පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Thursday, August 2, 2018

කලු ලෝගුව හෙවත් බිල්ලන් ගේ ඇඳුමට නීතියක් නැද්ද


                                  

           දැන් දශකයක පමණ සිට මෙරට ජීවත්වන මුස්ලිම් ජන සමාජය වෙනස් වෙමින් ඇත. සිංහල ජන සමාජය සමග සමීපව සුහදව සිටි ඔවුහු අන්තවාදී ලෙස කොටුකර ගත මුස්ලිම් දේශපාලන පක්ෂ නිසා ජාත්‍යන්තර මුස්ලිම් සමාජයේ බල පවැත්වෙන මූලධර්මවාදී නීති බලෙන් ආරෝපණය කරගත්  බවක් පෙනේ. එසේම ඉස්ලාම් ශරියා නීති පද්ධතියේ ඇතැම් කොටස් සමාජ ආර්ථික නීති ක්ෂේත්‍රයන්ට රිංගවා තිබේ. මෙරට ජීවත් වූ පැරණි මුස්ලිම් කාන්තාවගේ ඇඳුම වූයේ ඉන්දියන් සාරිය සහ එහි පොට හිස වටා දවටා ගත් ස්වරූපයයි. එයට කිසි විරුද්ධත්වයක් සමාජයෙන් නොතිබුණි. නමුත් පසුගිය දශකය තුළ කලු ලෝගුව  හිස සහ දෙනෙත් සම්පූර්ණයෙන්ම වසාගත් කුලු ලෝගුව වශයෙන් යම් පරිවර්තනයක්  ඇඳුමේ සිදු විය. සමස්ත මුස්ලිම් සමාජයම එයට අවතීර්ණ නොවී ඇති නමුදු මඩකලපුව නුවර  කොළඹ පුත්තලම වැනි දිස්ත්‍රිකයන්හි මේ දර්ශන වඩාත් ම දැකිය හැකිය.මේ කලු ලෝගුව පොරවා ගත් පිරිස හොරකමේ මංකොල්කෑමේ ගිය අවස්ථාවන්ද වර්තමානය වන විට හෙළි වී තිබේ.මේ තත්ත්වය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව නොකිවමනාය. එසේම රජයේ නිළධාරින් ගේ රාජකාරියටද බාධාවක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.
      කොලොන්නාව ප්‍රා දේශීය ලේකම් සුගත් සිසිර  කුමාර මහතාටද මෙවැනි අත්දැකීමකට මුහුණ දෙන්නට සිදු විය.එම නිසා  තම කාර්යාලයට ඇතුළුවන පිරිස මුහුණ වසා ගෙන නොපැමිණිය යුතු බවත් අනන්‍යතාවය හෙළි කිරීම වැදගත් බවත් දන්වා සිට ඇත . මෙම තීරණය මත වැල්ලම්පිටිය ගෝතමී මාවතේ අංක 223 හි පදිංචි ෆාතිමා නිස්නියා මහත්මිය විසින් ජනාධිපති කාර්යාලයේ මහජන දුක් ගැනවිලි කළමනාකරණ ඒකකය වෙත වාචික පැමිණිල්ලක් කර ඇත.ඒ අනුව මෙම නිළධාරියා ගෙන් නිදහසට කරුණු විමසීමක් කර තිබේ. එහිදී එයට පිළිතුරු වශයෙන් දීර්ඝ එසේම එඩිතරව කරුණු රැසක් සටහන් කර යවා තිබේ. එම ලිපයේ තුන්වන වගන්තිය අනුව පැමිණිලිකාරිය විසින් කරන ලද සාවද්‍ය ප්‍රකාශයට පිළිතුරක් දක්වා ඇත.එය මෙසේය.
මුස්ලිම් කාන්තාවන්ට රාජකාරි සඳහා කොලොන්නාව ප්‍රා දේශීය ලේකම් කාර්යාලයට යෑමට ඉඩ ලබා නෙදෙන බව උක්ත පැමිණිල්ලේ සඳහන් කර ඇත. එය සම්පූර්ණ සාවද්‍ය ප්‍රකාශයකි. මුස්ලිම් කාන්තාවන්ටද සෙසු සියළු පුරවැසියන්ට මෙන්ම කිසිදු භේදයකින් තොරව ප්‍රා දේශීය ලේකම් කාර්යාලයට පැමිණි තම රාජකාරි ඉටුකර ගැනීමේ හැකියාව ඇත. දිනපතාම මුස්ලිම් කාන්තාවන් කාර්යාලයට පැමිණ තම රාජකාරි අවශ්‍යතා ඉටු කර ගන්නා බව පැහැදිලි කරුණකි.එම ලිපියේ සටහන් වූ වැදගත්ම කරුණ දක්වා තිබුණේ   මෙවැනි පුද්ගලයන් ආරක්ෂාවට දැඩි තර්ජනයකි. යනුවෙනි. එම ප්‍රකාශය තව දුරටත් මෙසේය.
