සිංහලද්වීපය නොහොත් උඩරට ගිවිසුමේ
සඳහන් සිංහලේ ට එල්ලවූ විදේශ ආක්‍රමණ ඉතිහාසය පුරාම නිමක් නැතිය. වරෙක මේ ආක්‍රමණිකයන්
රට අල්වා ගත්හ.තමන්ට රිසි පරිදි පාලන පහසුවට බෙදා වෙන්කර ගත්හ. යුරෝපීයන් පෙරදිගට පැමිණීමත් සමගම මේ ආක්‍රමණය නව
ස්වරූපයකින් බලවත් විය. මේ නිසා සිංහල රජවරුන්ටද ඇතැම් විට සිදු වූ යේ උඩරට පහතරට
වශයෙන් බෙදාගෙන පාලනය කර ගැනීමටයි. නමුත් මේ සෑම අවස්ථාවකදීම බෙදුම්වාදය පරාජයට
පත් කරමින් නැවතත් රට එක් සේසත් විය. එහි අදහස නම් එක් රජෙකු යටතේ එක් ධජයක් යටතේ
රට පාලනයට පසුබිම් සැකසීමයි.මෙම සිංහලද්වීපය ගිවිසුමකින් බ්‍රිතාන්‍ය රජුට පවරා
දීමේ ඓතිහාසික වැරැද්ද සිංහල රදළ වරුන් නොකළා නම් අදත් එක සේසත් රටක් අපට හිමි
වන්නට ඉඩ තිබුණි. කෙසේ වෙතත් ගිවිසුමකින් රට පවරා ගත් ඉංග්‍රීසීහු රට පළාත් පහකටද
අනතුරුව නවයකටද බෙදා ජාතිය බේද භින්න කිරීම ආරම්භ
කරනු ලැබිණ. එතෙක් පැවති රුහුණු මායා පිහිටි තුන් සිංහලය කැබලි කිරීම ආරම්භ
වූයේ එලෙසයි.ලංකාවට සංක්‍රමණිකයන් සහ වහලුන් වූ මලබාර් දෙමළ ජන වර්ගය උතුරේ ස්ථීරව
පැලපදියම් කර ඔවුන් හට විශේෂ අධ්‍යාපන අවස්ථා හිමිකර දී සිංහලයන්ට එරෙහිව පෙළ
ගස්වන ලද්දේ මෙ කියන ලද ඉංග්‍රීසීන් ගේ වුවමනාව පිටයි.
පාලන ප්‍රතිසංස්කරණ සඳහා ඉංග්‍රීසීන්
අනුදත් ගමනේ අවස්ථා කීපයකදීම සිංහල ජන ප්‍රධානීන්ට
අවස්ථාව නොදී දෙමළ සහ මුස්ලිම් ආගන්තුකයන්ට මුල් තැන් දීම නිසා රාජ්‍ය මන්ත්‍රණ
සභා යුගයේදීම ඔවුහු පණහට පණහ ඉල්ලූහ. 1976 වඩුගොඩ දෙමළ සම්මේලනයේ දී සම්මත කර ගත්
අදහස් අනුව මේ දෙමළ ජන ප්‍රධානීහු වෙනම ස්වයං පාලන ඒකකයක් ඉල්ලීමට තරම් සාහසික
වූහ. මේ බෙදුම්වාදී ස්ථාවරය ඉන්දීය රජයේ ද අනුග්‍රහය ඇතිව ශක්තිමත් කරලීම පිණිස
1985 දී තිම්පු වලදීද 1987 දී නව දිල්ලියේ හා කොළඹදීද 1989 දී නැවත කොළඹදීද 1994
1995 කාලයේදී යාපනයේදීද 2002 -2003 කලයේදී ලෝකයේ විවිධ රටවලදීද කරන ලද සාකච්ඡා
මගින් ස්ථීර කර ගෙන ඇත. නමුත් මේ සමග ඇතිවූ කොටි ත්‍රස්තවාදයද ඊළාම් මතවාදයද
සුන්නත් දූවිලි කරමින් නන්දිකඩාල් කලපුවේ දී බෙදුම්වාදය සන්නද්ධ වශයෙන් පරාජය කරන
ලදී.
