යාපනය ඇතුළු උතුර සහ අලිමංකඩින් මෙපිට වන්නිය දෙමළ ප්‍රදේශ යන ඊනියා හඳුන්වාදීමෙන් කර තිබෙන්නේ ඊලාම්වාදය ශක්තිමත් කොට නිජ භූමියක අයිතිය හිමිකර දීම පමණකි. නිජභූමි සංකල්පය පදනම්ව ඇරඹි රට බෙදීමේ ව්‍යාපාරය දකුණේ දේශපාලකයන් විසින් ද අද පිළිගනු ලබනහෙයින් බොහෝ දුරට සාර්ථක අඩියට පත්ව තිබේ. නමුත් දෙමළ ආක්‍රමණිකයන් විසින් උතුර අත්පත්කර ගෙන තිබෙන්නේ කෙසේද යන්න පිළිබඳව උගතුන් අතර පවා සාර්ථක විමර්ශනයක් මේ වනතෙක්ම සිදුව නොමැත. ඉතිහාසය සැබවින්ම ග්‍රන්ථයන්ට සීමාව තිබේ. නොයෙකුත් අය තමන්ට අවශ්‍ය පරිදි ඒවායේ කොටස් ගෙන ඊලාම් මතවාදය ශක්තිමත් වන පරිදි ප්‍රබන්ධයන් ඇති කර තිබේ. ඇතැම් විට අන්තර්ජාලයේ සැරි සරන්නෙකුට පවා බොහෝවිට හමු වන්නේ මේ විකෘති කරන ලද ඉතිහාස පුවත් පමණකි. උතුරේ දේශපාලන බලය හා ජාත්‍යන්තර ප්‍රජාවෙන් ලැබෙන අනුකම්පාව සියල්ල ලැබෙන්නේ මේ නිසයි.
උතුරේ
ද්‍රවිඩ රාජ්‍යයක් තිබුණේද යන්න අසූව දශකයේ පටන් ඉතිහාසඥයන් අතර සාකච්ඡාවට බදුන්
වූ කාරණයකි. 1961 වර්ෂයේ දී මහාචාර්ය පරණවිතාන මහාතා ලියූ ඉංග්‍රීසි ලිපියක්
පරිවර්තනය කොට මහාචාර්ය අබය ආර්යසිංහ මහතා
පළ කොට තිබූ උතුරුකරයේ ආර්ය රාජ්‍යය නම්
ග්‍රන්ථයේ යාපන රජ පෙළපත පිළබඳව ගැඹුරින් සාකච්ඡා කර ඇත. එසේම මහාචාර්ය විමල
විජේසූරිය මහතා මේ සම්බන්ධව දිගින් දිගටම එකළ පුවත්පත වලට ලිපි සැපයූවෙකි. එහෙත්
මේ මතවාද තුළින් දෙමල ඊලාම් සංකල්පය දේශපාලනික වශයෙන් පරාජය කිරීමට අසමත් වී තිබේ.
කොටි ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කරන ලද නමුත් ඊලාම් මතවාදයෙන් අන්ධ වූ ජාත්‍යන්තර
දේශපාලනයේ මනස් වෙනස් කරගැනීමට මෙරට රාජ්‍යතාන්ත්‍රිකයන් දිගින් දිගටම අසමත්ව
තිබේ. මේ නිසා අද සිදුව ඇත්තේ නැවතත් උතුර සහ නැගෙනහිර ද දෙමළ ජනතාවට පමණක්ම අයත්
භූමි ප්‍රදේශයක්ය යන සංකල්පයට සිර වී පාවා දීම් කිරීමට ඉදිරිපත් වීමයි. එම නිසා
දෙමළකරණය ගැන නිවරදි තක්සේරුවක් අප සමාජයට ඇති කරලීමට ගැඹුරු සංවාදයක් අදවන විට
අවශ්‍ය ව ඇති බව අපගේ හැඟීමයි. ඒ මන්ද ජාතියක ඉඩම් අයිතිය පොදු දේපළ පිළිබඳ උරුමකම
මගින් හිමිකම් ගැන සහතිකයක් ලැබෙන බැවිනි.
