පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Sunday, January 26, 2014

රසගුණ කියා ලබාගෙන වස වූ කෘතිම රසකාරක


                                    


 

    ආහාර රසකරනය ලංකාවේ ජනතාවට නුහුරු දෙයක් නොවේ. තුනපහේ නොහොත් ලුනු ඇඹුල් හා පස්කුලු බඩු යොදා ගනිමින් කළ මේ රස කරනය නිසා ආහාරයේ සුවඳ මෙන්ම ගුණයද ආරක්ෂා විය. වැඩි වර්ධනය විය. එසේම ජීර්ණයට පහසු කරවිය.  රුචිකත්වය ඇති කිරීමටද විස නැසීමටද ප්‍රධාන වූ කහ මේ කුලු බඩු අතරින් ප්‍රධාන වී යයි කිය හැකිය. වසර දහස් ගණනාවක් තිස්සේ ආහාරයට කරන ලද මේ සාත්තුව නිසා සිංහලයන්ගේ නිරෝගීකම මැනවින් ආරක්ෂා වූහ. මෙයට පදනම් වූයේ ආයුර්වේද ශස්ත්‍රයයි. නමුත් යටත් විජිතකරණයෙන් පසුව ලංකාවට හඳුන්වාදෙනු ලැබූ විවිධ ආහාර වර්ගයන් රසකර ගැනිමට කෘතිම ලවණයන් යෙදීම ජනප්‍රිය වූයේ අසූව දශකයෙන් පමණ පසු බව කිව යුතුය. එයට හේතුව නවීන විද්‍යාවේ ආහාර තාක්ෂණය දියුණු වීමයි. ආහාර නරක් නොවී කල් තබා ගැනීමටද ආහාරයේ පෝෂණ සංගුණකයන් වැඩි වර්ධනය කිරීමටද රසය වැඩි කිරීමටද මේ කෘතිම රසකාරක යොදන බව නවීන් ආහාර තාක්ෂණ වේදීන් පවසයි.  ස්වභාවිකව හමුවන රසකාරක යොදනවාට වඩා කෘතිමව සකස් කර ගන්නා ලද රසකාරක වලට ජනතාව පුරුදු පුහුණු කරවීමෙන් වානිජ ව්‍යාපාර දියුණු කරලීමට හැකි බව ප්‍රබල සමාගම් තේරුම් ගත්හ. ඒ අනුව ඔවුහු රසායන ද්‍රව්‍ය කර්මාන්තය ව්‍යාප්ත කරලීමට මුදල් යෙදවූහ..

           වට්ටානා පරිප්පු හෝ කව්පී ඇතුලු අඩුවැඩිය යොදා සකස් කරන  වඩය දෙමළ මිනිසුන් ගේ රස කෑමකි. එහි අන්තර්ගතයට අද නොයෙකුත් දෑ එකතු කර තිබේ. ස්වභාවිකව ලැබෙන ලුණු වෙනුවට මොනෝ සෝඩියම් ග්ලූටමේට්( MSG) නම් ආහාර රසකාරකයක් මෙයට එකතු කරති. මෙය සාමාන්‍ය ව්‍යවහාරයේ දි අජිනොමොටෝ වෙයි. ජපානයේ දී 1909  දී කිකුනෙ අකිඩා විසින් නිර්මාණය කරන ලද මේ ලවණය පසුව 1917 දී සුසුකි සමාගමේ මහා පරිමාණ නිෂ්පාදනයක් වශයෙන් එළිදක්වන ලදී. දැන් රටවල් විශාල ප්‍රමාණයක ආහාර රසකාරකයක් ලෙසට මෙය භාවිතා කරමින් ඇත. ලංකාවේ ආහාර පාන වෙලෙඳසල්වලට මේ ලවණය දැන් නැතිවම බැරිව තිබේ. ව්‍යංජන රසකාරකයක් ලෙසට පැටිස් හෝ රෝල්ස් රසකාරකයක් ලෙසට බිස්කට් රසකාරකයක් ලෙසට මෙය විශාල පරිමාණයෙන් භාවිතා කරති.හන්දියේ කඩ මණ්ඩියේ තිබෙන වඩේ කරත්තයට මෙම ලවණය නැතිවම බැරිය. ඊට අමතරව පොල්කුඩු සහ පාන්පිටි ද වඩයට එකතුකරන්නේ රසය වැඩි කරලීමටයි. ඒ සමගම ලාභයට ලබා ගන්නා (ආර්.බී.ඩී.) තෙල් නොහොත් රසායන ද්‍රව්‍ය යොදා සුද්ද කරන ලද ෆාම්තෙල් මගින් මේ වඩය ගැඹුරු තෙලේ බැදෙන්නේ ය.

