පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Monday, January 28, 2013

මහින්ද චින්තනයේ හලාල් සළකුණ

                                      
                       වසර දෙදහස් පන්සීයක ඉතිහාසයේ ආරම්භක යුගයේ මහින්ද මහ රහතන් වහණ්සේ ලංකාවට වැඩම කොට ස්ථාපිත කරන ලද බුද්ධ ශාසනය සහ ධාර්මික හර පද්ධතිය අනුව රජවරු විසින් රටේ පාලන තන්ත්‍රය ගෙන ගිය බව වංශ කතා වල සඳහන්ය. මෙම හර පද්ධතිය මිහිඳු චින්තනය මත පදනම් වෙයි. දශ රාජ ධර්මයද  දශ පුණ්‍ය ක්‍රියාවන්ද මගින් රටේ පාලන තන්ත්‍රය විසින් ඇති කරන ලද ආදර්ශය රටේ ජනතාව වෙත මැනවින් කාන්දු විය. ඒ තත්වය තුල සමාජ ජීවිතය ධාර්මික පැවැත්මකින් යුක්ත විය. මේ සාරධර්ම කෙරෙහි තිබූ නැඹුරුතාවය මගින් අනුරාධපුර යුගය සිංහල බෞද්ධ රාජ්‍යයක් දක්වා වර්ධනය විය. නමුත් සතුරු ආක්‍රමණයන් හමුවේ ආරාජික වන ලද අවස්ථාවේ දී පොළොන්නරු යුගය වන විට මේ ක්‍රමය පරිහානියට ලක් විය. 1815 වසරේ දී රට බ්‍රිතාන්‍යයන්ට භාර දෙන අවස්ථාවේ දී  සිංහල බෞද්ධ රාජ්‍යයක පැවැත්ම පැවතියේ ශේෂ වශයෙනි. විසිවන සියවසේ මුල් යුගයේ සිට අනගාරික ධර්මපාල තුමා ඇතුලු ජාතිමාමකයින්ගේ  මතවාදී සටන් නිසාවෙන් අපට නාම මාත්‍රික නිදහසක් ලැබුණද ආර්ථික වශයෙන් පූර්ණ ස්වාධිනත්වය ඇති කර ගැනීමට නුපුලුවන් විය.
         2005 වසරේදී  බහුතර සිංහල ජනතාවගේ බලයෙන් ජාතික මත වාදය නැවතත් සිංහාසනාරූඩ කරවන ලද්දේ සැබෑ මහින්ද චින්තනය රට තුල ක්‍රියාත්මක කරවා ගැනීමේ තිර අදිටනින්ය.රටතුල අවදිවූ ජාතික බලවේග මේ ජයග්‍රහණයන් පිටිපස්සේ විය.කුරිරු යුද්ධය නිමා කර කොටි ත්‍රස්තයින් පරාජය කරලීම එහි පළමු පියවර විය. අනතුරුව මහින්ද චින්තන පෙර දැක්ම කෙටුම්පත් කර ගැනීමේ දී ද ලංකාවේ ජාතික බලවේග මූලිකත්වය ගෙන කටයුතු කලේය. ඒ මගින් බුද්ධ ශාසනයේ චිර පැවැත්ම ධාර්මික පාලනය මෙන්ම ආර්ථික ස්වාධිපත්‍යද අපේක්ෂා කරනලදී. මේ තත්වය මෙසේ වුවුද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුලු රජය මහින්ද චින්තනය අවබෝධ කරගෙන ඇත්තේ නිවැරදි ආකාරයට නොවන බව දැන්දැන් තහවුරු වෙමින් පවතී. වෙසෙසින්ම බුද්ධ ශාසනයේ පැවැත්ම තුලින් ඇතිවිය යුතු බෞද්ධ රාජ්‍ය වෙනුවට සර්ව ආගමික පාලන තන්ත්‍රයක් බිහි වෙමින් පවතී. දශරාජ ධර්මය උපේක්ෂාව කරුණාව මෙන්ම මෛත්‍රිය පිළිගත යුතුව තිබුණද වෛරය පැතිරීමෙන් විරුද්ධවාදීන් මර්දනයටද අපරාධ කරුවන් ආරක්ෂා කර ගැනිම පිණිස යහ පාලනය  ද අවසන් කරමින් පවතී. නබි නායක තුමන්ගේ උපන් දිනය වෙනුවෙන් රජය නිකුත් කළ නිවේදනය මගින් කියැවෙන්නේ මුස්ලිම් ජන සමූහය විසින් නබි නායක ගේ ඉගැන්වීම් මගින්  සාමය හා ඉවසීම ප්‍රගුණ කරන බවයි. එය සම්පූරණ මුසාවකි. අන්‍ය ආගමිකයින් හා අන්‍ය ජාතිකයින් වෙනුවෙන් කුරාණය තුල මෛත්‍රී සහගත ප්‍රකාශ නොමැත.
           කුරාණයේ 8. 12 වගන්තිය මෙසේය. අවිශ්වාශ කරන්නවුන්ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමි. එහෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හා බෙලි කපාදමන්න. කුරාණය 9.5 උපවාස මාසය පසුවන විට අදේවවාදීන් දුටු තැන මරා දමන්න. සියුලු උපක්‍රමයන් යොදා ඔවුන් කොටු කරන්න. ඔවුන් ගැවසෙන තැන් වල සැංගිසිටින්න. ඔවුන් සිරභාරයට ගන්න. රට තුල සිටින ජන කොටසක් වශයෙන් ඔවුන් වෙත ජන නායකයාගේ ආශිර්වාදය පළ කිරීම සාධාරණ නමුත් බුද්ධ ධර්මය පාවා දී මිථ්‍යා දෘෂ්ඨිය තහවුරු කරලීමට  නිවේදන නිකුත් කිරීම රටේ බෞද්ධ ජනතාවගේ සිත් කලකිරවන්නකි. විපක්ෂ නායකවරයාටද රටේ ජාතික ප්‍රතිපත්ති ගැන තවමත් අවබෝධයක් නොමැත. සර්ව ආගමික තත්වය යනු හිත රවටා ගැනීමකි.රටේ ජාතික උරුමය හෑල්ලු කිරීමකි.       
