පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Thursday, December 28, 2017

පාරම්පරික දැනුම හුවමාරු වූ භාෂා ව්‍යවහාරය

                                     
                    වර්තමාන දැනුම නූතන්තවය තුළ ඉතා වේගයෙන්  වෙනස් වෙයි.ඉංජිනේරු විද්‍යාවේ සිට ක්ෂුද්‍ර ජීව විද්‍යාව දක්වා වෙනස් වන මෙම දැනුම තොරතුරු තාක්ෂණය මගින්ද විද්‍යාත්මක පත්‍රිකා මගින්ද ව්‍යාප්ත වෙයි.මෙම දැනුම බෙදා හදා ගන්නා විද්‍යාත්මක ක්‍රමවේදයක් විද්‍යාඥයන් විසින් භාවිතා කරති.ගෝලීයකරණය හමුවේ මෙම ක්‍රම
වේදයන් ඉදිරිපත් කරන රටාව එක හා සමානව තිබෙන බව පෙනේ.මෙම විද්වත් භාෂාව මගින් ඉදිරිපත් නොකළ දැනුම් පත්‍රිකා ප්‍රතික්ෂේප වන්නේ යටකී විද්‍යාත්මක සම්ප්‍රදාය උසස් සමාජයේ මුල් බැස ගෙන ඇති බැවිනි.
     අපගේ පැරණි සමාජය තුළ ද දැනුම මැනවින් හුවමාරු විය. එදිනෙදා වැඩ මෙන්ම රජ්‍ය මැදිහත් මහා සංවර්ධන වැඩ උදෙසාද එම දැනුම ලේඛනගතව හුවමාරු වී ඇත. මේවා පුස්කොළ ග්‍රන්ථයන්හි බෙහෙවින්ම අඩංගු වි තීබී ඇත.වාරි කර්මාන්තය ලෝහ කර්මාන්තය පේෂ කර්මන්තය ගොවිතැන ආහාර තාක්ෂණය ගැන සාකච්ඡා කරන ඇතැම් ලේඛන පසුකාලීනව විනාශ වුවත් එම මුල් ලේඛන වලින් ගත් පාඨ යොදා ලියූ ග්‍රන්ථ මධ්‍යකාලීනව අපට දක්නට හැකි වෙයි.විශේෂයෙන්ම සද්ධර්ම රත්නාවලිය සද්ධර්මාලංකාරය පූජාවලිය වැනි ග්‍රන්ථ පරිශීලනය කරන කල්හි  දෛනික ජීවිතයෙහි විශේෂයෙන් ම ගොවිතැනෙහි යෙදී සිටි සාමාන්‍ය ජනතාව සතු ව තිබූ එම දැනුම පරම්පරාවෙන් පරම්පරාවට ව්‍යවහාර කරගත් ආකාරය පැහැදිලි කර ගත හැකිය.
        ගඩලාදෙණිය විහාරයේ වැඩ සිටි ධර්මකීර්ති සංඝ රාජයාණන් වහන්සේ විසින් දෙවනි වීරබාහු රාජ සමයේ රචනා කරන ලද සද්ධර්මාලංකාරය කතා වස්තු වල ඇතැම් තැන් වල මෙම දැනුම මෙන්ම චාරිත්‍ර වාරිත්‍රයන් ගැනද සඳහන්ය.හේන් ගොවිතැන් කරන සමයක්හි පැල් රකින්නවුන් කරනා කියනා දේ මෙසේ එහි සඳහන් කර තිබුණි.
      එකලැ ඒ සිටාණෝ බොහෝ ඇල් කෙත් වපුරුවා ගොයම් පීදී පැසෙන අවස්ථාවෙහි ඒ තමන්ගේ දාසි කුමාරිකාවන් කැඳවාගෙන ගොයම් රක්නට යැවූහ. එකලැ ඒ කුමාරිකාවෝ කෙතට ගොස් කුරුළු කොබෝ ආදී වූ සතා සතුන් බැණ ඇලිකෙත් අසැ දඩ පැලෙකැ උන්නාහු කරල ගණනක් කඩා ගෙන ගිනි දල්වා පන්සීයක් විළඳ බැඳ තබා විලට ගොස් මුව සුද්ද කොට නෙළුම්මලක් දැක කඩාගෙන නැවත අවුත් දඩ පැලැට නැගී ගී කිය කියා උන්හ.(පද්මාවතී කතා වස්තුව -සද්ධර්මාලංකාරය)
        දෙවන පරාක්‍රමබාහු අවදියේදී ලියැවුණු සද්ධර්ම රත්නාවලිය තුළද අපූරු භාෂා ශෛලියක් ඇත.බණ මඩුවේ රැස්ව බණ අසන උවසු උවැසියන්ට බණකතා දෙසන මේ විලාශය ලගන්නා සුළුය.එහෙත් ඇතැම් විට විදග්ධය. මේ වාග් විලාශය තුළ දැනුමද අඩංගු වෙයි. චාරිත්‍ර වාරිත්‍ර මෙන්ම සාර්ධර්මයන්ද අඩංගු වෙයි.පඤ්ච වගගදායක වස්තුවේ සඳහන් භාෂා විලාශය බලන්න.
     ඒ බමුණෝ ගොයම් කොට ජීවත් වන කෙණෙක. ඌතුමූ ගොයම් දීමා දී පෙරාතු අගහස් බතක් දෙති. කොළ කළ විටි වූ කල අගහස් බතක් දෙති. කොළ මිරිකා හී රැස් කළ කලත් අගහස් බතක් දෙති. බත් පිසලා තලියේ නොලන් තෙක් අගහස් බතක් දෙති. තළියේ ලාලු කළ කන්ට පෙරාතු අගහස් බතක් දෙති. මෙලෙසින් කෙත අක්බතය. කළ විටි අක්බතය. වී අක්බතය. සැළි අක්බතය. තලි අක්බතය. යි පස් අගකින් දන් දෙති. බත් කන වේලාව පැමිණි කෙනෙකුන්ටටත් නොදී අනුභව නොකරති. එහෙයින් පඤ්චගගදායක යයි නම් තබා ගති.
    අපේ ආහාර සංස්කෘතියේ තිබෙන බත් වර්ග රාශියම මතක් වන්නේ මේ වගන්ති දකින කල්හිය..ඒ ආහාර විද්‍යාව පිළිබව මෙන්ම එයට බැඳුණු සිංහල සාරධර්මයන්ද උලුප්පන්නකි.සද්ධර්ම රත්නාවලියේ එන අනෙක් කතා වස්තු අතර මෙණ්ඩක මහ සිටාණන් ගේ වස්තුව ඉතා ප්‍රබල වෙයි.පෙර රජරට ගැමියා මෙන්ම සිටුවරයාද මුහුණ දුන් නියංසාය සහ අරපිරිමැස්ම ගැන් ඉන් කදිම පාඩමක් කියාදෙයි.
        සාය නොසලකා උන් පස් නෙකු මේ සිටු ගෙයි විසූහ. මේ පස් දෙන බිම වල තබූ වීත් නිමි කල්හි මස් දවස් ගණනක් නොව සාය තුන් අවුරුද්දම සිටි හෙයින් භික්ති වල වී මුසු මැටිත් සාරා වගුරුවා ගෙන මැටි තෙමා වී වෙන් කොට ගෙන ඉනුත් යැපෙති. සිටාණන් ගේ ඇඹේණියෝද සායත් බලවත්ව මැටියෙහි තිබූ වීත්  නිමා හෙයින් භික්ති කැබෙල්ලක තිබූ මැටි සුඟ සාරා වගුරුවා ගෙන තෙමා පියා ගරා පෙරා වී දෙනැළියක් දුකසේ ලදින් එසේම හෙයින් හැර පියා සාල් නැළියක් ලදින් සෑය සමයේ සොරුන් බොහෝ සේ රැක තබනු නිසා කළයක ලා පස් නොවදනා ලෙසට වසාලා එළියේ තිබූවෝත් සොරුන් කළයේ නොනවත්නා හෙයින් බිම වලක් සාරාලා පස් වසා තබා ලූහ.  අපේ පැරණියන් බීජ කල් තබා ගත්තේ මැටි භිත්තියේ ගසා ලමිනි.වලවල් සාරා එහි තුළ තැන්පත් කරලීමෙනි.සිටු ඇඹණියෝ වී දෙනැළියක් ගත්තේ එයිනි.බීජ කල් තබාගන්නා පාරම්පරික දැනුමක් මෙයින් ඉස්මතු වෙයි. තවද යම් සේ වැස්සෙන් පෙරවරු වපුරන්නාවූ හැල්වී ආදී වූත් පස්වරු වපුරන්නාවූ උඳු මුං ආදී වූත් බිජුවට ඇස් පවාද.යන්වෙන් දැක්වෙන සද්ධර්ම රත්නාවලි පෘඨය බලන්න.කල්යල් බලා කරන ගොවිතැන එහි ඉස්මතු වෙයි.
     අපේ සාහිත්‍ය ග්‍රන්ථ අතර පූජාවලිය බොහෝ ජනප්‍රියය.දෙවනි පැරකුම් සමයේ රචිත යයි සලකන මෙම ග්‍රන්ථයේ මිහිඳු හිමියන් ලංකාවට වැඩම වූ පසු මිහින්තලයේ දී රජ්ජුරුවන් ගෙන් අඹ පැණයක් ඇසූහ.ඒ විත්තිය රචනා කර ඇත්තේද අපූරුවටයි.
        රජ්ජුරුවෝ මීට කෙසේ වැඩිසේක්දැයි විචාලහ. මහරජ දියෙනුත් ගොඩිනුත් නොආම්හ. වදාරා අකාශයෙන් වැඩිසේක් වනැයි රජ්ජුරුවන් සිතූ කළ රජ්ජුරුවන්ගේ නුවණ ප්‍රශ්ණයකින් පරීක්ෂා කෙරෙමි යි සිතා එතෙන සිටි මී අඹ ගස බලා මහරජ මේ කිනම් ගසෙක් දැයි වදාළ සේක. රජ්ජුරුවෝ අඹ ගසයි කීහ. මහරජ මේ හැර තවත් අඹ ගස් ඇද්දැයි විචාල සේක. රජ්ජුරුවෝ බෙහෙව ස්වාමීනී යි කීහ. එයින් පිටත් ගස් ඇද්දැයි විචාල සේක. අඹයෙන් පිටත් සෙසු ගස් පමණ නැත. ස්වාමීනී කීහ. සෙසු අඹගසුත් නොඅඹගසුත් හැර පිටත් ගස් කවරේදැයි විචාල සේක. මේ අඹ ගස එයින් පිටත් වේද ස්වාමීනී යි කීහ. සැබැවින්ම රජ්ජුරුවන් ගේ ගණිත දැනුම මෙන්ම බුද්ධියද මේ පැණයෙන් විචාරා ඇත. පූජාවලියේ භාෂාවද පරිහරණය කර ඇත්තේ පඨකයාට මේ ගණිත පැණයෙන් දැනුම මෙන්ම ප්‍රඥාවද පහළ වන සේය.
     උපසම්පදා ලත් භික්ෂුවක් විසින් පිළිපැදිය යුතු ශික්ෂා පද විග්‍රහ කිරීමට පාළියෙන් රචිත ශික්ෂා ග්‍රන්ථයන්ට අටුවා වශයෙන් ලියැවුණු සමන්තපාසාදිකාව ඇසුරෙන්  සැකසුනු පැරණි සිඛ වළඳ හා සිඛ වළද විනිස දහවන සියවසේ දී පමණ භාවිත වූ සිංහල භාෂාවෙන් රචනා කරන ලද්දකි. එහි තැන් තැන් වල තිබෙන විස්තර කිරීම් වලදී අප දකින්නේ එකල තිබූ පාරම්පරික දැනුම් ව්‍යවහාරයයි.එහි බහා ඇති මේ වගන්ති තුන් සිවුරු පිළියෙල කිරීම අරභයා ලියන ලද්ද්දකි. සිංහල මිණුම් ක්‍රම එහි මොනවට දක්වා ඇත. මෙ තුන් සිවුරු ඉටන සෙයි. මෙහි පමණ නම් සඟල උතුරු සඟටද යටත් පිරිසෙයින් දිග පස් රියන් පුළුල මිටි තුන් රියන් උඩත් පිරිසෙයින් බුදුන් සිවුරට උනුවැ වටී. අතුරු වසා සිවුරුට දිග මිටි පස් රියන් පුළුල දෙරියන් වියත් දෙරියනුදු වටී.වඩුරියනින් රියන් දිග පුළුලයෙන් වියත් කඩ පත්ති පෙරහන් ආදී  පිරිකර සොළ නමින් ඉටියැ යුතු.
       සිඛ වළඳ විනිසෙහි මහා පොළව ගැන  විස්තර සඳහන් වන්නේ මෙසේය. මෙහි පොළෝ නම් තුන් වැදෑරුම් වෙ.හේ කෙසෙනි යත් සුදු පස් සුදු මැටි පොළොව මද වැලි හකුරු පහණ කළ සකලා කැබිලිති ඇති බොහො පස් ඇති මැටි රැස් පස් රැසියෙහි එක දවසක් වැසි වට  සාරමස් ඉකුත් පොළොව යන මෙ තුන් ඇවැත් වන අයප පොළොවි. තුන් කොටසින් දෙ කොටසක් වැලි ආදි වී නම් එක් කොටසෙක් පස් වී නම් එව් මැටි වී නම් එව් මෙ ඇවැත් නොවන කැප පොළොවි.කී අයප දාගිය කැප පොළෝ වෙ.මෙ කණයි! මෙ මුල කණයි!එව් මෙ තැන වළක් ළිඳක් පොකුණක් වැවක් කණ!
      පරිභෝග කිරීම් දුකුළා වන්නේ මෙසේය. යාපා මැටිපා තබා සෙසු දඬු දළ ලොහොමුවාදී පා පරිභොග කළ දුකුළා වෙ. මැටි තඹ යමුවා තළු තබා සෙසු පරිභොග කළ දුකුළා වෙ. කදා පිළිවහණ කස් ලොහො මුවා තැටි ආදීබදුන් පුඟුල් සතු වුව නොවටී.එකළ වියත් වහරත් ජන වහරත් එකට සමාන්තරව යන බව පෙනෙන්නේ එකල ලියැවුණු සෙල් ලිපි බසද මෙලෙස ලියා තිබෙන බැවින්ය.
        පැරණි වඩුවෙකු ගේ අත් පොතක තිබූ පාරම්පරික දැනුම නම් මහ පොළොව පරීක්ෂා කරන විදියයි. ඉරි දෙවියන්ට ගඳ දුම් මල් පූජා කොට සිව් ගෙට ගුලෙක සොලොසා ගුලෙක පස් නගා කා බලා කියත් දුම්වා නම් දුගී වෙත් පිලිවා වා නම් කොකුන් වෙ.ඇඹුල් නම් ගිලන් වෙ.හිඹූරුවා නම් ගෙට ලො දෙත් සුවඳවා නම් තනතුරු ලැබේ. දෙපස් මුසු කිවුල් රස වී නම් ගව දරුවන් ලැබේ. දුඹුරුවා නම් මහතුන් විසින් වැඩ වෙ. ලුණු රස වෙ නම් අර්ථ විනාශ වෙ.
         මයුරපාද පිරුවන් පතිව සිටි බුද්ධ පුත්‍ර ස්ථවිරයන් වහන්සේ විසින් දඹදෙණි යුගයේදී රචනා කළ යෝගාර්ණවය නම් ග්‍රන්ථයේ උණ රෝග වලට කියූ බෙහෙත් අතර මෙවැනි වට්ටෝරු හමු වෙයි. සියළු හුනට වම් හැපළ ඇල් කසඹිලිය දැමිතිරිය රසකිඳ සියඹලා කකාරා කායම් දෙනු. මේ පඤ්චාමෘත නමි. ලහුණම උදාසන ම හෙලකිරි දෙව එම හුන මණ්ඩලයක්ම වලඳනු. ලහුණට ඉඹුල් මුල් පැන් ගෙන උක්පැණි සමසේ හෙව. සත් උදාසනක් වළඳුනු. ලහුණටම ලා පුසුලක් ගෙන ඇස්ස කපා මදය සාරා සීනටි සාල් පමණක් ගෙන ගරා පුහුල ඇතුලේ ලා පින්නේ දී පුසුල් බතුත් හුයා පැසුණු කල ගෙණ රෑ සිහිල් බා තබා උදයකට පමණ දියෙහි සිට මිදියෙන් පුසුලුත් බතුත් වළඳුනු.මෙසේම තුන් දවසක් කරනු. එහි කුමාර චිකිත්සා කියන තැන කිරි දෙන ස්ත්‍රියගේ සවභාවය දක්වා ඇත්තේ මෙසේය.
    වාත දූෂිත ස්ත්‍රියගේ කිරි කසට රසයි. පැනෙහි ඔත් කළ ඉපිලේ. පිත්ත දූසිත ස්ත්‍රියගේ කිරි කුළු රසයැ.දියෙහි ඔත් කළ කසාවන් රාජි වෙයි. කඵ ධූසිත ස්ත්‍රියගේ කිරි බොල් වෙයි. බෙල සුල දියෙහිඔත් කල ගැලේ. ආරොග්‍ය ස්ත්‍රියගේ කිරි දියෙහි ඔත් කල පාණ්ඩුවර්ණ වේ. කොසොඹ කසායෙහි ගිතෙල් ලා වගපුල් සුනු ලා පොසෙම් නංවා කිරි මවගේ දෙම සුද්ධිය කොට මුං රසයෙන් ජාංගල වර්ගයෙහි මස් රසයෙන් වෙල් හැල් සාලේ බත් කවනු.
         සම්භාව්‍ය ග්‍රන්ථ ඇරුණ කොට පාරම්පරික දැනුම ලේඛන ගත කරන ලද අනෙක් භාෂා ව්‍යවහාරය නම් ජන කවියයි.බොහෝ පාරම්පරික ශිල්පීන් තමන් ගේ දැනුම කඩපාඩමින් තබා ගත්තේ ජන කවි අරෙන් ඒවා රචනා කොට මතක තබා ගැනීමෙනි.ඇතැම් සංස්කෘත ශිල්ප ග්‍රන්ථ සිංහලට හරවා කවියෙන්ද ප්‍රබන්ධ කරන ලදහ.සිංහල මයිමතය ඉන් එකකි.
වහළ ගැසීම ගැන පාරම්පරිකව පැවතෙන ජන කවියක් මෙසේය.

