය සංවර්ධනයට අත ගසන දේශපාලඥයා හට විවිධ ගැටළු වලට මුහුණ දෙන්නට සිදු වේ. ජනතාව නොයෙකුත් දේ ඉල්වති.මළ ගෙයට මඟුල් ගෙයට මුදල් බලාපොරොත්තු වෙති.පාරම්පරිකව දෙම්පියන් ගේ යම් දේපොළක් ධනයක් උපයා නැති දේශපාලඥයෙකුට මේවා ප්‍රශ්න පත්තරයක් බවට පත් වේ. ඔහු මත්පැන් බලපත්‍ර ලබාගෙන ඒවා විකුණයි.
තමන්ට ලැබෙන බදු රහිත වාහන බලපත්‍රය
විකුණයි.එතනින් නොනැවතී තමන්ගේ ආධාර කරුවන් යොදවා ගෙන රජයේ කොන්ත්‍රාත්තු වලට අත
ගසයි. විදේශ ව්‍යාපෘති වලින් කොමිස් මුල් ඉල්වයි.මෙලෙස අයථා ලෙසට හරි හම්බ කරන
මුදල ඊළඟ මැතිවරණ වියදම් සඳහාද තමන්ගේ සමීප අධාර කරුවන් නඩත්තු කිරීමටද යොදවයි.මේ
ක්‍රියාවලියේ නිමක් නැත. ඇති වීමකුත් නැත. සභාවට ඉදිරිපත් කරන පනත් කෙටුම්පතක්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හෝ ඇමතිවරයාට කියවන්නට වේලාවක් නැත.නැතහොත් ඒවා වැදගත්
ලියවිලි බවට පත් නොවේ. අගමැති හෝ ජනපති
කිවූ වේලාවට අත ඉස්සීම ප්‍රමාණවත්ය.පසුගිය කාලයේ දී රටට එරෙහි නොයෙකුත් පනත්
කෙටුම්පත් සම්මත වූයේ මන්ත්‍රීවරු බහුතරයකට අවබෝධයක් නැතිවය.පාර්ලිමේන්තුවේ ඔලු
ගෙඩි මාරු කරන අවස්ථාවකදී කෝටි ගණනාවක් සාක්කුවේ දමා ගැනීම සිරිතක් සම්ප්‍රදායක්
බවට පත් වී තිබේ. ඇ තැම් විට මේවාට විදෙස් තානාපතිවරුද මුදල් ලබා දෙති.
2015 පත් වූ ආණ්ඩුව මැතිවරණයකින් පෙරළා දමා
විද්වතුන් ගෙන් සපිරි ආණ්ඩුවක් පත් කර ගත යුතු බව ජනතා පෙළ ගැස්මක් පැමිණියේ
විද්වතුන් මේ අල්ලසට දූසණයට යටනොවන බව විශ්වාස කරගෙනය. ඒ අනුව තරුණ විද්වතුන් කීප
පළක්ම 2020 දී පාර්ලිමේන්තුවට තෝරා පත් විය.ඒ හොඳ ආරම්භයක් වන්නට ඉඩ තිබුණි.එහෙත්
මා දන්නා පරිදි එම මන්ත්‍රීවරුනටද පෙර පවත්වාගෙන ගිය දූෂිත සම්ප්‍රදායට යම්
තරමකින් හෝ අනුගත වීමට සිදු විය.මේ මන්ත්‍රීවරයා ගමේ එක වැසිකිලියක් වත් හදා
නුදුන්නේ යැයි ජනතාව විසින් ඔහුට චෝදනා කරනු
