පසුගියදා දර්ගා නගරයේ ඇති වූ ගැටුම පිළිබඳව
විමර්ශනය කරන්නෙකුට නිතැතින්ම සිහිපත් වන්නේ
විසිවන සියවස මුල් භාගයේ දී ඇති වූ සිංහල මරක්කල කෝලාහලයයි. ඉන් වසර සියයක්
ගතවූ විටද එම ස්වරූපයෙන්ම සිංහල මුස්ලිම් ගැටුමක් ඇතිවීම සැබවින්ම අවාසනාවන්ත
තත්ත්වයකි. එම කෝලාහලයන්ට තුඩු දුන් හේතු නොසලකා හැරීම මීට පසුබිම් වන බව
පැහැදිලිය.
ඊ.බී. ඩෙන්හැම් නැමැති බ්‍රිතාන්‍ය සිවිල්
සේවා නිලධාරියා එක්දහස් නවසිය එකොළහ වසරේ පවත්වන ලද ජන සංගණනය පිළිබඳව වැදගත්
වාර්තාවක් විසින් පළකර ඇත. මෙම වාර්තාව ප‍්‍රසිද්ධියට පත්ව 2014 වසරට වසර එකසිය දෙකක් ගත වෙයි. මෙහි
අඩංගු ඇතැම් කරුණු අතර ලංකාවේ මුස්ලිම් ජනතාව අරභයා තබා ඇති සංඛ්‍යා ලේඛන
වර්තමානයට ඉතා වැදගත් වෙයි.
ලංකාවේ ජීවත් වෙන මුස්ලිම්
ජනතාව එක් පිරිසක් නොවේ . ඔවුහූ එකම ලබ්ධියක සිටියද ජන වර්ග වශයෙන් විවිධය.
ඩෙන්හැම් මහතා දක්වන පරිදි ලාංකික මුස්ලිම් ජන කණ්ඩායම් නොහොත් අරාබි මුස්ලිම් ප්‍රජාව
සිංහල රජවරුන්ගෙන් රාජකාරි ලැබ මෙහි පදිංචි වූවන්ය. පෘතුගීසීන්ගෙන් හිරිහැරයට පාත‍්‍රව
සිටි දකුණු ඉන්දීය මරක්කලයින් ඉන් ගලවා ගැනීම් වස් නැගෙනහිර පළාතේ ඉඩම් ලබා දී රාජකාරියට යටත්ව සංස්කාතියට
එකතු වන ලෙසට පොරොන්දුවක් ද ලබා දී පදිංචි කරන ලද්දන් ද මීට අයත්ය.
1911 වන විට ඔවුන් ගේ ජන සංඛ්‍යාව 2,33,901 ක් විය. ඊට අමතරව මුහුදු බඩ
මුස්ලිම් ප්‍රජාව ගණනින් 32,724ක් විය. මේ ජන වර්ගය උපතින් දෙමළ ගෝත‍්‍ර වලට අයත්
වන අතර දකුණු ඉන්දියාවේ සහ ලංකාව අතර පුවක් සහ රෙදිපිළි වෙළදාමේ නියුක්තව සිටියහ.
හම්බන් නම් යාත‍්‍රා විශේෂයක් භාවිතා කිරීම නිසා හම්බයෝ යන පොදු නමින් ඔවුන්
හැඳින්වීය.
මේ මුස්ලිම් ජන කොටස් වලට අමතරව මැලේ
ජන වර්ගයද මුස්ලිම් ප‍්‍රජාවට අයත්ය.එසේම බටහිර ඉන්දියාවෙන් පැමිණි බෝරා
වෙළෙන්දන්ද උගස් බඩු ගැනීමේ නියුක්තව සිටි අවකන් නොහොත් ඇෆ්ගන් වරු ද මුස්ලිම් ප‍්‍රජාව
නියෝජනය කරයි. ඔවුහූ වැඩි වශයෙන් කොළඹ කේන්ද්‍ර කරගෙන ජීවත් වූ බව සඳහන් කර ඇත.
