පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Friday, May 29, 2020

දෙවනගල කලබල ආණ්ඩුව හැරිල බල


                                               


              ‌‌ෙඑතිහාසික දෙවනගල රජමහා විහාර සන්තක දේපළ කොල්ල කෑම සම්බන්ධව නැවතත් ජනමාධ්‍ය වල අවධානය යොමුව පවතී.මේ කලබල ඇති කරනු ලබන්නේ දෙවනගල ගලවටේ ඉඩම් ආක්‍රමණය කර සිටින මුස්ලිම් අන්තවාදීන් බව නොරහසකි.  1941 වර්ෂයේ  දෙසැම්බර් දොලොස් වනදා නිකුත් කරන ලද ගැසට් පත්‍රයක් මගින් දෙවනගල විහාර සන්තක ප්‍රදේශය පුරා විද්‍යා ස්මාරක ලැයිස්තුවට ඇතුලත් කර ඇත. නමුත් රජ වරුන් පූජා කරන ලද ගම් බිම් සහිත සම්පූර්ණ විහාරගම ඇතුලත් බිම් මැනුම සකස් කර ඇත්තේ 1876 වසරේ දීය. කැකිරි ගොඩ ලියන රාළ නැමැත්තෙක් හේන් කෙටීම සඳහා දෙවනගල විහාරස්ථානයෙන් අවසර ලබා ගෙන ඇත්තේ ඉන් බොහෝ කලකට පසුවය. ඒ අනුව ගල පාමුළ කැලේ කොටා හේන් පැල් ඇටවිණ. කලක් යද්දී ස්වාමීන් වහන්සේ අපවත් වූ පසු මේ ඉඩම් වලට බලපත්‍ර ලබා ගත් ඔවුහු ස්ථිර නිවාස ද ඉඳි කළහ. අනතුරව වරින් වර රුපියල් එකසිය පණහක් වැනි සුලු මුදලකට මේ ඉඩ කඩම් මුස්ලිම් වරුන්ට විකුණා දමා ඇති බව දැන ගන්නට තිබේ. විහාරස්ථානයත් ගමත් අතර සම්බන්ධය බිඳ වැටෙද්දී මුස්ලිම් අන්තවාදය ක්‍රමයෙන් වර්ධනය වන අවස්ථාවන් හිදී  දෙවනගල ගලවටේඅනවසරඉඳිකිරීම්රාශියක්සිදුවන්නේමෙලෙසය.
            ධාතුසේන රජ දවස මෙම පවුවෙහි විහාරයක් සෑදවූ බව ජනප්‍රවාද ගත ව තිබේ.
දිලේ දිලේ රැස් බුදු සසුන ලක තුලේ- විලේ ජලේ නොසිඳේ සැදුන හැම කලේ
කලේ නිරිඳු දාසෙන් වෙහෙර මන කලේ -ගලේ දෙවන නැග ගොස් වඳිමු සිතු ලොලේ