ඇසුණි.නමුත් ඔහු පාර්ලිමේන්තුවේද සංවර්ධන කමිටු වලදීද බුද්ධිමත්ව තීරණ ගනිමින්
රජයේ පරිපාලන සේවකයන් මෙහයවති. ජනතාවට ඒවා වැදගත් නොවේ.අවසානයේ දී පසුගිය 09දින
සිදුවූ මහජන කැළඹීමේ දී තමන්ගේ නිවෙස් ගිනි රකුසාට බලි වෙන්නට ඉඩදී බලා ඉන්නට
ඔවුන් කීප දෙනෙකූටම සිදු විය.මෙම දිනයේ දී අරලිය ගහ මන්දිරයෙන් පිටවුණු යම් මහජන
නියෝජිතයන් පිරිසක් සහ ආධාර කරුවන් පිරිසක් ගාලු මුවදොර පිටියට බැස එහි තිබූ
කූඩාරම් ගලවා පුද්ගලයන්ට පහර දී එළවා දැමූ හැටි දුටුවෙමි.එ සැණින් යක්ෂාවේහයෙන්
ඇවිලුණු යම් දේශපාලන සංවිධානයක් විසින් උසා ගන්වනු ලැබූ ජනතාව දිවයින පුරා මහා
භීෂණයක් ඇති කළහ.ඔවුන් ගේ එල්ලය වූයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයා හෝ ඇමතිවරයාගේ
දේපොලයි.ජනතා විමුක්ති පෙරමුණේ සහ පෙරටුගාමී ආධාර කරුවන් සමගි ජන බලවේගයේ ආධෘර
කරුවන් මෙන්ම යම් යම් නගර වල සිටින මැරයන් විසින් මේ කළහකාරී අපරාධමය වාතාවරණය ඇති
කළ බවට දැන් සාක්ෂි ලැබෙමින් පවතී. පොලිසිය ආයුධ හංගා ගෙන බලා සිටියේය.නිවෙස් ගිනි
තබන විට ඒ නිවසේ බඩු මුට්ටු පවා රැගෙන යනතෙක් බලා සිටීමට පොලිසිය ක්‍රියා කළ බව
අම්පාරේ වීරසිංහ තරුණ මන්ත්‍රීවරයා ගේ ප්‍රකාශයක් පාර්ලිමෙන්තු තුළ සභා ගත වී ඇත.
ප්‍රජාතන්ත්‍රවාදය ලෝකයේ තිබෙන හොඳ ම ක්‍රමය නොවේ. එය යම් කිසි ආකාරයකට සාර්ථක කර ගත හැකි විශේෂ දේශපාලන ක්‍රමයකි. ජනපති ජේ.ආර්. ප්‍රංශයේ ව්‍යවස්ථාවද පදනම් කරගෙන මේ ප්‍රජාතන්ත්‍ර වාදයට විධායක බලයක්ද එක් කරන ලදී. විධායකය අපරටේ අතීත සම්ප්‍රදායේ මෙවලමක් නිසා එය ජනතාවට ආගන්තුක නොවීය. අනෙක් අතට බුද්ධ ශාසනයට ප්‍රමුඛත්වය දෙන රටක ජනපති වරයා දළදා වහන්සේගේ ආශීර්වාද ලබන ප්‍රමුඛ පුද්ගලයා වෙයි.එසේම රටේ සේනාධිනායකයා වෙයි.මෙම ක්‍රමය ඇති කරන්නට වසර දහයකට පමණ ප්‍රථම ජේ.ආර්. විද්‍යාභිවර්ධන සංගම් ශාලවේදී පවති රැස්වීමකදී කියා සිට ඇත්තේ ජනපතිට ලේකම් කාර්යාලයක් හෝ අවශ්‍ය නැති බවයි.