ලංකා
ව්‍යවස්ථාදායක සභාවේ සිංහල නියෝජිතයාව සිටි එස්. සී. ඔබේසේකර මහතා කෘෂිකර්ම බැංකු
කමිටුව ඉදිරියේ දී තිබෙන සාක්ෂියකදී මෙම මුස්ලිම් ප්රජාව ගැන සඳහන් කර ඇත්තේ
මෙසේය . සාමාන්‍යයෙන් ඔවුහු නිතරම අමුත්තන්ය. මිනිසුන්ට නිතරම හිරිහැර කරන්නන්ය.
ඔවුන්ට මුදල් ටිකක් තිබේ. සාමාන්‍ය රට වැසියා ට එපමණකවත් නොමැති හෙයින් ඔවුහු
අන්තිමේ දී රට වැසියාගේ ඉඩම් හිමියෝ වෙති. මෙහිදී එක් නිදර්ශනයක් පමණක් ඉදිරිපත්
කරමි. එක්කෙනෙක් වී බුසලකින් ( බුසලක මිළ 1.50 කි.) රුපියල් දෙදාහක් පමණ ඉඩම් උපයා
ගත්තේය. වී බුසල් දෙකක මිළ රපියල් දෙකයි පණහ දක්වා වැඩි කළේය. අන්තිමට රටේ මහත්තයා
එය ගලවා ගත්තේ රපියල් දෙකයි පණහක් ගෙවීමෙනි.
එකල මෙලෙස විශාල ඉඩම් ප‍්‍රමාණයක්
විදේශීය මුස්ලිම් ප්‍රජාව සතු වූයේ මෙලෙස මුදල් ණයට දීමෙනි. දඹුල්ල ලේනව ප‍්‍රදේශයේ
නිකවටවන නම් ගමක් වෙයි. මෙය දඹුලු විහාරයේ පිළිම වහන්සේලා වෙනුවෙන් පූජා කරන
ලද්දකි. පිළිම වහන්සේගේ වැලමිට වෙනුවෙන් වැලමිටියාව ද නිකට වෙනුවෙන් නික වටවන ද
පූජා කරන ලද බව කියති. යටත් විජිත යුගයේ දී මුදල් ගෙවා මෙම ගම රාජකාරියෙන් නිදහස්
කර ගෙන ඇත. එම ගම් වාසී සිංහලයන් ට මුදල් නොතිබුණ අතර වෙළෙදාමේ යන මුස්ලිම් ජන
කණ්ඩායම් මෙම ගම නැවතී තමන්ගේ තවලම් ලිහා ගස් වල බැඳ සිංහලයන් ගෙන් දර වතුර ඉල්ලා
ගෙන උයා පිහා කා යන සිරිතක් තිබුණි. මුදල් නොමැති එක් රදළයෙකු මෙම මරක්කලයන්ගෙන් සල්ලි
ණයට ගත්තේය. අවසානයේ ණය ගෙවා ගන්නට නොහැකි වූ රදළයා සිත් තැවුලෙන්ම ජිවිතක්ෂයට පත්
විය. මුස්ලිම් වෙළෙන්දා මෙම රදළයාගේ ඉඩමත් ඔහුගේ භාර්යාවත් අත්පත් කර ගත්තේය.කන්තලේ
අසල තඹලගමුවේ සිටි මරක්කලයන් සිංහලයන්ට නිතරම කරදරකාරී වූ පිරිසකි. අනුරාධපුර
දිස්ත්‍රික්කයේ කල්පේ කෝරළයට යාබදව තිබූ බැවින් නතරම පරංගියාවාඩිය හොරොව්පතාන වැනි ගම්
වලට පැමිණීම ඔවුන් ගේ සිරිත විය. අස්වනු කපා පාගන්නා සමයේ දී මේ මරක්කලයන් සමූහ
වශයෙන් ගම් වලට පැමිණෙන්නේ කරත්තද රැගෙනයි. පරංගියාවාඩිය පරදෙහියාකඩ වැනි ගම්වලට
පැමිණ සිංහලයන්ට පහරදී ඔවුන් එළවා දමනු ලබන අතර අනතුරුව වී බිහි වල තිබෙන වී කරත්ත වල පටවා ගෙන ආපසු තඹලගමුවටම යති. සෑම වර්ෂයකම මෙලෙස වී අස්වැන්න කොල්ලකෑමේ
නියුතු ව සිටි මරක්කලයන් ගෙන් බේරීමට බැරි වූ විට සිංහලයන් එක් රැස් වී කතිකා
කොට තීරණයකට එළඹියහ. ඒ අනුව ගමට පැමිණි
එක් දිනයකදී ඔවුන් වටකොට පහරදී ඝාතනය කිරීම කරන ලද්දේ වෙන කළ හැකි අන් දෙයක්
නොවුණු බැවිනි.
