පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Monday, May 27, 2013

හක්කෙ බුදුරැස් - බොක්කෙ ගව මස්

-->
                                        
                                          චාරූපය - අම්පාර සුසන්ත අමරබන්දු

        පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන ස්වාමීන් වහන්සේ දළදා මාළිගය ඉදිරිපිට දී සිය සිරුරට ගිනි තබා ගෙන සිය ජීවිතය පූජා කර ඇත. උන් වහන්සේ මේ උත්තම පූජාව කිරිමට උත්සාහ දරන ලද්දේ මේ  රටේ සිංහල බෞද්ධයින් ගේ වන්දනා මානයට ද පාත්‍ර වන ගවයා ඝාතනයට එරෙහිවය. එසේම අන්‍යාගම්කරණය නැවැත්විමට සකස් කරන ලද පණත ද සම්මත කරන ලෙස ද එහි ඉල්ලා ඇත.
           ගවයා නොහාත් අම්බරුවා ගොවියාට නම් දෙවියෙකි. කමතේ වැඩ අහවර වූ පසු වැඩ ගැන්ම උදෙසා උන්ට නමස්කාර කිරීමද හීයෙන් පසු මුදා හැරීමට ප්‍රථම නමස්කාර කිරීමද පුරුදු පුහුණු වූ ජාතියක් ගවයා මස් කඩයට දැක්වූයේ කෙලෙසකදැයි කල්පනා කල යුතුය.   දිවංගත ඩී.එස්.සේනානායක අගමැති තූමා මුණ ගැසීමට පැමිණි ෆෝඩ් ට්‍රැක්ටර් සමාගමේ නියෝජිත පිරිසක් ලංකාවට ප්‍රථමයෙන්ම ගෙන් වූ ට්‍රැක්ටර් තොගය බෙදා හැරිමේ අවස්ථාව සඳහා සාභාගි වන ලෙස ඉල්ලා සිටියේය. මෙහිදී අගමැති වරයා එක් ප්‍රශ්ණයක් පමණක් ඔවුන් වෙත යොමු කලේය. මේ යන්ත්‍රයට ගොමත් ගැසිය හැකිදැයි ඔහු විමසා සිටියේ නොදන්නා තාලයටය. ට්‍රැක්ටර් සමගමේ අයිති කරුවන් නිරුත්තර වි ඇත. අපේ ගොවි බිම් ට්‍රැක්ටරය විසින් ආක්‍රමණය කරන කල්හි මීමා සතුන් වත්තටත් නගුල කටුගෙයටත් යැවිය යුතු යයි ජේම්ස් මූමා නම් විදේශීය විශේෂඥයෙකු නිර්දේශ කලේය. දශක පහකට පසුව අද  ඒ ප්‍රකාශය සත්‍යයක් බවට පත් වී ඇත. සිංහල නගුල් දැන් දක්නට ලැබෙන්නේ කෞතුකාගාරයන් හි පමණකි. මීමා සතුන් වත්තට ගෙන නොගියද  මස් කඩයට දැක්කවීමට පසුබිම සකසා ඇත. ගොවි බිම් නිසරු වී තිබෙන අතර ආසනික් වැනි කෘෂි රසායන වලින් දූෂණය වී තිබේ.
        ලංකාවේ පශු සම්පත් අංශ මූමා ගේ උපදෙස් පිළිපැද ඇත්තේ අකුරටමය. සිංහල තාලයට හැදුණු බටු හරකා ගේ කිරි නිෂ්පාදන හැකියාව මද බවට ඔවුන් කළ තක්සේරුව නිසා දෙමහුන් කිරි හරක් වැඩ පිළිවෙල ව්‍යාප්ත විය. කේප්ප හරක් ලංකාවට ආනයනය කෙරුණි. ඇමරිකන් පට්ටි ගොනුන් ලංකාවට ආනයනය කිරිම ආරම්බ කරන ලද්දේ නවසිය විස්ස දශකයේ දීය. ඒ සමගම විෂ බීජ සහිත දෙනුන් ගෙන්වීම නිසා 1929 දී ගව වසංගත තත්වයක් ද ඇති විය. එයින් දේශීය ගව සම්පත විශාල වශයෙන් විනාශයට පත් විය.යටත් විජිත වාදීන් මේ තුලින් කාරනා දෙකක් ඉටු කර ගත්හ. එකක් නම් ගව වසංගත තත්වය නිසා මෙරට එළකිරි ප්‍රවේශම් සහිත නොවේ යයි පුවත් පත් වල දැන්වීම් පළ කොට ටින්කිරි භාවිතයට ජනතාව යොමු කරලීමයි. අනෙක නම් බ්‍රිතානය ආණ්ඩුවේ නිළධාරීන්ට අවශ්‍ය හරක් මස් ප්‍රමාණය වැඩි කර ගැනීමට ගව ඝාතනය ව්‍යාප්ත කරලීමයි. 1958 දී ගව ඝාතක පණත සංශෝධනය කලේ මෙලෙස රෝග නිසා අබල දුබල වන මීගවයින් මැරීම පිණිසයි. නමුත් එම චක්‍ර ලේඛන නැවත 1983 .06. 20 දින අවලංගු කර ඇත. නමුත් එස් .බී දිසානායක මහතා කෘෂිකර්ම ඇමතිවරයාව සිටි කාලවකවානුවේ දී නැවතත් 1958 පණත බලාත්මක කොට මීගවයින් ඝාතනයට  අවසර දෙන ලදී.
     දේශීය මී හරකා මෙලෙස වඳව යන්නට පටන් ගත් අතර සූර්ති මූරා වැනි ඉන්දියන් මීමුන් ගේ ආගමනය ද සිදු විය. එහිදී බටු හරකා මස් කඩයට දක්කනවා ඇරෙන්නට වෙන යමක් කරන්නට හැකි කමක් නොවීය.පරංගින් ලක්දිවට පැමිණි සමයේ සිට මේ රටේ ගව ඝාතනය යස රඟට සිදු වූ බව අප දනිමු. කතෝලික ආගම වැලඳ ගත් සිංහලයින් පරංගින් ලන්දේසින් අනුගමනය කරමින් ගව මස් කෑවේ ඔවුන්ගේ සංස්කාතිය ඉහළින් සැලකූ බැවිනි. බ්‍රිතාන්‍ය පාලන සමයේ දී ඇතැම් රටේ මහත්වරුන් තමන්ගේ ස්වාමීන් වූ ඉංග්‍රීසින් උදෙසා තොග පිටින් හරක් මස් සැපයීමේ කොන්ත්‍රාත්තු බාර ගෙන කටයුතු කළහ. 1820 ගැසට් පත්‍රයේ මේ සඳහා දැන්වීම පළ කොට තිබේ.  ගව ඝාතනයට සිංහලයින් කැමති නොවන බැවින් ඒ සඳහා පාලුවට ගිය සිංහල ගම් වල මුස්ලිම් වරු පදිංචි කළහ. හුරුල්ලේ සහ මහවලතැන්න යන රටේ මහත්වරුන් එලෙස කළ බවට සාක්ෂි ඇත. එහෙත් සිංහල බෞද්ධයින් බහුතරයක් මේ මෑතක් වන තුරුම ගව මස් කෑමේ ආදීනව දැන ගෙන එය පිළිකුල් කළහ.
         ලංකාවේ ගව මස් කඩ වල බහුතර අයිතිකරුවන් මුසල්මානුවන්ය. ඔවුන්ගේ ආගමේ හැටියට හලාල් කරන ලද ගව මස් බුදීමට අයිතියක් ඇත.  රත්කරන ලද  තැටියක් උඩ සිට මේ ගව ඝාතනය කළ යුතු බව ඉස්ලාම් ආගමේ දක්වන  බව ඇතැම් මුස්ලිම් වරුන් ගේ මතයයි.  නමුත් එය ප්‍රවාදයක් පමණකි. ඔවුන්ගේ සංස්කෘතියම බිලි පූජාව අනුමත  කිරීමට වැඩි කැමැත්තක් දක්වති. මීට කලකට ඉහත  රත් වූ යකඩය වෙනුවට රතු පාට තැටියක් උඩ සිට ගව ඝාතනය කළ  බව පැරණි මුස්ලිම් වරු පවසති. ප්‍රවාද තැනීමට  ඔවුන් දක්ෂ බැවින් එයද පිළිගන්නට නොහැකිය.වර්තමානයේ දී ගවයින්ට ඉතා වේදනා කාරී ලෙස ගව ඝාතකාඝාරවලදී සලකන ආකාරය  මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් දැක තිබේ. 

