පොලොන්නරුවේ එගොඩ පත්තුවේ නුවර ගල
රූස්සමලේ කන්දේකරන ලද පුරාවස්තු සංහාරය ගැන පුරා විද්‍යා දෙපාර්තමේන්තුව අන්ද මන්ද
වී සිටින ආකාරය පසු ගියදා දැක ගන්නට ලැබුණි. 2004 වසරේ දී හඳුනා ගන්නට යෙදුණු පුරා
විද්‍යා භූමියක් ගල් කොරියකට ලබා දීමට දෙපාර්තමේන්තුවේ අවසරය ලැබී ඇත. නමුත් අවසරය
දුන කෙනෙකු තම වගකීම බාර ගත් බවද පෙනෙන්ට නැත. ඒසේ කළ පුද්ගලයන් සොයා ගැනීමටද
නොහැකි වීතිබෙන බවද පෙනේ. කෙසේ වෙතත් පුරා විද්‍යා විෂය පථයට පරිබාහිරෙන් වන
පුලුල් විෂය ක්ෂේත්‍රයක් මින් අනාවරණය වූ බවද මෙහිදී හෙළිදරව් කළ යුතුය.
පුරා විද්‍යාවට විෂය වන්නට නම් පුරා
වස්තු ස්මාරක හෝ සෙල් ලිපි වැනි යමක් තිබිය යුතු යයි සම්මතයකි. ලංකාවේ එවැනි ස්ථාන
රාශියක් දැක ගන්නට හැකිය. පුරා වස්තු ආඥා පණත යටතේ සිදු කරන්නේ මෙම ස්ථාන සංරක්ෂණය
කිරීමටත් ආරක්ෂා කර ගැනීමටත් කටයුතු කිරිමයි.ලංකාවේ නිධන් තිබෙන්නේ යයි පුරා විද්‍යා දෙපාර්තමේන්තුව
විශ්වාස නොකරයි. එහෙත් ස්ථුපයක ධාතු ගර්භයක් ඇතැයි ද එහි යම් යම් නිධන් වස්තු
තැන්පත් කර ඇතැයිද නිගමනය කර තිබේ. නමුත් ගල් පර්වතයක් යට නොපෙනෙන්නට යම් කිසි
පැරණි දෙයක් තිබේ නම් ඒ පිළිබඳව හැදෑරීමක් හෝ ගවේශණයක් අදාළ ආයතනය යටතේ සිදු
කෙරන්නේ නැත. පසු ගිය කාලයේ දී වනයට යටව තිබූ ස්ථූප රාශියක් විනාශ කරමින් ඒවායේ
ඇති නිධන් සොයා ගිය පාදඩයන් ගැන අපට අසන්නට ලැබුණි. ඒ තත්ත්වය තුළ පුරා විද්‍යා
දෙපාර්තමේන්තුව ඔවුන් අත් අඩංගුවට ගැනීමට වෙනම පොලිස් ඒකකයක් ද පිහිටුවා කටයුතු
කළහ. නමුත් ගල් පර්වත බෝර දමා හෝ බැකෝ යොදා හෑරීමට තැත් කිරීමේ දී යම් නිහඬ පිළිවෙතක්
දෙපාර්තමේන්තුව පැත්තෙන් අනුගමනය විය. ඇතැම් විට අල්ලා ගත් පුද්ගලයන් සතුව පූජා ද්‍රව්‍ය
අයුධ ආදිය තිබුණහොත් ඔවුන්ට විරුද්ධව නඩු
පැවරූ අවස්ථා තිබුනි. නමුත් සමස්තයක් වශයෙන් ගල් පර්වත තුළ නිධන් නැතිය යන පූර්ව
නිගමනය යටතේ සිටින දෙපාර්තමේන්තුව ඒ පස්සේ ගවේශණය කිරීම ප්‍රතික්ෂේප කර ඇත.
සුගලා දේවියගේ යයි කියන මමිය හමු වූවා
යයි කට කතාවක් ඇති වන්නේ මේ අවස්ථාවේ දීය.
දිරා පත් නොවන පරිදි ශරීරයක් දීර්ඝ කාලයක් තබා ගන්නට නොහැකි යයි මෙහිදී අධ්‍යක්ෂ
තුමා සඳහන් කර තිබුණි. එහෙත් වර්තමානයේ අප දකින තාක්ෂණයට වඩා වෙනස් පැති කඩක් පැරණි
දැනුම තුළින් ගවේශණය කළහැකි බව මෙහිදී සඳහන් කළ යුතුය. එකක් නම් ගල් පෑස්සීමේ
තාක්ෂණයයි. දෙවැන්න නම් ගල් කපා ගැනීම සදහා භාවිතා කළ තාක්ෂණයයි. සෙල් ලිපි කෙටවීම
පිණිස කටාරම් සෑදිමේ දී මෙම තාක්ෂණය භාවිතා කරන්නට ඇත. තෙවැන්න නම් ගල් හෑරීමේ
තාක්ෂණයයි. ඒ ගැන ද උදාහරණ දැක්විය හැකිය. සිවු වැන්න නම් ගල් කුඩු වලින් නිර්මාණ
ඇති කිරීමේ තාක්ෂණයයි. මෙම ශිල්පීය ක්‍රමයන් මිථ්‍යාවක් බව පුරා විද්‍යා බලධාරීන් ප්‍රකාශ
කරති. එහෙත් ගල් පෑස්සූ තැන් ගල් භාජන හමු වූ අවස්ථා ගැන මෙහිදී සඳහන් කළ යුතුය.
