පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Thursday, March 18, 2021

නූතන වන විනාශය ඉඩම් මංකොල්ලයේ ප්‍රතිඵලයක්ද

 

 


 

                               

             ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයට භාර දීමට ප්‍රථම දිවයිනේ සංවර්ධන ඉලක්කයන් සැම සැකසුණේ ගොවිතැන මූලික කොට ගෙනය.වැව් තැනවීම කුඹුරු අස්වැද්දීම හේන් කෙටීම ඇළ මාර්ග තැනවීම ආදී සියල්ල සිදු කරන ලද්දේ ජනතාවගේ ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීම පිණිසය.ඇතැම් කාලවකවානුවල දීර්ඝ අක්‍රමණික සමයන් පසුකිරීමට අපගේ මුතුන් මිත්තන්ට සිදු විය. එවැනි අවස්ථාවලදී රජරට මහා මූකලාන් වලට යටවිය. වැව් බිඳී පිට්ටනි බවට පත් වී කැලෑවට යටවිණ.පසුව සිංහල කුමාරයෙකු විසින් නැවත රාජ්‍යය පිහිටුවීමෙන් පසු කළ පළමු කාර්යය වූයේ ගම් අස්වැද්දීමයි.කැලෑවට යටවූ පෙදෙස් එළි පෙහෙළි කරමින් ගම්බැඳීම යලි සිදු විය.මෙම සිද්දි දාමය නිසා  රට තුළ වන විනාශයක් හෝ පරිසර විනාශයක් සිදු නොවීය.දිය උල්පත් හිඳී නොගිය අතර යලි හරිත වර්ණ ගම්මාන වලින් පරිසරය වසාගත්හ.මන්නාරම වැනි සුෂ්ක පෙදෙස් වල පවා ගහකොළ වලින් සපිරුණු වටපිටාවක් නිර්මාණය කර ගැනීමට යෝධ වැව ඉවහල් වීම සැලකිල්ලට ගත හැකිය.පරිසරයත් සමග පොර බදිමින් එයට සංවේදී වීමට හැකියාවක් තිබූ  අපගේ මුතුන් මිත්තන් අසරණ බවට පත් වූයේ යුරෝපීය ජාතීන්ට යටත් වීමත් සමගමය.