උතුර දෙමළකරණයට බඳුන්වීම පිළිබඳ අවස්ථා
තුනක් පෙන්වාදිය හැකිය. පළමුවන තැත ලෙස අපට පෙනී යන්නේ මීට වසර ගණනාවකට පෙර
පෘතුගීසි සෙන්පති ෆූටාඩෝ මැඩොන්සා සහ සිංහල කරවයන් අතර වර්ෂ 1591 දී අත්සන් කරන ලද නල්ලූර් ගිවිසුමයි.1561
වන විට පළමුවන සංකිලි යටත් කොට පෘතුගීසීන් විසින් උතුරේ තෙන්මාරච්චිය පාලනය සියතට
ගත් අතර වඩමාරච්චිය හා අනෙක් කොටස් යාපන රජ පවුල් සතුව තිබුණි. නමුත් 1591 දී උතුර
අවට මුහුදුකරයේ තිබූ කරවයන්ගේ බලය නිසා රජපවුල පසෙකට කර කරවයන්ගේ බලය ඉස්මතු වන
ලෙසට පසුබිම සකස් වුණි. නල්ලූර් ගිවිසුම එහි ප්‍රතිඵලයකි. මෙ ගිවිසුම
සම්පූර්ණයෙන්ම සකස්ව තිබෙන්නේ සිංහල භාෂාවෙන් බව අප අසා ඇත. එහෙත් අද එය දක්නට
නැත. එස්.ජී.පෙරේරා පියතුමා සිය ඉතිහාස ග්‍රන්ථයේ සඳහන් කර ඇති පරිදි යාපන රජු ගේ
පුත්‍රයා සයිමන් පින්තෝ විසින් යටත් කරගැනීමද ( මෙම පුවත සමන්දේවාල ගල් කැටයමේ
සටහන්ව තිබේ.) පෘතුගීසීන්ට අවනතව රට පාලනය කරලීම පිණිස පරරාජසේකරන් රජු බවට පත්
කිරීමද එකවර සිදුව තිබේ. මෙම ගිවිසුමට අත්සන් තබා තිබෙන්නේ මෙම පසුබිම තුළය. ඒ
අනුව උතුරේ වැසියන් ගේ සංස්කෘතිය ආරක්ෂා කිරීමට පරංගීන් ගිවිසගෙන ඇති නමුදු පසුව ඇතිවූ
සිදුවීම් වලදී සිංහලයන් රාශියක් ඝාතනයට ලක්ව තිබෙන බව පෙනේ.
දෙමළකරණයට ලක්වූ දෙවනි අවස්ථාව ලන්දේසි
යුගයයි.ලන්දේසීන් ගේ ආගමික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැන්වීම පිණිස ලංකාවට පැමිණි
පිලුප්පුස් බල්දෙයස් නම් පූජකයා රචනා කළ(True and exact
description of the great island of
Ceylon ) නම් ග්‍රන්ථයේ උතුරේ තිබූ සිංහලගම්මාන හා ස්වදේශිකයන් වන සිංහලයන් ගේ ක්‍රියාකාරකම්
වෙනස් කිරීමට ගත් පියවරයන් දක්වා තිබේ. අච්චුවේලි හි පිහිටා තිබූ විහාරස්ථානය
අසලදී පිලිප්පු ඩි ඔලිවේරා විසින් සිංහල හමුදා පරජයට පත්කරන ලද බව මෙම ග්‍රන්ථයේ
සඳහන්ය. දැන් දක්නට තිබෙන්නේ එම විහාරයේ නටබුන් සහ විශාල ළිඳ පමණක් බව බල්දෙයස්
දක්වා තිබේ. ඊට අමතරව චන්ගානේ උරේපුට්ටි
පරේතිතුරේ මුහමලේ කාටවෙල්ලි යන ස්ථාන වල පිහිටා තිබූ බෞද්ධ විහාර භූමි වල තමන් ගේ
රෙපරමාදු පල්ලි පිහිට වූ බව ඔහු පිළි ගෙන තිබේ. එහිදී ඉතිරී වූ ස්ථුපයන්හි නටබුන්
එම පොතේ චිත්‍ර සටහන් වලින් පෙන්නුම් කර
තිබේ.උදාහරණයක් වශයෙන්මෙම ග්‍රන්ථයේ 323 පිටුවේ දක්වා ඇති මනිපායිහි ඉඳිකර තිබෙන
රෙපරමාදු පල්ලිය ගැන ඔහු දැක්වූ අදහස පෙන්වා දිය හැකිය. මෙම පල්ලිය විශාලය. එකවර
2000 කට පමණ රැඳී සිටිය හැකිය.පල්ලිය ඉඳිකර තිබෙන්නේ තල් අතු සහිත වරිච්චි
මැට්ටෙනි. පල්ලිය ඉදිරිපස මනරම් දර්ශනයකින් හෙබි වැවකි. එහ ආසන්නයේ පැගෝඩාවක්
(විහාරයක් ) පිහිටා ඇත. මෙහි ජීවත් වන්නේ මඩප්පුලි කුලයට අයත් මිනිසුන්ය.බල්දෙයස් සිංහලයන්
ගැන සඳහන් කර හැම විටම ස්වදේශිකයන් ලෙසට හැඳින්වීමටත් දෙමළ අය හැඳින්වීමේදී මලබාර්
යන නාමය යෙදීමටත් උත්සුක වීඇති බව මෙහිදී
සඳහන් කළ හැකිය.
