මෙරට දේශපාලනය තුළ පක්ෂ බිහිවීම
සිදුවන්නේ ලංකාවට සර්වජන චන්ද බලය ලැබීමෙන් පසු 1935 දී පමණය .බ්‍රිතාන්‍ය රජය
ලංකාව සඳහා ආදේශ කරනු ලබන ප්‍රජාතන්ත්‍රවාදය ඔස්සේ ඇති කළ ප්‍රබල මතවාදී යාන්ත්‍රණයක්
වශයෙන් පක්ෂ ක්‍රමය හැඳින්විය හැකිය.1948 දී බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් වීම සඳහා
පසුබිම ඇති කරන ලද්දේ පක්ෂ ක්‍රමය විසිනි.
මෙම උත්තේජනය ඉංග්‍රීසි උගත් මධ්‍යම පන්තිය විසින් මහත් ආශාවෙන් වැළඳ ගත්හ.ඔක්ස්ෆඩ්
පන්නයේ අධ්‍යාපන හික්මීම විසින් මෙම ආශාව සන්තර්පනයට පසුබිම ලබා දුන්නේය.මේ වන විට
ලංකාව හසුරුවන ප්‍රධාන ධාරාවක් බවට පත්ව තිබෙන්නේ මේ පක්ෂ ක්‍රමයයි.ආදාහනයද
භූමදානයද යන මෑත කාලීන ගැටුම අරභයා මෙරට භික්ෂූන් වහන්සේලා විසින් දැක්වූ විරෝධයට
එරෙහිව වාසුදේව නානායක්කාර මහතා වහාම ප්‍රතිචාර දැක්විය.භික්ෂූන් වහන්සේලා පක්ෂ
නාකයන් නොවන බව ඔහු පෙන්වා දුනි.මේ සිදුවීමෙන්
පෙන්වා දෙනුයේ වර්තමාන දේශපාලඥයන් කෙතරම් දුරට පක්ෂ දේශපාලන රාමුවේ සිරවී
සිටිනවාද යන්නයි.
පක්ෂ ක්‍රමය හසුරුවන යාන්ත්‍රණය නම්
පාර්ලිමේන්තුවයි.පක්ෂ විපක්ෂ භේදය එහි ඉහළින්ම ඇත. රටට ජාතියට වැදගත්වූ කාරණෘ එහි
සාකච්ඡා කරන කල්හි පක්ෂය ප්‍රමුඛස්ථානයට පත් වේ.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නවවන
වගන්තියෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමා ඇති නමුදු පාර්ලිමේන්තුවේදී එම බලයට
එතරම් වටිනාකමක් හිමි නොවේ.අපවත් වී වදාළ
අති ගෞරවනීය නාපාන ප්‍රේමසිරි මහානායක ස්වාමීන් වහන්සේ පිළීබඳ ශෝකය පළ කිරීමේ
යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලීමට උත්සාහ දැරූ අවස්ථාවේ දී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන
සංවිධායක තුමා විසින් එය වළක්වන ලද්දේ පක්ෂ රාමුව විසින් බිහිකළ චර්යාධර්ම බුද්ධ
ශාසනයට වඩා ඉහළින් තිබෙන නිසාවෙනි.
පක්ෂ දේශපාලනය තුළ පවතින්නේ සැඟවුණු පන්ති
භේදයකි.එක්සත් ජාතික පක්ෂය සැමදිනම ධනපති පක්ෂයක් විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ
ඉන් පසු බිහිවූ පොදු පෙරමුණු සහ පොදු ජන පෙරමුණ සැම විටම ගොවිකම්කරු පිරිසගේ
පක්ෂයක් බවට මතයක් සැකසී ඇත. සමසමාජ කොමියුනිස්ට් සහ ජනතා විමුක්ති පෙරමුණ
සැලකෙන්නේ වාමාංශික නිර්ධන පන්ති පක්ෂ ලෙසිනි.1948 පෙර මෙරට තිබූ කුල ක්‍රමයේ
රාමුව පක්ෂ දේශපාලනයට අහිතකර ලෙසට බලපා ඇත.ආර්.ප්‍රේමදාස පමණක් නොව කොල්වින් ආර් ද
සිල්වා වැනි වාමාංශිකයන් පවා මෙරට පැවති කුල ක්‍රමය පක්ෂ දේශපාලන වාසිය සඳහා
අනියමින් යොදවාගෙන තිබේ.
