කෑගල්ලේ දේවාලයක් පවත්වාගෙන යන ධම්මික බණ්ඩාර
නම් කපු මහත්මයෙකු විසින් කොරෝනා රෝගයට බෙහෙතක් ලබා දීමෙන් රෝගීන් සුවපත් කල කතාව
සමාජ ගත වී ඇති සමයක මෙම විෂය ගැන තවදුරටත් කතා කිරීම කලෝචිතය.මෙම සාකච්ඡාව පටන් ගත
යුත්තේ නිදහසින් පසු මෙරට සෞඛ්‍ය සේවය අත්පත් කරගත් ආධිපත්‍ය ගැන සඳහන් කරමිනි.මෙරට
ප්‍රධාන සෞඛ්‍ය ධාරාව ඇලොපති වෙදකම විසින් අත්පත් කර ගැනීමට ප්‍රථම ලන්දේසී යුගයේ දී ලංකාවේ වැවෙන ශාක හා ඖෂධ
පැලෑටි වර්ග කීපයක් වර්ෂ 1746 දී රසායනාගාර පරීක්ෂාවක් පිණිස බතාවියට යවා තිබේ.
ඉන්පසු වර්ෂ 1772 දී ප්‍රථම වරට කොළඹ කොටුවේ රෝහලක් ඉඳි කිරීම මත බටහිර වෛදය ක්‍රම
මෙරට අත්හදා බැලෙන්නට විය. අනතුරුව 1850 දී ඉංග්‍රීසින් මනිපායි රෝහල ආරම්භ කළ අතර බටහිර වෛද්‍ය සේවාව වඩාත් ප්‍රචලිත වන්නට
විය.නමුත් නිදහසට පෙර මධ්‍යගත කේන්ද්‍රයක් මගින් සෞඛ්‍ය පහසුකම් සැපයීම සිදු වූයේ
අවම මට්ටමකිනි. ඇලොපති ක්‍රමය ට වඩා ගම්වල සිටි සිංහල වෛද්‍යවරු රෝගීන්ට ප්‍රතිකාර
කිරීමේ මහත් සමත්කම් දැක්වූහ.නමුත් රටේ ප්‍රජාතන්ත්‍රීය සමාජය ශක්තිමත් වීමෙන්
පසුව මධ්‍ය ගත සෞඛ්‍ය සේවයක් ක්‍රමයෙන් ස්ථාපිත වන්නට විය.එය සිදු වූයේ ජාතික සෞඛ්‍ය
සේවය 1952 දී ආරම්භ වීමෙනි.
වර්ෂ 1796 න් පසු ලන්දේසීන් සතු පළාත්
ඉංග්‍රීසීන් භාරගත් පසු විශාල වශයෙන්
දකුණු ඉන්දියාවෙන් ජනයා ගෙනවුත් පදිංචි කර තිබේ.මේ ජනයා සමග වසූරිය සහ කොළරා වසංගත
පැමිණි බවට වාර්තා රාශියක් ඇත.ඉන්පසු 1815 න් පසු උඩරට රාජධානියද ඉංග්‍රීසීන් ට
භාරවුණි. අනතුරුව ඇති කළ ප්‍රතිසංස්කරණ නිසා රටේ සමාජය දුර්වල විය. සේවා සැපයීම
අඩාල වුණි.මෙහි ප්‍රතිඵලයක් වශයෙන් වසූරිය මෙන්ම මැලේරියාවත් වේගයෙන් ගම්වල
පැතිරුණු බව දක්වා තිබේ.මෙවැනි වසංගත දෙයියන්ගේ ලෙඩ වශයෙන් හඳුන්වා එම රෝගීන්
සමාජයෙන් දුරස්තර කරලීමට ජනයා පෙළඹුණහ. කැලේ පැලක් සාදා රෝගියා ඒහි ගොස් තැබූ බවයි
සඳහන් වෙයි.
