කිරිපිටි වල ප්‍රොටීන් කොටස් ඉවත් කර
මෙලමයින් හෝ ඩයසයන් ඩයමයිඩ් රසායනය එක්කර පෝෂණය සමබර කොට වෙළෙඳපළට නිකුත් කිරීම
සදාචාරාත්මක නොවන බව සත්‍යයක් වුවද වර්තමාන වෙළෙඳ පළ ක්‍රමය තුළ එය ප්‍රශ්න
කිරීමකට ලක් කළ නොහැකි තත්ත්වයට පත් කර ඇත. වෙසෙසින්ම විදේශවලින් යැපෙන ලංකාව වැනි රටක් එවැනි සමාගම්
වලට එරෙහිව කටයුතු කිරීමේ දී නීතිය සැමට එක සමානයි යන සම්මතය යතාර්ථයක් බවට පත් නොවේ.
මේ නිසා ජනතාවගේ සෞඛ්‍ය කෙරෙහි ඇති වන අවදානම තව දුරටත් වැඩි වර්ධනය වන බව අත්
දැකීමයි.
විසිවන සියවස ආරම්භයේ සිටම මෙලෙස කිරිපිටි
සමාගම් ලංකාවේ කිරි පිළිබඳ ජනතා රුචිකත්වය වෙනස් කරමින් තමන්ගේ නිෂ්පාදන වලට
අලෙවිය සාදා ගත් හැටි ප්‍රකටව පෙනේ. ආසියාවේ රටවල මේ තත්ත්වය බහුලය . එම නිසා 1974
මාර්තු මාසයේ දී බ්‍රිතාන්‍ය ස්වේච්ඡා කණ්ඩායමක් ආසියාතික රටවල වෝර් ඔෆ් වෝන්ට්ස්
යනුවෙන් කළ ගවේශණයකින් පසු වාර්තාවක් ද පල කළහ.එය හඳුන්වන ලද්දේ දබේබි කිලර්
යනුවෙනි.ඉන් පසුව ස්විස්ටර්ලන්තයේ බර්න් නුවර මූලස්ථානය කොට ගත් තුන්වන ලෝකයේ
කණ්ඩායමක් විසින් තවත් වාර්තාවක් මාස දෙකක් ඇවෑමෙන් ප්‍රසිද්ධියට ලත් කරන ලද්දේය.
එය කෙළින්ම හඳුන්වන ලද්දේ නෙස්ලේ කිල්ස් බේබීස් යනුවෙනි. දශක ගණනාවකට පසු වර්තමානයේ ද අප මුහුණ දී
තිබෙන්නේ මෙම තත්ත්වයටමයි කීවොත් නිවරදියයි සිතමි.
වර්තමාන සංගණනයන් අනුව දොලොස් ලක්ෂයක් පමණ ගවයන් ලංකාවේ
සිටින බව පෙනී යයි. එයින් කිරි එළ දෙනුන් වශයෙන් භාවිතා කරන්නේ ලක්ෂ එකහමාරක්
පමණක් බවද ආරියශිල වික්‍රමනායක මහතාගේ අදහසයි. අපගේ පැරණි මුතුන් මිත්තන් කිරි බිවු
ජාතියක් වශයෙන් නොව කිරි කෑ ජාතියක් වශයෙන් හැඳින්වුවහොත් නිවරදි යයි සිතමි. එයට
හේතුව එළකිරි වැඩි වශයෙන් භාවිතා කර ඇත්තේ කුඩා දරුවන් පමණක් වන බැවිනි. නමුත් මුදවා
ගත් කිරි විශාල වශයෙන් දෛනික ආහාර වේලට එකතු කර ගත් බව පෙන්නුම් කළ හැකිය. ඊට
අමතරව ආහාරයට මෙන්ම ඖෂධ වශයෙන් ගිතෙල් හා
මෝරු භාවිතා කර ඇත.
එළකිරි වලට වඩා මී කිරි පරිභෝජනය අප සමාජය තුල
පැවතීමට එක් කාරණයක් වූයේ මේ කිරි වර්ග දෙක තුළම තිබූ පෝෂණ ගුණාංග වල වෙනස් කමයයි
සිතමි. එළකිරි වලට වඩා දෙගුණයක් පමණ කැල්සියම්
ප්‍රමාණයක් මීකිරි වල අඩංගු වන අතර ප්‍රෝටීන්
ප්‍රමාණයද විශාල වෙයි. එසේම පොස්පරස් හා විටමින් වර්ග ද මීකිරි වල බහුලව පවතී.