      ගව ඝාතකාගාර ආඥා පණත ට අනුව පළාත් පාලන ආයතනයක අනුමැතිය රහිතව ගව ඝාතක මඩු පවත්වා ගෙන යා නොහැකිය. එහෙත් සෑම මුස්ලිම් ගමකම මෙලෙස අනවසර මස් මඩු පවත්වාගෙන යන්නේ ඇතැම් විට නිවෙස් ඇතුලාන්තයේය. සෑම නගර සභාවකටම ප්‍රාදේශීය සභාවකම වැඩි ආදායමක් ලබා ගන්නා කඩ වෙන්දේසිය නම් හරක් මස් කඩ වෙන්දේසියයි. ඒ මස්කඩ ගත්දා සිට සිංහල බෞද්ධයින් ගේ ගම් වලට රිංගන මුසල්මානුවන් හොර හරක් මැරිමේ නිරත වෙති. එසේත් නැතිනම් සිංහල ඔත්තු කරුවන් යොදවා ගෙන ගම් වලට පැමිණ මහ රෑ හරක් පැහැර ගෙන යති. පසුගිය කාලයේ ලංකාව පුරාවටම මෙවැනි සිද්දි ගණනාවක් වාර්තා වී ඇත. ඒ අතර අම්පාර මඩකලපුව අක්කර පත්තුව වැනි බහුතර මුස්ලිම් ජනගහනයක්  පවතින ප්‍රදේශ වල තත්වය ඉතා දරුණුය. හම්බන්තොට අම්බලන්තොට වැනි ප්‍රදේශ වලින්  හරක් පටවන මුස්ලිම් වරු සියඹලාණ්ඩුව පාරේ නැගෙනහිරට උන් සේන්දු කරති.පසුගිය දා දමන පොලිසිය මගින් අත්අඩංගුවට පත් කර ගත්තේ ඉතා කුඩා ලොරි රථ වල පටවන ලද  විශාල  මී ගවයින් ප්‍රමාණයකි. මීගවයා එළ දෙන සහ වහු පැටියා ඝාතනය කිරිම නීතියෙන් තහනම් නමුත් මේ අවස්ථාවලින්  පැන යාමටද මග විවර කර ගැනීමට මේ අය දනිති.  අනවසරව ගවයින් ප්‍රවාහනය බලපත්‍ර නොමැතිව අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවලදී පොලිසිය ක්‍රියා කරන්නේ විවිධාකාරයෙනි. දඩ ගසා ගවයින් නැවත චූදිතයින් හටම භාර කරන අවස්ථා සුලභය. මීට එක් හේතුවක් වී තිබෙන්නේ උසාවියට ඉදිරිපත් කළ පසු ගව පට්ටිය බලා ගැනීමට සිදු වී තිබෙන්නේ  ද පොලිසියට බැවිනි. මෙම ගැටලුවට පිළියමක් වශයෙන් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ගව අනාථාගාරයක් ඇඹිලිපිටියේ විවෘත කළහ. එහෙත් එහි ගාල් කළ හැක්කේ සීමිත ප්‍රමාණයකි.  තෙත් කලාපයට පුරුදු පුහුණ වූ ගවයින් මේ ස්ථාන වලදි රෝගාතුර වීම ද ප්‍රශ්ණයක් බවට පත්ව ඇත.
       2011 වසරේ දී ශ්‍රී ලංකා සත්ව ආරක්ෂක සංවිධානය ඇතුලු 8 දෙනෙකු ගව ඝාතනයට අදාල සියලු නීති රෙගුලාසි ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා පොලිස්පති සත්ව විෂය භාර ඇමති ඇතුලු වග කිව යුත්තන්නට එරෙහිව උසාවි ගියහ.එහිදී ඉල්ලා සිටියේ මැන්ඩාමුස් ආඥාවක් නිකුත් කරන ලෙසටයි. එය විභාග කිරීමට 2011 ජන 14 දින අවසර දෙන  ලද අතර  පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ද  මෙහි පෙත්සම් කරුවෙකු වෙයි. ඉන්ද්‍රරතන හිමියන් වරක් ජනාධිපතිවරයා බැහැදැකීමට ද ගියේය. අත්සන් දශ ලක්ශයක් සහිත පෙත්සමක් රැගෙන ගිය උන්වහන්සේ ඇතුලු පිරිස ගව ඝාතනය  සම්පූර්ණයෙන් නතර කරන ලෙසට ඉල්ලා සිටියහ. මීට ප්‍රථම ජාතික හෙළ උරුමය ද ජනාධිපතිවරයාගෙන් එවැනි ඉල්ලිමක් කොට තිබේ. එසේම සත්ව අහිංසා පණතක්ද ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම් කර තිබේ. එහෙත් මුස්ලිම් වරුන්ගේ චන්ද වලට තිබෙන ආශාව නිසා මේ දේශපාලනඥයින් ගව ඝාතනය නතර කිරිමට තීරණයක් ගැනීමට සෘජුව ඉදිරිපත් වන්නේ නැත. පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් ගිනි තබා ගැනීමට ප්‍රථම මැයි මස 07 වන දා දාතමින් ජනාධිපතිවරයා වෙත ලියූ මේ ප්‍රකාශයේ මේ සත්‍යය හෙළි දක්වා ඇත.
    ලොව්තුරා පාද ස්පර්ශය ලැබූ උතුම් වූ පුණ්‍යවන්ත වූ ශ්‍රී ලංකාවේ ගව ඝාතනය නතර කල යුතුය. මන්ද  යත් මේ රට සිංහල බෞද්ධ රටක් නිසාවෙනි.මේ රටට හරියන්න නම් මේ පාපා ක්‍රියාවන් නතර කළ යුතු වෙයි. සාමයේ අරුණලු මිනිසාට පමණක් නොව සතා සීපාවාටද තිබිය යුතුය.දිනකට ගවයින් 5000 ක් මරා මේ මහ පොළව ලෙයින් තෙත් කරන බව ඔබ දන්නවාද මේ පිළිබඳව මා ඔබ තුමා සමග අරලිය ගහ මන්දිරයේ දී සාකච්ඡෘවක්  ද පැවැත් වූවා . ඉන්පසු දශලක්ෂයක පෙත්සම භාර දුන්නා. ඉන් අනතුරුව ඇඹිලිපිටිය සිට අනුරාධපුරයට පා ගමනින් වැඩම කරලා ජය ශ්‍රී මහා බෝධිය අසලදී අධිෂ්ඨාන පූජාවක් සිදු කලා. එහෙත් ඒ කිසිම දෙයකින් පිළිතුරක් නැති නිසා මා ගේ ජීවිතය පුදා අධිෂ්ඨාන කිරීමට තීරණය කරමි.
       ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවසථාව අනුව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමිවිය යුත්තේය. මල්වතු විහාරයට සහ සියම් උපසම්පදාවට වසර 260ක් පිරීම නිමිත්තෙන් පැවති උත්සවයේ දී ජනාධිපතිවරයා ද මේ ප්‍රතිපාදනය පිලිබඳව නැවත මතක් කිරීමක් කළේය. එහෙත් දැන් පෙනෙන ආකාරයට මේ ප්‍රකාශ හුදෙක් වචන වලට සීමා වෙයි. උත්සවයකදී මහා සංඝ රත්නය සතුටු කිරීමට හෝ මාධ්‍ය සංදර්ශණ පැවැත්වීමට පමණක් සිංහල බෞද්ධ වටිනාකම් උපයෝගි කර ගන්නා බව පැහැදිළිය. පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් ජීවිත පූජා කරන ලද්දේ හක්කේ බුදුරැස් හා බොක්කේ ගව මස් තබා ගෙන සිටින  මේ දෙබිඩි දේශපාලනය නිරුවත් කිරීමේ අධිෂ්ඨානයෙනි. සිංහල බෞද්ධ රටක් වෙනුවෙන් ජීවිතය පූජා කල උන්වහන්සේට නිවන් අවබෝධ කර ගැනීමට මත්තෙන් සැබෑ ධර්ම ද්වීපයක ඉපදීමට වරම් ලැබේ වායයි අවසාන වශයෙන් ප්‍රාර්ථන කරමි.
  


