වර්තමාන ජාතික බලවේගයන්හි ක්‍රියාකාරිත්වයෙන් පැණ නැගුණු මහජන ඒකමිතිය නිසා ප්‍රභාකරන් මූලික කරගත් ඊලාම් මෙහෙයුම සම්පූර්ණයෙන්ම
විනාශ කිරීමට මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ සන්ධාන රජයට හැකි විය. වෙනත් කිසිම ජන
නායකයෙකුට නොලැබුණු ජන වරමක් මහින්ද රාජපක්ෂ මහතාට හිමි වූයේ මේ උදාර කටයුත්තට
නායකත්වය සැපයූ නිසයි. ලංකාව ඒකීය රටක් වශයෙන් පිළිගැනෙන කොන්දේසිය පමණක් එදා
සන්ධාන රජය ඉදිරියේ තබන ලද බව කවුරුත් දන්නා කරුණකි. මේ කොන්දේසිය මත පළාත් සභාවන්ද
කලකදී අහෝසි විය යුතුව තිබුණි. එහෙත් එය එසේ වූයේ නැත. ඊට හේතුව යුද්ධයෙන් පසුව
උතුරු හා නැගෙනහිර පෙදෙස් වල සිදු කරන ලද අත්තොනෝමතික දේශපාලන ක්‍රියාකලාපයයි.
වර්ෂ 1818 සිටම සිංහල ජනතාවට සිදු වූ ඓතිහාසික අසාධාරණයන් එමට ය. එහෙත් ඒ කිසිවක්
නොසලකා සන්ධාන රජය බලයට පත් කිරීමට කැපවූ සිංහලයන්ට ප්‍රමුඛත්වය නොදී නැවත දෙමළ
මුස්ලිම් ජන කොටස් වලට පමණක් මුල් තැන ලබා දීම නිසා පළාත් සභා අහෝසි කිරීම වෙනුවට
ඊලාම් මතවාදය පෝෂණය කරන උතුරු පළාත් සභාවක් ස්ථාපිත විය.මෙම පියවරට තල්ලුවීමට
සන්ධාන රජයේ තකතීරුකම් රාශියක් ඉවහල් වූ බව පිළිගන්නට සිදුව ඇත. වර්තමානය වන විට
උතුරු පළාත් සභාවේ මහ ඇමති විග්නේශ්වරන් මහතා ලක්රජයද ඉක්මවා යමින් ජාත්‍යන්තර ප්‍රජාව
වෙත නැඹුරුව සිය ඊලාම් බෙදුම්වාදය ක්‍රියාත්මක කරන තැනකට තල්ලු වී තිබෙන්නේ මේ
රජයේ අමන මරිකම් හේතු කොට ගෙනයි.
ලංකාවේ සිංහල බෞද්ධ ජනතාව ඓතිහාසික වශයෙන්
ක්‍රමයෙන් බෙලහීන කරනු ලැබූ පිරිසකි. ඔවුනට එරෙහිව බ්‍රිතාන්‍යයන් විසින් වරින් වර
දෙමල මුස්ලිම් ජන කොටස් යොදවා ගත් බවට
සාක්ෂි ඇත. එසේම ක්‍රිස්තියානි අභිලාශයන් උදෙසා බෞද්ධයන්ගේ උරුම හිමිකම් විනාශකරන
ලද ආකාරය ඉතිහාසයෙන්ම සොයා ගත හැකි ය. 1948 වර්ෂයේදී නිදහස ලැබීමෙන් පසුව මෙම
ඓතිහාසික වැරදි නිවරදි කරන රජයක් කෙරෙහි මෙරට වැසි බහුතර සිංහල ජනතාව අපේක්ෂාවෙන්
පසු වූහ. 1956 දී බණ්ඩාරනායක රජය කෙරෙහි යම් කිසි විශ්වාසයක් තැබූවේ යම් සේ ද
සිරිමා බණ්ඩාරනායක මැතිණිය ගේ රජය කෙරෙහිද එවන් විශ්වාසයක් විය. කොටි පැරදවීමට ක්‍රියාකළ
මහින්ද රාජපක්ෂ මහතාගේ රජය කෙරෙහි ද පවතින විශ්වාසය තවමත් සහමුලින්ම අවසන් වී
නොමැත. එහෙත් මේ කිසිවක් නොසලකන තත්ත්වයකට අද රජය පත්ව තිබේ.