දිගට තළහඳ පුළුල ගනිමින් දෙකට බෙදමින්                සොඳින්නේ
දෙකෙන් පංගුව සිව් පොටට මැන එකක් හැර තුන් කොටස ගන්නේ
කොණක තළහඳ කොනක යටලිය රැගෙන පිදුරට හැඩ    තබන්නේ
තුනෙන් පංගුව සමව ගනිමින් උළු වහළ හැඩ නිම             කරන්නේ

බිම සිටන් උඩ යටලියට මැන අටට පත් බිඳ පුළුල             ගන්නේ
ඇතුල තිබු හයහමාරත් ගෙන තුනට පත් බිද පුළුල             ගන්නේ
ඉතුරු උන එකහමාරත් ගෙන නව පොටට දැන පත්        බිඳින්නේ
සතර එළිපත පස උඩලිපත දැනගෙනයි උළුවහු               විදින්නේ
මහනුවර රජ ගෙදර සූප ශාස්ත්‍ර නම් පොතක් අවසාන සිංහල රජු වූ ශ්‍රී වික්‍රම කාලයේ භාවිතා විය. එහි පාරම්පරික දැනුම අඩංගු වූයේ ජන කවියෙනි.
බටු ඇට අළ තෙනින් ගෙන මස් පුරවනුවේ -දුනක් පතලයක මේවා යෙදූවේ
මිරිස් ඉස ඉස ඊ පිට පල හැවූ වේ - මෙය බටු පිරුම් මැලවුම්           නමුදු වේ
මේ ලෙස බලන කල්හි අදහස් ප්‍රකාශ කිරීමට මෙන්ම දැනුම සංග්‍රහ කිරීමට තිබූ රමණීයම භාෂාව සිංහලයද කියා සිතේ. එහි ව්‍යවහාරය විවිධය.ඉංගිරිසිය මෙන් එකම අච්චුවේ කෘතිම භාෂා රටාවකට අප අද පුරුදු කරවා ඇත්තේ ලංකා විශ්ව විද්‍යාල වලිනි. වෙසෙසින්ම විද්‍යා පීඨ වලිනි.ඉතින් අපේ දැනුම අපට ගන්ට මෙන්ම ලොවට දෙන්ටත් අපටම වූ රටාවක් නිපදවා ගන්නට සිතා බැලීම නරක නැත.



Friday, December 22, 2017

දළදා මාළිගාව ජාතික උරුමයෙන් හැලේ පාසල් පෙළ පොත් විකෘතිය දිගටම

                                     
               දරුවන්ගේ මෙන්ම අනාගත වැඩිහිටියන් ගේ ද ජීවනාලිය ලෙසට සැලකෙන අධ්‍යාපනය හෙවත් ඉගෙනුම අනාගත සංවර්ධනය මෙන්ම රටේ ස්වාධීනත්වය ශක්තිමත් කරන අත්තිවාරමක් ලෙසට සැලකේ.අධ්‍යාපනය මගින් වැරදි පණිවුඩයක් සංනිවේදනය කළහොත් එහි ප්‍රතිඵල භයානක විය හැකිය.  මෙරට ජාතික අධ්‍යාපනය පිළිබඳ පෙළ පොත් සූදානම් කරන ජාතික අධ්‍යාපන ආයතනය වැඩ කරන්නේ සැබෑ අධ්‍යාපන  අරමුණින් ද දේශපාලන අරමුණින්ද යන්න පැහැදිලි නැත.2015 වර්ෂයේ සිට නිකුත් කරන ලද ඇතැම් පාසල් පෙළ පොත් විමර්ශනය කොට බලන කල්හි මේ බැව් පැහැදිලි වේ.
         ජාතික අධ්‍යාපන ආයතන විසින් නිකුත් කරන ලද හත වසර භූගෝල විද්‍යාව පෙළ පොත රැගෙන බලමු. භූගෝල විද්‍යාවට කිසිසේතම අදාල නැති පරිඡේදයක් එහි අඩංගු කර තිබේ. එය නම් කර තිබෙන්නේ සාමාජීය අනන්‍යතාවය යනුවෙනි.  සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් අතුළු ජන වර්ග රාශියක් දිවි ගෙවන බහු වාර්ගික සමාජයක් වශයෙන් ශ්‍රී ලංකාව එහිදී හඳුන්වා දී ඇත. සිංහල ජාතිය ජන වර්ගයක් ලෙසට හඳුන්වන ලද්දේ කුමන නිර්ණායක පදනම් කරගෙන දැයි පැහැදිලි නැත.  ගෝත්‍රයක් හෝ යම් ජන රංචුවක් හෝ අනන්‍ය වූ භූමියක දිවි ගෙවන එකම භාෂාත්මක ලක්ෂණ වලින් හෙබි පිරිසක් ජන වර්ගයක් ලෙසට හැඳින්විය හැකි වේ.ලංකාවේ වැදි ජනතාව එලෙසය. මුස්ලිම් හෝ දෙමළ ජන කණ්ඩායම් එලෙස හැඳින්වීම කළ හැක්කේ කෙලෙසකද. ඊට හේතුව ඔවුහු මෑත කාලයේදී විශෙෂයෙන්ම දහඅට වන සියවසේ සිට ලංකාවට ගෙනවුත් පදිංචි කරන ලද්දවුන් බැවිනි.විශේෂයෙන්ම උඩරට වතුකරයේ දෙමළ ප්‍රජාව පැහැදිලිව වතු වගාවට ගෙනවුත් පදිංචි කරවන ලද කුලී කරුවන්ය. ඔවුහු ලංකාවට අනන්‍ය වූ වර්ගයක් නොවේ. නමුත් සිංහලයන් වසර දෙදහස් පන්සීයයක පමණක් නොව එයටත් වඩා දුරාතීතයක සිට ලංකාවේ ජීවත් වන සංස්කෘතිය මගින් භාෂාව මගින් භූමිය මගින් ජාතිකත්වයක් සළකුණු කළ පිරිසකි. මේ පිරිසට ලෝකයේ විවිධ ජන කණ්ඩායම් වරින් වර එකතු පහදු වී තිබේ. එම නිසා විවිධ සංස්කාතික ලක්ෂණයන් ඇති වෙමින් ජාතියක් වශයෙන් ඉදිරියට පැමිණ විත් තිබේ. දහඅට වන සියවසේ සිට ලංකාවට ගෙනවුත් පදිංචි කරවන ලද මලබාර් දෙමළ වෙල්ලාර් සහ මරක්කලයන් පිරිසට යටකී පරිදි සිංහල ජාතියට එකතු වීමට ප්‍රධාන බාධාවක්  තිබුණි. එය නම් ලන්දේසීන් ගේ සහ ඉංග්‍රීසීන් ගේ බෙදා පාලනය කරලීමේ ප්‍රතිපත්තියයි. අද දක්වාම ඔවුහු ජන කණ්ඩායම් වශයෙන් ජාතියෙන් පරබාහිරව පිළිකාවක් වන පරිදි වර්ධනය වන්නේ එනිසාය.එම නිසා ලංකාව බහුවාර්ගික කලාපයක් ලෙසට හැඳින්වීම වැරදිය.සමාජීය අනන්‍යතාවය යනු පැහැදිලිවම සිංහල ජන සමාජයේ අනන්‍යතාවයයි.මෙයට සාපේක්ෂකව භූගෝලීය අනන්‍යතාවය පැහැදිලි කර දිය හැකිය.
    මෙම භූගෝල විද්‍යා පොතේ ඉහතකී පිටුවට පසු පිටුවේ   මානව නිර්මිතයන් ලෙස ස්ථානගතවූ ජාතික උරුම ලැයිස්තුවක් දක්වා තිබේ. එහි සඳහන් නම් අතර ශ්‍රී මහා බෝධිය මඩු පල්ලිය කතරගම පූජා භූමිය මුස්ලිම් දේවස්ථාන සහ නල්ලූර් කෝවිල යනුවෙන් දක්වා තිබේ එවිට ලංකාවේ ප්‍රධාන ජාතික උරුමයක් ලෙසට සැලකෙන දළදා මාළිගාව මෙන්ම දන්ත ධාතූන් වහන්සේ එතනින් ඉවත් කර තිබේ.රුවන්වැලි සෑය අභයගිරිය ජේතවනය මෙන්ම මිහින්තලයද එතැන නැත.එහෙත් එහි තව පිටුවක ලෝක උරුම ලැයිස්තුවට මහනුවර නගරය  ඇතුලත් කර ඇත. සැබවින්ම ජාතික උරුම ලැයිස්තුවෙන් දළදා මාළිගාව තිබෙන මහනුවර නගරය ඉවත් කර ලෝක උරුම ලැයිස්තුවට ඇතුලත් කරන ලද්දේ කුමන අරමුණකින්ද යන්න සලකා බැලිය යුතුය.මඩු පල්ලිය ජාතික උරුමයක් ලෙසට සලකා ලන ලද්දේ කුමන පදනමකින්ද යන්න පෙළ පොත් සම්පාදකයන් පැහැදිලි කරදිය යුතුය.ලන්දේසීන් ගේ තාඩන පීඩන වලට ලක්ව මන්නාරමේ අනාථ වූ කතෝලිකයන් කන්ද උඩරට සිංහල රජුගේ කරුණාව ලැබ මඩුවල්ලිය රටේ(කඩයිම් පොත) මඩිගෙයක් පැවතුණු ස්ථානයක පදිංචි කරවන ලද්දේ ය.ඉන්පසු එහි පැලපදියම් වූ කතෝලික ජනතාව වර්තමාන මඩු පල්ලිය තනවන ලද්දේ 1876 දී පමණය. අද එය එම බැතිමතුන්ගේ වන්දනාමානයට පත් ජනප්‍රිය ස්ථානයක් වුවද කිසිසේත්ම ජාතික උරුමයක් නොවේ.මෙම ලැයිස්තුවෙන් ජාතික උරුමයක් ලෙසට නම් කළ හැක්කේ නල්ලූර් දේවාලය පමණකි. එයද සපුමල් කුමරු ගේ මෙහෙවීමෙන් තනවන ලද්දකි.කපුටු කූඩු මෙන් තැන තැන තනවන ලද මුස්ලිම් දේවස්ථාන කිසිවකට දුරාතීයක් නැත.කතරගම දේවාලය ජාතික උරුමයකට වඩා සංස්කෘතික උරුමයකි.
      භූගෝල විද්‍යාව යනු භූමිය කළමනාකරණය සඳහා අතීතයේ සිට භාවිත කළ ශාස්ත්‍රයයි.ලංකාවේ භූගෝලීය ශාස්ත්‍ර විෂයය සිංහල සංස්කෘතිය හා බැඳී පවතී. වසර දෙදහස් පන්සීයක ඉතිහාසයේ පටන් භූමියෙන් මනා ලෙසට වැඩ ගැන්ම උදෙසා සිංහලයන් කටුයුතු කළ ආකාරය විශිෂ්ටය. විශේෂයෙන්ම වාරිකර්මාන්ත විෂයෙහි ඔවුන් දැක්වූ සමත්කම් ලෝකයේ වෙනත් ජාතීන් සතුව නැත.සිතියම් අධ්‍යයනයක් පිණිස අපගේ පැරණි මුතුන් මිත්තන් කටයුතු කරන ලද්දේ මීට වසර හය දහසකට පමණ පෙර සිට බව  මහාචාර්ය රාජ් සෝමදේව මහතා විසින් කළ කැණීම් වලින් මෑතකදී අනාවරණය කර ගෙන ඇත.ඒවායේ අඛන්ඩ විකාශනයේ වර්තමාන ශේෂ මහනුවර රජධානි සමයේ භාවිතා කළ පැරණි සිංහල සිතියම් වලින්  දැක්වෙන ආකාරය පෝල් ඊ. පීරිස් මහතා සිය සිංහල සමාජ සංවිධානය ග්‍රන්ථයේ දක්වා තිබේ. එසේ හෙයින් භූගෝල විද්‍යා විෂයය සිංහල සංස්කෘතියට සාපේක්ෂකව විග්‍රහ කළ යුතු බව අවිවාදිතය. මෙසේ තිබියදී ජාතික අනන්‍යතාවය යනුවෙන් හඳුන්වන පෙළ පොත් සම්පාදකයන් ගේ බහුබූතය කුමක්ද. එයින් බලාපොරොත්ත වන්නේ කුමක්ද
     අප දන්නා පරිදි දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ දෙමළ කොටි සංවිධානය දෙමළ ජාතික සංවිධානය වැනි ජාතිවාදී දෙමළ කණ්ඩායම් පසුගිය තිස්වසරකට අධික කාලයක් සිට වෑයම් කරන ලද්දේ ශ්‍රී ලංකා භූමිය බෙදා වෙන් කර වෙනම රාජ්‍යයක් බිහිකරලීමටයි. කොටි සංවිධානයට ආධාර උපකාර කළ ඉන්දියාවද ඇමරිකාවද නෝර්වේ බ්‍රිතාන්‍ය ආදී රාජ්‍යයන් දිගින් දිගටම මෙම බෙදීම තහවුරු කරලීමට ධෛර්ය දුන්හ. එයින් ඔවුන් බලාපොරොත්තු වන කලාපීය දේශපාලන අභිප්‍රායන්ද පරදවා 2009 වසරේ මේ දෙමළ ජාතිවාදී කණ්ඩායම් වල සන්නද්ධ අංශ පරදවා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව රටේ ඒකීය බව ආරක්ෂා කරගත්හ. ඒකීය රාජ්‍යයක් තුළ රටේ භූගෝලීය අනනන්‍යතාවය ආරක්ෂා කර ගැනීම ඔවුන්ගේ වගකීම විය. තරුණ ජීවිත 25000 කට අධික සංඛ්‍යාවක් ආබාධිත බවට පත් වූයේ ඒ අරමුණ ඉටු කර ගැනීමටියි.
         දැන් මේ රටේ බහුතර සිංහලයන් ගේ බදු මුදලින් යැපෙන ජාතිකයයි කියා ගන්නා ජාතික අධ්‍යාපන ආයතනය ඉහතකී දෙමළ  හෝ අන්තවාදී මුස්ලිම් වුවමනාවන් ඉටු කරලීම උදෙසා  භූගෝල විද්‍යා පෙළ පොතක් මගින් කියාපාන්නට උත්සාහ දරනුයේ ලංකාව බහුවාර්ගිකයන් ගේ දිවයිනක් වශයෙනි.  භූගෝලීය වශයෙන්( දෙමළ මුස්ලිම් ජන කණ්ඩායම් වල භූමි) වාර්ගික වශයෙන් රට බෙදීම ඔවුන් අනුමත කරන  බව එහිදී තහවුරු වෙයි. මෙම භුගෝල විද්‍යා පෙළ පොතට කර්තෘත්වය සැපයූ සංස්කාරක මණ්ඩලයත් අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් වරයාත් රටේ භෞමික අඛන්ඩතාවයට එරෙහි පණිවුඩයන් පෙළ පොතකට ඇතුලත් කිරීමේ වගකීම භාරගත යුතුය. රට බෙදීමට අවශ්‍ය මානසික බලපෑම වුවමනාවෙන්ම මෙම පෙළ පොතෙන් ලබාදුන් බවට ඔවුහු පිළිගන්නේද. එසේ නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමකි.රටට ද්‍රෝහී වීමකි.


