එක්
දහස් නවසිය අනූ හය වසරේ සිදුවූ අහඹු මනුෂ්‍ය ඝාතනයක සාක්ෂි චෙම්මනී ප්‍රදේශයෙන්
හමු වීමෙන් පසු සාපරාධී ක්‍රියා පිළිබඳ උනන්දු වූ ජාත්‍යන්තර සංවිධාන ලංකාවට දිව
ආහ.එම සිද්දියට අදාළව නඩුව විසඳා අදාළ හමුදා නිළධාරීන්ට මරණ දඬුවම් නියම කෙරුණු
අතර කීප දෙනෙකුට සිරිදඬුවම් නියම කෙරුණි. 2000 වසරේ දී තවත් කීප දෙනෙකු නිදහස් කොට
අවසන්ය.2025 වසරේ දී නැවතත් චෙම්මනී මිනී වලේ තිබෙන ඇට සැකිළි පිළිබඳ නව උනන්දුවක්
ඇති වී තිබේ.අධීකරණ නියෝග මත මේ වන විට වෝහාරික පුරාවිද්‍යඥයකු වන මහාචාර්ය සෝමදේව
මහතා එම මිනී වලේ කැණීම් කටයුතු මෙහෙයවයි.ඒ අතර හදිසියේ ද ලංකාවට පැමිණි ජිනීවා
මානව හිමිකම් සංවිධානයේ කොමසාරිස් වෝල්ටර් ටර්ක් චෙම්මනී වෙත ගොස් විනාඩි විස්සක්
පමණ එය නිරීක්ෂණය කොට එහි රොක් වුණු රාජ්‍ය නොවන සංවීධාන සමග පමණක් කතා බහ කොට ආණ්ඩුවේ
සහ විපක්ෂයේ පාර්ෂව කරුවන් කීප දෙනෙකු ද හමු වී නික්ම ගියේය.නමුත් හමුදාවේ විශ්‍රාම
ගිය කපිතාන් දසනායක ඇතුලු රණවිරුවන් මුණ ගැසීම ඔහු ප්‍රතික්ෂේප කර තිබේ.
යාපනය නගරය
ආසන්නයේ චෙම්මනී කුලම් නමැති වැව ආශ්‍රිතව තිබෙන ග්‍රාමයේ මේ මිනී වල තිබේ.නව සිය
අසූව දශකයේ දී යාපනයේ සෑහෙන භූමි කොටසක් එල්.ටී.ටී. ඊ. සංවිධානයේ ග්‍රහණයට නතු
කරගෙන සිටි බව කවුරුත් දන්නා කරුණකි.නවසිය හැත්තෑව දශකයේ දී යාපන නගාරාධිපතිවරයා
ඝාතනය කිරීමෙන් පසු හමුදා සෙබළුන් ඝාතනය කිරීමත් සමගම 1983 ඇවිලුණු කළු ජූලිය මත මෙම කොටි ක්‍රියාකාරකම්
වර්ධනය විය.1985 දී තිම්පු සාකච්ඡා වට මේසයට රජයට යෑමට සිදු වූයේ කොටි සංවිධානය
බලවත් වීමත් ජාත්‍යන්තර සහාය ඔවුන්ට ලැබීමත් නිසාය.සාකච්ඡා අතර වාරයේ ඔවුහු යාපනය
පුරා සිය බලය තැන් තැන් වල තහවුරු කර ගත් අතර 1987 දී වඩමරච්චි මෙහෙයුම සිදු
කිරීමට රජය පෙළඹී ගියේ මෙම රාජ්‍ය විරෝධී ක්‍රියා මැඩලීම පිණිසයි. අවසානයේ දී
ඉන්දීය බලහත්කාරය නිසා 1987 වඩමරච්චි මෙහෙයුම අතර මග නතර කිරීමට සිදු විය. එසේ නොවුණා
නම් කොළඹ බලය අල්ලා ජනාධිපතිවරයා ඇතුළු දේශපාලකයන් අත්අඩංගුවට පත් කර ගැනීමට
ඉන්දියාව උත්සාහ ගන්නට හැකියාව තිබුණි. කෙසේ වෙතත් කුඩා කුඩා කඳවුරු මේ සාකච්ඡා
නිසා ඉවත් කිරීමට සිදු වීම හේතු කොට ගෙන හමුදාව පලාලි ආරක්ෂක මූලස්ථානයටත් යාපන
කොටුව ඇතුළු ස්ථාන කීපයක්ටත් සීමා විය.යාපන කොටුවේ සිර වී සිටි සෙබළුන් බේරා
