උතුරු මැද පළාත නුවර කලාවිය යයි නම් කර
තිබෙන්නේ මහා වාපී තුනක් මගින් සංවර්ධනය කරන බැවිනි. එයිනුත් පදවිය විශේෂ වෙයි.
පෙර පදවිය නම් කර තිබුනේ මහා සාගරය යනුවෙනි. එපමණ විශාල ජල ස්කන්ධයක් එහි සිර කර
වැඩ ගන්නට යෙදුණි. නමුත් පදවිය ප්‍රතිසංස්කරණයෙන් පසුව වාරිමාර්ග දෙපාර්තමෙන්තුවේ
අදහස නම් පදවියට ජලය හිඟ බවයි. ඒ වෙනුවට පුල්මුඩේ ප්‍රදේශයෙන් මුහුදට ගලා බසින
යාන් ඔය හරස් කර මහා ජලාශයක් බැඳ පදවියට ජලය ගෙය යායුතු යයි ඔවුන් තීරණය කර ඇත. මේ
තීරණය ගැනුණේ නවසිය හැත්තෑව දශකයේ දී මහ වැලි මහ සැලැස්ම සකස් කරන විටදීය. එම
සැලැස්ම අදටත් වලංගු බව සැලකෙන්නේ පසුගිය මහින්ද රාජපක්ෂ රජය අවදියේදී යාන් ජල ව්‍යාපෘතිය
ආරම්භ කළ බැවිනි.
මෙම ජලාශ ව්‍යාපෘතිය නිසා සමස්ත කෘෂිකාර්මික ඉඩම් අක්කර 5589 (හෙක්ටයාර්
2235.83) ක් විනාශ වේ. ඒ අතරින් කුඹූරු ඉඩම් අක්කර 4241.9 ක් (හෙක්1696.76) ක් හේන් ඉඩම් අක්කර 372.25
(හෙක්ටයාර් 148.79 ) ක් ගෙවතු ඉඩම් අක්කර 975.7 (හෙක්ටයාර් 390.28) ක් විනාශයට පත්
වේ. මේ කුඹුරු ඉඩම්වල වාර්ෂික වී නිෂ්පාදනය මෙට්රික් ටොන් 7671.46 කි. හේන් වල වගා
කරන බඩ ඉරිඟු කව්පී මුං ඇට උඳු සහ කුරක්කන් පිළිවෙලින් මෙට්රික් ටොන් 253, 14, 09, 06, 27 කි.වාර්ෂික පොල් ගෙඩි448776 ක් ලබන
ගස් ද විනාශයට පත් වේ.එසේම අඹ පළතුරු මෙට්රික් ටොන් 2778 ක්ද දෙහි මෙට්රික් ටොන්
14.67 ක්ද දොඩම් මෙට්රික් ටොන් 56746 ක් ද විනාශයට පත් වේ.වනාන්තර හෙක්ටයාර 1438ක්
විනාශයට පත් වේ. මේ නිසා දේශීය වෙදකමට අවශ්‍ය වන ඖෂධීය ශාක වන කටුපිල කොරකහ සුදු
වෙල්ලන්ගිරිය මූණමල් කුරටිය මයිල නිතුල්ල මාදන් රදලිය රතඹල යකිනාරන් ඇතුළු දේශීය
ශාක විශේෂ 70 ක් පමණ වඳ වීමකට ලක් වේ. මෙම හානිය අවම කිරීමේ හැකියාව ද අල්ප වන අතර
එම අවේණික වනාන්තර නැවත ප්‍රතිෂ්ඨාපනය කළ
නොහැකිය.බෞද්ධ පුරා වස්තු හැටහතරක් සමග වැව් විසි එකක් සම්පූර්ණයෙන්ම යටවන බැවින්
එහි තිබෙන පරිසර පද්ධතිය හා සත්ත්ව විශේෂ ද විනාශයට පත් වේ.පාරම්පරික ගොවිතැන සහ
ආහාර සුරක්ෂිතතාවය සඳහා එකිනෙකා සමග වූ බැඳීම් මෙහි සිටි ජනතාව අවතැන් වීමෙන්
අභාවයට පත් වේ.
