පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Sunday, March 29, 2020

බෝවන ‌රෝග ගැන අතීත අත්දැකීම්


                                  
                පෘතුගීසීන් ලංකාවට පැමිණ සිංහල රාජධානිය තමන් සන්තක කර ගැනීමට යුද්ධ කරන කල්හි.ඒවාට ‌නොබියවම මුහුණ ‌දීමට අපේ මුතුන් මිත්තන්ට හැකිවුණා.මේ කාලෙ තමයි 1580 දී පමණ ලංකාවට වසූරිය බෝ වුණේ. මන්නාරම් කොටුවේ පරංගීන් ගේ රැකවරණය යටතේ සිටි කරලියද්දේ බණ්ඩාර සහ බිසව මේ වසූරිය රෝගය නිසා මිය ගිය බව ඉතිහාසයේ සඳහන්ය. ලංකාවෙ මුහුදු කරය විදේශිකයන් ‌ගේ ආධිපත්‍යට නතුවන්නට ඉඩ හැර සිංහල රජුන්ට උඩරට දුර්ග වල සිය රාජධානි පිහිටුවාගන්නට සිදු වූයේ රජ පවුල තුල ඇති වූ බල අරගල නිසාවෙනි.පසුව 1766 දී මුහුදේ සිට ගව්වක ප්‍රමාණයක් ලන්දේසි කොම්පඤ්ඤයට පවරා දීමට ගිවිසුම් ගැසීම නිසා ස්ථීරවම මුහුදුකරය අහිමි වුණා..‌මේ කාලෙදි රට ආර්ථික වශයෙන් ‌බොහොම දුර්වල වන්නට ආරම්භ වුණා.ලුණු ලේයාවල් වල තිබෙන ලුණු පවා උඩරටට ලැබුණේ නැහැ.තොතරම් දුෂ්කර තත්වයක් යටතේ වුවත් සිංහල රාජ්‍යය රැක ගත්තද විදේශිකයන් ගේ පැමිණීම වලක්වන්නට හැකිවූයේ නැත.  මේ කාලයේ මුහුදුකරයේ පළාත් වල ඉන්දියාවෙන් ජනයා ගෙනත් පදිංචි කරන ලද්දේ ලින්දේසීන් විසිනි. දකුණු ඉන්දියාවෙ මේ වෙන කොට වසූරිය රෝගය දරුණුවටයි තිබුණේ. මේ ලෙඩත් අරන් රෝගීන් ලංකාවට පැමිණියා.
     1697 දී පමණ දෙවන විමලධර්මසූරිය රජුට සිය මාළිගාව හැර යන්නට පවා සිදු වුණා.මේ යුගයේ මන්නාරමට ගෙනත් පදිංචි කරන ලද කේරළ වැසියන් නිසා නැවතත් වසූරිය උඩරට රාජධානියට පැතිරුණු බව විශ්වාස කළ හැකිය.වසූරිය පිටිපස්සෙන් පැමිණි ජුසේ වාස් නම් කොන්ගානි ජාතික ක්‍රිස්තියානි පූජකයෙකු උඩරට වැසියන් ක්‍රිස්තියානියට හරවා ගන්නට මේ රෝගය සුව කරන දේව මෙහෙයන් පවත්වනු ලැබූ බව දැක්වේ. ඔහුද ඒම රෝගයෙන් පීඩා විඳි නමුත් මිෂනාරි ව්‍යාපරය දිගින් දිගටම පවත්වාගෙන යමින් රෝගීන්ට උවටැන් කොට තිබෙ.මේ නිසා රජු ඔහුට විශේෂ වරප්‍රසාද ලබා දී තිබේ.