       අජිනොමොටෝ නිසා මොළයේ ස්නායු ආබාධයට පත් වන බව සොයා ගෙන ඇත. එයට හේතුව මෙම ලවණයට පදනම් වන ග්ලූටමික් අම්ලය මගින් මොළයේ මතකය සම්බන්ධ ස්නායු දැඩි ලෙසට උත්තේජනය කරන බැවිනි. මේ නිසා කාලයක් මේ ලවණයේ ආභාෂය ලබන්නා පාකින්සන් වැනි රෝග වලට නිතැතින් භාජනය වේ. ඊට අමතරව ස්නායු පද්ධතියේ අසමබරතාවය නිසා පිළිකා ශෛල වර්ධනය වීමද මේ මගින් සිදු වේ. සාමාන්‍ය යෙන් ලාංකික ජනතාවට ග්ලූටමික් අම්ලය ලැබෙන ප්‍රධාන ආහාරය වශයෙන් ගැනෙන්නේ බත්ය. වෙසෙසින්ම සිංහල සහල් වල මෙම ග්ලූටමික් අම්ලය අධික වශයෙන් අඩංගු වේ යයි කැලිෆෝනියා විශ්ව විද්‍යලයේ කරන ලද පර්යේෂණයකින් සොයාගෙන ඇත.අපේ අම්මලා කුඩා දරුවන්ට සහල් නිවුඩ්ඩෙන් සෑදූ අග්ගලා කන්නට දුන්නේ මේ නිසාය. සහල් පිටිත් කොහොල්ලෑ හෝ කොස් ඇට පිටිත් එකතු කළ කල්හි වඩේ ලෑල්ලේ තිබෙන රසයට වඩා වැඩි රසයක් ලබා ගත හැකි වඩේ ගෙදරදීම සාදා ගතහැකි යයි බොහෝ අය නොදනිති.ගස්යට කොස්ඇට  වැටී නරක් වී යද්දී අජිනොමොටෝ වලට වහල් වන රටක සෞඛ්‍ය පිළිබඳව ක්‍රියා  මාර්ග ගැනීම ඉතාමත් අසීරුය. වර්තමානයේ බහුල ලෙසට පැතිර තිබෙන ඩෙංගු වෛරස වලට ශරීරය ඔරොත්තු නොදෙන්නේ මේ රසායනික ලවණයන් නිසා බවද පෙන්වා දිය යුතුය. වඩේ ලෑල්ලේ වෙළෙඳාමෙන් පවුලක් නඩත්තු කරන දුප්පත් කම නැතිකරගන්නා පිරිස අපමණ බව අප දනිමු. එහෙත් එය කළ යුත්තේ අප කාගේ කාගේත් සෞඛ්‍ය රැකෙන පරිද්දෙනි.

