පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Monday, August 21, 2023

දේශගුණික විපර්යාස මුවාවෙන් ගොඩ නගන ගෝලීය ආධිපත්‍ය

 

 

 

                        

         දැඩි නියන් තත්වයක් හමුවේ උඩවලව ජලාශය සිඳී යෑමත් සමග පරිසරය හා බැඳුණු සංසිද්ධින් රැසක් මේ වන විට කතාබහට ලක් වෙමින් පවතී.දේශගුණික විපර්යාස හමුවේ ඇති වන එල්නීනෝ තත්වයක් මීට හේතු වන බව විද්‍යාඥයන් දක්වා ඇත. අප දන්නා පරිදි අවුරුද්දේ නිකිණි මාසය යනු ඉඩෝර සමයකි. යල් මෝසම් අහවර වි ගොයම් කපා පාගන ලංකාවට සුර්යා මුදුන් වන සමයකි. එම කාලය තුළ වැව් සිඳී යෑම ගංගා ඇළ දොළ ජලය හිඟව යෑම දක්නට හැකිය. පොළවේ ජල මට්ටම පහත බැස ළිං ජලය පවා වේලි යන බව අප පැරැන්නන් අත් දැකීමෙන් දනිති. මෙවැනි තත්වයකට එල්නිනෝ යයි නමක් තැබීම පිළිබඳ යම් කිසි විමතියක්ද ඇති වේ. කෙසේ වෙතත් මෑත කාලයේ සිදු වූ දැඩි පරිසර හානි එනම් කැලෑ කැපීම් කඳු කැපීම් වගුරු බිම් විනාශ වී යෑම ආදී කරුණුද මහවැලියේ අත්තනෝමතික සංවර්ධනය නිසාවෙන්ද මෙන්ම පාලකයන් ගේ අධර්මිෂ්ඨ ක්‍රියා මත කලට වැසි නොවැටීම මෙන්ම වැසි සමයේ සිදු වන ගං වතුර විනාශයන් අපට දක්නට හැකිය.නමුත් පාලකයන් ගේ ඇස් ඇරී නැත. ඔවුහු ලෝකයට පෙනෙන්නට ගෝලීය සමුළු වලට සාභාගි වෙමින් නොයෙකුත් ගිවිසුම් වලට අත්සන් තබති.

     එක්සත් ජාතීන් ගේ සංවිධානය හරහා මුළු දුන් පරිසර සංවාදයන්හි අවසන් ප්‍රතිඵලය ලෙසට හැඳින්විය හැක්කේ පරිසරය ආරක්ෂා කර ගැනීම උදෙසා සම්මුතීන් වලට එකග වීමයි.කාර්මික විප්ලවය හේතු කොට ගෙන බිහි වූ නව කර්මාන්ත කෘෂිකර්මයට යොදා ගැනෙන පලිබෝධ නාශක ආදී සියල්ලම යම් කිසි පාලනයකට යටත් විය යුතු යැයි නීති රීති පැනවිණ.අසූව දශකයේ දී මෙරට පරිසර අමාත්‍යංශයක් පවා පිහිටුවනුයේ මෙකී විෂයයන් ඔස්සේ රාජ්‍ය සංවර්ධන කටයුතු තුලිත කර ගැනීමටයි.මේ සඳහා විදේශ අරමුදල් වලින් ලැබුණ දායකත්වය සුළු පටු නොවේ. ලංකාවේ විදේශ සංචිත තර ගැනීම පිණිස මෙම විෂය යොදවා ගන්නට ඇතිය යන සිතුවිල්ල පැණ නගින්නේ වර්තමානය වන විට පරිසර අංශයන් වෙත ගලා එන අරමුදල් අඩු වී ඇති බැවිනි. කෙසේ වෙතත් වෙන කවරදාටත් වඩා අද වන විට දේශගුණික විපර්යාස නමැති මාතෘකාව ඔස්සේ විදෙස් අරමුදල් සක්‍රීය වී ඇත.1997 වර්ෂයේ දෙසැම්බර් මස දී ජපානයේ කියෝතෝ හි ඇති කර ගත් සම්මුතිය එනම් රටවල් 191 ක් විසින් ගිවිස ගත් කෙටුම්පත අනුව හරිතාගාර වායුන් අවම කර ගැනීමට එකඟ විය. ඉන්පසු 2015 නොවැම්බර් මස දී රටවල් 128 ක් එක්වී පැරිස් සම්මුතියට 2016 දී අත්සන් කළහ. ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක දෙකකින් පමණ් ඉහළ යා හැකිය යන පුරෝකථනය අනුව එය ඉහළ යෑම වළක්වා ගැනීමට හරිතාගාර වායුන් අවම කර ගැනීමට සියල්ලෝම කටයුතු කළ යුතු යැයි එහිදී ද එකඟ වී තිබේ.නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා 2017 දී මෙම සම්මුතියෙන් ඉවත් වීම සඳහා පියවර ගනු ලැබූයේ. ඒ මගින් ඇමරිකාවේ සංවර්ධනයට බාධා ඇති වන බව පවසමිනි.

