පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Thursday, February 18, 2016

පාර්ලිමේන්තුවේ කෑම වට්ටෝරුව වෙනස් කළ විලියම් ප්‍රනාන්දු

                    


               වර්තමාන පාර්ලිමේන්තු සම්ප්‍රදාය සහමුලින්ම බ්‍රිතාන්‍ය නිර්මාණයකි. 1948 දී ඉංග්‍රීසීන් අතින් බන්දේසියක තබා දේශීය ප්‍රභූ වරුන්ට ලබා දුන් නිදහස තුළ ඇති වූයේ එම සම්ප්‍රදාය පවත්වා ගෙන යෑමට හැකි පිරිසක් බිහි කිරීමයි. රටේ සංවර්ධනය ගැන තීන්දු තීරණ ගැනීම ලංකාවේ ‍‍‍දේශපාලකයන්ට භාර වුවද ඉංග්‍රීසීන් ගේ හර පද්ධතිය ඉක්මවා යෑමට ඔවුන් කිසිවෙකුටත් නොපුළුවන් විය. එය වෙනස් කිරීමට ආරම්භයඇතිවූයේ 1956 පෙරළියත් සමගිනි. නමුත් බණ්ඩාරනායක ඝාතනය නිසා ඇති වූ අවිනිශ්චිත භාවය ර‍ටේ දේශපායෙ තුළ ව්‍යාකූල බවක් ඇති කරන්නට සමත් විය. මේ තත්ත්වය සමහන් වූයේ බණ්ඩාරනායක මහතාගේ භාර්යාව වූ මහවලතැන්න රටේ මහත්මයාගේ මිණිබිරිය වූ සිරිමා රත්වත්තේ මැතිණිය දේශපාලනයට පිවිසීමෙනි. 1960  ජූලි මැතිවරණයෙන් ජයගත් සිරිමා මැතිණිය රජයක් පිහිටුවීම පිණිස අග්‍රාණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. සිරිමා රජයේ ප්‍රබල දේශපාලකයන් සිටියහ. එසේම ගමෙන් බිහිවු සාමාන්‍ය මිනිසුන් ද සිටියහ. නුවර එළිය ආසනයට චන්ද 2737 කින් තේරී පත් වූ තන්තුලාගේ විලියම් ප්‍රනාන්දු මහතා ඉන් එක අයෙකි. මොරටුවේ උපත ලබා ගමෙන් පිටවී විටෝල් බවුස්ටඩ් සමාගෙමේ මැකැනික්වරයෙකු ලෙසට කටයුතු කළ ඔහු නුවර එළියේ වතු ආශ්‍රිත සේවයේ නිරතව සිටියෙකි. ජනතා සේවකයෙකු ලෙසට නමක් දිනා සිටි විලියම් ප්‍රනාන්දු මහතා ට චන්ද අ‍පේක්ෂකයෙකු ලෙසට ඉදිරිපත් වන්නට ඇරැයුම් ලැබු‍‍ණේද ජනතාවගෙනි.

       නුවරඑළිය මන්ත්‍රී වරයා ලෙසට පාර්ලිමේන්තු ගිය විලියම් ප්‍රනාන්දු මහතාට අමුත්තක් දැනුණි. ඒ නම් පාර්ලිමේන්තුවේ කෑම වට්ටෝරුව තුල තිබූ විදේශ හුරුවයි. සැන්විචස් කෝසස් වැනි බටහිර ආහාර සකස් කල මේසය මත ඔහු හිඳ ගත්තේ සහ ඒවා අනුභව කලේ යම්කිසි අධිෂ්ඨානයකිනි.සිංහල හාලේ බත් අල බතල ආහාරයට ගත් ගැමියෙකු වූ  විලියම් ප්‍රනාන්දු මහතාට මේ ඉංග්‍රීසි ආහාර අපුල විය. වහාම මේ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කළ විලියම් ප්‍රනාන්දු මහතා තමන්ගේ ආහාරයට බත් ලබා දෙන ලෙසට අයැදීමක්ද කලේය. බ්‍රිතාන්‍ය පාර්ලි‍මේන්තු සම්ප්‍රදායයන් වෙනස් කිරීම අසීරු වුවද ඔහුගේ ඉල්ලීමට අවසාන‍යදී ඉඩ ලැබුණි.
