එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා පොදු
ජන යුගයක් නිර්මාණය කළ ශ්‍රේෂ්ඨයෙකු ලෙසට වර්තමාන සමාජයේ සැලකීමක් ඇත. 1956 ජනතා
විප්ලවය ආස්වාදනීය දේශපාලන කඩයිමක් ලෙසට මෙරට ජාතික ව්‍යාපාරය සලකන්නේ සඟ වෙද ගුරු
ගොවි කම්කරු බල වේගයන් සියල්ල කැටිව ගොඩ නගා ගත්තක් බැවිනි. එහෙත් වසර තුනක් වැනි
කෙටි කාලයක් පැවති බණ්ඩාරනායක ආණ්ඩුව ඉතා ඉක්මනින් සිංහල බෞද්ධයන් අතර අප්‍රසාදයට
ලක් විය. බස් හා වරාය ජනසතුව සිංහලය රාජ්‍ය භාෂාව කිරීම වැනි ජන හිතකාමී පියවරයන්
ලබා ගත්තද අසංවිධිත ව්‍යුහයක් තුළ ඒවායේ පවා වටිනාකමක් ජනතාවට නොදැණුනි. බණ්ඩාරනායක
චෙල්වනායගම් ගිවිසුම නිසා සිංහලයන්ගේ සිත් බිඳුණි.අවසානයේ දී සිදු වූයේ බණ්ඩාරනායක
මහතා කුමන්ත්‍රණකරුවන් අතින් ඝාතනයට ලක්
වීමයි. බුද්ධ රක්ඛිත හිමියන් අතින් වෙඩි තැබීමක් කළ බවට උසාවියේ ඔප්පු කළද
බණ්ඩාරනායක මහතා ඝාතනය කලේ සැබවින්ම ප්‍රතිගාමී විදෙස් බලවේග විසින් බව දැන්
තහවුරු වී අවසන්ය. එයින් සිදු වූයේ සිංහල බෞද්ධයන් ගේ අයිතිවාසිකම් උදෙසා ම ජයග්‍රහණය
කළ රජයක් බිඳ වැටීමයි.
බණ්ඩාරනායක මහතා බස් සහ වරාය ජනසතු කලේ
ඉතා සද් භාවයෙන් බව නිසැකය.පෞද්ගලික අංශය සතුව තිබූ ආයතන ජනතාව සතු කිරීමෙන් වඩා
හොඳ සේවයක් ලබා ගැන්මද ජනතාවගේ මුදල් ජනතා සේවකයන්ට ලබා දීමද ඔහුගේ බලා පොරොත්තු
වන්නට ඇත. මහ මුදලිගේ පුතා වූ ඔහු ජාතික වැඩට ජාතික ඇඳුමද බලු ප්‍රදර්ශනයන්ට යුරෝපීය
ඇඳුමද ඇඳි ආසියාවේ රිදී සීනුව යයි නම් දරා සිටි චතුර කථිකයෙකි. එහෙත් ඔහුගේ ලිබරල්
ප්‍රතිපත්ති සහ ඔහු සමග සිටි වාමාංශික බලවේගයන්හි මාකස්වාදී ප්‍රතිපත්ති පාර්ලිමේන්තු
ගැලරියේ ජනප්‍රිය මාතෘකා බවට පත් වූයේ ගොවියා ගොවියාගේ භූමිකාව මෙන්ම කම්කරුවා
කම්කරුවාගේ භූමිකාව කළ යුතු ය. නමුත් ඔහුට හිමි තැන පාර්ලිමේන්තුව නොවේය යන්නෙහි
සීමා ඉවත්කරමිනි. මේ බැව් එකල පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කෙරුණු මාතෘකා වලින් පැහැදිලිව
ගම්‍ය වෙයි.