       මොවුන් හිස සහ මුහුණ සම්පූර්ණයෙන් ආවරණය කර දිගු ලෝගුවක් ඇඳ අත් ආවරණ පවා පැළඳ සම්පූර්ණ ශරීරයම පූර්ණ වශයෙන් ආවරණය කර සිටින අතර එයට මුවා වී ගිනි අවියක් හෝ වෙනත් ආයුධයක් හෝ බෝම්බයක් පවා සඟවාගෙන රැගෙන විත් දැඩි විනාශයක් සිදු කිරීමේ අවදානම පවතී. විවිධ අපරාධ සිදු කිරීමට හා සමාජයෙන් වසන් වීමට මෙම ඇඳුම භාවිතා කිරීම පීළිබඳ අප රටේ මෙන්ම විදේශවලද උදාහරණ ඇත. කාර්යාලය තුළ හා පරිශ්‍රයේදී නිළධාරීන් ගේ හා සෙසු මහජනයාගේ ආරක්ෂාව තහවුරු කිරීම මාගේ වගකීමකි. එය ප්‍රමුඛ හා අත්‍යාවශ්‍ය කරුණක් මෙන්ම බැහැර කළ නොහැකි වගකීමකි.
         ලංකාවේ බලපැවැත්වෙන වර්තමාන නීතිය ඉංග්‍රීසීන් විසින් පණවා පසුව එම අණපණත් යාවත්කාලීන කර පාර්ලිමේන්තුව මගින් සම්මත කර අධිකරණ පද්ධතිය තුළ ක්‍රියාත්මක වන්නකි.විධායකය ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යනුවෙන් පද්ධති තුනක් මූලික නීතිය බවට පත් කර ඇත්තේය.මෙම මූලික නීතියට අදාලව නීති සංග්‍රහ කර ඇති අතර අතැම් නීති ප්‍රතිපාදන සඳහන් කර නොමැති අවස්ථාවල මූලික නීතියේ ප්‍රතිපාදන පිහිට කොට ගැනේ.එසේම ආරක්ෂාව සම්බන්ධව ප්‍රශ්ණයක් ඇති විට පොලිස් නියෝග නිකුත් කිරීමේ රීතියක්ද ඇත.
      හඳුනා ගැනීමට නොහැකිවන සේ කළු රෙදි වලින් සම්පූර්ණ ශරීරය ආවරණය කරගෙන රිය පැදවීම සම්බන්ධයෙන් දැනුම්දීම යනුවෙන් 2017/11/19 දාතම යටතේ නීතිඥ ප්‍රසාදීනි මුදුන්කොටුව මහත්මිය පොලිස් පති තුමාට ලිපියක් යොමු කරන ලද්දේ මේ අතරය.  2018/05/05 වන දින(මාස හයකට පසු ) පොලිස් නීති කොට්ඨාශය භාර අධ්‍යක්ෂ පොලිස් අධිකාරී නීතිඥ ඩබ්.ජේ.එන් සේනාරත්න මහතා මෙම ලිපියට පිළිතුරක් සපායා ඇත.එහි ගම්‍ය වන ප්‍රධාන අදහස මෙයයි..
    අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව තත්කාලයේ ශ්‍රී ලංකාවේ බලපවත්නා යම් නීතියක් මගින් දඬුවම් පැමිණවිය හැකි යම් ක්‍රියාවක් හෝ නොකර හැරීමක් වරදක් ලෙසට අර්ථ නිරූපණය කර ඇත.ඒ අනුව ඔබ විසින් යොමු කර ඇති ලිපියේ සඳහන් කර ඇති කරුණ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ බලපවත්වනා යම් නීතියක් වගන්තියක් හේ වගන්ති සහ එම වගන්ති යටතේ දඬුවම් කළ හැකි වගන්ති හෝ වගන්ති පිළිබඳව මා දැනුවත් කිරීමට කටයුතු කරනු ලබන්නේ නම් ඒ පිළබඳව තෘතඥතාව පළ කර සිටිමි. නීතිඥ ප්‍රසාදීනී මුදුන්කොටුව මහත්මිය මෙම ලිපියට පිළිතුරු වශයෙන් 2018/07/04 දාතම යටතේ පොලිස් නීති කොට්ඨාශයට යොමු කරලද ලිපියේ මුඛ්‍ය සාරංශය මෙසේය.
ඔබ වෙත ඉදිරිපත් කරන ලද ලිපියට පිළිතුරු වශයෙන් ඊට අදාල නෛතික ප්‍රතිපාදන පවතින්නේ ශ්‍රී ලංකාවේ පවතින කුමන් නීතියක් යටතේද යන්න නැවත මා වෙතින් විමසීමෙන් පෙනී යන්නේ මෙම කරුණ ශ්‍රී ලංකාවේ නීතිය අනුව වරදක් ලෙස නොසලකන බවත් ඊට දඬුවම් ලබා දීමට දැනට ශ්‍රී ලංකාවේ නීතයක් නොමැති බවත්ය.