              පාර්ලි‍මේන්තුවට පිවිසෙන්නට පළමු ඔහු ප්‍රථමයෙන් සඳහන් කළ පරිදි මිකැනික් වරයෙකි. වඩු බාස්වර‍‍යෙකි.. අපේ බාස් අපට හොඳා යයි චන්ද දායකයන් අතින් කියැවුණේ  එතුමාගේ නිහතමානී ගතිගුණ නිසාය. වතු වැවිල්ලට යටවුණු නුවර එළිය කඳුකරය තුළ නැතිවී ගිය සිංහල උරුමය යලි ඇති කරන්නට ඔහු අධිෂ්ඨාන කර ගෙන තිබුණේ 1956 වැනි කාලවකවානුවකදීය. පිදුරුතලාගල කන්දේ භාවනායෝගීව සිට මේ අධිෂ්ඨානට සඵල කරගන්නට ඔහු ගත් අප්‍රමාණ වෙහෙස වර්තමාන නුවර එළි ඉතිහාසයයි. ඔහු විසින් රචනා කල සිංහෙල් ඉඩම් ‍කොල්ලය නමැති ග්‍රන්ථ‍යේ එම කරුණු සඳහන් වන්‍‍නේමෙලෙසයි.
    '1956වෙසක් මස පුන්  පොහෝ දිනයෙහි අරුණෝදයේ සිට පසුදින අරණෝදය තෙක් ලංකා ධරණී තලයේ උසම ස්ථානය වන පිදුරුතලාගල කඳු මුදුනෙහි ආගමික වතාවත් කරමින් උඩරට වතු කරයේ සිංහලයාගේ නැතිවී ගිය උරුමය යළිත් ඇති කිරීමේ බලාපොරොත්තුවෙන් වතුකරය මධ්‍ය‍යෙහි සිංහල ජනපද බිහිකිරීම සදහා ක්‍රියා කරමියි අධිෂ්ඨාන කර ගතිමි.මේ අනුව පළමුවැනි ජනපදය බිහිකළ යුත්තේ මැකෑනික් වරයෙකු වශයෙන් මා සේවය  කල වතුයාය අසළම වූ කිකිළියාමාන කඳු පාමුළ යයි තීරණය කර ගතිමි. මුලින්ම මගේ අදහස් ඇතුලත් කොට පෙත්සමක් ලියා ඉඩම් ඇමති තුමා ප්‍රමුඛ වගකිව යුතු නිළධාරීන් වෙත ලැබෙන්නට සැලැස්වූයෙමි. එහෙත් ඇමතිවරයාගේ අදහස වූයේ උඩරට පිහිටි ඝන කැලෑ ආරක්ෂිත  ප්‍රදේශ බැවින් ඒවා ජනයා අතර බෙදා දිය නොහැකි බවයි. මෙම ප්‍රකාශයට හේතු වූයේ නුවරඑළි දිසාපති මැන්ඩ්‍රා මහතාගේත් වන නිළධාරී කොල්මේයර් මහතාගේත් මා සේවය කළ ඔලිපන්ට්වත්තේ අධිකාරී ස්ටීවන්සන් යන මහත්වරුන් ගේ  විරෝධතාවයයි.ඉන් අනතුරුව මා යෝජනා කළ ප්‍රදේශය ඝන කැලෑ නොව ළඳුකැලෑ බව ඔප්පු කිරීම සදහා ඡායාරූප ද සහිතව යළිත් වරක් ඇමතිවරයාට කරුණු දැක්වීමි. එහිදී ඇමතිවරයාගේ අදහස වූයේ ඉඩම් නොමැති අය වියළි කලාපයේ ඇති කරන ජනපද වලට යැවිය යුතු බවයි. මගේ අදහස් ක්‍රියාත්මක කිරීමට වගකිව යුතු නිළධාරීන් ‍ගේ කිසිදු සැලකිල්ලක් මුල් අවස්ථාවේදී නොලැබිණි. දහසක් කරදර බාධක පැමිණියද මම බලාපො‍‍‍රොත්තු සුන් කර නොගතිමි.