           වර්ෂ 1796 න් පසු ලන්දේසීන් සතු පළාත් ඉංග්‍රීසීන්  භාරගත් පසු විහාල වශයෙන් දකුණු ඉන්දියාවෙන් ජනයා ගෙනත් පදිංචි කරතිබේ.මේ ජනයා සමග වසූරිය සහ කොළරා වසංගත පැමිණි බවට වාර්තා රාශියක් ඇත.ඉන්පසු 1815 න් පසු උඩරට රාජධානියද ඉංග්‍රීසීන් ට භාරවුණි. අනතුරුව ඇති කළ ප්‍රතිසංස්කරණ නිසා රටේ සමාජය දුර්වල වී තිබේ. ‌සේවා සැපයීම අඩාල වුණි.‌මෙහි ප්‍රතිඵලයක් වශයෙන් වසූරිය ‌මෙන්ම මැලේරියාවත් වේගයෙන් ගම්වල පැතිරුණු බව දක්වා තිබෙනවා.මෙවැනි වසංගත දෙයියන්ගේ ලෙඩ වශයෙන් හඳුන්වා එම රෝගීන් සමාජයෙන් දුරස්තර කරලීමට ජනය පෙළඹුණා. කැලේ පැලක් සාදා රෝගියා ඒහි ගොස් තැබූ බවයි සඳහන් වන්නේ.
    1805 දී වසූරිය වසංගතය නැවතත් උග්‍ර වුණා. ශ්‍රී වික්‍රම රාජසිංහයන්ටත් මේ රෝගය වැළඳී තිබෙන බව සඳහන්ය. නමුත් රජුගේ වෙදනාවන් එයට ප්‍රතිකාර කොට ඔහු සුවපත් කර ඇත.ඒ කාලෙ ගම්වල සිංහල ‌වෙදකම ‌බොහොම සාර්ථකව ක්‍රියාත්මවුණා. ‌බෝ වන ‌රෝග ‌නොහොත් ‌දෙයියන්ගෙ ‌ලෙඩ පාලනය කරගන්න ‌වෙද මහත්වරු තමන් දන්න දැනුමින් අලුත් ඖෂධ ‌හොයා ගත්තා.ඉන් එක ඖෂධයක් තමයි දිව්‍ය රාජ ගුලිය. ‌මේ ගුලිය තමන්ගේ හිණ බැඳ යෑමෙන් ‌ලෙඩ ‌රෝග ‌බෝවන්නේ නෑ.‌ගෙයි උඩලිපතේ තැබීමෙන් නිවසට ‌‌රෝගය පැමිණීම වලක්වනවා. ගමේ හතර ‌කොණ ‌මේ ගුලිය වළ ලෑමෙන් ගමට පැමිණීම වළක්වනවා.මාතර පැත්තේ දෙවිනුවර රාජගුරු මුදියන්සේ රාළහාමි නම් වෛද්‍යවරයෙකු  ද්‍රව්‍ය ගුණ විඥාණය පිළිබඳ සිය දැනුම භාවිත කොට පීත කරෝසන ගුලිය නමින් ඖෂධයක් සාදා වසූරිය ලෙඩුන්ට ලබා දී තිබේ.මෙම ඖෂධයන්හි බෙහෙවින්ම රස බෙහෙත් අඩංගු බවයි පෙනෙන්නේ.රසදිය සාදිලිංගම් පාසානම් වගේ සැර බෙහෙත් සමග දේශීය ශාක ඔසු යොදා ගනිමින් කල පර්යේෂණ බොහොමයි.මේ ගුලි මීපැණියෙන් මෙන්ම විෂ්ණු ක්‍රාන්ති යුෂයෙන්ද අඹරනු ලැබුවා.මෙහි තිබෙන වැදගත් ම අංගය නම් ඔවුන් ගේ රෝග විනිශ්චයයි.
       දොස් දෙකින් ත්‍රිදෝෂයෙන් හා ආගන්තුක වශයෙන් වසූරිය නවයක් වූ බව දක්වා ඇත.උණ ගැනීමය. ලේ වැසීමය.ඇඟ වියළීමය.සන්ධි ඇරීමය ඇඟ ලොමු ඩැහැ ගැන්මය ඇසේ ඉසේ ලෙඩ ප්‍රතිශ්‍යා යන්න මෙහි පූර්වරූපයන් බව දක්වා තිබේ.වාතයෙන් වූ කල්හි  ඇඟ රුජා ද පිතින් වුව දාහ ඇති වී වහා පැසීමද කඵයෙන් නොහොත් සෙමෙන් වුව ඉක්මනින් පැසෙයි. කඩුචි සහිත වෙයි. මෙම අවස්ථාවන් සාද්‍ය වෙයි. සුව කල හැකිය. ත්‍රි දෝෂයෙන් වූ කල්හි බලවත් වේදනා ඇතිවෙයි. අසාධ්‍ය වෙන බවද දක්වා තිබේ.ආගන්තුක වූ කල්හි ත්‍රිදෝෂයෙන් වූ ලක්ෂණම ඇති වෙයි.සියලු වසූරිකාවට සෙම් පිත් විරේක කරවීමද ලේනහර විද ලේ හැරීමද වමන කරවීමද සිදු කළ යුතු යැයි දක්වා තිබේ.ඉන්පසු විවිධ කෂාය මගින් යටකී වසූරිකා ගුලි ලබා දීම කරති.එයින් කෂාය දෙකක් මෙසේය.
