සුභවාදී චින්තනයෙන් යුතුව මහ මැතිවරණයේ
චන්දය භාවිතා කළ හැට අට ලක්ෂයක් පමණ වන ජනතාවක් රටට නව පණිවුඩයක් ලබා දී ඇත.එහි
පළමු වැන්න නම් තව දුරටත් රට තුළ බෙදීම් අවශ්‍ය නොමැති බවයි. දෙවැන්න ජනතා
විමුක්ති පෙරමුණ විසින් අතීතයේ දී අනුගමනය
කළ දේශපාලන ක්‍රියාමාර්ග තව දුරටත් කතා කිරීමෙන් පලක් නොවන බවයි. තෙවැන්න නම්
ගතානුගතික දේශපාලන සංස්කෘතිය වෙනුවට නව දේශපාලන සංස්කෘතියකට තිබෙන කැමැත්තයි.දූෂණ
සහ අක්‍රමිකතාවන් නැති රටක් රාජ්‍ය සේවයක්
බිහි කර ගැනීම වැදගත්ම අරමුණකි.රට පුරාවටම සෑම දිස්ත්‍රික්කයකම මාලිමාව ඉහළින්
ඔසවා තබා ඇත්තේ මේ කාරිය ඉටු කරගන්නට බව අප තේරුම් ගත යුතුය.ඒ සඳහා පාර්ලිමේන්තුවට
පත් කර යවා ඇත්තේ ද නවක පිරිසකි.
පාර්ලිමේන්තුව යනු නීති අණ පනත් සම්මත කරන
ස්ථානයයි. ඒ අණ පනත් හදන්නේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවයි. මෑත කාලයේ දී
විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ පාලන කාලයේ දී මේ අණ පනත් විදේශීය තානාපති කාර්යාල
සහ රාජ්‍ය නොවන සංවීධාන වලින්ද සකස් කර දුන් බව නොරහසකි. ඒ නිසා නව රජයෙ කාර්ය
භාරය වන්නේ පනත් සෑදීමට නියමිත රජ්‍ය අංශය ශක්තිමත් කිරීමයි.වර්ෂ 1806 සිට ඉංග්‍රීසීන්
විසින් ගැසට් මගින් ප්‍රකාහයට පත් කළ නීති රැසක් මේ රටේ තිබේ. ඒවා බොහෝ දේ ඒක්කෝ
අහොසි විය යුතුය. නැතිනම් යාවත්කාලීන විය යුතුය.
මාලිමාවට චන්දය ලබා දුන් ජනතා අපේක්ෂා අතර
ප්‍රමුඛව ගැනෙන තවත් කාරණයක් මෙහිදී මතක් කල යුතුය. දූෂණය වංචාව සහ නාස්තිය අවම කර
ගැනීමට රජය පෙරමුණ ගතු යුතු බව පුන පුනා දක්වා ඇත.. හිටපු විගණකාධිපති තුමා වන
ගාමිණී විජේසිංහ මහතා නැවත නැවත පවසා ඇත්තේ පළමුවත් විගණනය දෙවනුවත් විගණනය සහ
තුන් වනුවත් විගණනය යනුවෙනි. ඒ සඳහා තිබෙන ප්‍රධන බාධකය නම් විගණකාධිපති තුමාට
පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට සෘජුව සම්බන්ධ වීමට තිබෙන නොහැකියවයි. සොල්බරි ව්‍යවස්ථාවේ
ඒ බලය ඔහුට දී තිබුණ නමුත් 1972 සහ 1978
ව්‍යවස්ථාවෙන් ඒ බලය විගණාකාධිපතිගෙන්
ඉවත් කර අමාත්‍යවරයාට ලබා දී ඇත. එසේම රාජ්‍ය සංස්ථා සහ වෙනත් අයතන වල විගණනයන්
කීරීමට පෞද්ගිලක විගණකයන්ට අවස්ථා ලබා දීම ද සිදු කර ඇත. එසේම වංචා දූෂණ වලදී නඩු
පවරීමේ කටයුතු නීතිපති දෙපාර්තමේන්තුවට පමණක් බලය ලබා දීමයි.වංචනිකයෙකුට එරෙහිව
පුරවැසියෙකු විසින් නඩුවක් පැවරීම ට තිබෙන පහසුකම් ඉතා අවමය. එම අයිතිය පුළුල් කළ
යුතු අතර එය දිසා අධිකරණය දක්වා පහළට ගෙන ආ යුතු බව විද්වතුන් ගේ මතයයි.
