දෙමළ ජාති වාදයේ තවත් පියවරක් සාර්ථක ලෙසට
ඉදිරියට පැමිණ ඇත. මේ සඳහා සම්පූර්ණ ආශිර්වාදය සපයන ලද්දේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ
සන්ධාන ආණ්ඩුවයි. උතුරු පළාතේ සිංහළයන් පදිංචි කරවීමෙන් තොරව චන්දය පැවැත්වීමෙන්
වන අනතුර ගැන කල්තියා මේ රටේ සංවාදයක් ඇති විය. එම සංවාදයේ දී පළාත් සභා සතු ඉඩම්
බලතල හා පොලිස් බලතල ඉවත් කළයුතු යයි ද ඉන්දියාවේ ද නැති ඇතැම් බලතල කප්පාදු කළ යුතු
යයිද මතයක් ඇති විය. එහිදී මෙම බලතල ඉවත් කිරිම පිණිස යෝජනාවක් කැබිනට්ටුවට
ඉදිරිපත් වුවද පසුව එය හකුළා ගැනුණි. තේරීම් කාරක සභාවක් පත් කළද සැප්තැම්බර් විසි
එක් වන දිනට ප්‍රථම එහි නිර්දෙශ ලබා
නොදීමට ආණ්ඩුවෙන්ම කටයුතු යෙදුණි.
උතුර හා නැගෙනහිර පළාත් ඓතිහාසිකව ගත් කළ
සිංහල බෞද්ධ ජනතාවගේ උරුමයකි. ඒ බැව් එහි
ඇති පුරාවස්තුවලින් සනාථ වේ. මෑතකදී යුධ හමුදාව විසින් සොයා දැන ගෙන ඇති
සිද්ධස්ථාන ගැන සලකා බැලූ කල්හි මේ බව සැකයකින් තොරව තහවුරු වේ. එසේම ඒ පළාත් වල
කිසිම ආකාරයකින් ද්‍රවිඩ නිජභූමියක් නොපැවති බවටද හොඳින්ම සනාථ වේ. නමුත් වාර්ගික
පවිත්‍රකරණය නිසා කාලයක පටන්ම උතුර හා නැගෙනහිර පළාත් වල සිංහල ජනතාව ජීවත් වන්නේ
ඇත. කොටි ත්‍රස්තවාදය පරාජයට පත් කිරීම වෙනුවෙන් සිය ලේ කඳුලු දහදිය හෙලූ සිංහල
ජනතාව බලාපොරොත්තු වූයේ තමන්ට සිදු වූ ඓතිහාසික අසාධාරණයන් වෙනුවෙන් රජය
ඉදිරිපත්වනු ඇතැයි කියාය. ඒ සඳහා සිය වාස භූමි වල නැවත පදිංචිකිරීම සිදුවනු ඇතැයි
උදක්ම ප්‍රාර්ථනා කළහ. එසේම මූදු මහා
විහාරය වැනි සිද්ධස්ථාන වලට අයත් සඟ සතු ඉඩ කඩම් නිරවුල් කර දේ යයිද බලාපොරොත්තු
විය.නමුත් සිදුව ඇත්තේ වෙනත් දෙයකි. ඉන්දීය රජයේ අවශ්‍යතාවය මත කටයුතු කළ රජය සිංහලයන් පදිංචි කිරිමට මැළි කමක් දැක්වීය.
හමුදා කඳවුරු මේ ප්‍රදේශ වල තිබීම පවා ජාත්‍යන්තරව විවේචනයට ලක් වී ඇති අතර සිංහල
ජනතාව වෙනුවෙන් රජය කිසිම ආකාරයකින් හඬක් මේ වනතුරු නගා නොමැත. සිංහලයින් නැවත
පදංචි කරලීමේ දී නොයෙකුත් නීති රීති වලට යටත් කොට ඔවුන් අධෛර්ය කිරීම දිගින් දිගටම
සිදු විය. උදාහරණයක් ගත හොත් පුල් මුඩේ දහතුනේ කණුව අසල සිංහල ගම්මාන සැලකිය
හැකිය. වසර එකසිය පණහකට පමණ ප්‍රථම ඝන වල් කලෑවකට පැමිණ මෙහි ගොවිතැන් බත් කර
ගනිමින් ජීවත් වූ සිංහලයන් යුද්ධයේ දී අවතැන් වූ අතර පසුව නැවත පදිංචි කෙරිණ.