Thursday, May 23, 2013

හිරු දෙව් නැගි දෙවනගලට මුස්ලිම් පා පහර

                                
 
           කොලඹ නුවර මාර්ගයේ කඩුගන්නාව බලන දුර්ගය තරණය කරන කල්හි දකුණු පසින් දිස් වන රමණීය චිත්‍රණයට අයත් කඳු පන්ති අතර බතලේගල හා දෙවනගල විසින් දක්වන්නේ අපූරු චමත්කාරයකි. මවනැල්ල හෙම්මාතගම පාරේ කිලෝ මීටර් නයවයක් පමණ ගමන් කරන කල්හි කටුගහවත්ත කඩ මන්ඩිය හමු වෙයි. එතැනින් ඉහළ බැලූ කල්හි දිස් වන්නේ දෙවනගල මහා පර්වතයේ පඩි පෙළයි. වසර දෙදාහේ දී  මහනුවර වාරියපොළ සුමංගල විදුහලේ පාසල් දරුවන්ගේ ව්‍යාපෘතියක් උදෙසා කරුණු සෙවිමට අප මෙම පර්වතය තරණය කළෙමු. මේ උත්තලාකාර පර්වතය අමරගිරි දුතිය සේල දාසෙන් පව්ව කිත්සෙන් පව්ව හා දෙව් නැගි ගල යනුවෙන් නාමකරණය වී තිබෙන්නේ එහි ඉතිහාසයේ මනරම් යුගයන් ගැන සිහිපත් කරවමිනි. එහි එක් යුගයක් ගැන විහාර විස්තරයේ සඳහන් වන්නේ මෙසේය.
දිලේ දිලේ රැස් බුදු සසුන ලක තුලේ- විලේ ජලේනොසිඳේ සැදුන හැම            කලේ
කලේ නිරිඳු දාසෙන් වෙහෙර මන කලේ -ගලේ දෙවන නැග ගොස් වඳිමු සිතු ලොලේ
කටුගහවත්ත කඩ මණ්ඩියෙන් මෙන්ම අයගම හන්දියේ ඉදිරිපිට මාර්ගයෙන්ද උඩපමුණුව මාර්ගයෙන් ද දෙවනගලට පිවිසිය හැකි වන අතර එහි මස්තකයට දර්ශනය වන්නේ සතර කොරළයේ කඩයිම් බව කිව යුතුය. ජූනි මාසයේ දී සමකයට ආසන්න ව ගමන් කරන හිරු ලංකාවට මුදුන් වන්නේ අප්‍රියෙල් මාසයේ දීය. දෙවුන්දර දේවාලය ඉහළින් මුදුන් වන හිරු සමනොල කන්ද පසුකර දෙවනගලටද මුදුන් වෙයි. අනතුරුව අනුරාධපුරයේ ඉසුරුමුණි යෙන්ද නික්ම ඉරුමියන්කුලම හරහා පැදුම් දොර නොහොත් පේදුරු තුඩුවෙන් ලංකාවෙන් නික්ම යයි.දෙවනගල ට නැගි කල්හි මේ අතීත සූර්ය දේවාලයේ නටබුන් අපට දක්නට හැකිය. එවැනිම ගල් දෙවොලක් දෙවිනුවර ද වෙයි.
    සීතාවක රාජසිංහයන් භික්ෂූන් වහන්සේලාට විරුද්ධව ආඬි පක්ෂය ගෙන කටයුතු කරන අවස්ථාවේ දී සෙංකඩගලින් යුග පුරුෂයෙකු බිහි විය. ඔහු නමින් කොනප්පු බන්ඩාර විය. කලක් පරංගි යටතේ යුධ සෙනෙවි කම් කළ හෙතෙම උඩරට භික්ෂූන් වහන්සේලා සමග සම්බන්ධකම් ඇති කරගෙන රට නිදහස් කර ගැනීමේ සූක්ෂම ව්‍යාපාරයක නිරත විය. මල්වතු විහාරයට අයත් භික්ෂු පරමිපරාවේ දෙවනගල රතනාලංකාර හිමි මේ කටයුත්තේ දී දුන්සහාය නිසා උඩරට ජය ගැනීම මෙන්ම රාජ උරුමය ඇති කුසුමාසන දේවියද තමන් ළඟට ගැනීමට කොනප්පු බණ්ඩාරයන්ට හැකි විය. පළමුවන විමලධර්ම සූරිය නමින් රජ වූ කොනප්පු බණ්ඩාර උඩරට රාජධානියට නව ජීවයක් එක් කොට නැති ව තිබූ උපසම්පදාව යලි ඇති කොට ශ්‍රී පාදය නැවත ආඬින් ගෙන පවරා ගෙන බෞද්ධයින් සතු කොට තමන්ට උපකාර කළ දෙවනගල රතනාලංකාර ස්වාමීන්ට ද පුද සත්කාර කලේය ඒ වෙනුවෙන් ගම් බිම් පුදා දෙවනගල ගලේ කරන ලද ශිලා ලිපියක් වෙයි.
        2000 වසරේ දී අප එහි යන විට මෙහි ගල පාමුළ අරක් ගෙන සිටි මුසල්මානුවන් සහ ඔවුන්ට උදව් කරන සිංහලයින් ගේ නිධන් ආශාවට මේ ස්ථානය ගොදුරුව තිබුණි. ඒ සෙල් ලිපියේ සූර්ය ලාංඡනය මත ඇසිඩ් වත් කර එය කඩා දමන්ට කළ උත්සාහය  මොනවට දිස් වුණි. ඒ මතුද නොව නුවර යුග‍යේ දී ඉඳිකළ ටැම් පිට විහාරයේ දොර කඩා එහි තීබූ බුදු පිළිමය යවුල් වලින් ඇණ දෙපලු කර එහි ද නිධන් සෙවීමේ නියුක්ත  වී ඇත. පළමුවන විමල ධර්මසූරිය රජු ගේද දෙවනගල රතනාලංකාර හිමියන් ගේද පිලිරූ නියඬවම මේ විනාශය දර සිටිනු පෙනෙයි.එකල මේ විහාරය සම්පූර්ණයෙන් ආරාජිකව තිබූ අතර දෙවනගල චෛත්‍ය රාජයානන් වහන්සේ ගේ සතරැස් කොටුව පවා මේ නිධන් හොරුන්ගෙන් හානියට පත්ව තිබුණි.