මහජන එක්සත් පෙරමුණ රජයේ කෘෂිකර්ම අමාත්‍යවරයාව
සිටියේ අවිස්සාවේල්ල මහජන මන්ත්‍රී පිලිප් ගුණවර්ධන මහතාය. ඔහු ද රදළ පවුලකින්
පැවත පැමිණි විප්ලව වාදියෙකි. ඔහුට ගොවි කරම්කරුවන් ගැන පැවතියේ ආස්වාදනීය අනුකම්පා සහගත හැඟීමකි.ඇමරිකාවට ගොස්
විස්කොන්සින් විශ්ව විද්‍යාලයේ අධ්‍යපනය හදාරා ඇමරිකාවේ කොමියුනිස්ට් පක්ෂයට බැඳී
එංගලන්තයේ මාකස්වාදීන් සමග අත්වැල් බැඳ ගත් පිලිප් ගුණවර්ධන මහතා 1932දී ලංකාවට
පැමිණ කොල්වින් ආර්ද සිල්වා සහ ලෙස්ලි ගුණවර්ධන සමග එක්ව ලංකා සමසමාජ පක්ෂය බිහි
කලේය. පසුව 1951 දී විප්ලවකාරී සමසමාජ පක්ෂයේ නායකත්වය ගන්නා ලද්දේය.පසුව මහජන
එක්සත් පෙරමුණ බවට පත් වූයේ එයයි. ඔහු තුළ වැඩුණු වාමාංශික අදහස් විදෙස් වලදී රෝපණය
වන්නට ඇතිවාට නිසැකය. ලංකාවේ රදළ පන්තිය සහ භික්ෂූන් වහන්සේලා යුරෝපීය වැඩ වසම්
මොඩලයේ දා තර්කානුකූල කළ පිලිප් සිය සිංහ වාග් විලාසයෙන් මේවා විග්‍රහ කල බව ප්‍රකටය.
කුඹුරු පණත ඉදිරිපත් කරන කල්හි ලංකාවේ අඳ ගොවීන් සිටයේ 27 % ක් පමණකි. නමුත් ඔහු
සමස්ත ගොවි ජනාවටම මේ පණත ආදේශ කරන්නට උත්සාහ දැරීය.
අඳ ගොවියාගේ අඳ තත්ත්වය සුරක්ෂිතකිරීම කුඹුරු
පණතේ මූලික පරමාර්ථය විය. එයට අනුව අඳ භාවය
ලබා සිටි ලක්ෂ දෙකක් පමණ ගොවි ජනතාවක් නිදහස් කිරීම අරමුණු කර ගෙන තිබුණි. ඉඩම්
හිමියාට නියමිත කුලිය ගෙවනවා විනා අන් මොනම ගැතිකමක් නැතිව ඉඩමෙන් අස් කරනවා යයි
තිබෙන භීතියෙන් ගොවියා ගලවා ගැනීමට පිලිප් ගුණවර්ධනයන්ට තිබූ අවශ්‍යතාවය ඔහුගේ
ලිබරල් අදහස් වලින් ආවක් විය. සෑම අඳ ගොවියෙකුටම තමන්තේ ඇවෑමෙන් අසවල් තැනැත්තාට
ගොවි අඳය හිමි විය යුතු යයි නම් කිරීමට මේ පණතෙන් ඔහුට බලය ලැබී තිබුණේය.ඉඩම්
ගොවිතැන් කිරීමේදී ඉඩම් හිමියා විසින් අයකරනු ලබන බදු මුදල සීමා කිරීමටද මේ පණතෙන්
ඉඩකඩ සැලසුණි. මෙතෙක් අඳේට හෝ බද්දට ඉඩම් දෙන ඉඩම් හිමියා ස්වකීය අඳ කාරයාගෙන් හෝ
බදු කාරයාගෙන් බදු වශයෙන් ඉඩමෙන් උපදින අදායමෙන් භාගයක් හෝ හතරෙන් පංගුවක් දීමට
පුරුදුව සිටියේය. කුඹුරු පණත මගින් අක්කරයකට බුසල් පහළොවක් හෝ අස්වැන්නෙන් හතරෙන්
පංගුවක් හෝ දීමට නිශ්චිත කොට ඇත්තේය.