සිංහල ජාතිය විකසනය වන්නේ වසර දහස් ගණනාවක් තිස්සේ ඇති වූ ජානමය සහ සංස්කෘතික බැඳිමක් අනුවයි.රජුන් ඇමැත්තන් සහ මෙරට ශිල්ප ශ්‍රේණි අතර මනා සබඳතාවයක් පවත්වාගෙන යෑමට ජාතිය ඉවහල් විය.ශිල්ප ශ්‍රේණි යනු මෙරට කුල ක්‍රමයයි.එය ජාතික නිෂ්පාදනයට දායක කරගන්නා ලද්දේ රාජකාරිමය වශයෙනි.බ්‍රිතාන්‍යයන් විසින් රාජකාරිය අහෝසී කිරීම නිසා මේ බැඳීම ලිහිල් වී කලකදී විසිරීමට පත් විය.අවසානයේ ඉතිරි වූයේ ජාතියෙන් ඉවත් කරන ලද කුල ක්‍රමයක් පමණකි.මෙරට සිංහල ජාතියේ මූලාරම්භය මහාවංශය තුළ සඳහන් කරන ලද පුරාවෘත්ත හා බැඳේ.නමුත් මෙරට ශිල්ප ශ්‍රේණි වල ඉතිහාසය ඊට පැරණිය.පුරාවිද්‍යාත්මකව දැනට තහවුරු කොට ඇති පරිදි වසර දෙදහස් පන්සීයයකට වඩා ඉතිහාසයක් අපට හිමිය.
පැරණි
හෙළයන්ගේ ශිල්ප ශ්‍රේණි ක්‍රමය සිංහල ජාතියට එකතු වූ ආකාරය පණ්ඩුකාභය යුගයේ දී
දක්නට හැකිය.මෙම තත්වය තුළ සිංහල ජාතිකත්වය ජානමය වශයෙන් බැඳී පැවතුණේ තමන්ගේ වංශ
පරම්පරාව සමග බැඳී ඒ සැම අවසාන වශයෙන් රටේ රාජ්‍යත්වය සමග ආත්මීය වශයෙන්
එක්වීමෙනි.පස්වාන්දහසකට බුදු වන්ඩ දේවයන්වහන්ස යනුයෙන් වැසියන් රජු ඉදිරියේ වැඳ
වැටෙනුයේ මේ ආත්මීය බැඳීම නිසාය.රජු බෝධිසත්වවරයෙකු ලෙසට සැලකීම දේවත්වයෙන් සැලකීම
නිසා රටත් ජාතියත් සම්බුද්ධ ශාසනයත් සුරැකෙන යාන්ත්‍රණයක් බිහිවන්නේ යැයි පැරණීයන්
තුළ විශ්වාසයක් ජානගතව පැවතුණි.
සිංහල
බෞද්ධ රජෙකු තවදුරටත් නොවීමත් දුරු රටක සිටින අබෞද්ධ රජෙකුට හිස නමන්නට සිදු වීමත්
මෙරට ජනයා ශෝකයට පත් කරවන්නක් විය.මේ නිසා ක්‍රමයෙන් මේ රටේ ජාතිකත්වය ජන මනස්
වලින් බැහැර වන්නට විය.1818 මෙන්ම 1848 ජාතික විමුක්ති අරගල දෙකම පරාජයට පත් වන්නට
මෙය ප්‍රබල හේතුවක් විය. මේ නිසා සංසාර ගතව ජාතිකත්වය හා ළබැඳි පිරිස් අනගාරික
ධර්මපාල තුමා පියදාස සිරිසේන මහතා වැනි නායකයන් වටා රොක් වූහ.මිනිරන් පතල් නිසා
ධනවත් වූ එෆ්.ආර්. සේනානායක මහතා ස්වකීය ජාතික නායකයා බවට පත් කරගන්නට ජනතාව
කල්පනා කළ බව මෙහිදී මතක් කළ යුතුය.නමුත් සිංහලයන්ට නැවත ජාතිය එක්සත් කළ හැකි
රජෙකු බිහි නොවීය. ඒ වෙනුවට පක්ෂ දේශපාලනය නිසා බලවත් වූ දේශපාලන නායකයන් මෙරට
ජනතාවගේ ජාතික වීරයන් බවට පත් විය. ඩී.එස්.සේනානායක මහතා බණ්ඩාරනායක මහතා මෙන්ම
සිරිමා මැතිණියත් මේ රටේ ජන හදවත් දිනා ගනු ලැබූයේ පක්ෂ නායකයන් ලෙසටයි.පසුව ජේ.ආර්.ජයවර්ධන
සහ මහින්ද රාජපක්ෂ වැන්නවුන් ජාතියේ මහා නායකයන් ලෙසට මෙම ජන කොටස් විසින් තෝරා
ගත්හ.නමුත් ඒ කිසිවකුට ජාතිය එක්සත් කළ නොහැකි වූයේ මේ නායකයන් සියල්ල මූලිකවම
පක්ෂ නායකයන් වීම නිසාය.