        දෙව් නැගි ගල දෙවනගල වූ බවද ජනප්‍රවාද ගතය.මාවනැල්ලේ සිට හෙම්මාතගම පාරේ ගොස් කටුගහවත්ත කඩ මණ්ඩියෙන් මෙන්ම අයගම හන්දියේ ඉදිරිපිට මාර්ගයෙන්ද උඩපමුණුව මාර්ගයෙන් ද දෙවනගලට පිවිසිය හැකි වන අතර එහි මස්තකයට දර්ශනය වන්නේ සතර කොරළයේ දර්ශනීය කඩයිම් බව කිව යුතුය. ජූනි මාසයේ දී සමකයට ආසන්න ව ගමන් කරන හිරු ලංකාවට මුදුන් වන්නේ අප්‍රියෙල් මාසයේ දීය. දෙවුන්දර දේවාලය ඉහළින් මුදුන් වන හිරු සමනොල කන්ද පසුකර දෙවනගලටද මුදුන් වෙයි. අනතුරුව අනුරාධපුරයේ ඉසුරුමුණි යෙන්ද නික්ම ඉරුමියන්කුලම හරහා පැදුම් දොර නොහොත් පේදුරු තුඩුවෙන් ලංකාවෙන් නික්ම යයි.දෙවනගල ට නැගි කල්හි මේ අතීත සූර්ය දේවාලයේ නටබුන් යැයි කැව හැකි පැරණි ඉඳි කිම් අපට දක්නට හැකිය. එවැනිම ගල් දෙවොලක් දෙවිනුවර ද වෙයි. පොලොන්නරු යුගයේ කිත් නුවර ගල් සෙනෙවියාගේ ක්‍රියාන්විතයක් ගැන ලියැවෙන සෙල් ලිපියක් මගින් ගම් බිම් පූජා කළ බව මෙම පවුවේ සටහන්ව ඇත.
      සීතාවක රාජසිංහයන් භික්ෂූන් වහන්සේලාට විරුද්ධව ආඬි පක්ෂය ගෙන කටයුතු කරන අවස්ථාවේ දී සෙංකඩගලින් යුග පුරුෂයෙකු බිහි විය. ඔහු නමින් කොනප්පු බන්ඩාර විය. කලක් පරංගි යටතේ යුධ සෙනෙවි කම් කළ හෙතෙම උඩරට භික්ෂූන් වහන්සේලා සමග සම්බන්ධකම් ඇති කරගෙන රට නිදහස් කර ගැනීමේ සූක්ෂම ව්‍යාපාරයක නිරත විය. මල්වතු විහාරයට අයත් භික්ෂු පරම්පරාවේ දෙවනගල රතනාලංකාර හිමි මේ කටයුත්තේ දී දුන්සහාය නිසා උඩරට ජය ගැනීම මෙන්ම රාජ උරුමය ඇති කුසුමාසන දේවියද තමන් ළඟට ගැනීමට කොනප්පු බණ්ඩාරයන්ට හැකි විය. පළමුවන විමලධර්ම සූරිය නමින් රජ වූ කොනප්පු බණ්ඩාර උඩරට රාජධානියට නව ජීවයක් එක් කොට නැති ව තිබූ උපසම්පදාව යලි ඇති කොට ශ්‍රී පාදය නැවත ආඬින් ගෙන් පවරා ගෙන බෞද්ධයින් සතු කොට තමන්ට උපකාර කළ දෙවනගල රතනාලංකාර ස්වාමීන්ට ද පුද සත්කාර කලේය ඒ වෙනුවෙන් ගම් බිම් පුදා දෙවනගල ගලේ කරන ලද ශිලා ලිපියක් වෙයි. මේ සියල්ල මෙහි උරුමය කියාපාන වැදගත් මූලාශ්‍රයන්ය.
          අනූව දශකයේ සිටම මේ විහාරය ආරාජිකව පැවතුණි.මුස්ලිම් වරුන්ගේ මෙහෙයවීම මත විහාරයේ බොහෝ විනාශකාරී සිදු වීම් දියත් වූ බව පැවසේ.විමලධර්මසූරිය රජු කෙටවූ ශිලා ලේඛනය මතට ඇසිඩ් වත්කර විනාශ කරන්නටද චෛත්‍ය ගර්භය බිඳ නිදන් වස්තු කොල්ල කෑමටද උත්සාහයක නිරත විය. විමරධර්ම රජු කරවූ පිළිමගෙයි වැඩ සිටින පිළිම වහන්සේ ගේ කුස යවුලෙන් ඇණ හාරා කරන ලද විනාශය අති මහත්ය. මල්වතු මහා විහාරයේ කාරක සංඝ සභාව විසින් මේ ස්ථානයේ භාර කාරත්වයට ස්වාමීන් වහන්සේලා පත්කළද වරින් වර උන්වහන්සේලාද අපවත් වීම නිසා තව දුරටත් නායකත්වයක් නොමැති ස්ථානයක් බවට පත් ව තිබුණි. පසු ගිය කාලයේ දී යවුලෙන් ඇණ කඩා බිඳ දැමූ පිළිම වහන්සේලා නැවත ප්‍රතිස්ඨාපනය කිරීමේ වගකීම ඉටු කරන ලද්දේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිස විසිනි. එහෙත් දෙවනගල ගල පාමුළ වටයක් තුළ විහාරගමට අයත් ඉඩ කඩම් කිසිවක් තවමත් නිදහස්ව නොමැත. පුද බිම පාමුළ උඩ පමුණුව පැත්තෙන් ගලේ කොටසක් කැඩීමට දමන ලද මුතුකෙලියාව නම් ගල් වලකි. කටු ගහවත්ත හා අයගම මාර්ගයන්ට මැදිව තිබෙන්නේ මුසල්මානුවන්ගේ ගවමස්කඩහාකුකුලුකොටුය.