වැල්මී කොහොඹ පොතු කකාරා පෙවීම
ත්‍රස්තවාලු සුණු මී පැණියෙන් දී විරේක කිරීම
ඉ ගුරු තිප්පිලි කොහොඹ දුම්මැල්ල කොට්ටන් කොත්තමල්ලි නෙල්ලි කසාය කර මී පැණියෙන් දීමෙන් වසූරි අටක් ගූන දෙන බවද මෙම වට්ටෝරු වල දක්වා තිබේ.

          දහනව වන සියවසේ මුල් භාගයේ සිට ඇරඹි මෙවැනි උත්සාහයන් ඉංග්‍රීසි ආණ්ඩුව වුවමනාවෙන්ම වළක්වන ලද බවද සැළකිය යුතුය.ඒ යම් යම් තහංචි ඇති කිරීමෙන්. කංසා තහනම ඉන් එක් අවස්තාවක්..වර්ෂ 1798  එඩ්වඩ් ජෙනර් ගව වසූරිය ( සැර බාල කරන ලද චීන ගව වසූරිය වෛරසයක්) ලබා දීමෙන් රෝගියාට ප්‍රතිශක්තිකරණය ඇතිවීමේ අවස්තාවක් ලබා දෙන ලදී. 1886 දී ඉංග්‍රීසි ආණ්ඩුව ප්‍රතිශක්තිකරණ පනත මගින් සෑම දෙනෙකුටම ඒන්නත් ලබා දීමට නියෝග කර ඇත. ඉන් පසු 1949 දී ක්ෂය රෝග එන්නතද  1961 දී ගල පටල එන්නතද  1962 දී මුඛ පෝලියෝ එන්නතද 1963 දී නවජ දරුවන්ට බී.සී.ජී. ඒන්නත ආදී වශයෙන් ඒන්නත් රාශියක්ම හඳුන්වා දී ඇත. සරම්ප සහ රුබෙල්ලා වැනි රෝග සඳහා ද එන්නත් ලබා දීමෙන් මනුෂ්‍යා සදා සුරක්ෂිතයයි යන හැඟිමක් මේ මගින් ලෝකය පුරාවටම  ඇති කර තිබේ. ඇමරිකාවේ කරන ලද නොයෙකුත් අත්හදා බැලීම් නිසා ජානමය එන්නත් පවා අද නිෂ්පාදනය වෙයි. එම නිසා ඇමරිකාවේ චීනයේ සහ රුසියාවේ විද්‍යාගාර පැරණි වෛරස ක්ෂුද්‍ර ජීවින් ගබඩා කොට නෙයෙකුත් අත්හදා බැලීම් සිදු වෙයි. කෙරෝනා යනුවෙන් අද පිටවී ඇතිතේ එම විද්‍යාගාර වලින් නිකුත් වූවක්ය යන්න දැන් කතාබහට ලක් වී ඇත. කෙසේ වුවත් ඒ මගින් ලෝකයම අද අනතුරට පත් කොට තිබෙන්නේ එන්නත් මගින් ඇති කරන ලද ප්‍රතිශක්තිකරණය මිත්‍යාවක් ලෙස බැහැර කරලමිනි.
          ‌ජෙනර් ‌ගේ එන්නත ලංකාවේ මිනිසුන්ට විදින්නට පටන් ගෙන ඇත්තේ රජයේ නියෝග මගිනි. ඉන් පසු පාසලකට ඇතුල් වන විට එම එන්නත අනිවාර්ය කරන ලදී. අපේ සිරුරේ තිබෙන ස්වභාවික ප්‍රතිශක්තිකරණය කුමක්දැයි වැටහීමක් බටහිර සෞඛ්‍ය අංහ වලට නොමැති බව පසක් වී තිබේ.ත විවිධ රස කාරක කෘතිම ආහාර නිසා සීඝ්‍රයෙන් මේ ප්‍රතිශක්තිකරණය අහිමි වී යමින් පවතින බව නිසැකය.
