සුනාමි ව්‍යසනය සිදුව වසර විස්සක් ගෙවී
ගොස් ඇත.දිට්වා නමින් සුළි සුළඟක් කඩා වැදී තවත් ව්‍යසනයකට රටම ඇද දමා තිබේ.මියගිය
ගණන තවමත් නොදනී. හානි වූ ජීවිත, දේපළ, නිවාස පිළීබඳ අසන්නට දකින්නට ලැබෙන
කල්හි හද කම්පා වේ.ඉන්දියන් සාගරයේ බෙංගාල බොක්ක අවට තිබෙන සියලුම සුළං ධාරා එක්
කොට ලංකාව මුදුන් කොට මෙලෙස කරකවන ලද්දේ කුමන සුළියක් ද.මේ කාලයට හමන ඊසාන දිග
මෝසම් සුළඟක් ලෙසට ගණන් ගත නොහැකිය.එසේ නම් මෙය කුමක්ද සුනාමි ඛෙදවාචකයෙන් පසු
නැවතත් රටක් වශයෙන් මහත් ආගාධයකට වැටී ඇත.මෙකී
සමාජ ආර්ථික භූගෝලීය කඩා වැටීම් හමු වේ රටත් වශයෙන් උගත යුතු පාඩම් කුමක්ද යන්න
සිහිපත් කළ යුතුව තිබෙන බව මෙහිදී පෙන්නුම් කර ඇත.
එක්දහස් අටසිය විසිඅටේ දළදා වතුර යයි නම් කළ ව්‍යසනය සහ 1957 මහා ගං වතුර
සහ ඉන් පසුව නැගෙනහිර පළාතේ සිදු වූ සුළි සුළං තත්වය සමග සංසන්දනය කර බලන කල්හි
ඒවායින් ලද පාඩම් අනුව රට ඉදිරියට ගොස් තිබෙන්නේ ද යන්න පිළිබඳ මේ අවස්ථාවේ දී සළකා
බැලිය යුතුය.ලොවම දේශ ගුණික විපර්යාසයන්ට ගොදුරු වී තිබිය දී ලංකාව වැනි කුඩා රටකට
ඉන් ගැලවීමක් නැත. පෘතුවියේ චුම්බක ක්ෂේත්‍රය යම් පමණකින් වෙනස් වෙමින් පවතින අතර
ඉන්දියන් සාගරයේ භූතැටි කම්පනය වීමෙන් මේ සියල්ලටම බලපෑම් එල්ල කරයි.
ලංකා
භූමියෙන් සියයට පණහකට වඩා ජල තලයෙන් පිරී පවතී. ඒ ස්වභාවික තත්වයක් නොවේ. මිනිසා
විසින් සාදන ලද වැව් සහ ජලාශ නිසා ඇති වූ වෙනස් කමකි.මේ ලොකු කුඩා වැව් නිසා රටේ
භූගත ජලය ඉහළ මට්ටමක පවතින අතර ඒවා වාෂ්පීකරණය වෙමින් වළාකුළු ගැබ් බර කරමින් කලට
වැසි ලබා දේ.මෙවැනි භූගෝලීය තත්වයකට රට ඔරොත්තු දීමට නම් භෞතික ක්‍රියාකාරකම් සහ
ගුප්ත ක්‍රියාකාරකම් වල සහාය ලබා ගත යුතුය.කුඩා කුඩා වැව් සාදමින් රටේ ගොවිතැන සශ්‍රීක
කළ අතීත මුතුන් මිත්තන් සොබාදහමේ හැසිරීම නිරීක්ෂණය කරමින් එයට අවශ්‍ය දිශානතිය
තෝරා ගත්හ. ඔවුන් ගේ විශ්වාසය අනුව ලංකාවේ ජීවත් වූ පරම්පරා වල භූතාත්මයන්ගේ බැල්ම
