චරක සංහිතාව සුශ්‍රැතය යනුවෙන් අද
භාවිතා වන්නේ ආයුර්වේද මූල ග්‍රන්ථයන්ය.ඒවා පරිස්සමින් කියවා ගෙන කල්හි තේරුම් ගත
හැකි එක් දෙයක් ඇත. මේ වෙදකම ඉසි වරුන් ගේ අභාෂයමත ගොඩ නැන්වී විකාශනය වූ
මෙහි දැක්වෙයි. පුලතිසි ධන්වන්තරී වැනි ඉසි වරුන් තමන්ගේ අධ්‍යාත්මික ශක්තිය
මෙහෙයවා මේ දැනුම සංග්‍රහ කල ආකාරය මැනවින් පැහැදිලි වේ. මොවුන් දිව්‍ය ආත්ම
දරන්නන්ද එසේත් නැතහොත් දිව්‍ය අවේශයන් මත ක්‍රිය කරන්නන්ද යන්න අවිනිශ්චිතය. නමුත්
ධ්‍යාන බලයෙන් ලබා ගත් දෙයක් තම සිසුන් හා සාකච්ඡා කරමින් ලොව හිත සුව පිණිස
යෙදවීම එහිදී අනුමතකර ඇත. මෙහිදී අපේ වෙද පොත් වල දක්නට ලැබෙන එක් වගන්තියක්
කෙරෙහි අවධානය යොමු කළ හොත් මේ පැණයට යම්
කිසි පිළිතුරක් ලබා ගත හැකිය.
අපේ පැරණි වෛද්‍ය ග්‍රන්ථයන් ලියන ලද පුස්කොළයන්
දුරාතීතයේ සිටම වර්ධනය වූ ලේඛන කලාවක උපරිම අවස්ථාවකි. මෙහි අන්තර්ගත දෑඅතර අත්
දුටුවයි සත්තයි ප්‍රත්‍යක්ෂයි යන වගන්තියද දිව්‍ය ඖෂධයක් හා සමානය යන වගන්තියද
නිතර දක්නට ලැබේ. අත් දුටුවයි සත්තයි යන්න
ලැබෙන්නේ කළ පළපුරුද්දෙනි.ඇතැම් බෙහෙත් වට්ටෝරු නිතර යෙදීමෙන් භාවිතය මත ඒවායේ මනා
ගුණයන් පැහැදිලි වී තිබුණි.එහි ඖෂධවේදය ගැන ඇතැම් විට ගැඹුරින් නොදැන හිටියද රෝගියාට
ඉන් සුවයක් ලබෙන බව වෛද්‍යවරු දැන සිටියහ.
බොහෝ විට ස්ත්‍රී රෝග හා
ගැබිණි චිකිත්සාවේ දී දක්නට ලැබන ඖෂධ අතර දෙවියන් ගෙන් ලබා ගන්නා බෙහෙත් බහුලය.
දෙවියන් යනුවෙන් මෙහිදී හඳුන්වනු ලබන්නේ මනුෂ්‍යයන් වෙත විවිධ පණිවුඩ ලබා
දෙන්නන්ය. සිහිනෙන් හෝ වෙනත් අධ්‍යාත්මික බලයකින් මෙම බෙහෙත් පිළිබඳ දැනුම ලැබෙන
බව පැරණියන් ගේ මතයයි. රජරට කුඹුරු වල පසෙහි ආසනික් තිබෙන්නේ යයි දෙවියන් ගෙන් ලැබ
ගත් දැනුමකින් කියවුණි. එය දැන් නවීන මත අනුව ද ඔප්පු වී ඇත. එම වකුගඩු රෝගයටද
දැන් එසේම බෙහෙත් ලබා දේ. මේ පහත පළ වන්නේ දරුවන් නැති කාන්තාවන්ට ලබා දුන් ආහාරමය
ඖෂධයකි.එයද දිව්‍ය ඖෂධයකි.
අරලු බුලු නෙල්ලි සමසේ ගෙන මදක් තෙරපා
කුරුම්බා ගෙඩියක් ඇතුලේ දමා පියන වසා තබා පසුව එම පැන් පෙරා ගෙන දරුවන් නැති
කාන්තාවට පොවීම පළමු පියවරයි.ඉන් පසු දෙමට කොළ පිල කොළ එක පමණට ගෙන කොටා හීනටි නම් පාරම්පරික සහල්
පිටි මේ යුෂයට කලවම් කොට කබලු නෙහොත් රොටි පුලුස්සා දියකාවාගේ මස් ඇඹුල් නොදා උයා ගෙන රොටි සමග
අනුභව කිරීම මේ බෙහෙතයි. මේ දරුවන් වැදූ මවකට නිර්දේශිත කිරි එරෙන බෙහෙතකි. මඟුල්
කරඳ මුල් සිනිඳු කොට ලියා කුඹුරු දලු හීනටි හාල් එක්ව අඹරා එයින් කැවුම් උයා
ගිතෙලින් අනා කෑ යුතුය.
මේ ආකාරයට අපගේ පැරණියන් ළඟ වූ හස්තසාර
ඖෂධ රාශියකි. පැරණියන් ආතුර පරායණයෙහි නොහොත් ලෙඩා මූලික ව පමණක් කටයුතු නොකළහ. ඒ
වෙනුවට ස්වස්ථ පරායණයෙහිම යෙදුනහ. සුවය අරභයා කළ හැකි වත් පිළිවෙත් ම ඉටු කළහ.