යාන් ඔය නිම්නයේ පාරම්පරික ජනාවාස සුලු
වෙන් තැකිය හැකි නොවේ. එයට හේතුව වසර දහස් ගණනාවක ඉතිහාසයේ ඔවුන්ට හිමි තැනයි.
මහසෙන් මහා පරාක්‍රමබාහු වැනි රජ වරුන් විසින් මේ ගොවි ජනතාව වෙත කරන ලද ආයෝජනය
නිසා පදවිය හා වාහල්කඩ වැව් මහා සාගර වැනිව බිහි වූවා මෙන්ම ගොවි ජනතාවද අඛණ්ඩව සිය ඉඩම්
අස්වද්දමින් ජාතික ආර්ථිකයට දායකත්වය සපයා ඇත. කාලිංග මාඝ ආදී ආක්‍රමණ හමුවේද දිගුකාලීන කොටි ත්‍රස්තවාදය හමුවේ ද මේ ගොවි ජනතාව නොසෙල්වී සිටියහ.වරින් වර
අවතැන් වුවද කන්නයක් පාසා සිය ඉඩම් අස්වද්දමින් මේ ප්‍රදේශයේ සිංහල ජනාවාස ආරක්ෂා
වූ බව කිව යුතුය. යන් ඔය ව්‍යාපෘතිය නිසා පවුල් 546 ක් අවතැන් වේ. මෙලෙස විතැන්
වන්නේ මහා බෞද්ධ ශිෂ්ඨාචාරයක් බව ව්‍යාපෘති සැලසුම් කරන කිසිවෙකුටත් පෙනී ගොස්
නැත. උතුර හා නැගෙනහිර ප්‍රදේශ වලින් සිංහලයන් එළවා දමන විට සිංහල ජනාවාසයන් ගෙන්
ඉතිරි වූයේ මේ පෙදෙස් පමණකි. ඒ නිසාම කොටි ත්‍රස්වාදීන් නිරන්තරව මේ ගම්මාන විනාශ
කරන්නට වලි කෑහ. නමුත් අප අතරින් වෙන්වී ගිය බ්‍රිගේඩියර් ජානක පෙරේරා වැනි
රණවිරුවන් ගේ කැප වීම මත මුලතිව් දිස්ත්‍රක්කයට අයත් වැලිඔය ජානක පුර ආදී ගම්මාන යළි
බිහි වය. යාන් ඔය නිම්නයේ සිංහල ජනාවාස පවතින්නට ශක්තියක් වූයේ යටකී නැවත පදිංචි
කිරීම් බව අවිවාදයෙන් පිළිගත යුතුය.
කොටි ත්‍රස්තයන්ටත් මුලිනුපුටා දැමිය
නොහැකි මේ බෞද්ධ ශෂ්ඨාචාරය යාන්ඔය ජලාශ ව්‍යාපෘතිය නිසා විතැන් කිරීම දැරිය නොහැකි
පාඩුවකි. අක්කර දහය පහළොව වශයෙන් කුඹුරු මේ ගොවීන් සතුය. ඒවා සඳහා සින්නක්කර ඔප්පු
නොතිබුණද දීර්ඝකාලයක් ගොවිතැන්කිරීම නිසා මේ ඉඩම් සිංහලයන් සතු උරුමයන් වට පත් වෙති. එහෙත් යාන්ඔය ජලාශ ව්‍යාපෘතිය
නිසා අවතැන් වන ගොවි ජනතාවට ලැබෙන්නේ අක්කර එකහමාරක ඉඩම් කැබෙල්ලක් පමණකි. දැනට
තිබෙන සින්නක්කර ඉඩම් සඳහා වන්දියක් ලැබෙන නමුත් ඔප්පු නැති කිසිම ඉඩමකට වන්දි ලබා
දීම සිදු නොකෙරේ. මේ හේතුව නිසා ඉතා අසරණ භාවයට පත් වන්නේ යාන් ඔය සිංහලන් බව කිව