මෙවර මහ මැතිවරණයෙන් උතුරේ සාම්ප්‍රදායික
දේශපාලනය පුපුරුවා හැර ඇත.මෙය සිදු වී ඇත්තේ බොහෝ කාලයකට පසුවයි. හැටේ දශකයේ දී
විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැඳී සිටි දෙමළ දේශපාලකයන් උතුරේ සිටියහ.
බෙදුම්වාදී යුද්ධ සමග ඒ අය දකුණේ දේශපාලනයෙන් ඈත් වූ අතර එල් .ටී.ටී.ඊ. සංවධානයේ
දේශපාලාන හස්තයේ ආධිපත්‍ය උතුර නියෝජනය කරන්නට විය. ඒ නිසා ත්‍රස්තවාදී යුද්ධයෙන්
පසුව දිගින් දිගටම පොලිස් ඉඩම් බලතල ඉල්ලමින් ස්වයං තීරණය ට බල කරමින් දකුණේ දේශපාලනය
සමග කේවල් කළහ. එසේම ඉන්දියාවට පක්ෂපාතී වූ බෙදුම්වාදීන් පිරිසක් බලවත් වී සිටියහ.
උතුරේ සහ නැගෙනහිර නිතරම ජාතිවාදී කලබල සහ ගැටුම් ඇති කලේ ඔවුන් විසිනි. උතුරේ
ජනතාවට සිංහලයන් සමග කටයුතු කිරීමට තිබෙන කැමැත්ත පාගා ගෙන සිටි නමුත් මෙම චන්දයේ
දී ඒ සියලු බැමි පුපුරුවා හරිමින් සුභවාදී චින්තනයකින් යුතුව ඔවුහුද චන්දය භාවිතා
කර තිබේ.නමුත් ඔවුන්ගේ අභිලාශයන් කුමක්දැයි නිගමනය කිරීමට අප ඉක්මන් විය යුතු නැත.
මෙම පණිවුඩයෙන් කියන්නේ කුමක්ද.
තවදුරටත් බෙදුම්වාදය අවශ්‍ය නොවන බවයි.නාස්තිකාර වියදම් සහිත පළාත් සභාව වැනි දේශපාලන
බරව කකුලක් නඩත්තු කිරීමට අවශ්‍ය නොවන බවයි. නමුත් මේ පළත් සභා ගැටළුව සරල නැත.
ඉන්දු ලංකා ගිවිසුම ප්‍රකාරව නීති ගත කල 13 වන සංශෝධනය හරහා බලාත්මක වූ මේ නීතිය.
පෙන්නමින් කෙවල් කිරීම නිතර සිදු වේ. ජාත්‍යන්තර වශයෙන් ඉස්මතු වී ඇති මානව
හිමිකම් සංවිධාන සහ දෙමළ බෙදුම්වාදීන්ට පක්ෂපාති රටවල් මේ බලය බෙදීම පිළිබඳ මූල ධර්මය ගැන තරයේ විශ්වාස
කරති. එසේම ලක් රජයට බල කිරීම කරති. ඒ
නිසා තුනෙන් දෙකක බලයක් ලැබුණු පමණනින්ම හෝ උතුරේ ජනතාව මාලිමාවට පක්ෂව චන්දය
දීමෙන් පමණක්ම හෝ මේ තත්වය අභිබවා යා නොහැකිය.ඒ සඳහා බෙදුම්වාදයේ මූලික තත්වයන් විග්‍රහ
කර ගැනීමට රජය සහ ජනතාව පෙළඹිය යුතුය. විශේෂයෙන්ම 1595 න් පසුව උතුරේ සිටි සිංහල
ජනතාව එළවා දමා වාර්ගික ශුද්ධකරණයක් කල පෘතුගීසීන් මෙන්ම ලන්දෙසීන් ගේ කොලනි ප්‍රතිපත්තියද
ඉංග්‍රීසීන් ගේ සහ මිෂනාරීන් ගේ බෙදා රට පාලනය කිරීමේ ප්‍රතිපත්තියද විශ්ලේෂණය
