පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Friday, August 23, 2019

සම්බන්ධන් සහ සුමන්තිරන්ගේ පුරවැසිකම අහෝසි කළ හැකිද


                      
     වත්මන් ව්‍යවස්ථාවේ හැටියට මන්ත්‍රීධූරයක් දරන තැනැත්තෙකු තමන්ගේ රටේ පමණක් පුරවැසියෙකු විය යුතුය.ගීතා කුමාරසිංහ මහත්මියට සිය ධූරය අහිමි වූයේ මේ ව්‍යවස්ථාපිත තත්ත්වය නිසාවෙනි.දැන් ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ඇමරිකන් පුරවැසි භාවය ගැන බොහෝ දෙන ප්‍රශ්ණ කරමින් සිටී.ඔහු එය ඉවත් කරගත් බව දන්වා සිටියද සමාජ මාධ්‍ය ජාලා තුළ සාකච්ඡා වන්නේ වෙනත් කරුණකි.
        පුරවැසියා (Citizen) යන්න කතාබහ වන්නේ පුරාණ ග්‍රීක පෞර රාජ්‍යය තුළයි. ඔවුන්ගේ දේශපාලන මණ්ඩලය තුළ සිටින්නන් ග්‍රීක පුරවැසියන් ලෙසට හැඳින්වූහ.එය දේශපාලන පීළිබඳ බෞතීස්ම නැන්වීමක් බඳු විය. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයන් සංවර්ධනය වීමේ දී මෙම පුරවැසි අයිතිය පිළීබඳ සකච්ඡෘ වෙමින් තහවුරු වූ ආකාරය අපට ඉතිහාසයෙන් උගත හැකිය.ලංකාවේ දී පුරවැසි භාවය පීළිබඳ පළමුවරට නීතිමය ලෙසට කතා බහ වන්නේ 1948 වර්ෂයේ දීය. 1815 වසරේ  බ්‍රිතාන්‍ය අධිරාජයාට ලංකාව ගිවිසුමකින් භාරදුන් පසුව එංගලන්ත කීරීටයට යටත් පාලනයක් මෙහි විය. ඒ නිසා ලංකාව තුළ වාසය කරන සියලු දෙන එංගලන්ත කොළණීයකට අයත් පුරවැසියන් බවට පත් විය. නමුත් 1948 දී අපට  දේශපාලන නිදහස ප්‍රදානය කරන කල්හි මෙරට වාසය කරන සියලුම ජන කොටස් වල අයිතිය සුරැකීමට යම් නීතිමය ලියවිල්ලක් අවශ්‍ය විය. එම නිසා 1948 අංක 18 දරන පුරවැසි පනතකින් එය නීතිගත කරන ලදී. මෙම පනතේ පැහැදිලිව සඳහන් කරන කල එක කාරණයක් වෙයි.පියා සීයා හෝ මුත්තා පරම්පරාගතව ලංකාවේ ජීවත්ව සිටීයේ නම් ඔහුට පාරම්පරික පුරවැසි බව හිමිවන බවයි. යම් අයෙකු ගේ පියා හෝ සීයා පමණක් මේ රට පදිංචි කරුවන් ලෙසට සිටි අවස්ථාවකදී ඔහුට ලියාපදිංචි පුරවැසි භාවය හිමිකර දීමටද මෙම පනතින් විධි විධාන සැලැස්වීය. මේ අනුව මෙතනදී සිදු වූයේ 1815 න් පසු ලංකාවේ පදිංචි කරන ලද දෙමළ සහ මුස්ලිම් ජන කොටස් වලටද ලංකාවේ නව රජයේ පුරවැසි කම ලියාපදිංචියෙන් හිමි වීමයි.ඒ  අනුව ඉන්දියාවේ සිට පැමිණී අරුණාචලම් පවුල විග්නේශ්වරන් පවුල පසුව ගල් ඔය සංවර්ධන මණ්ඩලයේ ගබඩා පාලක වශයෙන් පැමිණී රාජවරෝදියන්ට ඔහු ගේ පුතණුවන් වන ආර්.සම්බන්ධන්ට මෙන්ම සුමන්තිරන් ගේ පරම්පරාවටත් ලියාපදිංචි පුරවැසි කම හිමි වීමයි. තොන්ඩමාන් මහතාට පුරවැසි කම් ලබා දුන්නේ සිරිමා රජයයි.මෙම පනතේ  ලංකාවේ පාරම්පරිකව ජීවත්ව සිටි ජනතාව ගැන සඳහනක් තිබුණද එම පුරවැසි පනතේ කිසිම තැනක ඔවුන්ගේ අයිතීන් උරුමයන් ගැන සාකච්ඡා කර නැත. එම පනත ගෙන ආයේ බ්‍රිතාන්‍යයන් නොවේ. නිදහස ලබාගෙන ආණ්ඩු බලය හිමිකරගත් මෙරට පාලකයන්ය.
             1950 1955 වර්ෂ වලදී මෙම පනත නැවත සංශෝධනයට බඳුන් විය.ඉන්දු පකිස්ථාන් පුරවැසියන් පිළීබඳ නීති රීති එහි අඩංගු වී තිබුණි. ලංකාවට ගෙන ආ ඉන්දියානු වතු කම්කරුවන් පුරවැසි බව ගැන යලිත් 1962 වර්ෂයේ දී සාකච්චා වූ අතර 1978 දී ඇති කළ ව්‍යවස්ථාවේ  පස්වන පරිඡේදය තුළ පුරවැසි භාවය පිළිබඳ වැදගත් කරුණු රැසක් අඩංගු කිරීමට කටයුතු කර ඇත. ඒ ව්‍යවස්ථාව අනුව 1948 අංක 18 ප්‍රතිපාදනය වෙනස් කර එහි 26(2) වගන්තිය යටතේ සියලුම පුරවැසියන් මෙසේ එක සමාන කර ඇත.එනම් පුරවැසි තත්ත්වය අත්පත් කරගනු ලැබූ ආකාරය එනම් පරම්පරාවෙන්ද නැතහොත් ලියාපදිංචියෙන්ද යනු සලකා කවර වූ හෝ කාර්යයක් සඳහා ශ්‍රි ලංකාවේ පුරවැසියන් වෙසෙසා නොදැක්විය යුතුය යන්න සඳහන් කර තිබේ..ඉන් පසු උඩරට වතු වල පදිංචි දහස් ගණනක දෙමළ කම්කරුවන්ට  දිවුරුම් පෙත්සමක් මගින් ලියාපදිංචිය මගින් පුරවැසි බව හිමි කර ගැනීමේ අවස්ථාව හිමි විය.1978 ව්‍යවස්ථාවේ කළ අනෙක් ප්‍රතිපාදනය නම් එහි 91 වගන්තිය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීමට සුදුසුකම් දැරීම සඳහා වන නියමයට ලංකාවේ පුරවැසි කම් අනිවාර්යය කිරීමයි.