යුතුකාරණයක් නොවේ . නමුත් බලධාරීන්ගේ වුවමනාවන් සැකසී ඇත්තේ අළුත අස්සද්දන ඉඩම්
වලින් වැඩි කොටසක් කෙසෙල් හෝ උක් සමාගම් වෙත ලබා දීමයි. යාන් ඔය මූලික සැලසුමේ ද
මේ අදහස් අඩංගු වේ. මේ නිසා බියට පත් ජනතාව පසුගිය 07 වන දින හොරොව්පතාන ප්‍රාදේශිය
ලේකම් කාර්යාලය ඉදිරියේ රැස්වී සිය විරෝධය පළකළහ. මෙහිදී මේ අවස්ථාවට පැමිණි ව්‍යාපෘති
අධ්‍යක්ෂකවරයා පවසා සිට ඇත්තේ ලබා දෙන ඉඩම් සම්බන්ධ නිශ්චිතව යමක් කිව නොහැකි
බවයි. නමුත් මේ වනවටිත් ඉතා වටිනා ගේ දොර ඉඩම් පවා කොන්ත්‍රාත් සමාගම විසින් ඉවත්
කරමින් ඇත.එසේම හොරොව්පතාන වාහලකඩ දැනට තිබෙන මහා මාර්ගය වෙනුවට වාහල් කඩ කන්ද
දෑලේ මාරිගය සෑදීමට කරන සැලසුම නිසා වහල්කඩ වැවද අනතුරට පත්ව ඇත. එබැවින් යාන් ඔය
සිංහලයන්ගේ ඉරණම ඛේදනීය තත්ත්වකට පත් වී තිබේ.
යාන් ඔය නිම්නයේ යෝජිත ජලාශය ප්‍රතිඵලදායක
නොවන බව පරිසරවේදීන්ගේ මතයයි. පැරණි රජ වරුන් මේ ස්ථාන තෝරා නොගත් එක් කාරණයක් නම්
ගංවතුරාවට එකතු වන සාරවත් රොන් මඩ ප්‍රමාණයක් තැන්පත් වීමයි. එවැනි ප්‍රදේශයක්
අස්වැදීමට යෙදීම ඇරුණු කොට වැවකට යට කිරීම අපරාධයක් බව ඔවුන් කල්පනා කරන්නට ඇත. ඒ
නිසා යාන්ඔය නිම්නයට ඉහළින් වාහල්කඩ තනා මේ කුඹුරු අස්වද්දන ලද බව පැරණියන් ගේ
මතයයි.එසේ නම් පැරණියන් ගත් මග නොගෙන වර්තමානයේ කරන්නට උත්සාහ කරන්නේ කුමක්ද. ඒ
නම් යාන් ඔය ඉඩම් වලට අයිතිවාසිකම් කියන සිංහලයන්ට සිය උරුමය අහිමි කිරීමයි. යාන්
ඔය සැලැස්මේ සඳහන් වන ආකාරයට පදවිය ප්‍රදේශයෙන් මේ අයට ඉඩම ලබා දිය නොහැකිය.
දැනටමත් පදවිය ගොවීන්ගේ තෙවනි පරම්පරාවන්ට ඉඩකඩම් සීමා වෙමින් ඇත.එයට අමතරව යාන්
ඔය දකුණු ඉවුරේ කජුවත්ත පෙදෙසද නැවත පදිංචි කිරීම් වලට යෝජිතය. එම ඉඩම්
ස්වභාවයෙන්ම නිසරුය. යාන්ඔය පිටාර නිම්නයේ මෙන් සරුසාරවත් නැත. එවිට සිංහලයන්ගේ ආර්ථික
ශක්තිය ක්‍රමයෙන් දුර්වල වනු නිසැකය.මෙමලිපියේ අඩංගු කර ඇති කාරණා බොහොමයක් ගැන
තවමත් මේ ගොවීන් දැනුම්වත් නැත. එය සැබවින්ම ඛේදවාචකයෙකි. සිය උපන්බිමේදීම සිංහලයන්
අසරණ කෙරෙන බවට වෙනත් සාක්ෂියක් අවශ්‍ය නැත.