Wednesday, November 22, 2017

විල්පත්තුවෙන් ඔබ්බට ජාතිවාදී සීමා නිර්ණය

                                    


       විල්පත්තු ජාතික වනොද්‍යානයේ උතුරු සීමාව ලෙසට ගණන් ගැනෙන්නේ උප්පු ආරුවයි. උප්පු ආරුවට උතුරින් මන්නාරම් දිස්ත්‍රික්කය ආරම්භ වේ. මන්නාරම් දිස්ත්‍රික්කය මුසලි මාන්තායි නැගෙනහිර මාන්තායි බටහිර මාන්නාරම සහ නාන්තාන් යන ප්‍රා දේශීය ලේකම් කෙට්ඨාශයන් මගින් පරිපාලනය වේ. එලෙසම මුසලි මාන්තායි නැගෙනහිර මාන්තායි බටහිර  මන්නාරම සහ නාන්තාන් යන ප්‍රා දේශීය සභා මගින්ද පාලනය වේ. මෙහි අඩුම ජනගහනය ඇත්තේ මුසලි බල ප්‍ර දේශයේය. එයට හේතුව විල්පත්තුවෙන් ඔබ්බට කොක්කුපඩයාන්  දක්වා දෙපස වන ගහනයෙන් යුක්ත වීමයි. නමුත් උප්පුආරුවට ආසන්නයේ ගම්මාන කීපයක් ඇත. පල්ලේකුළි මරිච්චකට්ටි මුල්ලිකුලම් කරඩිකුලි යන මේ ගම්මානයන්හි වැව් පෝෂණය කරලීමට උප්පු ආරුව හරස් කර තැනූ පැරණි වාරිමාර්ගයක්ද ඇත. 1981 සංගණනය අනුව පල්ලෙකුළි වල සාමාන්‍ය ජනගහනය 1320  නොඉක්මවයි.
         2009 වර්ෂයට පෙරාතුව මෙම කලාපය යුද්ධයට මැදිවූ අන්තරාදායක අඩවියක් විය. මෙහි සිටි ජනතාව වරින් වර අවතැන් විය. 1971 න් පසු මුසලිහි ජීවත් වූ මුවර් ජනයා මුස්ලිම් ලෙස හඳුන්වන්නට පටන් ගෙන ඇති අතර ඔවුහුද අවතැන් වූහ. නමුත් ඓතිහාසිකව මෙහි ජීවත් වූ සිංහල ජනතාවට උන්සිටි තැන් පවා නැති විය. ඔවුන් ගේ සංඛ්‍යාව දහසකට ආසන්න විය. යුද්ධයෙන් පසුව විල්පත්තුව හරහා වැටී තිබූ මන්නාරම් මාර්ගය පුළුල්ව සැකසෙන්නට විය. හමුදාමය අවශ්‍යතා සඳහා එසේ වූ නමුත් මරිච්චකට්ටි පල්ලේකුළි ආදී ගම්මාන වල කලින් ජීවත් වූ මුස්ලිම් ජනයා මරිච්චකට්ටුවෙන් ඔබ්බට සිය ජනාවාස පිහිටුවා ගන්නට උත්සාහ දරනු පෙනුණි. මෙම ක්‍රියාවට සහාය පළ කරසිටියේ එවකට රජයේ කර්මාන්ත ඇමතිව සිටි රිෂාඩ් බද්යුදීන් මහතාය.
          1981 ජන සංගණන වාර්තාව අනුව මන්නාරම් දිස්ත්‍රික්කයේ මුවර් ජනයා 27717 ක් පමණ විය. එයිනුත් මුසලි ප්‍රා දේශීය උප දිසාපති කොට්ඨාශයෙහි 8616 ක ප්‍රමාණයක්  විය.නමුත් සමස්ත මන්නාරම් දිස්ත්‍රික්කය තුළම සිටි මුස්ලිම් ජනගහනයෙන් අවතැන් වූ ගණන 11281 ක් පමණය. මුසලි බල පෙදෙසේ සිංහල ජනගහනය දක්වතොත් එය දහසකට ආසන්නවේ.මුසලිහි  බෞද්ධ ජනගහනය 842 කි. යුද්ධ කාලයේදී මෙම මුසලි පළාතේ සිටි බොහෝ දෙනෙක් අවතැන් වූහ. මුස්ලිම් පිරිස පුත්තලම් පැත්තට සංක්‍රමණය වූ අතර සිංහලයන් අනුරාධපුරයටත් වෙනත් පළාත් වලටත් සංක්‍රමණය වූහ. 2009 යුද්ධය අවසාන වීමෙන් පසුව මුස්ලිම් ජනතාව නැවත පදිංචියට පැමිණ සිටි අතර ඔවුන් ගේ පැරණි ජනාවාස වන මුල්ලිකුලම් කරඩිකුලි පල්ලෙකුළි ආදී තැන් වල පදිංචි වූහ.1960 දශකයේ දී මෙහි ග්‍රාම වසම් හතක් විය. 1980 දශකය වන විට මෙම මුසලි පළාතේ ග්‍රාම වසම් 08 දක්වා වර්ධනය විය. ඒවා නම් මෙතැන්වැලි අරිප්පු සිලාවතුර අකාතිමුරුප්පු මරිච්චකට්ටි කොක්කුපඩයාන් මුල්ලිකුලම් වෙප්පල් සහ කරඩිකුලි වශයෙන් විය. මරිච්චකටුට්වෙන් ඔබ්බට ජනාවාසකරණය ආරම්භ කරන ලද්දේ 2010 වසරේදී පමණය. ඒ සඳහා ඉඩම් ඉල්ලා වන සංරක්ෂණ අධ්‍යක්ෂ වරයා වෙත යැවූ ලියුම් වලට අනුව ඉඩම් නිදහස් කළ බව පැවසේ. නමුත් ඔවුහු මෙලෙස ඉඩම් ඉල්ලා සිටින ලද්දේ මරිචිකට්ටුවෙන් හෝ කරඩිකුලි ගම්මානයෙන් නොව ඉන් ඔබ්බට යන මන්නාරම් මාර්ගයේ කල්ලාරු වනාන්තරයෙන්ය.
     2013 වසරේ දී මන්නාරම දිස්ත්‍රික්  ලේකම් වරයාට ලිපියක් යවන වන සංරක්ෂණ ජනරාල් කේ.පී. ආරියදාස මහතා මුස්ලිම් අවතැන් වූවන් ගැන සඳහන්කරයි. කුලන් කුලම් සම්බදාමුසලිකාඩු පණ්ඩාර වෙල්ලි පුතුවේල්ලි  මුසලි  පුන්නච්චි කුලම් සහ මරිච්චිකට්ටි යන තැන් වල සිට අවතැන් වූවන් සඳහා  මරිච්චකට්ටු සිලාවතුර මර්ගයේ කි.මී. 23-29 අතර මග දෙපසේ මීටර් 250 ක පළල බිම් තීරුවක් නිදහස් කළ යුතු බව එහිදී සඳහන් කර ඇත.එසේම  අකාති මුරුප්පු පිච්චායි වන්නියා කුලම් වෙප්පන් කුලම් යන ස්ථාන වලින් අවතැන් වූවන් සඳහාද පිච්චායි වනන්නියාකුලම් නම් ස්ථානයෙන්ද විඩතලතිව් හි අනාථ වූවන් සඳහා එම ස්ථානයට යාබද මඩු රක්ෂිතයෙන්ද ඉඩම් ලබා දෙන මෙන් මෙහිදී ඉල්වා ඇත. ඒ අනුව මන්නාරම් දිස්ත්‍රික්කයේ මුසලි කොට්ඨාශයට අයත් අක්කර 1080 ක් නිදහස් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
      මේ කාලයේ මේ වනාන්තරය රජයේ සෙසු කැලෑ ලෙස තිබුණි. පසුව 2003 වසර වන විට ඒවා වන සංරක්ෂණ අංශ වලට පවරන ලදී.  වන සංරක්ෂණ බලධාරීන් ජනතාව අවතැන් වූ නියම ස්ථාන ගැන සොයා බැලීමක් නොකොට  ඉඩම් නිදහස් කරලීමට අවසර ලබා දී තිබේ. ඒ අනුව 2011 දී ආරම්භ කරන්නට යෙදුණු නව ගම්මාන ඉඳි කරලීම දිගින් දිගටම සිදු විය මෙයට කටාර් රජයේ පූර්ණ අනුග්‍රහය රැගෙන දෙන ලද්දේ රිෂාඩ් බද්යුදීන් අමාත්‍යවරයා විසිනි. එවකට තිබූ රජයේ සහායද එයට ලැබුණු බව පෙනේ.නමුත් අවතැන් වූ සිංහලයන් සඳහා කිසිම ඉඩමක් අමත්‍යරුන් විසින් ඉල්ලා නොසිටි අතර ඉඩම්ද නිදහස් නොකෙරුණි.
         මේ කාලයේ මෙම වන එළි පෙහෙළි කිරීම ගැන බොදු බල සේනා සංවිධනය විසින් විශාල හඬක් නගන ලද අතර ඒ නිසාම රජයේ ඉහළ තැන් වලින් එම සංවිධානයට දේෂාරෝපණ එල්ල විය. එහෙත් නව ගම්මාන ඉඳි කිරිම දිගින් දිගටම සිදු වී තිබේ. ගිය රජයෙන් මෙම කටයුත්තට උදව් උපකාර ලබා ගත් රිෂාඩ් ඇමතිවරයා යහපාලනය පිහිටුවීමටද සිය දායකත්වය ලබා දී මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් කරලීමට කටයුතු කළහ. එම රජයේ උදව්වෙන් වනාන්තර හෙළි පෙහෙළි කිරීම කළද එම රජයටම විරුද්ධව කටයුතු කිරීම නිසා එම ප්‍ර දේශ යේ මුස්ලිම් ජන පදනමෙන් චන්දය නොලැබුණි.එය බොදු බල සේනා නිසා නොලැබුණු බව පැවසීම මුසාවකි.
        දැන් ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා සභිකයන් තීරණය කරලීමට 2043/56 2017 නොවැම්බර් 02  ගැසට්ටුව පළාත්සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබේ. ඉහතකී කලාපය අයත් වන්නේ මුසලි ප්‍රා දේශීය සභාවටයි. මුසලි පළාත් පාලන ආයතනය 2011  චන්ද විමසීමේ දී පත් වූ මන්ත්‍රී සංඛ්‍යාව  නවයකි. එහි වැඩි බලය එක්සත් මහජන නිදහස් සන්ධානය දිනාගෙන තිබුණි. මුස්ලිම් නියෝජනය එහිදී වැඩිතරමකි. දැන් මෙම ගැසට් පත්‍රය අනුව ග්‍රාම සේවා වසම් විස්සකට මන්ත්‍රී කොට්ඨාශ දහයක  සංඛ්‍යාවක් ඇතුලත් කර තිබේ. පුදුමයට කරුණ නම් 2011 න් පසු හෙළි පෙහෙළි කරන ලද කල්ලාරු වනාන්තර කොටසටත්  මන්ත්‍රී කොට්ඨාසයක් නම් කිරීමයි. එය නම් කර තිබෙන්නේ  පල්ලේකුළි යනුවෙනි. නමුත් පල්ලේකුළි ගම්මානය පිහිටා තිබෙන්නේ මරිච්චකට්ටු ගම්මානයට ආසන්නව එයට යාබදවය. පැරණි මන්නාරම් මාර්ගයට නැගෙනහිර දෙසින් එවැනි ගම්මානයක් නැත. සොයා බැලීමේදී දැන ගන්නට ඇත්තේ 2011 වසරේ දී පමණ සිට මෙම නමින් ග්‍රාම නිළධාරි කොට්ඨාශයක් බිහි කර තිබෙන බවයි. සීමා නිර්ණය කිරීමේ දී එහි ප්‍රා දේශීය සීමාව පුළුල් කොට සියළුම වනාන්තර ඇතුලත් වන පරිදි විශාල පෙදෙසකට පැතිරෙන ලෙසට  එනම් අනුරාධපුර දිස්ත්‍රික් මායිම තෙක් ඇතුලත් කර තිබේ.එසේම කොන්ඩච්චිය අවට වනාන්තරයත් අකාතිමුරුප්පු අවට වනාන්තරයත් මරුතමඩු වනාන්තරයත් යන ප්‍ර දේශ සියල්ල එක් වන සේ මන්ත්‍රී කොට්ඨාශ තීරණය කර ඇත. අනාගතයේදී එම වනාන්තරයන්ද කපා සම්පූර්ණ මුස්ලිම් ජනාවාසයන් බිහිකිරීමට සැලසුම් සකස් කර තිබේ.මෙය පැහැදිලිව පළාත්සභා ඇමතිවරයා  ගේ උපදෙස් පිට ගන්නා ලද තීරණයකි. කෙසේ වෙතත් නව ගැසට් පත්‍රය මගින් මෙම බලය බෙදීම තවදුරටත් තහවුරු කර ඇති බව පෙනී යයි.
      රිෂාඩ් බද්යුදීන් අමාත්‍ය වරයා විල්පත්තුව කපා නැත. ඔහු පැවති රජයේ අනුග්‍රහය ලබා ප්‍රා දේශීය ලේකම් කාර්යාලයේ භාරව තිබූ සෙසු වනාන්තරයක් කපා නව ජනපද සාදා ඇත. රජයේ අනුමැතිය ඇතිව එය කළද නව ජනපද සාදා ගැනීමට ඔහුට නීතියෙන් නම් ඉඩක් නැත. පරිසර විනාශයක් පැහැදිලිව සිදු වුවද අවතැන් වූවන් පදිංචි කිරීමේ මුවාවෙන් පුත්තලමෙන් මිනිසුන් ගෙනවුත් මරිච්චකට්ටුවෙන් ඔබ්බට පදිංචි කරවීම නීති විරෝධී වෙයි. මේ පිළිබඳව  පරිසර සංවිධානයන් විසින් නීති මාර්ගයට ගොස් ඇති නමුදු ජාතිවාදී කොට්ඨාශ නිර්ණය ගැන ප්‍රශ්ණ කිරීමක් කරප්‍රශ්ණ නැත. ජාතිවාදී හංවඩුව ගැසේ යයි බියෙන් ඔවුහු අවධානය යොමු කරන ලද්දේ සිදුව ඇති වන විනාශය ගැන පමණකි. 2011 වසරේ සිට ක්‍රමානුකූලව ජාතිවාදී ලෙසට මෙම කලාපයේ ඉඩම් මංකොල්ලයක් සිදු කර ඒවා සීමා නිර්ණය මගින් නීත්‍යානුකූල කර ඇත.2009 සිට ලබා ගන්නා ලද ගූගල් සිතියම් අධ්‍යනය කරන කල්හි මෙම ජනපදකරණය පැතිරී ගිය ආකාරය පෙන්වා දිය හැකිය.මෙම ගැටළුවට හිටපු රජයේ ඇමතිවරු වන නිළධාරීන් දිසාපතිවරුන් ආදී සියල්ල වගකිව යුතුය.එසේම අවතැන් ව සිටින සිංහල ජනතාව නැවත මෙම මුසලි කොටසේ පදිංචි නොකිරීම පිළිබඳව නැවත පදිංචි කරවීමේ අධිකාරියද වග කිව යුතුය.
        2007 වසරේ අවසන් කොට ඇති ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය අනුව මරිච්චකට්ටි සිට මාන්තොට දක්වා ප්‍රදේශය සංචාරක ප්‍රවර්ධන කලාපයක් ලෙසට නම් කර තිබේ. වත්මන් ජනාධිපතිවරයා විසින් මරිච්චකට්ටි කල්ලාරු වනාන්තර කොටසක් පමණක් රක්ෂිත වනාන්තර බවට පත් කොට 2017 මාර්තු මස ගැසට්ටුවක් නිකුත් කර තිබෙන්නේ මේ සංචාරක ප්‍රවර්ධන ප්‍රදේශය නිදහස් කරලීමටයි. පරිසර වේදීන් ගේ ඉල්ලීම වූයේ මේ වනාන්තර පෙදෙස විල්පත්තු ජාතික වනොද්‍යානයට එක් කළ යුතු බවයි. නමුත් එය සිදු නොවූයේ  සංචාරක කලාප සඳහා මේ ප්‍රදේශ විදේශිකයන්ට බදු දීම පිණිස යොදා ගැනීමට ඉලක්කයක් .තිබෙන බැවිනි. එවිට ඉන් සම්පූර්ණ ප්‍රතිලාභය අත් කරගන්නේ බද්යුදීන් ඇමතිවරයා විසින් පදිංචි කරන ලද මුස්ලිම් ජනතාවයි.දැන් නැවතත් මුස්ලිම් දේශපාලකයන්ගේ විරෝධය නිසා ගැසට්ටුව හකුළා ගැනීමට යන බව දැනගන්නට තිබේ. රජයට පරිසරයෙන් වැඩක් නැත.මුහුදට සමීප මෙවැනි ඉඩම් විදේශිකයන්ට පැවරීමෙන් අතයට ගන්නා ලාභය උපරිම කරගත හැකිය.අනෙක් අතට සිංහල චන්ද වලට වඩා මුස්ලිම් චන්ද සිතියම දිග හැර ගැනීම වඩා වාසිදායකය. අවතැන් වූ  7000 ක් පමණ වූ සිංහලයන් නැවත පදිංචි කරලීමට වන සංරක්ෂණයට හෝ රජයේ සිංහල ඇමතිවරුන්ට රුදාවක් නැත්තේ එබැවිනි.
. ප්‍රශ්ණය වන්නේ අන්තවාදී පිරිස වලට ඉතා පහසුවෙන් මෙම ප්‍ර දේශය හරහා රටට ඇතුළු වීමට ඉඩකඩ සැලසීමයි.