      මේ අනුව 1948 සිට වසර හතළික් දක්වා කාලය තුළ ලංකාවේ ජීවත්වන ඓතිහාසික පුද්ගලයන් වන සිංහලයන් ගේ භූමිපුත්‍රය අයිතිය පුරවැසි කමෙන් වසා දැමීමේ ඛේදවාචකය පීළිබඳ යම් චිත්‍රයක් මවා ගත හැකි වෙයි.දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ චන්ද කුට්ටියට ඇතැම් විට කප්පමට වහල් වී සිංහල දේශපාලඥයන් කළ කුපාඩිකම් මෙලෙස හෙළිදරව් කළ හැකිය. අද වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ දිවිත්ව පුරවැසිභාවය ගැන බොහෝ දෙනෙකු කතා කරති. එය මහා වැරැද්දක් ලෙසට ඉස්මතු කොට ඔහුට කිසිසේත්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි බවට තර්ක ඉදිරිපත් කරති.නමුත් 1948 අංක 18 දරන පනතේ පැහැදිලිව යම් කිසිවෙකු ගේ පුරවැසි කම අහෝසි වන ආකාරය දක්වා තිබේ. එනම් රාජ්‍යයට ද්‍රෝහී වීම රජයට එරෙහිව කුමන්ත්‍රණය කිරීම ආදී කරුණු ප්‍රමුඛ වෙයි. නමුත් ස්ව කැමැත්තෙන් පුද්ගලයෙකුට තමන්ගේ පුරවැසි කම අහක් කොට ගෙන යෑමටද එහි ඉඩ ප්‍රස්ථා ලබා දී තිබේ.. මෙම ප්‍රතිපාදන දෙක ඇරුණු කොට දිවිත්ව පුරවැසි බව ලබන තැනැත්තෙකුට මේ රටේ අයිතිවාසිකම් අහුරන වගන්තියක් එහි නොවේ.මෙය වූයේ කෙලෙසකද
       2015 වසරේ යහපාලන ආණ්ඩුව පත් වීමෙන් පසු දිග හැරෙන විදේශ න්‍යාය පත්‍රය යටතේ බලය බෙදීම ස්වයං පාලනය ලබා දීම මිය ගිය කොටිවන්ට වන්දි ගෙවීම ලංකාවේ ඉඩම් විදේශිකයන්ට පැවරීම වැනි බරපතල කාරණා රැසක් අන්තර්ගතව තිපබුණි. ඒවා සුමට ලෙසට ක්‍රියාත්මක කරලීමට නම් විරුද්ධ පකෂය අකර්මණ්‍ය කළ යුතුය. යහපාලන ආණ්ඩුව සිය ධූර කාලය සම්පූර්ණයෙන් ගත කළ යුතුය.  ඒ නිසාම රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව දහනව වන සංශෝධනය හොර පාරෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධීව පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමට කටයුතු කළහ. මෙම සංශෝධනය කරලීමේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධීව බරපතල ලෙස වැරදි කීපයක් සිදු කර තිබේ. ජනමත විචාරණයකට යා යුතු ඇතැම්  වගන්ති අමු අමුවේ වෙනස් කර හිතූ මනාපයේ තමන්ට අවශ්‍ය න්‍යයා පත්‍රයට සරිලන වගන්ති ඇතුලත් කර තිබේ. එයින් එක් වගන්තියක් වන්නේ මන්ත්‍රීවරයෙකු හෝ ජනාධිපතිවරයෙකුට අපේක්ෂකත්වය ලබා ගැනීමට නොහැකි වන කොන්දේසියයි. එනම් 91 වගන්තියේ සඳහන් ලංකාවේ පුරවැසි භාවය නොමැති කෙනෙකු යන වචනය වෙනස් කොට වෙනත් රටක පුරවැසියෙක් වන  ශ්‍රී ලංකා පුරවැසියෙක් යන්න ආදේශ කිරීමයි.
    සැබවින්ම මෙය මගින් 1948 අංක 18 දරණ මූලික පනත උල්ලංඝණය කර ඇති අතර මානව හිමිකම් සම්බන්ධ ඡෙදයේ ඇතැම් වගන්තිද උල්ලංඝණය කර තිබේ. උපතින් පරම්පරාවෙන් ඉතිහාසයක් හිමි  ගීතා කුමාරසිංහට සහ ගෝඨාභාය රාජපක්ෂ මහතාට අපේක්ෂක සුදුසුකම් අහිමි වන්නේ ඒ නිසාය.කණගාටුව වන්නේ සිංහලයන් වශයෙන් තමන්ගේ අයිතිය අහිමි කර ඇති බව ඔවුන් දෙදෙනාද නොදැනීමයි.නමුත් ලියාපදිංචි කිරීමෙන් පුරවැසි බව හිමි වූ රටට එරෙහි යුධ වැදුණු කුමන්ත්‍රණය කළ ආර්.සම්බන්ධන් සුමන්තිරන් විග්නේශවරන් විජයකලා වැන පුද්ලයන්ද රිෂාඩ් බද්යුදීන් හිස් බුල්ලා වැනි ත්‍රස්තවාදයට අනුබල දෙන පුද්ගලයන්ගේද පුරවැසි කම් හොඳින්ම ආරකෂා වේ. දහනව වන සංශෝධනය සම්මත කර ගැනීමට මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සහාය පළ කළ බව කවුරුත් දනිති.  බරක් පතලක් නොමැතිව කළ මේ ගොන්කම් නිසා අද ඔවුන්ද අමාරුවේ වැටී සිටිති.අමාරුවේ වැටී සිටිතත් තමන් ඇතුලු සිංහල ජනතාව වැටී සිටින අගාධාය ගැන ඔවුහු නොදනිති. සමස්ත සිංහලජාතියටම මේ පුරවැසි පනත් වලින් සහ ව්‍යවසථා සංශෝධන වලින් බලවත් අසාධාරණයක් වී තිබෙන බව කියන්නට  ඔවුන්ටද හයියක් නැත.එසේ කියන්නට ශක්තියක් ලැබේ නම් රටට ද්‍රෝහී වන සම්බන්ධන් සුමන් තිරන් මෙන්ම රිෂාඩ් බද්යුදීන්  ලාගේ පුරවැසි කම අහෝසි කිරීම එතරම් ප්‍රශ්ණයක් නොවේ.