    දෙවනගල හිරු ගල් දෙවොලට පහලින් උඩ පමුණුව පාරට වැටෙන පඩිපෙළ මදක් දුර යන විට තවත් සෙල් ලිපියක් හමුවෙයි.පොළොන්නරුව ජය ගත් පළමුවැනි පරාක්‍රමබාහු රජතුමා  විසින් කෙට වූ එම සෙල් ලිපිය වටේ ගසා තිබූ යකඩ වැටද කඩා දමා ඇත. සෙල් ලිපිය මත ගඩොල් වලින් හූරා එයට හානි කරන්නට මුසල්මානුවන් කළ උත්සාහයද ප්‍රකට වෙයි. කිත් නුවර ගල් නම් නෙනෙවියෙකු බුරුමයේ රාමඤ්ඤ රට කුසුමිය නගරය ජය ගෙන එහි රජ කරමින් සිටි අහංකාර අලෞංසිතු රජු දමනය කොට කරන ලද දස්කම සඳහා උඩ පමුණුව පල්ලෛ පමුණුව සහ ලබුටුව ආදී ගම් වලින් අමුනු පණස් දෙකක ඉඩ කඩම් නින්දගම් කොට පවරාදීම පිණිස මේ සන්නස් කොටවා තිබේ. කොත්මලේ අමරවංශ හිමියන් ගේ ලක්දිව සෙල් ලිපි ග්‍රන්ථයේ මේ සෙල්ලිපි පාඨයන් අඩංගු කර ඇත. නමුත් මේ සෙල් ලිපි පාඨ වල සඳහන් ඉඩ කඩම් බොහොමයක් අද විහාර සන්තකයේ නොමැත.  
         1941 වර්ෂයේ දෙසැම්බර් දොලොස් වනදා නිකුත් කරන ලද ගැසට් පත්‍රයක් මගින් දෙවනගල විහාර සන්තක ප්‍රදේශය පුරා විද්‍යා ස්මාරක ලැයිස්තුවට ඇතුලත් කර ඇත. නමුත් පෙර සඳහන් කරන ලද රජ වරුන් පූජා කරන ලද ගම් බිම් සහිත සම්පූර්ණ විහාරගම ඇතුලත් බිම් මැනුම සකස් කර ඇත්තේ 1876 වසරේ දීය. කැකිරි ගොඩ ලියන රාළ නැමැත්තෙක් හේන් කෙටීම  සඳහා  දෙවනගල විහාරස්ථානයෙන් අවසර ලබා ගෙන ඇත්තේ මීට කලකට පෙරය. ඒ අනුව ගල පාමුළ කැලේ කොටා හේන් පැල් ඇටවිණ. කලක් යද්දී ස්වාමීන් වහන්සේ අපවත් වූ පසු මේ ඉඩම් වලට බලපත්‍ර ලබා ගත් ඔවුහු  ස්ථිර නිවාස ද ඉඳි කළහ. අනතුරව වරින් වර රුපියල් එකසිය පණහක් වැනි සුලු මුදලකට මේ ඉඩ කඩම් මුස්ලිම් වරුන්ට විකුණා දමා ඇති බව දැන ගන්නට තිබේ. විහාරස්ථානයත් ගමත් අතර සම්බන්ධය බිඳ වැටෙද්දී අන්‍ය ජාතිකයින් දෙවනගල ගල වටේ අක්‍රමණය කරන්නේ මෙලෙසය.
    අනූව දශකයේ සිටම මේ විහාරය  ආරාජිකව පැවතුණි.මුස්ලිම් වරුන්ගේ මෙහෙයවීම මත විහාරයේ බොහෝ විනාශකාරී සිදු වීම් දියත් වූ බව පැවසේ. මල්වතු මහා විහාරයේ කාරක සංඝ සභාව විසින් මේ ස්ථානයේ භාර කාරත්වයට ස්වාමීන් වහන්සේලා පත්කළද වරින් වර උන්වහන්සේලාද අපවත් වීම නිසා තව දුරටත් නායකත්වයක් නොමැති ස්ථානයක් බවට පත් ව තිබුණි. පසු ගිය කාලයේ දී යවුලෙන් ඇණ කඩා බිඳ දැමූ පිළිම වහන්සේලා නැවත ප්‍රතිස්ඨාපනය කිරීමේ වගකීම ඉටු කරන ලද්දේ පුරාවිද්‍යා දෙපාරතමේන්තුවේ නිලධාරින් පිරිස විසිනි. එහෙත් දෙවනගල ගල පාමුළ වටයක් තුල පුරා විද්‍යා රක්ෂිතයට අයත් ඉඩ කඩම් කිසිවක් තවමත් නිදහස්ව නොමැත. පුද බිම පාමුළ උඩ පමුණුව පැත්තෙන් ගලේ කොටසක් කැඩීමට දමන ලද ගල් වලකි. කටු ගහවත්ත හා අයගම මාර්ගයන්ට මැදිව තිබෙන්නේ මුසල්මානුවන්ගේ ගව මස් කඩ හා කුකුලු කොටුය.
         වර්ෂ 2009 දී එවකට සපරගමුව ආණ්ඩුකාරවර පදවිය හෙබවූ ජානක ප්‍රියන්ත බණ්ඩාර මහතා ගේ මෙහෙය වීමෙන් මේ ස්ථානයේ රැස්වීමක් පැවැත්වුණි. පුරාවිද්‍යා රක්ෂිතයට අයත් ඉඩම් නිරවුල් කොට එම රක්ෂිත භුමිය වෙන් කර කණු සිටුවීම එහි අභිප්‍රාය විය. නමුත් එයින් කලබල වුණු පලාතේ මන්ත්‍රීවරයා තමන්ගේ චන්දදායකයින් වන මුස්ලිම් වරුන්ද කැටිව එම රැස්වීමට කඩා පැණ කළ කලබගෑනිය තවමත් මට හොඳ හැටි මතකයට නගා ගත හැකිය. ගල වටේ මේ ඉඩම් සියල්ල දැනට අත්පත් කර ගෙන තිබෙන්නේ ආතාවුද සෙනෙවිරත්න ඇමති වරයාගේ ආධාරකාරයෙකු වන  මුස්ලිම් පුද්ගලයෙකුය. ඔහු ඇත්ලු මුස්ලිම් වරු වරින් වර ඔවුන් ගේ සීමාවන් පුලුල් කර ගැනීමට උත්සාහ දැරීම නිසා දැන් පුරා විද්‍යා අංශ ඔවුන්ට විරුද්ධව නීතය ඉදිරියට පැමිණ ඇත.  දැනට සිවිල් ආරක්ෂකයින් ගේ ආරක්ෂාව යටතේ පවතින දෙවනගල විහාර භුමිය නැවත බෞද්ධයින් ගේ වන්දනා මානයට විවරව තිබිම සතුටට කරුණකි. එහෙත් එම විහාර නඩත්තුවට වෙන් කරන ලද ඉඩ කඩම්ද නිරවුල් ව ශාසනයේ පැවැත්ම පිණීස යෙදවෙන්නේ නම් එදා දෙවනගල රතනාලංකාර හිමියන් ජාතියට කළ මෙහෙයට කරන උපහාරයක්ම වන බව මතක් කළ යුතුය.
                 