       

Wednesday, November 15, 2017

ජාතිවාදී බලය බෙදීම ගැසට් කිරීම ඇරඹේ

                                 

         නව ව්‍යවස්ථාවක් පිළිබඳ යෝජනා තව වරක් යටපත් වී ඇත. පළාත් පාලන මැතිවරණයට දින නියම කරලීම නිසා  ව්‍යවස්ථා අතුරු වාර්තාව මදක් පැත්තක තබා තිබෙන බව දක්නට තිබේ.ලබන මාර්තු මාසයේ ජිනීවා මානව හිමිකම් සැසිවාරය නිමිති කොට එය නැවත වරක් කරළියට පැමිණීමට ඉඩ ඇත.කෙසේ වෙතත් යහපාලන රජයේ ඒකායන පරමාර්ථය කුමක් හෝ උප්පර වැට්ටියක් යොදා දෙමළ සහ මුස්ලිම් අන්තවාදීන් සැනසීමයි.ඒ සඳහා හොඳම උදාහරණය අඹගමුව ප්‍රාදේශීය සභා සීමාව තුනකට කැඩීමේ ගැසට්ටුව නිකුත් වීමෙන් පසු පෙන්නුම් කර තිබේ. පළාත් පාලන සභිකයන් සංස්ථාපනය කිරීමේ ගැසට් පත්‍රයට පළාත් සභා සහ පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාපා මහතා  අත්සන් තබන ලද්දේ නොවැම්බර් මස 02 දිනදීය. එය දින දෙකක් තුළ මහජනතාවගේ දැන ගැනීම පිණිස මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් කළ හැකිය. යම් විරෝධතාවයක් තිබේ නම් නීතිමය ස්ථාවරයකට එවිට යා හැකිය.නමුත් ඇමතිවරයා විසින් අත්සන් කරන ලද මෙම ගැසට්ටුව අන්තර්ජාලයේ ප්‍රසිද්ධියට පත් කරන ලද්දේ දින නවයක් ඉකුත් වීමෙන් පසුවයි.එම ගැසට්ටුවේ අඹගමුව ප්‍රා දේශීය සභාව පිළිබඳ නිවේදනයත් තමන්කඩුව ප්‍රා දේශීය සභාව පිළිබඳ නිවේදනයත් අඩංගු නොවිණි. ඒ වෙනුවට එම කරුණු යොදා අංක 2043/57 නමින් තවත් අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කෙරී තිබේ.
         .1980 දී ගම් සභා අහෝසි කරලීමෙන් පසු පැවති පළමුවැනි පළාත් පාලන මැතිවරණයේ දී අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍ර දේශය නිර්ණය කෙරිණ. එහිදී පත් වූ මන්ත්‍රී සංඛ්‍යාව විසිඑකකි. එයින් 13 ක්ම දෙමළ මන්ත්‍රීවරුන් වෙති. එහෙත් පළාතේ වාසය කරන සිංහල ජනතාව එයට වෙනස් කමක් නොපා සාමයෙන් වාසය කළහ. මේ කාලයේ සිටම අලුතෙන් පුරවැසි බව ලැබූ දෙමළ ජනතාව වෙනුවෙන් වෙනමම පරිපාලන බල ප්‍ර දේශයන් ඇති කර ගැනීම සඳහා දෙමළ දේශපාලනඥයන් තර්ක කළහ. නමුත් එයට ඉඩ නොලැබුණි.ඒ මන්ත්‍රී ආසන 13ක් හිමිව තිබියදීය. 2013 සීමා නිර්ණ කටයුතු ආරම්භ කරලීමෙන් පසු නුවර එළි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පවත්වන ලද සෑම රැස්වීමකදීම මෙම දෙමළ දේශපාලනඥයන් වෙනමම පරිපාලන ප්‍ර දේශ කඩා ගැනීමට  සටන් කළහ. එසේම තමන් ගේ කොට්ඨාශ යන් සඳහා දෙමළ නම් තබා ගැනීමටද අවසර ඉල්ලූහ. නමුත් මෙම කමිටු රැස්වීම් වලට සාභාගි වූ හිටපු  ප්‍රා දේශීය සභා මන්ත්‍රී හෙළප්‍රිය නන්දරාජා මහතා ඇතුළ අයගේ තර්ක හමුවේ මෙම ජාතිවාදී ඉල්ලීම්වලට ඉඩ නොලැබුණි.
       නමුත් සීමා නිර්ණ කටයුතු අවසන්ව එම ගැසට් පත්‍රය නිකුත් වීමෙන් පසුව මනෝගනේෂන් දිගම්බරන් වැන දේශපාලනඥයන්ද රවුෆ් හකීම් ෆයිසර් මුස්තාපා වැනි මුස්ලිම් දේශපාලඥයන් ගෙන් ද සමන් විත හමුවක් අගමැති ගේ ප්‍රධානත්වයෙන් රැස්වී නැවත එම ජාතිවාදී ඉල්ලීම් සාකච්ඡා කරනු ලැබිණ. එහිදී එම ජාතිවාදී ඉල්ලීම් වලට අනුමැතිය ලැබුණු අතර පළාත්සභා ඇමතිවරයාට තිබෙන බලතල ප්‍රකාරව 2017 නොවැම්බර් මස 02 දින මෙම බල ප්‍ර දේශය අඹගමුව නෝර්වුඩ් සහ මස්කෙළිය යනුවෙන් කොටස් තුනකටද නුවරඑළිය බල  ප්‍ර දේශය ආගරපතන කොටගල සහ නුවරඑළිය යනුවෙන් කොටස් තුනකටද බෙදා වෙන් කරන ලදී. මෙම කැඩීම තුළින් ඉස්මතු වන ජාතිවාදී බල තුලනය මෙසේ වෙයි.
        ශ්‍රී පාද රක්ෂිතයට ආසන්නයේ ම තිබෙන ග්‍රාම නිළධාරි කොටස සීතගඟුලයි.එය මස් කෙළියට කඩා ඇත.මස්කෙළි කොටසේ ග්‍රාම නිළධාරි වසම් 10 කි. තෝරා පත් කරගන්නා සභිකයන් සංඛ්‍යාවද 10 කී.එක් වසමකට එක් මන්ත්‍රී වරයෙකු බැගිනි.ලැයිස්තුවෙන් තවත් මන්ත්‍රී වරු 06 දෙනෙකි. මෙම ප්‍ර දේශයේ සිංහල ජනතාව පන් දහසක් පමණ දිවි ගෙවූවද ප්‍ර දේශය පුරාම විසිරී සිටින බැවින් ඔවුන් හට කිසිම නියෝජනයක් නොලැබේ. එහෙත් වතු ආශ්‍රීතව පොකුරු වශයෙන් දිවි ගෙවන දෙමළ ජනතාවට විශාල මන්ත්‍රීවරු පිරිසක් ලැබේ. ඒ පාරවල් හදන්නට ලයිට් දෙන්නට වැසිකිලි කැසිකිලි හදන්නටය. එහෙත් ඒවා දැනටමත් සම්පූර්ණ කර ඇත.  නෝර්වුඩ් කොටසේ ග්‍රාම නිළධාරි කොටස් 17 කි. තෝරා පත් කරගන්නා මන්ත්‍රීවරු 12 කි. ලැයිස්තුවෙන් 08 ක් හිමිවේ. මේ කොටසට හැටන් දිකඔය පෙදෙසින් ද ග්‍රාම නිළධාරි වසම් එක කර තිබෙන්නේ දෙමළ නියෝජනය වැඩිවන ආකාරයටයි. බහුතරයක් සිංහල ජනතාව ජීවත් වන අඹගමුව කොටසේ ග්‍රාම නිළධාරි වසම් 40 කි. තෝරා පත් කරගන්නා මන්ත්‍රී වරු 13 කි. ලැයිස්තුවෙන් 08 කි. මේ කොටසටද හැටන් දික්ඔය කොටසින් ග්‍රාම නිළධාරි වසම් කඩා දමා තිබේ.ඒ අඹගමුව බල ප්‍ර දේශයටද දෙමළ නියෝජනය ලැබ ගැන්මටයි. අතැම් ග්‍රාම සේවා වසම් කීපයක් එකතු කර එක් කොට්ඨාශයක් තනා ඇත. අඹගමුව ඓතිහාසික සෙල් ලිපිය පවතින සෙල් ලිපි වසම ද වෙනත් වසම් කීපයක්ද එක් කර එලෙස එක් මන්ත්‍රී කොටසක් ඇත කර තිබේ.ඒ සිංහල මන්ත්‍රී සංඛ්‍යාව තුනී වන ලෙසටය.
       නුවර එළි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සීමා නිරණ කම්ටු රැස්වීම් වලදී අවධාරණය කළ එක් කාරණයක් නම් පැරණ ග්‍රාම වසම් වල නම් වෙනස් නොකරන ලෙසයි. මෙම ගැසට්ටුව මගින් පහළ ලෙච්චමී ඉහළ ලෙච්චමී තෙන්මදුරි යනුවෙන් මස් කෙළිය වසමේ සහ නෝර්වුඩ් කොටසේ කොට්ඨාශ වල නම් අළුතින් යොදා ඇත. මෙම වසම් කඩා ඇත්තේ   ජන ඝනත්වය අනුව වුවද භූගෝලීය විවිධත්වය ආගමික හා සංස්කෘතික විවිධත්වය ආදී අනෙකුත් නිර්ණායක නොසලකා හැර ඇත.
       නව සිය පණහ දශකය වන විට. නුවර එළි දිස්ත්‍රික්කයේ පරිපාලන ප්‍ර දේශ බවට( ආදායම් පාලක කොට්ඨාශ) පත්ව තිබුණේ උඩ හේවාහැට කොත්මලේ සහ වලපනේ වශයෙනි. අඹ ගමු ඇතුලත්ව තිබුණේ කොත්මලයටයි. පසුව ගම් සභා සීමා නිර්ණය කිරීමේදී අඹගමුව උතුර සහ අඹගමුව දකුණ වශයෙන්ද එය සළකුණු කර තිබේ.මේ කාලයේ මෙහි වතු වල සිටි දෙමළ ජනතාවට චන්ද බලය හිමිව නොතිබුණි. පුර වැසි කමද නැත. සිරිමා මැතිණිය සිරිමා ශාස්ත්‍රී ගිවිසුමෙන් වතු දෙමළ ජනතාවගෙන් ලක්ෂ පහක් පමණ ඉන්දියවට යැවීමට ගිවිස ගත්හ. නමුත් 1965 බලයට පත් වූ ඩඩ්ලි සේනානයක ආණ්ඩුව ඉතාමත් ජාතිවාදී ලෙස අනාගත දෙමළ චන්ද වලට තිබෙන ආශාව නිසා ඔවුන් ගෙන් වැඩි කොටසක් මෙහිම නවත්වා ගත්හ.මේ කාලයේ නුවර එළි මන්ත්‍රී වරයාව සිටි විලියම් ප්‍රනාන්දු මහතා ශාන්ති පුර ගාමීණී පුර ඇතුළු සිංහල ගම්මාන රාශියක් බිහිකරන ලද්දේය. ඒ උඩරට සිංහල ජනතාවට සිදුවූ ඓතිහාසික අසාධාරණය සමහන් කිරීමටයි. එහෙත් එතුමා සිංහල මෙන්ම දෙමළ ජනතාවටද සිය ගම්මාන ව්‍යාපෘතින් තුළ තැනක් දුන්හ. නමුත් 1970 දශකයෙන්  පසු මෙ තත්ත්වය වෙනස් විය නුවර එළිය ආසනය නුවර එළිය මස් කෙළිය බවට පත් විය. එක්සත් ජාතික පක්ෂ රජය දෙමළ වතු කම්කරුවන්ට දිව්රුම් පෙත්සමකින් චන්ද බලය ලබා දුන්හ. එයින් සිදු වූයේ නුවර එළි දිශාවේ සිංහල ජනගහනයේ චන්ද බලය යටපත් වීමයි.
         දැන් වර්තමාන යහපාලන රජය යටතේ නව කඳුකර ගම්මාන අමාත්‍යංශයක් ඇති කර තිබේ. එයින් දෙමළ වතු කම්කරුවන්ට පර්චර්ස් 07 ක් පමණ ප්‍රමාණයක් නිවසක් සාදා ගන්නට ලබා දෙනු ලැබේ. එහෙත් උඩරට සිංහල ජනතාවට සිදු වූ අසාධාරණ කම් සමහන් කරන්නට එකදු නිවාසයක් සෑදීමට එයින් අනුමත නොකෙරේ. ඒ වෙනුවට අද ඔවුන් ගේ උත්සාහය වී ඇත්තේ සෑම ග්‍රාම නිළධාරී කොට්ඨාශයකටම එක් මන්ත්‍රී වරයෙකු බැගින් පත් කරගෙන අනාගත මලයහ නාඩුවට පාර කැපිය හැකි දෙශපාලන බල තුලනයක් සාදා ගැනීමයි.එවිට දිගම්බරන් මනෝ ගනේෂන් වැනි දේශපාලනඥයන්ට කඩේ යන දේශපාලන හෙංචයියන් බිහි කර ගත හැකිය. අඹ ගමුව ප්‍රා දේශීය සභාව කොටස් තුනකට කැඩීමෙන් එහි පළමු පියවර ඇරඹේ. මෙම ප්‍රා දේශීය සභාවේ හිටපු සභාපති නගුලේස් මහතා සීත ගගුල සහ මරේ වසම් වල ආසන්නයේ දැනටමත් ඉඩම් මිළදී ගනිමින් සිටී. එසේම මීට කලකට ඉහත කොත් ඇල්ලන වසම ආසන්නයෙට කඩා වැටුණු  ගුවන් යානයේ සිටි මුස්ලිම් වන්දනා කරුවන් සඳහා සොහොන් කීපයක් දැනටමත් මේ වසමේ ඉඳි කර ඇත. මුස්ලිම් දේශපාලනඥන් ගේ බලාපොරෙත්තුව වන්නේ මෙම් වසම් වල තමන්ට රිසි බලයක් ගොඩනගා ගෙන පල්ලි ඇටවීමටයි.ශ්‍රී පාද රක්ෂිතය අවට ඉඩම් නව බෙදීම නිසා මස්කෙළිය ප්‍රා දේශීය සභාවට අයත් වේ. මාවුස්සා කැලේ සමන් දේවාලයද මස් කෙළියට කැඩී තිබේ.එසේම ශ්‍රී පාද මාර්ගයේ කැලිකසල බැහැර කිරීමද  කඩ බදු දීමද මින් පසු මෙම දේශපාලනඥයන් අතට පත් වනු ඇත. ඉදිරියේදී මස් කෙළිය සඳහා නව ප්‍රා දේශීය ලේකම් කාර්යාලයක් පවා ස්ථාපිත කරලීමට ඉඩ තිබේ.මේවා අනාගත සැලසුම්ය.