Thursday, August 15, 2019

කාලය විසින් නිර්දේශිත පාලකයෙකු ගෙන් බලාපොරොත්තු විය යුත්තේ කුමක්ද


                 
             මෙම ලිපිය සමග ඇති සිතියම හොඳින් නිරීක්ෂණය කළහොත් වටහා ගැනීමට හැකි වන්නේ ලංකාවේ පළාත් කීපයක බෞද්ධ ජනගහනය ඉක්මවා වෙනත් ආගමිකයන්  ඉදිරියට පැමිණ ඇති ආකාරයයි. මේ සිතියම පළ වී තිබෙන්නේ 1915 වර්ෂයේ ජන ලේඛන කොමසාරිස් ඊ.බී.ඩෙන්හැම් ගේ පාලන වාර්තාව තුළයි.1815 වසරේ ලංකාවේ දේශපාලන බලය බ්‍රිතාන්‍ය කිරීටයට පවරා දීමෙන් පසු සියක් වසරක් තුළ ඔවුන් කළ කී හරිය මෙම සිතියමින් පැහැදිලිවේ. මෙතෙක් සංක්‍රමණිකයන් වශයෙන් සිටි දෙමළ මුස්ලිම් වර්ගයන්ට පුරවැසි කම දීම.ඔවුන් පාලනය කරලීමට නව නීති සැකසීම ඔවුන් වෙනුවෙන් භූමිය වෙන් කිරීම ආදී ක්‍රියාන්විතයන් එහි වෙයි. දැන් 2015 වසර ගෙවී ගොස් අවසන්ය. 1915 සිට තවත් වසර සියයක් ඉක්ම ගොසින්ය.අද මෙවැනි සිතියමක් සකස් කළහොත් සිංහල බෞද්ධ ජනගහනය ඉක්මවා ගිය පළාත් ගැන හොඳින් අවබෝධ කර ගතහැකි වනවා නොඅනුමානය.විශේෂයෙන්ම 2012 ජන සංගණන වාර්තාව තුළම මෙය පැහැදිලි කර ගත හැකිය. කාලය විසින් නාව පාලකයෙකු පිළිබඳ බලාපොරොත්තුවක් අප තුළ ජනිත කර තිබෙන්නේ මෙවැනි පසුබිමක් තුළය.

     1948 දී බ්‍රිතාන්‍ය කිරීටයෙන් අප යම් තරමක් නිදහස් වී 1972 දී ස්වාධින ජනරජයක් බවට පත් වූ පසුවත් මේ සෝදා පාලුව නිමා වී නොමැති බව එයින් පෙනේ.. අද කොළඹ නගර සභා සීමාවේ සිංහල ජනගහනය සියයට විසිහතර දක්වා අඩු වී තිබේ.අම්පාර හා ත්‍රිකුණාමලය නොමැති නම් සමස්ත නැගෙනහිර පළාතම සිංහලයන්ට අහිමි වනවා ඇත.ඩී.එස්.ජෝන් දෙදෙනාගේ ජනපදකරණය තුළින් යම් ප්‍රගතියක් මෙම පළාත් වල අත් පත් කරගෙන තිබුණද මේ තත්ත්වය තව කෙතෙක් දුර රඳවා ගබා ගත හැකි දැයි අවිනිශ්චිතය.සිංහල  බෞද්ධ පළාතක් ලෙසට තිබූ උඩරට පළාතෙන් නුවර එළිය දිස්ත්‍රික්කයක් ලෙසට කඩා දෙමළ ජනගහනයට අවශ්‍ය පහසුකම් සලසවා පුරවැසි කම් ප්‍රදානය කර ඇත.අද එහි දේශපාලන තීරකයෝ ඔවුන් වෙති.
        පසුගියදා එල්ල වූ පාස්කු ප්‍රහාරයෙන් පසු අන්තවාදී මුස්ලිම් දේශපාලනඥයන් ගේ ඉලක්ක පිළිබඳව සිංහල සමාජයට මනාව වැටහී යන්නට ඇතිවාට නිසැකය.විශේෂයෙන් රිෂාඩ් බද්යුදීන් හා හිස්බුල්ලා විසින් දියත් කරන ලද මුස්ලිම් ව්‍යාප්ත වාදය අද එක්සත්ජාතික පක්ෂයේ බල කඳුවුරුද ග්‍රහණය කරගැනීමට සමත්ව තිබේ.අනෙක් අතින් සුමන්තිරන්ලාගේ දෙමළ ජාතිවාදී බල ග්‍රහණය කොළඹ දේශපාලනය පමණක් නොව නිළධාරින් ඔස්සේද ක්‍රියාත්මක වෙමින් තිබේ.මෙ සියල්ල සාර්ථක ව ඉදිරියට ගෙන යෑමට අතහිත දෙන්නේ එදා බ්‍රිතාන්‍ය නම් අද ඇමරිකාවයි. ඔවුහු සිංහලයන් ශූන්‍ය කරලීමට අන්තිම තුරුම්පුවත් ගැසීමට කල් යල් බලමින් සිටී.