1805 දී වසූරිය වසංගතය නැවතත් උග්‍ර වුණි. සිංහල
රාජධානියේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහයන්ටත් මේ රෝගය වැළඳී තිබූ බව
සඳහන්ය. නමුත් රජුගේ වෙදනාවන් එයට ප්‍රතිකාර කොට ඔහු සුවපත් කර ඇත.ඒ යුගයේ ගම්වල සිංහල වෙදකම බොහෝ සාර්ථකව ක්‍රියාත්මක
විය. බෝ වන රෝග නොහොත් දෙයියන්ගෙ ලෙඩ පාලනය කරගන්න වෙද මහත්වරු තමන් දත්
දැනුමින් අලුත් ඖෂධ හොයා ගත්හ.ඉන් එක ඖෂධයකි දිව්‍ය රාජ ගුලිය.(මාලේවන බෙහෙත් අත්
පොත -වෛද්‍ය ඩී.ඒ.මුණසිංහ මහතා සතු වූවකි ) මේ ගුලිය තමන්ගේ හිණ බැඳ යෑමෙන් ලෙඩ රෝග
බෝවන්නේ නැතැයි සඳහන්ය.ගෙයි උඩලිපතේ තැබීමෙන් නිවසට රෝගය පැමිණීම වලක්වන බවද.
ගමේ හතර කොණ මේ ගුලිය වළ ලෑමෙන් ගමට පැමිණීම වළක්වන බවද දක්වා ඇත..මාතර දෙවිනුවර රාජගුරු මුදියන්සේ රාළහාමි නම් වෛද්‍යවරයෙකු ද්‍රව්‍ය ගුණ විඥාණය පිළිබඳ සිය දැනුම භාවිත
කොට පීත කරෝසන ගුලිය නමින් ඖෂධයක් සාදා වසූරිය ලෙඩුන්ට ලබා දී තිබේ.මෙම ඖෂධයන්හි
බෙහෙවින්ම රස බෙහෙත් අඩංගුය .රසදිය සාදිලිංගම් පාෂානම් වැනි සැර බෙහෙත් සමග දේශීය
ශාක ඔසු යොදා ගනිමින් කල පර්යේෂණ බොහොමයක් විය.මේ ගුලි මීපැණියෙන් මෙන්ම විෂ්ණු ක්‍රාන්ති
යුෂයෙන්ද අඹරනු ලැබූහ.
1936 වසරේ දී දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ
වාර්තාවක් රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරනු ලැබිණ.මෙහි දී පාරම්පරික වෛද්‍ය ක්‍රම ඉහල නැන්වීම ගැන වෙසෙසින්ම කතා බහ
කෙරිණ.නමුත් 1947 පිටවූ දේශීය වෛද්‍යක්‍රම පිළිබඳ කොමිෂන් වාර්තාව මගින් මෙරට වෛද්‍ය ක්‍රමය
ගැන ගත් ප්‍රතිපත්තිමය තීරණය මෙරට වෛද්‍ය සංස්කෘතියෙන් බැහැරව ගත්තක් විය.
1956 බණ්ඩාරනායක රජය දේශීය වෛද්‍ය විද්‍යාවට
සුවිසල් සහයෝගයක් ලබා දෙන ලද්දේ මේ වාර්තාව පදනම් කොට ගෙනයි..ඉන්පසු සිරිමා
මැතිණියගේ රජයත් මීට දුන් සහයෝගය අති මහත්ය.බණ්ඩාරනායක මහතා ආයුර්වේදය මෙරට
ඉහළින්ම ඔසවා තබන ලදහ. එම තත්වය තුළ ප්‍රාචීන අධ්‍යාපනයෙන් පිරිපුන් පාරම්පරික
වෛද්‍ය පරම්පරා වල දරුවන් ආයුර්වේදය දෙසට ඇදී ගියහ.එයට හේතුව ඒ මගින් ලැබෙන සමාජ
පිළිගැනීම නිසාවෙනි.බටහිර සෞඛ්‍ය සේවයත් ආයුර්වේද සේවයත් මෙරට අධිපති සංස්කෘතිය
තුළ පැලපදියම් වූයේ එලෙසිනි.