         ඉංග්‍රීසීන් ගේ තාඩන පීඩන වලට හසු වුණ සිංහලයන් සදා කල් අසරණය. ඔවුන්ට ඔවුන් ගේ නව පරම්පරාවට නව ඉඩමක් නව නිවසක් පිලබඳ බලාපොරෙත්තුව සිහිනයක් පමණි. ඒවා සියල්ල මේ යහපාලන රජයේ වසල ප්‍රතිපත්ති මත සුණ විසුණු ව යයි. අනාගත මලය නාඩු ව තුළ ඇවිලෙන ජාති වාදී ගැටුම් නිවන්නට මේ දේශපාලනඥයක් කිසිවකුත් ඉතිරි නොවුණු ඇත. ශ්‍රී පාදය පවා අන්‍යාගමිකයන් සතු වීමට පසුබිම සැකසෙනු යයි කීම හුදෙක් හිතළුවක් නොවේ.එදාට සුසුම් හෙළනු ඇත්තේ අපේ අනාගත දරු පරම්පරාවයි.


Saturday, November 4, 2017

යහපාලන රජය ජාතිවාදී චන්ද පොරොන්දුවක් ඉටු කරයි. ශ්‍රී පාද සමනොල අඹගමුවෙන් වෙන් කරයි.

                               

                  බුදුන් වහන්සේ ලංකාවට වැඩම කළ තෙවැනි ගමනේදී සුමන සමන් දෙවියන් ගේ ආරාධනයෙන් සමනොල කන්ද මස්තකයට පිවිස එහි තමන් වහන්සේ ගේ ශ්‍රී පාදය තැබූ බව ඓතිහාසික ජන ප්‍රවාදයන්හි මෙන්ම වංශකතා ප්‍රවෘත්ති වලද දැක්වෙයි.ශ්‍රී පාද මස්තකයට ළඟා වන මාර්ග නවයක් පමණ තිබේ. ඉන් ප්‍රධාන මර්ග දෙකින් එකක් රත්නපුර පළාබත්ගල හරහාද අනෙක හැටන් හරහාද වැටී ඇත. පළමු වන විජයබාහු රජු ශ්‍රී පාද නමස්කාරයට සිත් ඇතිව එහි ළඟා වීම නිමිති කොට පළාබත්ගල ශ්‍රී පාද මාර්ගයට යාබදව ගිලීමලේ විහාරස්ථානයේ ශිලා ලේඛනයක් කරවූහ.ගිලීමලය බඹරබොටුව ආදී ගම් ශ්‍රී පාදයට පූජා කළහ. එයට සමාන තවත් ලිපියක් ගිනිගත්හේන නගරයට ආසන්නයේ අඹගමුවේ සන්ක්ලයින් නමැති තේවත්තක පැරණි විශ්‍රාම ශාලාවක් ඉදිරිපස පිහිටුවා ඇත.මෙහි සඳහන් වන්නේ ශ්‍රී පාද ස්ථානයට කළ යුතු වත් පිලිවෙත්  මෙන්ම මගීන් උදෙසා දන්හල් පැවැත්වීම සඳහා පිදූ  ගම්වරයන් ගැනයි. උඳුවප් මස පොහෝ දිනයෙන් ආරම්භ වන ශ්‍රී පාද වන්දනා සමය අවසන් වන්නේ වෙසක් පොහොයෙනි. එම කාලය තුළ ශ්‍රී පාද රජ මාවත ලෙසින් සැලකෙන රත්නපුර මාර්ගයත් හැටන් මාර්ගයත් නඩත්තු කරනු ලබන්නේ එම පළත් වල ප්‍රා දේශිය ලේකම් කාර්යාල සහ ප්‍රා දේශිය සභා මගිනි. හැටන් මාර්ගයේ තිබෙන එකම ප්‍රා දේශී සභාව අඹගමුව ප්‍රා දේශීය සභාවයි.  
        මෙම සෙල් ලිපියට අනුව විල්බාව කෙල ගමුව තිනියගල සොරගොඩ ලියවළ බදුලු වනය කොටවැල්ල කලඟ වෙල මකුළුමුල අඹගමුව වැලිගම්පළ සහ උලපනය යන ගම්වල ගොඩ මඩ ඉඩම් වලින් ලැබෙන රාජ්‍ය භාගය නොහොත් බද්ද ශ්‍රී පාද ස්ථානයට පෙර රජ දවස් සිටන් පරිත්‍යාග කිරීමක් සිදුව තිබේ. පදලස් දා පිහිටි  සමනොළ කුලෙහි කම්නවාම් පුද සිතියම් වැට දලවනුවට හා මෙහි දා වන්දනට සිවු දෙසින් වැඩි මහ සඟුන් වහන්සෙ ට වටනා පිඬු පසයට හා සෙසු ද වන්දනට රැස්වන ආගත දුබ්බා ගතයනට දෙන දන්වැට ට හා රජරට මඟැ අගෙ පස්ගවුයෙකැ දන්හලක් බැගින් කරවා දානෝපකරණ ඇති කොට දනුදෙනු කොට යනුවෙන් සඳහන් වන්නේ එම ක්‍රියාවයි.වර්තමානය වන විට එවැනි ක්‍රම වේදයක් නැතත් අඹගමුව කුරුවිට සහ රත්නපුර ප්‍රා දේශීය සභා විසින් ශ්‍රී පාද මාර්ගයේ කඩ බදු දීම් වලින් ලැබෙන ආදායම යොදවනු ලබන්නේ මගින් ගේ ගමන් පහසුව සඳහා තනා ඇති අම්බලම් සහ මාර්ග නඩත්තු කිරීම පිණිසය.එම පරිපාලනය ඉංග්‍රීසීන් ගේ යුගයේදීද එලෙසම සිදුව ඇත. එම නිසා නුවර දිස්ත්‍රික්කයට අයත් උලපනය වැනි ගම්මාන අත් හැරණද අනෙක් සියළු ගම්මාන සමගින් අඹගමුව ප්‍රා දේශීය සභා බල ප්‍ර දේශය නිර්ණය ව තිබේ.එය මෙතෙක් පැවති රාජකාරි බල ප්‍ර දේශයයි .
         අඹ ගමුවට වර්තමානය වන විට ග්‍රාම නිළධාරී වසම් 67 ක් තිබේ.ගම්මාන 302 ක් තිබේ.කොට්ඨාශ තිස්පහකි.වතු 136 කි. මෙහි සමස්ත ජනගහනය 210000 කී.  එහි සිංහල 23% ක් දෙමළ 70% ක් සහ මුස්ලිම් 6% පමණ ජීවත් වේ. 1980 ට ප්‍රථම මෙම බල ප්‍රදේශ අඹගමුව උතුර ගම් සභාව සහ අඹගමුව දකුණ ගම් සභාව වශයෙන් කොටස් දෙකකට වෙන් කර තිබුණි. එකල සමස්ත බල ප්‍රදේශයම  පාරම්පරික සිංහල වැසියන් ගේ ගම්මානයන් කේන්ද්‍ර කොට ගෙන නියෝජනය වී තිබුණි. නමුත් 1987 දී ප්‍රාදේශීය සභා පණත සම්මත කරගත් පසු එයට සමගාමීව වතු දෙමළ ප්‍රජාවට පුර වැසි කම් ලැබුණි. එයින් සිදු වූයේ සමස්ත බල ප්‍රදෙශයේ නියෝජනයේ ප්‍රධාන පාලන බලතල දෙමළ ජනතාවට ලැබීමයි. 2011 පළාත් පාලන චන්ද විමසීමේ දී අඹගමුව ප්‍රා දේශීය සභාව නියෝජනය කරමින් සිංහල මන්ත්‍රී වරු හත් දෙනෙකු පත් වූ අතර දෙමළ මන්ත්‍රී වරුන් දහතුන් දෙනකු පත්ව එහි සභාපති ධූරයද වතු දෙමළ ප්‍රජාවට හිමව තිබුණි. නමුත් පාරම්පරික සිංහල වැසියන් ගේ සහනශීලිත්වය නිසා ගැටුම් නිර්මාණය නොවුණි. සාමාන්‍ය දෙමළ ජනතාවද සිය වතුවල පොකුරු ගම්මානයන් වශයෙන් සිටි අතර  සිංහල ගම්මාන සියල්ල විසිරුණු වසම් වශයෙන් තිබේ. මෙහි ප්‍රතිඵලය වූයේ සිංහල ගම්මානයන්හි යටිතල පහසුකම් දියණු කිරීමේදී වැඩි අවධානයක් යොමු නොවීමයි. දේශපාලනඥයන් චන්ද කාලයට ජනතාව රවටමින් ඇතැම් විට ජාතිවාදී  ලෙස කටයුතු කරමින් සිය බලය තහවුරු කරගත් අතර තොන්ඩමන් මුතු සිවලංගම් මෙන්ම වත්මන් වතු දෙමළ ප්‍රජාව නියෝජනය කරන දිගම්බරන් වැනි අය නිතරම උත්සාහ දරන ලද්දේ සිය වතු දෙමළ චන්ද පදනම් ආරක්ෂා කරගැනීමේ ක්‍රියා දාමයක නිරත වීමයි. ඔවුන්ගේ දැඩි ඉල්ලීම වූයේ මෙම අඹ ගමුව ප්‍රාදේශීය සභාව කොටස් තුනක් කඩා ගැනීමයි. ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේදී මෙන්ම අවසාන වශයන්ම මහින්ද රාජපක්ෂ යුගයේදීද එම ඉල්ලීම් නැවත නැවතත් ඉදිරිපත් විය . නමුත් එම ඉල්ලීම කිසිවිටකත් ඉටු නොවුණි.
           වත්මන් යහපාලන රජය පත් වීමේදී මහින්ද රාජපක්ෂ මහතා සහමුලින් පරාජය කරගැනීම අත්‍යවශ්‍ය විය. ඒ සඳහා ඔවුහු දෙමළ මුස්ලිම් දේශපාලනඥයන් සමග රහස් ගිවිසුම ඇති කර ගත්හ. අද සිංගප්පූර් සම්මුතිය වශයෙන් ඉදිරියට පැමිණෙන්නේ එයයි. දෙමළ ජාතික සංධානය සමග ඇති කරගත් ගිවිසුම ගැනද මැතිවරණ සමයේදී තිස්ස අත්තනායක මහතා හෙළි කර තිබුණි. කෙසේ වෙතත් වතු දෙමළ දේශපාලනඥයන්ට දුන් ප්‍රධාන පොරොන්දුවක් වූයේ අඹගමුව මෙන්ම නුවර එළියද නියෝජනය වන ප්‍රාදේශීය සභා  කොටස් හයකට කඩා ගැනීමයි. එසේම උඩරට වතු කරයේ දෙමළ ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් සඳහා වෙනම ඒකකයක් පිහිටුවීමට ඔවුහු එකඟතා ඇති කර ගත්හ. ජනාධිපති වරණයෙන් පසුව 2016 මැතිවරණයේ දී මෙම පොරොන්දු ඉල්ලීම් වලට සහතිකයක් ලැබුණ අතර ඒ අනුව කඳුරට නව ගම්මාන අමාත්‍යංශයක් පිහිටුවන ලදහ. එසේම මෑතකදී එස්.බී. දිසානායක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද උඩරට  සංවර්ධන අධිකාරියේ සඳහන් වනුයේ උඩරට ඉඩම් වෙනත් අයට ලබා දීමේදී යථොක්ත අමාත්‍යංශයෙන් විමසිය යුත බවයි. මෑතක ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ අතුරු වාර්තා වේ නිරීක්ෂණ තුළද කඳුරට දෙමළ ප්‍රජාව වෙනුවෙන් මලයහ නමින් වෙනම පාලන ඒකකයක් යෝජනා කර තිබේ.කෙසේ වෙතත් අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය මස්කෙළිය නොර්වුඩ් සහ අඹ ගමුව යනුවෙන්  ද නුවර එළිය ප්‍රාදේශීය සභාව කොටගල නුවරඑළිය සහ ඩයගම යනුවෙන් ද වෙන් කරලීමට ගත් තීරණය තනිකරම දේශපාලන පොරොන්දුවක් බවට ඇමති ෆයිසර් මුස්තාපා මහතාද තහවුරු කර තිබේ. මෙවර එයට මූලිකත්වය නෙ කටයුතු කරන්නේ ජාතික භාෂා ඇමති මනෝගනේෂන් මහතාය.
           මෙම වෙන් කිරීම සඳහා වන ඉල්ලීම සිදු කරන අවස්ථාව වන විට පළාත් පාලන බල ප්‍රදේශ සීමා නිර්ණ ගැසට් පත්‍රය නිකුත් කර තිබුණි. නමුත් දෙමළ දේශපාලනඥයන් ගේ ඉල්ලීම මත යම් යම් සංශෝධන කර නැවත 2017 දී එය නිකුත් කෙරුණි. දැන් එම සීමා නිර්ණ කමිටුවද අවසන්ය. එහෙත් පසුගියදා පක්ෂ නාකයන් ගේ රැස්වීමක් කැඳවූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අඹගමුව බල ප්‍රදේශ තුනකට කැඩීමේ යෝජනාවට අනුමැතිය ගෙන ඇත. එහෙත් එම රැස්වීමට නුවර එළිය නියෝජනය කරන කිසිම සිංහල මන්ත්‍රී වරයෙකු සභාගගී වී නැත. මනෝගනේෂන් දිගම්බරන් රවුෆ් හකීම ෆයිසර් මුස්තාපා වැනි  මෙරට සුළු ජන වර්ග නියෝජනය කරන දේශපලනඥයන් පමණක් එයට සාභාගි වී තිබේ. අනතුරුව මෙම යෝජනාවට කැබිනට් අනුමැතියද ගෙන තිබෙන්නේ ශ්‍රී පාදය ජනාධිපතිවරයා යටතේ තිබෙන්නේ යැයි කියමිනි. එහෙත් මේ පළාතේ ඉඩම් සීඝ්‍රයෙන් අන්සතු වන්නේද රජයේ අනුදැනුමෙනි. විශේෂයෙන්ම මුස්ලිම් ව්‍යපාරිකයන් ශ්‍රී පාදය අවට ඉඩම් ගැන ඇස ගසා ගෙන සිටිති. ඔවුහු හෝටල් සංකීර්ණ හදන මුවාවෙන් මේ වන විටත් විශාල ඉඩම් ප්‍රමාණයක් මිලදී ගෙන තිබෙන්නේ ශ්‍රී පාද පාලනය බෞද්ධයන්ගෙන් පැහැර ගෙන තමන් යටතට පත් කර ගැනීමේ චේතනාවෙන් බව පැහැදිලියි.නමුත් අඹගමුව ප්‍රා දේශීය සභා සිංහල මන්ත්‍රීවරු මැදිහත්ව කීප වරක්ම මෙම වෑයම අහෝසි කරන්නට කටයුතු කර ඇත.අඹ ගමුව කොටස් තුනකට කඩන ගැසට්ටුව නිකුත් කළ පසුව ශ්‍රී පාදයේ අවසාන ගම් වසම වන සීත ගඟුල ( අංක 320 B) පාලනය වනු ඇත්තේ මස්කෙළිය ප්‍රදේශීය සභාවෙනි. එහි සමස්ත බලයම ජාතිවාදී පදනමින් (ජනගහනය පණස්දාහකට එක් බල ප්‍රදේශයක්) දෙමළ ජනතාවට අයත්ය එවිට ශ්‍රී පාද ස්ථානයට යනෙන ගමන් මාර්ගයත් තානායම් සහ වෙළෙඳ බලපත්‍රයන් සියල්ල පාලනය කරනු ලබනුයේ ඔවුන්ය. එවිට කුමක් සිදු වනු ඇත්දැයි ජනධිපතිවරයාට පවා දැක ගත හැකි වනුයේ පත්‍ර මාර්ගයෙනි.
        එදා ඉංග්‍රීසි පාලන සමයේ පවා අඹගමුව  ගම් සභාවට ශ්‍රී පාදය අත් කර දී තිබුණේ සෙල් ලිපියේ සඳහන් රාජ්‍ය භාරය මෙන්ම පුදපූජාවන්ද මේ පාරම්පරික සිංහල ගම් වලට අයත්ව තිබූ හෙයිනි.එය අන්සතු කිරීම මෙන්ම අවහිර කිරීමද බුද්ධ ශාසනය කෙළසීමකි. පැරණි රජ වරුන් පැනවූ ව්‍යවස්ථා උල්ලංඝණය කිරීමකි. මෙම නව සීමා නිර්ණයට අප විරුද්ධ විය යුත්තේ මූලික අයිතිවාසිම් කඩවීම ගැන පමණක් සිතා නොව එය සමස්ත ජාතියේම ජාතික අයිතිවාසිකම් කඩවීමක් සේ සලකමිනි.වයවස්ථා කඩදාසියේ අකුරු වෙනස් කරමින් කරන ජාතිවාදී බලය බෙදීම සම්පූර්ණ වනු ඇත්තේ   භූමිය තුළ සැබෑ ලෙසටම ජාතිවාදී ලෙසට කොටස් කැඩීමෙනි. එය අනාගත ජාතිවාදී ගැටුම් වලට නව ප්‍රවේශයක් වනු නියතය.