          සිංහලයන් මේ රටේ භූමිපුත්‍රයන් බව කියැවෙන්නේ එයට ඉතිහාසය නමැති ඔප්පුවක් තිබෙන බැවිනි. උතුරත් දකුණත් නැගෙනහිරත් බටහිරත්  තිබෙන ජීවමාන බෞද්ධ පුරාවස්තු අතර තිබෙන දාගැබ් කොරවක් ගල් බුදු පිළිම සහ සෙල් ලිපි වලින්  පමණක්ම සිංහල බෞද්ධ අයිතිය ලොවට හඬ ගා කිව හැකිය.වසර දෙසීයක් පමණ කාලයක සිට  මෙරටට පැමිණි සාක්‍රමණිකයන් වන දෙමළ සහ මුස්ලිම් ජන කොටස් විසින් මේ භූමිය අල්වා ගෙන සිංහලයන් ඉන් පළවා හැර දෙශපාලන බල ආධිපත්‍ය ඇති කරගෙන තිබේ.ඊනියා දෙමළ ප්‍රදේශ යනුවෙන් නම් කරමින් බණ්ඩාරනායක රජයේ සිංහල භාෂා පනතට සංශෝධන එක් කරමින් භූමිය පමණක් නොව උතුරේ භාෂා අයිතියද සිංහලයන් ගෙන් උදුරාගෙන තිබේ.අද වන විට උතුරේ තිබෙන බෞද්ධ පුරාවස්තු ඩෝසර කරමින් නිධන් වස්තු කොල්ල කමින් ඒ මත කෝවිල් ඉඳි කරගන්නට නීතියද අව භාවිත කරමින් පවතී.අවාසනාවකට වර්තමාන සංස්කෘතික ඇමතිවරයා යටතේ තිබෙන අමාත්‍යංශය මගින් උදාගම් හදන්නේ ද මේ පුරාවස්තු ඩෝසර කරමිනි.මේ අස්සේ සාෆි දොස්තර විසින් කළ ගර්භාෂ සංහාරය යටපත් කරලීමට දත් දොස්තරගේ සිට ඔවුන්ට රැකවල් දෙන යහපාලන කොන්දොස්තරලාගේ ද මහත්ම වෑයම වීතිබේ.නමුත් අර්ජුන් මහෙන්ද්‍රන් ලා  සහරාන් ලා සහ සාෆී ලාගේ කුමන්ත්‍රණය මෙහෙයවූ මහම ලොකු මොළ කරු මේ රටේ සිංහල බහුතර පක්ෂයක අසමසම නායකයෙකි.ව්‍යවස්ථා සම්පාදනය මගින් බෙදුම්වාදයට සුජාතබව දෙන්න වලිකන තක්කඩියෙකි.සුද්දා ලබා දුන් පක්ෂ දෙශපාලනය විසින් සිංහල ජනතාවට හිමිකර දුන් බරව කකුළ එයයි.
        දැන් මේ හොඳටම ඇති යැයි බොහෝ අයට සිතනවා නිසැකය.ඒ මන්ද පාර්ලිමේන්තුව ඇතුළු මුලු දේශපාලන ක්ෂේත්‍රයම ගන්දස්කාරයෙන් යුක්ත මීතොටමුල්ලක් වීමයි.කලකට පෙර කරුණාරත්න ජයසූරිය කතානායකට මහාසංඝ රත්නයෙන් සම්මාන  හිමි විය. .හඬින් චන්දය විමසා විශ්වාස භංගය ජයගත් කරු ජයසූරිය ඇමරිකන් තානාපති වරුන් ගේ ඕඩරයට නටන රූකඩයක් බව මේ කිසිවෙකුටත් අවබෝධ වී නැති ගානය.රනිල් ට විපක්ෂ නායකකමේ වත් එල්ලී සිටින්නට සිටින හොඳම අපේක්ෂකයා වන්නේ ඔහුයයි කල්පනාවක් මතුව තිබේ.දැන් සිංහල බෞද්ධ බහුතරය විකල්පයක් සොයමින් ඔල්වරසන් නගමින් සිටින කාල වාකවානුවයි.එදා කොටි ග්‍රහණය මැද්දේ යුදධය නිමා කරලීමට මහින්ද රාජපක්ෂ මහතාව ඉල්ලා සිටියේද ඒ ආකාරයෙනි. ඔහු යුද්ධය ශූර ලෙසට නිමා කලා පමණක් නොව ශක්තිමත් දේශපාලනයකට ඹුලාරම්භය ඇති කලේය( සයවන පරාක්‍රමබාහු යුගයෙන් පසු ). එහෙත් සිංහල බෞද්ධ අපේක්ෂාව ඉටු විණිද.ඒ අපේක්ෂාව මහින්ද සමග එකට සිට ඉටු කරනු ඇතැයි චම්පික රණවක කෙරෙහි මෙරට දේශප්‍රේමී සිංහලයන් දෑස් දල්වා බලා සිටියහ.අවසානයේ 2014 වන විට ඔහු මහින්ද අතහැර විජාතික කඳවුරට තුරුලු විය. ඒ යහපාලනය ලවා සිංහල අපේක්ෂාවන් දිනවීමට නොවේ. විජාතික පාලනයේ බලාපොරෙත්තු වඩාත් දක්ෂ අන්දමින් ඉටු කරලීමයි. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හරහා රට දෙකඩ කරවන ආරථික කොරිඩෝවේ දේශීය නියේජිතයා වන්නේ රනිල්ටත් වඩා චම්පික බවට අද තහවුරුවක් ලැබී තිබේ.1915 වැනි ඈත කාලයකදී ඩෙන්හැම් විසින් අපට පෙන්වා දුන් සත්‍යය එනම් සිංහලයා ක්‍රමයෙන් අන්‍ය ජන වර්ග වල දේශපාලනයෙන් කොටුවනවා යැයි යන සත්‍යය තෙරුම් ගෙන ඒ කටුක යථාර්ථය අභිබවමින් මොවුන්ට ඉදිරියට යන්නට බැරි වූයේ ඇයි.