Sunday, May 19, 2013

කවදා රජ වෙයිද අපෙ කුරහන් පිට්ටු

                                            
 
         ලංකාවේ ප්‍රාග් මානවයා ලෙසට සැලකෙන්නේ යක්ෂ ගොත්‍රිකයින්ය. ඔවුහු සිය ආහාර පරිභෝජනය පිණිස බත් ප්‍රධාන කොට ගත් බව නොපෙනේ. බත් යනු බත වරුන් වශයෙන් සෙල්ලිපි වල සඳහන් වන බත නම් විදේශකයින්ගේ ප්‍රධාන ආහාරයයයි මදකට සිතිය හැකිය. නමුත් ඒ පිලිබඳව වැඩිදුර ගවේශණය කළ යුතුය. නමුත් හෙළ යක්ෂ ගෝත්‍රිකයින් අතර වඩාත් ජනප්‍රියව තිබූ ආහාර වර්ග කීපයක් මෙහි සඳහන් කිරීම උචිතය . ඒ අතර කුරහන් ප්‍රධානය. එයට අමතරව තණහාල් මෙනේරි සහ අමු ද දක්වා ලිය හැකිය. හෙළ යක්ෂ රාක්ෂයින් ගේ ගොවිතැන් රටාව හේන ආශ්‍රිතව වර්ධනය වූවකි. සාමුහික ජීවන ක්‍රමයක කැඩපතක් ලෙසට හැඳින්විය හැකි හේන් ගොවිතැන යටකී මිශ්‍ර භෝග සහිත පරිසර හිතකාමී ජීවන රටාවකි.
            බ්‍රිතාන්‍යයන් විසින්1840 වර්ෂයේ දී ඉදිරිපත් කරන ලද මුඩුබිම් පණත් වල ප්‍රතිඵලයක් වශයෙන් හේන් ගොවිතැනට අවශ්‍ය වූ මූකලාන් සහ කනතු සිංහලයින්ට අහිමි විය. ඒ ඉඩම් කෝපි වැවිල්ලට යටකරන ලදී. වන්නිය හා නැගෙනහිර ප්‍රදේශ වල පමණක් හේන් ගොවිතැනේ ශේෂ දක්නට ලැබුණි. අනතුරුව ඉඩම් භුක්ති ක්‍රමයේ විකාශනය නිසාම ගොවීහු විනාශකාරී හේන් ගෙවිතැන් ක්‍රම අනුගමනයට පටන් ගත්හ. ඉංග්‍රීසින් ඇතැම් විට මේ ක්‍රමය තහනමට ලක් කරනු ලැබූහ. එහෙත් මාස් කන්නයට පමණක් වැසි ලැබෙන පළාත් වල වැසියන් තමන්ට ආයාසයකින් තොරව ලබා ගත හැකි ධාන්‍ය වර්ග සඳහා හේන අත් නොහළහ.වී වගාවට ජලය නොලැබෙන කල්හි ගොවීහු හේන් වලට සංක්‍රමණය වෙති. මාස් කන්නයේ වුවද නියන් ලකුණු දුටු කල්හි ඔවුන් වඩාත් ප්‍රිය කරන්නේ හේන් කෙටීමටයි. කුරහන් එහි ප්‍රධාන භෝගයයි.
        කුරහන් ශක්ති ජනක ආහාරයකි. රොටි පිට්ටු හැලප හා තලප සකසා ආහාරයට ගෙන මහන්සි වී වැඩ කළ හැකි ගුණාංග අඩංගු බැවින් ගොවීන් ඊට වඩාත් ප්‍රිය කර.ති. කටුසර ධාන්‍ය වර්ගඅතර කුරහන් ඉදිරියෙන්ම සිටී. ප්‍රමේහ රෝග අතර තිබෙන දියවැඩියාව අරිශෂ් වාත රෝග ආදී රෝග ගණනාවක් සෑදීම වළක්වන ගුණදායක වූ කුරහන් රජරට රුහුණේ ගිරුවා පත්තුවේ මෙන්ම සපරගමුවේ ද එකසේ ජනප්‍රිය වූවකි. මහමොර ගල් මොර මහ කලු ආදී වැඩි වයස් කුරහන් ප්‍රභේද මෙන්ම නර මානෙල් කලු ගැටයා කිරි කුරහන් ආදී පැරණි සාම්ප්‍රදායික කුරහන් ප්‍රභේද විශාල ගණනක් විය. කුරයක හැඩය සහිතව කුරහන් කරල හටගනී. එයිනුත් නර මානෙල් කරල  මැසි පිලවුන්ට හානි කළ නොහැකි වන ලෙසට දිගඇරී හට ගන්නා ව පැරණි ගෙවීහු කියති.
       හේන් ගොවිතැන අභාවයට යත්ම කුරහන් ගොවිතැන ද අභාවයට ගියේය. වෙසෙසින්ම මහවැලි ව්‍යාපාර සංවර්ධනයත් සමග හෙනට තහංචි පැනවුණි. මෙම ආහාරයට තිබෙන ප්‍රිය මනාප භාවය නිසාම අතරින් පතර කුරහන් වගාව කළද ඒ සාම්ප්‍රදායික ක්‍රමයට නොවේ. 1980 සිට 1994 දක්වා කුරහන් වගාවේ සංඛ්‍යා ලේඛන ගත හොත් මෙම වගාවේ පරිහානිය තේරුම් ගත හැකිය. 1981 වර්ෂයේ දී හෙක්ටයාර් 19600 ක මෙම වගාව පැතිර තිබුණි. 1982 දී එය හෙක්ටයාර් 20 400 විය. ඒතත්වය ක්‍රමයෙන් වෙනස් වී 1994 වන විට එය හෙක්ටයාර් 7474 ක් දක්වා  අඩුවුණි.2008 වර්ෂය වන විට මේ වගාව හෙක්ටයාර් 2000 කට පල්ලම් බැස ඇත. මේ නිසා දැන් වර්ෂ කීපයකම සිට කුරහන් ඉන්දියාවෙන් මැලේසියාවෙන් සහ වියට්නාමයෙන් ගෙන්වති.
               ගිරුවා පත්තුවේ බුද්ධියාගම විදාන ආරච්ච් ගේ පුත් දොන් මැතිව්ස් රාජපක්ෂ මහතා එදා හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැලුනු පෑගුණු ගොවි ජනතාවගේ නායකයා විය. ඔහු 1936 දී රාජ්‍ය මන්ත්‍රණ සභාව ට ඉදිරිපත් වූයේ එවක එම පෙදෙස පාලනය කළ මුදලි වරු කෝරාළ වරු අතරින් පැන නැගුණු රදල මාන්නාධික පාලනය බිඳ හෙලන්නටයි. ඔහු නාම යෝජනා දෙන දිනයේ තිරික්කල  පෙරහරකින් දිසාපති කන්තෝරුවට පැමිණියේ ගොවීන් පිරිවරා ගෙනයි. දිසපති වූ පී .ජේ. හඩ්සන් මහතා රාජපක්ෂ මහතාට අවශ්‍ය පාට කුමක්දැයි විමසිය. තමන් පිරිවරා සිටි ගොවි ජනතාව දෙස බැලූ විට ඔහුගේ නෙත් එක්වරම ඇදී ගියේ කුරහන් ගල් පොත්තයායේ හෙන්ද්‍රික් අප්පුහාමි මහතාගේ කුරහන් පාට තුවායයි. එම තුවාය අතට ගත් රාජපක්ෂ මහතා තමන්ගේ පාට මෙලෙස විය යුතු යයි ප්‍රකාශ කර සිටියේය. මෙයින් කිපුණු හඩ්සන් දිසපති වරයා මදක් නැමී දෙපයින් සපත්තුව ගලවා මේකත් ඔය පාටම නේදැයි උපහාසයෙන්  විමසා සිටියේලු . ඒ එදා සුද්දන් ගේ කාලයේ දේශපාලනයේ රඟ සොබාවයයි. ගොවීන් ගේකර පිටින් ගිය මේ රාපක්ෂ වරු සැබවින්ම ඔවුන් ගේ නියොජිතයින් වූහ. කුරහන් සාටකය පළඳා ගෙන ගමේ දුක් විඳින ජනතාවගේ එදිනෙදා ප්‍රශ්ණ විසඳාලන්නට ඔවුන් කළ කැපකීරීම් අනන්තය. බණ්ඩාරනායක මහතා විරුද්ධ පක්ෂයට යන විට අවදානම නොතකා ඩී.ඒ.රාජපක්ෂ මහතා ඔහු පසු පස ගියේ පොදු ජන යුගයක් උදා කිරීමේ පවිත්‍ර චේතනාවෙන් බව පැහැදිලිය.
                   දශක ගණනාවක් ගෙවී ගොස් දැන් ගිරුවායට නව ප්‍රවේශයක් ලැබී ඇත. හම්බන්තොට වරාය මත්තල ගුවන් තොටුපළ අධවේගී මාර්ග වලින් ළඟා වීම ඇරුණු කොට කාපට් කරන ලද ග්‍රාමීය පාරවල් නිසා ගිරුවායේ ජනතාවට කුරහන් පාට දැන් අමතකව ගොසිනි. ඒ නිසා කුරහන් දැන් විදේශවලින් මෙරටට ගෙන්වති. බුද්ධියාගම විදානේ ආරච්චිගේ මී මුණුපුරා දැන් මේ රටේ ජනාධිපතිවරයා වෙයි. කුරහන් පාට අමතක කළ ජනතාව අතර දැන් ප්‍රධානත්වය ගෙන තිබෙන්නේ බඩ ඉරිඟුය. පැසිපික් රම්බෝ වැනි දෙමුහුන් බඩ ඉරිඟුය. මේවායේ බීජ ගොවීන්ට නිපදවා ගත නොහැකිය. සෑම කන්නයක් පාසාම සමාගම් වලින් මේ දෙමුහුන් බීජ මිලදී ගත යුතුය. බඩ ඉරිඟු පැළ කල දා පටන් එයට රසායනික පොහොර දැමිය යුතුය. පණුවන්ගෙන් හා පලිබෝධ වලින් ආරක්ෂා කර ගැනීමට කුරේටර් නම් උග්‍ර විස රසායනිකය ඉරිඟු ගසේ මුදුනටම දමති.පිළිකා කාරක වකුගඩු ආසාදනය කරන මේ ඉරිඟු තම්බා බස් වල පාරවල් ගානේ තබා ගෙන විකුණති. කුරහන් පාට සාටකයේ පමණක් තබා ගෙන ඉරිඟු වලට සමාගම් වලට රටේ ගොවි ජනතාව බැඳ ඇත්තේ එසේය. ඒ අතින් බලන කල්හි ගිරුවායේ මුදලි මුහන්දිරම් ලා මෙලෙස ගෙවීන් සූරා කෑවේ නැත. වස විස ලබා දී මිනිසුන් මිය පරලොව ඇරියේ  ද නැත.
         කුරහන් ලංකාවට පිරිමහින ආහාරයකි. ගොවිතැනකි. ඉතා අඩු වියදමින් යෙදවුම් නොමැතිව කළ හැකි මේ භෝගය සරල පහසු ක්‍රමයන් මගින් ආහාරයට සකස් කර ගත හැකිය. අවුරුද්දක් පමණ බීජ කල් තබා ගත් හැකි වන අතර වසර තුනත් පහත් අතර කාලයක් වුවද කරල් පිටින් අටුවේ කල් තබා ගෙන ආහාරයට ගත හැකිය. ඒ අතින් බලන කල්හි ආහාර සුරක්ෂිතතාවයට කුරහන් වැනි ශක්ති ජනක ආහාරයක තිබෙන වටිනාකම් වඩාත් ඉහළය.ස්ළුාධින ලංකාවකට අවශ්‍ය වන්නේ මේ සරල සංකල්ප හා වයටිනාකම්ය. නමුත් මේ වටිනාකම දිවිනැගුම සංලකල්පයන්ට අයත් නොමැති බවද මෙහිදී පෙන්වා දිය යුතුය. එම නිසා කුරහන් සාටකයෙන් වසා සිටින දේශපාලන රඟපෑම් ඉවරකරන්නට දැන් කාලය පැමිණ ඇති බවද මෙහිදී මතක් කළ යුතුය.
                           

