වසර එකසිය පහකකට පසු එංගලන්තයේ ඔක්ස්ෆඩ්
සරසවියට ස්වාමීන් වහන්සේ නමකට ඇතුළු වීමට වරම් ලැබී තිබෙන බව දැන ගන්නට ඇත.. පූජ්‍ය
වාඩිගල සමිතරතන හිමියන් ට ඒ දුර්ලභ අවස්ථාව හිමි වී තිබේ.ලග්ගල වාඩිගල ප්‍රදේශයේ උපත
ලැබූ උන්වහන්සේ පිරිවෙන් අධ්‍යාපනයෙන් පසුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුලුව
දර්ශන අංශයෙන් මූලික උපාධිය සම්පූර්ණ කරන ලද්දේය. අවස්ථා කීපයකදීම උන්වහන්සේට උසස්
අධ්‍යාපනය ලැබීමට ශිෂයත්ව ලැබුණු අතර තායිලන්තයේ විශ්ව විද්‍යාලයක් මගින් විශිෂ්ට
තරුණ බෞද්ධ විද්‍යා සම්මානය ලබා දී තිබුණි. අනතුරුව 2024 දී උන්වහන්සේට එංගලන්තයේ
සොර්ස් විශ්ව විද්‍යාලය මගින් ශිෂ්‍යත්ව ලැබී බෞද්ධ අධ්‍යනය පිළිබඳ ශාස්ත්‍රීය
උපාධියක් කිරීමට වරම් ලැබුණු අතර බුද්ධඝෝෂ හිමියන්ගේ භාවනා විවේචය යනුවෙන් නවතම
පර්යේෂණයක් කිරීම නිසා විද්වතුන් අතර ඉහළ පඬිවරයෙකු ලෙසට බුහුමන් ලැබීය.ලෝකයේ
නොයෙකුත් විශ්ව විද්‍යාල වලට ශාස්ත්‍රීය නිබන්ධන ඉදිරිපත් කළ උන්වහන්සේ ථෙරවාදී
බෞද්ධ අධායපනය අනාගත මානවයා වෙත සුරුකීම සඳහා විශාල මෙහෙයක් ඉටු කරමින් ඔක්ස්ෆඩ්
බෞද්ධ සංගමය ආරම්භ කරන ලද්දේය. මේ වන විට උන්වහන්සේ ඔක්ස්ෆඩ් විශ්ව විද්‍යාලයේ
ශාස්ත්‍රපති උපාදිය සම්පූර්ණ කරමින් සිටී.
ඔක්ස්ඪඩ්
වැඩම කළ ප්‍රථම භික්ෂූන් වහන්සේ
ඔක්ස්ෆඩ් යනු බ්‍රිතාන්‍ය වාසී විද්වතුන්
ගේ මහ දෙවොලයි. ඒ දෙවොලට ඇතුලු වීමට උත්සාහ කළ සිංහල ජාතිකයන් අතර ඒස්.ඩබ්. ආර්.
ඩී . බණ්ඩාරනායක වැන්නවුන් විය. නමුත් ඒ තත්වය එකළ සුලභ නොවීය. වර්ෂ 1919 දි ඒ වරම
ලැබූ මෙරට ප්‍රථම භික්ෂූන් වහන්සේ වූයේ පූජ්‍ය සූරියගොඩ සුමංගල තෙරණුවෝය.බ්‍රිතාන්‍යයේ
හෙන්රි මැන්චෙස්ටර් ඔක්ස්ෆඩ් විශ්ව විද්‍යාලයේ උන්වහන්සේ උගෙනුම ලැබූ බව දක්වා ඇත.