         2019 වසර අග භාගයේ පවත් වාවිය යැයි විශ්වාස කරන ජනාධිපතිවරණයක්  ගැන සිහියෙන් එහි බලාපොරොත්තු දල්වා ගෙන අපේක්ෂකයන් තෝරන සිංහලයන්ට තමන්ගේ ඉරණම ගැන හන්කවිසියක් මතක් වී තිබේද. අපේක්ෂකයන් ගේ හොඳ  නරක දක්ෂතා ගැන අධිතක්සේරුවක සිටින සමාජයක් බැවින් සිංහල රට ගෙන යායුතු නිවරදි දිශානතිය ගැන තේරුමක් ගන්නට අවකාශයක් නොමැති බව පෙනේ.ගෝඪාභය රාජපක්ෂ ගේ ඇමරිකන් පුරවැසි බව ගැන කතා කරන පක්ෂවලට ලැදි සිංහලයන් ඔහුගේ භූමිපුත්‍ර අයිතිය ගැන කතා නොකරති.තමන් උපන් භූමිය වෙනුවෙන් තමන්ගේ ජාතිය වෙනුවෙන් ශාසනය වෙනුවෙන් වැඩ කරන්නා භූමිපුත්‍ර යෙකි.පෙර සඳහන් කළ පරිදිම ලංකාවේ හැම බිම් අඟලක්ම සිංහලයන් බහුතරයකගේ බලය ඇති තැන් බවට පත් විය යුතු බව ඉන් ගම්‍ය වේ.. මේ රටේ රණ විරුවන් දිවි පුදා හෝ ආබාධිත වී රට රැක ගත්තේ එවැනි අරමුණකින්ය.වසර දෙසීයක් තුළ සිංහල භූමි පුත්‍රයන්ට ස්වකීය මාතෘ භූමිය අහිමි කළ අණ පනත් රාශියක් ඇත. පළාත් සභා පනත වැනි බෙදුම්වාදී රේඛා ගැසූ පනත් ඇත. සහජීවනය හෝ සංහිඳියාව නාමයෙන් බෞද්ධ උරුමය සඳහා වැඩ කරන්නට සීමා පණවන අධිකරණමය නීති පද්ධතියක් ස්ථාපිතව තිබේ. මේවා ගැන සිහි බුද්ධියෙන් සිතන්නන් විරලය. සිතුවද එම සීමාවන් අතික්‍රමණය කරමින් සිංහල බෞද්ධ උරුමයන් ස්ථාපිත කරන්නට වෙහෙසෙන සත් පුරුෂයන් ද ඉතා විරලය.මෙම විරලතාවය නැති කොට ජාතිමාමකත්වයෙන් බහුලතාවය ඇති සිංහල ජනතාවක් රට තුළ ස්ථාපිත වුවහොත් ඉදිරියේ දී පත් වන නව ජනාධිපතිවරයාටද එසේ කරන්නට ශක්තියක් ලැබෙනවා නිසැකය.
           රටක් නැගිට්ටුවන්නට කළ යුත්තේ කුමක්දැයි ඇතිවන සංවාදයේ දී මෙරට ආර්ථික දිශානතිය මෙන්ම භූගොලීය සාධකයන්ද ඉතා වැදගත්ය. මේවාට අවශ්‍ය ශක්තිය ලබා දෙන්නේ සොබා දහමයි. සොබාදහමට ආශීර්වාද කරන සම්‍යක් දෘෂ්ඨික බලවේගයි. දළදා වහන්සේ මුල් කරගත් මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියයි. දෙමළ මුස්ලිම් සාංක්‍රමණිකයන්ට එදා රජ දවසදී ඌලියම් බදු ගෙවා සිංහලයන් ගේ සම්පත් භුක්ති විඳීමට මෙන්ම වෙළෙඳාමටද ඉඩ හසර තිබුණි.මහනුවර රාජධානියට ලුණු සැපයීමේ බද්ද ඔවුන්ට පැවරුණේ ඒ නිසාය.ගම් වදින ත්‍රස්තවාදී දෙමළුන් අල්වා මාවටුතොටින් පළවා හැරිය යුතු බවට සෙල් ලිපි කීපයකම අණ පනත් පනවා තිබුණි.මෙරට වාසය කරන විදේශිකයන් සිංහල සංස්කෘතිය යටතේ සිටිය යුතු බවට කෙරෙන ආඥාවන් එයයි.අද වන වට සිංහලයා පක්ෂ තුළට කොටු කර දෙමළ මුස්ලිම් ජාතිකත්වයක් ඔසවා තබා සිංහලයාට පහරන්නේ සුද්දන් පස්සේ යන කැනහිල්ලුය.අපගේ පැරණී සිරිත රකින්නට පවත්වා ගෙන යෑමට යම් පාලකයෙකු උත්සාහ කන්නේ නම් ඔහුට නිතැතින්ම ආරක්ෂාව මෙන්ම පින් මහිමයද උදාවන බව අතීත මහාවංශ උදාහරණ වලින් පෙන්වා දිය හැකිය. දුටු ගැමුණු කුමරු රජ දවස දිවයිනේ නන් දෙසින් තඹ රිදී පහළ වූ හැටි මතක් කරනු මැනවි.දිගාමඬුල්ල සශ්‍රීක වූ හැටි මතක් කරනු මැනවි. කාවන්තිස්ස දුටු ගැමුණු කලා මෙන් ධාතුසේන රජු ඉටුකලාමෙන් මාන කුමරු කලා මෙන් මහා විජයබාහු මහා පරාක්‍රමබාහු ගේ ජයග්‍රහණයන් මෙන් දෙවන සහ සයවන පරාක්‍රමබාහු කාලයේ සතුරාට නිසි පරිදි මුහුණ දුන්නා මෙන් පළමුවන විමලධර්ම සූරිය වැනි අසම සමව කාලය විසින් නිර්දේශිත රජවරු කලදේ අදටත් වලංගුය.ඒ මග ගැන්මට දැන් කාලයයි.