Saturday, May 11, 2013

කූරගල ශ්‍රී පාද දිවා ගුහාව නැවතත් බෞද්ධයින් අතට

                              
 
     ශ්‍රී පාද දිවා ගුහාව යයි ජන ප්‍රවාද ගත ඓතිහාසික කූරගල ලෙන් විහාර සංකීර්ණය අත්පත් කර ගෙන එහි පැවති බුදු පිළිම සඳකඩ පහන් මෙන්ම ශ්‍රී පතුල් ද කඩා බිඳ දමා එහි  මුස්ලිම් වරුන්ගේ පැළක් අටවා ගත්තේ මීට වසර අනූවකට පමණ  ඉහතදීය. කංසා වවන  කංසා පටවන අලි මස්තාන් නම් පුද්ගලයෙකු විසින් අටවා ගන්නා ලද අනවසර පැළ  කඩා දමන ලෙස එවකට සිටි කල්තොට ආරච්චි වරයාට මුල්ගම කෝරාළ වරයා විසින් දැනුම් දෙන ලද්දේ 1923 වසරේ දීය. නමුත් එය එසේ සිදු නොවුණි. අනතුරුව 1930 වර්ෂයෙන් පසුව  මෙම ස්ථානයේ වටිනාකම අවබෝධ කර ගත් මුස්ලිම් වරු ඔවුන්ගේ සොහොනක් ද  ඉඳිකර යාඥා ගෘහයක් ඉඳිකර ගන්නා ලද්දේය.1939 වර්ෂයේ දී මුල් වරට පූජ්‍ය කිරිඇල්ලේ ඥාණවිමල නාහිමියන් එහි වැඩම කළ අවස්ථාවේ දී තිබූ තත්වය සබරගමුවේ පැරණි ලියවිලි සංග්‍රහයේ ඇතුලත් කර ඇත. පසුව සපරගමු දර්ශන කෘතියේ ද වැඩි විස්තර වශයෙන් සඳහන් කර තිබේ.මෙම ස්ථානය අන්‍යාගමිකයින්ගෙන් බේරා ගැනීමට උන්වහන්සේ උත්සාහ ගන්නා අවස්ථාවේ දී මුස්ලිම් පක්ෂය විසින් කළ එදිරිවාදුකම් පැහැදිලිව එහි දක්වා තිබේ. පුරාවිද්‍යා නිළධාරීන් සමග සෙල්ලිපි පිටපත් කිරීමට ගිය අවස්ථාවේ දී එයට ඉඩ නොදුන් ආකාරයද උන්වහන්සේට එරෙහිව පොලිසියට පැමිණිලි කළ ආකාරයද එහි ඇතුලත්ව ඇත.
       පුරාවිද්‍යා කොමසාරිස් සී.ඊ.ගොඩකුඹුර මහතා සමග එහි ගොස් එහි තිබෙන ඓතිහාසිකත්වය පෙන්වා දුන් පසු 1971 වසරේ දී කූරගල පතන හිටුවන් ගල පතන ඇතුලත් කොටසක් අක්කර තිස්තුනක   පුරාවිද්‍යා රක්ෂිතයක් බවට පත් කරන ලදී. නමුත් හිටපු පුරාවිද්‍යා කොමසාරිස් රාජාද සිල්වා මහතා මුස්ලිම් වරුන්ට සිය වන්දනා මානයට ලිඛිත අවසරයක් දීම නිසා කූරගල නිදහස් කර ගැනීමට බාධා එල්ල විය. පුරා විද්‍යා ආඥා පණතේ බලතල වලට පරිබාහිරව ගත් එම තීරණය නිසා මුස්ලිම් වරුන් ගේ අනවසර සොහොන් හා ඉඳිකිරීම් කිසිවක් ඉවත් නොවුණි. පූජ්‍ය විකිලියේ නාරද හිමියන් ද මෙම ස්ථානයේ ඓතිහාසික වටිනාකම් ලේඛන ගත කළ යතිවරයින් වහන්සේ නමකි. නවසිය තිහේ දශකයේ දී උන්වහන්සේ එහි යන විට හිටුවන්ගල පාමුල එහි ආර ආසන්නයේ ගොඩනැගිල්ලක අවශේෂ තිබී ඇත. එසේම සඳකඩ පහන් බුදුපිලිම සහිත ගල්ලෙන් ද පිහිටා තිබුණි.එක් ශ්‍රී පතුල ගලක් ඉතිරිව තිබී ඇත. නමුත් පසුව ඒවා කඩා දමා ගලෙන් පහළට පෙරලා දමා ඇති අතර ගොඩනැගිල්ලේ අවශේෂ උඩ මුස්ලිම් පල්ලිය ස්ථාපිත කර ඇති බව සඳහන් කර තිබේ..
                1977 වසරේ දී බළන්ගොඩ මන්ත්‍රීවරයා ලෙසට පත් වූ අබුසාලි මහතා  කූරගල මුස්ලිම් පල්ලිය දියුණු කිරීමට තමන්ගේ බලය යෙදවීය.තාවකාලික යාඥා මඩුව මේ අවදියේ දී ස්ථීර ගොඩනැගිල්ලක් බවට පත් වූ අතර එවකට පුරා විද්‍යා දෙපාර්ත්මේන්තුවේ සිටි මුරකරුවා වූ හීන් මහත්මයා ගේ උදව් උපකාර ඇතිව මේ ස්ථානයේ කඩපිල් වැසිකිලි මුලුතැන් ගෙවල් විශ්‍රාම ශාලා සොහොන් නානාකාමර ස්ථීර නිවාස තොරන් පඩිපෙළවල් සහ කාර්යාල ගොඩනැගිලි ඉඳි විය.  බළන්ගොඩ උප දිසාපති වරයා වසින් වාර්ෂික වන්දනා සමයට අදාළව වන්දනා බලපත්‍ර හා හරක්මැරීමේ බලපත්‍රද නිකුත් කරන ලද්දේය. මේ නිසා මේ බෞද්ධ ශුද්ධ භූමිය තුල ඝාතනය කරන ලද එළ ගවයින් හා මී ගවයින් ගණන දහස් ගණනකි.
        මා මේ ස්ථානය මුල් වරට දැක ගත්තේ 1978 වසරේ දිනකදීය. ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයකට අත්ව ඇත ශෝචනීය ඉරණම සියැසින්ම දර්ශනය වීමෙන් හටගත් සංවේගය නිසා යමක් මෙයට එරෙහිව කල යුතු යයි හැඟී තිබුණද මේ පිළිබඳව එකල මා වෙත ශක්තියක් ද නොවීය. නමුත් මේ ස්ථානයේ පවතින ඓතිහාසිකත්වය ගවේශණය කර වරින් වර පුවත් පත් වලට සපයන ලද ලියකියවිලි නිසා කූරගල සිද්ධස්ථානය පිලිබඳව ජනතා සිත් සතන් අවදි විය. එකල දිවයින පත්‍රයේ සේවය කළ නයනක රන්වැල්ල මහතාද අනගාරික ශාන්ත විජේසිංහ මහතා ද එක්ව ගොස් විශේෂ ලිපියක් පත්‍රයේ පළ කළ අවස්ථාවේ ඇති වූ ප්‍රතිචාරයන් බොහෝය. බෝඹුව විහාරස්ථානයේ වැඩසිටි පූජ්‍ය වටද්දර ඥාණිස්සර හිමියන් එකල මේ ස්ථානය බේරා ගැනීමට අබුසාලි මහතා සමග විශාල සටනක් කළ බව ප්‍රකටය. එහෙත් ප්‍රදේශයේ වෙනත් භික්ෂූන් වහන්සේලා මේ විනාශය පිළිබඳව කිසිම හඩක් නොනැගූ බව මතක් වේ. එහෙත් මේ විනාශය ගැන කම්පනයට පත් වූ මැද පෙරදිග හෙළ බිම සංවිධානය යලිත් කූර ගල අවට බෞද්ධ පුනර්ජීවනයක් ඇති කරලීමේ අදිටනින් අස්ගිරි විහාර වාසී වර්තමාන අස්ගිරි කාරක සංඝසභික පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් සමග සාකච්ඡා කොට පූජ්‍ය වටද්දර ඥානිස්සර ස්වාමීන් වහන්සේ මුණ ගැසී යලිත් මේ ස්ථානයේ ඇති කළ යුතු වෙනස පිලිබඳව එකඟතාවයකට පැමිණි බව හොඳ හැටි මතකයට නැගේ.
       ආර්. ප්‍රේමදාස අගමැතිවරයා ජනාධිපති බවට පත් වූ පසු මේ ප්‍රශ්ණය යලිත් ඇදී විත් පුරා විද්‍යා රක්ෂිතය යලිත් නිදහස  කරන ලෙසට බෞද්ධ සංවිධාන  ඉල්ලා සිට ඇත.එහිදී කරුණු පරීක්ෂා කොට නිගමනයට එළඹි රජය මුස්ලිම් පාර්ශවය ගැන ද සලකා බලා ඔවුන් වෙනුවෙන් තන්ජම ගමට අයත් කොටසෙන් අක්කර විස්සක භූමි භාගයක් වෙන් කරන ලදී. මෙයින් බලාපොරොත්තු වූයේ හිටුවන් ගල හා කූරගල තිබෙන ඉස්ලාම් ඉඳිකිරීම් ඉවත් කර ගෙන පුරාවිද්‍යා රක්ෂිතය නිදහස් කිරීමටයි. නමුත් එය එසේ නොවුණී. ඒ වෙනුවට එල්.එම්. අබුසාලි මන්ත්‍රීවරයා කල්මුනේ පදිංචි මුස්ලිම් මිනිසුන් පවුල් කීපයක් ගෙනවුත් ලබා දුන් තන්ජම ගමේ පදිංචි කලේය.ඒ නිසා කූරගල ගල පාමුළ මුස්ලිම් ජනපදයක් ඇති වුණි.1961 නොවැම්බර් 16 දින නිකුත් කරන ලද මැනීම් වාර්තාවේ අවසාන ගම් සිතියමේ තන්ජම ගමට තිබෙන විස්තරය මෙහිදී කියවා බැලීම වැදගත් වෙයි. තන්ජම ගම තුල ජීවත්ව සිටින්නේ සිංහල බෞද්ධයන් බව එහි පැහැදිලිව සඳහන් කර ඇත. ඒඅතරම හිටුවන්ගල හා කූරගල ට අයත් ඉඩකඩම් වල නිවැරදි ප්‍රමාණයන් වන අක්කර 1847 ක ප්‍රමාණය එම මිනුම්දෝරු සිතියමේ අන්තර්ගතව තිබේ.ඒ අනුව පුරාවිද්‍යා රක්ෂිතයට තවත් විශාල ඉඩම් ප්‍රමාණයක් අයත් විය යුතුය.එවැනි තත්වයක් යටතේ මුස්ලිම් ගමක් පිහිටුවීම අර්බුදයක් වුවද සහජීවනයට කැමති සිංහලයින් නිහඬවම එය දරා ගෙන සිට ඇත.මේ තත්වය මත දිනෙන් දින මේ මුස්ලිම් ගම දියුණු පවුණු වූ අතර ඔවුන්ගේ වන්දනා කාලයට අවශ්‍ය වෙළ හෙළදාම් කරන ලද්දේ මේ ජනතාව විසිනි.පසුව අක්කර විස්සක භූමි භාගය තවත් පුලුල් වූ අතර තවත් අක්කර හයක් පමණ මේ පිරිස පවරා ගෙන තිබේ.මේ සියලු ඉඩම් පිහිටා තිබෙන්නේ ගල්ටැම් යාය පැරණි පංචාවාස ගොඩනැගිලි සංකීරණයත් හිටුවන්ගල පතනත් අතර භූමිභාගයේය. පලු         ගහ වැව හරහා වැටී තිබුණු පැරණි රජ මාර්ගය මේ හරහා වැටී තිබුණු බවට සාධකද හමුවේ.
             මුස්ලිම් වරුන්ට අක්කර විස්සක භූමි භාගයක් ලබා දෙන අවස්ථාවේ දී පූජ්‍ය වටද්දර ඥානිස්සර හිමියන් ගේ ඉල්ලීම පරිදි මුස්ලිම් ගමට ප්‍රති විරුද්ධ දිශාවෙන් අක්කර දහයක් උන් වහන්සේටද වෙන් කරන ලද්දේය. එහි බුදු ගෙයක් ද බෝධීන් වහන්සේ නමක් තැන්පත්කර වැඳුම් පිඳුම් කිරීමට සැලැස්වුවද පසු කාලයක එය වල්බිහිව ගියේය. වර්ෂ දෙදාහේ පමණ අප එහි යන විට එහි තැන්පත්වර තිබූ බුදු පිළිම කඩා ස්ථානය විනාශ කර දමා තිබුණි. බෞද්ධ සංරක්ෂණ සභාව හා හෙළබිම සංවිධානයේ මෙහෙයවීමෙන් පූජ්‍ය වටද්දර ඥණිස්සර හිමියන් ගේ අනුශාසකත්වය පරිදි මේ ස්ථානයේ අභිනව ආවාස ගෙයක් ධර්ම ශාලාවක් සෑදීමට ආරම්භ කළ අතර එම ධර්ම ශාලාවට මුල් ගල් තබන් ලද්දේ  2003 වර්ෂයේ පෙබරවාරි 06 වන දාට යෙදුණු සුභ නැකතකින්ය. මේ අවස්ථාව උදා කර ගැනීම පිණිස තන්ජම ගම්මානයේ දායක සභාව ඇතුලත් තන්ජම විහාස්ථානයේ ස්වාමීන්වහන්සේ ගේ පූර්ණ අනුග්‍රහය  ලැබුණි.  නමුත් මුල් ගල් තබන අවස්ථාවේ එවකට බළන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු පැමිණ එයට අවහිර කිරීමට සහ බිය ගැන්වීමට තැත් කල බව හොඳ හැටි මකයට නැගේ.