ගැනීමට ලසන්ත වෛද්‍යරත්න සහ අරවින්ද මිරැන්ඩෝ යන දෙදෙන එදා බෙල් හෙලිකොප්ටර් යානාවකින්
බැස විනාඩි හතක් ඇතුළත කළ වීර වික්‍රමාන්විත ක්‍රියාව හමුදා ඉතිහාසයේ සුවිශේෂී
අවස්ථාවකි.එය නම් කරන ලද්දේ රාජාලියා මෙහෙයුම යනුවෙනි. ඉන්පසු 1990 දී බලවේගය මෙහෙයුම
මගින් අලිමංකඩ මුදා ගැනීමට කළ සටනද ඉතිහාසයට එක් වෙයි. කෙසේ වෙතත් යාපනයේ දිගින්
දිගටම රැඳී සිටින කොටි ත්‍රස්තවාදීන් එළවා
යාපනය මුදා ගැනීමට රජයට අවශ්‍යව තිබුණි. එ සඳහා 1995 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා
රිවි රැස 1 සහ 2 වශයෙන් විශාල මෙහෙයුමක් දියත් විය.එයට පෙර චන්ඩමාරුතය ,අකුණු පහර
ආදී කුඩා මෙහෙයුම් සිදු කර ඇත.මේ මගින් යාපනයත් වලිකාමම් සහ තෙන්මාරච්චි කොටසත්
නිදහස් කිරීමට හැකියාව ලැබුණි.
මේ සියලු සටන් සිදු වූයේ යාපනය නාගරික
ප්‍රදේශ තුළයි.නව සිය හැත්තෑව දශකයේ සිටි හමුදා සෙබළුන් මේ වන විට විවිධ පුහුණු ලබමින්
විශේෂයෙන්ම නාගරික සහ ගුවන් සංක්‍රමණික සටන් පුහුණු වෙමින් ශක්තිමත් විනය ගරුක
හමුදාවක් බවට පත්ව තිබුණි.බ්‍රිතාන්‍ය යුගයේ තිබූ ඇතැම් අහිතකර ලක්ෂණ බැහැර කරමින්
ලංකාවට ගැලපෙන හමුදාවක් වශයෙන් ඔවුහු යම් කීර්තියක් දිනාගනිමින් සිටියහ.යාපනය
නාගරික සටන් වලදී නිවාස අසළ කෝවිල අසල ඇතැම් විට මහා මාර්ගයන්හි මේ සටන් සිදු වන
බැවින් ප්‍රථමව අත් පත්‍රිකා මගින් සිවිල් වැසියන්ට ඉවත් වීමට දැනුම් දීම සම්ප්‍රදාය
විය. මුල් කාලයේ දී මේ ඉවත් වන ජනතාවත් රැගෙන කෝවිල අස්සේ සැඟව සිටිමට කොටි හමුදාව
උත්සාහ කළහ. ජනතාව මිනිස් පළිහක් ලෙසට එහිදී යොදා ගත්හ. කෝවිල්වල පහර දීමට හමුදාව
උත්සාහ නොකළ අතර නාගරික සටන් වලදී අවම යාන්ත්‍රික අවි භාවිතා කරමින් කොටි
සාමාජිකයන් එළවා දැමීම සිදු කරනු ලැබූහ. බංකර් ඉඳි කර ඇති නම් පමණක් කාලතුවක්කු භාවිතා කළහ මේ සටන් වලදී සිවිල් වැසියන් සමග දිව යන
එල්.ටී.ටී.ඊ. සමාජිකයන් ට අත්වන මරණය ඒ සමූහයටම සිදු වීම ස්වභාවිකය.එහෙත් ඒ හානිය
ක්‍රමානුකූලව වළක්වාගනු ලැබූයේ මෙතෙක් මිනිස් පළිහක් ලෙසට කොවිල් කරා කැඳවා ගෙන
ගිය ජනතාව බලවේගය මෙහෙයුමත් සමගම කොටි මගහැර ආරක්ෂිත ස්ථාන කරා යෑම නිසයි.මේ නිසා
රිවි රැස මෙහෙයුම සාර්ථක කොට ගෙන යාපනය මුදවා ගැනීමට රජයට හැකියාව ලැබුණි.