එකල කෘෂිකර්ම බංකු කමිටුව ආරම්භ
කරන ලද්දේ මෙම ණය උගුලෙන් ජනතාව බේරා ගැනීම සඳහාය. රොබට් චාර්මස් ආණ්ඩුකාරයාගේ
මූලිකත්වයෙන් පිහිටුනු ලැබූ සමූපකාර ණය දෙන සමිති ද අසරණ ගම් වැසියන් හෙටිටි
රාළලාගෙන් බේරා ගැනීමට පිහිටුවනු ලැබූ ඒවාය. ආමන්ඩ් ද සූසා මහතා මෙම මුස්ලිම් ප්රජාව ගැන සඳහන් කරන්නේ මෙලෙසය
.
ඔවුහු බොහෝ විට අශීලාචාර විය. මෙය යුදෙව්වන්
තුළ දක්නට නොලැබුණු ගතියකි. ඔවුන් ඉන්දියාවේ මුහුදු බඩ පෙදෙසකින් පැමිණියේ වස්තු
තණහාව නිසාය. ඔවුන් මහමත්වරුන් හෙයින් භාර්යාවන් කැටුව නොපැමිණියහ. මෙම පිරිස ගම්
වලට පැමිණ ආරම්භ කළ කඩ වල හැම දෙයක් ම ඇත. මෙහිදී ඔවුහු සිංහල බෞද්ධ තරුණියන් සමග
හාදකම් පවත්වමින් එක්කෝ ඔවුන් දූෂණය කළහ. නැතහොත් මුසලිම් ආගමට හරවා ගෙන අනියම්
බිරියන් හැටියට තබා ගත්හ.
1912 දී ආරම්භ වී 1915 වර්ෂය දක්වා
ඇදී ගිය මරක්කල කෝලාහලයට පසුබිම් වනුයේ
මුහුදු බඩ මුස්ලිම් වරු නොහොත් හම්බයන්ය. ඔවුහු මරක්කලයන් ලෙසටද හැඳින්වූහ.
ලංකා විශ්ව විද්‍යාලීය ඉතිහාසය නම් ග‍්‍රන්ථයේ
දී කේ. එම්. ද. සිල්වා මහතා මේ මරක්කලයන් ගැන විග‍්‍රහ කරනුයේ මෙසේය.
‘ඔවූහු
ස්වකීය වෙළඳ ජාවාරම් ආරක්‍ෂා කර ගැනීම සඳහා දැඩි ලෙස ක‍්‍රියා කලාහු පමණක් නොව
ඔවුන්ගේ පුරවැසි අයිතිවාසිකම් තහවුරු කර ගැනීම පිණිසද ස්වදේශික මුස්ලිම් වරුන්ට
වඩා සාහසික ලෙස ක‍්‍රියා කළහ. මොවුන්ගේ මේ අවිනීත භාවය හා අනෙක් ආගමික ජන කොටස්
සතුව පවත්නා සාම්ප‍්‍රදායික පූජා විධි හා සිරිත් විරිත් ගැන නොතැකීම නිසා මෙවැනි
අවධියෙක (1915) එනම් බුදු සමයෙහි පුනරුදයක් ඇති වේගන ගිය කලෙක ඔවුහු සිංහල
බෞද්ධයන් සමඟ බරපතල ගැටුමකට වහල් වූහ. වසර අටසීයක් පමණ පැරණි ගම්පළ වලහගොඩ දේවාලයේ
පෙරහැරට මුල් වරට 1907 වසරේ දී මුස්ලිම් ජනතාවගෙන් බාධාවක් එල්ල විය. දේවාලයට
නුදුරින් තිබෙන මුස්ලිම් පල්ලියට දෙපැත්තේ යාර සීයක් පමණ දුරින් කණු දෙකක්
පිහිටුවා ඒ අතර තුර තූර්ය වාදනය තහනමි කරලීම මෙම බාධාවයි.’