පෙර සඳහන් කළ පරිදි බෙදුම්වාදයට විලිලෑම
මෙන්ම ඊළම නමැති ස්වයංපාලන ඒකකය එළියට ගැනීම වරින් වර හදිසියේ කරන්නට උත්සාහ කළ
හැටි අපට හොඳ හැටි මතකය. මේ උත්සාහයන් ගෙන ඇත්තේ එකම කල්ලියක කීප දෙනෙකි. දෙමළ
මතවාදය ශක්තිමත් කළ ලෝකයේ විවිධ රටවල සිටින දෙමළ ඊළාම් වාදීන් ඔවුන්ගෙන් කප්පම්
ලබන රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් මෙන්ම ලංකාවේ සිටින ලිබරල් සහ මාක්ස්වාදී මතධාරීන්
මෙලෙස විවිධ අවස්ථාවලදී ඊළම නමැති අවජාතක දරුවා බිහිකරන්නට උත්සාහ ගත්හ. 2004
සුනාමි ව්‍යසනයෙන් පසුව 2005 වසරේදී සිටි ආණ්ඩුව ඒකාබද්ධ යාන්ත්‍රණයක් පිහිටුවා මේ
අවජාතක දරුවා බිහිකරන්නට වෑයම් ගනු පෙනුණි. 2005 මැයි 04 දින ඒ සම්බන්ධව පැවති විවාදයේදී පාර්ලිමෙන්තු මන්ත්‍රී පූජ්‍ය
අතුරලියේ රතන හිමියන් දැක්වූ අදහස් මෙහි බහාලීම සුදුසු යැයි සිතේ.
ගරු
කතානායක තුමනි අද අපේ ඉතිහාසය තීරණාත්මක සන්ධිස්ථානයකට පිවිස ඇත. පසුගිය එක්සත් ජාතික
පෙරමුණ ආණ්ඩුවද වත්මන් සන්ධාන ආණ්ඩුවද ගෙවී ගිය තුන් වසරක කාලය තුළ විටින්
විට කලේ කොටි ත්‍රස්තවාදීන්ට නිල නොලත්
පාලනයක් ලබා දීමේ උත්සාහයයි. දැන් නැවත
වතාවක් එය කරළියට පැමිණ ඇත. පසුගිය ආණ්ඩුව කොටින්ට රට පාවා දුන්නායි කියමින් රට
බේරා ගනු වස් ජනතාව ගෙන් වරමක් ගෙන බලයට පත් එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින්ම
මේ මහා පාවා දීම කිරීමට කැස කැවීම ගැන අප මවිත වන්නේ නැත. මන්ද ජාතික හෙළ උරුමයෙන්
අපි මැතිවරණට පිවිසුණේ මේ තත්ත්වය වැලැක්වීමට වන නිසාය. කොටි සමග ඒකාබද්ධ යාන්ත්‍රණය
පිළිබඳ සාකච්ඡාවක් පවතීදැයි අප විසින් මේ සභාවේදී ප්‍රශ්ණ කළ විට නිදහස් සන්ධාන
ආණ්ඩුවේ ප්‍රකාශකයා ඒ ප්‍රශ්ණය මග හැර ගියද අද වෙනතුරුත් මේ ජනතා නියෝජිත සභාව හෝ
අඩු තරමින් රටේ අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලය හෝ එකී යෝජනා නොදනී. ජාතික මට්ටමේ කූඨ
මණ්ඩලයක්ද ප්‍රාදේශීය පාලන මණ්ඩලයක්ද දිස්ත්‍රික් සභා වලින්ද විශේෂ අරමුදලකින්ද එය
සමන්විත වන බව වාර්තා වී ඇත. වගකිව යුතු කිසිවෙක් ප්‍රතික්ෂේප කර නැති නිසා ඒවා
සත්‍යයක් ලෙසට භාර ගැනීමට අපට සිදු විණ. වසර 2002 පෙබරවාරි 22 දා එවකට අගමැතිව
සිටි රනිල් වික්‍රමසිංහ මහතා ත්‍රස්තවාදියෙකු වූ ප්‍රභාකරන් සමග ඊනියා සටන් විරාම
ගිවිසුමකට එළඹුණ අතර ඉන්පසු සාක්ච්ඡා වාර ගණනාවක් පවත්වන ලදී. 2003 මැයි 21
දාතමින් එවකට අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ වහතා උතුර හා නැගෙනහිර අන්තර්වාර
පාලනයක් සඳහා කූඨ මණ්ඩලයක් යෝජනා කර ඇත. එමෙන්ම එම කාලයේදී විවිධ යෝජනාවන් ද
සාකච්ඡා වට ගන්නා ලදුව සුනාමියට මුවාවී මේ යෝජනා කර ඇත්තේද එදා අන්තර් වාර පාලනය
සඳහා රහස් සාකච්චා කළ යෝජනාවල සාරාංශයයි. එහෙයින් ඒකාබද්ධ යාන්ත්‍රණය හා සුනාමිය
අතර ඇත්තේ කොටින්ගේ අන්තර් පාලනයට සුනාමිය කඩතුරාවක් කර ගැනීම පමණකි.