කරගත යුතය. මේ නිසාමේ රටේ සිංහල ජනතාවට ෙඑතිහාසික වශයෙන් සිදු වූ අසාධාරණය මෙතෙක්
නිවැරදි කර නැත. රහතුන් වහන්සේලා වැඩ සිටි උතුරේ ෙඑතිහාසික සිද්ධස්ථාන සැම විටම
උපයෝගී වූයේ රටේ සාමය අති කර දීමටයි. විශේෂයෙන්ම දකුණු ඉන්දියාව හරහා ලංකාවට
පැමිණෙන වෙළෙඳ බලය සහ නාවුක බලය මත සිදු වන දේශපලන පෙරළි සමහන් කර ලීමට උතුරේ වැඩ
සිටි මහා සංඝරත්නය පෙරමුණ ගත් ආකාරය සිහිපත් කළ යුතුය. මහ පරාක්‍රමබාහු රජතුමා
නයිනතිවු දෙමළ ශිලා ලේඛනය පිහිටුවා ලූයේ උතුරු මුහුදේ මුහුදු බත් වන නාවුක යාත්‍රා
වලින් අය විය යුතු ආපදා වන්දිය ලබා ගැන්මටයි. රට එක සේසත් නම් රටේ පාලකයා ශක්තිමත්
නම් එවැනි තීරණ ගත හැකිය.
දැන් රටේ පාලකයා අනුර කුමාර දිසානායක වෙයි.
ඔහු රටේ ජාතික ආරක්ෂාව භාර සේනාධිනායකයා වෙයි. ඊට අමතරව ඔහුගේ පක්ෂය මූලික කරගත්
ආණ්ඩුවක් විසින් ඉදිරියේ දී රටේ පාලන බලය හසුරුවනු ඇත. එවිට රටේ අණ පනත් සෑදීමට ඒ
සඳහා රටේ ජනතාවගේ කැමැත්ත ලබා ගැනීමට හැකියාව ලැබේ. මේ රටේ ජනතාව අතරින් දකුණේ
ජනතාව පමණක් නොව උතුරේ බහුතරයද බෙදුම්වාදයට විරුද්ධය.කඳුකර ජනතාවද එලෙසය. කුල
පීඩනයෙන් සහ දරිද්‍රතාවයෙන් පිරී උතුරේ නැගෙනහිර සහ කඳුකර ජනතාව ට ඉහළට ඒමට සිංහල ජනතාව සමග එකතු වීමට ඉඩ
නොදුන් දෙමළ ජාතිත සන්ධානය අභිබවා සිංහල
දේහපාලන පක්ෂයකට බහුතර කැමැත්ත දුන්නේ මේ තත්වය නිසයි. ඒ නිසා අප රට බෙදුම්වාදයට
තල්ලු කරන ඉන්දියානු දේශපාලන බල අධිකාරිය මේ යථාර්තය සම්බන්ධව දැනුම්වත් කරලීමටද
ඔවුන් සමග ගනුදෙනු බේරා ගැනීමටද හැකියාව
තිබිය යුතුය. එසේ නොවුණු හොත් බෙදුම්වාදී න්‍යයා පත්‍රය ක්‍රියාක්මක කිරීමට මේ ආණ්ඩුව
ලවාම පිඹුරුපත් දියත් කිරීමට මේ විජාතික බලවේග පෙළ ගැසෙනවා නියතය.එයට ඉඩ නොතැබීම
මාලිමාවට කැමැත්ත ප්‍රකාශ කල සියලු දෙනාගේම වගකීමයි. මන්ද පොහොසත් රටක් ලස්සන
ජීවිතයක් යන අරමුණ ජය ගන්නට එවිට නොහැකි වන බැවිනි.ලක්ෂ හැටක ජනතාවක් චන්දය ප්‍රකාශ
නොකර නිවසට වී සිටියේ පක්ෂ දේශපාලන ක්‍රියාකාරකම් තවදුරටත් ඉවසීමට නොහැකි බැවිනි.
මාලිමාව සිය යහපත් අරමුණු වල පිහිටා නොසිටියහොත් මේ සියලු දෙන රට හැර යනවා
නිසැකය.දේශපාලනය කරන්නට ද අපට රටක් ඉතිරි නොවනු ඇත.
මතුගම සෙනෙවිරුවන්