      1840 දී පළමුවරට මුඩුබිම් පනත් මගින් දේශයේ ඉඩම් කොල්ල කනු ලැබිණ.ඉන්පසු විහාරගම් දේවාලගම් ඉඩම් පවරා ගන්නට යෙදුණී.වසර දහස් ගණනාවක් තිස්සේ කැලෑවට යටවී තිබූ නෑඹුල් වන ගහනය මෙන්ම ජනතාවගේ හේන් ඉඩම්ද කෝපි වගාවටද පසුව තේ සහ රබර් වගාවටද යොමු කෙරිණ.එහෙත් මේ වතු යායන්ට කොටුවූ සිංහලයන් තමන්ගේ ඉඩම් භුක්ති රටාවෙන් හෝ සිරිත් විරිත් වලින් බැහැර කරන්නට නුපුළුවන් විය.මහනුවර සිට මහියංගනයට යන පාර ට පෙනෙන පැරණි කඳුකර ගම්මානයන්හි අපි දකින්නේ සශ්‍රීක ස්වයං පෝෂිත ජීවන ක්‍රමයයි.එසේම ජල උල්පත් බහුල සොබාදහම් දිනිතියයි. මේ තත්වය 1977 න් පසු විවෘත ආර්ථිකය පැමිණෙන තෙක්ම තිබූ බව අපට මතක් කර ගත හැකිය. නමුත් ඉඩම්  සංවර්ධන ආඥ පනත ඉඩම් නිරවුල් කිරීමේ ආඥා පනත  ආදී නීති මගින් ජනතාවගේ ඉඩම් පරිහරණ රටාවන් වෙනස් කිරීමට අඩිතාලම දමනු ලැබීය.ඉඩම් නිරවුල් කිරීමට අදාල ගම වසා දමා නිකුත් කළ දැන්වීම් තුළ  අදාල ගමේ පරිසරයත් සමග බැඳුණු සොබාදහම් දායාදයන් සියල්ල දක්වා තිබුණද අවසානයේ ගම නිරවුල්ව ගැසට්ටුව නිකුත් වන්නේ පරිසරයයෙන් වියුක්ත වූ ඉඩම් පරිහරණ රටාවත් සමගමය. පෞද්ගලික සන්තකයේ තිබුණ මහා කැලෑ ඉඩම් සරුසාර භූමි ප්‍ර දේශ නින්දගම් අහෝසි කිරීමේ ආඥ පනත මගින් ආණ්ඩුවේ මෙහෙයවීම මත මංකොල්ල කන්නට යෙදුණි.ඉන්පසු ඒවා පෞද්ගලික සන්තකයට නැවත පත් වීමේදී සිදු වූ වන විනාශ නිමක් නැතිය.1972 න් පසු ඇති කල ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ අදහස වූයේ ඉඩම් නැති ජනතාවට ඉඩම් ලබා දීමේ  යහපත් ප්‍ර වේශයකි. ඒ තත්වය තුළ නින්දගම් ඉඩම් අක්කර පණහට සීමා කොට ඉතිරිවා රජයේ වතු බවට පත් කරනු ලැබිණ. අනතුරුව මෙම ඉඩම් අතයට ගනුදෙනුවලින් අන්සන්තක විය.එවැනි ස්ථාන රාශියක අදටත් මහා වන විනාශයක් සිදු වේ. අතැම් විට සිංහරාජ වනාන්තරයේ ප්‍රේරණ කලාපයේ තිබෙන ඉඩම් බොහොමයක් මේ කියන ගණයට අයත් දේ ය.

 මේවායේ ජනතාව පදිංචි වූ ද අද ඊයේ නොවේ.  2004 ජූලි  22 දාතම යටතේ (PS/CS//26/2004 අමාත්‍ය මණ්ඩල සංදේශය ) සිංහරාජ ප්‍රේරණ කලාපයේ පවතින මෙම LRC ඉඩම්    සිංහරාජයට එකතු කර ගැනීමේ ක්‍රියාමාර්ගයක් ගැනුණද එය තවමත් සම්පූර්ණව නැත.නමුත් ඉලුඹ කන්ද සහ බෙරගල නමින් තවත් රක්ෂිත දෙකක් අලුතින් වනයට එකතු විණ.