Sunday, August 4, 2019

බෙදුම්වාදයේ ගමන් මග ඔලුවිල් සිට සයින්දමරතු දක්වා


                                     
            මුස්ලිම් අන්තවාදීන් විසින් එල්ල කරන ලද පාස්කු ප්‍රහාරය අහම්බයක් නොවන බව දැන් සනාථ වී ඇත. තේරීම් කාරක සභාව විසින් ඉදිරියේ දී කුමන ආකාරයේ වාර්තාවක් ඉදිරිපත් කළද මෙම ප්‍රහාරය පිටුපස ඇමරිකාව සිටින බවද ඒ සඳහා ලංකාවේ අගමැති ඇතුළු දේශපාලන නායකයන් දැනුම්වත්ව සිටි බවද පැහැදිලිය.මෙම ප්‍රහාරයට පසුබිම් වූ වහාබ් ත්‍රස්තවාදය ව්‍යාප්ත කරලීම ට සෘජුව චෝදනා එල්ල වූ අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා හලීම් පමණක් නොව රවුෆ් හකීම්  ආදී මුස්ලිම් දේශපාලනඥයන් නිදොස් කොට නිදහස් කරලීමේ අගමැති මෙහෙයුම දැන් ආරම්භ ව ඇත.යලි ඇමති ධූර භාර ගනිමින් එම සංඥාව සමාජයට මුදා හැර තිබේ.නමුත්  පාස්කු ප්‍රහාරය දිගු කාලීන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් යැයි  සිංහල සමාජය තේරුම් ගෙන තිබෙන්නේද ..
         ලංකාවේ මුස්ලිම් ජනගහනය සියයට දහයකට ආසන්න කුඩා ප්‍රමාණයකි. එහෙත් වර්තමානය වන විට ඔවුහු දේශපාලන වශයෙන් බලවත් පිරිසක්ව සිටිති. එසේම රටේ වානිජ මර්මස්ථානයන් අල්වාගෙන බල ආධිපත්‍ය පතුරුවන පිරිසක් වී සිටිති. ඉංග්‍රීසීන් ගේ පිහිටෙන් ලංකාවේ පුත්තලම මඩකලපුව ආදී තැන්වල  පිහිටි ඔවුන් ගේ තාවකාලික ජනාවාස වලට ස්ථීර ඉඩම් අයිතිය ලැබෙන්නට ආරම්භ වූයේ ඔවුහු වෙල්ලස්ස අරගලයට විරුද්ධව ඉංග්‍රීසීන් ගේ පැත්ත ගෙන ක්‍රියා කළ හෙයිනි.මේ නිසා  නැගෙනහිර මුස්ලිම් පාලකයෙක්  පත් කර ගැනීම දක්වා එම තත්ත්වය දුර දිග ගියේය.මෙම බල ආධිපත්‍ය පසු කාලයේ දී ඉහළ අධ්‍යාපනයට යොමු වූ මුස්ලිම් විද්වතුන් විසින් ස්වකීය ග්‍රහණයට නතු කර ගත්තේය. සිද්දි ලෙබ්බේ  ගේ ඉගැන්වීම මත දහනව වන සියවස අග භාගය වන විට මුස්ලිම් මූලධර්මවාදයට පදනම වැටුණි.1926 වන විට මුස්ලිම් ජනයාට අවශ්‍ය ශරියා නීති තහවුරු කරලීමට ඉංග්‍රීසි ආණ්ඩුව පියවර ගත්තේය. මේ අතර වාරයේ නැගෙනහිර දෙමළ බෙදුම්වාදයට සමාන්තරව මුස්ලිම් දේශපාලනයද නැගී එන්නට ඉඩකඩ විවිර විය. එම්.එස්. හමීඩ් එහි මූලාරම්භකයා වෙයි.ඔහු මඩකලපු හා කල්මුණේ පළමු දේශපාලන නියෝජිතයා වූ මාකන්මාකර් මෙන්ම කොළඹ දෙශපාලන නායකයා වන ටී.බී.ජයාට හාත්පසින්ම වෙනස්ව මූලධර්මවාදයට නතුව සිටියේය.ෆෙඩරල් පක්ෂය හා එක්ව දෙමළ කතා කරන මුස්ලිම් ජනයාට වෙනම පාලනයක් සඳහා මතවාද ඉදිරිපත් කලේය.අවසානයේ එම්.එම්.මහමුද් ගේ මූලිකත්වයෙන් මූලධර්මවාදී ඉස්ලාම් පෙරමුණ බිහි විය.එම තත්ත්වය මත 1970 වන විට සමගි පෙරමුණ ආණ්ඩුවට අභියෝගයක් ලෙසට නින්දවුර් සහ  පොතුවිල් ඔවුන් ට ජය ගැනීමට හැකි විය. මෙයට සෘජුව උපකාර කලේ එක්සත් ජාතික පක්ෂයයි.
           අසූව දශකයේ කොටි සංවිධානය විසින් දෙමළ බෙදුම්වාදය පෝෂණය කරමින් ඊලාම් ව්‍යාපරය ක්‍රියාකරන අවස්ථාවේ දී නැගෙනහිර මුස්ලම් නායකයෙකුව සිටි අශ්රොෆ් මේ දෙමළ නායකයන් සමග බෙදුම්වාදයට හවුල්ව සිටියේ ප්‍රභාකරන්දෙමළ ඊලම අතහැරියද අශ්රොෆ් එය අත හරින්නේ නැති බවද කියා පාමිනි. අශ්රෝෆ් 1981 දී මුස්ලිම් කොන්ග්‍රසය බිහි කරනුයේ එහෙයිනි. ඔහු ප්‍රේමදාස ලවා මුස්ලිම් නියෝජිත සංඛ්‍යාව වැඩි කර ගැනීමට උපක්‍රම ස්ථාපනය කර ගත්තේය.දිස්ත්‍රික් චන්ද ප්‍රතිශතය සියයට පහ දක්වා අඩු කරගැනුණී.