මාගේ අදහස් සඵල කර ගැනීමට කතරගම සුරිඳුන් ගේ පිහිට පැතීමට අධිෂ්ඨාන කොට කිකිළියාමාන කඳු මුදුනේ කීන ගහක් යට උපවාසයක් ආරම්භ ක ‍ලෙමි. මගේ අදහස සඵල වන තුරු හිස රැවුල් නොබෑමට ද තීරණය කලෙමි. මේ අතර දිවංගත අගමැති බණ්ඩාරනායක ශ්‍රී මතාණන් නුවරඑළියට පැමිණි අවස්ථාවේදී වතුකරේ ජනපද පිහිටුවීමේ අගය ගැන එතුමා ඉදිරියේ කරුණු දක්වා සිටියෙමි.බණ්ඩාරනායක අගමැති තුමා මගේ අදහස් ගැන සැලකිලිමත්වී කීප දිනකින්ම මට ඇමතිතුමා හමු වන ලෙස දන්වා ලිපියක් එවා තිබුණි. දහසක් කරදර බාධක අතරින් අවසාන වශයෙන් 1959 ඔක්තෝබර් 6 දින මා යෝජනා කල ශාන්තිපුර ජනපදය පිහිටුවීම සඳහා පළමුවැනි ඉඩම් කච්චේරිය පැවැත්විණ.`එදා විලියම් ප්‍රනාන්දු මහාතා විසින් සත්‍යක්‍රියාවේදී කී සෙත් කවි කීපයෙන් උපුටා ගත් මේ පැදි පෙළදකින විට ඔහුගේ අධිෂ්ඨානය කෙබදු දැයි කල්පනාවට ගත හැකිය.
 නුවර එළි වැසි දුගී අසරණ මිනිස් කැල වෙත දෙන ලෙසේ
බඹර කැලයෙන් ලබාගත් සෙත් පුරය නම් කළ නිසි ලෙසේ
නිතර දෙව්රද තුමාණෙනි ඔබ රැකුම ලැබුණොත් සිතු ලෙසේ
පවර තෙරුවන් පුදා ඔබහට නිතොර පින්දෙමු එක ලෙසේ

අතුල තෙදයුත් දෙවිදු ඔබහට කතරගම පුර වොරදනා
සිහල ජාතිය සිහල බස බුදු සසුන බාරයි හැම දිනා
දුබල කරනට සැම දෙසින් එන සතුරු උවදුරු හරිමිනා
නිසල කර එහි දිනෙන් දින දියුනුවම සලසුනු මැන මනා


            1960 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරපත් වීම සඳහා  සේවය කළ වතුයා‍‍යේ වතු අධිකාරිවරයා‍ගෙන් අවසර ගත යුතු විය. එහිදී ‍මෙම අදහසට ඔලිපන්ට් වත්තේ   සුද්දා  ‍ගෙන් ලැබුණේ සමච්චල් සහගත පිළිතුරකි.නුඹට පුළුවන්ද පාර්ලිමේන්තුවට යන්න ‍මෝඩයා නොවී රක්ෂාව කරගෙන හිටපන් යනු ඔහුගේ අවවාදය විය. නමුත් ඉන් පසුබට ‍නොවී සිය ජනතාව සමග 1960 ජනවාරි 04 දින නුවරඑළිය කච්චේරියට   ‍ගොස් නාම  යෝජනා භාර‍දෙන්නට පුළුවන්කම ලැබුණි. මහජන නි‍යෝජිතයෙකු  වශ‍යෙන් ඔහුගේ පළමු කාර්ය භාරය වූයේ ශාන්තිපුර ජනපදය මෙන්වූ ජනපද රාශියක් උඩරට වතු කරය ආශ්‍රිතව ආරම්භ කිරීමයි. ඒසඳහා සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ පූර්ණ අනුග්‍රහය ලැබුණු අතර ජනපද දහනවයක පවුල් 1000 පමණ පදිංචි කිරීමේ වරම ඔහුට ලැබුණි.