දේවානම්පියතිස්ස රාජ්‍ය කාලයේ දී ශ්‍රී මහා බෝධින් වහන්සේ ලංකාවට වැඩම
කරවන ලද්දේ උතුරේ දඹකොළ පටුනට පැමිණි යාත්‍රාවකිනි. රජු මේ දර්ශනය දැක ප්‍රීතියෙන්
මත්ව කරවටක් මුහුදට බැස ශ්‍රී මහා බෝධි ශාඛාව තම දෝතට ගත් ආකාරය වංශ කතා වල විචිත්‍රවත්ව
සඳහන් වෙයි. මෙම ශ්‍රී මහා බෝධින් වහන්සේ රැගෙන පැමිණි සංඝ මිත්තා තෙරණින් වහන්සේ
සහ සොලොස් කුල පිරිවර තුන් දිනක් දඹකොළ පටුනේ ගත කර පසුව අනුරාධපුරයට ගමන් ආරම්භ
කළ අතර දඹකොළ පටුනට නැගෙනහිර දෙසීන් වූ ස්ථානයක කඳවුරු ලා පෙරවරු දානය වැළඳූ ආකාරය
පිළිබඳ සිංහල බෝධිවංශය දක්වා ඇත. එහි සඳහන් වන්නේ මෙසේය.
දශබලධාරී
වූ බුදු රජාණන් වහන්සේගේ සිනිඳු වූ ඔජාවත් වූ රශ්මිමාලා විහිදුවන්නා වූ මහා බෝධින්
වහන්සේ වේදැයි ප්‍රසන්න වූ සිත් ඇතිව මහා බෝධින් වහන්සේ ඔසවා මුදුන් මස්තකයෙහි
පිහිටුවා මිනිසත් බව ලැබීම සඵලය යි සිතමින් බෝධිගුප්ත කුමාරයන් ප්‍රධාන කොට ඇති
සොලොස් ජාති සම්පන්න කුලයන් හා සමග හිසින්
ගෙනවුත් ගොඩ නැගී සමුද්‍ර තිරයෙහි සිත්කලු මණ්ඩපයට වඩා සියලු ලංකාද්වීපයෙහි
රාජ්‍ය යෙන් මහා බෝධින් වහන්සේට පූජා කොට
සොලොස් කුලයන්ගේ අතට රාජ්‍යය හැර තුමූ දෙරටුපාල තනතුරෙහි සිට තුන් දවසක්
මුළුල්ලෙහි අනේක ප්‍රකාර වූ පූජා කරවූහ. ඉක්බිත්තෙන් දවසෙක සරහා පිළියෙල කරන ලද රථයක් මත්තෙහි
තබා මහත් වූ පූජා සත්කාර කෙරෙමින් නැගෙනහිර තිස්ස විහාරය පිහිටන්නා වූ ස්ථානයට
ගෙනවුත් සංඝයා වහන්සේට පෙරවරු වළඳවා මිහිඳු තෙරුන් වහන්සේ විසින් වදාරණ ලද ඒ
ස්ථානයෙහි සර්වඥයන් වහන්සේ විසින් කලාවූ නයින් ගේ දමනය අසා බුදුන් විසින් වැඩ
හිඳීම ආදියෙන් ප්‍රයෝජන ලැබූ ස්ථානයන්හි දාගැබ් ආදියෙන් සත්කාර කරමි යි සළකුණු
කරවා එතැනින් ගෙනවුත් තිවක්ක බ්‍රාහ්මණයාගේ ගම්දොර තබා පූජා කොට මෙසේ ඒ ඒ තන්හි
පූජා කෙරෙමින් ..
බෝධී වංශයේ
දක්වා ඇති පරිදි දඹකොළ පටුනේ එක් විහාරයක්ද නැගෙනහිර දෙසින් තිස්ස විහාරයද ප්‍රාචීන
විහාරයද යනුවෙන් යාපන අර්ධද්වීපයේ විහාරස්ථාන තුනක් කරවා ඇත.යාපන අර්ධ ද්වීපය නොහොත් ත්‍රී භූමිය රාම නම් කුමාරයෙකුට පැවරූ ආකාරය
බුද්ධ රාජාවලියේ ද සඳහන්ව ඇත. මේ කියන තිස්ස විහාරය අද පිහිටා තිබෙන්නේ
කන්කසන්තුරේ නමින් හඳුන්වන දුම්රිය ස්ථානයට
යාබද පෙදෙසෙහිය. තයියඩ්ඩි යනුවෙන් මේ පෙදෙස වර්තමාන සිතියම් හි දක්වා
තිබේ. සිංහල රජ දවසෙන් පසුව උතුරේ පරංගි ආධිපත්‍යත් ලන්දේසි සහ ඉංග්‍රීසි ආධීපත්‍යත්
නිසා එහි විසූ සිංහලයන්ට නරක දසාවක් උදාවිය. ඔවුහු තම උතුරු භූමි උරුමය අතහැර
වන්නියට සහ උතුර මැද පළාත්වලට සංක්‍රමණය වූහ. නැතහොත් උඩරට ඥාතීන් සොයා ගියහ.