එළකිරි ගුණයෙන් සීතල වන අතර මීකිරි ගුණයෙන් උෂ්ණ වීර්යවත්ය. එළකිරි මගින් නාඩි ව්‍යුහය
ශක්තිමත් කරන අතර ශරීරය පුෂ්ටිමත් කිරීමටද බෙහෙවින්ම උපකාරි වෙයි. එසේම ගර්භණින්ට
හිතවත්ය. නමුත් මීකිරි තෙල් පදාර්ථ බහුල ආහාරයක් වන අතර වෙහෙසා වැඩ කරන අයට
බෙහෙවින්ම ගුණදායක වේ. බත් සමග හා කුරහන් සමග මීකිරි කෑම සිංහලයා පුරුදු කර ගෙන
ඇත්තේ මීකිරි වල පවතින ගුරු ගුණය මග හරවා ශරීරයට හිතකාරි ලෙසට පරිවර්තනය කර
ගැනිමටයි. විටමින් ඒ විශාල වශයෙන් පවතින
ගිතෙල් හා වෙඬරු ද පැරණියන් පුරුදු කර ගෙන තිබුණි. ඒවා බලවත් රසායනයන් වන බැවින්
ආහාරයට මෙන්ම රසායන ඖෂධ පිණිස ද යොදා ගැනීමෙන් නිරෝගී සමාජයක් පවත්වා ගෙන යාමට පිළිවන්
කම ලැබී තිබුණි. වෙසෙසින්ම මහලු අවදියේ ඇති වන දුර්වලතාවයන් මග හරවා ගැනීමට ගිතෙල
බෙහෙවින්ම ප්‍රයෝජනවත් විය.මේ ආහාර සංස්කෘතිය වෙනස් වූයේ යටත් විජිතකරණයෙන් පසුව
බව පැවසීම වැරැද්දක් නොවේ. බ්‍රිතාන්‍යයන් තමන්ගේ ආහාර පුරුදු ලංකාවේ ජනතාව මත
බලයෙන්ම පැටවීම නිසා කිරි ආහාර පමණක් නොව අනෙකුත් ධාන්‍ය ආහාර ගැනද තිබූ හුරු
පුරුදු සමාජයෙන් ඈත්ව ගිය බව පෙනේ. මේ නිසා විසිවන සියවස මුල් භාගයේ දී ලංකාවට පැමිණි
බහුජාතික සමාගම් අලංකාර දැන්වීම් පළ කරමින්
එලකිරි ආහාර වලින් ජනතාව ඈත් කරමින් ඔවුන්ගේ කිරි පිටි හා උකුකිරි වලට ආකර්ශණය
කර ගැනීමට උත්සාහ කර තිබේ.
1929 දිනමිණ පත්‍රයේ
පළ වූ මේ වාර්තාව මේ සත්‍යය පැහැදිලි කරන බව කිව යුතුය. රෝග පීඩා ඇති වීමට හේතුව
කලවම් කළ බාල කලාවූ අපිරිසිදු කිරි පාවිච්චි කිරීමයි. සම්පූර්ණ පිරිසිදු කොට කිසිම
කළවමක් නැති යොදය ඉවත් නොකළ කිරි බවට සහතික දරණ කිරි පාවිච්චි කොට ආරක්ෂා වී
සිටිනු. මිල්ක් මේඩ් නෝනා ලකුණ දරන උකු කිරි මුලු ලෝකයෙන්ම පිරිසිදු කිරි බැව්
පිළිගෙන තිබේ. මේ 1929 මාර්තු මාසයේ පළ වූ තවත් දැන්වීමකි. මව් සනීප වුනාට
පසු දරුවාට කිරි දෙන්නට නැති වීමෙන් ළමයා වැඩෙන්නෙ නැති බව කාටත් පෙනී ගිය කාලයක්
තිබුණි. ළමයාගේ බර වැඩි වුනේ නැත. ඇඟේ මස් දැම්මේත් නැත. අරෙකෙන් ටිකකුත් මේකෙන්
ටිකකුත් එක්කාසු කොට එළකිරි පොවන්නට ඕනෑය කියා කවුරුත් කියන කියන දේ පමණක් මව් කළ
නමුත් අන්තිමේ දී දොස්තර මහත්තයා කියන එක පමණක් පිළිගෙන ළමයාට ලැක්ටෝජන් කිරි
ආහාරය දුන්නේය. දැන් ළමයාගේ හැටි බලන්න යි කියමින් මව් ආඩම්බර වෙයි.