මෙම මෙහෙයුම් අතිශය බිහිසුණු විය.ඉන්දීය
මැදිහත් වීමෙන් පුහුණු කරන ලද කොටි සාමාජිකයන් නොයෙකුත් උපක්‍රම වලින් සන්නද්ධ
විය.හමුදාව ද ක්‍රමානුකූලව වර්ධනය වෙමින් ඉතාමත් විනය ගරුක පිරිසක් ලෙසට තම
රජකාරිය ඉටු කරමින් සිටියහ.මේ නිසා සිවිල් වැසියන් ඝාතනය කිරීමට හමුදාවට වුවමනාවක්
නොබුණු අතර එයට හේතු වූයේ විශේෂයෙන්ම මින් පෙර ලද අත්දැකීම් ඔස්සේය. එනම් 1983 කළු
ජූලියත්, 1987 අරන්තලා ඝාතනයත්, ඩොලර් ෆාම් කෙන්ට් ෆාම් ඝාතනයත්, ශ්‍රී මහා බෝධි
ඝාතනයත් විශේෂයෙන්ම සිහිපත් කළ හැතිය. එම නිසා වඩාත් සංවරව සාමාන්‍ය වැසියන් දිනා
ගැනීමට සටන් කළ හමුදාව සිය යුධ උපක්‍රම භාවිතා කරන ලද්දේ කොටි සාමාජිකයන් මර්දනය
කිරීමට පමණකි. එහෙත් සටන් වලදී මිය යන හමුදා සෙබළු ද කොටි සාමාජිකයන් ද මරණයෙන්
පසු හුවමාරු කර ගැනීමට හැකියාව නොලද අවස්ථා එමටය. මළ මිනී නරක් වීමත් බට්ටන් වළලා
තිබීම නිසා ළඟා වීමට නොහැකි වීමත් යන අසීරූ කාරණා නිසා එම මිනී පසුව සමූහ වශයෙන්
එකට ගෙන විශාල වලවල් වල මිහිදන් කළ අවස්ථා තිබුණි. ඇතැම් විට මරණයට පත් වූ හමුදා
සෙබළුන් ද කොටි සංමාජිකයන් විසින් ගෙන ගිය අවස්ථා තිබූ බව වාර්තා වෙයි.ඒ නිසා සමූහ
මිනී වලවල් හමු වීම තුළ සාපාරාධී ක්‍රියා ඉස්මතු කළ හැකි යැයි සිතීම මුළාවකි.එසේම
ක්‍රිෂාන්ති කුමාරස්වාමි දැරියගේ ගාතනයත් සමූහ මිනී වලවල් එකට ඇඳා තීරණ ගැනීමත්
තුළින් සිදු වන්නේ මුළාවක් පමණි.
චෙම්මනී
මිනී වලේ කැණිම් මේ වන විට තාවකාලිකව නවත්වා ඇත. නැවත ජූලි මස 21 දින ආරම්භ කිරීමට
නියමිතය.එයින් ඇටසැකිළි කොටස් 62 ක ප්‍රමාණයක් ලැබී ඇති අතර ඒවායේ කාල නිර්ණය
කරන්නේ ද යන්න තීරණය කරනු ලබන්නේ අධිකරණය විසිනි.මෙහි මූලික අතුරු වාර්තාව
මහාචාර්ය සෝමදේව මහතා විසින් මේ වන විට භාර දී තිබෙන අතර එහි කිසිම නිගමනයක්
අන්තර්ගත නොවන බව දන්වා ඇත.මේ තත්වය මෙසේ වුවද මානව හිමිකම් කොමසාරිස් වරයා
පැමිණීමත් සමගම රජය මේ මිණී වල පිළිබඳ මුනිවත රැකි අතර රාජ්‍ය නොවන සංවිධාන සහ එහි
ක්‍රියාකාරීන් මලමීනී සොයා එන කපුටන් සේ එහි රැස් වී පච දහස් ගණනක් ප්‍රචාරය කර
හැරියේය.හමුදාව විසින් මරා වළ දැමූ මිනී වල මේ යැයි කියා සිටිමින් කළ රංගනය නිසා
යළිත් වරක් ජාත්‍යන්තර මැදිහත් වීමක වුවමනාව මතු වී තිබේ.ඉතාමත් විද්‍යාත්මකව
කැණීම් සිදු කර මිනී තැන්පත් කළ දින වකවානු කාබන් නිර්ණය මගින් තීරණය කිරීමට
සූදානම් වන අවස්ථාවක මෙවැනි දේශපාලන තීරණ ගැනීම රටට අවාසිදායකය.අතුරුදහන්
කාර්යාලයේ විධායක අධ්‍යක්ෂ තත්පරන් මහතාගේ ප්‍රකාශය මගින් පැහැදිලි වනුයේ මෙවැනි
කාර්යාල යොදා ගෙන ඔවුහු රටට විරුද්ධ විදේශිය යාන්ත්‍රණ මෙරටට ගෙන එන්නට වළිකන
බවයි.තමිල් අරසු කච්චි පක්ෂයේ නායකයන් ද මේ අවස්ථාව දඩමීමා කර ගනිමින් මේ ඉල්ලීම
සිදු කරති.විශේෂයෙන්ම ජාත්‍යන්තර අභිචෝදකයන් කැඳවීමට ආණ්ඩුවට බල කිරීම සිදු
වෙයි.මේ වන සිදු වන්නේ චෙම්මනී පච මුදා හරිමින් ආණ්ඩුව බියපත් කරමින් අත
කරකැවීමයි.