1912 දී නුවර දිසාපති වරයාව සිටි ජී.
ඒ. සැක්සටන් මහතා සිංහල බෞද්ධයන් ගේ මෙම පෙරහැර පැවැත්වීමට බාධා වන පරිදි නීතියක්
සම්මත කලේ මෙකී මරක්කල ජනතාවගේ ඉල්ලීම පරිදිය. ගම්පළ වලහගොඩ ඓතිහාසික දේවාලය
ආසන්නයේ පිහිටා තිබූ මේ මරක්කල පල්ලිය ඉදිරිපසින් තූර්ය වාදන නොමැතිව පෙරහැර ගමන්
කළ යුතු යැයි යන නියෝගය පසුව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය අවස්ථාවේදී ස්ථීර විය. ඉන් පසු
උද්දාමයට පත් යටකී මරක්කලයන් දිවයිනේ විවිධ පෙදෙස් වල පැවති උත්සව කඩා කප්පල් කිරීමට ඉංග‍්‍රීසි
ආණ්ඩුවේ සහය ලබා ගත්හ.
1915 මැයි මස 5 වන දාට යෙදී තිබූ
වෙසක් උත්සවය සඳහා මහනුවර පැවති බැති ගී කරත්ත පෙරහැර කඩාකප්පල් කිරීම නිදසුනකි.
බෞද්ධයන් මේ අවස්ථාවේදී දන්සල් පැවැත්වීම නිසා මුස්ලිම් කඩවල වෙළදාම නැති වී යන්නේ
යැයි යන අදහස නගර සභාවේ නිළධාරීන් වෙත ඒත්තු ගැන්වීමට මුස්ලිම් නායකයන් උත්සාහ
කළහ. මේ නිසා දන්සැල් පැවැත්වීමට නගර සභාවෙන් නිසි අවසරය නොලැබුණි. එසේම පොලීසිය
විසින් කරත්ත පෙරහැරට බාධා කිරීම නිසා ඇති වූ කලබලය මහත් නොසන්සුන් තාවයක් බවට පත්
විය. යුද්ධ නීතිය යටතේ දවස් සියයක් නම් ග‍්‍රන්ථය සකස් කළ ආමන්ඞ්ද සූසා මහතා 1915
මරක්කල කෝළාහලයට හේතු දක්වන්නේ බි‍්‍රතාන්‍ය රජයේ සහ නිලධාරීන්ගේ ඔලමොට්ටල කම්
ගෙනහැර දැක්වීමෙනි.
එහිදී කුරුණෑගල උසාවියේ පවරා තිබූ
අංක 3649 දරණ නඩුව විභාග කළ ජී. ඩබ්. වුඩ්හවුස් මහතා මුස්ලිම් සිංහල දෙපක්ෂය සමගි
කරලීමට බැරි වීම පිළිබඳව පොලීසිය හෙලා දැක්කේය .සමගි කරවීම වෙනුවට පොලිසිය කර
තිබෙන්නේ නඩු යාමට දෙපක්ෂයම දිරි ගැන්වීමයයි ඔහු සඳහන් කළේය. 1915 දී බලවත් ජීවිත
හානි වලට පසුබිම් වූ මුස්ලිම් කෝලාහලයට
ලංකා පොලිසියේ ප‍්‍රතිපත්තියෙහි පැහැදිලි දුර්වල කම හේතු වී ඇති බව ද හේ වැඩි
දුරටත් ප‍්‍රකාශ කලේය.