                  දුප්පතාගේ වෙසෙසින්ම නාගරික දුප්පතාගේ බඩගිනි නිවන පාන් ගෙඩිය හා වෙනත් බේකරි නිෂ්පාදනයන් නිසා ලංකාවේ ගොවියාට සෙතක් නැත. එහෙත් සහල් පරිභෝජනය වැඩි කරලිය හැක්කේ එකවර පාන් බනිස් පරිභෝජනය ඉවත් කිරීමෙන් නොවේ. සහල් ආශ්‍රිත නිෂ්පාදන බේකරි ක්‍රමයට ක්‍රමානුකූලව පරිවර්තනය කරලීමෙන් පමණක් මෙය කළ හැකිය. මීට වසර තිහකට පමණ එපිටදී බේකරි හිමියන් යොදා ගත් අමුද්‍රව්‍ය ඉතාමත් ස්වභාවික දෑ විය. මාගරින් ඊශ්ට් ආදිය පමණක් නොව තිරිඟු පිටිද යම් තරමකින් ස්වභාවික විය. බිස්කට් වලට ගන්නා අමුද්‍රව්‍යයන්හි තත්ත්වයද එලෙසම විය. එයට එක් හේතුවක් වූයේ නිෂ්පාදන සමාගම් අතර වැඩි තරඟයක් නොවීමයි. එදා දේශීය කර්මාන්ත වශයෙන් ඇරඹි මැලිබන් හා විලියම්ස් වැනි ආයතන මගින් ජනතාවට සරිලන යහපත් ආහාර සැපයීමට උත්සුක වූ හැටි අපට මතක් වෙයි. නමුත් වර්තමානය එලෙස නොවේ. තරඟකාරිත්වය නිසා එකිනෙකා පරයා තම නිෂ්පාදන වලට ඉහළ ඉල්ලුමක් ලබා ගැනීමට නොයෙකුත් රසායන වර්ග භාවිතා කරන්නට පටන් ගෙන ඇත.

        එහි එක් ද්‍රව්‍යයක් වන්නේ බිස්කට් ඇමෝනියා නොහොත් ඇමෝනියම් හයිඩ්‍රජන් කාබනේට් නම් රසායන ද්‍රව්‍යයි. මෙය බිස්කට් වලට පෙනුමක් ගෙන දෙන්නකි.කරකරස් ගා හැපෙන ගතිය ගෙන දෙන්නකි. මෙහි රසදිය ආසනික් ඊයම් වැනි ලෝහමය දව්‍යයන්ද සුලු ප්‍රමාණයෙන් අන්තර්ගත වන අතර බේකරි හිමියන් මෙන්ම මහා පරිමාණ නිෂ්පාදන සමාගම්ද මේවා යොදා ගැනීමට වැඩි කැමැත්තක් දක්වන්නේ ඒවායේ ක්‍රියාකාරිත්වය නිසාවෙනි. එයට අමතරව රස ගැන්වීම පිණස භාවිතා කරන රස කාරක විශාල ප්‍රමාණයකි. මේවාද රසායනික ලවණයන්ය. ඇමෝනියම් ලවණ මෙන්ම මෙවැනි රසකාරකයන්ද වැඩිතරම ශරීරයට එක්කාසු වීමෙන් ආමාශයේ ක්‍රියාකාරිත්වය දුර්වල වන අතර ආහාර නොදිරවීමෙන් පටන් ගෙන අම්ල පිත්ත රෝගය හටගැනීම දක්වා එය වර්ධනයය වේ. එයට අමතරව ශරීරයේ ප්‍රතිශක්තිය හින වීම මගින්  බැහැරින් එන රෝගාබාධ වලට නිරන්තරයෙන් ශරීරය ගොදුරු වනවා නියතය.මාගරින් වර්ගද එසේමය. දැනට පාන් නිපදවීමට ගැනෙන මෙවැනි වර්ග සියල්ල ඌරු තෙල් සහ වෙනත් ඉවත්කරන තෙල් වර්ග වලින් සාදා ගන්නා අඩු මිළ ද්‍රව්‍යයන්ය. පාන්ගෙඩියේ පිපීම මෙන්ම අදෙන ගතියද එයින් ශක්තිමත් වෙයි. බටර් හෝ සැබෑ මාගරින් යොදා සාදන බේකරි නිෂ්පාදනයන්හි මිළ අධික බව කිව යුතු නොවේ.

