කඩයප්පන් සහ කඩචෝරු සිංහල අපට හොඳට හුරු
පුරුදුය. කඩමණ්ඩියට පැමිණ ආප්පයක් කා හකුරු කෑල්ලක් සමග කෝපි කෝප්පයක් බීමේ නොතිත්
ආශාව නාගරීකරණය නිසා ඇති වූවකි. එහෙත් එදා ගෙදරක හදන කෑමවල රස මෙන්ම කඩයප්පන් වලද
යම්කිසි රසයක් තිබුණි. එයට හේතුව ගමේ
විදියට ගෙදර විදියට ඒවා සකස් කර දීමට කඩේ මුදලාලි උත්සුක වීමයි. විවෘතආර්ථීක
පරිවර්තනය නිසා ඇති වූ නාගරීකරණය සුන්දර
නැත. එය තරමක් බිහිසුණුය. මේ විකෘතිය දැන් මෝරා ගොස් කෝපි කඩේ හා තොසේ කඩේ තිබූ
අපේ කම අතුරුදහන්ව ගොසිනි රෙස්ටොරන්ට් වල තිබෙන චීන කෑම වල රසයට ඇදෙන මෙරු රැළක් ලෙසට වර්තමාන සමාජය පෙන්වා දිය
හැකිය. ඒ අතර හන්දියක් හන්දියක් ගානේ තිබෙන වඩේ කරත්ත ගැනද යමක් කිව යුතුය.
කන්තෝරු කාරයින් තමන්ගේ වැඩ අහවරව කෝච්චියට හෝ බස්රථයට දිව එන ගමන් වඩේ මුලක් හෝ
පැටිස් මුළක් කඩල ගොටුවක් මිළට ගන්නට අමතක නොකරති. ඒ ඔවුන්ගේ පුංචි බඩගින්දර
නිවාගන්නටය. නමුත් මේ වඩේ ලෑල්ලේ තිබෙන වස මුසු රසය ගැන දන්නෝ කී දෙනාද.
වඩේ....
වට්ටානා පරිප්පු හෝ
කව්පී ඇතුලු අඩුවැඩිය යොදා සකස් කරන මේ වඩය දෙමළ මිනිසුන් ගේ රස කෑමකි. එහි අන්තර්ගතයට
අද නොයෙකුත් දෑ එකතු කර තිබේ. ස්වභාවිකව ලැබෙන ලුණු වෙනුවට මොනෝ සෝඩියම් ග්ලූටමේට්
නම් ආහාර රසකාරකයක් මෙයට එකතු කරති. මෙය සාමාන්‍ය ව්‍යවහාරයේ දි අජිනොමොටෝ වෙයි.
ජපානයේ දී 1909 දී කිකුනෙ අකිඩා විසින්
නිර්මාණය කරන ලද මේ ලවණය පසුව 1917 දී සුසුකි සමාගමේ මහා පරිමාණ නිෂ්පාදනයක්
වශයෙන් එළිදක්වන ලදී. දැන් රටවල් විශාල ප්‍රමාණයක ආහාර රසකාරකයක් ලෙසට මෙය භාවිතා
කරමින් ඇත. ලංකාවේ ආහාර පාන වෙලෙඳසල්වලට මේ ලවණය දැන් නැතිවම බැරිව තිබේ. ව්‍යංජන
රසකාරකයක් ලෙසට පැටිස් හෝ රෝල්ස් රසකාරකයක් ලෙසට බිස්කට් රසකාරකයක් ලෙසට මෙය විශාල
පරිමාණයෙන් භාවිතා කරති.හන්දියේ කඩ මණ්ඩියේ තිබෙන වඩේ කරත්තයට මෙම ලවණය නැතිවම
බැරිය. ඊට අමතරව පොල්කුඩු සහ පාන්පිටි ද වඩයට එකතුකරන්නේ රසය වැඩි කරලීමටයි. ඒ සමගම
ලාභයට ලබා ගන්නා (ආර්.බී.ඩී.) තෙල් නොහොත් රසායන ද්‍රව්‍ය යොදා සුද්ද කරන ලද
ෆාම්තෙල් මගින් මේ වඩය ගැඹුරු තෙලේ බැදෙන්නේ ය.