බලය මේවා රැක ගැනීමට උපකාරී වේ.වැව් ආශ්‍රිතව අදටත් මුට්ටි මංගල්ලය, කිරි ඉතුරුම් මංගල්ලය, පනම් බැඳීම වැනි චාරිත්‍ර සිදු වන්නේ වැවේ ආරක්ෂාවට සහ සශ්‍රීකත්වය
උදෙසාය. බුද්ධ ශාසනය පිහිටුවීමෙන් පසු දළදා වහන්සේට, ශ්‍රී
මහා බෝධියට, කතරගම කිරිවෙහෙරට කිරි පිඬු පූජාව ගෙන යන්නට
සැදැහැතියන් පෙළ ගැසී සිටිති.ගම්මඩු දෙවොල් මඩු නටා අලුත් බතින් පුද දී කෙත්වතු
ආරක්ෂාව සශ්‍රීකත්වය ප්‍රාර්ථනා කරති.අතීත රජ දරුවන් මේ චාරිත්‍රයන්ට මුල් තැනක්
දුන්හ.රටේ පාලකයා ධාර්මිකව මේ කටයුතු වලට සහාය පළ කරත් නම් දුර්භික්ෂ නැතිව සුභික්ෂ
රටක් පවතින බව වැසියන්ගේ විශ්වාසය විය.ශිලා ලේඛනයන්හි 'පෙරසිරිත්
ප්‍රකුර් වඩා' යනුවෙන් දක්වා තිබෙන අතර රාජාවලියේ සඳහන්
සෑම රජ දරුවෙකුම ඒ නීති රීති අනුගමනය කළහ.
රට
සතුරු ආක්‍රමණ වලින් බැට කන හැම අවස්තාවකදීම මේ පෙර සිරිත කඩ විය. චෝල ,පාණ්ඩ්‍ය, කේරළ
ආක්‍රමණ වලදී මෙන්ම කාලිංග මාඝ ආක්‍රමණයේ දී දළදා වහන්සේ සඟවා තබන්නට සිදු විය.
දන්ත ධාතුන් වහන්සේට කරන නිසි පුද පිළීවෙත් මග හැරුණි.වලගම්බා සමයේ දී සිදු වූ
බැමිණිතියා සාය පීලිබඳ සිහිපත් කළහොත් අපට දැක ගත හැතිවන්නේ රටේ අධර්මය නිසා
දෙවියන් කෝප වූ බවයි. ඒ බැව් එම කතාවේ දක්වා තිබෙන්නේ මෙලෙසය. 'අහස උඩ උන් වලාහක දෙව් පුතුගේ ආනුභාවයෙන් තේජස උත්සන්න වූ කල්හි මහා මේඝ
නගා ආ කල්හි අන්තරා වෙයි.එසේම අහස උඩ වැස්ස වලාහක දේවතාවගේ අනුහසින් ධාතු උත්සන්න වූ කල්හි මහා මේඝ හා වැසි ගප් සුළගේ
පතිතව එම මුහුදෙහි අන්තැනෙකට දුවන්නේය.එසේම අහස උඩ වැසි මේඝ නගා ආ කල්හි රාහු අසුරෙන්ද්‍ර තමාගේ දෙසීයක් යොදුන් පළල අත්ලෙන් ගෙන මුහුදට වන්නේය.
එසේම යම් කලෙක වැස්ස වලාහක දේවතාවෝ ප්‍රමාදව සඳු ගම් නොවී නම් පස් වනුව යම්
කාලෙක... අධර්මිෂ්ටව පැවතීම ලෝකචාර නොකෙරෙන්ට වී නම් මනුෂ්‍යයා අධර්මිෂ්ට වූ කල්හි
වැසි නෙවසිනා පරිදි කෙසේද යත් යම් කලෙක
කලියුගයේ හි රජහු අධර්මිෂ්ටව වේ .රජු බලා රාජ පුරුෂයෝ අධර්මිෂ්ට වේ.රාජ පුරුෂයෝ
බලා බ්‍රාහ්මණ ගෘහපති අධර්මිෂට වෙති.ඔවුන් බලා ජනපද නියන්ගම වැසි අධර්මිෂ්ට වෙති.