        රසකාරක යෙදීමේ ප්‍රවණතාවය පසුගිය දශක දෙක තුළ දී විශාල වශයෙන් වැඩි වී ඇත. මෙයට තවත් හේතුවක්ව ඇත්තේ ලංකාවේ රාජ්‍ය ආයතන වන කාර්මික සංවර්ධන මණ්ඩලය හා කාර්මික තාක්ෂණ ආයතනයන්හි ආහාර විද්‍යඥයන් පවා මේවා අනුමත කිරීමයි.කෙසේ වෙතත් වර්තමානය වන විට කුඩා දරුවන්ගෙන් විශාල ප්‍රමාණයකට දියවැඩියා රෝගය ඇත.ක්ෂණික නූඩල්ස් වැනි ආහාර නිරන්තර පර්භෝජනය නිසා මේ අයගේ තරබාරුව වැඩිවී තිබේ. ඔවුන් ගෙන් වැඩි පිරිසක් ගණිතය අසමත් වන්නේමේ රසායන උත්තේජනයෙන් මොළයේ සියුම් ස්නායුන්ට සිදුවන ආබාධ හේතුවෙනි.මේ නිසා තර්කානුකූල බුද්ධිය දරුවන්ට අහිමි වී ගොසින්ය. රජරට වකුගඩු රෝගය පිළිබඳව සමාජයේ අවධානය යොමු වීමෙන් දැන් සෞඛය අංශ වලද ඇහැ ඇරී තිබේ. ඒ අනුව පසුගියදා  ඇලොයින් බර්බරරීන් බීටා- ඇසරෝන් සීනමයිල් ඇන්ත්‍රක්සිලේට් කේඩ් ඔයිල් කැලමස් ඔයිල් කොකේන් කුමරීන් ඩයිඑතිලීන් ග්ලයිකෝල් ඩයිඑතිලීන් ග්ලයිකෝල් මොනෝඊතයිල් ඊතර් එස්ට්‍රගෝල් ඉයුජිනයිල් මීතයිල් ඊතර් හයිපරිසීන් නයිට්‍රොබෙන්සීන් පයිරොලිජිනස් ඇසිඩ් සැප්රෝල් සැන්ටොනික් සාසප්‍රස් ඔයිල් තුජෝන් අයිසොතුජොන් ඇල්පා ඒ බීටා තුජෝන් ටොන්කා බීන් ආදී රසකාරක විස්සක් තහනම් කර තිබේ. නමුත් මොනෝසෝඩියම්ග්ලූටොමේට් හෙවත් අජිනෝමෝටෝ ඩයිසෝඩියම් 5 ග්වානිලේට් ඩයිසෝඩියම් 5 ඉනොසිනේට් යන ද්‍රව්‍යයන් තුන තහනම් කර නොමැත. මේ තීරණයන් ගන්නා අතරම යම් රසකාරකයක් ආනයනය කරන්නේ නම් ඒවායේ නිෂ්පාදන රටේ ආහාර සුරක්ෂිතතා සහතිකයක් අවශ්‍ය බවද දන්වා ඇත. මේ  නම් හොරාගේ අම්මාගෙන් පේන ඇහීමකි. මේ කෘතිම රසායනයන් කිසිසේත්ම මනුෂ්‍යයන්ට යෝග්‍ය නොවන බවට  දැනටමත් සමාජය තුළින්ම තහවුරු වී ඇත.වෙනත් සහතික අවශ්‍ය නැත.තහනම් කර ඇති ඩයිඑතිලීන් ග්ලයිකෝල් ආහාර බැඳුම් ද්‍රව්‍යයක් ලෙසය යොදා ගන්නා අතර ඒවා තීන්ත නිෂ්පාදනයටද කෝක් වර්ග නිෂ්පාදනයටද යොදා ගැනේ. මේවා නිසා ආහාර ජීර්ණ පද්ධතියේ ආසාදන හටගත හැකිය.තහනම් කර නොමැති අජිනෝමොටෝ නිසා ඇති වන සෞඛ්‍ය අනාරක්ෂිත බව දැනටමත් ඔප්පු වී තිබේ. ඒ නිසා මේ තහනම් කිරීම පිටිපස ඇත්තේ මේවා ගෙන්වන සමාගම් හා සමග ඇති කර ගත් එකඟතාවයන් බව සහතිකය.වසකෑම පිළබඳව සමාජය තුළ ඇතිවී ඇති ආතතිය සමහන් වූ පසු මේවා නැවතත් ගෙන්වීමට අවසර ලැබෙන බව නම් නිසැකය.