පාරම්පරික
සිංහල වෛද්‍යවරයා යනු සිංහල ජීවන රටාව සමග බැඳී සිටි තමන් ජීවත්ව සිටින පරිසරයේ
කොටස් කරුවකු ලෙසින් කටයුතු කළ පුද්ගලයෙකි. එම නිසා ස්වකීය වෙදකම සිදු කරලීමට ඔහු ඖෂධ
සපයා ගනු ලැබූයේ ගම අවටිනි.කැඩුම් බිඳුම් ඇනුම් කෙටුම් ඇස් රෝග ගෙඩි වන පිළිකා ආදී
ගැමියන්ට නිරන්තරයෙන් වැළඳෙන රෝග කෙරෙහි මේ
වෛද්‍යවරයා සංවේදී විය.ඔහුයට අධ්‍යාපනය ලබා දෙන ලද්දේ ස්වකීය පරපුරෙහි දැනුමැත්තන්
විසිනි. ඇසු පුරුද්ද දැක පුරුද්ද හා පළ පුරුද්ද යනු ඔහුගේ ප්‍රත්‍යක්ෂය හා අනුමානය
විය. අතැම් විට තම පරපුරේ සිට නැසී ගිය සමත් වෛදයවරුයෙකු විසින් සිහිනෙන් කියන ලද බෙහෙතක් ඔහු තමන්ගේ
වට්ටෝරු අතරට එක් කරගත්තේය.අතැම් මව්වරුන්ටද මේ ගති ගුණය පිහිටා තිබුණි. ආහාර සකස්
කරලීමේ දී මුලු තැන් ගෙයි සතු රහස් රැසක් බිහි වූයේ සිහිනෙන් පවසන ලද වට්ටෝරු
මගිනි. එමෙන්ම දරුවන් බිහි කරලීමෙන් පසු සූතිකාවන් උදෙසා කරන විශේෂ සත්කාර මෙන්ම බිළඳුන්ට කරන අත් බෙහෙත් ගැන විශේෂ
දැනුමක් කාන්තාවන් විසින් පෝෂණය කරන ලද්දේ විය. ආයුර්වේද වෛද්‍ය ග්‍රන්ථයක් වූ යෝග
පිටකයට මෙන්ම දඹදෙණි යුගයේ රචනා කරන ලද වරයෝග සාරයට පවා ඇතුල් කරන ලද්දේ මෙවැනි
වට්ටෝරු රැසකි.ප්‍රත්‍යක්ෂය සහ අනුමානය මගින් රෝග වලට ප්‍රතිකාර කිරීම සිංහල ක්‍රමවේදය
විය.පැරණි ඉසිවරුන් ගේ දැනුම ද මෙයට එකතු විය.පරීක්ෂණ නිරීක්ෂණ නිගමන වැනි බටහිර
පර්යේෂණ ක්‍රමවේදයන් ගෙන් මෙම ක්‍රමය වෙනස් විය.
ගැමි වෛද්‍යවරයා ඇතැම් විට රජගෙදර සේවය කරන ලද්දේ විය.ඔහු ගේ පරම්පරා
නිලය කුමක් වුවද වෙදකමෙහි සමත් නම් රාජකීය
වෛද්‍යවරයෙකු වන්නට සුදුසු කමක් උදා විය.නුවර යුගයේ භාවිත වූ රජගෙදර බෙහෙත් අත්පොත
වැනි ග්‍රන්ථයක අතුලත් කරුණු මගින් ඔවුන්ගේ ක්‍රම රාශියක් හදුනාගත හැකිය. සයවන
භුවනෙකබාහු රාජ්‍ය සමයේ දී මෙවැනි රාජකීය වෛද්‍යවරයෙකු ගෙන් බෙහෙත් ලබා ගැනීමට පැමිණි ඉතාලි කුමරියක
ගැන ඉතාලියේ ඉතිහාසයේ දැක්වේ. ඇය ලංකාවෙන් ගෙන යන ලද භාණ්ඩ දැනට නාපෝලි
කෞතුකාගාරයේ තැන්පතව තිබේ.මෙලෙස වෙදකම පිළිබඳ සම්ප්‍රදායයන් දෙකක් ක්‍රියාත්මක
විය. බැහැරින් පැමිණි ආයුර්වේද සහ යුනානි ක්‍රමයන්හි චිකිත්සාවන් මෙන්ම විවිධ
විදෙස් ඖෂධ රාශියක් වෙදකමට සම්බන්ධ වූයේ මේ සම්ප්‍රදායේ හැසිරීම අනුවයි.