කුඹුරු පණතෙන් කෙරෙන අනෙක් වැදගත්ම
කාරණය වූයේ මහජනයා විසින් නායකත්වය දෙන ගොවි කාරක සභා පිහිටුවා ලීමයි. ඒ මගින් අඳ කාරයා
මෙතෙක් බැදතබා සිටි විලංගු වගින් මුදවා අලුත් නිදහසක් ලබා දී ඔහුට වුවමනා ණය
මුදලක් ලබා දීමට විවිධ සේවා සමූපාකර සමිති පොළඹවනු ලබයි. තවද අස්වැන්න හානි වූ විට
රක්ෂණ ක්‍රමයකින් ආරක්ෂා කිරීමද මීට අයත්ය. එසේම පණතේ එන ප්‍රධාන කාර්යයක් නම් අස්වැන්න
වැඩි කිරීමයි.මෙතෙක් අඳ අයිතිය පිට බිම සරු කිරීමට ගොවියා තැත් නොකලේයයි පණත සකස්
කළවුන් කියයි. ඒඅනුව බලාපොරොත්තු වන්නේ
ගොවි කාරක සභා හරහා නව ගොවි කර්මාන්ත හඳුන්වාදීමයි . නොහොත් නව තාක්ෂණික දැනුම ලබා
දීමයි.මේ පණත ක්‍රියාත්මක කිරීමෙන් පසුව 1958 මාර්තු 1 දා සිට ගොවිතැන් කරමින්
සිටි කුඹුරකින් අඳ ගොවියෙකු පහ කිරීමට නොපුළුවන් බව තහවුරු කෙරුණි.මේ කුඹුරු පණත
මගන් කුඩා ඉඩම් කැබලි එක් කොට සමූහ ගොවිපළවල් ඇති කිරීමටද යෝජනා කරනලද්දේ පිලිප්
ගුණවර්ධනයන් ඇමරිකාවේ දී එවැනි විශාල ගොවිපළවල්වල වැඩ කරන දියුණු ගොවීන් දර්ශණය කළ
බැවිනි යැයි සිතන්නට පිළිවන.
කුඹුරු
පණතට රට පුරා විරෝධය එල්ල විය. ඉඩම් හිමියන් ගෙන් පමණක් නොව භික්ෂූන්
වහන්සේලාගෙන්ද විරෝධය එල්ල විය.පූජ්‍ය තල්පාවිල ශිලවංශ හිමියන් ඒ අතර ප්‍රධාන
විය.1959 වර්ෂයේදී මේ කුඹුරු පණත පාර්ලිමේන්තුවේ දෙවන වර කියවන විවාදයට එක් වෙමින්
අවිස්සාවේල්ල මහජන මන්ත්‍රී කෘෂිකර්ම අමාත්‍ය පිලිප් ගූණවර්ධන මහතා පළ කළ අදහස් මෙසේය.කුඹුරු කැබලි එක් කොට මහා කුඹුරු
යායවල් ඉදි කිරීමටත් වී ගොවිතැන සඳහා සමූහ ගොවිපළවල් පිහිටුවීමත් ගොවීන්ට දෙන ණය
සඳහා ගෙවිය යුතු පොළිය හා ගොවීන් විසින් කුලියට ගන්නා ගොවි උපකරණ හා මී හරකුන්ට ගෙවන
ගාස්තු නියම කිරීමට ගොවි සභා පිහිටුවීමටත් විධි විධාන යෙදීමටත් එකී ගොවි සභා වල
බලතල හා යුතු කම් නියම කිරීමටත් ආහාර නිෂ්පාදන අධ්‍යක්ෂකවරයා වෙත ඇතැම් බලතල හා
යුතුකම් පැවරීමටත් වර්ෂ1953 අංක 1 දරණ කුඹුරු
පණත අවලංගු කිරීමටත් ඉහත කී කරුණු හා සම්බන්ධ වූ හෝ ඊට අදාල වන කරුණු උදෙසා විධි
වධාන පැවැත්වීමටත් මේ පණත යෙදවෙන බව ප්‍රකාශ කළ යුතුය.