භික්ෂුවක් ලෙසට තම තරුණ වියෙහිදීම 1903 වසරේ දී සංයුක්ත නිකාය ගාථා සන්නය ඉංග්‍රීසි
බසට පරිවර්තනය කළ උන් වහන්සේ ඉන්පසුව 1914 දී ධම්මපදය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය
කරන ලද්දේය..පසුව දශකුමාර චරිතයද ප්‍රකාශයට පත් කර ඇත.මේ ග්‍රන්ථයන් ප්‍රකාශයට පත්
කරන ලද්දේ ප්‍රාචීන භාෂෝපකාර සමිතිය සහ
රාජකීය ආසියාතික සඟරා ප්‍රකාශන මගිනි.ප්‍රාචීන භාෂා පිළිබඳ මහත් උනන්දුවක් දැක්වූ
හෙන්රි මැකලම් ආණ්ඩුකාරවරයා ගේ අනුග්‍රහයෙන් පූජ්‍ය සූරියගොඩ සුමංගල හිමියන්ට
ඔක්ස්ෆඩ් මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයට දෙවසරක ශිෂ්‍යත්වයක් ලැබුණේ පෙර අපරදිග
භාෂා පිළිබඳ උන්වහන්සේ සතුව තිබූ දැනුම නිසාවෙනි.නමුත් ඒ අධ්‍යාපන කටයුතු කරගෙන
යෑමට මූල්‍යමය හයියක් උන්වහන්සේට නොතිබුණි. ඒ සඳහා උපකාර කරන ලද්දේ හේවාවිතාරණ
පදනම් මගිනි.මේ යුගයේ දී ලංකාවේ සිටි ඉංග්‍රීසි විද්වතුන් පවා පෙරදිග භාෂා අධ්‍යනය
පිළිබඳ උනන්දුවක් දැක්වූහ. රීස් ඩේවිඩි පඬි තුමා එක් අයෙකි. යටත් විජිත ආණ්ඩුවේ
අධ්‍යාපන අධ්‍යක්ෂ වරයා වූ ඊ.බී. ඩෙන්හැම් මහතා ද මේ පීළිබඳව මහත් උනන්දුවක් දක්වා
ඇත. ඒ අනුව මහා බ්‍රිතාන්‍යයේ වැඩි දුර අධ්‍යාපනය පිණිස වැඩම කළ සූරියගොඩ සුමංගල හිමියන් යළි ලංකාවට
වැඩම කළ පසු ලංකා විශ්ව විද්‍යාලයේ පෙරදිග භාෂා අධ්‍යන අංශය ආරම්භ කිරිමට උනන්දු
කර අනුග්‍රහය ලබා දී ඇත.
උපන්
බිම පැවිදි වීම සහ අධ්‍යාපනය
පස්යොදුන් කෝරළයේ දියපත්තු ගම
සූරියගොඩ ග්‍රාමයේ සූරියආරච්චිගේ පොඩිසිඤ්ඤෝ
නමින් 1879 නොවැම්බර් 09 දින උපන් උන්වහන්සේ පෙර අපරදිග භාෂා නිපුණත්වයකින් යුක්ත
වූ මහා පඬි රුවනකි.යටත් විජිත සමයේ දී ආරම්භ කල පිරිවෙන් අතර විශේෂිත පෞරුෂයක්
හිමිව තිබූ රත්මලානේ පරම ධම්ම චේතිය පිරිවෙනේ දී 1888 වසරේ පොසොන් පුර පසලොස්වක දා
පැවිදිව පූජ්‍ය වලානේ සිද්ධාර්ථ සහ පූජ්‍ය මහගොඩ ඤාණිස්සර නා හිමි දෙපළගෙන් මූලික
අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ.පාළි සංස්කෘත සහ
සිංහල යන පෙරදිග භාෂාවන්හි නිපුණ වූහ.
පසුව ලංකා විශ්ව විද්‍යාලයට ඇතුළු වූ උන්වහන්සේ සිංහල සාහිත්‍ය සහ සංස්කෘතික ව්‍යාකරණය
පිළිබඳව විශේෂ උපාධිය ලැබූහ. එංගලන්තයේ ඔක්ස්ෆඩ් මැන්චෙස්ටර් විද්‍යාලයේ ඉගැනුම
ලැබීමෙන් අනතුරුව ඔක්ස්ෆඩ් සිරි කුරුස විශ්ව විද්‍යාලයේ ආචාර්ය වරයෙකු වශයෙන් සේවය
කිරීමට වරම් ලැබූ උන්වහන්සේ අපරදිග විද්වතුන්ගේ දක්ෂතාවය යුරෝපීයන් වෙත දැක්වූ මහා
පඬි රුවනකි.බ්‍රිතානය මහ රජුගේ දරුවන්ට පවා උන්වහන්සේ අධ්‍යාපනය ලබා දී ඇත.ක්‍රිස්තියානි
අධ්‍යාපනයෙන් පෝෂිත ඔක්ස්ෆඩ් වැනි ආයතනයක ථෙරවාදී බුදු දහම පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යාපනයකට
දොරටු විවර වීම විශේෂිත අවස්ථාවක් විය. එරට සංස්කෘතිය අනුව භික්ෂූන් වහන්සේලාට
විශේෂ සැළකිල්ලක් නොදැක්වුවද උන්වහන්සේ
විසින් පෙන්වූ ශාස්ත්‍රීය ශික්ෂණය ට අපරදිග වියතුන් ඉහළම ගෞරවයක් ලබා දුන්හ.