බරපතල
ලෙසට බෝවන ශ්වසන රෝගයක් වූ කොරෝනා ව ලංකාවට පැමිණි පසු සිංහල වෛද්‍යවරුන් බහුතරයක්
මේ රෝගය හඳුනාගන්නට උත්සාහ කළහ.තමන්ගේ වෙද පොත් වල කෝල යනුවෙන් දක්වා තිබෙන රෝග මේ
හා සමානයැයි යම්කිසි අනුමානයක් ඇති කරගත්හ.ඒ අනුව ඔවුහු කෝලයට භාවිත කළ හැකි ඒ
පැරණි වට්ටෝරු සෙවූහ.බෙහෙත් ගුලි මෙන්ම දුම්වැරටි ද සෑදූහ. ඇතැමෙක් තම පරම්පරාවේ
පැවති රහස් ඖෂධ නැවත අත්හදා බැලූහ. චූර්ණ පැණිවර්ග සහ තෙල් වර්ග පිළිබඳ තොරතුරු
සමාජයට පැමිණෙන්නේ මේ ලෙසයි. ආණ්ඩුවට මෙවැනි වසංගත රෝග ගැන අත්දැකීමක් නොවීය.
ආණ්ඩුව
විශ්වාසය පළ කරන ලද්දේ මෙරට සෞඛ්‍ය ආධිපත්‍ය උසුලන බටහිර වෛද්‍යවරුන්ගේ මතයයි.
අධිපති මතවාදී තලයක ඉහළින් වැජඹුණද ආයුර්වේද වෛද්‍යවරුන්ට මෙම මතයට අභීයෝග කළ
නොහැකි විය.1897 දී ආරම්භ වූ නිරෝධායන නීතිය යළිත් සක්‍රීය කරන ලද්දේ මෙම පසුබිම
මතය.මෙම නීතිය යටතේ සමාන්‍ය ජනතාව බියට පත් කරනු ලැබිණ.ආසාදිතතයෙකු නිතරම රෝහලකට පැහැර ගෙන යෑම නිසා ජනතාව වඩාත්
පරිස්සම් විය. නමුත් ශ්වසන රෝගයකට මේ ආකාරයට බිය වීමක් පැරණි කාලයේ තිබුණේ නැත.
අපේ පැරණියන් මූලිකව ඉඟුරු කොත්තමල්ලි අරත්ත වැනි ඖෂධ භාවිතා කරමින් රෝගයෙන් අත්
මිදීමට උත්සාහ කළහ.මේ පුරුද්ද වර්තමාන සමාජයේ සංකර සිරිත් විසින් බැහැර කර තිබුණද
වසංගත තත්වය නිසා එය සමාජයට නැවත පැමිණියහ.