      විවෘත ආර්ථික සංකල්පයන් පාලකයාට වඩා ඉහළින්ම වැළඳ ගනු ලැබූයේ ජනතාව විසිනි.ඔවුහු භූමියේ තිබූ උරුමකම් අමතක කරමින් රැකියාවන් සොයා නගරයට සංක්‍රමණය වූහ.නැතිනම් ඉඩම් විකුණාදමනු ලැබූහ.බස්නාහිර පලාතේ විශාල කුඹුරු ඉඩම් ප්‍රමාණයක් පුරන් බව පත් වූයේ ජලය හිඟකම් කරදිය පැමිණීම හෝ ගං වතුර තත්වය නිසා නොවේ. ශ්‍රම බලකාය විතැන් වීමෙනි.මෙම අතහැර දැමූ ඉඩම් පස්වලින් පුරවා ගොඩනැගිලි සාදනු ලැබිණ.හේන් කෙටීම තහනම් වූ පසු සිදුවූ කුඩා තේවතු සංවර්ධනය තුළ විශාල වශයෙන් වන ඉඩම් එළි පෙහෙළි කරනු ලැබිණ.ඉඩම් ප්‍රතිසංස්කරණය යටතේ පැවති ඉඩම් මෙන්ම රජයේ කැලෑ මෙම වන විනාශයට ගොදුරු වූ බිම් කඩවල්ය. රජරට පළාතේ කැලෑවට යටව පැවති වැව්  වන සංරක්ෂණයට පවරා ගත් අතර අතැම් වැව් පිටි වලට රජයේ බලපත්‍ර නිකුත්  කරනු ලැබිණ.සීගිරිය අසල කයිලම්වැව වැව් පිටියට අත් වූයේ මෙවැනි කල දසාවකි.මෙම වැව කැඩී බිඳී ගිය පසු ගොවීන් විසින් වැව් පිටි අස්වද්දනු ලැබීය. පසුව සින්නක්කර ඔප්පු සාදා පිටස්තර පුද්ගලයන්ට විකුණනු ලැබූහ. කුමාර සංගක්කාර විසින් මිලදී ගනු ලබනුයේ එවැනි ඉඩම් කට්ටි කීපයකි. පසුව ඔහුගේ භාර්යාව විසින් ද බලපත්‍ර සහිත ඉඩමක් පවරා ගෙන තිබේ. මේ ඉඩම් ගනුදෙනු වලට සැදී පැහැදී සිටින තැරැව් කරුවන් සහ නිළධාරීන් රාශියක් මේ ප්‍ර දේශ වල සිටිති. මෙම ඉඩම් වැව් පිටියක තිබුණු බවවත් නිළධාරීන් නොදැන සිටින බව හුවමාරු වූ ලිපි වලින් පැහැදිලි වන්නේ සබෑවටම නොවේ.අතයට ඉඩම් ගනුදෙනු සිදු කිරීමෙන් ලබන වාසිය නිසාවෙනි.දඹුල්ල අසල කණ්ඩලම වැව ඉස්මත්තේ මහකපුයාය නම් වැව අසල ගල්ලෙනක තිබූ සෙල් ලිපියක් ග්‍රයින්ඩර කර වැවේ රක්ෂිතය හෝටලයකට කොල්ල කනු ලබන්නේ මීට ටික කාලයකට පමණ පෙරදීය.මහකපුයාය කුඹුරු යායේ ගොවීන් සතු ඉඩම් කැබලි කීපයකට කූඨ ලේඛන සැකසෙන්නේ ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේද සාභාගිත්වයෙනි. මෙම ගනුදෙනු වලට ඉඩම් නිළධාරීන් ප්‍රා දේශීය ලේකම් වරුන් සහ වන නිළධාරීන්ද හවුල් ව සිටියහ. කුමාර සංගක්කාර මහතාගේ ඉඩමට පමණක් නොව මෙවැනි ඉඩම් රාශියකට අවසාන වශයෙන් බිම් සවිය යටතේ කැඩැස්තර සකස් වන්නේ පෙර උරුමයන් සියල්ල අවලංගු කරමිනි.දඹුල්ලේ කලුන්දෑව පැරණි ගම්මානයේ පැරණි සිරිතට අනුව වැන්දඹුවන්ට වෙන් කරන ලද ඉඩම් පවා කොල්ලකා බිම්සවිය යටතේ කැඩැස්තරයට ඇතුලත් වන්නේ ප්‍රදේශයේ දේශපාලනඥයෙකු ගේ ගෝලයන් ගේ නමටයි.

    වර්තමාන වන විනාශය ඉක්මන් කරවීමට ඩෝසරය පැමිණිම හේතු ව තිබේ.දවසකින් මේ යන්ත්‍රය විසින් ගිල දමනු ලබන වන බූටෑවන් අති මහත්ය. වෙනදා දෑතින් මිනිස් ශ්‍රමයෙන් ඉතා ඉවසිලිවත්ව සිදු කරන එළි පෙහෙළි කිරීම් වගක් විභාගයක් නොමැතිවම වේගවත් වන්නට නවීන තාක්ෂණය ඉවහල් වී තිබේ.ඇතැම් පුරාවස්තු පවා ඩෝසර වන්නේ මේ අන්දමටයි.සිංහරාජයේ ප්‍රේරණ කාලපයද පොලෙන්නරුවේ ජල ගැලුම් නිම්නයද  විල්පත්තු මරිච්චකට්ටු වනන්තරයද මඩු රක්ෂිතයද රඹකැන් ඔය රක්ෂිතය තුළද  සිදු වන මහා වන විනාශය සියල්ල සිදු වන්නේ ඉඩම් මංකොල්ල කෑමේ චේතනාවෙන්ය.