      ලාංකික ගෘහ සේවිකාවක් සෞදි ආරාබියේදී  ඝාතනයට ලක් වීම ලංකාවේ මුස්ලිම් ප්‍රජාවට බිය ගෙන දෙන ක්‍රියාවක් නොවේ. අඩු වයස් කාර ළදැරියක් වීම පමණක් ඔවුන්ට ප්‍රශ්ණයක් විය. එම කාරණය වත්මන් රජය විසින් අධිකරණයේදී ඉදිරිපත් නොකරන ලද බව ඉස්මතු කොට සැබෑ ගැටලුව යටපත් කරලීම ඔවුන්ගේ වෑයමයි.    ලංකාවේ මුස්ලිම් ජනතාව ශ්‍රී ලාංකිකයින් නොව මුස්ලිම් ජාතිය ලෙසට සැලකීම කාලයක සිට අනුගමනය කෙරෙන්නෙකි. සිංහල ජනතාවට නොලැබෙන වරප්‍රසාද රාශියක්ම ඔවුන් වෙත් ප්‍රදානය කර ඇත. බහු භාර්යා සේවනය ඉන් එකකි. ඔවුන්ටම ආවේණික ක්වාසි අධිකරණ පවත්වා ගෙ යාමට දැන් නීතියෙන් බලතල ලැබී තිබේ.  ෂරියා නීතිය ක්‍රියාත්මක කරන මේ අධිකරණ නැතහොත් නඩු ශාලා පණස් අටක් රටපුරා ඉඳිකර දීමට රුපියල් මිලියන තිස්අටක් වත්මන් රජය වෙන් කරන ලද්දේ ඉතාමත් මෑතකදීය. ඒ හිටපු අධිකරණ අමාත්‍ය ආතාවුද සෙනෙවිරත්න විසිනි. මේ ඇමතිවරයාගේ චන්ද කොට්ඨාශය වන මාවනැල්ල මුස්ලිම්වරුන්ගේ ආධිපත්‍යට යටත්ව ඇත. මෙයට හේතුව දේශපාලකයින් ඔවුන්ගෙන් යැපිමයි. දෙවනගල රජමහා විහාරයේ විහාරගමින් කොටසක් ආතාවුද ඇමතිවරයාගේ චක්ගෝලයෙකු ද වන මුස්ලිම් ජාතිකයෙකු විසින් අල්ලා ගෙන ගොඩනැගිලි සාදා ඇති අතර මේ ඉඩම් නිරවුල් කරලීම පිණිස පුරාවිද්‍යා දෙපාර්තමේනතුව කටයුතු කරලීමට ඉදිරිපත් වීමේ දී ඇමතිවරයා ඊට බාධා කර ඇත. පසුව සපරගමුව හිටපු ආන්ඩුකාර වර ජානක ප්‍රියන්ත බණ්ඩාර මහතා මැදිහත්ව පුරාවිද්‍යා රක්ෂිතය වෙන් කරලීමට උත්සාහ කිරීමට කටයුතු කිරීමේදී දෙවනගලටම පැමිණ එයට බාධා කළ හැටි මම සියැසින්ම දුටුවෙමි.
           මුස්ලිම් ප්‍රජාව නිසා ජීවත් වන අනෙක් ඇමතිවරයා වූ ආගමික කටයුතු ඇමතිවරයා රටපුරා තිබෙන මුස්ලිම් පල්ලි නඩත්තු කරලීමට හා ඉඳිකිරීමට රජයේ මුදල් ලබා දී තිබේ.  ඒ ආගමික කටයුතු අමාත්‍යංශය හරහාය. පසුගිය කාලයේ දඹුල්ල අනුරාධපුරය ආදී බෞද්ධ පුරවරයන්හි අටවා තිබූ මුස්ලිම් යාඥා මඩු ඉවත් කිරීමට බෞද්ධයින් හඬ නගද්දී රජය හා ඇමති වරු මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් ඉදිරිපත් ව කතා කළහ. අතයට මුස්ලිම් වරුන් ගෙන් මුදල් අල්ලස් ලබා ගන්නා නිළධාරීන් ගැනද යමක් කිව යුතුය. නැගෙනහිර පළාතේ සිංහලයින් සතුවූ ඉඩම් වල ඔප්පු වෙනස් කොට හොර ඔප්පු සහතික කරලීමට ගන්නා ලද අල්ලස ප්‍රමාණය නිශ්චිත නැත.
            මේ තත්වය හමුවේ මුස්ලිම් දේශපාලකයින් ලංකාව සපිරිස්ථානයක් නොහොත් මුස්ලිම් රටක් බවට පත් කරලීමේ ශුද්ද වූ යුද්ධය අරඹා තිබේ. මෑතකදී හෙළි වූ හලාල් සහතිකය ලබා ගැනිමේ වැඩපිලිවෙලද  මෙහි අංගයකි. හලාල් යනු දෙවියන්ට කැපවූ ආහාර සඳහා යොදන නාමයයි. එය මුස්ලිම් වරුන්ට පමණක් නොව අන්‍ය ආගමිකයින්ටද බලෙන්ම පැටවීම මුස්ලිම් දේශපාලනයේ සවභාවයයි. ඒ මගින් අල්ලා  දෙවියන් විශ්වාශ නොකරන ජනතාව වෙතින් ලබා ගන්නා මුදල් සපිරිස්ථානය ගොඩ නැන්වීමේ ව්‍යපාරය සඳහාම යොදවන බව පැවසෙයි.
     දහතුන් වන සියවසේ දී රයිගම සිටි වීර අලකේෂවරයන් මෙලෙස මුස්ලිම් වරු විස්වාශ කොට අටුලුගම ඔවුන්ට බල කොටුවක්ද තනාගත්නට ඉඩ හැර තමන්ද මුස්ලිම් ආගම වැළඳ ගැනීමේ අවශ්‍යතාවයෙන් පසු වෙද්දී චීනයේ මැදිහත් වීමෙන් ඒ ප්‍රයත්නය කඩාකප්පල් විය. අවසානයේ දී රජු ජනතාව අතින් ඝාතනය විය. සිරුර ජයවර්ධන කෝට්ටේ කිඹුල් පොකුණට  දැමු බවද ඉතිහාසයේ සඳහන්ව ඇත. වර්තමානය තුලද මේ මුස්ලිම් බලය රට තුල වැඩි වර්ධනය වී තිබෙන්නේ මුස්ලිම් රටවල් කෙරෙහි අනවශ්‍ය ආකාරයට රාජ්‍ය හස්තය දිගු කරලීමෙන් යයි සිතමි. වාර්ෂිකව රටේ සංවර්ධනයටයයි කියා ලබා ගන්නා අසීමිත ණය කන්දරාව නිසා රටේ දුප්පත් කම වැඩි වී ඇත. මේ නිසා බටහිරට නැඹුරු පිලිවෙත මැදපෙරදිගට යොමු වීම පුදුමයක් නොවේ. මෙය වෙනස් කරලීමේ මග මහින්ද චින්තනයේ ඇතුලත් වුවද වංචාව හා දූෂණය නිසා එය අනුගමනය කිරීමක් නැත. මහින්ද චින්තනයට හලාල් මුද්‍රාව ලැබී ඇත්තේ මේ නිසාවෙන් බව සිංහල බෞද්ධ ජනතාව දැන්වත් තේරුම් ගත යුතුය.
                        