බටහිර සෞඛ්‍ය ආධිපත්‍ය විසින් මෙරට නිර්මාණය
කරතිබෙන්නේ ඖෂධ මාෆියාවකි.නිදහස් අධ්‍යාපනයේ අධාරයෙන් ඉහළට ඉගෙන දෙස්තරලා වූ බොහෝ අය මේ මාෆියාවේ කොටස් කරුවන්
වී ඇත. ඔවුහු චැනල් සෙන්ටර් ඩිස්පෙන්සරි ආදිය පවත්වාගෙන යමින් ජනතාව බියට පත් කර
මුදල් ගරා ගනිති.නූතන තාක්ෂණයේ දියුණුව නිසා මේ වෛද්‍යවරුන්ට නවීන උපකරණ රාශියක්
ලැබි ඇත. ඔවුහු ඒවා යොදා ගනිමින් මිනිස් අවයව ශල්‍යකර්ම මගින් ඉවත් කරති. ස්වභාවික
දරු උපත් නතර කර සීසේරියන් සැත්කම් කරති.මේ මගින් උපයන මුදලින් අධිසුඛෝපභෝගී ජීවිත
ගත කරති.කොරොනාව නිසා බිහිවූ සිංහල බෙහෙත් වට්ටෝරු වලින් රෝගය සුව වීම ගැන වඩාත් කනස්සල්ල පළ කරන්නේ මේ අයයි. බෙහෙත් කොම්පැණී
වලට වහල්ව සිටින ආයුර්වේද වෛද්‍යවරුද තමන්ගේ ටයිපටිය ගැලවෙනවාට බියෙන් පාරම්පරික
වෙදකමට නිග්‍රහ කරති.
ලංකාවේ සෞඛ්‍ය පිළීබඳ තීරණ ගැනීමට ලෝක සෞඛ්‍ය
සංවිධානයට භාරදී තිබෙන්නේ මෙරට දේශපාලකයන්ගේ නිවට කම් නිසාවෙනි.මේ ජගත් සංවිධාන වල
අධිපතිවාදී තීරණ මත ක්‍රියාත්මක වන ඔෂධ මාෆියාවේ අලුත්ම ගොදුර බවට පත් වන්නේ බහුජාතික සමාගම් විසින් නිෂ්පාදනය
කරනු ලබන එන්නත් මගින් පර්යේෂනාගාර මීයන් බවට පත් කරනු ලබන සාමාන්‍ය ජනතාවයි.
සිංහල බෙහෙත් වර්ග නැවත මේ සමාජයේ ඉස්මතු වුවහොත් මෙම අධිපතිවාදී ක්‍රමයට පහර වදිනවා
නිසැකය. ඒ නිසා හොඳින් හෝ නරකින් මේ ක්‍රමය නැවැත්වීම ඔවුන්ගේ අරමුණයි.ඉදිරියේ දී
පැමිණෙන එන්නත සිංහල බෙහෙත් වල පැතිරීම නිසා අසාර්ථක වුවහොත් කෝටි ගණනින් ඉපැයිය
හැකි ලාභය අපතේ යයි. මෙරට දේශපාලකයන්ද බලාපොරොත්තු වනුයේ ඒ මගින් කොමිස් ගැනීම බව
පැහැදිලිය.
සැබවින්ම කොරෝනාව වේගයෙන් බෝවන්නක් වුවත්
ලෙහෙසියෙන් සුව කළ හැකි රෝගයකි. එය ඩෙංගු තරමින් වත් භයානක නොවේ.එම නිසා සමාජයේ
පවතින බිය තුරන් කොට මෙරට පහසුවෙන් සොයාගත හැකි දේශීය ඖෂධ කෙරෙහි විශ්වාසය ඇති
කිරීම වඩාත් සුදුසුය.වර්තමාන දේශීය වෛද්‍ය ඇමතිවරයා ඉතාමත් සද් භාවයෙන් මෙයට ප්‍රවිශ්ට
වී ඇති අවස්ථාවක ඔහුට ශක්තියක් බවට පත් වී රෝගීන් සුවපත් කරලීමේ මෙහෙයුම නව
වටයකින් ඇරඹිය යුතුය.
එන්නතක් නිපදවා එය පරික්ෂා කර මිනිසුන්ට භාවිතාකිරීමට සුදුසු නම් පමණක් එය භාවිතයට ලබාදෙයි... ඔබවැනි අයෙක් ඒ පිලිබදව නොදන්නවා යයි ම නොසිතමි...
ReplyDeleteඔබ මෙවැනි ලිපි පළකිරීමෙන් බලාපොරොත්තුවන්නේ කුමක්ද