උපැවිදි
වීම සහ ගිහි ජීවිතය සහ සමාජ සේවය
සිය
සේවා කාලය නිම වී නැවත සිය මව්බිමට වැඩම කළ උන්වහන්සේ පෙර සඳහන් කළ පරිදි ලංකා විශ්ව විද්‍යාලයේ විශේෂ අංශයක් විවෘත කර ශිෂ්‍යයන් හට මග පෙන්වූහ.නමුත්
යම් අවාසනාවන්ත සිද්දියක් නිසා උන්වහන්සේ ගේ පැවිදි ජීවිතයට මහත් අභියෝගයක් එල්ල
විය. මහා බ්‍රිතාන්‍යයට වැඩම කළද එහි ප්‍රමුඛ විශ්ව විද්‍යාලයක මහත් ෞරවයකට පාත්‍ර
වුවද ලංකා වාසීන් පිළිබඳව යටත් විජිතයේ මිෂනාරීන් දක්වන ලද්දේ සතුරු ආකල්පයකි. ඒ
නිසාම මිෂනාරීන් පරයා පෙරදිග විද්වතුන් නැගී සිටීම කිසිසේත්ම නොරිස්සූහ. මේ තත්වය
තුළ සූරියගොඩ සුමංගල තෙරණුවෝ නවසිය විස්ස දශකයේ මැද භාගයේ දී උපැවිදි වූහ. සුමංගල සූරියගොඩ නමින් ගිහියෙකු
වශයෙන් පෙනී සිටියද සිය කුශලතාවයන් සහ අචාර්ය වරයෙකු වශයෙන් දැක්වූ දක්ෂතාවය
මදකුදු අත් නොහළහ. උන්වහන්සේ මූලික අධ්‍යාපනය ලැබූ රත්මලානේ පරම ධම්ම චේතිය පිරිවෙනේ
වරක් ප්‍රධානත්වයට පත් ව සිටි අතර එම පිරිවෙන සමග දැඩි සම්බන්ධයක් ඇතිව සිටි මතුගම
මාටින් සෙනෙවිරත්න මහතා සමග එකතුව පස්යොදුන් කෝරළයේ තම ගම්පියසට ආසන්නයේ අගලවත්තට
නුදුරු දාපිළිගොඩ ග්‍රාමයේ දී සමුබුද්ධ
රාජ විද්‍යාලය යනුවෙන් ඉංග්‍රීසි විද්‍යාලයක්
ආරම්භ කරන ලද්දේය.ඒ පෙර අපරදිග ශාස්ත්‍රීය අධ්‍යාපනය තම උපන් ප්‍රදේශයේ
දරුවන් වෙත ලබා දීමේ අරමුණෙනි.උපැවිදි වූ පසු
යෝජනාවක් අනුව මාතර ප්‍රභූ පරපුරකින් විවාහයක් කරගත් සුමංගල සූරියගොඩ මහතාට
සනත් බෝධිප්‍රියා සහ ස්වර්ණා යනුවෙන් දරුවන් තිදෙනෙකු විය. සූරියගොඩ චරිතාපදානය
රචනා කරනු ලබන්නේ බෝධිප්‍රිය සුභද්‍රා සූරියගොඩ දියණිය විසිනි.
දේශපාලනයට
පිවිසීම
නව සිය තිහේ දශකයේ දී පස්යොදුන් කෝරලයේ ලූල්බද්දුවේ උපන් ආචාර්ය
සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතාද ප්‍රකටකට විද්වතෙකු විය. ගාල්ල ප්‍රදේශයේ දී ඔහු
දේශපාලනයටද පිවිස සිටියේය. ඉන්පසු 1936 රාජ්‍ය මන්ත්‍රණ සභාවට මතුගම ආසනයෙන්
ඉදිරිපත්වන්නට ඔහුට සිදු විය. ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූයේ සුමංගල සූරියගොඩ
මහතාය. මෙම චන්ද විමසීම පක්ෂ මට්ටමින් නොතිබුණ අතර අපේක්ෂකයා හඳුනා ගනු ලැබූයේ වර්ණයකිනි.
කන්නන්ගර මහතාට කොළ වර්ණය ලැබුණු අතර සූරියගොඩ මහතාට රතු වර්ණය ලැබුණි.මේ මැතිවරණ
වලදී චන්ද පෝස්ටර් හෝ චන්ද රැස්වීම වලටත් වඩා කවිකොළ ඉතා ජනප්‍රිය වූ කාලයකි එය.
සූරියගොඩ මහතාට විරුද්ධව සිරිසේන නම් කවියෙකු පැබඳූ කවි කොළයක මෙසේ ලියා තිබුණි.
එංගලන්තේ
සිට යළි ලකට හිරුගොඩ පිවිසෙනා සඳ
සුන් කරන් නොවැ සංගෙ ඔක්කොම තවත් මොහු ගුණ කියනු
කුමටද
දැන්
තබන් උස පොටට ඇස් යුතු සිව්ර එන්නට දුනොත් අප සඳ
වෙන්
සුරින් දුද කිපෙයි අප හට සසුන් බාරව සිටින දිය නද
1936 පෙබරවාරි 27 වන දින පැවැත්වූ මැතිවරණයේ දී
සුමංගල සූරියගොඩ මහතාට වඩා වැඩි චන්ද 4459 ක් ලබා ගනිමින් කන්නන්ගර මහතා ජය ගනු
ලැබීය. සූරියගොඩ මහතාට චන්ද 8859 ක් ලැබී තිබුණි.ජීවිතය අවසාන කාලයේ දී පානදුර ප්‍රදේශයේ
පදිංචිවසිටි සුමංගල සූරියගොඩ මහතා 1936 නොවැම්බර් මස 06 දින අබාවයට පත් විය.
සැබවින්ම
ශාස්ත්‍රීය අධ්‍යාපනයේ ඉහළටම ගියද
භික්ෂූන් වහන්සේ ලා වෙත තත්කාලීන
සමාජයෙන් ලැබෙන අභියෝගය සුළු පටු නොවේ. වර්තමානයේ වුවද ඒ අභියෝගයන් වෙනස් වී නැත.
නිර්මල බුදු දහම සහ ෙථරවාදී ශික්ෂණයන් පිළිබඳ අපරදිග වාසීන් දක්වන ආකල්පයන් කුමක්
වුවද ආසියාතික සංස්කෘතියට ලෝකය තුළ එල්ල වී ඇති බලපෑම නිසි පරිදි තේරුම් ගත යුතුය.එක්
ආඥාවක් එක් ලෝකයක් යනුවෙන් මුදල් මත සහ රොබෝවරුන් මගින් පාලනය කිරීමට උත්සාහ කරන
අනාගත සමාජයක නිර්මල බුදු දහම සහ සංස්කෘතින් පැවතිය යුතු ආකාරය පිළිබඳ ප්‍රබල
සංවාදයක් ජනිත විය යුතුය. අපරදිග විශ්ව විදයාලයන්ට පිවිසෙන බොහෝ විද්වතුන් ගම රට
පමණක් නොව සිය දෙමව්පියන්ද අමතක කර ඇත. ඇතැම් භික්ෂූන් වහන්සේලා උපැවිදි වී විහාරස්ථාන පාළුවට ගොස් ඇත. මේ තත්වය
මැනවින් අවබෝධ කරගත් කළ බුදු සසුනටත් සමස්ත මානව වර්ගයාටත් සේවය කිරීම අසීරු නොවේ.එසේම
අපරදිග ලෝකයේ විද්වතුන් විසින් ශාස්ත්‍රීය අධ්‍යාපනයට දක්වන ගෞරවය උපයෝගී කොට ගෙන ශ්‍රී ලංකාවට ලෝකය තුළ හිමි
නිසි තැන ලබා ගත හැකිය.
මතුගම සෙනෙවිරුවන්