 එක පැත්තකින් දේශපාලනඥයන්ය. තවත් පැත්තකින් මේ දේශපාලකයන් පසු  සස්සේ යන ව්‍යාපාරිකයන්ය. අනෙක් පැත්තෙන් මුස්ලිම් අන්තවාදීන්ය. දෙමල ජාතිවාදීන් විසින් කරන ඉඩම් අත්පත් කිරීම් බොහෝ විට පුරාවිද්‍යා රක්ෂිත හරහා සිදු වෙන අතර දෙමළ ගම්මාන පිහිටුවීමේ ක්‍රියාවලියද මේ අතර සිදු වේ.මෙවැනි තත්වයක් සිදු කිරීමට තිබෙන ප්‍රවණතාවය වැඩි වූයේ වන සංරක්ෂණ දේපාර්තමේන්තුවට 2001 වසරේ ගැසට්ටුවකින් පවරා දී තිබූ රජයේ අනෙකුත් කැලෑ නැවත දිසාපතිවරුන් යටතට පත් කිරීමත් සමගය.නීති රීති ලිහිල් කරන කල්හි ඒවායින් ප්‍ර යෝජන ගන්නට මාන බලනවුන් විශාල ප්‍රමාණයක් සිටී. ගම සමග පිළිඳරට එක් වෙමින් ජනපති වරයා විසින් කරන වකගීම් විරහිත ප්‍රකාශ මෙම කැල පාලුවන්ට ඉණිමං බැඳීමකි. රජයේ ඉඩම් ප්‍රතිපත්ති නීති වන නීති පරිස්සමින් ක්‍රියාවේ යොදවමින් අවශ්‍ය ප්‍රතිසංස්කරණයන් කිරීම සුදුසු නමුත් සියලු නීති කඩා ඉහිරවමින් අම්බලමට පැන්න ගොනා මෙන් හැසිරීම ඥානවන්ත ක්‍රියාවක් නොවේ එහි ප්‍රතිඵලය අද අප භුක්ති විඳිමින් සිටිමු.මෙම වන විනාශයන් ගෙන් ප්‍රතිඵල නෙලා ගන්නා තවත් කට්ටියක් සිටිති. ඔවුන් නම් විද්‍යුත්මාධ්‍ය මාෆියාවයි. එක දහය කරමින් කරන මගොඩිස් වැඩ ඔවුන්ගේ ගරිල්ලා මාර්කටින්ය.අවසානයේ සිදු වන්නේ රජය විසින් හීන් සීරුවේ කරනු ලබන නව යටත් විජිතවාදී ඉඩම් කොල්ලයන් ගේ සැබෑ තොරතුරු යටපත් වීමයි.එනම් යහපාලන රජය කාලයේ කරළියට පැමිණි භෞතික සැලැස්මට අවශ්‍ය ඉඩම් ජනතාවගෙන් ලබා ගැනීමට මාර්ගයක් විවර වීමයි.ජනතාව විසින් අනවසරයෙන් එළි කොට විවිධ කාර්යයන් සඳහා යොදා ගත් ඉඩම් වලට රජයේ ඔප්පු පිරි නැමීමත් බිම් සවිය යටතේ නව කැඩැස්තර සකස් කිරීමත් සිදු වෙයි. 1998 වසරේ ඉඩම් හිමිකම් පනත සම්මත කොට බිම් සවිය සඳහා ලෝක බැංකු ආධාර ලැබ දෙන්නේ ජනතාව සතු ඉඩම් පවරා ගැනීමේ නව ක්‍රමයක් ලෙසටය.වර්තමාන ජනපති වරයා මෙම ක්‍රියාවලියට සෘජුවම දායක වෙමින් සිිටී

No comments:

Post a Comment