Tuesday, January 7, 2014

හුරුලු පළාතේ සංස්කෘතික සංහාරය


                                            


 

      ඓතිහාසික රජරට ශිෂ්ඨාචාරයේ හදවත වන්නේ නුවර කලාවියයි. නුවර වැව කලා වැව හා පදවිය මුල් කර ගත් මේ වාරි සභ්‍යත්වය තුළ හුරුලු වැවද ප්‍රධාන ජල මුලාශ්‍රයක් බවට පත් වේ. එයට හේතුව එය හබරණ කඳු වැටි ආශ්‍රිතව පටන් ගන්නා ප්‍රධාන වැව බවට පත් වීමයි. මේ නිසා එතැන් සිට පදවිය දක්වා වු කලාපය හුරුලු පළාත ලෙසට හැඳින්වෙන්නට විය. කල්පෙ කෝරළයය  මහ පොතාන කෝරළය හා උඩ්ඩියම්කුලම කෝරළය ආදී වශයෙන් වෙන් වූ සශ්‍රීකත්වයෙන් අග තැන්පත්  හුරුලු පළාත පාලනය කිරීමට අවසාන සිංහල රාජ්‍ය කාලයේ දී හුරුලු මුදියන්සේ නමින් තනතුරක් ද ඇති කර තිබුණි. එයට පත් වූයේ වන්නි වරයෙකු වූ ඉලංගසිංහ කුමාරසිංහ වන්නියාය. පොළොන්නරු අවදියෙන් පසුව සතුරු ආක්‍රමණ හමුවේ විවිධ පීඩනයන්ට ලක් වූ මේ ප්‍රදේශය ක්‍රමයෙන් ජන ශූන්‍ය භාවයට පත් වූයේ ඝන කැලෑ හා නටබුන් වු වැව් අතර පැතිර ගිය මැලේරියා වසංගතය නිසාවෙනි. මේ ප්‍රදේශයේ මැනීම් කටයුතු වලට පැමිණි සුදු නිළධාරියෙකු වූ ජේ.බී.එම්. රිඩුට් කියන පරිදි එක් දිනක් වත් එහි වාසය කළහොත් මැලේරියාවට ගොදුරු වීම නියත විය. මේ ප්‍රදේශය පාලනය කළ හුරුලු මුදියන්සේ  මෙන්ම උලගල රටේ මහත්තයාද පූලියද්දේ රටේ මහත්තයාද තමන්ට මනාප පරිදි උඩරටින් සෙනඟ ගෙනවිත් මෙහි පදිංචි කරවා ඇත.ඇතැම් ගම් වල පහතරට වෙළෙන්දන්ද විය.

             අනුරාධපුර යුගයේ දී පදවිය හා වාහල්කඩ මහා වැව් යුගලය තැනවෙන්නට ඇතැයි සිතිය හැකිය. නමුත් එයටත් වඩා ඈත යන ඉතිහසයකට මේ පෙදෙස අයත් ව බවට නිසැකය. එයට හේතු සාධක සපයන වැදගත්ම ලේඛන හමුවන්නේ ලෙන් ලිපි තුළිනි. හොරොව්පතානේ දියතිත්තවැව කන්දේ හමුවූ ලෙන් ලිපියක ඇත්තේ ශතරශ අඩි යනුවෙනි. සාතාගිරි යක්ෂයාගේ අණ යනුවෙන් එය අර්ථ දැක්විය හැකියයි ඇතැම් විද්වතුන් පවසති. එසේම ත්‍රිකුණාමලය හා කුදිරමලේ යාකරන දේශාංශක රේඛාවේ හමු වන රාමාකන්ද ද වැදගත් ස්ථානයකි. විශ්ව බලය ගැබ්ව ඇති එම ස්ථානය පිළිබඳ තවත් පර්යේෂණයක් අවශ්‍ය වේ. කෙසේ වෙතත් ඓතිහාසික වැදගත් කම වඩාත් තහවුරු වන්නේ මහින්දාගමනයත් සමග ඇති වූ බෞද්ධ ප්‍රබෝධයෙනි. මහ රහතුන් වහන්සේලා වෙනුවෙන් කළ ලෙන් රාශියක් මෙහි ඇත. ඒවා හමුනොවන තැනක් නැති තරම්ය. එතරම් විශාල සංඛ්‍යාවක් ලෙන් ලිපි මෙහි හමු වන්නේ ඇයි දැයි ඇතැම් විට විමතියක් ඇති වේ. එහෙත් ලංකා ධරණීතලයේ පැවති සුවිශේෂත්වය ඊට හේතු වී යයි එක හෙලා පැවසිය යුතුය.

