ජනපති රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ එක්
පසෙකින් දෙමළ ජාතික සන්ධනයේ මන්ත්‍රීවරු ද තවත් පසෙකින් පුරාවිද්‍යා අධ්යක්ෂ
ජනරාල් අනුර මනතුංග මහතා ද බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදාන පතිරණ මහතා
ද තබා ගෙන ඉතිහාස පන්තියක් පවත්වා ඇත. ජනපතිවරයා චතුර ලෙස ඉංග්‍රීසි කතා කරන්නෙකි.
තර්ක කරන්නෙකි. එබැවින් ඔහුගේ ඉතිහාස පන්තිය අනුර මනතුංග මහතාට එක පැහැර තේරුම්
ගන්නට බැරි වන්නට ඇතැයි සිතමි. මුලතිවු දිස්ත්‍රික්කයේ පිහිටි කුරින්දි විහාරය
පිළිබඳ ජනපතිවරයා කරන කතාව ජාතික වශයෙනුත් ජාත්‍යන්තර වශයෙනුත් ගත් විට බරපතල ප්‍රකාශයකි.
ලංකාවේ ඉතිහාසය විකෘති කරමින් ද්‍රවිඩ බෞද්ධ විහාරයක් පැවති බවට ඔහු කළ ප්‍රකාශය
ඛණ්ඩනය කරන්නට අනුර මනතුංග මහතාට නොහැකි විය. නැතිනම් ජනපති ගේ ඉංග්‍රීසි භාෂා ව්‍යවහාරයෙන්
ඔහු අසරණ වන්නට ඇත. සාමාන්‍යයෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හැසිරීම අතිශයින්
ව්‍යාකූලය. ඔහු එකක් කියමින් තවත් අදහසක් දක්වන්නෙකි. ඛල්ලාට නාග රජු විසින්
අනුරාධපුර යුගයේ සාදවන ලද කුරුන්දි විහාරය පසුකාලීනව අග්ගබෝධි තුන්වන මිහිඳු සතරවන
උදය වැනි රජවරු විසින් ප්රතිසංස්කණය කර
ඇත. මෙම විහාරය පසුභාගයේ දී කුරන්දාවශෝක විහාරය ලෙසට හඳුන්වා දී ඇත.කාලිංග මාඝ ගේ
බලකොටුවක්ද මෙහි පිහිටා තිබුණු අතර දෙවන පරාක්‍රමබාහු රජු විසින් එය විනාශ කරතිබේ.
පෙර කී රජවරු විසින් පිහිටවූ සෙල් ලිපි වලින් ඉතිහාසය පැහැදිලිව පෙනෙද්දී ද්‍රවිඩ
බෞද්ධ විහාරයක් ගැන කියන රනිල් වික්‍රමසිංහ දෙමළ ජාතික සන්ධානය ඉදිරියේ කරනුයේ
දේශපාලන රංගනයකි.
ඉදිරි ජනපතිවරණයකදී හෝ වෙනයම් දේශපාලන
ප්රතිසංස්කරණයකදී දෙමළ දේශපාලනඥයන් ගේ සහාය රනිල් වික්රමසිංහයන්ට අවශ්‍ය වෙයි.
මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් එතැන සිටි සෝමරත්න විදාන පතිරණ ලේකම් වරයා සිය අමාත්‍ය
විදුර වික්‍රමනායක වෙත ඉදිරිපත් කරන වාර්තාව මගින් ඒ බැව් සනාථ වෙයි. මෙම දිනයේ පළමු සාකච්ඡාවේ දී පුරාවිද්‍යා ස්ථාන ගැසට් කිරීමට කටයුතු කළ යුතු
බව නිළධාරීන් ඉදිරියේදී ප්‍රකාශ කරන ජනපති වරයා දෙමළ ජාතික සන්ධාන සාකච්ඡාවේ දී අනුර මනතුංගයන් හෑල්ලුවට ලක්කරමින් ඔහුගේ
මහාචාර්ය පට්ටමද හෑල්ලුවට ලක් කරමින් කුරුන්දි විහාරය සහ ඉතිහාසය විකෘති කරමින්
පුරාවිද්‍යා ස්ථාන වල මායම් කණු ගැලවිය යුතු යැයි කියමින් කරන කතාව මේ රටේ
දේශපාලනය පිළිබද මහා ඛේදවාචකයක් ඉසිමතු කරන්නෙකි.