         

Thursday, January 24, 2013

සිංහල වෙදකමට එරෙහි නූතන බලවේග

                              

     වෛද්‍ය ශාස්ත්‍රය බිහිවී තිබෙන්නේ මනුෂ්‍යයා සියලු සතුන් පමණක් නොව ශාඛ සංතතියේද නිරෝගී පැවැත්ම උදෙසාය. වෙදකමෙහි නියුතු පුද්ගලයා නොහොත් වෛද්‍යවරයා මිතුරන්ට ඥාතීන්ට පමණක් නොව සතුරන්ටද එක සේම  මෛත්‍රිය කරමින් සුවය අරමුණූ කර පිළියම් කරලීම පිණිසම කටයුතු කළ යුතු වන්නේය. සොබා දහම විසින්  ආහාර සඳහා බොහෝ දේ අපට  සපයා ඇතිවාක් මෙන්ම නිරෝගී පැවැත්ම සඳහාද බොහෝ ඖෂධයන්ද සපයා දී තිබේ. ලංකාව ඉන්දියාව පමණක් නොව චීනය කොරියාව බුරුමය වැනි පෙරදිග රටවල්ද මේ ඖෂධ පදනම් කොට ගෙන චිකිත්සා විධි මෙන්ම සෞඛ්‍ය සංරක්ෂණ ක්‍රම වේදයන්ද සකස් කර ගෙන තිබුණි. දිනපතා මනා ලෙස හිරු එළිය ලැබෙන විවිධ තුරු ලතාවන්ගෙන් පිරී පවතින සොබා දහමේ රහස් මේ වෛද්‍ය ශාස්ත්‍රයට ඇතුලත්ව තිබෙන බව අවුරුදු දහස් ගණනාවක් පලපුරුද්දෙන් මේ වෛද්‍ය වරයින් ගේ අවබෝධයට එක් වී ඇත.
           යුරොපීයන්ගේ වානිජ අක්‍රමණයන්ට නතු වීම නිසා පෙරදිග රටවල් සියල්ලෙහිම ස්වාධීනත්වය නැති වුණි. ගෙවිතැන ආහාර සංස්කෘතිය මෙන්ම වෙදකමද තමන්ට අවශ්‍ය පරිදි පවත්වාගෙන යාමට නොහැකි වන සේ බටහිර ආධිපත්‍ය විසින් සීමා පැනවුණි. ඇතැම් විට චිකිත්සා ක්‍රමයන් තහනම් කරන ලදහ. වෙසෙසින්ම අභිචාරයන් පදනම් කරන ලද චිකිත්සා ක්‍රමයන් ට වැට බඳිනු ලැබූහ. නමුත් ලන්දේසීන් වැන්නවුන් ඇතැම් විට දේශිය චිකිත්සා ක්‍රමයන් ද අනුගමනය කළ බවට සාක්ෂි හමුවේ. එයට හේතුව එකල බටහිර වෛද්‍ය ක්‍රමය එතරම් දියුණවට පත්ව නොතිබීමයි. කෙසේ වෙතත් ඉංග්‍රීසින් ගේ සමය වන විට ඔවුන් ගේ ක්‍රමානුකූල වානිජ ආධිපත්‍ය හේතු කොට ගෙන දේශිය සම්ප්‍රදායන්  පවත්වා ගෙන යා නොහැකි විය. ඉංග්‍රීසින් කංසා තහනම් කරන්නේඔවුන්ගේ වානිජ අරමුණු උදෙසාය. වට්ටෝරු හතලිස් අටකට මෙන්ම විවිධ සෞඛ්‍ය සංරක්ෂණයන්ටද  භාවිතා කරන කංසා වැනි ප්‍රබල ඖෂධයක් පවත්නා තාක් බටහිර වෛද්‍ය ක්‍රමයන්ට හිස එසවීමට නොහැකි වන ඔවුහු තේරම් ගන්නට ඇත්තේ දහ අට වන සියවසේදීය. වසංගත රෝග වලදී ගමේ වෛද්‍යවරුන්ට බෙහෙත් කරලීමද තහනම්කර තිබුණි. එසේ කළ අයට විරුද්ධව නඩු පැවරූහ.
       මේ දේශපාලනය ගැන මහාචාර්ය ගුණපාල ධර්මසිරි මහතා සිය වෛද්‍ය ශාස්ත්‍රයේ ස්වභාවය නම් ග්‍රන්ථයේ සඳහන් කරන්නේ මෙසේය. 'තුන්වෙනි ලෝකය තුල බටහිර වෙදකම යන්න ප්‍රබලවූ දේශපාලන බලවේගයකි. බටහිර අධිරාජ්‍ය වාදය මගින් එකල ක්‍රිස්තියානි ආගම භාවිතා කළ ආකාරයට දැන් බටහිර වෙදකම ක්‍රියාත්මක වන්නේය. එය ඉදිරිපත් වන්නේ මධ්‍යස්ථවූ වාස්තවිකවූ විද්‍යාවක් වශයෙන් වන නිසා එම බල වේගය ක්‍රියාත්මක වන්නේ ඉතා සූක්ෂම ආකාරයෙනි. එහි ඉතාම භයංකර අංශය වන්නේ එය තුල දක්නට ලැබෙන ෆැසිස්ට් වාදී ස්වරූපයයි. මනුෂ්‍ය ස්වභාවය හා ඒ සමගම මනුෂ්‍ය සමාජයද ෆැසිස්ට්වාදී ස්වරූපයෙන් නැවත නිර්වචනය කිරීම ට එය මගින් උත්සාහ කරන්නේය. ’
            විසිවන සියවසේදී ලංකාවට නිදහස යයි යම් දෙයක් ප්‍රදානය කෙරුණද එය බටහිරයන්ට අවශ්‍ය පරිදි දේශීයව ගොඩනැගිය යුතු විදේශ කොන්සල් පාලනයක්ය යන්න ස්වදේශීකයින් වන සිංහලයින්ට අවබෝධ නොවිය. එම නිසා බටහිරට අවශ්‍ය සංවර්ධනය නම් එඬේරා ඔස්සේ යාමට  දේශීය පාලකයින් පුහුණු කරන ලදහ. සෞඛ්‍ය පැවැත්ම උදෙසා ද සංවර්ධන පූර්වාදර්ශයන් බෙහොමයක්ම යොදා ගන්නා ලදහ. මහාචාර්ය ධර්මසිරි මහතා එය සඳහන් කරන්නේ මෙසේය.‘රෝග සුව කිරීම විද්‍යාවක් වශයෙන් දියුණු කිරිම  සංවර්ධනය පිළිබඳ චින්තනයේ වැදගත් ඵලයක් බවට පත්ව ඇත්තේය.නූතන වෙදකමේ යහපත් ප්‍රතිඵල සමාජයේ සම්ප්‍රදායික වූ නොදියුණු කොටස් කරා ගෙන යන තුරු නූතන ඥණය ඇසුරු කොටගෙන වසංගත රෝග රට වැසියන්ගේ ජීවිත වලින් ඉවත්කරනා තුරු ජන සම්මත ඥාණය හා ගෘහස්ථ ප්‍රතිකාර සහ නූතන නොවන්නාවූ රෝග සුව කරන්නන් යන ආධිපත්‍ය යෙන් ඉවතට ගෙන සමස්ත ජනගහනයම නූතන වෙදකමේ ආධිපත්‍යට යටතට ගෙන එන තුරු සංවර්ධනය යනු නියම සංවර්ධනය වන්නේනැත.’ එම අර්ථකථනයෙන් ගත් කළ ලංකාව තුල පසුගිය කාලයේ දී ක්‍රියාත්මකව ඇත්තේ මේ එඬේර සංකල්පය බව පැහැදිලිය.