එමෙන්ම නෙදර්ලන්තයේ ( Beeldbank
National Archives ) හි තැන්පත් කර තිබූ 1695 වර්ෂයට අයත් උතුර පිළිබඳ සිතියම් වල වැලිගම නොහොත් වලිකාමම්
පළාතේ සිංහල ගම්මාන පණහක් දක්වා තිබේ. ඒ අතර චෙල්ලාලේ තල්වාන පූනාල බටකෝට්ටේ
එළුවිල කොට්ටියවත්ත මලලගම තොලිපළ මහමුලන මනිපාය මල්වත්ත සියනෑවත්ත තඹාල
අවිස්සන්ගල්ල මැදගල්ල උන්විල තෝඩමලය කොන්ඩාවිල කකුවිල කෝපාය ආදිය දැක්විය හැකිය.හිටපු
පුරාවිද්‍යා කොමසාරිස් එම්.එච්.සිරිසෝම මහතා රචනා කළ උතුරු නැගෙනහිර පෙදෙස්හි හෙළ
උරුමය නම් ග්‍රන්ථයේ මේ ස්ථාන වලින් හමුවූ
බ්‍රාහ්මී අක්ෂර සහ බෞද්ධ පුරාවස්තු ගැන සඳහන් කර ඇත. පැරණි ලෝහ මුද්‍රාවක් සම්මුඛ වූ ආනකෝට්ටේ
ගම්මානය ද සිංහල ගම්මානයකි . යාපන අර්ධද්වීපයේ දකුණට වන්නට පිහිටා තිබෙන තෙන්මාරච්චි
පළාතේ සිංහල ගම්මාන පහළොවක් තිබේ. වර්තමාන
යාපනයේ තිබෙන එකම සිංහල ගම්මානය වන නාවක්කුලියද ඊට අයත්ය. වඩමරච්චි පළාතේ සිංහල ගම්මානයන් දහසයක් තිබූ බව සටහන්ව
ඇත. වඩමරච්චි පළාතේ අදටත් ටික්කම නමින් ගමක් තිබේ. ටිකාගෝත්‍රය ගැන අභය ගිරි
තඹතහඩු ලිපියේද සඳහන්ය. මේ ටිකා ගෝත්‍රයට අයත් අලකේශ්වර පරපුර පල්ලව රාජධානියේ සිය
බලය තහවුරු කර ගැනීමෙන් පසු ලංකාවට පැමිණ මානවර්මන් නමින් ලක්දිව රජ බවට පත් බව
මහාවංශයේ ඇත. මේ පරපුරේ උග්‍රසිංහ නම් කුමාරයෙකු වඩමාරච්චියට පැමිණ එහි බලය තහවුරු
කර ගෙන තිබෙන්නේ නව වන සියවසේදී පමණය. ඊට සමගාමීව දෙවුන්දර තුඩුවේද එම පරපුරේ තවත්
කුමාරයෙකු බලය තහවුරු කර ගෙන තිබේ. මාන කුමාරයාගේ නමින් වඩමරච්චියේ මානයි වත්ත
යනුවෙන් ගම්මානයක්ද ඇත. මේ ටිකා ගෝත්‍රය ගොඩ නැන්වූ සාගර වෙළෙඳ බලය ටිකා
අන්නුරුවාර් නමින් ව්‍යවහාර විය. පසු කාලයේදී මේ සාගර බලය කරවයන් අතටද දෙමළ
