සම්බුද්ධ ශාසනය විනාශ මුඛයට පත් කළ කාලිංග මාඝ ආක්‍රමණය සිදුවූ කාලයේ
ජාතියේ මුදුන්මල්කඩ වූ දළදා වහන්සේ සඟවා තිබූයේ කොත්මලේ පුසුල්පිටි රාජ මහා විහාර
භූමිය තුළ බව ජන ප්‍රවාද ගතය.මේ ආරාජික සමයේ කීරවැල්ලේ ශ්‍රීමල් බණ්ඩාරයන් සතුව
තිබූ දළදා වහන්‌ෙස් දඹදෙණියේ පුස්තකාලාධිපතිව වැඩ විසූ වාචිස්සර නම් මා හිමි පාණන්
වෙත භාර කරන ලදුව පුසුල් පිටියට වැඩම කර
එක් අප්‍රකට ස්ථානයක නිදන් කර ඇත. අනතුරුව
උන්වහන්සේ එතරෙ වැඩම කොට ජීවිත ආරක්ෂා
කරගත් බව ඉතිහාසයේ සඳහන්ය. මාඝ ආක්‍රමණය
නිසා විනාශ වූ රටත් ශාසනයත් නැවත බැබළවීමේ අධිෂ්ඨානයෙන් කටයුතු කළ කාලිංග විජයබාහු
නොහොත් ශ්‍රී මල් බණ්ඩාර දඹදෙණිය සිය රාජධානිය බවට පත් කර දළදාවහන්සේ කොහි වැඩ
සිටින්නේ දැයි විපරම් කොට බැලීය.කොත්මලේ පුසුල් පිටියේ එය තැන්පත්ව ඇතැයි යන ආරංචිය
ලැබ පස්වනක් ප්‍රීතියට පත් වූ රජු මහ පෙරහරින් පැරණි ශ්‍රීපාද ගමන් මාර්ගයේ ගොස්
පස්බාගේ ගඟින් එතෙරව දිඹුලට පැමිණ දිඹුල කන්දේ (විජයබාහු කන්ද ) ගමන් මාළිගාවක්
තනා එහි රැය ගත කර අනතුරුව සාමාන්‍ය පෙරහරකින් නියම්ගම් දොරට පැමිණ එහි සිට සූදානම්ව
පුද සිරිත් සහිත පෙරහරකින් පුසුල් පිටිය රාජමහා විහාරස්ථානයට ගොස් සියලු පුද
සිරිත් සිද්ධ කොට දළදා වහන්සේ නිශ්චිතවම දකින්නට කැමතිව ප්‍රාතිහාර්ය පාන ලෙසට
සැදැහැ සිතින් සත්‍ය ක්‍රියා කළේය. දළදා වහන්සේ අහසට පැන නැග සවනක් රැස් විහිදුවා
සපු ගසක් මත මද වේලාවක් වැඩ සිට රජතුමාගේ හස්තයට වැඩම කළ බව ජන ප්‍රවාදයේ සඳහන්ය.
අනතුරුව රජු මහ පෙරහරින් පැරණි පෙත්මග ඔස්සේ අටබාගේට පැමිණ දළදා වහන්සේ දඹදෙණියට
වඩම්මවා විජයසුන්දරාමයේ තැන්පත් කර මහත්
පුද සිරිත් පළ කළ බව ඉතිහාසයේ සඳහන්ය.
නුවර එලිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පිහිටි
පුසුල්පිටිය රාජ මහා විහාරය දෙවන පෑතිස් රජ දවස ඉඳි කරන ලද රාජ අනුග්‍රහය ලද පූජ්‍ය
ස්ථානයකි.අවස්ථා ගණනාවකදී මේ වෙහෙර රාජ සම්මානයට පත් විය. දඹදෙණි යුගයෙන් පසු
අවස්ථා දෙකකදී දළදා වහන්සේ මෙහි වැඩම කොට ආරක්ෂා කරන ලද්දේය.ගම්පළ යුගයේ සතරවන
බුවනෙකබා රජ දවස මෙන්ම කීර්ති හ්‍රී රාජසිංහ රජ දවසදී මේ විහාරස්ථානයට කරන ලද
සත්කාරයන් අපමණය.මලියදේව මහ රහතන් වහන්සේ විසින් දඹදිව් තලයෙන් වැඩම කරවන ලද දඹරන්
පිළිමවහන්සේ සිවුනම අතරින් එක් නමක් වැඩ සිටින්නේ පුසුල්පිටිය රාජ මහා
විහාරස්ථානයේය.ඒ සමග කලාත්මක වටිනාකමකින් යුක්ත වූ දැවමය මකර තොරණ ඇත්දළ යෙන් සකස්
කරන ලද කරඬු ආදී මහාර්ඝ පූජා වස්තූන් මෙහි තැන්පත්ව පිහිටියේය.