     විකල්ප වෛද්‍ය ක්‍රමයක් ලෙසට ලංකාවේ ආයුර්වේදය ක්‍රියාත්මක වුවද එයට අරමුදල් වශයෙන් ලක් රජයෙන් වියදම් කරන්නේ බටහිර වෙදකමට සාපේක්ෂව සියයට දහයක් පමණකි. එසේම ආයුර්වේදයේ සඳහන් සෞඛ්‍ය විධි බොහෝ විට ගර්හාවට ලක් කෙරේ. රත කල්කය ලබා දීම නොකළ යුතු බව ප්‍රසිද්ධියේම මාධ්‍ය ඔස්සේ සඳහන් කරති.  රෝහල් වල ගැබිණි වාට්ටු වශයෙන් සැලකෙන හිර ගෙවල් වල  දරු ප්‍රසූතිය අනිවාර්යෙන්ම කළ යුතුය. එහිදී මවකට ලැබෙන මානසික පීඩා අනන්තය අප්‍රමාණය. මවක් අනිවාර්යයෙන්ම දරුවාට එන්නත් ලබා දිය යුතුය. එසේ නැතහොත් පවුල් සෞඛ්‍ය සේවිකාව මගින් තර්ජන ඇති කරයි. මාධ්‍ය තුලින් සිංහල වෙදකම ගර්හාවට හා උපහාසයට ලක් කරන්නාවූ අවස්ථා නිමක් නැත.  මී උණ රෝගයෙන් මිදීම සඳහා මෑතකදී පළ කළ වෙළෙඳ දැන්වීමකදී වෙනිවැල් ගැට යෙදීමේ ක්‍රමවේදය ගර්හාවට ලක් කර තිබුණි. පසුගියදා එක් ඉරිදා පුවත් පතක එක් බටහිර වෛද්‍යවරයෙකු විසින් පළ කල ලිපියද  මේ වැඩ පිළිවෙලේම එක් අංගයෙකි. දේශීය කැඩුම් බිඳිම ප්‍රතිකාර සඳහා භාවිතා වන තෙල් පත්තු මැල්ලුම් වැනි ආලේපන කිසිවක් යොදා ගැනීමෙන් ඵලක් නොවන බවට ඔහු සඳහන් කර තිබුණී. 
        මේවා අහම්බයන් නොවේ. නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඉහළට ඉගෙන ගත් මේ වෛද්‍ය වරු තමන්ගේ වෘත්තිය පටන් ගත් දා සිට තමන්ගේ පරම්පරාවට දේශිය සිරිත් විරිත් වලට මෙන්ම දැනුමට වෛර කරති. ඒ වෛරය හා ඉරිසියාව අවබෝධකර ගන්නා බටහිර ඖෂධ සමාගම් සහ ධවල ආධිපත්‍ය විසින් මේ වෘත්තිකයින් තමන්ගේ බැලයින් ලෙසට සේවයට යොදවා ගනිති. ඔවුන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කර ඇමරිකාවට ගෙන්වා ගෙන හොඳින් මොළ සෝදා දේශීය සම්ප්‍රදායට එරෙහිව යන පරිදි සපථ කරගෙන ලංකාවට පිටත් කර එවති.තමන්ගේ පාරම්පරික වෙදකම් මිථ්‍යා ලෙස පිළි ගන්නා වූ මේ ඇම්බැට්ටයින් නූතන ඖෂධ සමාගම් වල වහල්ලු ලෙස නොහොත් රෙප්ලා ලෙසට ක්‍රියාකරති.
      රත කල්කය දරුවන්ට ලබා දීමෙන් දරුවන්ගේ ප්‍රතිශක්තිය දියුණ වන බවට නූතන පර්යේෂණ සිදු කර ඇත්තේය. බටහිර වෙදකමට සුව කළ නොහැකි අස්ථි බිඳීම් හා අවහන්දි වීම් සුව කර ගැනීම පිණීස විදේශ වලින්ද රෝගීන් මෙරට වෛද්‍යවරුන් සොයාගෙන එන අවස්ථා දුලබ නොවේ.ඒ අතින් බලන කල්හි දේශීය වෙදකම මරා දැමීමට හෝ අතු ගා දැමීමට තවමත් බටහිර සංවර්ධනයට හැකි වී නැත. ඒවා රජය මගින් අඩපණ කර දැමීමට යොදා ගන්නා ප්‍රධාන ස්ථානය වන්නේ මහා භාණ්ඩාගාරයයි. ඔවුන් ප්‍රමාණවත් පරිදි එයට මුදල් වෙන් කරන්නේ නැත.  ඔසු ගොවි ගම්මාන ඇති කරලීම පිණිස ආයුර්වේද අමාත්‍යංශයට කලක් වෙන් කර තිබූ  මුදල් දැන් කපා හැර ඇත.එයට අමතරව සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයද වරින් වර දේශිය වෙදකමට විරුද්ධව පත්‍රිකා මගින් හා විද්‍යුත් මාධ්‍ය තුලින් ප්‍රචාරයන් ගෙන යති. ආයුර්වේද අමාත්‍යංශය මගින් දේශීය වෛද්‍ය නිළධාරීන් පත් කිරිමට තීරණයය කර තිබියදී බටහිර වෛද්‍ය සභාව එයට වැට බැඳීමට උත්සාහ කළහ. මෙය මෙසේ තිබුණත් පාරම්පරික වෙදකමින් හා ගෘහස්ථ ප්‍රතිකාර මගින් ලෙඩරෝග සුව කර ගන්නා දේශිය ජනතාවගේ අඩුවක් සිදු වී නොමැත.      මේ තත්වය යටතේ බටහිර ඖෂධ වලට සිය ආධිපත්‍ය සහ වටිනාකම් ලබා ගැනීමට තිබෙන අවස්ථාවන් ප්‍රමාණයක් දේශිය වෙදකම නිසා ඇහිරී ඇත. මේ තත්වය අවබෝධකර ගෙ තිබෙන බැවින් සිංහල ජනතාව තුලින් දේශීය වෙදකම ඉවත් කරලීමට හැකි සෑම උත්සාහයක් ගැනීමද මේ ඖෂධ සමාගම් දරන උත්සාහය තවමත් අවසන් වී නැත. එය කෙරෙන්නේ නූතන සංවර්ධනයේ නාමයෙනි.                                       
 2013-01-20 ඉරිදා ලක්බිම
                 