සිංහල ජනතාව සතු උරුම හිමිකම් වලට පාළු
ගෙයි වළන් බිඳින්නන් ලෙසට පහරදීම සාමාන්‍ය දෙයක් බවට පත් ඇත. ඒ සඳහා අවශ්‍ය තනතුරු
වාසුදේව නානායක්කාර රවුෆ්හකීම් ඩිලාන් පෙරේරා දි.මු.ජයරත්න රාජිත් සේනාරත්න වැනි
දේශපාලන නායකයන්ට ලබා දී තිබේ.මෙවර වෙසක් උත්සව සමයේ දී ගම්පළ සහීරා විදුහලේ කළ
වෙසක් සැරසිලි ඉවත් කිරීමට එහි විදුහල්පතිවරයා කටයුතු කර තිබුණි. එයට විරෝධය පෑ ප්‍රදේශයේ
සිංහල ජනතාවට එරෙහිව කටයුතු කර තිබුණේ බුද්ධ ශසන ඇමති දි.මු.ජයරත්න මහතායි. මේ
ආකාරයට සිංහල භාෂාව අවලංගු කාසියක් බවට පත් කිරීමට ද ක්‍රියාත්මක වෙමින් ඇත. සිංහල
දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රීත්වය සිංහල දරුවන්ට උගන්වන අතර ඉංග්‍රීසි බස ප්‍රධාන
රාජ්‍ය භාෂාව බවට පත් කිරීමද දෙමළ හා ඉංග්‍රීසි
භාෂා පමණක් දෙමළ ළමුන්ට ඉගැන්වීමෙන් තව දුරටත් සිංහල භාෂාව උතරු හා
නැගෙනහිර පළාත් වලින් ඉවත් කිරීමට කටයුතු කිරීමද ක්‍රමානුකූලව සිදු වේ. බෞද්ධ හිමිකම්
අවසන් කළ හැකිවන මුස්ලිම් නීති ස්ථාපිත කිරීම අන්‍යාගමීකරණය සිදුකිරීම සිංහල ජනතාව
සතුව තිබූ උතුරු පළාතේ ඉඩ කඩම් නීත්‍යනුකූල ලෙසටම දෙමළ ජනතාවට ලබා දීම. මේ අතරින්
කීපයකි.
සිංහල ජනතාවගේ ප්‍රෞඩ ඉතිහාසය හා
සිද්ධස්ථාන ක්‍රමානුකූලව වැනසීම සඳහා ක්‍රියාකිරීමද මේ අතර වෙයි. එවැනි ස්ථාන ගල් වලවල් සඳහා බදු දීම සංචාරයකයන්
සඳහා අවශ්‍ය දුරචාරය නීති ගතකිරීම සන්ධාන රජය නොදැන කරනවා වන්නට බැරි ය.ගොනා
හැරෙන්නේ පොල් පැළය කන්නට බවද වළන් කද බිඳීමටද මේ ගොනා වැඩි කලක් ගත නොකරන බවද අප
සිහියට ගත යුතු ය. ඔවුන්ගේ ඉලක්කය සිංහල සංස්කෘතිය හා උරුමයයි. එදා බ්‍රිතාන්‍යයන්ටද
කළ නොහැකි වූ මේ විනාශය කළු සුද්දන් වන වර්තමාන පාලකයන් අගේට කරනවා බලා ඇමරිකාව
ඇතුළු බටහිර බලවතුන් සතුටු වන බව කිව යුතු ය. බටහිරට අවශ්‍ය ලෙසට දිගේලි කරන ලද මෙම වෘෂභයා
හීලෑ කර නොගතහොත් අපගේ විනාශය සිදු වීමට වැඩි කලක් ගත නොවනු ඇත. ඒ සඳහා සුදුසුම කාලය
එළඹෙන ජනාධිපතිවරණයයි. විපක්ෂයෙන් සැලකිය යුතු චරිතයක් ඉදිරිපත්වීම ප්‍රශ්ණයක්ව
පවතින අවස්ථාවක වුවද උතුරේ විග්නේශවරන් නමැති චරිතය ප්‍රබල තත්ත්වයක තිබෙන බව අප
අමතක නොකල යුතු ය. එසේ හෙයින් ජාතික බලවේගයන්ට අවශ්‍ය ආකාරයට සන්ධාන රජය නම්මවා
ගැනීමට මේ සුදුසුම කාලය බව පෙන්වා දිය හැකි ය.