මේ සා මහා වැදගත්කමක් උසුලන මෙම
විහාරස්ථානය 1983 වර්ෂයේ දී නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක් විය.නාවල පිටිය කොත්මලේ
මාර්ගයේ පිහිටි කලපිටියෙන් හැරී කි.මි. තුනක් පමණ මග ගෙවා පැරණි පෙත්මගක පැමිණ උස්කඳුමුදුනක පිහිටි මේ විහාරයට පැමිණිය හැකියි.ඒ
පිහිටීමේ හුදකලා බව නිසාම මේ වන විට සත්වතාවක් නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක් වී
ඇත. 2009 ජනවාර් 17 දින මේ ස්ථානයට ලඟා වූ නිදන් හොරුන් තඹ හා පිත්තල බුදු පිළිම
වහන්සේ නමක් සොරගෙන ගෙස් තිබේ. ඉන් පසු 2009 සැප්තැම්බර් පළවන දින ද මේ ලෙසම පෞරාණික
බුදු පිළිම වහන්සේ නමක් සොරගෙන ගොස් තිබේ. අනතුරුව 2011 දෙසැම්බර් 14 දින මෙම
විහාරයට පැමිණි නිදන් හොරුන් එහි තිබෙන කුඩා ෛචත්‍යයේ හතරැස් කොටුව බිඳ නිදන්
වස්තු ෙසාරාගෙන ගෙස් තිබේ. ඉන්පසු 2015 අගෝස්තු මස 16 දින පස්වන වතාවටත් එහි
පැමිණි පිරිසක් පෞරාණික බුදු පිළිම වහන්සේලා සොරාගෙන ගොස් තිබේ. 2016 අගොස්තු මස
16 දින මෙම විහාරස්ථානයේ තිබූ වටිනාම පූජා වස්තුවක් වූ ඇත්දළ මුවා දළකඩ තොරණ නමින්
හඳුන්වන මතර තොරණ සොරගෙන ගොස් තිබේ.පුසුල්පිටිය රාජමහා විහාරාධිපති පූජ්‍ය අමුණුගම
විපස්සී නායක හිමියන් විසින් මෙයට අදාළ පැමිණිල්ල පොලිසිය වෙත කළ පසු සැක
කරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට පත් වී තිබේ. අවසාන වතාවට 2017 අගොස්තු මස 03 දින
සිවුදෙනෙකු පැමිණ දුටු ගැමුණු කුමරුගේ කෙවිට රන් ආභරණ සහ පෙති පිළිම වහන්සේලා
තැන්පත් කර තිබූ චේතිය ඝරයත් සහිත කුඩා චෛත්‍ය ගර්භය බිඳ නිදන් වස්තු පැහැරගෙන
ගෙස් තිබේ.
මෙම ප්‍රවෘත්ති වලින් කියැවෙන කාරණා
කිසිවක් අලුත් දේ නොවේ.එහෙත් පුසුල්පිටය වැනි ෙඑතිහාසික විහාරස්ථානයකට අත්ව ඇති
ශෝචනීය ඉරණම සහ මෙරට ආරක්ෂාව භාර අංශ සහ පැරණි දේ සුරැකීම වෙනුවෙන් පිහිටුවා තිබෙන
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමේ ගැටළු සහගත ස්වභාවය හෙළි කිරීමට මේ
සිද්දි ඉවහළ වන ආකාරය පැහැදිලි කල හැකිය.මේ සිද්දි දාමයේ බරපතලම සොරකම සිදු වූයේ
2016 වර්ෂයේ දීය. එනම් විහාරස්ථානය සතුව තිබූ සතරවන බුවනෙකබාහු රජු විසින් පූජා
කරන ලදැයි සැළකෙන දළකඩ මකර තොරණ සොරා ගැනීමට අදාළ ව ආරක්ෂක අංශ ගත් පියවර සහ
නීතිමය කටයුතු වල වර්තමාන තත්වය තුළ අපට දක්නට හැකි වන්නේ සොරුන් නිදැල්ලේ
පුරාවස්තු අනතුරේ යන්නයි.
2016 දී සිදු කළ මේ පුරාවස්තු
සොරකමින් පසු පොලිසිය විසින් සැක කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට පත් කරගෙන ඇත. ඒ
සාක්ෂි අනුව නඩු අංක බී/181/ 16 යටතේ
නාවලපිටිය මහේස්ත්‍රාත් වරයාට ඉදිරිපත් කරන ලද සැක කරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කර
තිබේ. මේ සම්බන්ධව පොලිසිය විසින් 2016/9/20 දින
යොමු කරන ලද ලිපිය අනුව මධ්‍යම පළාත් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂක වරයාව
සිටි ගුණතිලක බණ්ඩා මහතා ක්‍රියාත්මක වී පුරාවස්තු ආරක්ෂණ කොට්ඨාශයට දන්වන ලදුව 2016
ඔක්තෝබර් මාසයේ දී අවශ්‍ය ස්ථානීය පරීක්ෂාව සිදු කර තිබේ. අනතුරුව 2017 ජනවාරි මස
27 දින පොලිසිය විසින් යළි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලදුව 2017
පෙබරවාරි 7 වන දින ගරු අධිකරණයට මෙම පුරාවස්තුවේ වටිනාකම පිළිබඳ සම්පූර්ණ
වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. ඒ වාර්තාව අනුව සැක කරුවන් හට ඇප ලබා දිය නොහැකි බව පැහැදිලි වේ.