නමුත්
තිස් වසරක කොටි යුද්ධයේදී රටේ සේනාධිනායක වශයෙන් ජනපතිවරයෙකුට විශේෂ කාර්ය භාරයක්
ඉටු කළ හැකි බවට මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.දැන් මේ විධායකයේ තටු කපන්නට
සැරසෙන්නේ කුමන අරමුණකින්ද එක් පැත්තකීන් රට ආර්ථික අංශයෙන් අතිශය දුරුවල වී
තිබේ.විදේශ වලින් මුදුල් හිඟ කෑම ඇරෙන්නට වෙනත් කිසිදෙයක් ඉදිරිපත්ව නැත.ඒ තත්වය
මග ජනපතිවරයාගේ තටු කැපීමට මෙන්ම රාජ්‍ය ආයතන පුදගලීකරණයටද යෝජනා වී තිබේ.මේවා
සියල්ල අඩු වැඩි වශයෙන් සිදු වන කල්හි ප්‍රජාතන්ත්‍රවාදය බරපතල අනතුරක්ට ලක්ව ඇත.
මානව නිදහස තර්ජනයට ලක්ව ඇත. පසුගිය අපරාධමය තත්වයට වටිනාකමක් දිගින් දිගටම
ලැබුණහොත් විදුහල්පති වරයෙකුට හෝ ප්‍රාදේශීය ලේකම් වරයෙකුටවත් තම රාජකාරී කළ හැකි
නොවේ.ඔවුන් ගන්නා එක් අභිත ක්‍රියාමාර්ගයකින් ඒ පුද්ගලයා හරි හම්බ කළ දේ පොළ විනාශ
කිරීමට මැරයන් ඉදිරිපත් වනු ඇත. ඇතැම් විට සමාජයට ඉදිරියට විත් ජනතා නායකත්වය හෝ
මූලිකත්වය ගන්නා සිවිල් පුද්ගලයෙකුටද ඒ තත්වය උදා වනවා නිසැකය.
ජනපති ක්‍රමයේ තටු කැපීමට වලි කන අග්‍රාමාත්‍ය
වරයා ඉදිරිපත් විය යුත්තේ රටේ මෙන්ම පාර්ලිමේන්තුවේද ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත
කිරීමට උත්සුක වීමයි.ඔහු ගැන ලෝකය දන්නේ ප්‍රජාන්ත්‍රවාදය ගැන අතැඹුලක් දන්නා
කෙනෙකු ලෙසටය.රටේ දුවා දරුවන් හට නිදහස් අධ්‍යාපන හිමිකර දුන් කන්නන්ගර මැතිතුමා තම
ප්‍රජාතන්ත්‍රීය වගකීම පාර්ලිමේන්තුව තුළ නිවරදිව උරගා බැලූ පුද්ගලයකි.. ඔහු
ජනතාවට සමීපතමයෙකු නොවීය.ඒ නිසා ඔහු දෙවනි වර තම ආසනයෙන් පැරද ගියේය.එම තත්වය උදා
කර දුන්නේ ව්‍යවස්ථාදායකයේ අඩු ලුහුඬු කම් නිසාවෙනි.දැන් අප මෙම සාකච්ඡාව සමාජය
වෙත මුදා හළ යුතුය.පාර්ලිමේන්තුව තුළ සහ පිටත අප කටයුතු කළ යුත්තේ කෙලෙසකද ජනතා පරමාධිපත්‍ය
යනු කුමක්ද යන දැනුම ලබා දිය යුතුය.විධායකයේ වෙනසක් නොව ව්‍යවස්ථාදයකයේ වෙනසක්
පිළීබඳ විද්වතුන් සමග සාකච්ඡා පැවැත්විය යුතුය.
අපගේ මව්බිම ඇමරිකානු සහ ඉන්දීය විදෙශ ඔත්තු කරුවන්ට දඩයම් පළක් බවට පත් කිරීමට ඉඩ නොතැබිය
යුතුය.වසර හැත්තෑ හතරකට පසු අපට ස්වර්ණමය අවස්ථාවක් උදා වී තිබේ.එකා වන්ව දේශප්‍රේමය
අවදි කර ගනිමින් ජාතිය ගොඩ නැන් වීමට අදිටන් කරලීම කළ යුතු යැයි අපට බලකර තිබේ. මේ
එයට කාලයයි.
මතුගම
සෙනෙවිරුවන්
No comments:
Post a Comment