      

Tuesday, October 24, 2017

යූඑන්පී ව්‍යවස්ථා වාර්තාව ශ්‍රී ලංකා කාරයන්ට පිළිගන්න පුළුවන්ද

                  

          එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයේ මෙහෙයුම් කමිටු වල අදහස් ඇතුලත් සංක්ෂිප්ත අතුරු වාර්තාවක්  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. එම වාර්තාවට අමතර වශයෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂය හෙළ උරුමය දෙමළ ජාතික සන්ධානය ඒකාබද්ධ විපක්ෂය ඇතුළු පක්ෂ කීපයකම අදහස් ද ඊට අමුණා තිබේ.එක්සත් ජාතික පක්ෂයේ අදහස් මෙම ඇමුණුමට ඇතුලත් කර නොමැති බැවින් අතුරු වාර්තාව මගින් පිළිබිඹු වන යෝජනා එක්සත් ජාතික පක්ෂයේ යෝජනා බව අපට පිළිගන්නට සිදුව තිබේ.ඒ අනුව බලන විට නව ව්‍යවස්ථාවක් සකස් කිරීම පිණිස උපයෝගී වන අවසාන වාර්තාවක් එළි දක්වා නොමැත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද දීපවාලී උත්සව කතාවේදී පවසා තිබෙන්නේ තවමත් ව්‍යවස්ථා කෙටුම් පතක් පිළිබඳ අවසන් නිගමනයකට එළඹ නොමැති බවයි. නමුත් අගමැති වරයා ඉහතකී අතුරු වාර්තාව මෙම මස අවසානයේ දී පාර්ලිමේන්තුව තුළ විවාදයකට බඳුන් කිරීමට අදහස් කර තිබෙන බව ප්‍රකාශ කර ඇත.
    අගමැතිවරයාගේ අතුරු වාර්තාවෙහි අන්තර්ගතය සලකා බලන විට එම යෝජනා සියල්ලේ ඉලක්කය වන්නේ දෙමළ බෙදුම්වාදීන් වන දෙමළ ජාතික සන්ධානයට අවශ්‍ය වන උපරිම බලය බෙදා හැරීමක් ඇත කළ හැකි යෝජනා ඉදිරිපත්  කිරීමයි.උපරිම බලය බෙදීම යන්නෙන් අපට පැහැදිලිව ගම්‍යා වන්නේ 1987 දී ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් ගෙනා 13 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා යෝජනා තුළ තිබෙන නමුත් දැනට ක්‍රියාත්මක නොමැති පොලිස් හා ඉඩම් බලතල ඇතුළු පළාතකට අවශ්‍ය සවයං පාලන බලතල ලබා දීමට සූදානම් අවන ආකාරයයි.නිදසුනක් වශයෙන් ගතහොත් වර්තමාන ව්‍යවස්ථාවේ පස් වන වගන්තියේහි දැක්වෙන දිස්ත්‍රික්ක විසිහතර සහ දේශසීමා වෙනුවට පළාත් වල දේශ සීමා යන්න අන්තරුගත කිරීම දැක්විය හැකිය.විසිවන සංශෝධනය මගින් පළාත් සභා මැතිවරණය ජාතික මැතිවරණයක් ලෙසට අසම්මත ලෙසට සම්මත කරගන්නේ ඉදිරියේදී ස්ථාපිත කළ යුතු(උතුරුනැගෙනහිර) පළාතට අනන්‍යතාවයක් ලබා දීමටයි.එවැනි පළාතක් ව්‍යවස්ථාවෙන් බහි වුණහොත් එම පළාත තුළ වසන ජනතාවගේ කැමැත්ත ( පළාත් සභා මැතිවරණයකින් ) විමසා ශ්‍රී ලංකාවෙන් වෙන් විය හැකි ප්‍රතිපාදන සකස් කර ගත හැකිය.
       නමුත් ජනාධිපතිවරයා නායකත්වය සපයන ශ්‍රී ලංකා නිදහස් පකෂය සිය යෝජනා මගින් දක්වන්නේ එවැනි බලතල බෙදීමකට ඔවුහු එකඟ නොවන බවයි.ඔවුහු වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1 සිට නව වන ව්‍යවස්ථාව දක්වා කිසිම සංශෝධනයක්( ජාතික ගීය ඇරුණු කොට) අපේක්ෂා නොකරති.එයින් කියැවෙන්නේ13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමේදී ජේ.ආර්. විසින් පැනවූ සීමා කිරීම් එලෙසම පවත්වාගෙන යායුතු බවයි. නමුත් ඔවුහු එම අන්තයේ සිට නැවතත් එ.ජා.ප. අතුරු වාර්තාවට එකඟ වෙමින් පළාත යන්න බලය බෙදා හැරීමේ ඒකකය ලෙස පිළිගනී. එලෙසම ඉඩම් හා පොලිස් බලතල සම්බන්ධයෙන් පළාතකට සැලැස්වෙන බලතල ගැන ලිහිල් අදහස් පල කරමින් එකඟ වෙමින් ලියා දක්වා ඇත.කෙසේ වෙතත් ඔවුහු සමස්ත වශයෙන් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පමණක් කටයුතු කළ යුතු බවට අදහස් ප්‍රකාශ කර තිබේ.
        රජයේ පාර්ශව කරුවෙකු වන ජාතික හෙළ උරුමයද එම මගම ගනිමින් සිය අදහස් දක්වා තිබ්.ඔවුහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩා ස්වාධින ව අදහස් පළ කරමින් සිය නිරීක්ෂණ ඉදිරිපත් කර තිබෙන්නේ යූඑන්පී වාර්තාව පොඩි පට්ටම් කරමිනි. අනුපූරකතාවය පිළිබඳ අදහස් පළ කිරීමේ දී වාර්තාවේ පැණ නගින කරුණුත්  සැබෑ අනුපූරකතාවය අතරත් පරස්පරයක් ඇති බවට දක්වා තිබෙන අදහසින් ඒ පිළිබඳ ගම්‍යා වේ.මේ තත්ත්වය මෙසේ වුවද පසුගිය සැතැම්බර් 20 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විසිවන සංශෝධන පණත තුළින් කාන්තා නියෝජනය සහතික කරන අතර තුර වත්මන් ව්‍යස්ථාවේ 4වන වගන්තිය සංශෝධනය කරලීමට ඔවුහු එකඟතාවය පළ කර තිබේ.එනම් පළාත් සභා මැතිවරණය ජාතික මැතිවරනයක් දක්වා ඔසවා තැබීමට කරන ලද අතිරේක සංශෝධනයයි.එයින් ගම්‍ය වනුයේ ශ්‍රීලංකා නිදහස් පකෂයද නොමග යවමින් අගමැතිවරයා විසින් සිය මතයට ඔවුන් නම්මවා ගෙන ඇති ආකාරයයි. පාඨලී චම්පික රණවක අමාත්‍ය වරයාද සිය නිරීකණ මගින් ස්වාධිනව අදහස පළ කර ඇති නමුදු ඔහුද අගමැතිවරයාගේ උගුලේ පැටලී විස්සට ඡන්දය භාවිතා කොට තිබේ.
       ව්‍යවස්ථාවක් අනවශ්‍ය බව පවසන පිරිස ඊට විකල්ප ඉදිරිපත් කළ යුතු බව ජනාධිපතිවරයා පවසයි. විකල්ප ඉදිරිපත් කරලීමට නම් ප්‍රශ්ණයක් තිබිය යුතුය. මෙරට දෙමළ ජනතාවට අනන්‍ය වූ වෙනමම ප්‍රශ්ණ නැති බව තර්කානුකූල ලෙස ඔප්පු කර අවසන්ය.සාමාන්‍ය දෙමළ ජනතාවටඅවශ්‍ය වන්නේ රටේ අනෙක් මිනිසුන් මෙන් දිවි ගෙවන්නටයි. නමුත් විදෙස් මුදල් වලින් යැපෙන රාජ්‍ය නොවන සංවිධාන සහ දෙමළ දේශපාලනඥයන් ඊට ඉඩ නොතබති. උතුර සහ නැගෙනහිර ඒකාබද්ධ කොට වෙනම කලාපයක් නිර්මාණය කොට ඒ සඳහා ස්වයං පරිපාලන බලතල ස්ථාපිත කර ගැනීම මේ අන්තවාදී පිරිසගේ අභිලාශයයි. එලෙස වෙනම කලාපයක් දෙන්නට තරම් ඔවුනට තිබෙන අයිතිය කුමක්දැයි සෘජුව ඇසුවහොත් කිසිවකුට දෙන්නට පිළිතුරක් නැත. දෙමළ නිජබිම් සංකල්පය නමැති ව්‍යාජ ඉතිහාසයක් පෙන්වා විදෙස් බලවතුන් මුලා කිරීමෙන් හෝ වසර තිහක් තිස්සේ කොටුව සිටි සාමාන්‍ය මිනිසුන් ඇන්දවීමෙන් පලක් නැත. ප්‍රශ්නය වන්නේ දකුණේ ජීවත් ව සිංහල දේශපාලනඥයන් බහුතරයක්ද මෙම මිථ්‍යා මතවල එල්බ ගෙන සිටීමයි. පසුගියදා වවුනියාවේ සංචාරයක නියුතු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද ප්‍රකාශ කර තිබුණේ වවුනියාව ඇතුළු උතුර දෙමළ රජවරුන්ද පාලනය කොට ඇති බවයි.නමුත් ඒ කුමන දෙමළ රජු දැයි පෙන්වා දෙන්නට ඔහු අසමත්ය.ජනාධිපතිවරයා ප්‍රශ්නයට විසඳුමක් සෙන්නට යැයි කියන්නේ ඔහුද මේ මිථ්‍යාවේ පැටලී  සිටින බැවිනි.
          කෙසේ වෙතත් ශ්‍රීලංකා නිදහස් පක්ෂය රටේ ඒකීය බවට හෝ බුද්ධාගමට තිබෙන තැන අහිමි කරලීමට අකමැතිය.ඔවුහු  බලය බෙදීමේ ඒකකය ලෙස පළාත පිළිගන්නේ  රනිල් වික්‍රමසිංහ මහතාගේ වැරදි මග පෙන්වීම මධ්‍යයේ බව පැහැදිලිය. ඒ නිසා කළ යුතු වන්නේ සියළුම දේශපාලන පක්ෂ වල නිරීක්ෂණ අනුව අවසන් අතුරු වාර්තාවක් ඇති කරලීමයි. ඒ සඳහා නැවත මෙහෙයුම් කමිටුව රැස්වී තීරණය ගත යුතුය. එසේ නැතහොත් දැනට තිබෙන වාර්තාව පාර්ලිමේන්තුව තුළ විවාදයට ගැනීම  යනු අනෙක් පක්ෂ වල මතය නොසලකා හැරීමකි.මේ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ඇමතිවරයා මෙන්ම පාඨලී චම්පිත ඇමතිවරයාද අගමැතිවරයා ගෙන් සෘජුව ප්‍රශ්ණ කළ යුතුය.සැප්තැම්බර් 30 වනදා කිරීමට යෝජිත විවාදය සදාචාරවත් නොවන බව පෙන්වා දිය යුතුය.ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දිනේශ් ගුණවර්ධන මහතාගෙන්ද අපි එවැනි ප්‍රකාශයක් බලාපොරොත්තු වෙමු.      කොහොමටත් නව ව්‍යවස්ථාවක් අවශ්‍ය යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණ පොරොන්දුවක් දී නොමැත. සියළුම පක්ෂ එකඟ වූ මතය නම් මැතිවරණ ක්‍රමය වෙනස් කරලීමයි. එය විකෘති ලෙසට වෙනස් කොට විසිවන සංශෝධනය නමින් පළාත් සභා මැතිවරණය ජාතික මැතිවරණයක් තැනට ඇද දමා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ කපටි උපාය මගිනි. එම නිසා මහා නායක ස්වාමීන් වහන්සේලා ගේ මතයට එක්කෝ ගරු කළ යුතුය. මේ අවස්ථාවේ දී රටේ දුගීභාවය නැති කොට ණය බරින් නිදහස් කරලීමට කටයුතු කරනවා හැරෙන්නට පවතිනා රජයකට කළ හැකි විශේෂ දෙයක් නැත. යුද්ධය දැන් අහවරය. යුධ අපරාධ සොයා බැලීමෙන් වත් සත්‍ය සෙවීමෙන්වත් අබමල් රෙණුවක් තරමින් රටේ සංවර්ධනයට ඉදිරිගමනට ප්‍රයෝජනයක් නැත. මේ බැව් ජාතික ආණ්ඩු උගුලේ සිරවී සිටින ශ්‍රී ලංකා කාරයන් දැන ගත යුතුය.