දෙමල සන්ධානය සහ ඔවුන්ගේ ප්‍රාදේශීය දේශපාලනඥයන්
යනු ඉඩම් මංකොල්ලකරුවන්ය. මුලතිවු පිහිටා තිබෙන නාගචෝල රක්ෂිතය 1932 දී හෙක්ටයාර්
6825 ක වපසරියකින් ගැසට් කරන ලද්දකි. එම
රක්ෂිතය තුළ අක්කර 78 ක කුරුන්දි විහාර ආරාම සංකීර්ණ රක්ෂිතය පිහිටා තිබේ.. පාරක් තොටක්
නොමැතිවව තීබූ මේ පෙදෙස ත්‍රස්තවාදී යුද්ධයෙන් පසුව එළිපෙහෙලි විය. අසල ගම්වල සිටි
දෙමළ ජනතාව දෙශපාලඥයන්ගේ මෙහෙයවීම පිට මේ රක්ෂිතය එළිකොට කුඹුරු අස්වැද්දූහ.ඒ අනුව
හෙක්ටයාර් 1200 ක් පමණ පෙදෙසක් ඔවුන් විසින් විනාශ කරතිබුණි. දෙමළ ජාතික සන්ධානයේ
ප්‍රාදේශීය දෙශපාලනඥයෙකු වූ ශෂි කුමාර් විසින් පමණක් අක්කර සියයකට වඩා ඉඩම් ප්‍රමණයක්
අල්වා ගෙන තිබිණ. 2018 න් පසු මේ දෙශපාලඥයන් විසින් කුරන්දි විහාර පැරණි පොකුණ
විනාශ කර ඩෝසර දමා මහා වැවක් සාදන්නට යෙදිණ .
එසේම
1905 බෙල් වාර්තාවේ දක්වා තිබෙන කුරුඳු නගරය හෙවත් ජනාවාසය විනාශ කොට කුඹුරු
අස්වද්දන්ට යෙදිණ. මේ එළ පෙහෙලි කිරීම් සම්බන්ධව නඩු දෙකක් වන සංරක්ෂණ ආඥා පනත
යටතේ පවරා තිබේ.2019 දී ඔවුහු කුරුන්දි විහාර කඳු ගැටය ආසන්නයේ ම පිහිටි පුරාවස්තු
සහිත අක්කර පහක පමණ ප්‍රදේශයක් ද ආක්‍රමණය කරමින් එළි පෙහෙළි කිරීම් කළද පෙර කී
නඩුව නිසා ඒ ව්‍යයාමය වැලක්විණ. අනතුරුව 2020 න් පසුව කුරුඳු විහාර රක්ෂිතයේ කළ
ගවේශණයකින් පසුව අක්කර 229 ක් පුරා පැතිර පැවති කුරුඳු නගරයේ නටබුන් සොයා ගන්නට
යෙදුණි. ඒ වටා මායිම් කණු සිටවන්නට ද යෙදුණි. මේ සීමාවට පෙර සඳහන් කළ අක්කර පහද
ඇතුලත් වී තුබුණි. ජනපතිවරයා ඉදිරියේ දී දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී
සුමන්තිරන් පවසන්නේ සියවස ගණනාවක් තිස්සේ මේ ගොවීන් පෙර කී අක්කර පහේ ගොවිතැන් කළ
බවයි. මෙය අමූලික බොරුවකි. ඒ බොරුව පිළිගත් ජනපති වරයා කවුරුත් නොදන්නා ඉතිහාසයක්
දක්වමින් ඉංග්‍රීසියෙන් ශිල්ප දක්වන්නට යෑමෙන් සාකච්ඡා සභාව කෝලම් මඩුවක් බවට පත්
වී ඇත.
මේ සියල්ලටම හේතුව ජනපතිවරයා සිය
විධායක බලය පිලිබඳ නොවැටහීමෙන් කටයුතු කිරීම යයි සිතමි.විධායකය ව්‍යවස්ථාදායකය සහ
අධිකරණය යනුවෙන් කොටස් තුනකට කඩා ඇති කළ දේශපාලන අධිකාරිය තුළ විධායකයට අසීමිත
බලයක් නැත. ඔහු අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වන අතර ආන්ඩුවේ ප්‍රධානියාද වෙයි. එසේම
රටේ සන්නද්ධ අංශයේ ප්‍රධානියා ද වෙයි. නමුත් ආණ්ඩුක්‍රම ව්ව්යස්ථාවේ 33 (ඊ)
වගන්තිය ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ වෙනත් යම් ලිඛිත නීතියක හෝ විධි විධාන
වලට පටහැනි නොවන්නා වූද ජාත්‍යන්තර නීතිය චාරිත්‍ර වාරිත්‍ර හෝ භාවිතය අනුව සියලු
ක්‍රියා කිරීමට බලතල ඔහුට ඇත්තේය යනුවෙන් සඳහන්ය.දැන් වත්මන් ජනපතිවරයා මේ ව්‍යවස්ථාමය
තත්වය පිළිපදින්නේද නැත. ඔහු වරෙක මහවැලි ඉඩම් දෙමල ජනතාවට බෙදා දීම අරභයා මහවැලි
අධිකාරි පනත උල්ලංඝණයට සැරසෙයි. නැතිනම් මහවැති අධිකාරිය විසිරුවා හරින බවට
පාරම්බායි. තවත් වරෙක 1985 ඉඩම් පරිහරණ සැලැස්මට යා යුතු බවද අවධාරණය කරයි. 1985