වානිජයන් අතටද මාරු විය. රාමේශ්වරමේ සිට ලංකාවට ඇති කෙටිම මග සේතුව පාලනය ආරම්භ
කලේ සිංහල රජවරුන් නමුත් පසුව දෙමල වානිජයන් විසින් එම බලය උකහාගෙන තිබුණි. පච්චලීපලේ
පළාතේ ගම්මාන පහළොවක්ද සඳහන් කර තිබේ. පරංගි ඉතිහාසඥ ක්වේරෝස්
පූජකවරයාගේ ග්‍රන්ථයේ ප්‍රථම වරට ජන සංගණන
වාර්තාවක් පළ කර තිබේ. එහිදී හෙළි වන්නේ උතුරේ බහුතරයව සිට ඇත්තේ සිංහළයන් බවයි.කාරදිව
නයිනදිව කැස්බදිව පුළිඟු දිව වැනි යාපන
අර්ධද්වීපයට සමීප කුඩා දිවයින් වල පවා බහුතරය සිංහලයන් ලෙසට ඔහු දක්වා තිබේ. ඉන්
වැඩිම සිංහල ජනගහනයක් ජීවත්ව සිට ඇත්තේ වර්තමාන කයිට්ස් දූපතේය. කතෝලිකාගමට
හරවා ගැනීමද රෙපරමාදු ආගමට හරවා ගැනීමද නිසා උතුරේ සිංහළයන් ක්‍රමයෙන් වන්නියට හා
උඩරටට සංක්‍රමණය වී තිබේ. ලන්දේසීන් ගේ ආර්ථික ප්‍රතිපත්තිය වූයේ අලි ඇතුන්
වෙළෙදාමත් පුවක් වෙළෙඳාමත් දුම්කොළ හා කපු වැවීමත්ය. ජන ශූන්‍ය වූ උතුරේ සිය සමාගමට අවශ්‍ය ආර්ථික
කටයුතු සම්පාදනය කරගැනීම පිණිස ඔවුහු දකුණු ඉන්දියාවේ සිට දෙමළ වහලුන් ගෙන්වීම හා උතුරේ
හා වන්නියේ පදිංචි කිරීම මගින් උතුරේ දෙමළකරණයට
මග විවර වූ බව පැහැදිලිව පෙන්වා දිය හැකිය.
තෙවනි අවස්ථාව නම් ඉංග්‍රීසීන් විසින් තෙසවලාමේ
නීතිය පිළිගත් නීති සංග්‍රහයක් බවට පත් කිරීමත් සිය මිනුම්දෝරු සිතියම් වල සිංහලගම්
නම් වෙනුවට දෙමළ ගම් නම් ඇතුලත් කිරීමයි. මේවා බොහෝ දුරට සිදු වූයේ එකල මිනුමදෝරු
පාටියේ දෙමළ නිළධාරින් නිසා බව කියවේ. උතුරු හා නැගෙනහිර පළාත් වල ද්‍රවීඩීකරණය වූ
සිංහලයින් වැද්දන් මුක්කුවාර් වරුන් ද සිටියහ. මේ නිසා ඉංග්‍රිසි ආණ්ඩුව තම බලය
තහවුරු කරගත් පසු 1806 දී පමණ මේ නීති රීති වලට අර්ථ කථන සැපයීම සිදු කරන ලදී.