එයින් ජනපද දහතුනක් ආරම්භ කරන්නට යෙදු ‍ණේ ඔහු මහජන මන්ත්‍රී වරයා ව සිටි කාල වකවානුවේදීය.මේ අතර ශාන්තිපුර ගැමුණු පුර අභය පුර ශ්‍රීධර්මපාල පුර සේනපුර වලගම්බා පුර භාතිය පුර ජයසිරි පුර කිත්සිරි පුර නීල මහා පුර  ශ්‍රී ගුණානන්ද පුර තිස්ස පුර සහ ගජබා පුරය කැපී පෙනේ.විලියම් ප්‍රනාන්දු මහතා 1960 දී ජයග්‍රහණය කරන ලද්දේ තොන්ඩමන් පීටර් මල්ලව ආරච්චි වැනි දේශීය හා වි දේශීය ධනපතියන් අට දෙනෙකු පරාජයට පත් කරමිනි. කඳුකරයේ සිංහල ජනපදකරණය තොන්ඩමන් වැනි කන්ගානින්ට ඉවසුම් නොදෙන්නක් විය. වතුකරයේ සුද්දන් ගේ අතපල්ලෙන් වැටෙන මුට්ටකාසි වලින් ධනතුවත් වූ කන්ගානීන් පසුව ඩෙවොන් වැනි මහ වතු මිලදී ගනිමින් උඩරට කඳුකරය පුරා දේශපාලන බල ආධිපත්‍ය පතුරුවාහරින්ට පවා සමත් විය. සිරිමා බණ්ඩාරනායක රජයේ සිටි ගමේ වඩු බාස් ඔවුන්ට මහත් හිසරදයක් විය. ඒ නිසා ඔහුව පරාජයට පත් කිරීමට ක්‍රමානුකූල සැලැස්මක් ද ඇති කරන ලදී. ඒ නම් එක්සත් ජාතික පක්ෂය සහ තොන්ඩමන් මහතාගේ කල්ලිය එක්ව වැඩ කිරීමයි.ඒ යුගයේ සිංහලයා ගේ  දේශපාලන හඬ බවට පත් වී සිටි කේ.එම්.පී. රාජරත්න සහ ආර.ජී. සේනානායක වැන්නවුන්ට එරෙහිවද දේශීය ධනපති පන්තිය සහ දෙමල කල්ලතොනීන් කඳවුරු බැන්දේ එලෙසය. මේ නිසා 1965 පාරලිමේන්තු මැතිවරණයේදී විලියම් ප්‍රනන්දු ට එරෙහිව ඩොනල්ඩ් රණවීර නම් කොළඹ වැසි ධනපති පත්තර අයිතිකාරයෙකු සටනට බැස්සේ සල්ලි සහ අරක්කු වලින් සමන්විත පාතාල කල්ලියක්ද සමගයි. චන්ද නීති කඩමින් නුවර එළිය පුරා සිය අණසක පතුරුවාලූ චන්ද අපේක්ෂකයන් තොන්ඩමන් මහතාගේ ද සහාය ඇතිව උඩරයට වතු කරයේ දෙමළ චන්ද පදනම තමන් වෙතට හරවා ගනු ලැබිණ. එහි ප්‍රතිඵලය වූයේ විලියම් ප්‍රනාන්ද මහතා වැඩි චන්ද හාරදහස් අටසිය තිස්අටකින් පරාජයට පත්වීමයි.