පොළව යට රත්තරන් වැනි නිධන් වස්තු
තැන්පත් කිරීම බොරුවක් බවද එවැනි තැන්
සොයා යාම මුලාවේ වැටීමක් බවද බලධාරීන් පවසති. නිධන් වදුල මිථ්‍යාවක් බවද වැඩි
දුරටත් ප්‍රකාශ කරති. එහෙත් ඔයා මඩුව සහ අනුරාධපුරයේ විවිධ තැන් වලින් ලැබෙන ආරංචි
අනුව නම් එවැනි තැන් තිබී ඇත. ඒවා දඩයම් කිරිමට දේශපාලකයන්ද ආරක්ෂක අංශ ද කරන ලද
උත්සාහයන්ද ප්‍රකටව කැපී පෙනුණි. ප්‍රාදේශීය දේශපාලකයන් හිටි හැටියේ පෝසතුන් වූයේ
මෙලෙස නිධන් ගොඩ ගැනීමෙන් යයි ද සඳහන් වේ. එසේම එලෙස ධාතු පෙති පිළිම විනාශ කොට නිධන්
ගොඩ දැමූ අයට අත්වූ ඉරණම ගැනද කටකතා අසන්නට ලැබේ. කෙසේ වෙතත් මමිය ගැන කතාව අලුත්
කතාවකි. එය එලෙස ගොඩ ගෙන විනාශ කලේ යයි ගැමියන් පවසන අතර බලධාරීන් එයට මිථ්‍යාවක්
යයි පවසයි. නමුත් ආරංචියේ හැටියට මමියක් හමු වූ පළමු අවස්ථාව මෙය පමණක් නොවේ. ඇඹිලිපිටිය
පැත්තනේද එලෙස බෙහෙත් ගල්වන ලද කාන්තා ශරීරයක් හමු වී විනාශ කළ බව කටකතාවක්
පැතිරුනේ මීට වසරකට පමණ එපිටදීය. තොටගමුවේ රාහුල හිමියන්ගේ දේහය තවමත් ගෝවේ පවතින
බවද මෙහිදී අපට අමතක කළ නොහැකි කාරණයකි.මෙම
සිද්දි මාලාවෙන් අපට පැහැදිලි වන්නේ පුරා විද්‍යාව නොදත් පුරා විද්‍යාවක් ලක්
ඉතිහාසය තුල සැඟව ඇති බවයි. එසේනම් මේ ඉතිහාසය සොයා යාමද පැරණියන් භාවිතා කළ ශිල්පීය
විධි ක්‍රමයන් යළි මතු කර ගැනීමද අද දවසේ විද්වතුන්ගේ කාර්ය භාරය වෙයි. එහෙත් ඒ
සඳහා මේ නව ප්‍රවණතාවය පිළිබඳව විශ්වාශයක් ජනිත විය යුතුය. නමුත් එසේ වන ආකාරයක්
දක්නට නොමැතිය. නවීන ස්කෑන් යන්ත්‍ර ලබා ගත හැකි වන අද දවසේ පුරා විද්‍යා විධි ක්‍රමයන්ද
නව ඉසව්වකින් ඉදිරියට යායුතු බව සඳහන් කළ යුතුය.
අනෙක් කාරණය තුළින් කියවෙන්නේ
පුරා විද්‍යා ස්මාරක හෝ සෙල් ලිපි නොමැති තැන් වල ගල් කොරි දමා ගැනීමට බල පත්‍ර
දීමේ වැඩපිලිවෙලක් අරඹන බවයි. රට පුරා මාවත් වලකාපට් දමන තරමට පාර වල් අලුතින් කපා
තාර දමන තරමට ගල් අවශ්‍ය බව සැබෑවකි. එසේම රටේ ගොඩනැගිලි හැදෙන සීඝ්‍රතාවය අනුවද
කලු ගල් අවශ්‍යතාවය වෙන කවරදාටවත් වැඩියෙන් දැනී තිබෙන බව සත්‍යයකි. එහෙත් කලු ගල්
අවශ්‍ය වූ පමණින් යාපහුව හෝ දෙවනගල බෝර
දමා කැඩීමට අවසර දෙන්නට තීරණය කරන්නේ නම් එතැන ඇත්තේ මේ රටේ සංස්කෘතිය නොදත් එසේම
පරිසර පද්ධතිය ගැන හරි හැටි අවබෝධයක් නොමැති ඇත්තන් ගේ අමන ප්‍රතිපත්තියකි.