නමුත් අදටත් එදා මෙන්ම අපේ සිංහල ‌වෙද මහත්වරු ‌මේ වන විටත් පාරම්පරික වට්ටෝරු වලින් නව ‌බෙහෙත් ‌මෙන්ම පැරණී ‌බෙහතේ අත්හදා බලමින් සිටින බව දැක්වේ. ඉන්  එක ප්‍රතිකාරයක් තමයි ඔසු වැරටිය යෙදීම.මින් ශ්වශන අපහසුතා මගහැරේ.නියුමෝනියා තත්වයන් පාලනය වේ. ජනාධිපති තුමාගේ කාර්ය සාධක බලකාය ‌මේ වෑයම් ඉදිරියට ‌ගෙන යෑම වලක්වන බව පෙනේ. ‌වෛද්‍ය නිළධාරි සංගමය ජාතික වාදීන් අතර ‌හොඳ මුහුණක් ‌පෙන්වමින් පරිපාලනයේ දී සිංහල කමට විරුද්ධව වැඩ කරමින් තිබේ..අපේ පාලකයන් අතීත අත්දැකීම් ගැන කියවා නැත.. කියවන්ට වුවමනාවක් ද නැත.  එම නිසා  හැමදාම කුමන්ත්‍රණ කරුවන්ගේ උගුල් වලට අහුවන බවඇත්තක්..ඉඟුරු කොත්තමල්ලි වලින් විෂ්ණු ක්‍රාන්තිය පත්පාඩගම් වලින් රටේම ජනතාව තුළ ප්‍රතිහක්තිකරණය ඇති කරන්නට හැකියි. ඒ සමගම කළ යුත්තේ හඳුනා ගත් රෝගීන් ඉතා ඉක්මනින් සුවපත් කරලීමයි. එයට දේශීය මෙන්ම බටහිර ප්‍රතිකාරද එකවර යෙදීමෙන් සාර්තක ප්‍රතිපල අත් කර ගත හැකිය. ජනතාව බලවත් සේ බියට පත් නොකර  මේ පියවරයන් වෙත යා යුතු වනවා නිසැකයි.


Friday, March 6, 2020

මිනිරන් සමග අනාගතයක් තිබෙන රටක් නොරටුන් ට කඹුරන් නේ ඇයි



       දහනව වන සියවසේ ලෝකයේ පැවති වෙළෙඳ ඉල්ලුමේ තරඟකාරී අමුද්‍රව්‍යක් බවට පත් වූයේ මිනිරන්ය.සිංහල රජ කාලයේ මෙන්ම ලන්දේසි සමයේ බොහෝ සුලු වශයෙන්  මිනිරන් ගොඩ ගැනීම සිදු කළද පසුව 1830 පමණ සිට ඉංග්‍රීසීන් විසින් මිනිරන් කර්මාන්තය  දියුණු පමුණු කරන ලදින් ඒ මගින් මහා ධනස්කන්ධයක් උපයීමට හැකි වුණි.දහනව වන සියවසේ අග භාගය වන විට මේ මිනිරන් ගොඩ ගැනීමට දේශීය ව්‍යාපාරිකයන් රාශියක්ද එක් ව සිටියහ. ඉංග්‍රීසීන් ගේ අරක්කු රේන්දය මගින් පොහොසත් වූ අතැමුන් මේ මිනිරන් වෙළෙඳාමට මෙන්ම පතල් කැපීමටද එක් වූහ. ආටිගල සහ සේනානායක පරපුර මේ අතරින් ප්‍රධාන වෙයි.ඔවුන් ගේ මිනිරන් පතල් දෙඩන්ගස්ලන්ද ආසන්නයේ විය.