අජිනොමොටෝ නිසා මොළයේ ස්නායු ආබාධයට පත්
වන බව සොයා ගෙන ඇත. එයට හේතුව මෙම ලවණයට පදනම් වන ග්ලූටමික් අම්ලය මගින් මොළයේ
මතකය සම්බන්ධ ස්නායු දැඩි ලෙසට උත්තේජනය කරන බැවිනි. මේ නිසා කාලයක් මේ ලවණයේ
ආභාෂය ලබන්නා පාකින්සන් වැනි රෝග වලට නිතැතින් භාජනය වේ. ඊට අමතරව ස්නායු පද්ධතියේ
අසමබරතාවය නිසා පිළිකා ශෛල වර්ධනය වීමද මේ මගින් සිදු වේ. සාමාන්‍ය යෙන් ලාංකික
ජනතාවට ග්ලූටමික් අම්ලය ලැබෙන ප්‍රධාන ආහාරය වශයෙන් ගැනෙන්නේ බත්ය. වෙසෙසින්ම
සිංහල සහල් වල මෙම ග්ලූටමික් අම්ලය අධික වශයෙන් අඩංගු වේ යයි කැලිෆෝනියා විශ්ව
විද්‍යලයේ කරන ලද පර්යේෂණයකින් සොයාගෙන ඇත.අපේ අම්මලා කුඩා දරුවන්ට සහල් නිවුඩ්ඩෙන්
සෑදූ අග්ගලා කන්නට දුන්නේ මේ නිසාය. සහල් පිටිත් කොහොල්ලෑ හෝ කොස් ඇට පිටිත් එකතු
කළ කල්හි වඩේ ලෑල්ලේ තිබෙන රසයට වඩා වැඩි රසයක් ලබා ගත හැකි වඩේ ගෙදරදීම සාදා
ගතහැකි යයි බොහෝ අය නොදනිති.ගස්යට කොස්ඇට
වැටී නරක් වී යද්දී අජිනොමොටෝ වලට වහල් වන රටක සෞඛ්‍ය පිළිබඳව ක්‍රියා මාර්ග ගැනීම ඉතාමත් අසීරුය. වර්තමානයේ බහුල
ලෙසට පැතිර තිබෙන ඩෙංගු වෛරස වලට ශරීරය ඔරොත්තු නොදෙන්නේ මේ රසායනික ලවණයන් නිසා
බවද පෙන්වා දිය යුතුය. වඩේ ලෑල්ලේ වෙළෙඳාමෙන් පවුලක් නඩත්තු කරන දුප්පත් කම
නැතිකරගන්නා පිරිස අපමණ බව අප දනිමු. එහෙත් එය කළ යුත්තේ අප කාගේ කාගේත් සෞඛ්‍ය
රැකෙන පරිද්දෙනි.
බනිස් පාන් බිස්කට් ...
දුප්පතාගේ
වෙසෙසින්ම නාගරික දුප්පතාගේ බඩගිනි නිවන පාන් ගෙඩිය හා වෙනත් බේකරි නිෂ්පාදනයන්
නිසා ලංකාවේ ගොවියාට සෙතක් නැත. එහෙත් සහල් පරිභෝජනය වැඩි කරලිය හැක්කේ එකවර පාන්
බනිස් පරිභෝජනය ඉවත් කිරීමෙන් නොවේ. සහල් ආශ්‍රිත නිෂ්පාදන බේකරි ක්‍රමයට ක්‍රමානුකූලව
පරිවර්තනය කරලීමෙන් පමණක් මෙය කළ හැකිය. මීට වසර තිහකට පමණ එපිටදී බේකරි හිමියන්
යොදා ගත් අමුද්‍රව්‍ය ඉතාමත් ස්වභාවික දෑ විය. මාගරින් ඊශ්ට් ආදිය පමණක් නොව
තිරිඟු පිටිද යම් තරමකින් ස්වභාවික විය. බිස්කට් වලට ගන්නා අමුද්‍රව්‍යයන්හි
තත්වයද එලෙසම විය. එයට එක් හේතුවක් වූයේ නිෂ්පාදන සමාගම් අතර වැඩි තරඟයක් නොවීමයි.