බෞද්ධයන් ගැටුම් වැලැක්වීමට උත්සාහ
කරද්දීත් ඔවුන්ගේ අවංක භාවය පැහැදිලිව පෙනෙන්ට තිබියදීත් මුසලිම් අය ඕනෑකමින් පීඩාකාරී
වූහ. බෞද්ධයනට පාඩමක් උගන්වන අටියෙන් පෙරහැරට විරුද්ධව මුස්ලිම් ජන කණ්ඩායම් පල්ලි
ළගට රැස්වූහ. මෙම ගොඩනැගිල්ල පාඨශාලාවක් විනා පූජනීය ස්ථානයක් නොවන බව අවංකවම
විශ්වාශ කළ බෞද්ධයන් ඔවුනට අභියෝගයක් වශයෙන් නොව සාමාන්‍ය පිළිවෙලකට අනුව ඒම ස්ථානය
පසුකර ගියහ. මුස්ලිම් අය ඉල්ලා සිටි කෙණෙහිම ඔවුහු තූර්ය වාදනය නැවැත්වූහ. එහෙත්
මුස්ලිම් ජනයා පෙරහැර විසිරුවා හැරීමට දැඩිව තීරණය කර ගෙන සිටි හෙයින් ඔවුහු
පෙරහැර ට ගල්වලින් ගැසූහ. සමහරෙකුට පහර දුන්හ. පිළිමයට මඩ ගැසූහ.( යුද්ධ නීතිය
යටතේ දවස් සියයක්)
ජෝන් ඇන්ඩරසර්න් මහතා ආණ්ඩුකාරවරයා
වශයෙන් පත්වී පැමිණි අලුතම ඔහු කළ කාර්යය නම් ගම්පළට ගොස් වලහගොඩ දේවාලයේ පෙරහැර සම්බන්ධ
ප‍්‍රශ්ණය සමථයකට පත් කිරීමට උත්සාහ දැරීමයි. බෞද්ධයන් ගේ පුරාණ චාරිත‍්‍ර
පැවැත්වීමට බාධා නොකරන ලෙසටත් ඔවුන්ගේ හැඟීම් අවිස්සෙන අයුරින් ක‍්‍රියා නොකරන ලෙසටත්
මුස්ලිම් ප්‍රජාවගෙන් පොරොන්දුවක් ගත්හ. නමුත් 1915 වන විට තත්ත්වය බරපතල වී
කෝලාහලයක් බවට ගැටුම පරිවර්තනය වූයේ ය. ඒ තත්ත්වය තුළ අප තේරුම්කර ගත යුත්තේ විදේශීය
මූලයක් සහිත ජන කොටසකට අනවශ්‍ය ආකාරයකට වටිනාකම් ලබා දීමෙන් අසරණ ව සිටින සවදේශික
ජන කොට්ඨාසය පීඩාවට පත් වන බවය.
1981 වසරේදී පවත්වනු ලැබූ ජන
සංගණනයේදී හෙළි වූ කරුණු අනුව සමස්ත මුස්ලිම් ජනගහනය සියයට 6.5 ක් වූ අතර 2001 දී
එය සියයට 8.5 දක්වා වර්ධනය වී තිබුණු බවයි. ලංකාවේ දිස්ත‍්‍රික්ක අතරින් මුස්ලිම්
ජනගහනයේ සීඝ‍්‍ර වර්ධනයක් පෙන්නුම් කරන්නේ පුත්තලම් දිස්ත‍්‍රික්කයේ ය. එය
1981-2001 වන විට සියයට 9.9 සිට 18.7 දක්වා වර්ධනය වී ඇත. කළුතර,
ගම්පහ, නුවර, අනුරාධපුර,
කෑගල්ල ආදී ප‍්‍රදේශ වල පිළිවෙලින් මේ ජනගහන වර්ධන වේගය දක්නට
ඇත.ජන ගහන වර්ධන වේගයද සමග ලංකාවේ මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් බිහිබීමට පටන් ගෙන ඇත.