       කොටි සංවිධානයෙන් මනාව ඉගෙනගත් අශ්රොෆ් සිය පක්ෂය ආරම්භයේ සිටම බෙදුම්වාදි මාවතේ ගමන් කරවීමට උත්සාහ දැරීය. එහි ප්‍රතිඵලය වූයේ මෙතෙක් ප්‍රධාන පක්ෂ සමග බැදී සිටි මුස්ලිම් නායකයන් ද සිය මතවාදයන් වෙනස් කර ගැනීමට පෙළඹවීමයි.මේ යුගයේ මුස්ලිම් ලෝකයේ ඇති වූ නව ප්‍රවණතාවන්ද මෙයට බලපාන්නට ඇතිවාට නිසැකය.අරාබියේ සේවය සදහා ලංකාවෙන් පිටත්ව යෑම එහි මුදල් මගින් නැගෙනහිර පළාත් පොහොසත් වීම. ආදී කාරණා සමග කොටි සංවිධනය පරාජයට පත් කිරීමත් සමග එම පළාතේ ඇති වූ දේශපාලන රික්තය මෙයට පසුබිම් වූයේය.2003 වර්ෂයේ දී ඔලුවිල් හි පැවැත්වූ මුස්ලිම් කොන්ග්‍රස් සම්මේලනයේ දී කරුණු පහක් සම්මත කර  ගැනීමට ඔවුහු සමත් විය. එහි පළමුවැන්න වූයේ නැගෙනහිර මුස්ලිම් ජනතාව අංග සම්පූර්ණ වෙනම ජාතියක් වශයෙන් පෙනී සිටිය යුතු බවයි. දෙවැන්න වූයේ උතුර සහ නැගෙනහිර දෙපලාත මුස්ලිම් ජනතාවගේ ඓතිහාසිකක නිජ බිම් වශයෙන් පිළිගත යුතු බවයි. තෙවැන්න වූයේ මේ මුස්ලිම් ජනයාට මුස්ලිම් තේසම් නමින්  වෙන්ව ජීවත් වීමට ස්වයං නිර්ණ අයිතිය ඇති බවයි.සිවු වැන්න නම් උතුරු සහ නැගෙනහිර දෙපලාත සියලු බහුතර මුස්ලිම් ප්‍ර දේශ එකට එක් කර මුස්ලිම් තේසම් නමින් මුස්ලිම් රාජ්‍ය පාලනයක් ඇතිවිය යුතු බවයි.අවසානයේ දී සඳහන් වන්නේ උතුර සහ නැගනහිර පළාත් වලින් පරිබාහිර ව ජීවත් වන මුස්ලිම් ජනයාද මේ මුස්ලිම් රාජ්‍යය පාලනයට යටත් විය යුතු බවයි.
       ගුවන් අනතුරකින් මිය ගියද අශ්රොෆ් ගේ බෙදුම්වාදී සිහිනයට අවශ්‍ය මතවාදී පන්නරය මුස්ලිම් දේශාපාලනය තුල ස්ථාපිත වූයේ එලෙසය. ඉන් පසු ඔවුහු එම අරමුණ ඉටු කර ගැනීම උදෙසා කළ හැකි හැම දෙයක්ම කළහ.ආර් ප්‍රේමදාස යුගය මේ මූලධර්මවාදීන්ට යහපත් කාලයක් විය. ලංකාවේ වානිජ භූමිය ඉස්ලාම්කරණය වන්නේ ප්‍රේමදාස පාලනයේ පිහිටෙනි.එසේම  මෙතෙක් කුඩා ඒකක වලට සීමා වී තිබූ ආරාබි පාසල් සංඛ්‍යාව වැඩි කර ගැනීම පෙර පාසල් සහ මුස්ලිම් පාසල් වැඩි කර ගැනීම මද්‍රසා නමින් හැඳුන්වූ පාසල් ස්ථාපිත කර ගැණිම  සහ මුස්ලිම් විශ්ව විද්‍යාල බිහි කර ගැනීමද සිදු විය. අවසානයේ සදහන් කරන ලද මුස්ලිම් විශ්ව විද්‍යාලයක් සඳහා හිස්බුල්ලා පෙළඹෙන්නේ අහම්බයක් ලෙසට නොවන බව මේ පසුබිමෙන් තෙරුම් ගත යුතුය. එසේම මුස්ලිම් ආගමික කටයුතු ආමාත්‍යංශයෙන් මද්‍රසා පාසල් 1600 වඩා ප්‍රමාණයක් ලියාපදිංචි කර ගැන්මට අවසර දී ඇත්තේ මේ මතවාදී ප්‍රවේශයන්ට යටවයි.අද ශරීය බැංකු ශරියා උසාවි නොහොත් කාති උසාවි වශයෙන්  සෑම අස්සක් මුල්ලක් නෑරම ක්‍රියාත්මක වන්නේ ඔලුවිල් ප්‍රකාශනයේ  සඳහන් මතවාදී කරුණු ඉලක්ක කොට ගෙනය.