Thursday, January 3, 2013

ගොවි ජනතාව ගේ සෞඛ්‍යට පාරම්පරික අත් බෙහෙත්

                                         

         උඩු නුවරත් යටිනුවරත් සිටින ගොවියන් මඩ සෝදා ගත් කළ රජකමටත් උචිතයයි රොබට් නොක්ස් එදා හෙළදිව නම් සිය දේශාටන වාර්තාවේ සඳහන් කොට ඇත්තේ සාමාන්‍ය ජනතාව ගැන නොවේ. ඒ ගම් පළාත් වල සිටි රදළ වරුන් ගැනයි. මේ ප්‍රදේශයේ එක් ගොවියෙකු සී සා මහන්සි වී සිය බිරින්දෑ ගෙනා ඇඹුල සප්පායම් වී මදක් ඇලවී සිටන විට සීනෙන් දුටුවේ සිය නගුල් කඳේ මීයක් බැඳ සිටින ආකාරයයි. මේ සිහිනය සැබෑ වී අප්පුවා රජවූයේ යයි ජනප්‍රවාදයක් පවති. කෙසේ වෙතත් සාමාන්‍ය ගොවියාට පවා මග පෙන්වා දී රට බත බුලතින් ස්වයංපෝෂිත කරවූවේ මෙවන් ගොවි රජවරුන්ය.
                කුඹුරු ගොවිතැන ලෙහෙසි පහසු නැත. පූජාවලියේ මේ අසීරුව යස රඟට විග්‍රහ කර දී තිබේ. කෙසේ වෙතත් අව්වට වැස්සට පින්නට පීඩා ලබමින් බත සරි කර න්නට වෙහෙසෙන්නන්ට ශක්ති ජනක ආහාර අවශ්‍ය වේ. එසේම ඖෂධීය ආහාර ද අවශ්‍ය වේ. මේ සිරිත ලංකාවේ පළාතෙන් පළාතට වෙනස්ය. සීසාන දවසේ හීල සප්පායමට කිරිබත් කැවුම් ගෙනයන උඩරට වැසියන් මෙන් නොව වන්නියේ දී කුරහන් තලපයත් දඩමත් හොද්දත් බල වඩන ආහාරයන්ය. කමතට මුත්තෙට්ටුව ගෙනගිය ඔවුහු හීයට ඇඹුල ගෙන ගියහ. ඇඹුලට යස රඟට ගැලපෙන පොලොස් ඇඹුල පිරිමහින රසවත් ආහාරයක් විය. උම්බලකඩ කිරි හොද්දත් කැකුලු හාලේ බතුත් වට්ටක්කා මාලුවත් එක් වූ කල්හි ගොවියා රජ වන්නේ කුඹුරේ මයයි සිතේ. කලාගම් කෝරළයේ ගොවි ඇත්තන් මේ ඇඹුලට යොදා ගෙන ඇත්තේ අඟුණකොළ හෝ උඩත්තා පළා මැල්ලුමක් කැකිරි නියඹලාවක් සහ කිරි හොද්දක්ය. මේ හොද්දට මුරුංගා පොත්තක්ද මුහු කර ගැනීමට ඔවුහු වග බලා ගත් බව අප හිතවත් කේ.බී .මානෑව මහතා පවසයි. කෙසේ වෙතත් මුගුණ ගොටුකොළ වැනි පලාද පිළිහුඩු ද මේ මුත්තෙට්ටුවට හෝ ඇඹුලට ගෙන නොයාමට ගෙවිලියන් වග බලා ගත්හ. ඒ වප් මගුල මගුල් හීය කොළදිම ආදිය දවසටය.මේආහාර මගින් කුඹුරේ වැඩ කරන ගොවියාගේ වාතය පිත හා සෙම සමනය කළ අතර මුරුංගා පොත්තෙන් ජීවාණු නාශනයද සිදු විය.
             එදා මෙන් නොව වර්තමානයේ ගොවිතැන කරන්නේ රජ වරුන් නොව බහු ජාතික සමාගම් වලට සහ වී මෝල් හිමියන්ට බැඳී සිටින කම්කරුවන්ය. එහිදී වස විස යොදා වැඩි අස්වනු පතා වියදම් කිරීම ගොවියන්ගේ සිරිතයි. පෙර ගොවිකම ජීවන රටා වක් ව තිබූ නමුත් අද එය රැකියාවක් පමණක් බවට පත්ව ඇත. දිනෙන් දිනම මේ ගොවිතැනද අතහැර නගරයට සංක්‍රමණය වන්නන් බහුලය. ඒ නිසාම උග්‍ර ශ්‍රම හිඟයක් මේ ගොවිතැන වටා අර්බුදයක් බවට පත් වෙමින් ඇත. ඒ මදිවාට වකුගඩු රෝග මී උණ ආදී රෝග නිසා බොහෝ ගොවි පවුල් පීඩාවටත් භීතියටත් පත්ව සිටිති.   වර්ෂයකට  කන්න දෙකක් තුල අවම වශයෙන් මාස දෙකක් වත්  කුඹුරේ වැඩ කළ යුතුය. ඊට අමතරව එළවුලු කොරටුවලද හේන් වලද ගත කරන ගොවීන් සංඛ්‍යාව අති මහත්ය. මේ කාලය තුල දැඩි අව්වේ ගිනි මද්දහනේ කටයුතු කිරීමෙන්ද මඩේ ඉතා වෙහෙසකර අන්දමින් වැඩ කිරීමෙන්ද ඔවුහු පීඩාවට පත් වේ. මේ කාලය තුල ඇතැම් විට ඔවුහු රෝගී වෙත්. යල් කන්නයේ දී නම් සිංහල අවුරුද්දට ප්‍රථම සී සෑ යුතු යයි සම්මතයක් පැවතියේ සූර්යයා ලංකාවට මුදුන් වීමෙන් පසු අව්වට නිරාවරණය වන්නන් ඉතා ඉක්මනින් රෝගී වන නිසා විය හැකිය. කෙසේ වෙතත් උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟ පත රුදාව හමේ රතු බිබිලි ඇති වීම මේ කාලයේ දී  සිදු වේ. ඒය කාහටත් පොදුය. වර්තමානයේ දී මී උණ නම් රෝගයක් සෞඛ්‍ය අංශ වලින් නම් කරලීම නිසා රෝහල් වලින් ප්‍රතිකාර ලත් සංඛ්‍යාව පිලිබඳව ජන මාධ්‍යයන් තුලින් අසන්නට හැකිය. බටු මීයා නියරවල ලැග සිටිම සාමාන්‍ය කාරණයකි. ඇත්තෙන්ම ගොවියා නියර කොටා නියර පිට දාන්නේ මීයා වඳ කිරීමට නොව කක්කුටු ගුල් වැසීමටයි. මේ මීයා ගෙන් එතරම් හානියක් ගොවියාට සිදු වන්නේ නැත. සිදු වූවත් කෙම් වලින් මීයන් ඈත් කර තැබීමට ඔවුහු වග බලා ගත්හ. නමුත් ඇතැම් කුඹුරු සහ වගුරු වල බැස වැඩ කිරීමෙන් පසුව උණ ගැනී ගොවීන් මිය යන වගක්ද අසන්නට ලැබී ඇත.