මීට කලින් ද මුලතිවු සහ මන්නාරමේ සමූහ මිනිවල
වල් හාරමින් මෙවැනි කලබගෑනියක් කළහ. මන්නාරමේ දී ලැබුණු කාබන් දින නිසා යම්
අවුලක් නිර්මාණය වූයෙන් ඔවුන්ගේ මූලික න්‍යයා
පත්‍රය හකුළා ගන්නට පෙළඹුණි.කෙසේ වෙතත් මේ ලෙස මිනී වලවල් හාරමින් ජනතාවගේ හිත්
පාරමින් ලබත හැකි සාමයක් සංහිඳියාවක් නැත. අරන්තලා ඝාතනය ,ශ්‍රී මහා බෝධි ඝාතනය,මෙන්ම
පොලිස් භටයන් පන්සීයක් ඝාතනය කොට වළලා දමා අවසන්ය.ඒ පිළීබඳ සිංහල සමාජයෙන් කෝපයක්
හෝ වියරුවක් දැන් ප්‍රදර්ශනය වන්නේ නැත. ඒ වෙනුවට උතුර දකුණ යනුවෙන් වෙනසක්
නොමැතිව එකට කටයුතු කිරීමට කවුරුත් සූදානම්ය. ඒ අතර සිංහලයන් ගේ උතුරු සහ නැගෙනහිර
බෞද්ධ උරුමයන් නැවත ප්‍රතිෂ්ථාපනය කිරීමට විරුද්ධ වන්නේ ද මේ මානව හිමිකම් සංවිධාන
බව මතක් කළ යුතුය.මෑතකදී ජගත් මානව හිමිකම් සංවිධානයක නියෝජිතයෙකු වූ තෝමස් ඩේවිඩ්
නම් නීතිඥයා ත්‍රිකුණාමලයට ගොස් දෙමළ සහ මුස්ලිම් ජනතාව මුණගැසී හින්දු කෝවිල් උඩ
බෞද්ධ ආරාම ඉඳි කරන බවට ව්‍යාජ තොරතුරු එක් රැස් කර ඇති බව වාර්තා වේ.නමුත් බහුතර
දෙමළ ජනතාව බෞද්ධයන් සමග එකට එකතු වී ඒ ආගමික හැඟීම් බෙදා ගැනීමට කටයුතු කරන බව
පැහැදිලිය.එම නිසා රජයේ නිවට පිළිවෙත පිළීබඳ යම් තීරණයක් අවශ්‍ය වන බව කිව යුතුය.
ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන සහ එහි නියෝජිතයන් හමුවේ දී හොර ගල් ඇහිලීම
වෙනුවට රටේ තත්වය පිළීබඳ සැබෑ ස්වරූපය හෙළි දරව් කිරීමට ආණ්ඩුව පසුබට නොවිය යුතුය.
එපමණක් නොව විපක්ෂ නායක වරයාද එහිදී දරණ දියාරු පිළිවෙත අගය කළ නොහැකිය. ඔහුද මේ
ප්‍රශ්ණය පීළිබඳ කිසිම වැටහීමක් නොමැකිව ජාත්‍යන්තර විනිශ්චයක් ඉල්ලයි.එය මරි මෝඩකමකි.
රටට ද්‍රෝහී විමකි.
මතුගම සෙනෙවිරුවන්