අප රටේ ඉහළම නීතිය ව්‍යස්ථාදායකයයි. මේ
රටේ ව්‍යවස්ථාවේ 157 වන වගන්තිය අනුව බෙදුම්වාදී සංවිධාන සමග කරන ගනුදෙනු ව්‍යවස්ථා
විරෝධීය. 148 වන වගන්තිය අනුව පාර්ලිමේන්තුව රාජ්‍ය මූල්‍ය පාලනයේ මූලික ආයතනයයි.
76 වන වගන්තිය අනුව පාර්ලිමේන්තුව හැර වෙනත් ආයතන වලට නීති තැනීමටද නොහැකිය. උතුර
හා නැගෙනහිරට යෝජිත ඒකාබද්ධ යාන්ත්‍රණයෙන් මේ සියළු වගන්ති උල්ලංඝණය වනවා
නොවේද මෙයින් ලබා දෙන නරක පූර්වාදර්ශය නම්
රටේ ව්‍යවස්ථාව නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදය ත්‍රස්තවාදයට යට කිරීමට රටේ පාලකයන්
සූදානම් බව නොවේද.1994 -1995 කාලය තුළ ජනාධිපතිවරියගේ සාකච්ඡා නිසා මිය ගිය අයද
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සාකච්ඡා නිසා මරාගෙන මැරෙන ගුවන් යානාද කොපමණ ලබා
දී ඇතිද. හැමදාම ඒ ද්‍රෝහී ක්‍රියා නිසා වන්දි ගෙව්වේ අපගේ ආරක්ෂක හමුදා සහ අහිංසක
දෙමළ ජනතාවයි.එමෙන්ම කොටි සංවිධානය සමග ඒකාබද්ධ යාන්ත්‍රණයකට එන්නැයි අපට බල කෙරෙන
එක්සත් ජනපදයයෙන් අප විමසා සිටින්නේ ඉරාකයේ ආණ්ඩුව අල් සර්කාවි එකතු කර නොගන්නේ
මන්ද කියාය. එක්සත් යුරොපයෙන් අප විමසා සිටින්නේ අෆ්ඝනිස්ථානය ආණ්ඩුව මුල්ලා ඕමාර්
සහ තලේබාන්වරු සමග සාකච්ඡා වලට නොයන්නේ මන්ද කියාය. බටහිර දෙබඩි පිළිවෙත දැන් ලොවට
ඉතා පැහැදිලිය.
ගරු කතානායක තුමනි. උතුර සහ නැගෙනහිර එක පාලන
ප්‍රදේශයක් ලෙස මෙකී යෝජනාවෙන් පිළිගෙන ඇත. දෙමළ බහුතර නියෝජනයක් ලබා දීමෙන් හා
එහි නියෝජනය තනිව කොටි ත්‍රස්තවාදයට ලබා දීමෙන් උතුර නැනෙහිර යනු දෙමළ නිජබිමයි.
එහි දෙමළ ජාතිය පමණක් ජීවත් වේ. දෙමළ ජාතියේ සෘජු නියෝජනය කොටි සංවිධානයයි.
ඔවුන්ගේ එකම නායකයා ප්‍රභාකරන්ය.යන සියළුම මිත්‍යාවන් නිල වශයෙන් පිළි ගැනීම සිදු
කර ඇත.
පූජ්‍ය අතුරලියේ රතන හිමියන් 2005 මැයි
මස 03 දින පැවැත්වූ අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධන කෙටුම්පත සාකච්ඡා වේදීද ඉතා
වැදගත් අදහස් කීපයක් ප්‍රකාශ කර ඇත. ඒවා මෙසේය. සරත් අඹේපිටිය මහතාගේ ඝාතනය තුළින්
මේ රටේ පාතාල ලෝකයේ මැරවරයන් ඒ වාගෙම යම් යම් දේශපාලකයන් සහ සම්බන්ධව කටයුතු කරන
බවට දැවැන්ත අනාවරණයක් සිද්දවුණා. ඒ කටයුතු තව දුරටත් අධිකරණය තුළ සාකච්ඡා වෙමින්
යන කාරණා. මෙන්න මේ තත්ත්වය හමුවේ තමයි මෙවැනි විශේෂ විධිවිධාන පණතක් ගෙන එන්නට
ආණ්ඩුව තීරණය කර තිබෙන්නේ. නීතිය කියන්නේ යම්කිසි සම්මුතියක් බව මුලින්ම කියන්න
කැමතියි. ඒ සම්මුතීන් ඇති කර ගන්න ප්‍රධාන වන්නේ ව්‍යවස්ථාදායකය නොහොත් පාර්ලිමේන්තුවයි.