පිලිප් ගුණවර්ධන මහතා සිය
සුපුරුදු මාක්ස්වාදි අදහසින් මෙම පණත ඉදිරිපත් කරන ලද බව පැහැදිලිය. මේ පණත ඉතිරි
පත් කරන ලද කාලවකවානුවේදී භික්ෂුන් වහන්සේලා ගෙන් ඊට දැඩි විරෝධතා පැමිණි බව මීට
පෙර සඳහන් කෙරුණි. ඔහු ඒවා විවේචනය කලේ මෙසේය. ආගමික ස්ථාන වල මුල් තනතුරු
දරන ඇතැම් අය අඳ ගොවින් අස් කොට වෙන අය
යොදවා මෙයින් බේරීමට වෑයම් කර තිබෙන බව දැන ගන්නට තිබෙයි. 1956 අප්‍රියෙල් මාසයේ
12 වන දා යම් කුඹුරක අඳේට වැඩ කලා නම් එවැනි ගොවියෙකුට කවුරුන් වුවත් ගිහියෙකු
වේවා කතෝලික පල්ලියට වේවා බෞද්ධ රජ මහා විහාරයක් වේවා යම් අසාධාරණයක් කර තිබෙනවා
නම් ගොවියාගේ අයිතිවාසිකම් වෙනුවෙන් මේ
පණත ආරක්ෂා කර දීමට අප පසුබට වන්නේ නැති බව මම ඒ තැන් වලට පැහැදිලිවම කියන්න
සතුටුයි.කුඹුරට ආගම් නැති බව අප පිළිගන්නවා. ගොයමට ආගමක් නැති බව අප පිළිගන්නවා.
පිලිප්
ගණවර්ධන සිය රදළ ප්‍රවේනියේ මුල් වලට පහර දුන්නේ මෙසේය. අප රටක් හැටියට ජනතාවක් හැටියට දියුණු වන්නට
නම් රදළ යුගයෙන් ඉතිරි වී තිබෙන සියළු දෙය සම්පූර්ණයෙන්ම අවසන් කර දමා ආර්ථික
වශයෙන් දියුණු වීමට මග සලසා ගන්නට ඕනෑ. ඒ නිසයි ගොවියාට අස්වැන්නෙන් වැඩි කොටසක්
දීම පමණක් නොව ඔහුට නීතියෙන් ආරක්ෂාව සැලසීම පමණක් නොව මනුෂ්‍යයෙකු වශයෙන්
සම්පූර්ණ නිදහසක් ඔහුට දිය යුතු වන්නේ. මේ පණත ඉදිරි පත් කළ අවස්ථාවේදී බොහෝ මන්ත්‍රිවරු
මෙයට ප්‍රසංසා කලේය. ලංකාවේ අඳ ගොවියා එතරම්ම පීඩනයකින් සිටී යයි ඇතැමෙක් උපකල්පනය
කලා වැන්න. නමුත් ලංකාවේ ගොවි ජනතාවගෙන් සියයට පණස් පහක්ම කුඹුරු ඉඩම් හිමියන් වෙයි.
මෙම විවාදයේදී අදහස් පළ කළ නියෝජ්‍ය කතා නායක පී . තෙන්නකෝන් මහතා පළ කල අදහස්
මෙසේය. බෞද්ධ ආයතන වලට අයත් කුඹූරු වැඩ කරන ගොවි ජනතාව පවා කෙතරම් අයුතු ලෙස සූරා
කෑම් වලට භාජනය වන්නේ දැයි පරික්ෂා කර බැලුව හොත් ඒ අයතන වලට අයිති ඉඩ කඩම් මහජන
සන්තක කිරීමට සිදු වනවාට කිසිම සැකයක් නැත. මහනුවර දළදා මාළිගයට අයිති කුඹුරු පෑල්
36 ක් ගැන මම හොඳින්ම දන්නවා. මේ කුඹුර පෑල් 36 කොටස් හැත්තෑ දෙකකට බෙදා එක කොටස
බැගින් දුප්පත් ගොවීන්ට දී එක කන්නයකට එක් කෙනෙකුගෙන් රුපියල් 150 බැගින් අය
කරනවා. එළවුළු ගොවිතැනටද මේ අයුරින්ම බෙදා
දෙනවා.කුඹුරු ගොවිතැනටත් එළවුළු ගොවිතැනටත් ඒ අයුරින් ඉඩම් බදු දී. ගොවියන්ගෙන්
අයකරන මුදල බදු කාරයාට එක් අවුරුද්දකට රුපියල් 16000 ක් කට වැඩියෙන් ලැබෙනවා.