         

Friday, October 13, 2017

ව්‍යවස්ථා සර්පයා එළියට පනී- ඒකාබද්ධය නයි නටවයි

                             
             නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සෑදීම සම්බන්ධව මහජන අදහස් විමසීමේදී එයට සාක්ෂි ලබා දී තිබෙන්නේ හාරදහසකටත් අඩු සංඛ්‍යාවකි.එයිනුත් උතුරේ සහ නැගෙනහිර රාජ්‍ය නොවන සංවිධාන වලින් ලබා ගත් නියෝජනය අති මහත්ය. ඔවුහු සංවිධානාත්මකව තමන් දරන ජාතිවාදී අදහස් එම කමිටුවට ඉදිරිපත් කර තිබේ. නමුත් මේ රටේ බහුතරයක් වන සිංහල ජනතාව නියෝජනය කරන සංවිධාන වලින් හෝ අස්ගිරි මල්වතු සංඝ සභාවෙන් හෝ අදහස් ලබා ගැනීමට මෙම කමිටුව අසමත්ව තිබුණි. ඉන්පසු මෙම කමිටු වාර්තාවත් ව්‍යවස්ථාදායක මණ්ඩලයන්හි අතුරු වාර්තාවනුත් සැලකිල්ලට ගෙන අග්‍රාමාත්‍ය වරයා සැප්තැම්බර් මාසයේදී අවසාන අතුරු වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට යෙදුණි .එම කෙටුම්පත ට අමුණා පාර්ලිමේන්තුව නියෝජනය කරන  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙමළ ජාතික සංධානය ජනතා විමුක්ති පෙරමුණ ජාතික හෙළ උරුමය වැනි පක්ෂ මගින් ව්‍යවස්ථාව සඳහා ඉදිරිපත් කරන ලද යෝජනාවන්ද දක්වා තිබේ. නමුත් එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය දක්වා නැත.එහෙත් අපට පිළිගත හැකි වන්නේ අතුරු වාර්තාව මගින් පිළිබිඹු වන්නේ එම පක්ෂයේ අදහස් බවයි. එම වාර්තාව තුළ යටකී පක්ෂ  බහුතරයක අදහස් සහ යෝජනා අන්තර්ගතව නොමැත. එසේ තිබියදීත් අගමැතිවරයා රට පුරා පැවති රැස්වීම් වලදී මෙන්ම මල්වතු මහානායක හිමියන් අභිමුවේදීද කියා ඇත්තේ මෙම අතුරු වාර්තාව අනෙකුත් සියළු පක්ෂ වල එකඟතාවය මත සකස් කොට ඇති බවයි.මෙම ප්‍රකාශය පට්ටපල් බොරුවකි.
          මෙම අතුරු වාර්තාව එළියට දමන දිනයට ප්‍රථම දිනයේ පළාත් සභා  මැතිවරණය සම්බන්ධව විසිවන සංශෝධනය පාර්ලිමේන්තුවේ දී  සම්මත කර ගත්හ. මෙම විසිවන සංශෝධනය යනුවෙන් වූ අංක 195 සහ 204 යනුවෙන් පණත් දෙකක් පාර්ලිමේන්තුව තුළ තිබූ බව පැවසෙයි. අවසානයේ ජූලි මාසයේ ඉදිරපත් කරන ලද කාන්තා නියෝජනය සම්බන්ධ පණත මූලික කරගෙන එම අරමුණු ද පෙරදැරිකර ගෙන  යටකී පණත් දෙක තුළ පැවති අදහස් සහ අමතරව තවත් කරුණ 33 ක්ද අන්තර්ගතව මෙම පණත සම්මත කර ගෙන තිබේ. මෙම අරුම පුදුම හයිබ්‍රිඩ් පණතේ මූලිකව කරුණු දෙකක් ඉස්මතු කර ඇත. එකක් නම් පළාත් සභා මැතිවරණය එකම දිනයකදී පැවැත්වීමට දැක්වූ ප්‍රතිපාදනයයි. අනෙක නම් ඉදිරිමැතිවරණයකදී කොට්ඨාශ ක්‍රමයට සියයට පණහක්ද සමානුපාතික ක්‍රමයට සියයට පණහක්ද වශයෙන් ජනතා නියෝජිතයන් පත් කර ගත යුතු බවයි. මීට කලින් පක්ෂ නායකයන්ගේ සම්මේලනයේ දී එකඟව තිබෙන්නේ සියයට හැටක් කොට්ඨාශ ක්‍රමයටත් සියයට හතළිහක් සමානුපාතික ක්‍රමයටත් යන පදනමයි. එහෙත් යටකී පණත එනම් කාන්තා නියොජනය වැඩි කිරීමේ අරමුණ පෙරදැරි කොටගෙන ඊට කිසිසේත්ම අදාළ නෙවන පළාත් සභා මැතිවරණ සංශෝධනයක් ගෙනවුත් ඇත. පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ කාරක සභා අවසථාවකදී සිදු නොකරන සංශෝධන රැසක් ගෙනවුත් ජනතාවගෙන් වසන් කරන ලද ලියවිල්ලක් ලෙසට එය හොර පාරෙන්ම සම්මත කර ගෙන ඇත.
        මෙම ලියවිල්ලෙන් සිදුවන්නේ කුමක්ද.මෙය තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සේ සලකා මේවන විටත් හිටපු අග විනිසුරු සරත් නන්ද සිල්වා මහතා නඩු පවර තිබේ. එයට සහායට නීතිඥ කළ්‍යානන්ද තිරාණගම මහතාද නඩුවට එක්ව තිබේ. මේ නඩුවට විරුද්ධව මේ වන විට ප්‍රති විරෝධතාවයක්ද  සුමන්තිරන් මන්ත්‍රී වරයා මෙන්ම නීතීඥ වැලිඅමුණ මහතා විසින් ද ඉදිරිපත් කර  තිබේ. එයට පදනම්ව තිබෙන්නේ ජනතා පරමාධිපත්‍ය  භුක්ති විඳිමීට තමන්ට ඇති අයිතිය පිළිගන්නා ලෙසටයි.
         මේ ජනතා පරමාධිපත්‍ය යනු කුමක්ද 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තෙවන වගන්තිය මගින් කියැවෙන්නේ  ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය  ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය.පරමාධිපත්‍ය අත්හළනොහැක්කේය.පරමාධිපත්‍යයට පාලන බලතල මූලික අයිතිවාසිකම් සහ චන්ද බලය ද ඇතුලත් වන්නේය. මෙම ජනතා පරමාධිපත්‍ය ඊළට හතරවන වගන්තියෙන්ද අර්ථ දක්වා තිබේ. එහි (ඉ) කොටසේ එය සඳහන් වන්නේ මෙසේය.
 (ඉ) අටලොස් විය සම්පූර්ණ කර ඇත්තා වූ ද මෙහි මින්මතු විධිවිධාන සලස්වා ඇති පරිදි ඡන්ද හිමියකු වීමට සුදුසුකම් ලැබ තමාගේ නම ඡන්ද හිමි නාම ලේඛනයේ ඇතුලත් කරනු ලැබ සිටින සෑම පුර වැසියෙකු විසින්ම ජනරජයේ ජනාධිපතිවරයා තෝරා පත් කිරීමේ ඡන්ද විමසීමේදී ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කිරීමේ මැතිවරණයේදීද ජනමත විචාරණයකදීද ඡන්ද බලය ක්‍රියාත්මක කළ හැකි විය යුතු වන්නේය.මෙයින් කියැවෙන්නේ කුමක්ද ජනාධිපතිවරණය මහ මැතිවරණය සහ ජනමත විචාරණය මගින් ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක වන බවයි. මෙය වෙනස් කිරීමට නම් සැබවින්ම ජනතා කැමැත්ත අවශ්‍ය වේ.
      1987 දී දහතුන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමෙන්තුවේදී සම්මත කර ගන්නා කල්හි එය ජනමත විචාරණයකින් සම්මත වූයේ නැත. ඒ වෙනුවට තුනෙන් දෙකේ බලයෙන් ජනතා කැමැත්ත නොවිමසාම සම්මත කර ගන්නා ලදී. එවිට පළත් සභා පැවැත්වීම යම් ප්‍රමාණයකින් නීති විරෝධී වන්නා සේම එම මැතිවරණයද ජනතා පරමාධිපත්‍ය පිළිබිඹු නොකරන හෙයින් ජාතික මැතිවරණයක් බවට පත් නොවේ. නමුත් රජය හොර පරෙන් ගෙනා පණතක් මගින් සම්මත කර ගෙන ඇත්තේ පළාත් සභා මැතිවරණයත් ජාතික මැතිවරණයක තත්ත්වයට දමමින්ය. මෙම ක්‍රියාව නීති විරෙධී වනවා සේම අනාගතයේ ඇති කරන්නට යන දෙමළ පාලන ඒකකයට අවශ්‍ය පදනම දමා ගැනීමද එයින් සිදු වේ. සුමන්තිරන් මහතා සරත් නන්ද සිල්වා මහතාගේ නඩුවට ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කරමින් තර්ක කරන්නට උත්සාහ දරන්නේ පළාත් සභා මැතිවරණය ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක කිරීමද භුත්තිවිඳීමද සහතික කරන බැවින්  එය නීති ගත කරන ලෙසටයි. රට බෙදන ව්‍යවස්ථා සර්පයන් දැන් මල්ලෙන් එළියට පනින්නට පටන් ගෙන තිබේ.
         ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය රජයට එරෙහිව යුද්ධයක් දියත් කරන ලද්දේ ඔවුන් බලාපොරොත්තු වන ඊලාම් දේශය උතුරු නැගෙනහිර පළාත් වල පිහිටුවීම පිණිසයි. ඒ සඳහා උතුරේ සිටි සිංහල ජනතාව පළවා හරින ලදහ.සිංහලයන් ජීවත් වූ භුක්ති විඳින ලද ඉඩම් පන්සල් පාසල් සියල්ල ඔවුන් ගේ කොටි මහවිරු පවුල්වලට පවරා දී ඇත. යුද්ධය අවසන් වූ පසු මේ තත්ත්වය තවත් සීඝ්‍ර විය. නැගෙනහරි ප්‍ර දේශයේ සිංහලයන් සතු ඉඩකඩම් වලට ව්‍යාජ ඔප්පු තිරප්පු සාදන ලදී. අවතැන් වූවන් නැවත පදිංචි කිරීම සඳහා පිහිටුවන ලද ජනාධිපති කාර්ය සාධක බලකාය සිංහලයන් උදෙසා සිය යුතුකම ඉටු කරන ලද්දේ ඉතාමත් මන්දගාමීවයි. වවුනියාව දකුණේ සිංහල ගම්මාන පහක් සෑදුවද අවශ්‍ය ඔප්පු තිරප්පු ලබා දීමද ඡන්ද බලය ගබා දීමද ප්‍රමාද කරන ලදී. අවසානයේ 2013 -14 සීමා නිර්ණය යටතේ මේ ගම්මාන සියල්ල නොයෙකුත් ප්‍රා දේශීය ලේකම් කොට්ඨාශ  සහ දිස්ත්‍රිකයන්ට කඩා උතුරට අවශ්‍ය නියෝජනය දුර්වල කොට ඇත.මේ අතර මරිච්චකට්ටුව ආශ්‍රිතව කැලය කපමින් මරක්කලයන් මෙන්ම විදේශ වලින් ගෙනා සරණාගතයන්ද පදිංචි කිරීමට බද්යුදීන් ඇමතිවරයාට ඉඩ දුන්හ. අද එහි රජයේ අවසරයකින් තොරව අරාබිකාරයන් බැස ආධාර ලබා දෙමින් මරක්කල කලාපයක් නිර්මාණය කරමින් තිබේ. උතුරේ මහ ඇමතිවරයාට බලය ලබා ගන්නට මග පාදා දුන්නේ ගිය රජයයි. දැන් ඔහු ජාතිවාදීව සිය පළාත් සභාව තුළ සිංහල ජනතාවට විරුද්ධව නෙයෙකුත් පණත් සම්මත කරගනිමින් ඇත. උතුරේ බුදු පිළිම ඉවත් කිරීම හමුදා කඳුවරු ඉවත් කිරීම ඒ සියල්ල සිදු කිරීමට පසුබිම සැකසෙමින් ඇත.රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත් වූ පසු ගිය රජය පැවති කාලයේ ඉතා සෙමන් සිදු වූ ඇතැම් දෙමළ ජාතිවාදී ක්‍රියා මෙන්ම මුස්ලිම් අන්තවාදී ක්‍රියා උත්සන්න විය.මේ දෙපිරිසට භූමිය තුළ සිංහලයන් ගෙන් තොරව හිතුවක් කරගන්නට ඉඩ දෙමින් ඇත. දැන් අවශ්‍යව ඇත්තේ බලය බෙදා ගැනීමේ ව්‍යවස්ථා කරදාසියට මුද්‍රා තැබීම පමණකි.
           පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකේ ඡන්දයෙන් ව්‍යවස්ථා කෙටුම්පත සම්මත කර ගැනීමද ජනමත විචාරණයකින් දිනීමද ලෙහෙසි පහසු නොවන බව ආණ්ඩුව දනී. එයට පෙර 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිදි ප්‍රධාන රජයට තිබෙන සබඳකම් එකින් එක ඉවත් කිරීම  උපක්‍රමයක් ලෙසට ක්‍රියාත්මක වෙමින් තිබේ.එනම් මධ්‍යම ආණ්ඩුවේ පාර්ලිමේන්තුවක් සහ උතුරේ තවත් පාර්ලිමේන්තුවක් බිහි කිරීමේ ව්‍යවස්ථා ප්‍රතිපාදනයයි. කොළඹ අගමැති සහ උතුරේ මහ ඇමති අතර බලය බෙදා ගැනීම යන තැනට සිංහල ජනතාව දක්කා ගෙන යෑම මේ අනුව සිදු වෙමින් පවතී. එවිට උතුරේ  සහ නැගෙනහිර බුද්ධ ශාසානයට ප්‍රමුඛ තැන ලැබෙන්නේ නැත.
         විසිවන සංශෝධනය නීති විරෝධීව සම්මත කරන කල ඊට විරුද්ධව පාර්ලිමේන්තුව තුළ අරගල නොකරන ඒකාබද්ධ විපක්ෂය උතුරේ ජනතාව දිනා ගැනීම නලා පිඹී.ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් නොවන ඔවුන් දිනෙන් දින රනිල් වික්‍රමසිංහ සහ සුමන්තිරන් ලාගේ උතුලට හසු වෙමින් ඇත.ඊළඟට අතුරු වාර්තාව පාර්ලිමේන්තුව තුළ විවාදයට ගන්නේ ඡන්ද විමසීමකින් තොරවයි. ඉන්පසු අමාත්‍ය මණ්ඩලයේදී එය සම්මත කර ගනු ඇත.එවිට ඒකාබද්ධ විපක්ෂය ව්‍යවස්ථාවට සුජාත බව දී අහවරය. ඔවුන් කවදත් තේරුම් නොගත් එක් දෙයක් නම් ලංකාවේ සිංහල දේශ ප්‍රේමීන් නොමැති තැන ජයග්‍රහණයක් නොලද හැකි බවයි.පක්ෂ දෙකකට වෙන්ව සිටින සිංහල ජනතාව පක්ෂ මානසිකත්වයෙන් ගලවා සැබෑ දේශමාමකත්වයෙන් කුළු ගන්වා රට බෙදමේ කුමන්ත්‍රණය පරාජයට පත් නොකර කරන මේ නයි නැටවීමෙන් අහිකුණ්ටකයාද පරලොව යනු ඇත.