මේ පාර්ලිමේන්තුවේ නීති කෙටුම්පත් සකස් කර ගැනීමේදී එය සම්මත කර ගැනීමෙදී යම් කිසි
ක්‍රියා පටිපාටියක් පිළිවෙතක් තිබෙනවා. විශේෂයෙන් මහජන නොසන්සුන්තාවයක් ඇති කරන
බරපතල අපරාධ සම්බන්ධයෙන් පැය 24 ක් රඳවා තබා ගැනීමේ කාලය පැය 48 දක්වා වැඩි කරන්න
මේ පණත් කෙටුම්පත් තුළින් යොජනා කර තිබෙනවා.අවුරුදු තිහකට අධික කාලයක් තිස්සේ මේ
රටේ බරපතල ත්‍රස්තවාදී යුද්දයක් තිබෙන බව කවුරුත් පිලිගන්න කාරණයක්. මරාගෙන මැරෙන
බොම්බ කරුවන් සිටින පොතේ නොලියපු තමන්ගේ සිතට එන දේ කරන ත්‍රස්තවාදී කණ්ඩායමක් අප
රටේ ජීවත් වන බව ඇත්තක්. ඒ වගේම මේ රටේ ලොකුම පුස්තකාලය තිබුණු රටේ ප්‍රධානතම ආයතන වූ මහ බැංකුව ඒකේ ආසියාවේ
වැදගත් තොරතුර තිබුණා.ඒ ත්‍රස්තවාදී නායකයා සිය දිවි නසා ගන්න බෝම්බ කරුවන් මගින්
බෝම්බ තබා විනාශ කළා. එහිදී ජීවිත ගණනාවක් විනාශ වුණා. ඊට පසුව ඒ පිළිබඳ පරීක්ෂණ
පැවැත්වූවා. ඒ පර්යේෂණ ඉතා වැදගත්. මේ බෝම්බ කරුවාගේ සයනයිඩ් කරල පළදාපු
පුද්ගලයාගේ ඇඟිලි සළකුණු තිබුණු බව ඉතා වැදගත් රස පරීක්ෂණ වාර්තාවෙන් හෙළිදරව්
වුණා.ඒ අනුව ඒ සයනයිඩ් කරල තමයි අපට ඉතා වැදගත් සාධකය බවට පත් වුණේ. එනම් ඒ
සයනයිඩ් කරලේ වේලුපිල්ලේ ප්‍රභාකරන් ගේ ඇඟිලි සළකුණු තිබුණා. ඒ අනුව තමයි මේ
පුද්ගලයා වසර 200 කට සිර දඬුවමට ලක් කරන්න කොළඹ මහාධිකරණය තීරණය කලේ. ඒ නඩු
තීන්දුව දුන් විනිශ්චකාර තුමා තමයි. සරත් අඹෙපිටිය මහතා.
සැබවින්ම ප්‍රභාකරන් පිළිබඳ
අවසාන තීන්දුව ගනු ලැබූවේ නන්දිකඩාල් කලපුවේදීය. ඔහු ඇතුළු ත්‍රස්වාදී ක්‍රියා කළ කොටි
සංවිධානය සම්පූර්ණයෙන්ම විනාශ කරනු ලැබිණ.ඒකාබද්ධ යාන්ත්‍රණය ගෙනා මහින්ද රාජපක්ෂ
මහතා ගේ නායකත්වය යටතේම මේ තීන්දුව ගනු ලැබූ බවද සිහිපත් කළ යුතුය.එදා දෙමළ බෙදුම්වාදයට
එරෙහිව පාර්ලිමේන්තුවේ මෙන්ම පිටතත් ඉතා
ගැඹුරු දේශන පැවැත්වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කොටි සංවිධානය සමග ගිවිසම් ගැසූ
එම ස්ථාවරය කවදත් වෙනස් නොකළ වත්මන් අගමැතිවරයා ඉතා හොඳ මහත්මයෙක් යැයි පිළිගෙන ඔහුගේ පක්ෂයෙන් පාර්ලිමේන්තුවේ වැඩ සිටී.මෙය
දෛවයේ සරදමක්ද. 2005 වසරේ මෙන්ම වත්මන්
රජයද රට බෙදීමේ න්‍යාය පත්‍රය සාර්ථක කර ගැනීමට කෙටි පාරවල් සොයමින් සිටී.එයින්
ඊළම නමැති අවජාතක දරුවෙකු බිහිකරන්නට විලිලන අතර වරින් වර සිසේරියන් සැත්කම්
කරන්නටද උත්සාහ දරයි.වත්මන් කතානායක වරයා පසුගිය දා රඟ දැක්වූයේ මේ සිසේරියන්
නාටකයට පෙරහුරුවක්ද.සැබැවින්ම දෙමළ ඊළාම් මතවාදයට බෙද්ම්වාදයටද නන්දිකඩාල් කලපුවේ
දුන් විසඳුම මෙන්ම තීන්දුවක් දීම දැන් අත්‍යවශ්‍ය වෙයි.ඒ තීන්දුව ලිබරල් මත දරන
සිංහල බෙදුම්වාදීන්ටද අදාළ වෙයි.
No comments:
Post a Comment