නමුත් මේ ආදයමින් දළදා මාළිගයට ලැබෙන කොටස් ගණන පරීක්ෂා කර බැළුව හොත් තමුන්නාන්සේලා
පුදුම වෙනවා ඇති.රුපියල් 16000න් රුපියල් 850 යිමෙසේ ලැබෙන්නේ.ඉතිරි සියල්ල ගන්නේ
දියවඩන නිළමේ සහ ගොවියා මැද්දේ සිටින කොන්ත්‍රාත් කාරයායි.
ටී .බී . තෙන්නකෝන් මන්ත්‍රී වරයා මේ පණත
වේලාවේ කවියක් කියන්නටද අමතක කලේ නැත.බඹේ කට විතර ඇත කුඹුර පරවෙනි -අඳේකට අනේ ඉන්
පළක් නොලැබුණි
ඔබේ ගෙදර අත්තම් මේ මට පුළුවනි -ඉබේ කෙඳිරි
ගෑවෙන ලෙඩකි බඩගිනි.
සැබවින්ම කුඹුරු පණත සකස් කර
තිබුණේ මේ රටේ ගොවිජනතාවනේ 27% දෙනෙකු ගේ සුභ සිද්දියට පමණකි. 1935 සිට ලංකා සම
සමාජ පක්ෂයේ සිට වාමාංශික අදහස් මේ රට ප්‍රචලිත කරන්නට වෙර දැරූ ඔහු මහජන එක්සත්
පෙරමුණේ පිහිටෙන් එසේම 1956 ජනතා ආණ්ඩුවේ පිහිටෙන් ඇමති කමක් ගෙන සිය මුල් අභිලාෂයන්
ක්‍රියාත්මක කිරීමට වෙහෙස මහන්සිව වැඩ කලේය. ඩී.එස්. සේනානායක මහතා ගොවි ජනපද ව්‍යාපර
ආරම්භ කරන විට ලංකා සම සමාජ පක්ෂය ඊට විරුද්ධ විය. ජනතාවට පහසු කම් නොමැතිව පදිංචි
කරවීම දෝෂාරෝපණයට ලක් කිරීම පක්ෂයේ ක්‍රියාවලිය විය. නමුත් ගොවි ජනතාව කෙරෙහි
හදිසියේ කරුණාවක් පහළව කුඹුරු පණත ඉදිරිපත් කිරීමෙන් ඔහු රටේ සම්ප්‍රදාය සහ අයතන
ගත ක්‍රමවේදය සහමුලින්ම අවුල් කළ බව සහතිකය. බෞද්ධ ආරාමයන්ට පෙර රජ දවස කුඹුරු වතු
පිටි දුන්නේ එහි පැවැත්මටයි. කුඹුරට ගොයමට
ආගමක් නැති වූවද ලංකාවේ සංස්කෘතිය අනුව ගොයම යනු බුද්ධ භෝගයයි. ඒ බැව් වාමාංශිකයන්
නොදැන සිටියහ. නැතහොත් වුවමනාවෙන් අමතක කළහ. ආයතන තුළ යම් අකටයුත්තක් සිදු වන්නේ
නම් සංඝයා වහ්නසේ බණවා ඒවා සුද්ද කිරීම පෙර රජ වරුන්ගේ පිළිවෙලියි. නමුත් මේ කුඹුරු
පණත නිසා සමස්ත විහාරගම් දේවාලගම් පැවැත්මට
බලවත් තර්ජනයක් ඇති විය. එවකට ලංකාවේ විහාරගම් අක්කර 9453 විසිරී තිබුණි.