                 හුරුලු පළාතේ අපට හමුවන අනෙක් විශේෂත්වය නම් පවතින දිය උල්පත් සංඛ්‍යාවයි. වියළි කර්කෂක භාවයක් පෙන්වුවද යටින් ඇදෙන දිය උල්පත් නිසා මේ ප්‍රදේශයට ගෙනෙන වාසනාව සුලු පටු නොවේ. කැබතිගොල්ලෑව කලාපයේ පමණක් දිය උලපත් විසිතුනක් හමු වන්නේ යයි කියති. එයට අමතරව හුරුලු පළාතේ කුකුල් බැදි දිගිලිය වැනි උල්පත් ද දැක්විය හැකිය. මේවා මතු කරගෙන ඇත්තේ මහා සාගරයට යටින් පවතින විශාල මිරිදිය දියවැලකින් බව පැරණියන් පවසති. මේ සත්‍යය සොයා ගැනීමට මෑතකදී විද්‍යඥයන්ද සමත්ව ඇති බව කිව යුතුය.මේ උල්පත් නිසා කාන්තාර ලක්ෂන දක්වන් ස්ථානයන් පවා තෙත්බිම් බවට පත් කර ගත්තේයයි කියති.

         හුරුලු පළාතේ පවතින මෙම සමාජ සංස්කෘතික පැවැත්ම කාලාන්තරයක් තිස්සේ යටපත්ව පැවතියේ උතුරු නැගෙනහිර යුද්ධය නිසාවෙනි. මේ ප්‍රදේශවල සිංහල ජනතාව ගම් පිටින් විනාශ වූ අවස්ථාවන්ද බොහෝය. එසේම අවතැන් වූ සංඛ්‍යාවද විශාලය. එහෙත් යුද්ධයෙන් පසුව ඇති වූ සාමකාමි වාතාවරණය නිසා ක්‍රමයෙන් සංවර්ධනය වන හුරුලු පළාතට බලවත්ම තර්ජනය එල්ල ව ඇත්තේ මුද්ලිම් අන්තවාදීන් ගෙනි. මුස්ලිම්වරු මේ පෙදෙසට පැමිණි ඇත්තේ දහනව වන සියවස මුල් භාගයේ දී වෙළදාම් පිණිසය. අකුරණ හා ත්‍රිකුණාමලය වැනි ඈත පළාත්වලින් පැමිණ හොරොව්පතාන වැනි මංසංදි වල කඩපිල් අටවාගෙන පැලපදියම් වූ මොවුන් නවසිය පහළවේ මුස්ලිම් කෝලාහල වලින් පසුව ජන ශූන්‍ය වූ ගම්මාන වල පදිංචි කරවීමට එවකට සිටි රටේ මහත්වරුන් කටයුතු කළහ. වෙසෙසින්ම හරක් පට්ටි රැක බලා ගැනිමට ඔවුන් යොදවා ඇති බව පෙනේ. ත්‍රිකුණාමල වරායට පැමිණෙන බ්‍රිතාන්‍ය නැව් වලට හරක් මස් සැපයීම්වල කොන්ත්‍රාත් ගෙන කටයුතු කළ ඇතැම් රටේ මහත්වරුන් මේ කාර්යයට යොදවා ගෙන ඇත්තේ මුස්ලිම් වරුය. හුරුලු පළාතේ කල්පෙ කෝරළයේ  මුක්කර වැව ආනඔලන්දාව  වීර සෝලේ වැනි ගම්මාන පැරණි සිංහල ගම්මාන වුවද ඒවා එකළ ජන ශූන්‍යව තිබූ හෙයින් මුස්ලිම් වරුනට නිදහසේ ඒවායේ ජීවත් වීමේ අයිතිය හිමි විය.