    1965 දී බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂ රජය විලියම් ප්‍රනාන්දු මහතාගේ සිංහල ජනපදකරණයට තිත තැබීය. සිරිමා රජයේ පුර වැසි පණත සංශෝධනය කොට ඉන්දියාවට පිටත්ව යන්නට සිටි දෙමල වතු කම්කරුවන් පන්ලක්ෂයෙන් කොටසක් සිය රටේ නවත්වා ගත්තේය. ඒ චන්දය බලාපොරොත්තුවෙනි.එක්සත් ජාතික පක්ෂයේ ‍‍දේශ  ද්‍රෝහී ක්‍රියා පිලිවෙත නිසා උඩරට වතු කරයේ සිටි රටක් නොමැති දෙමල ජනයාගේ ප්‍රශ්ණය ලංකාවට වාසි සහගත ලෙසට විසදා ගන්නට තිබූ ඉඩකඩ අසරනු ලැබීය.1970 දී විලියම් ප්‍රනාන්දු මහතා නුවර එළිය නගරසභාවට ‍‍තේරී පත් විය. නුවර එළිය සිංහල ජනතාව වෙ නු‍‍වෙ න් සකස් කළ නමුත් අතර මග නතර කළ සියලු සැලසුම් යළි ක්‍රියාත්මක කිරීම ආරම්භ වූ‍යේ     ‍මේ සමයේ දීය. 1977 වස ‍රේ දී  මේ අසහාය සිංහල  දේ ශ ‍ප්‍රේමියා අප අතරින්   ‍‍වෙන්ව ගි යේය.අවමංගල කටයුතු සිදු කරන නිවරදි ආකාරය කලින්ම ලියා තබා ගිය ඔහුගේ අන්තිම කැමැත්ත මෙ‍සේය.
            අවමංගල ‍පෙර හැර ට සාභාගි වන ‍‍ලොකු කුඩා සියලු   ‍‍දෙනාම මරනානුස්මෘති භාවනාව  අනුව අනිච්චාවත සංඛාරා යන ගාථා ‍වේ   පද ‍‍කොටස්  සතරකට ‍බෙදී   සජ්ජායනා කරමින් ශාන්ත දාන්ත විලාසයෙ න්  ගමන් කරවිය යුතුය. මරණය ‍මෙනෙ හි කරන භාවනා ක්‍රමයක යෙදී ‍‍මෙන්  එයට සාභාගි වූ සියල්ලන්ටත් මියගිය ප්‍රාණ කාරයාටත් යහපතක්ම සිදු වේ.
     මළමිනියක්  නිව   ‍සේ   තිබියදී  එම නිවසට පැමි  ‍ණෙන පිරිසට සිසිල් බීම  ආදි  ‍යෙන් සංග්‍රහ කිරීම සුදුසු නැත.‍කෙ නෙකු  ‍ගේ  මරණය සිදු වී ශරීර යේ උෂ්නත්වය නැතිවී ගියාට පසු මෘත ශරීර යෙන් පිට කරන අපිරිසිදු විස ‍කොට ස් වාතයට එක්  වේ. එම වාතය සිසිල් පැන් බීම වැනි දියර වර්ග වලට පහසු  වෙන් උරා ගන්නා බැවින් ‍සෞඛ්‍යට අහිතකරය.   අපේ පැරණි සිරිතක් ව තුබු  ‍නේ  අදත ගම්බද ක්‍රියාත්මක වන්    නේ  ‍මරණයක් සිදු වී ඇති  නිව   ‍‍සේ  මෘත ශරීරය නිව    සෙන් ඉවත්   කෙ ‍රෙ  න තුරු අසල් වාසීන් සපයන ආහාර පාන ආදිය සුරක්ෂිත ස්ථානයක තබා අනුභව කිරීමය. මෘත ශරීරය තබා ති  බෙන නිව  ‍සේ   ‍දෙහි ‍දොඩ  ම් අඹ  කො  හො ඹ  වැනි විස නාශක පැඟිරි  ‍‍කො ළ වර්ගයක්  ‍හෝ  කීපයක් අමු කහ සමග තලා එම යුෂ නිවස තුළ විටින් විට ඉසී   මෙ න් හා තලා ගත්  කොළ  ඉතිරි  කොටස විවෘත භාජන කීපයක දමා නිව  ‍සේ කීප පලක තැබී     මෙ න් සෞඛ්‍ය ආරක්ෂා වන බවයි.
      ‍මෙ ලස ජීවත්ව සිටියදී සැබෑ සිංහල  ‍යෙකු විලස දිවි  ගෙවූ විලියම් ප්‍රනාන්දු මහතා 1977  මැයි 16 දින ශාන්තිපුර පො  දු සූසාන භූමි    ‍යේදී ඔහු පැතූ පරිද්   ‍දෙ න්ම මිහිකත ඇක  යේ   නිදන් ගත කරන ලදී.