Thursday, September 21, 2017

මහානාම රජ දවසදී චීනයට යැවූ බුදු පිළිමයක් ගැන හෙළිවෙයි

                            


             චීනයත් ලංකාවත් අතර දිගු කාලීන සම්බන්ධයක් ඇත.ක්‍රි.ව. පළමුවැනි සියවසේ දී වසභ රාජ්‍ය කාලයේදී චීනයට යැවූ දූත පිරිසක් නිසා සේද මාර්ගය හරහා මෙන්ම මුහුදු මාර්ගය හරහාද ලංකාවත් චීනයත් අතර වෙළෙඳ ගනුදෙනු ඇරඹුණු ආකාරය ඉතිහාසයේ දක්වා තිබේ. චීනය බුදු දහමට ආකර්ෂණය වීම නිසා ඔවුහු ලංකාවේ තැන්පත්ව තිබූ දන්ත ධාතූන් වහන්සේ ගැන දැඩි උනන්දුවක් දැක්වුව   බව පැවසෙයි. මේ පිළිබඳ චීනය සතුව තිබෙන වැදගත් ම මූලශ්‍රය නම් පියන්-ඉ-ටියන් නම් වාර්තාවයි. ක්‍රි.පූ. පළමු වන සියවසේ සිට පහලොස් ව සියවස දක්වා අඛණ්ඩව චීනයත් සමග ලංකාවේ සිංහල රාජ සභාව ඇති කරගත් මිතුදහම නොබිඳී පැවතී ඇත. නමුත් පෘතගීසීන් ඇතුළු යුරෝපීයන් ගේ පැමිණිම නිසා මෙම සම්බන්ධය පසුව යටපත් විය. මේ වන විට නැවතත් චීනය සමග අප දැඩි සම්බන්ධයක් ආරම්භ කර තිබේ. පෙරදිග ලොකයේ බලවත් රටක් වන චීනය සමග සම්බන්ධය මැනවින් කළමනාකරණය කර ගැනිම රාජ්‍ය තාන්ත්‍රිකව සිදු විය යුත්තකි. එසේ නැතහොත් දේශපාලන බල අරගලයක්ට මැදි වුවහොත් කුඩා රටක් වශයෙන් සිදු වන අවාසිය ඉතා දැඩි විය හැකිය. එම නිසා මෙම ලිපියෙන් දක්වන සංස්කෘතික සබඳ කම් ඉතා වැදගත් බව පෙන්වා දිය යුතුය.
           ලංකාවට දන්ත ධාතූන් වහන්සේ  වැඩමවා පැමිණීමෙන් සිංහල බෞද්ධ සංස්කෘතියට නව පුනර්ජීවනයක් ඇති විය. සිංහල රාජ්‍යත්වය ශක්තිමත් විය. කිත්සිරිමෙවන් රජුගේ මුණුපුරු දෙවෙනි උපතිස්ස රාජ්‍ය කාලයේ මෙන්ම මහානාම රජු (ක්‍රි.ව.412-432)කළද මෙම ශක්තිය තුළින් විදෙස් සතුරන් පරාජයට පත් කර ගැනීමට හැකි විය. මහානාම රජු මහා වංශයේ හැටියට ලම්භකර්ණ වංශයට අයත් වෙයි. ඔහු සිය අවසාන කාලයේදී දෙමළ සතුරන් ගේ ආක්‍රමණකට ගොදුරුව සැඟව සිටියේය. ඒ කාලයේ දිවයිනේ අප්‍රකට ව සිටි පැරණි යක්ෂ ගෝත්‍රික පිරිස් විසින් ඔහුගේ ආක්ෂාව සලසන  ලද බව ජන ප්‍රවාදයන්හි දැක්වෙයි. මේ නිසා මෙම යක්ෂ ගෝත්‍රිකයන් සතුව තිබූ පැරණි විශ්මිත දැනුම මගින් බොහෝ දේ ආරම්භ කරන්නට ඔහුට හැකි විය. වැව් කර්මාන්තය ඉන් එකකි. පැරණි යක්ෂ ගෝත්‍රිකයන් ගලින් වැඩ ගත් පිරිසකි. එම නිසා ගල් යොදා කරන ලද විශිෂ්ට නිර්මාණයන් මේ අවදියේදී රාජ සම්මානයට බඳුන් විය.
      ක්‍රි.ව. පස්වන සියවසේ  මුල් කාලයේදී මහානාම රජු විසින් දූතයන් පිරිසක් චීන රාජ්‍යයට යවන ලදී. එට හේතුව වන්ට ඇත්තේ දිගින් දිගටම එල්ල වන සතුරු අක්‍රමණයන්ට මුහුණ දීමට අවශ්‍ය ආර්ථික ශක්තිය ගොඩ නගා ගැනීමට පසුබිමක් සකසා ගැනීම විය හැකිය. පියන්-ඉ-ටියන් ග්‍රන්ථයේ සඳහන් වන පරිදි මෙම දූත පිරිස අත ඇත්දත් සහ ඒ ආශ්‍රයෙන් තැනූ භාණ්ඩ මැණික් ආදී වටිනා තෑගි යැවුණි. මෙම දූත පිරිස විසින් ගෙන යන ලද අගනාම තාග්‍යය වූයේ බුදුපිළිමයකි. අඩි හතරයි අඟල් දෙකක්  පමණ උස මෙම පිළිම වහන්සේ නීල ගරුඬ(හරිත මිණි) නොහොත් ජෙඩ් ගලින් නෙලන ලද්දක් විය. මෙම හරිත මිණි නමින් යුතු ගල් ලංකාවේ හමුවන එකම ස්ථානය නුවර එළිය දිස්ත්‍රික්කයේ රුපහ ප්‍ර දේශයයි. වලපනේ සිට කී.මී. පහළොවක් පමණ ගිය විට මේ ගම්මානය හමු වෙයි.මෙම ගල ලා කොළ පැහැති ස්වභාවයෙන් යුක්තය. පිළිම නෙලූ කල්හි ඇතැම් විට අඳුරු කොළ පැහැයෙන්ද ඇතැම් විට විනිවද පෙනෙන ලා කොළ පැහැයෙන්ද යුක්ත වෙයි.
      මෙම බුදු පිළිමය සහ දූත පිරිස චීනයට ගිය කාල වකවානුව චීන රාජාවලියේ සඳහන්  සුන් රාජ වංශය බලය පවත්වාගෙන ගොස් ඇත.. චීනයේ නැන්කින් වල එකල අගනුවර රැඳී තිබුණි. රජු මෙම බුදු පිළිමය දැක  බොහෝ සතුටට පත්ව එම පිළිම වහන්සේ නැන්කින් හි වෝ-කොන් නම් බුද්ධ මන්දිරයේ තැන්පත් කොට පූජා පැවැත්වූහ. රාජ දූතයන්ට  සම්මාන සත්කාර කොට එම දූත පිරිස වසර දහයක් පමණ එහි නවත්වා ගෙන සිටි බව දැක්වේ.ඉන්පසු දිගින් දිගටම චීනයත් ලංකාවත් අතර වෙළෙඳ ගනුදෙනු මෙන්ම බුදු දහම හා බැදුණු රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනු සිදුව ඇත. විශේෂයෙන් භික්ෂූන් වහන්සේලා ධර්ම ග්‍රන්ථ රැගෙන එහි වැඩමවා තිබේ. මහානාම රජු දවස ඔහු ගේ අවසාන කාලයට පෙර ෆාහියන් භික්ෂුව ලංකාවට වැඩම කර ඇත. උන්වහන්සේ ලංකාවේ බොහෝ සිද්ධස්ථාන වැඳ පුදා ගෙන සිය ගමන් චාරිකාව අරභයා වැදගත් වාර්තාවක්ද සටහන් කර තිබේ. මහානාම රජු ගෙන් පසු ක්‍රි.ව. 426 දී මෙහෙණින් වහන්සේලා කීප දෙනෙකුද චීනයට වැඩම කර ඇති බව දැක්වේ.
           මහානාම රජු දවසදී චීනයට වැඩම කරවන ලද නීල ගරුඬ පාෂණයෙන් නිර්මිත බුදු පිළිමය ඉතා වටිනා ඓතිහාසික වස්තුවකි.ඒ පිළිමය ආශ්‍ර යෙන් චීනයේ බොහෝ පිළිම නෙලූ බවද සඳහන් වෙයි.ඉතාමත් මෑතක් වන තුරු රුපහ ග්‍රාමය අවට මෙම ගලෙන් රූප  නෙලන ශිල්පීන් වාසය කර තිබේ. මහානාම රජු ඉතාමත් සමීපව ඇසුරු කළ යක්ෂ ගොත්‍රිකයන් ගේ එක් රාජධානියක් වන්නේ මෙම ප්‍ර දේශයයි.මන්දාරම් නුවර පදිය පැලැල්ල වලපනේ රුපහ ආදී පැරණි ගම්මාන සියල්ල ඔවුන්ගේ වාසස්ථාන වෙයි. මේ රජකීය සම්බන්ධය උඩ නීල ගරුඬ පාෂාණයෙන් බුදු පිළම තනා රජුට පරිත්‍යාග කරන්නට ඇති බව නිසැකය.

        මෙම නීල ගරුඬ පාෂණය පිළිබඳ එම ප්‍ර දේශයේ තිබෙන ජන ප්‍රවාද බොහෝය. එක් ජනප්‍රවාදයකින් කියැවෙන්නෙ රාවණ රජු  සීතා රැගෙන විත් මෙම ප්‍ර දේශයේ ගල් ගුහාවක සඟවා සිටි බවයි. සීතා දිය නෑමට සූදානම්ව සිටියදී ඇය සොයා හනුමන්තා පැමිණයේය. එවෙලෙහි රාවණා විසින් සීතා සුදු රෙද්දකින් ආවරණය කොට සඟවා තැබූ බව කියැවෙයි.ඒ සීතා රෝගී වී ඇති බව පෙන්වීමටයි. හනුමන්තා රාවණා ගේ ඉල්ලීම පරිදි නැවත ඉන්දියවට ගොස්  සීතාට ප්‍රතිකාර පිණිස නීල ගරුඬ කැබැල්ලක් ගෙන ආපසු පැමිණි නමුත් ඒ වන විට රවණා සීතාව වහන් ටෙ එතනින් පැන ගොස් තිබුණි. හනුමන්තා එම ගල් කැබැල්ල එතැනම දමා රාවණා සොයා ගියේය. නීල ගරුඬ පාෂණය සාමාන්‍යයෙන් ලියලන පාෂාණයකි. කලක් ගත වන විට ගල් පර්වතයක් ලෙසට එය ලියලා වැඩුණු බව කියැවෙයි.
         අදටත් රුපහ කොටඹෙ ග්‍රාමයේ මෙම නීල ගරුඬ පාෂාණය දක්නට හැකිය. ඒ මතින් සිසිල් දියෙන් පිරි දිය දහරාවක් ගලා බසී. මෙම දිය දහරාවෙන් ස්නානය කළ විට බොහෝ අසනීප වලින් සුව වන බව පැවසේ.එසේම යම් බඩ රුජාවක් සෑදුණු විට මෙම ගල් කැබැල්ලක් උරච්චි කර බොන්නට දීමෙන් සනීප වන බවද කියැවෙයි. මෙම දිය ඇල්ල අසල වාසය කරන පාරම්පරික ගැමියෙකු මා සමග පැවසුවේ විශේෂයෙන්ම කුෂ්ට රොගීන් ඉන් සුව වන බවයි. එය අත්දැකීමක් බවද මෙම ගල් කැබැල්ලක් දෙහි ඇඹුලෙන් උරචිච් කර එම ස්ථානයේ කීප විටක ආලේප කළ කල්හි එම කුෂ්ටය සනීප වන බවද ඔහු පැවසීය. සැබවින්ම මෙම නීල ගරුඬ පාෂණය දැක ගන්නට එම සිසිල් දියෙන් නා ගන්නට ඈත සිට සංචාරකයන් මෙම ස්ථනයට පැමිණෙති.නුවර එළි දිස්ත්‍රික්කයේ සංචාරක කලාපයක් ලෙසට මෙය නම් කර ඇත. වලපනේ ප්‍රා දේශීය සභාව විසින් මෙම ස්ථානයට බැසීම පහසු කරවනු වස් පඩි පෙළක් සකස් කර ඇත. නමුත් තව දුරටත් එම ස්ථානයේ අගය වැඩි කරගත හැක්කේ මෙම ඓතිහාසික සිදුවීම් සටහන් කොට තබන පුවරු ප්‍රදර්ශනය කරමින් සංචාරකයන්ට මෙය විවෘත කර දීමෙනි. නමුත් සංචාරක ආගමනයෙන් මෙම ගම් වාසීනට යම් යහපත් ප්‍රතිඵලයක් අත් විය යුතුය. නීල දණ්ඩාහීන්න ප්‍ර දේශීය ලේකම් වරයා මෙන්ම රපහ ග්‍රාම නිළධාරී කසුන් මහතාද මේ පිළිබඳ දැඩි අවධානයෙන් සිටින බැව් මා හට දැනුණි . එයට හේතුව මෙම ගල් පර්වතය විනාශ කිරීමට ඇතැම් අය පෙළඹෙන බැවිනි. කෙසේ වෙතත් චීනයත් සමග අතීතයේ විශාල සබඳකමක් ගොඩ නැගූ  චීනය අගය කළ නිර්මාණයක් නෙලූ  නීල ගරුඬ පාෂාණය ජාතික වස්තුවක්  බව කිව යුතුය.