      නවසිය තිහේ දශකයේ දී බෙලෙක් උණ නම් වසංගතයක් පැතිර ගියේය. බ්‍රිතාන්‍යයන්ට යටත්ව පැවති යුගයක් බැවින් ගමක ඇති වන වසංගත රෝග ගැන අනිවාර්යයෙන්ම සැන්ටිපෝට් මහත්වරුන්ට දැන්විය යුතුවිය. මහජන සෞඛ්‍යය ඉංග්‍රීසි ආණ්ඩුවේ කාර්ය භාරයක් විය. නමුත් ඇතැම් ගම් වල වෙදමහත්වරු මේ නීති රීති නොතැකීය. ඔවුහු තමන්ට තිබෙන දැනුම අනුව යමින් ගම්මුන්ට වෙදකම් කොට සුවපත් කළහ.   ඇතැම් විට මේ වෙදහෙදකම් නිලධාරීන්ට ආරංචි වූ විට මේ වෙද මහත්වරුන්ට නඩු පැවරූ අවස්ථාද විය. බෙලෙක් නම් වචනය (plague) නම් ඉංග්‍රීසි වදනින් බිඳී ආවකි. එය මහාමාරියට හෝ වසංගතය හැඳින්වීමට කියන්නකි.පසු කලකදී මී උණටද මේ වදන භාවිතා කර තිබේ. පණහේ දශකයේ දී කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ මේ රෝගය ආන්තික හා වගුරු කුඹුරු වල ඇති වන විස තත්වයකින් පැණ නගින්නකි. වර්තමානයේ දී එය වල් නාශක පරිහරණයෙන් ඇති වන විස තත්වය නිසා පැතිරෙන බවට ද විශ්වාස කළ හැකිය.
     කෙසේ වෙතත් කුඹුරු වල බැස දවස පුරාවටම වෙහෙසෙන ගොවීන්ට ඇඟ පත රුදාව උණ තෙහෙට්ටුව ඇතිවීම ස්වභාවිකය. ඔහුගේ ශරීරයේ ප්‍රතිශක්තිය හොඳින් පැවතියහොත් ආගන්තුක විෂබීජ වලින් ආරක්ෂා වීම කළ හැකිය. පැරණි ගොවියා මේ අවස්ථාවලදී අත් බේත් කීපයක් භාවිතා කළහ. එයින් එකක් නම් තොටිල පොතු මුරුංගා පොතු අමු ඉඟුරු හා සුදු ලූණු වලින් සැකසෙන්නකි. මේ සියලු අඩු වැඩිය සම සමව ගෙන හොඳින් පිරිසිඳු කර මිරිස්ගලේ හෝ බෙහෙත් ගලේ දමා අඹරා ගන්නා අතර තුනපහ ගුලියක් මෙන් ගුලි කර ගනිති. එය අඹරන විට ලුණුකැට කීපයක්ද එක් කර ගැනීමට අමතක නොකරති.මෙම ගුලිය දින දෙක තුනක් නරක් නොවී කල් තබා ගත හැකි වන අතර තවා ගත් කෙසෙල් කොළයක ඔතා තැබීමෙන් එම තත්වය වැඩි දියුණු කළ හැකිය. වෙහෙස මහන්සි වී වැඩ නිම කර නිවසට පැමිණි පසු මේ ගුලියෙන් කොටසක් කඩා ගෙන නටන උණු වතුර කෝප්පයකට බහා වසා ටික වේලාවක් තබා පානය කරති. මුරුංගා පොතු ජීවාණු නාශක බලගතු ඖෂධයකි. ඒ මගින් ඇති වන ප්‍රතිශක්තිය බෙලෙක් උණට පමණක් නොව මී උණට අයත් විෂබිජද පලවා හරින්ට සමත්ය. තොටිල පොත්ත මේ සංයෝගයට එකතු වූ කල්හි මේ අවස්ථාවල ඇති වන බඩේ ආම ගතිය මග හැරීමට කටයුතු කරයි.එහි පවතින පිත්ත හා වාත සාමක ගුණයත් වේදනා හර ගුණයත් අමු ඉඟුරුද සුදු ලූණු ද එක් වීමෙන් වඩා ප්‍රභාමත් වේ. එම නිසා ඇඟපත වේදනාව පමණක් නොව ලේඩ රෝග වලට මූල හේතුවද ඉවත් කෙරේ. සමස්ත සංයෝගයම පැරසිටමෝල් වලට වඩා ප්‍රබලය. මීඋණ රෝගයට නියම කරන ඩොක්සිසයික්ලීන් නම් බටහිර ඖෂධයට වඩා පරිස්සම් සහගතය. අතුරු ආබාධ වලින් විනිර්මුක්තය. මෙම සංයෝගය ආහාරයක් වශයෙන් ගැනීමට අවශ්‍ය නම් හාතාවාරිය අල ද එක් කර හීනටි හාල් වලින් කැඳ සාදා බීම උතුම්ය.
          කුඹුරේ වැඩ කරන විට යම්කිසි අයුරකින් සෙම් පිත් කෝපවී උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවුවහොත් කුප්පමේනිය කොළ ආඩතෝඩ කොළ ඔළිඳකොළ කුඹුරු දලු සම සමව ගෙන අමු ඉඟුරු හා සුදු ලූණු ද එක් කර කොටා  එයට ඇඹුල් දොඩම්ගෙඩි භාගයක ඉස්මද මුහු කර  කඩ පිම්මේ තම්බා ඉස්ම මිරිකා අඬු කෝප්පයකට පමණ සාදා ගෙන දෙවේලේට පානය කරති. මේ අත් බේතින් සෙම පමණක් නොව වාතයද පිතද සමනය වෙයි. කුඹුරු වැඩ නොමැති කාලයක වුවද මේ ඖෂධය ගැනීම යහපත් වෙයි. එය කුඩා දරුවන් ගේ සෞඛ්‍ය ආරක්ෂා කරන බෙහෙතක් ද බව මා හට කියා ඇත්තේ කරඬුපණ ජීවත්ව සිටි නිශ්ශංක ආරච්චිගේ අප්පුහාමි වෙදමහතාය. මීට වසර විස්සකට පමණ එපිට මේ ඖෂධ වට්ටෝරු මා අත පත් කළ ඔහු බෙහෙත් පමණක් නොව ගොවිතැනේ අපූරු පාඩම්ද මාහට කියා දුන් හැටි මතකයට නැගේ. මේ ලිපිය ඔහුටත් ඔහුගේ පුත් පුංචිබණ්ඩා නිශ්ශංක මහතාටත් ගෞරවයක් වශයෙන් සටහන් කරමි.
                      