         නැගෙනහිර පළාතේ ජනගහනය සඳහා මුස්ලිම් අය ආදේශ වන්නේ සෙනරත් රජුගේ ක්‍රියාකලාපය නිසා බවට තොරතුරු ඉතිහාසයේ ඇත. එහෙත් බහුතර මුස්ලිම් ජන කොටසක් නැගෙනහිර ව්‍යාප්තියක් දක්වන්නේ ඉංග්‍රීසීන්  ගේ උදව් ඇතිවයි. ඔවුහු 1766 ගිවිසුම නිසා සිංහල රජුට අහිමි වූ මුහුදු බඩ බිම් තීරු වල වෙළෙදාමට නැවතුණහ. ඉංග්‍රීසීන් ඔවුන්ට මුක්කුවාර් නීති පද්ධතිය යටතේ ඉඩම් ලබා දුන්හ. නමුත් දකුණේ විසූ සිංහලයන් ඔවන්ගේ ආර්ථික බලය වඩවා ගනිමින් නැව් මගින් දකුණේ සිට යාත්‍රා කරමින් මේ මුහුදු බඩ තීර වල නව ජනාවාස ඇති කර ගත්හ. එයට ප්‍රධාන හේතුව වූ‍යේ සිංහලයන් ගේ ඓතිහාසික සිද්ධස්ථාන රාශියක් මේ පෙදෙස් වල තිබීමයි. සේරුවිල දීඝ වාපිය ආදී තැන් සංවර්ධනය කර ගනිමින්  වෙළෙදාමද දියුණු කර ගත් ඔවුහු. පාරම්පරික සිංහලයන් සමග නව ශිෂ්ඨාචාරයකට අඩිතාලම දැමූහ. මහපාර වල් විවෘත වීමත් සමග වට වන්දනා වල යෙදෙමින් මේ ප්‍ර දේශ නැවත සශ්‍රීක කළහ.1981 වර්ෂය වන විට අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් හිරු කෝවිල් අක්කර පත්තුව යන ප්‍ර දේශ වල සැලකිය යුතු සිංහල ජනගහනයක් වර්ධනය වන්නේ එහෙයිනි. අම්පාර දිසත්‍රික්කයේ ගල්ඔය ජනපදය ආරම්භය නිසා සිංහල ජනගහනය සීඝ්‍රයෙන් ඉහළ ගියේය. නමුත් 1987 න් පසු ඇති වූ කොටි සංවිධාන ක්‍රියාකාරිත්වය මත නැගෙනහිර පළාතේ විසූ සිංහලයන්ට යලි උන්හිටි තැන් අහිමි විය.ඔවුන් නැවතත් දකුණට සහ පොලොන්නරුවට සංක්‍රමණය විය. මේ නිසා ජන හීන වූ නැගෙනහිර පලාතේ නව ව්‍යප්තියක් සලසා ගන්නට මුස්ලිම් බෙදුම්වාදයට අවස්ථාව හිමි විය. සිංහලයන් ගේ අතහැර දාගිය ඉඩම් වලට හොර ඔප්පු සෑදිම ආරම්භ කරන ලද්දේ නිළධාරීන් ගේද ආශිර්වාදය ඇතිවයි. එක ඉඩමක් මඩකලපු දිස්ත්‍රික්කයේ කොරළේපත්තු මිරාවෝඩේහි පිහිටි පොරුක්කම් මුම්මාරි කුඹුරයි. එය අක්කර 51 යී  රූඩ් 03 පර්චර්ස් 5 ක් තිබෙන පුණ්‍යදාස සිල්වා මහතාට අයත්ව තිබූවක්. නමුත් කලබල සමයේ අවතැන් වීමෙන් පසු මේ ඉඩම මීරා ලෙබ්බේ ආදම්බාවා නම් මුසල්මානයෙක් බද්දට ගෙන පසුව ව්‍යාජ ඔප්පුවක් සකස් කර ගෙන ඇත. 2007 වර්ෂයේ සිට මෙම ඉඩමේ අයිතිය පිණිස වාලච්චේන උසාවියේ නඩුවත් ඇත. එහෙත් එය ඇහෙන්නේ දෙමළෙනි.   අනෙක් ඉඩම මඩකලපු දිස්ත්‍රික්කයේ කොරළේපත්තුවේම පාලක්කාට්ටුවෙට්ටෙයි තියාවට්ටන්හි අක්කර 05 ක කුඹුරක්. 1955 වර්ෂයේ දී මඩකලපු කච්චේරිය මගින් අංක 4028 අංකය යටතේ එම්.බී.නිමල් සිල්වා මහතාට මෙම කුඹුර සඳහා බලපත්‍රයක් නිකුත් කර ඇති අතර ත්‍රස්ත කලබල වලින් පසුව අවතැන් වීම නිසා මේ ඉඩම අස්වැද්දීම තාවකාලිකව නතර කර තිබුණි. ඒ අතර 2008 වර්ෂයේ දී අහමදු ලෙබ්බේ හප්සා¸ මුහමදු අසනාර්¸ මුහමදු වසීම් සදක්කු ලෙබ්බේ¸ මුහමදු අහමදු අසනාර් සහ මුහමදු අසනාර් ෆාතුම්මා යන මුසල්මානුවන්ට යථොක්ත ඉඩම බලපත්‍රකින් යළි පවරා තිබේ.  මේ පුද්ගලයන්ට විරුද්ධව නඩුවක් ගොනු කිරීමට කටයුතු කල යුතු බවට පළාත් ඉඩම් කොමසාරිස් සිරිමෙවන් ධර්මසේන මහතා විසින්  ප්‍රාදේශීය ලේකම් වරයාට දන්වා ඇති නමුත්  එය මෙතෙක් සිදුවූ බවක් දැන ගන්නට නැත. මේ ආකාරයට වර්තමානය වන විට සමස්ත නැගෙනහිර පළාතම නතු කර ගනිමින් මුස්ලිම් ජන ව්‍යාප්තිය සිදුව තිබේ.ඒ ප්‍ර දේශ තුළ සිංහලයන්ට තැනක් නොමැතිවන්නේ එහෙයිනි. එරාවුර් නගර සභා කඩපලේ සිංහල කඩ නැවත විවෘත කරලීමට පසුගිය රජය සේම වර්තමාන රජය ද සිංහලයන්ට උදව් නොකරන්නේ මේ මුස්ලිම් බලය අභිබවා යා නොහැකි බැවිනි. ඔවුහු කල්මුණේට වෙනම පාලනයක් අද ඉල්වා සිටිති. සයින්දමරතු වල වෙනම සහකාර ප්‍රා දේශීය ලේකම් කාර්යාලයක් විවෘත ව තිබෙන්නේ එයට පාර කැපීමටයි.ඒවා පදනම් කරගෙන මරාගෙන මැරෙන බෝම්බ නොව මුලු රටම ආක්‍රමණය කළ හැකි බල කඳවුරක් බිහි කරලීමට බැරි කමක් නොමැත. මේ බල ආධිපත්‍යට ඉව අල්ලමින් ඇමරිකානු තානාපතිනිය වරින් වර එහි සංචාරය කළ බව අද රහසක් නොවේ. ඒ ප්‍ර දේශ ආයුධ වලින් සන්නද්ධ කරන ලද්දේ රහසේ ගොඩ බාන ලද ආයුධ වලින් දැයි අප තවමත් නොදනිමු. හිස්බුල්ලා මෙන්ම ආසාද් සාලි විසින් අද ප්‍රසිද්ධියේ සිංහල දේශපාලනයට තර්ජනය කරමින් සිටින්නේ මේ හයිය නිසාවෙනි.