හිරිගල් බහුල ශුෂ්ක පෙදෙසක් වන මේ පෙදෙසේ ඇතැම් තැන් වල ගොවිතැන්ද කළ හැකිය. කුඩා කුඩා
විල් සහිත වැලිගමුව නම් රටක් ගැන කඩයිම් පොතේ දක්වන විස්තර අනුව එහි සිංහලයන්
රාශියක් දිවි ගෙවූ හැටි අනාවරණය වෙයි. මේ වැලිගමු රට ඕලන්ද සිතියම් වල එලෙසම දක්නට
ලැබුණත් පසුකාලීන ඉංග්‍රීසි සිතියම් වලට වලිකාමම් යනුවෙන් බිඳී දක්වා ඇත්තේය.
කන්කසන්තුරේ
තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කොටසේ තිබෙන තිස්ස විහාරය නැවත සංවර්ධනයට බඳුන්
වන්නේ නවසිය හතළිත දශකයේ දීය. සේරුවිල නාගදීපය වැනි වෙහෙර විහාර සොයා දකුණේ සිට
පැමිණි යතිවරයන් වහන්සේලා යළිත් මේ රටේ බෞද්ධ උරුමය ගොඩ නැගීමේ උත්සුක වූහ.මේ
කියන තිස්ස විහාරයද සොයා පැමිණ කළුතර උතුරේ ශීලාධාර හිමියන් සහ කලුතර පඤ්ඤානන්ද
හිමියන් බෝධීන් වහන්සේලා පිහිටා සිටි මේ පුදබිම අනාවරණය කර ගත්හ.. පැරණී තිස්ස
විහාර භූමියේ කුටියක දුෂ්කරව වැඩ හිදිමින් නැවත තිස්ස විහාරය ගොඩ නැන්වීමට ක්‍රියාකළහ.
1954 දී මුල් වරට වෙසක් උත්සවයක් පවත්වමින් සිංහලයන් ගේ ශක්තිය ගෙන හැර පෑහ.මේ
කාලයේ කන්කසන්තුරේ පිහිටි තිස්ස විහාරයට සමීප ඉඩමක සින්නක්කර අයිතිය ඒබ්‍රහම් පෙරේරා නම් වූ සැදැහැවතෙකු
විසින් ශිලාධාර හිමියන්ට පවරා දී ඇත. 1946 දී ලියන ලද එම ඔප්පුවේ පැහැදිලිව තිස්ස
විහාරය යන නාමය සටහන්ව තිබේ.තිස්ස විහාරය 1956 වර්ෂයේ මිනුම්දෝරු සිතියම් වලට එක්
වන්නේ මේ අන්දමටයි. මේ සිතියම් වල අක්කර 15 ක පමණ වපසරියක් පුරා ඉඩ කඩම් මේ පුදබිමට
අයත් ව තිබූ සැටි හෙළි වෙයි. එහි ස්ථූප
සළකුණ දක්වා මිනුම්දෝරු අංශ වලින් ලකුණු
කර තිබෙන්නේ මේ බෞද්ධ උරුමයයි. තවද බෝධීන් වහන්සේල සතර නමක් පමණ ඉතා සරුවට මෙහි
වැඩ සිට ඇත.