මෑත කාලයේ දේශපාලනය තුළ මුස්ලිම් අන්තවාදයත් දෙමළ අන්තවාදයත් ඉස්මතු වන්නේ සිංහල ජාතිකත්වය අත්හළ දේශපාලන නායකයන් වසින් මෙරට නායකත්වය හොබවන බැවිනි.ඔවුන් තුළ මෙරට ජානගතව තිබූ සිංහල ජාතිකත්වය නැත්තා සේම සිංහල ජනතාව පුබුදු කරමින් නැවත ජාතිකත්වය ජානගත කරලීමටද හැකියාවක් නොමැත. ගෝඨාභය මහතා සඳහා සිංහල චන්ද බහුරතරයක් වැටෙන්නේ සැඟව තිබූ ජානගත ජාතිකත්වය නැවත මතු වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. පක්ෂ ක්‍රමය විසින් එකිනෙක බෙදා වෙන් කොට ජාතිය විසිරුවා හැර තිබුණත් ජානගත ජාතිකත්වය මතුවීම වැළැක්විය නොහැකිය.නමුත් යම් ජාතික ප්‍රශ්ණයකදී පක්ෂ වලට බෙදී සිටින්නන් නැවත ජානගත ජාතිකත්වය අමතක කොට පක්ෂ මුල් තැනට ගෙන කටයුතු කරති. චන්දයක් අවස්ථාවකදී සිංහල නායකයෙකුට තැන නොලැබෙන්නේ ඒ නිසාය. ආචාර්ය හරිස්චන්ද්‍ර විජේතුංග මහතා මෑත කාලයේ දී සිංහල ජානගත ජාතිකත්වය පුබුදු කළ නායකයා විය. නමුත් ප්‍රධාන පක්ෂ දෙකකට බෙදී සිටින්නන් විසින් ඔහුට ඉදිරියට ඒමට ඉඩනුදුන් බව අප සිහිපත් කල මනාය.මේ ව්‍යයාමය දේශපාලන වශයෙන් සාර්ථක කරගත් චම්පික රණවක මහතාට සැබෑ ජාතිකත්වයක් නොමැති බව දැන් පැහැදිලි වී අවසානය. නමුත් ජානගත ජාතිකත්වය පෝෂණය කරලීමට ඔහු කළ මෙහෙය අගය කළ යුතුය. පක්ෂ ක්‍රමය ප්‍රභලව ඉස්මතු වූ රටක පක්ෂ නියෝජිතයන්ට මුල් තැන් ලැබීම ස්වභාවිකය.පාර්ලිමේන්තු නියෝජනය සඳහා අවශ්‍ය පක්ෂ නායකත්වය මෙන්ම පළාත් පාලන නියෝජිතයන් ගේ පක්ෂපාතිත්වය මේ ක්‍රමයට ඉතා වැදගත්ය.
දෙමළ ඊලාම්වාදය වෙනුවෙන් සැකසූ පළාත් සභා අද සිංහල පක්ෂ නායකයන්ට වැදගත්වී තිබෙන්නේ උඩ සිට යටට විහිදෙන පාක්ෂපාතිත්වයක් පවත්වාගෙන යා යුතු බැවිනි.පළත් සභා විසින් මෙරට බෙදුම්වාදය ශක්තිමත් කරන බව දැන සිටියද මේ පක්ෂ නායකයන්ට වඩා වැදගත් වන්නේ බලදේශපාලනය පවත්වාගෙන යෑමට අවශ්‍ය පක්ෂපාතිත්වය පමණි. පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ප්‍රාදේශීය සභා වලට පත් වූවන් මහජන නියෝජිතයන්ට වඩා පක්ෂ නියෝජිතතයන් බවට පත්කරලීමට නීති සැකසුණේ මේ පක්ෂපාතිත්වය නායකයන්ට අවශ්‍ය බැවිනි. මේ තත්වය නිසා හැටනව ලක්ෂයක සිංහල බහුතරයකගේ චන්දය ගෝඨාභය හරහා සාර්ථක කර ගැනීමට ප්‍රයත්න දැරූ සිංහලයන් හට වැරදී ගියෙ ඇයිදැයි තේරුම් ගැනීම පහසුය. නමුත් ඉන් කියැවෙන්නේ සිංහල ජාතිකත්වය මෙරට දේශපාලනය තුළ ආසර්ථක වන්නේ යැයි කියා නොවේ.එය සාර්ථක කර ගැනීමට නම් පක්ෂ දේශපාලනය මෙරටින් සම්පූර්ණයෙන් ඉවත් විය යුතු අතර පළාත් සභා සහ පක්ෂ මූලික කරගත් පළාත් පාලන ක්‍රමය අහෝසි කරලීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වේ.
No comments:
Post a Comment