Tuesday, January 1, 2013

ලක්දිව නොබෝසත් නොරජ්හුය

                                       

       ලංකාවේ රාජ්‍යත්වයට දිගු ඉතිහාසයක් ඇත. අවසන් රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහයන් එක් දහස් අටසිය පහළොවේ දී අත්අඩංගුවට පත් කොට ගෙන පිටුවල් කිරීමෙන් පසු මෙහි ගොඩ නැගී තිබූ රාජ්‍යත්වය අහෝසි විය. අනතුරුව උඩරට රදළයින් හා ගිවිසුමකට එළඹුණු ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා ලංකාව බ්‍රිතාන්‍ය පාලනයට යටත් කර ගන්නා ලදී. ලංකාවේ රාජ්‍යත්වය අහෝසි වී 2015 වසරට වසර දෙසීයක් ගත වෙයි. 1972 ජන රජ ව්‍යවස්ථාව අනුව ලංකාවේ ජනාධිපති තනතුරක් ඇති කරන ලදී.අනතුරුව 1978 ව්‍යවස්ථාව අනුව එය සංශෝධනය කරමින් විධායක බලැති ජනාධිපතිවරයෙකු ද පත් විය. මේ අර්ථයෙන් ගත් කල්හි ලංකාවේ වර්තමානයේ රාජ්‍ය පාලනයේ ප්‍රධනියා වශයෙන් කටයුතු කරන්නේ රාජ්‍යත්වයට සමාන කම් ඇති තනතුරකින්ද යන්න මතු කළ හැකිය. එයට හේතුව වර්තමානය තුල රටේ බොහෝ තීන්දු තීරණ තනිවම උසුලන්නේ ජනාධිපතිවරයා වීමයි. රටේ ඉඩකඩම් පවා අවශ්‍ය පරිදි අන්සන්තක කරලීමට අවශ්‍ය ගිවිසුම් වලට යන්නේද ජනාධිපතිවරයාය. ගාලු මුව දොර පිටියේ හමුදාව පදිංචි වී සිටි ඉඩමෙන් කොටසක් චීන සමාගමකට බදු දීම උදාහරණයක් ලෙසට ගත හැකිය. මෙය අපට සිහිපත් කරන්නේ කෝට්ටේ යුගයේ දී විදේශිකයින්ට නින්දගම් පවරාදීමයි. 
           ලංකාවේ පැවති රාජ්‍යත්වය පිළිබඳව වැටහීමක් වර්තමාන ජනතාව සතුව නැත. වැඩවසම් යුගයක පැවති නෂ්ඨවූ සාම්ප්‍රදායික පාලන තන්ත්‍රයක් ලෙසට ඇතැම් අය හඳුන්වා දී තිබුණද ලෝකයේ ප්‍රජාත්නත්‍රීය සමාජ අතරින් ප්‍රමුඛ යයි සැලකෙන බ්‍රිතාන්‍යයේ ද වඩා ධනවත් යයි සැලකෙන ජපානයේ ද රටේ ප්‍රධාන පුද්ගලයා ලෙසට සැලකෙන්නේ රජුය. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය හා රාජ්‍යත්වය අතර ගැටුමක් ඇතිකර ගැනීමට ඒ රටවල් උත්සාහ නොගනිති. නේපාලයේ ද රජ්‍යත්වය මෑතක් වන් තුරු පැවතියද ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා එම ක්‍රමය පෙරළා දැමීමට රටෙන්ම පැන නැගුණු බලවේග සමත් විය. කලකට ඉහත සිකීම් රාජ්‍යයේ පැවති රාජාණ්ඩුව ද පෙරළා රට ඉන්දීය ප්‍රාන්තයක් බවට පත් කරලීමට ඉන්දීය රජය කටයුතු කළ ආකාරය ද මෙහිදී සිහිපත් කළයුතු වෙයි.
               රාජාණ්ඩුවක් යනු හිතුවක්කාර අත්තනෝමතික පාලනයක් ලෙසට වර්තමානයේ දී සැලකුවද එය එසේ නොවේ. රාජාණ්ඩු සම්ප්‍රදාය පිළිබඳව දිගු ඉතිහාසයකට හිමිකම් කිව හැකි ශ්‍රි ලංකාවේ ඉන්දියාවේ රාජ්‍ය පාලනයටද වඩා අනන්‍යතාවයක් තිබූ බව ප්‍රකටය. ඊට හේතුව එය සිංහල බෞද්ධ රාජ්‍යයක් වීමයි. මෙයට අභාෂය ඇතිකරගන්නා ලද්දේ අශෝක ධර්ම රාජ්‍ය පාලනයෙන් බව සැබවි. නමුත් ලංකාවේ සම්ප්‍රදාය එයම නොවීය. එයට සාක්ෂි සපයන වැදගත් ම ලේඛනය ප්‍රකාශයට පත්කර තිබෙන්නේ ඕලන්ද ජාතික ආණ්ඩු කාරවරයෙකු වූ විලියම් ෆැල්ක්ය. 1769  වර්ෂයේ දී මල්වතු විහාරයේ සංඝ සභාව වෙත එම ආණ්ඩුකාරවයා  විසින් ඉදිරිපත් කරනු ලැබු ප්‍රශ්ණ මාලාවකට දුන් පිළිතුරු මෙම ලේඛනයට ඇතුලත් වේ. එය ලංකාවේ රජ සිරිත් හා  ලෝකචාරිත්‍ර යනුවෙන් හැඳින්වුණි. එම ලියවිල්ල බ්‍රිතාන්‍ය  පුස්තකාලයේ තිබි වියතුන් ගේ සැලකිල්ලට භාජනය විය. අනතුරුව මහාචාර්ය අභය ආර්යසිංහ මහතා විසින් එය සිංහලට පෙරළා 1985 වසරේ දී මුද්‍රණයෙන් පළ කර තිබේ.
            වර්තමාන රජයත් අගවිනිසුරුවරියත් අතර බරපතළ ගැටුමක් නිර්මාණය ව තිබෙන මේ අවස්ථාවේ මෙම ලියවිල්ලෙහි අන්තර්ගත කරුණු සාකච්ඡා කිරීම වැදගත්යයි සිතමි. එයට හේතුව ජේ.ආර්.ජයවර්ධන රජයේ අගවිනිසුරු වරයාව සිටි නෙවිල් සමරකෝන් මහතා මෙම අගනා ග්‍රන්ථයට වෙසෙසි ප්‍රස්ථාවනාවක් ඉදිරිපත්කර තිබීමයි. එහි මෙසේ සඳහන්ය.