ඊට අමතරව කලුතර දිස්ත්‍රික්කයේ මීගහතැන්න පෙදෙසේ රුක්මල් ගහහේන නමින් පතලක් ද විය.මේ පතල් කර්මාන්තය නිසා පසුකලක දේශපාලන පොරපිටියේ නායකයන් බවට පත් වන්නට මේ ධනවතුන්ට හැකි විය. සේනානායක පරපුරේ මිනිරන් බූදලයෙන් හරි අඩක් පරිහරණය කර ගැනීමට කොතලාවල පරපුරටද හැකි වූයේ එෆ්. ආර්. සේනානායක මහතා නිසාවෙනි. කෙසේ වෙතත් අනගාරික ධර්මපාල ශ්‍රී මතාණන් මේකාලයේ ඇති කළ බෞද්ධ ප්‍රබෝධය හේතු කොට ගෙන මේ ධනවතුන් රට නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරයකටද අවතීර්ණ විය. 1914 දී පමණ ඇවිල ගිය මුස්ලිම් කෝලාහල නිසා මේ ජාතික ව්‍යාපාරයේ නායකයන්ට නරක කලදශාවක් උදාවිය. 1915 දී යුද්ධ නීතිය පැණවීමෙන් මේ නායකයන් බහුතරයක් අත් අඩංගුවට පත් කරන ලදහ. අතැමෙක් මරා දමන ලදහ. කොළඹ නගාරාරක්ෂක සේවයේ නිරතව සිටි හෙන්රි ප්‍රේද්‍රිස් නම් තරුණයෙකුද ඒ අතර විය. ඔහුට එල්ල කළ චෝදනාව නම් කලබල සංසිදවීම වෙනුවට කැරලිකරුවන්ට උදව් උපකාර කිරිමයි.මේ හෙන්රි ප්‍රේද්‍රිස් ප්‍රසිද්ධ මිනිරන් ව්‍යාපාරිකයෙකු වූ ඩීසන් ප්‍රේද්‍රිස් ගේ පුත්‍රයා විය.
    වර්ෂ 1888 දී කළුතර දිස්ත්‍රික්කයේ පැලවත්ත ආසන්නයේ අන්නාසිගලහේන නම් ඉඩමේ ආරම්භ කරන ලද පතල ඔහු විසින් මුල පුරන ලද්දකි. පොළවේ සිට අඩි පන්සීයක් පමණ යටට කැණ මිනිරන් ඉල්ලම පාදා ගෙන සේවකයන් තිහක් පමණ යොදවා ගෙන වැඩ කළ මේ ප්‍රේද්‍රිස් ව්‍යාපාරිකයා නිසා පැලවත්ත පෙදෙස එකල මහා නගරයක සිරි ඉසිලීය. මිනිරන් වෙළෙදාමෙන් පමණක් නොව ඒවාට යනෙන වෙළෙදුන් හට සේවකයන් හට ආහාර ද්‍රව්‍ය නිවෙස් වලට අවශ්‍ය උපකරණ වෙළෙදාමෙන් ගම්මුන්ද පොහොසත් විය.ඩීසන් ප්‍රේද්‍රිස් ගේ අන්නාසිගල පතලට යාබද පතල වූ පෙර සඳහන් කළ ඩී.එස්. සේනානායකට අයත් රුක්මල්ගහහේන පතලයයි. එයද කැණීමට ලක් කෙරු‌ණේ සේනානායක මහතා දේශපාලන වැඩ සටහනකට සාභාගිවීමට මීගහතැන්නට පැමිණීම නිසාවෙනි.