කලුගලක් ආරක්ෂා කර ගත යුත්තේ පුරා
වස්තුවක් තිබීම නිසා පමණක් නොවේ. ලාංකාව පුරා විහිදී යන කඳු පංති හා එහි භූවිෂමතාවයන්
දෙස බැලුවහොත් මේ කඳුකරය විසින් පරිසරයට ඇති කරන බල පෑම සුලු පටු නොවේ. ලංකාවේ පිට
කොන්ද ලෙසට සැලකිය හැක්කේ මධ්‍යම කඳුකරයෙන් ඇරඹී
උතුරට නැගෙනහිරට හා වයඹට විහිදී යන කඳු පන්තියයි. ඒවා ක්‍රමානුකූලව තුනීව
ගොස් වන්නියේ දී අවසන් වේ. මේ කඳු පන්ති විශේෂ වැදගත් කමකින් යුක්තය. ඒවා සමහරක් සුදු
කඳු පන්ති වලට අයත්ය. මේ කඳු වල තිබෙන ස්වභාවික පැලුම් වල වැඩී තිබෙන ගස් වැල් ද
රාශියකි. වර්ෂා කාලයට මේ ගල් පැලුම් ඔස්සේ ගල් තුළට ජලය කාන්දු වන අතර ඒවා එහි තැන්පත්
වේ. අනතුරුව මේ කඳු වල වැවී තිබෙන වීර මයිල වැනි ශාක වල අතු පතර මගින් හෙමින්
හෙමින් මේ ජලය නිදහස් කරන අතර ගල්තුළ ඇති
ජලය උල්පත් බවට හැරී පරිසරය තෙත් කිරීමට උත්සාහ ගනී. කුංචුට්ටු කෝරළය මෙයට හොඳම
උදාහරණයකි. කැබිතිගොල්ලෑවේ ඇති ජල උල්පත් දාසය පැන නැගෙන්නේ මෙලෙස කඳුකරයෙන් ඇදෙන
ජල මූලාශ්‍රයන් හේතු කොට ගෙනයි. ඒ නිසා රජ රට වියළි පරිසරය තෙත් කරන අතර ස්වභාවික
වනාන්තරයන් ද ආරක්ෂා කරයි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි
එවැනි ස්ථාන ගණනාවක් යුද්ධයෙන් පසු
කාලවකුවානුව තුළ විනාශ කිරීමට ඇතැම් දේශපාලකයන් කටයුතු කළහ. නිධන් ගැනීමේ
වුවමනාවෙන්ම ගල් කොරි දැමූ අවස්ථා දැක ගන්නට හැකි විය. එයටඅමතරව මුස්ලිම් ව්‍යපාරිකයන්ට
මේ ස්ථාන බදු දීමට අවසර ලබා දුන් පුරා විද්‍යා ව ගැන ද සඳහන් කළ හැකිය. මේ තත්ත්වය
නිසා හොරොව්පතාන කුංචි කුලමේ පුරා විද්‍යා ස්ථානයක් සම්පූර්ණයෙන්ම ඩොසර් කරන
ලද්දේය. මේ පිළිබඳ වාර්තාවක් පුරා විද්‍යා
අධ්‍යක්ෂ ජනරාල් තුමාට ඉදිරිපත් කිරීමටද කටයුතු කළෙමි. එහිදී මේ ගල් පර්වත වල
වටිනාකම හා පරිසරයට තිබෙන සබැඳියාව ගැනද සඳහන් කරන්නට අමතක නොකෙළෙමි. කිසිසේතම මේ
අගනා පරිසර පද්ධති විනාශ කිරීමට බල පත්‍ර නොදිය යුතු බවට එහිදී අවධාරණය කළෙමි.
එහෙත් පාරිසරික පුරා විද්‍යාව ගැන නොදත් නිළධාරීන් සිටින රටක එවැනි රක්ෂාවරණයක්
ලැබීමට නොහැකි වූ බව මෙහි ලියා තැබිය යුතුය. බ්‍රිතාන්‍යයන් ගෙන් උගත් පුරා විද්‍යාව
කර පින්නා ගෙන එම නීති රීති වලට කොටුවී තව කෙතෙක් දුරට ලංකාවේ ජාතික උරුමයන්
ආරක්ෂා කර ගත හැකි වේ ද යන්න අද අප ඉදිරියේ පවතින ප්‍රශ්ණයකි. සුගලා දේවියගේ යයි
කියවෙන මමිය පිළිබද කතාවෙන් මතු කළ යුත්තේ මෙම සංවාදයයි.