තව්පික් ජමාත් වැනි සංවිධාන දහයක් පමණ මෙහි ක්‍රියාත්මක වන බව ආරක්ෂක අංශයන්ද
දැනුම්වත් වී ඇත. ඒ අතර සංචාරක වීසා රැගෙන ලංකාවට පැමිණි ඇති පකිස්තාන අන්තවාදී
මුස්ලිම් කණ්ඩායම් සෑම මුස්ලිම් ජන කිටුවකටම යමින් එමින් ඔවුන් ගේ මූලධර්මවාදී
දේශන පවත්වති. දර්ගානගරයේ පසුගිය දා ඇති වූ නොසන්සුන්තාවයට හේතුව මෙලෙස
මූලධර්මවාදී ලෙසට බල ගැන්වුණු පිරිස් බව පැහැදිලිය. සිංහලයන් අවුස්සා කෝලාහලයකට
මුල පිරීම කුමන්ත්‍රණකාරී ලෙසට ආරම්භ කළ බවක් එහිදී දක්නට තිබුණි. ආවේගශීලී ඇතැම්
සිංහල කොටස් විසින් පහර දෙනු ලැබූ විනාශ කරන ලද දේපල පිළිබඳව ඔවුහු කඩිනම්
වාරතාවක් සැකසූහ. එසේම දර්ගානගරයේ සිද්දියට පැය විසි හතරක් යන්නටද කලියෙන්
මුස්ලිම් අය නියෝජනය කරනු ලබන මානව හිමිකම් නියෝජිත පිරිසක් පොලිස් ස්ථානයන්ට
යැවීමටද කටයුතු කළහ.ඒ අනුව සිංහල දේපළ වලට හා වැලිපැන්නේ බුදු මැදුරට පහර දුන්
මුස්ලිම් අන්තවාදීන් අත් අඩංගුවට පත් වීම වැළකුණි. මුස්ලිම් නායකයන් ගේ මැදිහත් වීම මත සකස් කරන ලද වාර්තාව දැනටමත්
අන්තර්ජාතික මානව හිමිකම් නියෝජිතයන් අතට පත්වී ඇතිවා නිසැකය. මෙහිදී පොලිසිය කලේ
මෙම වාර්තාව සැකසීමට අවශ්‍ය පහසුකම් ලබා දීමයි. ඔවුන් හිතාමතාම සිංහල තරුණයන් වැඩි
පිරිසක් අත් අඩංගුවට පත් කරන ලද්දේ ද මුස්ලිම් අය අත් අඩංගුවට පත් නොකිරීමට ක්‍රියා
කලේද මේ වාර්තාවට අවශ්‍ය කරුණු පෙළගැස්වීමටයි. ඒ අතින් බලන කල්හි ශ්‍රී ලංකා
පොලීසිය පවත්නා රජයට එරෙහිව කටයතු කර තිබේ.
වසර සියයකට පසුවද නැවතත් සිංහල
මුස්ලිම් ගැටුමක් නිර්මාණය වන්නේ පාලකයන්ගේ හා පොලිස් නිළධාරීන්ගේ දුර්වලතාව නිසා
බව දැන් පැහැදිලිය. මේ කිසිවෙක් සිංහල ජනතාව සතු පාරම්පරික අයිතියට ගරු නොකරති.
රටේ එක් නීතියක් වෙනුවට ජාතිවාදී නීති මගින් ජනතාව බෙදා පාලනය කිරීමට සැලසුම් සකස්
කරති. අගමික ගැටුම් නිර්මාණය වන්නේ මෙවැනි අමන තීන්දු තීරණයන් නිසාවෙනි. මුස්ලිම්
ප‍්‍රජාව අතරද සාමකාමී සහජීවනයට කැමති පිරිසක්ද සිටියද ආගමික සහජීවනය ඇතිනොවන්නේ සිංහල ජන සංස්කෘතියට
ඇතුළත් කරගැනීමට තිබෙන එවැනි බාධාවන් නිසාවෙනි. දේශපාලන පක්ෂ වශයෙන් ද මෙම පිරිස
තව තවත් ගෝත‍්‍රික කණ්ඩායම් බවට පත් වීමේ ප‍්‍රවණතාවයක් ද මෑත කාලීන ඉතිහාසය තුළ
පෙන්වයි.ඒ මගින් ජාතිය එක්සත් වීමේ අවස්ථාවන් දුරස් ව යන අතර මෙරට පාරම්පරික උරුමයන් ඇති සිංහලයින් ගේ
අයිතිවාසිකම් ද විනාශ වී යාමට හේතුවක් බවට
පත් වී ඇත.