චීනයත් ලංකාවත් අතර දිගු
කාලීන සම්බන්ධයක් ඇත.ක්‍රි.ව. පළමුවැනි සියවසේ දී වසභ රාජ්‍ය කාලයේදී චීනයට යැවූ
දූත පිරිසක් නිසා සේද මාර්ගය හරහා මෙන්ම මුහුදු මාර්ගය හරහාද ලංකාවත් චීනයත් අතර
වෙළෙඳ ගනුදෙනු ඇරඹුණු ආකාරය ඉතිහාසයේ දක්වා තිබේ. චීනය බුදු දහමට ආකර්ෂණය වීම නිසා
ඔවුහු ලංකාවේ තැන්පත්ව තිබූ දන්ත ධාතූන් වහන්සේ ගැන දැඩි උනන්දුවක් දැක්වුව බව පැවසෙයි. මේ පිළිබඳ චීනය සතුව තිබෙන වැදගත්
ම මූලශ්‍රය නම් පියන්-ඉ-ටියන් නම් වාර්තාවයි. ක්‍රි.පූ. පළමු වන සියවසේ සිට පහලොස්
ව සියවස දක්වා අඛණ්ඩව චීනයත් සමග ලංකාවේ සිංහල රාජ සභාව ඇති කරගත් මිතුදහම නොබිඳී
පැවතී ඇත. නමුත් පෘතගීසීන් ඇතුළු යුරෝපීයන් ගේ පැමිණිම නිසා මෙම සම්බන්ධය පසුව
යටපත් විය. මේ වන විට නැවතත් චීනය සමග අප දැඩි සම්බන්ධයක් ආරම්භ කර තිබේ. පෙරදිග
ලොකයේ බලවත් රටක් වන චීනය සමග සම්බන්ධය මැනවින් කළමනාකරණය කර ගැනිම රාජ්‍ය තාන්ත්‍රිකව
සිදු විය යුත්තකි. එසේ නැතහොත් දේශපාලන බල අරගලයක්ට මැදි වුවහොත් කුඩා රටක් වශයෙන්
සිදු වන අවාසිය ඉතා දැඩි විය හැකිය. එම නිසා මෙම ලිපියෙන් දක්වන සංස්කෘතික සබඳ කම්
ඉතා වැදගත් බව පෙන්වා දිය යුතුය.
ලංකාවට දන්ත ධාතූන් වහන්සේ වැඩමවා පැමිණීමෙන් සිංහල බෞද්ධ සංස්කෘතියට නව
පුනර්ජීවනයක් ඇති විය. සිංහල රාජ්‍යත්වය ශක්තිමත් විය. කිත්සිරිමෙවන් රජුගේ
මුණුපුරු දෙවෙනි උපතිස්ස රාජ්‍ය කාලයේ මෙන්ම මහානාම රජු (ක්‍රි.ව.412-432)කළද මෙම
ශක්තිය තුළින් විදෙස් සතුරන් පරාජයට පත් කර ගැනීමට හැකි විය. මහානාම රජු මහා වංශයේ
හැටියට ලම්භකර්ණ වංශයට අයත් වෙයි. ඔහු සිය අවසාන කාලයේදී දෙමළ සතුරන් ගේ ආක්‍රමණකට
ගොදුරුව සැඟව සිටියේය. ඒ කාලයේ දිවයිනේ අප්‍රකට ව සිටි පැරණි යක්ෂ ගෝත්‍රික පිරිස්
විසින් ඔහුගේ ආක්ෂාව සලසන ලද බව ජන ප්‍රවාදයන්හි
දැක්වෙයි. මේ නිසා මෙම යක්ෂ ගෝත්‍රිකයන් සතුව තිබූ පැරණි විශ්මිත දැනුම මගින් බොහෝ
දේ ආරම්භ කරන්නට ඔහුට හැකි විය. වැව් කර්මාන්තය ඉන් එකකි. පැරණි යක්ෂ ගෝත්‍රිකයන්
ගලින් වැඩ ගත් පිරිසකි. එම නිසා ගල් යොදා කරන ලද විශිෂ්ට නිර්මාණයන් මේ අවදියේදී
රාජ සම්මානයට බඳුන් විය.
ක්‍රි.ව. පස්වන සියවසේ මුල් කාලයේදී මහානාම රජු විසින් දූතයන් පිරිසක්
චීන රාජ්‍යයට යවන ලදී. එට හේතුව වන්ට ඇත්තේ දිගින් දිගටම එල්ල වන සතුරු අක්‍රමණයන්ට
මුහුණ දීමට අවශ්‍ය ආර්ථික ශක්තිය ගොඩ නගා ගැනීමට පසුබිමක් සකසා ගැනීම විය හැකිය.