           මේ ප්‍රදේශයේ සිටින සිංහල ජනතාවද අල්පය. ඒවායේ වැඩි වර්ධනයක් සිදු වූයේ මීට අඩසියවසකට මෙපිටින්ය. මේ නිසා කැලෑවට වැසී ගිය වැව් අලුත් වැඩියා කරමින් ගම්මාන පුලුල් කරගැනීමේ කටයුතු සිදු වූයේ ඉතාමත් හෙමිනි. යුද්ධය නිසා මේ සංවර්ධනය තවත් අඩාල විය. වාහල්කඩ වැනි මහා ජලාශ ව්‍යාපාරයක් වුවද ආරම්භ වූයේ හැත්තෑව දශකයේ දී ය. එබැවින් සාම්ප්‍රදායික සිංහල ගම්මානයන්ට වඩා බලවත්ව නැගී සිටීමට මුස්ලිම් ජනතාවට හැකිවිය. ඔවුහු නැගෙනහිර හා අකුරණ මුස්ලිම් වරු සමග සහසම්බන්ධ වෙමින් හොරෙව්පතාන වැනි නගරයන්හි වෙළෙඳ බලය අත්පත් කර ගත්හ. සිංහලයන් සතු ඉකඩම් වල අනවසරයෙන් පදංචි වීමටද පටන් ගත්හ. මෙම පෙදෙස පාලනය කළ දේශපාලනඥයන්ද මේ පිරිසට කරන ලද උදව් හේතුවෙන් මේ නැගී සිටීම වඩාත් වේගවත් විය.

        යම් ජන කොටසක් සංවර්ධනය වීම හෝ ව්‍යාප්ත වීම සාමාන්‍ය කරුණක් වුවද මෙම මුස්ලිම් වරුන්ගේ ව්‍යාප්තිය සිදුවන්නේ සමාජයට හා සංස්කෘතියට හානිදායක වන අන්දමිනි. මෙම ප්‍රදේශය පුරා පැතිර පවතින පුරා වස්තු විනාශ කරමින් වෙසෙසින්ම නටබුන්වූ සෑම ස්ථූපයක්ද විනාශ කරමින් ඒවායේ නිදන් ගොඩ දැමීම ජයටම කර ඇත්තේ මේ මුස්ලිම් වරුන්ගේ මූලිකත්වයෙනි. මෙහි සෑම කඳුගැටයකම පුරාවස්තු නැති තැනක් නොමැත. ඒවායේ ගල් පුපුරුවා හැර සෙල් ලිපි හා බුදු පිළිම කඩා ආසන වලින් ඉවත් කර නිදන් සෙවීමේ ආශාවෙන් හැසිරුණු ඔවුහු අද වන විට කැලෑ එළි කරමින් ඉඩම් බලහත්කාරයෙන් තම් ග්‍රහණයට නතු කර ගැනීමේ ව්‍යාපාරයක නිරතව සිටී. මෙයට ප්‍රබල සාධකයක් මොටගෝනෑව වන රක්ෂිතයෙන් වාර්තා වේ. නෙලුගොල්ල හා මොටගෝනෑව අතර රක්ෂිතයේ කැලෑ කපමින් එහි වාඩි තනා ගැන්මද බහුලව දකින්නට හැකිය. කීප වාරයක්ම වන සංරක්ෂණ නිළධාරින්ගේ අත් අඩංගුවට පත් වූවද ඉවත් කිරීමේ නියෝග ලැබී නොමැති හෙයින් තවමත් මේපිරිස කැලෑ සංහාරයේ යෙදෙති.