දේවාලගම් අක්කර12730 ක් ද විය. එසේම නින්දගම් අක්කර 12 360 ක්ද විය. මෙහි වැඩ කළ
අඳ කාරයන් හෝ බදු කාරයන් යම් කිසි රාජකාරියකට බැදී සිටියහ. දළදා මළිගාවේ නම් පෙරහැර
රාජකාරිය හෝ ගබඩාගමේ රාජකාරිය විය. නාථ
දේවාලයේ නම් පෙරහැර රාජකාරියට මෙන්ම තේවා රාජකාරි ද නියම විය.අඳ කාරයා නිදහස්
කරලීමෙන් සිද්ද වූයේ කුමක්ද. කුඹුරු පණතෙන් ලැබූ නිදහස නිසා ඔහු සිය ඉඩම් අන්සන්තක
කොට රාජකාරියෙන් නිදහස් වීමට මාන බැලීමයි. මෙවැනි සිද්දි ඕනෑ තරම් දිවයින පුරාවටම
වාර්තා වී තිබුණි. වත්මන් දෙවනගල විහාර භූමියේ ඉඩම් බදු කාරයා විසින් කාලයකදී සිය
බදු අයිතිය මුස්ලිම් අයට විකිණිමේ ප්‍රතිඵලයක් වශයෙන් එමගල වටා විශාල මුස්ලිම්
ජනගහනයක් අද වන විට සිටී.
විහාරගම් දෙවාලගම් වල
ඉඩම් වලින් 75% ක් පමණ ඉංග්‍රීසි පාලන සමයේදී කොල්ල කෑමට ලක් විය. ඒ 1856 අංක 10 දරණ පණතිනි. ඉන්
පසුව 1870 අංක 04 දරණ සේවා භුක්ති ආඥා පණත
මගින් ගොවියන් ගේ ප්‍රවේණි දාස භාවය වෙනස් කිරීමට තැත් කරන ලදී.එහිදී සේවාව වෙනුවට
එය මුදලට පරිවර්තනය කිරීම කරන ලදී.මේ සේවාවට මුස්ලිම් ජන වර්ගයන්ද බැදී සිටිය අතර
ඔවුහු කන් කෙදිරි ගෑමකින් තොරව එම සේවය ඉට කර තිබුණි.පිලිප් ගුණවර්ධන මහතා සිය පණතෙන්
විග්‍රහ කරන්නේ මෙලෙස ඉංග්‍රීසීන් ගේ පරිපාලන නීති වලින් අගතියට පත් ව තිබූ ආයතන
වල සේවාවන්ය. එය සමස්තයක් ලෙසට සලකා ගොවීන් නිදහස් කිරීමෙන් සහ විහාර අධිකාරිය සහ
අඳ හෝ බදු හිමියා අතර තිබූ සම්බන්ධයට ගොවිකාරක සභා නම් අතර මැදියෙකු පත් කිරීමෙන්
සිදු වූයේ විහාරගම් දේවාලගම් පරිපාලනය අවුල් වී යෑමයි. අඳ හිමියා පෙර සඳහන් කළ
පරිදිම නව පරම්පරාවේ ආකල්පයන් පරිදි සේවාවෙන් නිදහස් වීම සිදු වූ අතර සිය අඳ අයිතිය විකුණා දැමිණ. මේ නිසා දළදා මාළිගය
නාථ දේවාලය වැනි ආයතන සතු මහනුවර නගරයේ
ඉඩම් පවා අන්‍ය ජාතිකයන් සතු විය. පෙර සඳහන් කළ පරිදි මුස්ලිම් ජාතිකයන් මඩිගේ
සේවාව යටතේ විහාරගම් වලටගවලම් මගින් ලුණු සපයීමට බැදී සිටියහ. එය නිසි පරිදිම ඉටු
කෙරුණි. නමුත් නව තත්ත්වයන් යටතේ මුස්ලිම් ගොවියා ද සිය සේවය පැහැර හරිමින් එම
ඉඩම් වලට ව්‍යාජ ඔප්පු තිරප්පු සාදමින් තම වර්ගයාගේ ව්‍යාප්තිය ඇති කර ගන්නා ලදී.