පියන්-ඉ-ටියන් ග්‍රන්ථයේ සඳහන් වන පරිදි මෙම දූත පිරිස අත ඇත්දත් සහ ඒ ආශ්‍රයෙන්
තැනූ භාණ්ඩ මැණික් ආදී වටිනා තෑගි යැවුණි. මෙම දූත පිරිස විසින් ගෙන යන ලද අගනාම
තාග්‍යය වූයේ බුදුපිළිමයකි. අඩි හතරයි අඟල් දෙකක් පමණ උස මෙම පිළිම වහන්සේ නීල ගරුඬ(හරිත මිණි)
නොහොත් ජෙඩ් ගලින් නෙලන ලද්දක් විය. මෙම හරිත මිණි නමින් යුතු ගල් ලංකාවේ හමුවන
එකම ස්ථානය නුවර එළිය දිස්ත්‍රික්කයේ රුපහ ප්‍ර දේශයයි. වලපනේ සිට කී.මී. පහළොවක්
පමණ ගිය විට මේ ගම්මානය හමු වෙයි.මෙම ගල ලා කොළ පැහැති ස්වභාවයෙන් යුක්තය. පිළිම
නෙලූ කල්හි ඇතැම් විට අඳුරු කොළ පැහැයෙන්ද ඇතැම් විට විනිවද පෙනෙන ලා කොළ
පැහැයෙන්ද යුක්ත වෙයි.
මෙම බුදු පිළිමය සහ දූත පිරිස චීනයට ගිය
කාල වකවානුව චීන රාජාවලියේ සඳහන් සුන් රාජ
වංශය බලය පවත්වාගෙන ගොස් ඇත.. චීනයේ නැන්කින් වල එකල අගනුවර රැඳී තිබුණි. රජු මෙම
බුදු පිළිමය දැක බොහෝ සතුටට පත්ව එම පිළිම
වහන්සේ නැන්කින් හි වෝ-කොන් නම් බුද්ධ මන්දිරයේ තැන්පත් කොට පූජා පැවැත්වූහ. රාජ
දූතයන්ට සම්මාන සත්කාර කොට එම දූත පිරිස
වසර දහයක් පමණ එහි නවත්වා ගෙන සිටි බව දැක්වේ.ඉන්පසු දිගින් දිගටම චීනයත් ලංකාවත්
අතර වෙළෙඳ ගනුදෙනු මෙන්ම බුදු දහම හා බැදුණු රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනු සිදුව ඇත.
විශේෂයෙන් භික්ෂූන් වහන්සේලා ධර්ම ග්‍රන්ථ රැගෙන එහි වැඩමවා තිබේ. මහානාම රජු දවස
ඔහු ගේ අවසාන කාලයට පෙර ෆාහියන් භික්ෂුව ලංකාවට වැඩම කර ඇත. උන්වහන්සේ ලංකාවේ බොහෝ
සිද්ධස්ථාන වැඳ පුදා ගෙන සිය ගමන් චාරිකාව අරභයා වැදගත් වාර්තාවක්ද සටහන් කර තිබේ.
මහානාම රජු ගෙන් පසු ක්‍රි.ව. 426 දී මෙහෙණින් වහන්සේලා කීප දෙනෙකුද චීනයට වැඩම කර
ඇති බව දැක්වේ.
මහානාම රජු දවසදී චීනයට වැඩම කරවන ලද
නීල ගරුඬ පාෂණයෙන් නිර්මිත බුදු පිළිමය ඉතා වටිනා ඓතිහාසික වස්තුවකි.ඒ පිළිමය ආශ්‍ර
යෙන් චීනයේ බොහෝ පිළිම නෙලූ බවද සඳහන් වෙයි.ඉතාමත් මෑතක් වන තුරු රුපහ ග්‍රාමය අවට
මෙම ගලෙන් රූප නෙලන ශිල්පීන් වාසය කර
තිබේ. මහානාම රජු ඉතාමත් සමීපව ඇසුරු කළ යක්ෂ ගොත්‍රිකයන් ගේ එක් රාජධානියක් වන්නේ
මෙම ප්‍ර දේශයයි.මන්දාරම් නුවර පදිය පැලැල්ල වලපනේ රුපහ ආදී පැරණි ගම්මාන සියල්ල
ඔවුන්ගේ වාසස්ථාන වෙයි. මේ රජකීය සම්බන්ධය උඩ නීල ගරුඬ පාෂාණයෙන් බුදු පිළම තනා
රජුට පරිත්‍යාග කරන්නට ඇති බව නිසැකය.