එදා දේශීය කර්මාන්ත වශයෙන් ඇරඹි මැලිබන් හා විලියම්ස් වැනි ආයතන මගින් ජනතාවට සරිලන
යහපත් ආහාර සැපයීමට උත්සුක වූ හැටි අපට මතක් වෙයි. නමුත් වර්තමානය එලෙස නොවේ.
තරඟකාරිත්වය නිසා එකිනෙකා පරයා තම නිෂ්පාදන වලට ඉහළ ඉල්ලුමක් ලබා ගැනීමට නොයෙකුත්
රසායන වර්ග භාවිතා කරන්නට පටන් ගෙන ඇත.
එහි එක් ද්‍රව්‍යයක් වන්නේ බිස්කට් ඇමෝනියා
නොහොත් ඇමෝනියම් හයිඩ්‍රජන් කාබනේට් නම් රසායන ද්‍රව්‍යයි. මෙය බිස්කට් වලට
පෙනුමක් ගෙන දෙන්නකි.කරකරස් ගා හැපෙන ගතිය ගෙන දෙන්නකි. මෙහි රසදිය ආසනික් ඊයම්
වැනි ලෝහමය දව්‍යයන්ද සුලු ප්‍රමාණයෙන් අන්තර්ගත වන අතර බේකරි හිමියන් මෙන්ම මහා
පරිමාණ නිෂ්පාදන සමාගම්ද මේවා යොදා ගැනීමට වැඩි කැමැත්තක් දක්වන්නේ ඒවායේ ක්‍රියාකාරිත්වය
නිසාවෙනි. එයට අමතරව රස ගැන්වීම පිණස භාවිතා කරන රස කාරක විශාල ප්‍රමාණයකි. මේවාද
රසායනික ලවණයන්ය. ඇමෝනියම් ලවණ මෙන්ම මෙවැනි රසකාරකයන්ද වැඩිතරම ශරීරයට එක්කාසු
වීමෙන් ආමාශයේ ක්‍රියාකාරිත්වය දුර්වල වන අතර ආහාර නොදිරවීමෙන් පටන් ගෙන අම්ල
පිත්ත රෝගය හටගැනීම දක්වා එය වර්ධනයය වේ. එයට අමතරව ශරීරයේ ප්‍රතිශක්තිය හින වීම
මගින් බැහැරින් එන රෝගාබාධ වලට
නිරන්තරයෙන් ශරීරය ගොදුරු වනවා නියතය.මාගරින් වර්ගද එසේමය. දැනට පාන් නිපදවීමට
ගැනෙන මෙවැනි වර්ග සියල්ල ඌරු තෙල් සහ වෙනත් ඉවත්කරන තෙල් වර්ග වලින් සාදා ගන්නා
අඩු මිළ ද්‍රව්‍යයන්ය. පාන්ගෙඩියේ පිපීම මෙන්ම අදෙන ගතියද එයින් ශක්තිමත් වෙයි. බටර්
හෝ සැබෑ මාගරින් යොදා සාදන බේකරි නිෂ්පාදනයන්හි මිළ අධික බව කිව යුතු නොවේ. එහෙත් මහව
බළල්ලේ ඕලු බිස්කට් ආයතනය සහල් පිටිත් වෙනත් දේශිය අමුද්‍රව්‍යත් යොදා රසවත් එසේම
ගුණවත් පාන්ගෙඩියක් සහ බිස්කට් වර්ගත් සාදා පෙන් වූ බව මෙහිදී මතක් කළ යුතුය.
මනුශ්‍ය ශරීරය හුරුව පවතින්නේ ස්වභාවික ආහාරයන්ටය. ලක් පොළොවෙන් ලැබෙන මෙවැනි ආහාර
රාශියක් අපගේ සංස්කෘතිය තුළ සකස් කරනු ලබති. එම නිසා කඩචෝරු සංස්කෘතියට තිත තැබීමට
කාලය පැමිණ ඇතැයි මෙලෙස සටහන් කොට තැබිය යුතුය.