මේ තත්ත්වය මෙසේ වුවද පණස් ගණන් වල අග
භාගයේදී ඇතිවූ දෙමළ කෝලාහල නිසා සිංහලයන්ට උතුරේ විසීම කළ නොහැකි විය. තයිඩ්ඩි
දකුණ යනුවෙන් හඳුන්වන වලිකාමම් උතුරේ
දිසාපති කොට්ඨාශයේ සිංහල කලඩ්ඩි( කයිඩ්ඩි විය හැකිය ) නොහොත් උලුතන් කලඩ්ඩි
යනුවෙන් වෙන් කොට ගත් තිස්ස විහාරය අවට සිටි සිංහලයන්ද යාපනයේ බේකරි කරමින් වෙලෙඳ ව්‍යාපාර කරමින් සිටි බොහෝ
දෙනෙකුට එහි විසීම අන්තරාදායක විය. මේ නිසා තිස්ස විහාරයේ ස්වාමීන් වහන්සේද නැවත
සිය මුල් විහාරය වන කලුතර සුමිත්‍රාරාමයට වැඩම කළහ. 1959 සිට ඇරඹුණු කාල වකවානුවේදී නැවත මේ විහාරස්ථානයට
ආලෝකයක් ඇති නොවීය. එහෙත් 1971 වර්ෂයේ ඇඳි මිනුම්දෝරු සිතියම් වලද මේ විහාරය තිබූ
බවට පැහැදිලිව සළකුණු වී තිබේ.එම සිතියම් වල විහාරස්ථානය ඇරණු කොට සිංහල කලඩ්ඩි
නම් ඉඩමේ වෙනත් ඉදි කිරීමක් නොවිණ. එහෙත් 1983 න් පසු යලි දෙමළ කොටි ව්‍යාපරය ඇරඹීමත්
යාපනයේ විසූ හය දහසකට ආසන්න සිංහලයන්ට කිසිසේතම් හිතකර නොවීය. 1971 වන විට
කන්කසන්තුරේ වලිකාමම් උතුර පෙදෙස් පමණක් සිංහලයන් 453 දෙනෙකු ජීවත්ව සිට ඇත.තිස්ස
විහාරය ද කඩා බිඳ දමන ලද අතර එහි ළිඳ පමණක් ඉතුරු විය.කන්කසන්තුරේ සිමෙන්ති කම්හල
ආරම්භ කළ පසු එහි සිංහලයන් දහසකට අධික ප්‍රමාණයක් එහි සේවය කළහ. එසේම යාපනයේ
ඉස්පිරිතාල පාර කස්තූරියා පාර ස්ටැන්ලි පාර ආදී නම් වලින් හදුන්වන ස්ථාන වල දකුණෙන්
ගිය සිංහලයන්ගේ වාසස්ථාන එමට විය. මේ
සියලු සෙනග 1987 න් පසු යලි දකුණට අවතැන් වන්නේ ත්‍රස්තවාදී ක්‍රියා උත්සන්න වීම
නිසාවෙනි.
2009
වරෂයේ යුද්ධය අවසන් වීමත් සමගම යලි නැවත
පදිංචි කිරීම ඇරඹිණ. දෙමළ ජනතාවත්
මුස්ලිම් ජනතාවත් යලි පදිංචි කිරීම ඉක්මන් වුවද සිංහලයන් පදිංචි කිරීමේ කිසිම
බලාපොරෙත්තුවක් තිබූ බවත් නොපෙණුනි. එම නිසා යාපනයේ විසූ සිංහල පවුල් 150 ක් පමණ යාපනයේ දුම්රිය ස්ථානයේ
ලැගුම් ගෙන කළ අරගලය නිසා ඔවුන්ට නාවකුක්ලියෙන් පසුකාලයෙකදී ඉඩම් හිමි විය. එයටද
දෙමළ ජාතික සන්ධානයෙන් අපමණ හිරිහැර වූ බව අප දනිමු.එසේම කන්කසන්තුරේ තිස්ස විහාරය
අවට සිටි සිංහලයන්හටද කිසිම ලෙසකින් යලි ඉඩම් නොලැබිණ. තිස්ස විහාරය පෙදෙස යාපනයේ
ආඥා පති යටතේ හමුදා කඳවුරක් ලෙසට පැවති අතර 1987 න් පසු තිස්ස විහාරයට අයත් සිංහල
කලඩ්ඩි නම් ඉඩමේ දෙමළ ජනතාවට පදිංචි කරවීමට
දිසාපති වරුන් ඔප්පු හදා දී තිබුණි. 1956
සිට පැහැදිලිව විහාරස්ථානය සතු ඉඩමක් ලෙස පැවති භූමිය බලෙන් අද අත්පත් කරගන්නට
ඇතැම් දෙමළ පිරිස් උත්සාහ කරනුයේ මේ හොර ඔප්පු බලපත්‍ර පෙන්වමිනි.නමුත් කලුතර
පඤ්ඤානන්ද හිමියන් ගේ ශිෂ්‍ය පූජ්‍ය පාතකඩ විමලඥාණ හිමියන් යුද්ධයෙන් පසු කන්කසන්තුරේට ගොස් පළමුව විහාරයේ
තිබූ ළිඳ හඳුනාගෙන භූමිය නිශ්චිත කොට ගෙන අනතුරුව තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම්
වරයා හමු වී සිතියම් වල සඳහන් සිංහල කලඩ්ඩි භූමිය ඉල්ලා සිටියද ඔප්පු ඉදිරිපත් කළ
අයට පමණක් ඉඩම් දෙන බව පවසා තිබුණි. නමුත් දෙමළ පිරිස් සිංහලයන් සිටි භූමි වල
පදිංචි කරවන්නේ ඔප්පු හදා දීමෙනි.