නැගෙනහිර පළාතේ මේ තත්ත්වය ඉතා දරුණු
විය. මෙහි ඉඩම් බහුතරයක් උඩරට රාජධානි සමයේ අවසාන කාලයේ සිටි සිංහලයන් සතු විය.
ඇතැම් ඉඩම් දකුණේ සිට වෙළෙදාමේ පැමිණි සිංහලයන් සතු විය. මෙවුහු සිය අඳ කාරයන් සහ
බදු කාරයන් වශයෙන් දෙමළ සහ මුස්ලිම් අය යොදා ගන්නා ලද්දේය.එයට හේතුව සෙනරත් රජු
විසින් මෙහි මට්ටයන් පදිංචි කරලීමෙන් මෙන්ම දකුණු ඉන්දියාවෙන් හම්බන් යාත්‍රා
මගින් මුස්ලිම් ජන වර්ගපැමිණීමයි. ඔවුහු ඕනෑම සේවාවක් සඳහා සූදානම්ව සිටියහ. කුඹුරු
පණත ක්‍රියාත්මක කළ පසු මුස්ලිම් බදු කාරයන්ට හොඳ ඉල්ලුමක් පෑදුනාක් වැනි විය.
කන්නයකට සැරයක් සිය ඉඩම් වගා කිරීමට පැමිණෙන සිංහලයන් 1983 කාලයේ ජාතිවාදී කලබල
නිසා නොපැමිණ සිටි හෙයින් සිය බදු අයිතියට ව්‍යාජ ඔප්පු සාදා හිමි කර ගන්නට උත්සාහ
දරා තිබේ. එවැනි ඉඩමක් පිළිබඳ වාර්තාවක් පසුගියදා ප්‍රසිද්ධියට පත් විය.වාලච්චේන
මිරාවෝඩේ ගමහි ඩබ්.පී.පී. ද සිල්වා මහාතා සතුව පැවති පොරුක්කන් මුම්මාරි නම් අක්කර
52 ක වපසරිය ඇතිකුඹුර මෙලෙස මීරා ලෙබ්බේ ආදම් බාවා නම් අය බලහත්කාරයෙන් අයිති කර
ගෙන ඇත.
කුඹුරු පණත නිසා සිදු වූ අනික් කරුණ නම්
ලංකාවේ ව්‍යාපාර පුළුල් කිරීමට මාන බලමින් සිටි පොහොර සමාගම් ගොවි කාරක සභා තුළට රිංගා
ගැනීමයි. 1968 වර්ෂයේදී ඩඩ්ලි සේනානායක රජය අත්සන් කල ගිවිසුම් නිසා නව තාක්ෂණය
සමග කෘෂි රසායන සහ රසායනික පොහොර ගොවි බිම්වලට සීමාවකින් තොරව ගලා ආයේය. මේවා
පාලනය කරන්නට කිසිවෙක් සිටියේ නැත. රදළයන් ගෙන් නිදහස් වූ ගොවියා පොහොර සමාගම් වල
වහලෙක් වන්නට වැඩි කලක් ගියේ නැත.එසේම අඩු අස්වැන්න ලබන බස්නාහිර පළාත් කුඹුරු
අතහැර නගරයට සංක්‍රමණය වන්නට නව පරම්පරාව වැඩි කැමැත්තක් දැක්වීමේ ප්‍රතිඵලය වූයේ
එහි අක්කර දහස් ගණනක් පුරන් බවට පත් වීමයි. ඒවා ගොඩ කර මහ නගර හදන්නට වත්මන්
පාලකයන් පිඹුරු පත් අටවමින් සිටී. සැබවින්ම සැලැස්මක් නොමැතිව ගොවියා නිදහස්
කිරීමේ ප්‍රතිඵලය කිසිසේත්ම ලංකාවට සුභදායි නොවූ බව පසක් වී අවසන්ය.