නමුත් මේ වන තෙක්ම රජයෙන් මේ පවුල් සඳහා ඉඩම් බලපත්‍රයන් ලබා දී නොමැත. එහෙත්
පැරණි සිංහල ගම්මානයන් අල්ලා ගෙන පදිංචි
වන මුස්ලිම්වරුන්ට ක්ෂණයකින් ඉඩම් බලපත්‍ර ලබා දීමට කටයුතු කෙරෙති.සිංහල ප්‍රාදේශිය ලේකම් වරුන් ද
මේ අයට පුද්ගලික වාසා සඳහා උදවි කරන බව පැහැදිළිය. මේ ප්‍රදේශයේ වැව් අටක් පමණ
නටබුන්ව තිබෙන නමුත් ඒවා පිලිසකර කර ගෙන යලි පදිංචි වීමට වන සංරක්ෂණ දේපාර්තමේන්තුවද
ඉඩ ලබා දෙන්නේ නැත.
යාපනයේ ජීවත් වූ විසිදහසකට අධික සිංහල ජනතාව නැවත
පදිංචි කරලීමට රජය කිසිම සම්මාදමක් දැක්වූයේ නැත. සිංහල පවුල් එකසිය අසූවක් පමණ
සිය ඉඩම් සොයා යාපනයට ගිය අවස්ථාවේ දී ඔවුන් ගේ ඉඩම් දෙමළ පුද්ගලයන් අල්ලා ගෙන සිටි බව පැහැදිලි
විය. අනතුරුව නාවක්කුලිය ප්‍රදේශයේ පොල් වත්තක මේ පිරිස බලහත්කාරයෙන්ම පදිංචි වූ
අතර මේ අයට සිංහල සංවිධාන වලින් මිස රජයෙන් උදව් ලැබුණේ නැත. තමන්ගේ අවසරයකින් තොරව පැමිණියායි
සැලකූ මේ පිරිස ගැන උතුරු ආණ්ඩුකාරවරයා අල්ප මාත්‍ර සොයා බැලීමක් නොකලේය. මේ ආකාරයට
අදත් ඔවුන්ට කිසිම පහසුකමක් රජයෙන් නොලැබේ. ඒ අතර පසුගියදා මෙහි ඉඳි කරන ලැබූ ප්‍රජා
ශාලාව ගිනි තැබීමට කිසියම් පිරිසක් උත්සාහ කළහ. මේ අකාරයට මන්නාරමේ හා මුලතිව් දිස්ත්‍රික්ක වල තත්ත්වයන් ද බෙහෙවින්ම ඛේදජනකය.
පදවිය වාහල්කඩ වැනි ප්‍රදේශ වල හා මැද රට කඳුකරයේ ද ඉඩම් නැති විශාල
පිරිසක් සිටින බව පැහැදිළිය. රජය කළ යුත්තේ ජන අනුපාතය අනුව උතුර හා නැගෙනහිර ප්‍රදේශ
වල මේ ජනතාව පදිංචි කරවීමයි. නමුත් එවැනි සාධනීය පියවරකට රජය නොඑළඹුණ බව කවුරුත්
දන්නා කරුණකි. මෙහිදී අපට ඇතිවන සාධාරණ සැකයක් තිබේ. රජය අවංකවම සිංහල ජනතාව
වෙනුවෙන් යුද්ධය මෙහෙවූවා දැයි යන්නය.
මාවිල් ආරු සොරොව්ව වැසූ අවස්ථාවේ දී වත්මන් ජනාධිපතිවරයා සිය ඇමතිවරයෙකු වන
ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතා උතුරුට පිටත් කර කොටි සමග සාකච්ඡා කිරීමට පිඹුරු
පත් සැකසුවේය. ඔහුට එදා මේ යුද්දය ගැන අවංක වුවමනාවක්ද නොවීය. භික්ෂූන් වහන්සේලා
ගේ මෙහෙයවීමෙන් සහ හමුදාවේ උනන්දුව නිසා උතුර හා නැගෙනහිර නිදහස් කරලීමට සටන් ආරම්භ
වූ අතර රජය කලේ ඊට නායකත්වය දීම පමණි. එහිදී මහින්ද රාජපක්ෂ රජය සෘජුවම ඉන්දියාව සමහ
රහස් ගිවිසුමකට යන්නට ඇතැයි යන සැකය දැන්
මතු වී තිබේ. ප්‍රභාකරන් පරාජය කරලීමට ඉන්දියාවෙන් උදව් ඉල්ලීම පිණිස මේ එකඟතාවය ඇති කරගන්නට ඇතිය
යන සැකය දැන් අප ඉදිරියේ පවතී. එහිදී කොටි ත්‍රස්තවාදය පරාජය කිරිමෙන් පසුව දහතුන් වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම
හමුදා කඳවුරු ක්‍රමානුකූලව ඉවත් කිරීම උතුරු
නැගෙනහිර ප්‍රදේශ වල ඉන්දීය ආයෝජනයන් ඇති කිරිම වැනි එකඟතාවයන් ඇති වන්නට ඇත. සාම්පූර්
බලාගාරය ඉන්දියාවට ලබා දෙන්නේ මේ නිසාය . උතුරු දුම්රිය මාර්ගය ඉන්දියාවට ලබා
දෙන්නේ මේ නිසාය.