         ශාක කොටස් ඝනීභවනය නිසා වර්ෂ මිලියන ගණනාවක් තිස්සේ සැකසුන මිනිරන් එදා කර්මාන්ත ගණනාවකටම අමුද්‍රව්‍ය වශයෙන් භාවිතා විය. දහනව වන සියවසේ අග භාගය වන විට මිනිරන් ටොන් එකක් පවුම් අටකට ලෝක වෙළෙඳ පලේ අලෙවි විය. මේ නිසා ඉක්මනින් ධනවත් වීමට හැකි පතල් කර්මාන්තයට ආයෝජනය කරලීමට දේශීය ව්‍යාපාරිකයන් රාශියක් උනන්දු විය.පෙර සඳහන් කළ අන්නාසිගල හේන පතලේ මිනිරන් තුළ සියයට අනූනවයි දශම පහක ප්‍රමාණයකට කාබන් අඩංගු වීම නිසා එය ලෝ පතල විය.වර්ෂ 1900 න් පසු වැඩිම මිනිරන් අලෙවියක් ලෝක වෙළෙඳ පලේ සටහන් වෙයි.ඒ 1909 වසර වන විටය.ඒය  මෙට්රික් ටොන් 273538 ක් විය.මේ කාලයේ දිවයින පුරා මිනිරන් පතල් 770 ක් ක්‍රියාත්මක වී තිබුණී. කලුතර දිස්ත්‍රික්කයේ තිබූ මිනිරන් පතල් අතර පෙරකී පතල් දෙකත් බෝතලමානාන අලු කැටිය සහ බොරලුකැටිය යන පතල් ඒදා ප්‍රසිද්ධීයට  පත්ව තිබුණී.ඩීසන් ප්‍රේද්‍රිස් ගේ පතල  වසර තිස්එකක් තිස්සේ හාරා ඇත. පසුව දෙවන ලෝක යුද්ධ සමයේ මිනිරන් මිල පහත වැටීමත් සමග ඩීසන් ප්‍රෙද්‍රස් විසින් එම පතල දියෙස් ගුණසිංහ නම්  මහ‌‌තෙකුට විකුණා දමා තිබේ. එහෙත් ඔහුට එම පතල කර ගැනීමට නොහැකි විය. පසුව මීගහතැන්න පෙදෙසේම සමනල වත්ත නම් ඉඩමේ පතලයක් ඔහුගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වුවද ලෝක යුධ තත්වය යටතේ එයද අභාවයට පත් විය. ලංකාවට නිදහස ලැබීමෙන් පසුව ලෝකයේ මිනිරන් මිල ක්‍රමයෙන් යලි වැඩි වුවද ඉංග්‍රීසි පාලන සමයේ මෙන් එම පතල් කර්මාන්තය දියුණු නොවීය. එසේම නවසිය හැත්තෑවේ පත් වූ රජය පෞද්ගලික අංශයේ සම්පත් ක්‍රමයෙන් රජයට ගැනීමේ ප්‍රතිපත්තිය මත කහට ගහ බෝගල වැනි පතල් රජයේ ව්‍යවසායක් බවට පත් කරන ලදී . 1972 දී පමණ රාජ්‍ය මිනිරන් සංස්ථාව පිහිටුවන ලද්දේ මිනිරන් කර්මාන්තය  නගා සිටුවීමටයි. එම තත්වය මත  1979 වන විට අපනයනය කරන ලද මිනිරන් ටොන් ප්‍රමාණය 83303 දක්වා  වැඩි කර ගැනීමට රජයට හැකි විය.
            මිනිරන් සංස්ථාවේ වැඩ කටයුතු ක්‍රමයෙන් සංවර්ධනය වූ නමුත් 1977 පත් වූ රජයේ විවෘත වෙළෙඳ පළ ප්‍රතිපත්තිය මත රජයේ බොහෝ සම්පත් විකුණා දමමින් පෞද්ගලික අංශය සතු කරන ලදී. මිනිරන් පතල් ද පෞද්ගලීකරණය කරන ලදහ. කහටගහ සහ බෝගල ග්‍රැෆයිට් නම් සමාගම බිහිවූයේ එලෙසය. බෝගල පතල තුළ රජයේ දායකත්වය සියයට 49 ක් පමණක් විය. ඒහෙත් අතීතයේ දී මෙන් පෞද්ගලික අංශය මෙම කර්මාන්තය වැඩි දියණු කරලීමට වැඩි දායකත්වයක් නොදක්වන ලදී. වර්ෂ 1990 වන විට බෝගල කහටගහ සහ කොලොන්ගහ යන් පතල් වලින් අපනයනනය කරන ලද මිනිරන් ප්‍රමාණය ටොන් 4765 දක්වා අඩුව තිබේ.