මේවා සිදු වූයේ ඔවුන් අතර තිබූ නඩු ආශ්‍ර යෙනි. උදාහරණයක් වශයෙන් නිල්ලෙයිනාදන්ට
එරෙහිව රාමස්ස්වාමි චෙටිටියාර් නඩුවේ දී බොන්සර් අගවිනිසුරු තේසවලාමෙයි
හඳුන්වාදුන්නේ යාපන පළාතේ ද්‍රවිඩ පදිංචි කරුවන් ගේ පැරණි සිරිත් ලෙසිනි. මන්නාරමේ
මඩකලපුවේ මෙන්ම දකුණේ ද සිටි ද්‍රවිඩයින්ට වෙනත් සිරිත් මෙන්ම රීතිත් තිබුණද උතුරු
පළාතේ වාසය කරන සෑම ද්‍රවිඩයෙකුම තේසවලාමෙන් ආවරණය කරන බව මේ නඩු තීන්දු වලින් ප්‍රකාශ
විය. නමුත් මධ්‍යම පළාතේ ජීවත් වන ඉන්දීය දෙමල වැසියෙකු මේ නීතියෙන් ආවරණය නොවන
බවට තීන්දුවක් රජයට එරෙහිව පෙරුමාල් නම් නඩු තීන්දුවෙන් ප්‍රකාශයට පත් ව ඇත. ඇතැම්
නඩු වලදී පෙළපත් මත වාසය ඔප්පු නොකළ හැකි යයි තීරණය කර ඇත. වුඩ්රෙන්ටන් නම් අග
විනිසුරු වරයා මෙයට දුන් අර්ථ නිරූපණය අනුව උතුරු පළාතේ පදිංචියක් හෝ ස්ථීර
නිවාසයක් ලබා ගැනීමත් වැදගත් බව ඔහු වේලුපිල්ලේ ට එරෙහිව සිව කාමි පිල්ලේ නඩුවේ දී
කියා සිටියේය. මේ අනුව සිදු වූයේ සංක්‍රමණියන්ටද තමන්ට ස්ථීරව පැලපදියම් විය හැකි
නීතිමය ආවරණයක් ලැබීමයි.මෙම නීතිය පුද්ගල නීතියක් ලෙසටද සලකනු ලැබූ අතර කොළඹ සිටි
පුද්ගලයෙකුට යාපනයේ ඉඩම් තිබුණ අවස්ථාවකදී වුවද ඔහුට තේසවලාමේ අවරණය ලැබීමේ හිමි
කම ඇති විය.
දේපළ අයිතිය පැවරීම වැනි අවස්ථා මත
උතුරේ පදිංචි ද්‍රවිඩයින්ට මේ නීති ආවරණය ලැබීම නිසා සිංහලයින්ට සිදු වූයේ උතුරු
පළතට ආගන්තුක වූ වෙළෙන්දන් බවට පත් වීමටයි.ඔවුන්ට ස්ථීරව යාපන පළාතෙන් ඉඩම් මිලදී
ගත නොහැකි විය. ඉංග්‍රීසි යුගයේ සිටම
මූදුකර වැද්දන් ඇතුලු වැදි ජන වර්ගයා දෙමළ භාෂවට හුරු කර සිටීම නිසා ඔවුන්ද ද්‍රවිඩයින්
ලෙසට සැලකූ අතර තේසවලාමේ නීතියෙන් ඔවුන් ද ආවරණය විය. මේ නිසා උතුරු පළාත යනු දෙමළ
වාසභූමියක්ය යන මතය දීර්ඝකාලීනව තහවුරු විය.කොටි ත්‍රස්තවාදීන් ඇතුලු ඊලාම් අරමුණු
සහිත බලවේග සියල්ල ඓතිහාසික දෙමළ වාසභුමි නම් මිථ්‍යාවට පදනම් සකස් කර ගැනීමට අවශ්‍ය
නීතිමය රාමුව මේ මලබාර් සිරිත් සංග්‍රහයෙන් ලබා ගත් බව පැහැදිලිය.දැන් තත්ත්වය
දරුණු අතට හැරී තිබේ. ඉන්දීය වුවමනාවට සහ බටහිර වුවමනාවට අවශ්‍ය පරිදි උතුරේ
දෙමළකරණයට අවශ්‍ය සහතික සහ දේශපාලන බලය ලබාදීම සිදු වේ. හතරවටින්ම සිංහල ජනතාව
කොටු වෙමින් සිටින අතර දෙමළ මුස්ලිම් චන්ද නිසා සිංහල දේශපාලනඥයන් ඔවුන් වෙනුවෙන්
ස්වයං කලාප ඇති කිරීමට සූදානම්ය. ඉතිහාස ඔප්පුව ලේඛනාගාර වල සේප්පු වල දමා යතුරු
දමා සිංහලයන් පක්ෂ වලට බෙදී කල්ලතෝනීන්ට
රට දීමට සූදානම්ව සිටිති.මෙය සැබවින්ම ඛේදවාචකයක් නොවේද.