යුද්ධය පරාජය කිරීමෙන් පසු උතුරේ සිංහල ජනතාව පදිංචි කරවීමට රජය මැලි
වූයේ මේ නිසයි.නැවත පදිංචි කරවීමේ අමාත්‍යංශය යටතේ සිංහල ජනතාවට ප්‍රමුඛත්වය දී
කටයුතු නොකිරීමත් ඇතැම් පදිංචි කිරීම් හමුදාව ලවා රහසේ සිදුකිරීමත් සිදු වූයේ මේ
නිසයි.හමුදාවේ පණස්හය වන සේනාංකයේ මැදිහත් වීමෙන් වවුනියා දිස්ත්‍රික්කයේ කැලෑ
බෝගස්වැව ප්‍රදේශයේ පවුල් දෙදහස් යහසීයක් නැවත පදිංචි කරන ලද අතර ඔවුන්ට අවශ්‍ය
යටිතල පහසුකම් සියල්ල සලස්වන ලද්දේ හමුදාව විසිනි. විදුලිය යෝජනා ක්‍රමය සඳහා
ජනාධිපති උපදේශක පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ගේ මැදිහත් වීම මත එවකට විදුලිබල
ඇමති චම්පක රණවක මහතා විසින් රුපියල් දශලක්ෂ සියයක් වෙන්කරන ලද අතර දැන් ඒ විදුලි
රැහැන්ද ඇද අවසන් කර තිබේ.එහෙත් මේ අවතැන් වූ පවුල් චන්ද හිමි නාම ලේඛන යටතේ
ලියාපදිංචි කරලීමේ වැඩ පිළිවෙල වුවමනාවෙන්ම අසාර්ථක කිරීමට මැතිවරණ නිළධාරීන් කටයුතු
කර තිබේ. ඒ නිසා පසුගිය චන්දයට හිමිකම් ලබා ඇත්තේ පවුල් දෙසිය විසිපහක් පමණකි. මේ
තත්ත්වය තුළ සිංහල ජනතාවගේ මානව හිමිකම් කඩවීමක් සිදුව ඇත. මෙලෙස චන්ද ලියාපදිංචිය
නොකරන ලද්දේ ඉහළ නියෝගයකින් බව ද දැන ගන්නට ඇත. නමුත් මේ නීති රීති මුස්ලිම් හෝ
දෙමල අයට බලපා නොමැති අතර ඔවුහු නිදහසේ චන්දය භාවිතා කරමින් දෙමළ හා මුස්ලිම්
පිරිස බලයට පත් කර තිබේ.
පොලිස් හා ඉඩම් බලතල හිමිව ඇත්තේ මධ්‍යම
ආණ්ඩුවට බව අධිකරණය මගින් තීන්දු කරලීමද මේ අතර සිදු තිබේ. මෙම ක්‍රියා මාර්ගයද සිංහල
ජනතාව රැවටීමකි. මේ වන විටත් වෙනම දෙමල රටක් ඇති කරලීමට පිඹුරුපත් උතුරේ දිග හැරෙන
අතර ඉන්දියාව අකමැති කිසිවක්ද උතුරේ සිදු
නොවනු ඇත. ඉන්දියාව මහින්ද රාජපක්ෂ
ජනාධිපතිවරයා සමග ඇති කර ගත් ගිවිසුම යලි මතක් කර දෙමින් කළ බලපෑම හමුවේ සිංහල ජනතාව ගේ ඔලුව අත ගා කොකා
පෙන්වා උතුරු පාවා දීමට කටයුතු සම්පාදනය වී ඇති බව පැහැදිළිය. ඒ අතින් බලන කල්හි පසුගිය
මැතිවරණයෙ දී උතුරේ සිදු වූයේ ඉතිහාසයේ කළ මහා පාවාදීමකි.