බත අපගේ ප්‍රධාන ආහාරයයි. බත් කෑමටත්
වඩා පැරණියන් කැඳ බිව් බව මෙහිදී කිව යුතුයි. කොලකැඳ ලුණු කැඳ සහ බෙහෙත් කැඳ
වශයෙන් ප්‍රභේද කොට ගෙන ඒවා භාවිතා කිරිමට පුරුදු වී සිටියහ. සහල් ඇටය සෑදී
තිබෙන්නේ ගොයම් ගසට වදින කිරි වර්ගයන්ගෙනි. අප එයට කිරි වදිනවායයි කියන්නේ
එහෙයිනි. එසේනම් හාල් ඇටයේ කිරි ගුණය ඉස්මතු කර ගැනිමටද අපට හැකියාවක් තිබිය
යුතුය. ඒ සඳහා පැරණියන් කලේ අප්පල්ලයක් හෝ කට පළල හට්ටියක් ගෙන සහල් ස්වල්පයක් දමා
එයට ජලය ප්‍රමාණවත් පමණින් එකතු කර රම්පේ කොළ කැබැල්ලක් ද දමා හොඳින් තැම්බෙන්නට
හැරීමයි. ඇට බෙරි වී තැම්බුනායින් පසු පොල් කටු හැන්දකින් හොඳින් මත ගා පොඩිකරගෙන
ගිනි රශ්ණය වැඩි කර එයට නටන උණු වතුර අවශ්‍ය පමණ එක්කර ගැනිමෙන්ද එය හොදින් හැඳි
ගා ගැනීමෙන්ද හාල්කිරි සාදා ගත් බව පැරණි
අය කියති. හාල් කිරි සඳහා සුවඳ සම්බා සහල වඩාත් අගනේය. මෙයට මද වශයෙන් ලුණු එක් කර
හකුරු කෑල්ලක් සමග උදේ පානය කිරීමෙන් සහල්වල තිබෙන පෝෂක කොටස් අවශ්‍ය පමණින් ශරීරයට
ලැබෙන බවද පැරණියන් විශ්වාස කළහ. ලෙඩක් දුකක් හැදුණු විටදී එයට ලුණු ප්‍රමාණය මදක්
වැඩි කර දෙති. ඊට අමතරව මණ්ඩ ලාජා මණ්ඩ අෂ්ට ගුණ මණ්ඩ පේයා හා විලේපී යනුවෙන් ඒ ඒ
අවස්ථාවල දෙන කැඳ වර්ගයන්ද ඇත. මෙහිදී මණ්ඩ හා අෂ්ට ගුණ මණ්ඩ වලට භාවිතා කරන්නේ
තැම්බූ සහල්ය. අෂ්ට ගුණ මණ්ඩ වලට කොත්මල්ලි වියලි ඉඟුරු ගම්මිරිස් පෙරුංකායම් හා
තලතෙල් ද එක් කර ගනිති. උණ සෙම්ප්‍රතිශ්‍යාව අවස්ථාවලදි ගන්නේ පේයාවයි. එහිදී ජලය
මදක් වැඩි කර තැම්බූ සහල් සමග සකස් කර ගනිති. පිපාසය වෙහෙස දුබල කම නැති කර ඩහදිය
පිටකිරීමට මෙය උපකාරි වෙයි. මේ නිසා උණ නාශනය කරන බව කියති. මෙයට වැඩි පුරම භාවිතා
කල හැකි පාරම්පරික සහල් වර්ග කීපයක්ද තිබෙන බව කිව යුතුය. ඒ අතර හීනටි දහනල පොලැල්
සහ හැට දා සහල් ප්‍රධාන වෙයි. ලාජා මණ්ඩ යනුවෙන් හඳුවන්නේ වී පොරි යොදා ගනිමින්
සකස් කරන කැඳ විශේෂයකි. මෙහිදීද තිප්පිලි වියළි ඉඟුරු ආදියද සම්මිශ්‍රණය කර ගනිති.
පිපාසය අතීසාරය සමනයට මෙය මහඟු ඔසුවක්ය. ළමුන්ට හා මහලු අයට විශේෂ වෙති.
ලංකාවේ ආහාර සංස්කාතිය මේ ආකාරයෙන්
විවිධත්වයක් ගන්නා බැවින් පෝෂණය සඳහා මෙන්ම සෞඛ්‍ය පිණිස විශාල ව්‍යායාමයක් ගෙන
කිරි පමණක් ව්‍යාප්ත කිරීමට වෙහෙස දැරිය යුතු නොවේ යයි සිතිමි. එළකිරි පිටි බවට
පත් කිරීම සඳහා වෙන්ව පවතින හයිලන්ඩ්
පැල්වත්ත වැනි කර්මාන්ත යෝග්‍ය පරිදි ප්‍රචලිත කරන අතරම මීගව සම්පතෙන් උපරිම ප්‍රයෝජනය
ගෙන මීකිරි නිෂ්පාදනයත් දෙවනුව ගිතෙල් නිෂ්පාදනයත් වැඩි කර කිරි ගොවියා ශක්තිමත්
කරන අතර තුර හාල් කිරි තණ හාල් කිරි මෙන්ම කුරහන් කිරිද දෛනික ආහාර වේල් වලට එක්
කර ගැනීම වඩාත් කාලෝචිතය. එවිට පිටරටින් ගෙන්වන මෙට්රික් ටොන් අසූ තුන් ලක්ෂයක්
පමණ වන කිරි පිටි තොගය අත්හිටුවීමට හැකිවන බවද මෙහි සටහන් කර තැබිය යුතුය.