ඔවුහු අධර්මිෂ්ට වූ කල් හිරු සඳු දෙදෙනාද විෂම ගමන් ගිය කල්හි නක්ෂත්‍ර තාරකාවෝ
විෂම ගමන් යෙයි.ඔවුන් විෂම පවතින කල්හි රෑ දවල් දෙක විෂම වෙයි. රෑ දවල් දෙක විෂම
වූ කල්හි මස අමාවක විෂම වෙයි. මාසයන් විෂම වූ කල්හි ඉර්තු විෂම වෙති.ඉර්තු විෂම
පෙරලූ කල්හි විෂම වාත හමා යයි. විෂම වාත හැමූ කල්හි දේවතාවෝ බොහෝ සේ කුපිත වෙත්.
දේවතාවෝ කුපිත වූ කල්හි කලට වැසි නොවස්නේය.අකලට වැසි ඇති වන්නේය.වාසුළි ඇති
වන්නේය. කලට වැසි නොවට කල්හි ගොවිතැන් සෂ්‍ය පලා සමව වැසී ඵල නොදෙයි.විෂම පැසුණු
පලයන් අනුභව කරන මනුස්සයෝ අල්ප ආයුෂ වෙති. කය දුබල වෙයි. බොහෝ ආබාධ වෙයි. ලෙඩ හට
ගනියි. නුවණ මද වෙයි. සිත්මුලා වෙයි.'
වර්ෂ
1828 දී සෙංගකගල මහනුවර ජලයෙන් යට කරමින් දළදා වතුර යයි නම් කළ මහා ධාරානිපාතය ඇති
වූයේ කාලයක් නොපැවත්වූ දළදා පෙරහැර පැවැත්වීමත් සමගය. ඒ ප්‍රාතිහාර්යක් නොවේ. බ්‍රිතාන්‍ය
පාලකයන් අධර්මිෂ්ඨව පෙර සිරිත කඩ කරමින් ගත් තීන්දු තීරණ සහ රදළ වරුන්ගේ වැරදි ක්‍රියාකලාපය
නිසාවෙනි.1957 මහා ගංවතුර ආසන්න කාලයේ දීද බුද්ධ ශාසනයට නිග්‍රහ කරමින් තාපස
නිකායන් එළි බසිමින් එකල සිටි දේශපාලන ව්‍යාපාරයක් වන සමසමාජ ව්‍යාපාරයන් විසින්
එල්ල කළ අභූත චෝදනා නිසාවෙන් විපරීතව ගිය කාලවකවානුවකි.එසේම 1957 වසරේ දී
බණ්ඩාරනායක සහ චෙල්වනායගම් අතර ඇති වූ ජාතිවාදී ගිවිසුම නිසා භික්ෂූන් වහන්සේලා රොස්මීඩි නිවස වට කළ අතර ඒ
ගිවිසුම නිසා අගමැති වරයා අප්‍රසාදයට ද පත් විය. සිංහල රාජ්‍ය භාෂෘව කිරීම, බස් ජනසතු කිරීම වැනි ප්‍රගතිශීලි
පියවරයන් සමග අගමැතිවරයා සිටියද මෙරට පෙර සිරිත එහිදී අනුගමනය නොවීය. 1957 ව්‍යසනය
එහි ප්‍රතිඵලයක් වන්නට ඇත. අවසානයේ පෙඩරල් පක්ෂයේ ජාතිවාදී ක්‍රියා උත්සන්න වී
1959 දී අගමැතිවරයා ඝාතනයට ලක් විය.
ගෝඨාභය
ජනාධිපතිවරයා බලයෙන් පන්නා දමමින් බලයට පත් වූ අරගලයෙන් ආරෝපිත මාලිමා ආණ්ඩුව
වර්තමානයේ පාලන බලය උසුලයි.අපේ රටේ පෙර සිරිත කඩ කරමින් ඔවුහු ජය මංගල ගාථා ගායනය ප්‍රතික්ෂේප
කළහ.ආණ්ඩු පක්ෂයේ මඩ බලකායන් විසින් ප්‍රසිද්ධියේ භික්ෂූන් වහන්සේලාට නිග්‍රහ කරන
අතර ජාතිවාදී අන්තවාදී බෙදුම්වාදීන්ට සහාය පළ කරමින් සිටී.දළදා දැක්ම අව භාවිතයට
ගනිමින් සෙංකඩගල අපවිත්‍ර කළහ.දළදා වීදියේ රති කෙළි කරවන සැණකෙළියක් සංවිධානය කළහ.