වර්තමානය වන විට මෙම ප්‍රමාණය යන්තමින් මෙට්රික් ටොන් 5000 ක සීමාවේ රැඳී පවතී.අතීතයේ දී මිනිරන් අවශ්‍යතාවය ඉතා සීමිත විය. ලිහිසි ද්‍රව්‍ය නිපදවීම පැන්සල් කර්මාන්තය මෝටර වාහන වල අමතර කොටස් ආදී සීමිත පරාසයක ඒවා භාවිත විය.නමුත් වර්ෂ 2000 කාල වකවානුවෙන් පසු ඇති වූ කාර්මික විප්ලවයේ නව සන්ධිස්ථාන නිසා මිනිරන් වල අවශ්‍යතාවය පුලුල් විය.හයිබ්‍රිඩ් වාහන වල බැටරි නිර්මාණයට මෙන්ම නොයෙකුත් නවීන කර්මාන්ත අමුද්‍රව්‍යයක් වශයෙන් ඒවා භාවිත වන්නට විය. 2010 වසර වන විට මිනිරන් වලින් ග්‍රැෆේන් නිපදවීමට සමත් ව ඇත.  අද ලෝක වෙළදෙ පලේ මිනිරන් මෙට්රික් ටොන් ඒකක මිල ඩොලර් 2000-2500 අතර දෝලනය වෙයි.නමුත් ග්‍රැෆේන් වෙළෙඳ පළ ඉල්ලුම අනුව කිලෝවක මිළ ‌ඩොලර් 5000 ඉක්මවන බව දක්වයි.  තත්වය සැලකිල්ලට ගත් මැණික් අපනයන කරුවෙකු වූ කීර්ති වික්‍රමරත්න මහතා මැල්සිරිපුර රාගෙදර පතල යලි ආරම්භ කරනලද්දේ 2010 වසරේ දීය. 1993 වසරේ දී භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශය පිහිටුවීමෙන් පසු මෙලෙස පෞද්ගලික ව්‍යාපාරිකයෙකුට කැණීම් බලපත්‍රයක් නිකුත් කරන ලද්දේ රා ගෙදර පතල සඳහාය.
             බෝගල පතල් අද වන  විට සම්පූර්ණයෙන්ම විදේශිකයන් ග්‍රහණයේ පවතින බව කිව යුතුය.අලුතෙන් ආරම්භ කරන ලද කරස්නාගල පතලද විදේශිකයන් සතු කරගෙන තිබේ. කහටගහ පතල රජය සතු වුවද බෝගල පතල හසුරුවන විදේශීය සමාගමේ අවශ්‍යතාවය මත ඒහි කැණීම් සිදු වනු දැකිය හැකිය. හැත්තෑව දශකයෙන් පසු කාලයේ කළ භූවිද්‍යා සමීක්ෂණ වාර්තා සැලකිල්ලට ගැනීමට රජය උනන්දු වී නොමැත. ඒ වෙනුවට විදේශීය සමාගම් කීපයක්ම ලංකාවේ මිනිරන් පතල් ගැන මේ වන විට දැඩි උනන්දුවකින් කටයුතු කරයි. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියානු සමාගමක් මෙහි මුල් තැන් ගෙන සිටී. ඔවුහු ලංකාවේ නියෝජියන්ද සම්බන්ධ කරගෙන ගුවන් සමීක්ෂණයක් දියත් කොට මේ වන විට වාර්තාවක් ලබා ගෙන තිබේ. මෙම ගවේෂණ බලපත්‍රයට කළුතර රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කයන්ද හසුවී තිබේ. ඒ අතර පසුගිය කාලයේ කර්මාන්ත අමාත්‍යංශය පාලනය කළ මුස්ලිම් අමාත්‍යවරයෙකු මේ මිනිරන් ඉල්ලුම ගැන විශේෂ සැලකිල්ලක් දක්වා තිබේ. දැනට හඳුනාගනෙ තිබෙන ඒසේම කලකදී අතහැර දමන ලද කිසිම මිනිරන් පතලක් දේශීය ව්‍යාපාරිකයන් කර්මාන්ත කරුවන් හට ලබා ගත නොහැකි වන ලෙස මේ මාෆියාව විසින් ආවරණය කරගෙන ඇත. 2012 වසරෙන් පසු කහටගහ මිනිරන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ බහුතරය මුස්ලිම් නියෝජනයක් දක්වන්නේ පෙර කී ඇමතිවරයාගේ බලපෑමෙනි.. හෙට වන විට මේ රටේ ග්‍රැෆේන් වෙලෙඳ පල අත්පත් කර ගැනීමට පවා ඔවුහු මුදල් ආයෝජනය කරලීමට ඉඩ ඇත.2013 කාල වකවානුවේ දී රා ගෙදර පතල ආරම්භ කිරීමට උත්සාහ ගත් අවස්ථාවේ දී ඒහි අයිතිකරු කීප වතාවක්ම කැබිනට්ටුව හමුවට ගෙන ගොස් ඒම පතල කර ගෙන යෑමට බාධා ඒල්ල කරන ලද්දේ පෙර කී  මුස්ලිම් ඇමතිවරයා විසිනි.ඒයට හේතුව දේශීය ව්‍යාපාරිකයන් විශේෂයෙන්ම සිංහල කර්මාන්ත කරුවන් මිනිරන් මගින් ශක්තිමත් වීම අඩාල කිරීම ඒම අන්තවාදීන් ගේ බලාපොරොත්තුව වීමයි. කෙසේ වෙතත් අවාසනාවකට මේ රටේ නිළධාරීන් විශේෂයෙන්ම භූ විද්‍යා අංශ දේශීය කර්මාන්ත කරුවන්ට වඩා විදේශිය හාම්පුතුන් කෙරේ විශ්වාසය තබා තිබෙන බව පෙනී යයි.ඒසේම මේ රටේ මූල්‍ය වෙළෙඳ පළ හසුරුවන සමාගම් මිනිරන් ගොඩ ගැනීම සඳහා සුදුස්සන් ලෙසට සලකයි.ඔවුන් ගේ අද විශාලම අදායම් මාර්ගය වී ඇත්තේ වැලි සහ ගල් බලපත්‍ර ලබා දීමයි.ඒ මගින් දූෂිත නිළධාරි තන්ත්‍රයක් පවත්වාගෙන යෑමයි. නමුත් ඔවුහු අමතකකරන කාරණය නම් 1880 ගණන් වල සිට 1957 කාලය දක්වා මේ රටේ මිනිරන් කර්මාන්තයේ ස්වර්ණමය අවධිය සනිටුහන් කරන ලද්දේ දේශීය කර්මාන්තකරුවන් බවයි.
            වර්තමානය වන විට  විදේශ වලට ඩොලර් බිලියන හැටතුනක් පමණ රජය ණය වී තිබේ. මේ ණය ගෙවා ගැනීමට තවත් ණය ලබා ගැනීම රජයේ පුරුද්දකි. මේ නීසා අනවශ්‍ය ආකාරයට ඇමරිකාව ඇතුලු බලවත් රටවලට කඹුරන්නට සිදු තිබේ. ඒ මදිවාට ඔවුන් ගේ කොන්දෙසි නිසා රටේ ජාතික උරුමයන් සහ සම්පත් වැනසෙන ගිවිසුම් වලට පවා අත්සන් කර ලීමට සිදුව තිබේ. මේ තත්වය වෙනස් කළ හැකි ඒක් මාර්ගයක් නම් මිනිරන් කර්මාන්තය යළි නගා සිටුවීමයි. මේ මගින් ලැබෙන රාජ්‍ය භාගය සුලු පටු නොවේ. වාර්ෂිකව දැනට අපනයනය කරන මෙට්ට්‍රික් ටොන් 5000 -20000 දක්වා වර්ධනය කර ගැනීමට හැකියාව ලබෙන්නට නම් දේශීය පතල් ප්‍රමාණය වර්ධන කර ගැනීමට ඉඩ ප්‍රස්ථා ලැබිය යුතුය.ඒවාට ආයෝජනය කරන දේශීය කර්මාන්ත කරුවන් දිරිමත් කළ යුතුය.මත්ද්‍රව්‍ය වලින් ලැබෙන කලු සල්ලි මෙවැනි කර්මාන්ත වලට ආයෝජනය කිරීම නැවැත්වීමත් විදේශිකයන් ගේ අනවශ්‍ය ග්‍රහණයත් ඉවත් කළ යුතුය.දැනටමත් ඉහතකී විදේශීය  සමාගම තමන් විසින් පැවැත්වූ ගුවන් සමීක්ෂණ තොරතුරු කොටස් වෙළෙද පලේ අලෙවි කරමින් සිටී. ඒවැනි ක්‍රියා වලින් දේශීය මිනිරන් කර්මාන්තය නැන්විය නොහැකිය.අවසාන වශයෙන් කිව යුත්තේ අවම පරිසර හානියක් තිබෙන මෙම පතල් කර්මාන්තය ශක්තිමත් කරලීමෙන් ඇතිවන ප්‍රතිඵලයයි. ඒනම්  මේ රටේ සිදු කරන මහා බලවතුන් ගේ ඊනියා කාර්මික සංවර්ධනය නවතා ලීමට පසුබිම විවර වීමයි.