ඒ පිණිස පහත සඳහන් කොන්දේසි ඉටු කරවා ගත යුතු ය. අවම වශයෙන්වත් එසේ
නොකළහොත් සිංහල ජාතික ව්‍යාපාරයට යළි නැගිටිය නොහැකි වන ලෙසට මේ වෘෂභයා පහර දෙනවා නිසැක
ය. එ නිසා මේ වෘෂභයාගේ කර ඇඹීම පිණිස මෙම යෝජනා
ජනතාව ඉදිරියේ තබා එයට වටිනාකමක් එක් කළ යුතු යයි සිතමි.
01/
සියලුම ජන කොටස් සඳහා එකම නීතියකින් කටයුතු කිරීම. එහිදී මුස්ලිම් නීති හා
තේසවලාමෙයි නීති අහෝසි විය යුතු ය.
02/අන්‍යාගමීකරණ
පණත සම්මත කිරීම.
03/
ගව ඝාතනය තහනම් කිරීම.
04/
ජන අනුපාතය අනුව උතුරු සහ නැගෙනහිර පළාත් වල සිංහලයන් පදිංචි කිරීම.
05/
ත්‍රෛයිනිකායික මහා සංඝරත්නයේ නියෝජනය සහිත උත්තරීතර උපදේශක සභාවක් පත් කිරීම.
06/
විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය කිරීම. පාර්ලිමේන්තුවට වගකියන දශරාජධර්මය රකින
තනතුරක් බවට පත් කිරීම. බුද්ධශාසනයේ පැවැත්ම හා අරක්ෂාව ජනාධිපතිවරයාගේ ප්‍රමුඛ
වගකීමක් බවට පත් කිරීම.
07/
බුද්ධශාසනයෙහි ප්‍රමුඛතාවය පිළිබඳ ප්‍රතිපාදන ව්‍යවස්ථා ගත කිරීම.
08/
රීගේනින් ශ්‍රීලංකා ප්‍රතිපත්ති වලින් ඉවත් වීම.
09/
වසරක් ඇතුළත පළාත්සභා ව්‍යුහය අහෝසි කර ප්‍රාදේශීය සභාවලට බලය පැවරීම.
10/
වසර තුනක් ඇතුළත කෘෂිරසායන වස විස ඉවත් කොට පාරිසරික කෘෂිකර්මය ස්ථාපිත. කිරීම.
සිංහලයන්ට සිදුවූ ඓතිහාසික අසාධාරණයන්
ඉවත් කිරීමට මෙම යෝජනා සර්ව සම්පූර්ණ නොවේ. එහෙත් මුලින් ටිකක්
ඉන්පසුව තවත් ටිකක් යන දෙමළ ජාතිවාදයේ උපක්‍රම ආදර්ශයට ගෙන දැනට පසු පස්සට තබන පය
ඉදිරියටම තබමින් සිංහලබෞද්ධ උරුමයට නැවතත්
වටිනාකමක් එක් කර ගත යුතු ය. 2015 වසරට රටේ ස්වාධීනත්වය අහිමි වී වසර
දෙසීයක් සපිරෙයි. මේ ගමන එම ස්වාධීනත්වය නැවත ලබා දීම සඳහා වූ මුලපිරීමකි.