මෙම දළකඩ මකර තොරණ උසින් අඩි 3.5 කි.
දැවයෙන් සහ ඇත් දළ වලින් නිම කරන ලද මේ මකර තොරණ සොරාගෙන යන දින විහාරයේ සවි කර
තිබූ CCTVකැමරාවේ
මෙම සොරකම කරන ආකාරය මනාව සටහන් වී තිබුණි.මකර තොරණ ගලවා කර තබාගෙන යන ආකාරය
තුළින් ගම්‍ය වනුයේ ඒ ස්ථානයට තිබූ ආරක්ෂාවේ දුර්වල ස්වභාවයයි. මේ මහා හොරකම සිදුව සැක කරුවන් අත් අඩංගුවට පත්
කර ගැනීමට පොලිසියට හැකියාව ලැබුණද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට සිටි ඉහළ
නිළධාරීන් ගේ පක්ෂපාතීත්වය හෝ නොසැළකිල්ල මත අපරාධ කරුවන්ට ඇප ලැබී තිබුණි. එසේම
සොරා ගත් මකර තොරණද ඔවුන් ගෙන් ලබා ගැනීමට හැකියාව මෙතෙක් ලැබී නැත . මේ හා සමානව
දැදිගම කොට වෙහෙරෙන් හමු වූ රන් කරඬුවට ද අත්ව තිබෙන්නේ ද මේ ඉරණමයි. පොලිසියේ සහ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දක්ෂතාවය නිසා මේ වටිනා පූජනීය වස්තූන් කිසිවක් මේ
තෙක් නැවත ලබා ගැනීමට හැකියාව ලැබී නොමැත. අවසානයේ දී මේ ඇප දීමට එරෙහිව නඩු කීමට
සිදු වූයේ පුසුල් පිටිය රාජ මහා විහාරයේ
භාරකාර තැන්පත් ලංකා තිලක විහාරයේ බස්නායක නිලමේ ප්‍රියන්ත අමුණුගම මහතාටය. ඔහු ඉහළ අධිකරණයට ඉදිරිපත් කරන ලද නඩු කරය බෙහෙවින්
ප්‍රබල විය.නමුත් නඩු වාර ගණනාවකට පසු 2024 මැයි මාසයේ31 වන දින නැවත නාවල පිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ දී
පවත්වන ලද නඩු විභාගයේ දී නැවතත් සැක කරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කළ බව සැළ වී
තිබේ.
පුරාවිද්‍යා ආඥා පනතේ 15(අ) වගන්තිය අනුව
පුරාවස්තු සොරකමකදී දෙපාර්තමේන්තුවට කළ හැකි දේ සීමිතය. එම පුරාවස්තුවේ වටිනාකම සහ
එහි ෙඑතිහාසික අගය සම්බන්ධව වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරනවා විනා එය නැවත ලබා
ගැනීමට මැදිහත් වීමට හෝ නඩුකරය මෙහෙයවා ඉදිරියට ගෙන යෑමට ප්‍රතිපාදන නොමැත. සියලුම
වගකීම පැවරෙන්නේ පොලිසියට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටයි. පොලිසිය විසින්
දණ්ඩනීති සංග්‍රහයේ 366 වගන්තිය අනුවනඩු පවරා ඒ අපරාධමය වරද ඔප්පු කර දඬුවම් ලබා
දිය හැකිය. ලංකාවේ ක්‍රියාත්මක මෙවැනි නඩුකර වලදී ඔවුන් දක්වන උදාසීනත්වය බරපතල
තත්වයකි. ෙසාරකම සම්බන්ධව මාධ්‍ය වල වාර්තා පළ වී නඩු පවරා අනතුරුව කාලයක් ගත
වුවහොත් කිසිවෙකුගේ අවධානය එයට යොමු නොවේ.ඒ කාලය තුළ පුරාවස්තුව ඇතැම් විට විදේශ
වලට විකුණා අවසන්ය.පෞරාණික වස්තු වල අනුරූ සංචාරකයන්ට අලෙවි කරන බොහෝ පිරිස් මේ සොරකම්
වලට සම්බන්ධ බවට සැක පහළ කෙරේ.ඒ නිසා ඔවුන් පිළිබඳ නියාමනයක් සහ පුරාවස්තු සොරකම්
සම්බන්ධ නීතියේ සංශෝධනයක් කළ යුතුය.පාර්ලිමේන්තුව තුළ අණ පනත් පැටව් ගහන සමයක අත්‍යවශ්‍ය
පනත් සංශෝධන කිසිවක් සිදු කෙරෙන්නේ නැත. ඒ උරුමය විනාශ මුඛයට යෑම පාලකයන්ට ප්‍රශ්නයක්
නොවන බැවින් යැයි කල්පනා කළ හැකිය.
මතුගම සෙනෙවිරුවන්