ආහාර පාන විහරණ යනු ත්‍රීත්වයම ඖෂධීය වශයෙන් ගෙනන කටයුතු කළහ.එය වර්තමාන ආයුර්වේද
චිකිත්සාවේද යොදා නොගන්නා ක්‍රමයකි. මෙහි දැක්වෙන බෙහෙත් වට්ටෝරුවලින් හෙළි වන්නේ
එයයි. පහත පෙනෙන ඖෂධය බහුලව යෙදෙන ලෙඩ රෝගයකට පිළියමකි. අන්ඩ වෘද්ධිය ජල වෘද්ධිය
හා වාත වෘද්ධිය යනුවෙන් උදරය පහළ කොටසේ අණ්ඩයේ හට ගන්නා ලෙඩ පිරිමි පක්ෂයට බහුලව
වැළදේ. ඉනුත් වාත වෘද්ධය නොහොත් අණ්ඩ වාතය වේදනා කාරීය. බලන්න මේ ඖෂධයෙන් නොහොත්
ආහාරමය ඖෂධයෙන් බෙහෙතක් සකස් කර ගත්අන්දම. එය දැක්වෙන්නේ මෙසේය.
අරලු බුලුනෙල්ලි ඉඟුරු ගමිමරිස් අබ
වදකහ සුදු ලූණු කරාබු වාසාවාසි සාදික්කා පෙරුන්කායම් සහිඳ ලුණු තිප්පිලි මේවා කලන්
තුන බැගින් ගෙන අව්වේ වියළා සියුම්ව කුඩුකර ඒ බරට බරක් හිනටි පිටි එක් කර ඒ සියලු
බරට කිතුල් හකුරු කිරා එකට අනා ගත යුතුය. ඉන්පසු නැවුම් මුට්ටියක් ගෙන එයට තුන්
කාලක් පමණ වන තුරු දලුක් පලු පෙති ගසා දමා ඉතුරු කොටසට කුරුම්බා ගෙඩි හතරක පමණ
වතුර දමා මුට්ටියේ කඩ පිම්ම බැඳිය යුතුය. මේ කඩ පිම්ම උඩ ඉහත සඳහන් ද්‍රව්‍ය
කෙසෙල් කොළයක ඔතා තබා හොඳින් තැම්බෙන්නට හැරිය යුතුය. පිට්ටුව තැම්බුනායින් පසුව බෝතලයක
අසුරා ගෙන එක් වරකට නෙල්ලි ගෙඩියක් පමණ උදේ හවස අනුභව කළ යුතුය. මේ බෙහෙතෙන් තුන් දොස් සමනය කරන ගුණය මෙන්ම වාත
කොපය නසන ගුණයද අන්තර්ගතය බඩේ කෑ ගැසීම් කොරවීම් පහ කරන මෙම ඖෂධය දලුක් පලු යුෂයෙන්
නැගෙන සගන්ධ ශිලීතෙලේ වාෂපයෙන් තම්බා ගැනීමම දිව්‍ය ඖෂධ ගුණය ඉස්මතු කර පෙන්වන්නකි.කුරුම්බා
වතුරෙන් දලුක් වල විස නැසෙන අතර එහි පවතින ඖෂධ ප්‍රභාවය ඉදිරියට ගනී. නිතර ගන්නා
පිට්ටු ඖෂධයක් වන්නේ සිවස්ථ පරායණයෙහිම අරමුණු තිබූ බැවින්ය. මේ තවත් බෙහෙතකි.
නවසි කුරුම්බා ඇට්ට හිරමණයෙන් ගා ගෙන
හීනටි හාල් පිටි සමග කලවම් කොට ගොලගැට නන්වා කඩ පිම්මේ දමා තම්බා කිතුල්පැණි සමග
වැළඳීම මෙහි ක්‍රමයයි. මෙම ඖෂධය ගැනීමෙන් බඩේ නිතර ඇති වන කෑ ගැසීම් බඩ පුරවා
දැමීම් මෙන්ම වාත කෝපකර ටික ටික බඩ එළිය යාම් ද නවත්වා ගත හැකිය. පොල් පවුලේ සමාජිකයෙකු
වන නවසි ගස ලංකාවේ ජනතාවට ආගන්තුක නොවේ. තැඹිලි කුරුම්බා කුන්දිරා රන් තැඹිලි හා
නවසි අතරින් ඖෂධ පිණිස ගැනෙනවානම් වැඩියෙන්ම ගැනෙන්නේ නවසිය. ඒ තුන් දෙස සමනය කරන
ගුණයක් එහි පවතින බැවිනි.
මේ සියලු බෙහෙත් වට්ටෝරු වලට හීනටි හාල්
ගැනීමදමෙහිදි වෙසෙසින්ම සගකා බැලිය යුත්තකි. බත් වශයෙන් ගැනිමට වඩා අපගේ පාරම්පරික
සහල් වල පවතින මේ ඖෂධ ගුණයන් ඉස්මතු කර යොදා ගැනීම සිංහල වෙදකමේ සිරිතයි.එම නිසා
සෑම කුඹුරකම කොටසක් හීනටි වගාව සඳහා යොදා
ගැනීමට තිබූ සම්මතය පැරණියන් ගේ යහ ගුණයන් හෙළි කරන්නකි.