කරුණු එසේ නම් පහත් සඳහන් කාරණා සම්බන්ධයෙන්ද ඊට බලපවත්නා නීතියක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේද නැද්ද යන්න පිළිබඳව සැකහැර දැන ගැනීමට මම කැමැත්තෙමි.
1/ යතුරු පැදි ධාවනයේ දී සම්පූර්ණයෙන්ම මුහුණ වැසෙන සේ හෙල්මටයක් පැළඳීම ශ්‍රී ලංකාවේ කවර හෝ නීතියක් යටතේ වරදක් ලෙස සලකනවාද නැද්ද  එය වරදක් නොවන්නේ නම් වරදක් සේ හුවා දක්වමින් මීට පෙර අවස්ථා ගණනාවකදී පොලිස් දෙපාර්තමේන්තුව මගින් හෙල්මට් පැළඳ යතුරු පැදි ධාවනය කිරීම  තහනම් කිරීමට උත්සාහ ගත්තේ ශ්‍රී ලංකාවේ බලපවත්වන කුමන් නීතයක් යටතේ ද යන්න සහ එහිදී සම්පූර්ණයෙන්ම මුහුණ වැසෙන සේ හෙල්මටයක් පැළඳීම වරදක් වන්නේ කවර හේතු නිසාද යන්න.
2/ එසේම මෝටර් රථ වල ඉදිරි පස සහ පසුපස පැති වීදුරු ටින්ටඩ් කර ඇති බව මා දැක ඇත්තෙමි.එසේ ටින්ටඩ් කිරීමේදී මොටර් රථයේ ඇතුලත ගමන් කරන පුද්ගලයෙක් පිටත සිට බලන අයෙකුට නොපෙනෙන පරිදි ටින්ටඩ් කිරීම ශ්‍රී ලංකාවේ කවර හෝ නීතයක් යටතේ වරදක් ලෙස වරදක් ලෙස සලකනවාද නැද්ද යන්න එය වරදක් ලෙස සලකනවානම් ඒ කවර නීතියක් යටතේද යන්න සහ එය වරදක් වන්නේ කවර හේතු නිසාද යන්න
4/ සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය කරගෙන රිය ධාවනය කිරීමට එරෙහිව ක්‍රියාත්මක කිරීමට හෝ දීමට දඬුවමක් හෝ නීතියේ නෙමැති කම හේතුවෙන් ඉදිරියේදී අවශ්‍ය නම් ඕනෑම අයෙකුට සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය කරගෙන රිය පැදවීමට හැකියාව ඇත්ද යන්න සහ එවැනි අවස්ථාවල පොලිසිය ට ඊට විරුද්ධව කිසිවක් කළ නොහැකිද යන්න පිළිබඳව මා දැනුම්වත් කරන ලෙසද ඉතා කාරුණිකව ඔබ තුමාගෙන් ඉල්ලා සිටිමි.
   වගන්ති අටකින් යුත් මෙම ලිපිය පොලිස් නීති කොට්ඨාශයට පාඩමකි. එක් ජන වර්ගයකට එක් නීතියක්ද තවත් ජන කොට්ඨාශයකට තවත් නීතියක්ද සිංහලජාතියට පොදු නීතියක්ද වශයෙන් සලකන පොලිසිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 වන පරිඡේදයේ(මූලික අයිතිවාසිකම්) 12(1) සහ (2) වගන්ති අනුව( කිසිම පුරවැසියෙකු වර්ගය ආගම භාෂාවද කුලයස්ත්‍රී පුරුෂ භේදය දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ කවර හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජන නොවිය යුත්තේය.) කටයුතු කර නොමැති බවද පැහැදිලිව පෙන්නුම් කෙරේ.වර්තමානය වන විට පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින්ද අගතියට පත් පාර්ශවයන්ට චෝදනා කරන තත්වයක් යටතේ මහජනයාට ඇත්තේ කුමන ආරක්ෂාවක් දැයි සැකයක් මතුවේ. සැබවින්ම  ඇස් බැඳ තිබෙන යුක්තියේ දෙවඟන පැහැදිලිවම  එළිපිටම දූෂණය කොට  ඇති බවද  මෙම කරුණු වලින් මනාව පැහැදිලි වේ.


No comments:

Post a Comment