            මුල් වරට මා හට එහි යෑමට අවස්ථාව ලැබුණේ 2000 වසරේදීය.වාරියපොළ සුමංගල විදුහලේ සිසුන් පිරිසක් සමග එහි ගිය පසු වත්මන් ඛේදවාචකය ඇසින්ම දැක ගන්නට ලැබුණි. පසුව 2009 වසරේ දී සපරගමුව පළාත් හිටපු ආණ්ඩුකාරවර ජානක ප්‍රියන්ත බණ්ඩාර මහතා සමග එහි ගියේ පුරාවිද්‍යා ස්මාරකයෙන් ඔබ්බට ගොස් ගල වටේ මායිම් කණු සිටුවීමට උත්සාහ කළ පුරාවිද්‍යා නිළධාරීන් හට සහාය වීමටයි.නමුත් එම අවස්ථාවේදී එතැනට කඩා වැදුණු අමාත්‍ය ආතාවුද සෙනෙවිරත්න ( කාති උසාවි පනත ගෙනාවේ මොහු විසිනි) කළ කලබලය නිසා එම කටයුත්ත එතනින් නවතාලන්නට සිදු විය.පසුව දිස්ත්‍රික් ලේකම් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මූලිකව පැවතී රැස්වීමකදී මෙම ඇමතිවරයා පුරාවිද්‍යා නීළධාරිණයකට බැණි වැදුණි. ඒ සම්බන්ධව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් විසින්  එම ඇමතිට 2013 වසරේ දී යැවූ ලිපියෙන් කියැවුණේ වග කිව යුතු ඇමතිවරයෙකු විසින් මෙවැනි දෑ නොකළ යුතු බවයි.
         දැන් මේ ගත වන්නේ 2020 වසරයි.දේශපාලකයන් ගේ අනුග්‍රහය මත 1876 ගැසට් කරන ලද විහාරගමෙන් විශාල කොටසක් මුස්ලිම් අන්තවාදීන් විසින් අල්වා ගෙන තිබේ. මෑතකදී හරන්කහ උල්ල නම් කුඹුර ගොඩ කර ලීමට ගත් උත්සාහයක්ද විය. මෙහි වර්තමාන විහාරාධීපති වශයෙන් පත් කරන ලද පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් ගේ අප්‍රතිහත ධෛර්ය නිසා මේ වන විට මේ මුස්ලිම් අක්‍රමණයට එරෙහිව ප්‍රමාණවත් බලවේගයක් ගොඩ නැගී තිබේ. කුඩා ඉඩක් දුන් විට කන වටේ ගොස් සන්තකයම අල්ලා ගන්නා මුසල්මානුවන් සැබවින්ම රටටම පිළීලයකි.දෙවනගල ප්‍රශ්ණයේ දී අන් බොහෝ දේට වඩා සංකීර්ණව වැඩ කරන්නට සිදු වී ඇත. පුරාණ විහාරගම් නීතිය අනුවද වැඩ වසම් ආඥාපනත අනුවද කෙතරම් කාලයක් වුවද විහාරගමක බදු වශයෙන් හෝ වෙනත් ක්‍රමයකින් ඉඳි කිරීම් පවත්වා ගෙන යනු ලබන පුද්ගලයෙකුට අයිතිය හිමි වන්නේ නැත.සැලව රජ මහා විහර සන්තක දේපළ නිරවුල් කරලීමේ දී මෙම නීතිමය තර්කයන් පෙරට ගැනීම නිසා 2016 වසරේ දී එම රජ මහා විහාරයට අයත් ඉඩකඩම් නිරවුල් විය.එසේ තිබියදී දාසෙන් පවුව නොහෙත් දෙවනගග ගල පමණක් පුරාවිද්‍යා රක්ෂිතයක් කරලීමෙන් සෑහීමකට පත් විය යුතු නැත. බෞද්ධ කටයුතු කොමසාරිස් වරයාට මේ සම්බන්ධව බරපතල වගකීමක් පැවරී තිබේ. පුරාවිද්‍යා ස්මාරක වහයෙන් සැලකෙන දේ ආරකෂිත කරන අතර වාරයේ ‌‌ෙඑතිහාසික දෙවනගල විහාරගම් දේපල නිරවුල් කර දීමේ වගකීම ඔවුන්ට කිසිලෙසකින් වත පැහැර හැරිය නොහැකිය.
         අතීතයේ දී නම් මේ රටේ පාරම්පරික උරුම කරුවන් හට පීඩා කරන දෙමළුන් ඇතුළු විදේශිකයන් මාවටු තොටින් පිටුවහල් කළහ. එසේත් නැතිනම්  කලබලකාරී විදෙශිකයන් හට ඌලියම් නම් බද්දක් පණවා පාලනය කළහ.පාලකයන් ගේ වගකීම විය යුත්තේ දෙවනගල කලබලයන් වහා සංසිඳවීමට ක්‍රියාකිරීමයි. මාසයකට වරක් මහා සංඝ රත්නය සමග සතුටු සාමිචියේ යෙදී ප්‍රශ්ණ යට ගැසීම රජෙක් ගේ යුතුකම නොවේ

No comments:

Post a Comment