බුදු පිළිම වහන්සේ නමක් පැහැර ගැනීමට ද නොබියවම රාජ්‍ය බලය යොදා ගැනීම නිසා ජනතා
අප්‍රසාදයට පත් වී වැඩි දවසක් ගත නොවීය.දිට්වා සුළි කුණාටුව බෙංගාල බොක්ක දෙසට ඇදී
නොගොස් ලංකාවේ හරි මැද කැරකී මහා ව්‍යසනයක් සිදු කරන ලද්දේය.පෙර සිරිත විශ්වාස
නොකිරීම පිදිය යුත්තන් පිදීම නොසලක හැරීම සොබා දහමේ විපරීතයන්ට හේතුය.
වැව් කරේ ගංකරේ සිරිත දුරුවන් කරේ - කිරිකලේ කිරිබතේ
පුදට අවමන් කරේ
බුදුබණේ සඟ ගනේ හඬට කෙනෙහිලි කරේ - රජකුලේ දම්බලේ කිමද
නොතකා කරේ
මෑත
කාලීන ලක් ජනතාව හොඳටත් නරකටත් රැළි වලටම ඇදෙති. රට පුරා සිදු කරන සංවර්ධන ක්‍රියාකාරකම්
වලදී තැන නොතැන නොබලා ඉඳි කිරීම් කරනුයේ ඒ නිසාය. අනුරාධපුර නගරය ජලයෙන් යටවන්නේ ඉංග්‍රීසින් ආරම්භ කරනලද වැරදි සංවර්ධන ක්‍රියාකාරකම් වත්මන්හි කලු
සුද්දන් ද දිගින් දිගටම අනුගමනය කළ හේතුවෙනි. ජල විදිලිය වෙනුවෙන් හෝ කෘෂිකර්මය
වෙනුවෙන් මධ්‍යම කඳුකරයේ එදා මහා ජලධාරා සම්පූර්ණයෙන් හරස් කර ජලාශ තැනූයේ නැත.ඒ
වෙනුවට ජලය රොද බන්දා( රිදී බැඳි තාක්ෂණය ) අන්තැනකට ගෙන ගොස් කෙත්වතු කුඩා වැව්
පෝෂණය කළහ. මිනිපේ ඇළ උදාහරණ වේ. ජලයේ බරට ,ජල ශක්තියේ විපරීත ක්‍රියාකාරිතවයට පොළෝ බහිරවයන් ගේ
විරෝධයක් ඇත. කඳු නාය යන්නේ ද ජල රකුසෙක් විලසින් ගම්බිම් ගිල ගන්නේ ද මහ පොළව
සුරකින අදෘෂ්‍යමාන බූමාටු කොට්ඨාශයන් ද
කෝප වීමෙනි.සිතුදේ නොමවෙයි නොසිතුදේම වෙයි යන බුදු වදන අනුව තිරසර පැවැත්ම ප්‍රඥාවෙන්
යුතුව ඇති කර ගැනීම ට වඩවා ගෙන තිබූ පෙර සිරිත අභාවයට ගොස් ඇත්තේ බටහිර අධ්‍යාපනය
කර පින්නා ගැනීමෙනි. දිට්වා සුළි කුණාටුව මගින් ඇස් පනා පිට අපට පෙන්වා දුන් මේ
සත්‍යය දේශපාලඥයන්ට පමණක් නොව සමස්ත මහජනතාවටද බරපතල පාඩම් කියා දෙන්නේය.
මතුගම සෙනෙවිරුවන්

No comments:
Post a Comment