මෙම නීල ගරුඬ පාෂණය පිළිබඳ එම ප්‍ර දේශයේ
තිබෙන ජන ප්‍රවාද බොහෝය. එක් ජනප්‍රවාදයකින් කියැවෙන්නෙ රාවණ රජු සීතා රැගෙන විත් මෙම ප්‍ර දේශයේ ගල් ගුහාවක සඟවා
සිටි බවයි. සීතා දිය නෑමට සූදානම්ව සිටියදී ඇය සොයා හනුමන්තා පැමිණයේය. එවෙලෙහි
රාවණා විසින් සීතා සුදු රෙද්දකින් ආවරණය කොට සඟවා තැබූ බව කියැවෙයි.ඒ සීතා රෝගී වී
ඇති බව පෙන්වීමටයි. හනුමන්තා රාවණා ගේ ඉල්ලීම පරිදි නැවත ඉන්දියවට ගොස් සීතාට ප්‍රතිකාර පිණිස නීල ගරුඬ කැබැල්ලක් ගෙන
ආපසු පැමිණි නමුත් ඒ වන විට රවණා සීතාව වහන් ටෙ එතනින් පැන ගොස් තිබුණි. හනුමන්තා
එම ගල් කැබැල්ල එතැනම දමා රාවණා සොයා ගියේය. නීල ගරුඬ පාෂණය සාමාන්‍යයෙන් ලියලන
පාෂාණයකි. කලක් ගත වන විට ගල් පර්වතයක් ලෙසට එය ලියලා වැඩුණු බව කියැවෙයි.
අදටත්
රුපහ කොටඹෙ ග්‍රාමයේ මෙම නීල ගරුඬ පාෂාණය දක්නට හැකිය. ඒ මතින් සිසිල් දියෙන් පිරි
දිය දහරාවක් ගලා බසී. මෙම දිය දහරාවෙන් ස්නානය කළ විට බොහෝ අසනීප වලින් සුව වන බව
පැවසේ.එසේම යම් බඩ රුජාවක් සෑදුණු විට මෙම ගල් කැබැල්ලක් උරච්චි කර බොන්නට
දීමෙන් සනීප වන බවද කියැවෙයි. මෙම දිය ඇල්ල අසල වාසය කරන පාරම්පරික ගැමියෙකු මා
සමග පැවසුවේ විශේෂයෙන්ම කුෂ්ට රොගීන් ඉන් සුව වන බවයි. එය අත්දැකීමක් බවද මෙම ගල්
කැබැල්ලක් දෙහි ඇඹුලෙන් උරචිච් කර එම ස්ථානයේ කීප විටක ආලේප කළ කල්හි එම කුෂ්ටය
සනීප වන බවද ඔහු පැවසීය. සැබවින්ම මෙම නීල ගරුඬ පාෂණය දැක ගන්නට එම සිසිල් දියෙන්
නා ගන්නට ඈත සිට සංචාරකයන් මෙම ස්ථනයට පැමිණෙති.නුවර එළි දිස්ත්‍රික්කයේ සංචාරක
කලාපයක් ලෙසට මෙය නම් කර ඇත. වලපනේ ප්‍රා දේශීය සභාව විසින් මෙම ස්ථානයට බැසීම
පහසු කරවනු වස් පඩි පෙළක් සකස් කර ඇත. නමුත් තව දුරටත් එම ස්ථානයේ අගය වැඩි කරගත
හැක්කේ මෙම ඓතිහාසික සිදුවීම් සටහන් කොට තබන පුවරු ප්‍රදර්ශනය කරමින් සංචාරකයන්ට
මෙය විවෘත කර දීමෙනි. නමුත් සංචාරක ආගමනයෙන් මෙම ගම් වාසීනට යම් යහපත් ප්‍රතිඵලයක්
අත් විය යුතුය. නීල දණ්ඩාහීන්න ප්‍ර දේශීය ලේකම් වරයා මෙන්ම රපහ ග්‍රාම නිළධාරී
කසුන් මහතාද මේ පිළිබඳ දැඩි අවධානයෙන් සිටින බැව් මා හට දැනුණි . එයට හේතුව මෙම
ගල් පර්වතය විනාශ කිරීමට ඇතැම් අය පෙළඹෙන බැවිනි. කෙසේ වෙතත් චීනයත් සමග අතීතයේ
විශාල සබඳකමක් ගොඩ නැගූ චීනය අගය කළ නිර්මාණයක්
නෙලූ නීල ගරුඬ පාෂාණය ජාතික වස්තුවක් බව කිව යුතුය.