       දේශගුණික විපර්යාස යනු මිනිස් ක්‍රියාකාරකම් මධ්‍යයේ වායුගෝලයේ සමතුලිත්වය බිඳ වැටීමයි යන්න සාමාන්‍ය අර්ථ දැක්වීමයි.මිනිසා ගේ ක්‍රියාකාරකම් විශේෂයෙන්ම කර්මාන්ත මගින් පිටවන හරිතාගාර වායුන් නිසා පෘතුවියේ උෂ්ණත්වය වෙනස් වීම නිසා ගෝලීය දේශගුණික තත්වයන් විපර්යාසයට බදුන් වන බව විද්‍යාඥයන් පවසා ඇත. 19 වන සියවස වන විට සාමාන්‍යයෙන් පෘතුවියේ පැවති උෂ්ණත්වය වනුවේ සෙල්සියස් අංශක 1  ට අඩුවෙන්ය. මේ වන විට සෙල්සියස් අංශක 1.2 දක්වා එය වැඩිවී තිබේ යැයි කියති. 

 2050 වන විට සෙල්සියස් අංශක 2.0 දක්වා වැඩි වී හිමකඳු දිය වී ගංවතුර ඇති වී නියන් සායෙන් පීඩිත වී මහ විනාශයක් සිදු වීමට ඉඩ ඇතැයි ඔවුන් අනතුරු අඟවති. ඒ නිසා 2030 වන විට මෙම උෂ්ණත්වයට ප්‍රධාන හේතුව වන කාබන්ඩයොක්සයිඩ් වායුව නිකුත් කිරීමේ තත්වය බිංදුව දක්වා අගයකට පැමිණිය යුතු යැයි සම්මුතියක් ඇති වී තිබේ. ගෝඨාභය රාජපක්ෂ මහතා 2020  දී ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව් හිදි පැවති cop 26(ගෝලීය දේශගුණික විපර්යාස සමුලුව ) සමුළුවට සාභාගි වී ප්‍රතිඥා කීපයක්ම ඉදිරිපත් කරන ලද්දේය. පුනර්ජනනීය බලශක්ති වෙත පූර්ණ වශයෙන් පරිවර්තනය වීම පොසිල ඉන්ධන දහනය කරන වාහන වලින් ඉවත් වීම ආදීය එහි විය. එසේම ඒ වන විට ඔහු ක්‍රියාත්මක කරලීමට පටන් ගෙන තිබූ කාබනික කෘෂිකර්ම ව්‍යාපෘතිය පිළිබඳවද ඔහු දීර්ඝ පැහැදිලි කිරීමක්ද කර ඇත. ඒ මගින් ඔහු බලාපොරොත්තු වන්නට ඇත්තේ මේ ව්‍යාපෘතියට අවශ්‍ය විදේශ අරමුදල් ලබා ගැනීමටයි.   

     ගෝඨභය රාජපක්ෂ අභිබවා යමින් මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතා පැරිස් සම්මුතියට අත්සන් කර තිබේ.පෙර සඳහන් කළ පුනර්ජනීන බලශක්තියට පරිවර්තනය වීම මෙහි ප්‍රධන ඉලක්කයකි.රට පුරා සූර්ය බල ශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කරලීම විදුලි වාහන ප්‍රචලිත කිරීම සඳහා විශේෂ වැඩ සටහනක් කිරීමට ඔහු බලපොරොතතු වේ.මේ සඳහා දැන් සෘජුවම ඉන්දියාවේ අදානි වැනි සමාගම් මැදිහත්ව සිටී. සූර්ය බලාගාර සුළං බලාගාර   ආදියේ ආධිපත්‍ය තුල නව පරිසර ධනවාදයක් නිර්මාණය වෙමින් තිබේ.මොවුන් ගේ මූලික සංකල්පය නම් දේශගුණික විපර්යාස සිදු කරන පොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත් වීම සිදු කළ යුතු බවයි. ධනවාදී රටවල් එය වඩාත් කර්යක්ෂමව භාවිතා කරමින් තෙවනි ලෝකයේ රටවලට ඒවායින් ඉවත් වීමට බල කර ඇත. යටකී ගිවිසුම් ඒ සඳහාය. නමුත් ඔවුන් නොකියන කාරණයක් මේ වන විට එළියට පැමිණ තිබේ. එනම් පෘථිවි චුම්බක ක්ෂේත්‍රය ක්‍රමයෙන් දුර්වල වීමයි.රොයිටර් පුවත් සේවය වාර්තා කරන ආකාරයට පසුගිය වසර 160 ක කාල වකවානුව තුළ මේ වෙනස් වීම මැන ඇත.

          චුම්බක ක්ෂේත්‍රය තුල සිදුවන මේ වෙනස් කම් ගැන රොචෙස්ටර් විශ්ව විද්‍යාලයේ භූ භෞතික විද්‍යාඥ වරයෙකු වූ ජෝන් ටාර්ඩුනෝ දක්වන අදහස අපට වැදගත්ය. අතීතයේ දී පෘථිවි චුම්බක ක්ෂේත්‍රය පෙරළී උතුර සහ දකුණ මාරු වී අද පවතින තත්වයකට පත් වූ බව කියයි. මෙවන් වෙනසක් අවසාන වරට සිදුව ඇත්තේ වසර 780000 කට පෙර බව මෙහිදී දක්වා ඇත.අධික ගෝලීය උෂ්ණත්වයට ද ලොව පුරා පැතිර යන වසංගත තත්වයන්ටද මෙම වෙනස්වීම් හේතු සාධක වන බව ලෝක ප්‍රකට සඟරාවක පළ වූ ලිපියක් මෙහි දී උපුටා දැක්විය හැකිය.(  Iraqi Geological Journal Hijab and Al-Dabbas 53 (2C), 2020: 13-2) ඒ සඟරාවේ පල වූ ලිපිය අනුව වර්ෂ 1790 දී රුසියාවේ ඇති වූ වසංගත තත්වයේ සිට 2020 ලෝකයේ ඇති වූ කොරෝනා වසංගත තත්වය දක්වා තිබෙන දත්ත පරිශීලනය කිරීමෙන් චම්බන ක්ෂේත්‍රයේ වෙනස්කම් අනුව ලෝකයේ දේශගුණික සහ සෞඛ්‍ය විපර්යාසයන් සිදු වන බවට යම් මතයක් ඇති කර තිබේ.