          කෙසේ වුවත් ධර්ම ශාලාව සම්පූර්ණ කොට බෝධීන් වහන්සේ නමක් ද අභිනවයෙන් රෝපණය කොට බුදුමැදුරක් හා භාවනා කුටි කීපක් ද තනා නිම කළ නමුත් ඒ ස්ථානයට සරිලන ස්වාමීන් වහන්සේ නමක් නිත්‍ය වාසයට නොපැමිණිමේ හේතුවෙන් කූරගල බේරා ගැනීමේ සටන දිනෙන් දින අඩාල විය. එහෙත් පසුව නැවත නැවත ජන මාධ්‍ය ඔස්සේ ඇති වූ ප්‍රචාරය නිසා කූරගල බේරා ගැනීමේ සටන වඩාත් තීව්ර අඩියකට පත් වුනි.රජය විසින් පත් කරන ලද ජනාධිපති කොමිසම ඉදිරියේ කූරගල ගැන ඉදිරිපත් වූ සාක්ෂි සලකා බලා එහි විශේෂ වාර්තාවක්ද ඇතුලත් කිරීමට මුල් වූයේ පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි පූජ්‍ය කොළෙන්නේ ශාන්ත විජය හිමි  පූජ්‍ය වටද්දර ඥානිස්සර හිමි ඇතුලු යතිවරයින් වහන්සේලා සහ දයානන්ද බිනරගම මහතා මෙන්ම රාවන සවිය ජාතික හෙළ උරුමය ඇතුලු බෞද්ධ ජාතික බලවේගයන්හි ක්‍රියාකාරී සාමාජිකයන් විසිනි. ඉන්පසු මේ ප්‍රශ්නයට සෘජුවම මැදිහත් වූ කොළොන්නේ ශාන්ත විජය හිමියන් මානව හිමිකම් කොමිසම ඉදිරියේ පුරා විද්‍යා දෙපාර්ත්මේන්තුවට විරුද්ධව නඩු පැවරිමෙන් පසුව මේ ස්ථානයේ අනවසර ඉඳිකිරිම් වන කඩපළ වල් හතරක් ඉවත් කිරීමට තීන්දුව ලැබුණි. එහෙත් අබුසාලි මහතාගේ දියණිය හා පල්ලි භාර කාර මණ්ඩලය මේ ස්ථානයෙන් ඉවත් වීමට කැමැත්ත පළ නොකල බව සඳහන් කළ යුතුය. එක් අවස්ථාවක දී අලෙවි මවුලානා ආණ්ඩුකාර වරයාද පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට ගෙන්වා බෞද්ධ පක්ෂය බෙලහීන කොට මුස්ලිම් වරුන්ට මෙය නැවත ලබා දීමට ගත් උත්සාහය පරාජයට පත් කරන ලද්දේය.
          කෙසේ වෙතත් බොදු බල සේනා සංවිධානය ඔවුන්ගේ ප්‍රසිද්ධ රැස්වීමකදී කළ ප්‍රකාශයක් නිසා රජය මේ ගැන වඩාත් අවධානය යොමු කලේය. සිංහල බෞද්ධයින් එක් පුර පසලොස්වක දිනකදී කළ අටවිසි බුද්ධ පූජාව  අවස්ථාවේ දී ප්‍රදේශයේ පොලිස් ස්ථාන පහකින් පොලිස් පිරිස ගෙන්වා අහිංසක බෞද්ධයින් බිය ගැන්වූහැටි මතකය. නමුත් පසුව ආරක්ෂක ලේකම් වරයා ඇතුලු ආරක්ෂක අංශ මේ ස්ථානයට පැමිණ අවසාන තීරණයකට එළඹුනේය. ඒ අනුව මුස්ලිම් වරුන් විසින් අනවසරයෙන් ඉඳිකරන ලද ස්ථාන 16ක් ඉවත් කිරිමට තීරණය විය. වැසිකිලි නාන කාමර මුලුතැන් ගෙවල් පානමූන සොහොන ඇතුලු විශ්‍රාම ශාලා කාර්යාල ගොඩනැගිලි මේ ලැයිස්තුවට අයත් විය. ආරක්ෂක ලේකම් වරයාගේ මතය වූයේ අනවසර ඉඳිකිරීමක එකදු සිමෙන්ති කැටයක් හෝ මේ ස්ථානයේ නොතිබිය යුතු බවයි.මෙම ඉවත්  කිරීම් සඳහා  සිවිල් ආරක්ෂක බලකායක් ද බඳවා ගන්නා ලදහ. එසේම කැණිම් ද ආරම්භ කර ඇත.මේ කැනීම් වලින් ගවර දත් බළන්ගොඩ මානවයාගේ ඇට සැකිලි ඇතුලු ප්‍රාග් ඓතිහාසික අවශේෂයන් රාශියක්ම මතු වෙමින් ඇත.
       මේ තත්වය මෙසේ වුවත් ගවේශණ සැලැස්මක් නොමැතිව කූරගල භූමියේ කරන කැණීම් ආසර්ථක වන බව ප්‍රකාශ කළ යුතුය.පූජ්‍ය විකිලියේ නාරද හිමියන් 1992 වර්ෂයේ දී ලියා තැබූ පරිදි අනවසර ඉඳි කිරීම් වලට යටව පවතින්නේ ඓතිහාසික ලෙන් සංකීර්ණයේ ආරාම නටබුන්ය. ඒවා අස්ථාන ගත නොකර මතු කර ගැනීමට නම් විධිමත් සැලැස්මක් මත කටයුතු කළ යුතුය.දැනටමත් ඔවුන්ගේ ගොඩනැගිලි වලට යටව තිබෙන පැරණි ගඩොල් රාශියක් මතුව තිබෙන බව මෙහිදී පෙන්වා දිය යුතුය. හිටපු ජනාධිපති ලේකම් කේ.එච්.ඒ. විජයදාස මහතාගේ පියාට අනුව ලංකාවේ මධ්‍යම භූමියට පහළින් දක්ෂිණ වේදිකාවේ පුටුව මස්තකයේ නොහොත් නිතම්භයේ කූරගල ඓතිහාසික දිවා ගුහා සිද්ධස්ථානය පිහිටා ඇත. ඒ අර්ථයෙන් ගත කල්හි.මෙම ස්ථානය ශ්‍රීපා ද දිවා ගුහාව ලෙසට ප්‍රකාශ කරන මතයට යම්කිසි ශක්තියක් ලැබේ. අසූව දශකයේ දී මේ ස්ථානය කූරගල ශ්‍රී පාද දිවා ගුහාව ලෙසින් හඳුනා ගෙන පුරා වසර හතක් පූජා සත්කාර කළ පිරිසගේ පින් බලයෙන් මෙන්ම මෙහි නම් සඳහන් කළ නොකල සැදැහැවත් බෞද්ධ පින්වතුන් ගේ ආධාරයෙන් මෙන්ම ශක්ති ධෛර්යයෙන් නැවතත් කූරගල පින්බිම නිදහස් වෙමින් ඇත. එදා විමලධර්මසූරිය රජ දවසදී ශ්‍රීපාද ස්ථානය ආඬින්ගෙන් නිදහස් කරගත්තාක් මෙන්ම මේ කර්තව්‍ය මහා පින්කමක් වනු නිසැකය. එම නිසා මේ ඓතිහාසික සිද්ධස්ථානය නැවත පණ ගන්වන සෑම කෙනෙකුම ඒ මහා ශ්‍රද්ධාවෙන් කටයුතු කළ යුතු බව මගේ හැඟීමයි. එසේ නොවුණහොත් මේ රටේ අපට අහිමි වෙමින් පවතින කිසිම සිද්ධස්ථානයක් නැවත වන්දනාවට විවෘත කරගැනීම අධිෂ්ඨානයක් පහළ නොවුණු විය හැකිය.