ඉඩම් පරිහරණ සැලැස්ම යනු 1983 දී ඉඩම් හා මහවැලි සංවර්ධන අමාත්‍යංශය විසින් ඇති
කරන ලද ඉඩම් පරිහරණය පීලිබඳ පිහිටුවා ලූ ආයතනයයි. එය තවත් සංවර්ධනය වී 2007 දී නව ඉඩම්
පරිහරණ සැලැස්මක් ඇති කරමින් අක්ශාංෂ දේශාංහ අනුව ඉඩම් නිශ්චිත කිරීම අරඹන
ලදී.ජනපති වරයා කියනුයේ මේ දියුණු සැලැස්ම පැත්තකින් තබා 1985 යන්නටය. එහි රහස නම්
ඒ යුගයේ දී පුරාවිද්‍යා රකෂිත හඳුන්ගෙන තිබුණේ 276 ක් පමණක් වීමයි. නමුත් 2012 න්
පසු පුරාවිද්‍යා ස්ථාන 1700 කට වඩා උතුර සහ නැගෙනහිර පළාත් වලින් සොයා ගන්නට
යෙදිණ. මේ සියලු ඉඩම් වල විශේෂයෙන්ම බෞද්ධ පුරාවස්තු තිබීම දෙමළ ජාතික සන්ධානයට
පමණක් නොව මුස්ලිම් කොන්ග්‍රසයට ද බලවත් හිසරදයකි.දකුණු ඉන්දියාවේ ශිව සේනා නාග
සේනා සහ උතුර් සේනා යනුවෙන් දක්වන දේශපාලන සංවිධාන සමග එක්වී උතුර සහ නැගෙනහිර පළාත් වල ආගමික සංහාරයක් කොට
ඒවායේ ශිව ලිංග තැන්පත් කරලීම දෙමළ ජාතික සන්ධානය ඇතුළු අන්තවාදීන් ගේ වෑයමයි.
රනිල් වික්‍රමසිංහ ජනපති වරයා උඩගෙඩි දෙන්නේ මේ අන්තවාදයටයි.
ජනපති වරයා ඉංග්‍රීසියෙන් බොරු කීමට
සමතෙකි. ඔහුගේ වාග් විලාශය චතුරය . ඒයට තාර්කික වශයෙන් ඉංග්‍රීසියෙන් පිළීතුරු
දීමට ලෙහෙසි පහසු නැත. ඒ නිසා ඉංග්‍රීසි බසින් ඕනාම බොරුවක් කියන්නට ඔහුට හැකිය.
කුරුන්දිය යනු ද්‍රවිඩ බෞද්ධ විහාරයක්
යැයිද පොත්තකූට නම් ද්‍රවිඩයෙක් මෙය හැදූ බව කියනන්ට ඔහු තතනයි. පොත් කූට යනු සුලු
අගබෝ රජුගේ රාජ සභාවේ සේවය කළ ද්‍රවිඩයෙකි. ඒ යුගයේ ලම්භකර්ණ වංශිකයන් අතර තිබූ බල
අරගයෙන් ප්‍රයෝජනය ගත් පොත්ත කූට රාජ්‍යය පැහර ගෙන දත්ත වල්පිට නම් රාජ වංශිකයෙකු
සිංහාසනයේ තබා රට පාලනය කරල්ය.
සිංහල රජුන් දුර්වල වන විට විදේශික සතුරන් බලවත්
වෙයි. පොත්ත කූට රට අල්ලා ගත් පමණින් කුරුදු විහාරය ද්‍රවිඩයන් සෑදවූවක් බව ඔප්පු
කරන්නට නොහැකිය. එම භූමියෙන් සම්භ වී ඇත්තේ සිංහල ශිලා ලේඛන පමණකි.ඒබැවින් මේ බොරු
වලට සහ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව උල්ලංඝණය කිරීම් වලට සීමාවක් තිබිය යූතු බව අපගේ
හැඟිමයි. රනිල් වික්‍රමසිංහගේ සෘජු තර්ජනය
කිසා පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ඉල්ලා අස්වී තිබේ. එය බරපතල වැරදි
පූර්වාදර්ශයකි.මෙයට කලින් කලුදියපොකුණ පුරාවිද්‍යා සංකීර්ණය හෝටලයකට දිය යුතු යැයි
ආචාර්ය සෙනරත් දිසානායක හිටපු අධ්යක්ෂ ජනරාල්ටද තර්ජනය කර තිබෙන්නේ ද රනිල් වික්‍රමසිංහ
මහතාය. විද්වතුන් ට බලපෑම් කිරීම සහ ආයතන
වලට අනිසි ඇගිලි ගැසීම් නිසා ආයතන
පවත්වාගෙන යෑමට නොහැකි වනු ඇත.මෙම ගැටළුවට සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක
මහතාද සෘජුව වගකිව යුතුය. ජනපතිගේ අනිසි බලපෑමට කලින් අමාත්‍යවරයාද කීප විටක්ම
මෙලෙස පුරාවිද්‍යා ස්ථාන අන්සතු කිරීමට බලපෑම් කර තිබේ යැයි දැන ගන්නට ඇත.මෙම
තත්වය මත මේ රටේ ජාතික උරුමයන් ආරක්ෂා කර ගැනීමට හැකි වෙයිද යන කාරණය අභියොගයක්
වශයෙන් අප ඉදිරියේ පවතී.
මතුගම
සෙනෙවිරුවන්