       නමුත් ගෝලීය ධනවාදය විසින් අපට බල කරනුයේ පොසිලඉන්ධන දහනයෙන් ඉවත් වීමට පමණය. එසේම ඔවුහු දේශගුණය පාලනය කිරීමටද දැන් උපක්‍රම හඳුනාගනිමින් ඇත. ඒ සඳහා තුන්වන ලෝකයේ රටවල දක්ෂ පක්ෂ විද්‍යාඥයන් නාසා වෙත් කැඳවා ගෙන ශිෂ්‍යත්ව දී ඒ රටවල යම් දැනුම් සම්භාරයන් උකහා ගැනීමටද තුන්වන ලෝකයේ රටවල් වලට එරෙහිව යොදා ගැනීමට උත්සාහ දරමින් ඇත. මෙයින් ලබා ගත් දැනුම උපයෝගී කර ගනිමින් ස්වභාවික විපර්යාස වෙනුවට කෘතිමව සකස් කළ විපර්යාස වෙත අප යොමු කරමින් සිටී.යම් යම් කලාප වලට පමණක් බලපාන  භූමි කම්පා  අධික වැසි තත්වයන් මෙන්ම නියන් තත්වයන්ද නිර්මාණය කරගැනීමට දැන් ඔවුන් සමත් වී ඇති බව වාර්තා වේ. 

 ලංකාවේ මෑත කාලයේ දී සිදු වූ පරිසර වෙනස් කම් සහ දේශගුණික වෙනස් කම් පමණක් නොව කොරෝනා වසංගත තත්වයන්ද අතිශයින් ගුප්ත කාරණා මත පදනම් වන බව අපට දැනේ.රටක් දේශපාලන වශයෙන් වෙනස් කිරීමට පමණක් නොව ආර්ථික වහයෙන් කඩා වැට්ටවීමට සමත් මෙම කුරිරු තාක්ෂණික විප්ලවයන් හැටේ දශකයේ දී සිදු වූ හරිත විප්ලවයට වඩා භයානක වේ.උඩවලව ජලාශය අරභයා පැණ නැගී ඇති ගැටළුව සමනලවැව ජලාශයෙන් වතුර නිකුත් නොකිරීම යන තැනට ඌණනය කර තිබේ.ඒ නිසා ගැටළුව දෙශපාලන පක්ෂ වල ගොදුරක් බවට පත් වෙමින් තව තවත් උගුල් වලට සිරවෙමින් සිටිමු.වලවේ පෝෂක ප්‍රදේශ සහ උඩවලවට ජලය ලැබෙන බෙලිහුල්ඔය අවට වසර පහලොවකට පමණ පෙර සිට තේක්ක වැවීම ගැන දැන් කතාබහ නොකරති.මෙවැනි ප්‍රශණයන්ට අදාල පසුබිම විග්‍රහ කිරීම වෙනුවට විද්‍යුත් මාධය විසින් ජනතාව තොරොම්බල් කරලීම විශාල ඛේදවාචකයකි. මේ  අතර පොසිල ඉන්ධන පළවා හැරීමෙන් ඇතිවන රික්තය පුරවන අදානිලාගේ බහුජාතික සමාගම්ද දක්නට හැකිය. ජල විදුලිය නැති වන විට ගල් අඟුරු හෝ ඩීසල් විදුලියද ඔවුනට කැපය. සුළං බලාගාර සඳහා ඔවුන් ඉල්ලන භූමිය අප ලබා දිය යුතුය.රට වටා තිබෙන ඉන්ධන සම්පත හාරා ගැනීමට ඉඩක් නොලැබේ.පැරිස් සම්මුතිය යනු මේ හිර කිරීමේ ගිවිසුමයි. රනිල් වික්‍රමසිංහ සිදු කරනුයේ මෙම කොන්ත්‍රාත්තුව සම්පූර්ණ කිරීමයි.මන්ද එරික් සෝල්හයිම් ප්‍රධාන තැන් ගන්නා ගෝලීය දේශගුණික සමුලුවේ රනිල් වික්‍රමසිංහයන්ටද යම් භූමිකාවක් හිමිව ඇති බැවිනි.

මතුගම සෙනෙවිරුවන්