        වීරසෝලේ ගමේ පදංචි මුස්ලිම් වරු තම ව්‍යාප්තියත් සමග සාම්ප්‍රදායික සිංහල ඉඩම් ආක්‍රමණය කරමින් සිටී. ඔවුහු කුංචිකුලම පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ ස්ථූපයක් මෑතකදි ඩෝසර කරන ලදහ. එහි සංඝාරාමය තිබූතැන සම්පූර්ණයෙන්ම ඩොසර් කොට අසල තිබූ පොකුණද වසා දමා ඉඩ ඉරිඟු සිටවූහ. එහෙත් ග්‍රාම නිළධාරින් මේ පිළිබඳව ඉහළට වාර්තා නොකළහ. මුස්ලම්වරු කැලෑ ඉඩම් අත්පත් කරගත්තද සිංහලයන්ට ඉඩම් හෙළි පෙහෙලි කිරීමද පුරාණ වැව් ප්‍රතිසංස්කරණය කොට අස්වැද්දීමද තහනම්ය. ප්‍රාදේශීය ලේකම් වරයාගේ වැඩි නැඹුරුව පවතින්නේ මුස්ලිම් වරුන් විසින් අත්පත් කරගත් ඉඩම් වලට ඔප්පු ලබා දීමටයි. මේ නිසා උපන් බිමේ අනාථයන් බවට පත් ව සිටින සිංහලයන් අනෙක් අතින් අලි ඇතුන්ගෙන්ද පීඩා ලබති. ඊට හේතුව කිසිම වග විභගයක් නොමැතිව මෙහි අටවා ඇති අලිගාල නිසාවෙනි. මෙහි සිටින අලි රංචුවල ගමන් මාර්ග නිරීක්ෂණය නොකර කරන ලද මේ ක්‍රියාවලියේ බරපතල ප්‍රතිවිපාක විඳින්නට සිදුව තිබෙන්නේ අහල පහළ පදිංචි සිංහලයින්ටයි.පරංගියාවාඩියේ ගම්මානයට කඩා වැදුණු අලි රංචු මෑතකදී එහි නිවෙස් කඩා දමා ඇති ආකාරය මෙයට උදාහරණයකි.

       අනුරාධපුර ත්‍රිකුණාමල මාර්ගය දැන් කාපට් කොට වැඩි දියුණු කිරීමට පටන් ගෙන ඇත. මේ සඳහා අවශ්‍ය ගල් ලබා ගැනීමට ද  කඳු කඩා පුපුරුවා දැමීමට පටන් ගෙන ඇත. මෑතකදී  යාන් ඔයට සමීප විශේෂ පුරා විද්‍යා රක්ෂිතයක් වන පන්වැව කන්ද එලෙස ගල් කොරියකට ලබා දෙන්නට පුරා විද්‍යා නිළධාරීන්ගේද අවසරය ලැබී තිබුණි. පසුව වන සංරක්ෂන නිළධාරීන්ගේ මැදිහත් වීම නිසා එම රක්ෂිතය බේරා ගැනීමට හැකිවිය. දැන් වීරසෝලේ රක්ෂිතයද එලෙස ගල් කොරියකට ලබා ගෙන විනාශ කරදමමින් ඇත. එය ලබා ගෙන විනාශ කරන්නේ මුස්ලිම් වරුන්ය.මේ පෙදෙසේ  පවතින දිය උල්පත්ද වර්තමානය වන විට වැඩි වැදගත්කමින් යුක්ත ව තිබේ. එයට හේතුව රජරට පුරා පැතිර පවතින වකුගඩු රෝගයයි. නමුත් මේ උල්පත් ආරක්ෂා කරනු වෙනුවට ඒවා පිහිටා තිබෙන රක්ෂිත හෙළි පෙහෙලි කිරීමටද ප්‍රදේශීය ලේකම් වරුන්ගෙන් අවසර ලැබේ. උදාහරණයක් වශයෙන් කැබිතිගොල්ලෑවේ කුංචුට්ටු උල්පත දැකවිය හැකිය . එයට යාබද ඉඩම බෙදා දීම නිසා දැන් ඩෝසර කරණයට ලක්ව ඇත.ලංකාවේ සමාජ සංස්කෘතිය බරපතල සෝදා පාලුවට ලක් කරන මෙම ක්‍රියා වැරදියයි වටහාගැනීමද බැරි තැන ඉහළ නිළධාරින්ගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි ප්‍රශ්ණයක් පැණ නැගේ. එය අපගේ අධ්‍යපනයේ කඩැ වැටීම පෙන්නුමකරන කැඩපතක් වැනිය.