මෑතක සිට
පලාලි ගුවන් තොටේ සිට සෘජු ගුවන් ගමන් ඉන්දියාවට පිටත් වෙයි. එසේම එම ගුවන් කඳවුරට
යාබද ඉඩම් වල කර්මාන්ත පුරයක් ඇරඹීමට දෙමළ ජාතික සන්ධානය උත්සාහ කරයි. බොහෝ විට
ඒවා ඉන්දියාව හෝ ඇමරිකාව සම්බන්ධ සථාන බවට පත් වෙනු ඇත. මෑතකදී ඇමරිකානු
නියෝජිතයන් දෙදෛනෙකු මේ ස්ථාන පරීක්ෂාවට පැමිණි බවට මාධ්‍ය වර්තා පළ විය. ඒ තත්වය
තුළ තෙලිප්පලෙයි ප්‍රාදේශිය ලේකම් කොටසේ සිංහලයන් පදිංචි කරවීම ඔවුන් රුස්සන්නේ
නැති බවට සැකයක් නැත.දෙමළ ජාතික සන්ධානයේ බල කිරීම මත කන්කසන්තුරේ නාවික කඳවුරද
ඉවත් කිරීමට අගමැතිවරයා පොරොන්දු වී ඇති බවට මාධ්‍ය වාර්තා පලවුණි. ඇමරිකාන න්‍යාය
පත්‍ර ඉන්දියානු න්‍යාය පත්‍ර ඔස්සේ දුවන
දෙමළ සහ සිංහල දේශපාලඥයන් නිසා උතුරේ සහ දකුණේ සංහිඳියාව බිද වැටෙනෙ ආකාරයට මෙය හොඳ
නිදසුනකි. දෙමළ කොටි ව්‍යාපාරයට (පුලිය පාදෙයි) කලින් යාපනයේ සහ නැගෙනහිර පෙදෙස්
වල සිංහලයන් සමග දෙමළ ජනතාව සතුටින් ජීවත් වූහ. ලංකා භූමිය සිංහලයන් ගේ බව මේ
ඉන්දියානු දෙමළ වැසියන් දනී. ඉංග්‍රීසී නීතිය යටතේ ඉඩම් ඔප්පු ලැබී යාපනයේ සින්නක්කර ඉඩම් අයිතිය හිමිව ජීවත්
වන බවත් ඔවුන් දනී. එසේ තිබියදීත් කෝවිලට පන්සලට ගිය දෙමල ජනතාවත් සිංහල ජනතාවත්
බිඳුවන්ට කටයුතු සලස්වන්නේ ලංකාවේ ඇමරිකානු නියෝජිතයන් සහ ඉන්දියානු නියෝජිතයන් ලෙසට කටයුතු කරන රනිල් වික්‍රමසිංහ සම්බන්ධන් සුමන්තිරන් රාජිත
සේනාරත්න වැන්නවුන්ය. යාපනයේ තිස්ස
විහාරයේ ඉඩකඩම් පිළිබඳ පැහැදිලි සාකෂි තිබියදීත් තෙලිප්පලෙයි ප්‍රාදේශිය ලේකම් ශ්‍රී
වාසී මේ ප්‍රශ්ණය දිගින් දිගටම ඇද ගෙන යන්නේ ඒ නිසාය.
කන්කසන්තුරේ හමුදා කඳවුර ඉවත් කරලීමට ප්‍රථම උතුරේ හිටපු හමුදා ආඥාපති
දර්ශන හෙට්ටිආරච්චි මහතා ගේ නායකත්වයෙන් යලි තිස්ස විහාරය සෑදිමට මුල් ගල් තැබිණ.
තිස්ස විහාරයට හිමි භූමියේ සළකුණු වන බෝධීන් වහන්සේලා අතරින් එක් බෝධියක් කපා ගිනි
තබා විනාශ කර තිබුණද අනෙක් බෝධීන් වහන්සේලා නිරුපද්‍රිතව තිබේ. එම තැන් වෙන් කොට
පූජ්‍ය පාතකඩ විමලඥාණ හිමියන් එහි වැඩ සිටුවාලීමට ගත් වෙහෙස දැන් පළ දරමින් ඇත. දකුණේ මහා සංළ රත්නය
සමගින් බෞද්ධ ජනතාව පිරිත් කරමින්
දුම්රියේ කන්කසන්තුරේට වැඩම කරන ලද්දේ මේ ප්‍රබෝධය නිසාවෙනි. කෙසේ වෙතත් දේවානම්
පියතිස්ස රජු විසින් උතුරේ ඇති කළ බෞද්ධ රාජ්‍යය වෝහාරික තිස්ස මෙන්ම කණිෂ්ඨ තිස්ස
රජවරුන් විසින් වැඩි දියුණු කරන ලද බව අප
දනිමු. එය අවිඡින්නව ඉදිරියට ගෙන යා හැක්කේ වර්තමානයේ අප ඉදිරියේ තිබෙන බෞද්ධ
උරුමය රැක ගතහොත් පමණකි. එයට මේ කාලයයි