    ‘ ආරෝවන් විසඳීම සඳහා අධිකරණයට සහාය දෙන නීතිවේදියෙකු වශයෙන් ද ගතවූ අවුරුදු නව තිසක් තිස්සේ දිවයින තුල යුක්තිය පසිඳලීමේ කාර්යයන්හි මම නිරත වීමි. අපේ කාර්යයන්හිදී  ශ්‍රී ලංකා වේ චිරාගත නීතියට හසුවන බෙහෝ ආරෝවන් පිලිබඳ විනිශ්චය කටයුතු කළෙමි. එහෙත් එම නීති පද්ධතියේ සමූලාරම්බය වත් එහි වර්ධනයවත් දැක ගැනීමට අප ලැබූ අවස්ථා සුලභ නොවේ. නීති වාර්තාගත පෙර තීරණ විසින් නිරන්තරයෙන් අප මෙහෙයවන නිසාද අපට ඒවා මග පෙන්වන නිසාද එබඳු පර්යේෂණයක් ඉඳුරා අවශ්‍ය නොවීය. එසේ වුවද මහාචාර්ය අබය ආර්යසිංහ ඉදිරිපත් කර ඇති ලංකාවේ රජසිරිත් හා ලෝක චාරිත්‍ර නම් නිබන්ධානුගත පර්යේෂණ කෘතිය මා කිය වූයේ දැඩි ඇල්මකිනි. පැරණි සිංහල රජවරුන් අත්තනෝමතික වූද නීති ඒකාධිකාරය තමන් කෙරෙහි ම පවරා ගත්තාවූද පාලකයින් වශයෙන් හඳුන්වා දෙන ජන විශ්වාශය සාවද්‍ය වූවකි. ඔවුන් මෙහෙයවූ රාජ ධර්ම වශයෙන් නම්කර ඇති ඒ නිත්‍යාංග පමණින් දහයකි. ඇතැම් අවස්ථා වලදී රජතුමා වෙතම අභියාචනා එළඹියේය. සුසංවිධිත සමාජයක් ගොඩනැගීම සඳහා සියුලු අවස්ථා උදාවී තිබුණේය.’
        නෙවිල් සමරකෝන් මහතා මතු කරන වැදගත්ම කාරණය නම් වර්තමාන නීතිය පෙර වාර්තාගත තීන්දු තීරණ මත බලපැවැත්වෙන්නේය යන්නයි. වෙසෙසින්ම 1815 දී බ්‍රිතාන්‍යයන්ට ලංකාව පවරාගත්තාට පසුව ඇති කරන ලද වාර්තානුගත නීති මෙයට අසුවෙයි. එයට පෙර නීති සංග්‍රහ නීතිපොතේ පැවතියද වලංගු කර නොගනී. උඩරට ගිවිසුම එක් උදාහරණයකි. 1 948 න් පසුව වුවද එය එසේම වී ඇත. ඒ අනුව ලංකාවේ ඉඩම් වෙසෙසින්ම සඟසතු ඉඩම් හා බැඳි පැරණි නීති පිළිබඳව සැලකිල්ලක් නොදැක්වෙයි. එහෙත් ඕලන්දයින් විසින් සකස් කරන ලද තේසවලාමේ නීතිය හා ඒ හා සැබැඳිව පසුව ගන්නා ලද තීරණ අධිකරණයේ දි සැලකිල්ට ගෙන ඇත.වර්තමාන නීති  පද්ධතියේ ස්වභාවය එසේ වුවද  ලංකාවේ පැරණි රාජාණ්ඩු සමයේ දී ක්‍රියාත්මක වී ඇත්තේ මීට වඩා යුක්ති ධර්මයට සමීප නීති රිති බව පැහැදිළිය. රජු වුවද වැරැද්දක් කරන්නේ නම් එයට දඬුවමක් හෝ දෝෂාරොපණයක් කිරිමට ඉඩ තිබී ඇත්තේය උදාහරණයක් වශයෙන් ගත් කළ්හි. නරේන්ද්‍රසිංහ රජු එක්තරා බෙරවායෙකු ගේ රාජකාරියකට පැහැදී තම රාජ කංචුකය  සම්මානයක් ලෙසට පළඳවන්ට උත්සාහ ගත්තේය. මෙයින් රජ සිරිත් උල්ලංඝණය වව බව දැනගත් රම්මලක දිශාව එය ඇද දමා භේරිවාදයා දඟගෙයි ලවා රජුටද දොස් පවරා දඩයක්ද නියම කලේය.
      රාජ නීතියෙහි පදනම දශ රාජධර්මයයි.  ලංකාවේ රජ්ජුරුවන් වහන්සේ ගේ තනි කැමැත්තට ඕනෑ වූ දෙයක් කරන්ඩ පුලුවන්ද යන්න ප්‍රශ්ණයක් වශයෙන් ෆැල්ක් ආණ්ඩුකාරවරයා විමසූ කල්හි මල්වතු මහ නා හිමියන්  දුන් පිළිතුර මෙසේය. ‘රජ්ජුරුවන් වහන්සේ ලෝක නීතිය යන පුරාතන පැවති නඩු අනඩු සිරිත් චාරිත්‍ර දැනීමද ධර්ම නීතිය යන ආගම පුරාගම දැනීමද යන මෙසේ  මහත් වූ නුවණ ඇති පණ්ඩිත කෙනෙක් ය. තමන්ගේ කැමැත්තට තීන්දු කරන්ඩ පුලුවන් රාජ්ජේ කාරණාවලුත් ඇත. අමාත්‍ය මණ්ඩලයෙන්ද රට වාසීන්ගෙන්ද හොඳ හැටි විචාරා කරන දේත් බොහෝ දේ ඇත.   මේ රාජ නියමයට පදනම් වී ඇත්තේ දශ රාජ ධර්මයයි. එය එම ලියවිල්ලේ සඳහන් කර ඇත්තේ මෙසේය. දන්දීමය සිල් රැකීමය තෑගි දීමය සෘජු භාවය මැදහත් බවය තපස් ඇති බවය. ක්‍රෝධ නොකිරීමය ක්ෂමා වීමය අවිරුද්ධ බවය. දන්දීම නම් ශ්‍රමණ බ්‍රාහ්මණාදීන්ට යාචකයින්ට බත් පිළි ආදිය දීමය. සිල් රැකීම නම් නොකඩ කොට ආගම දැරීමය. ත්‍යාගි බව නම් කෙත්වත් ආදී උතුම් වස්තු දීමය.සෘජු බව නම් සිත වංක චාටු නැති බවය. මැදහත් බව නම් සියල්ලන්ම එකසැටි බවය. තපස් ඇති බව නම් රූප ශබ්දය ගන්ධය රසය ස්පර්ශය යන මෙකී ඇලුම් පසේ පැවති තෘෂ්ණාව මැඩ පැවැත්වීමය. ක්‍රොධ නොකිරිම නම් නිරපරාධ අයට වද නොයෙදීමය. ක්ෂමා වීම නම් නොවිචාරා වරදට නොකිපීමය. අවිරුද්ධ බව නම් සියලු අය විරුද්ද නැති බවය. ’
                 මෙහිදී පැහැදිලිවන්නේ රටේ නිතිය යුක්ති ධර්මය අනුව තීරණයවී ඇති බවයි. පෙර පූර්වාදර්ශ ද ගණන් ගන්නා නමුත් යුක්ති ධර්මය එහිදී ප්‍රධාන බවන බව පැහැදිලිය. රජු දේවත්වයෙන් සැලකීමද බෝසත් ගුණ යෙන් යුතු වීමද කල යුතු බව සම්ප්‍රදායක් විය. නුවර නාථ දේවාලය ඉදිරියේ පැවති රාජ අබිෂේකයේ දී දශ රාජ ධර්මය රකින්නට දිවුරුම් දීමෙන් ඒ බැව් සනාථ වේ. එසේ නොවුනහොත් තමන්ගේ හිස සත්කඩකට පැලේවා යයි ද රජු කියයි. මේ නිසා ලංකාවේ  රාජ්‍යත්වය වනාහි හිතුවක්කාර පාලනයක සංකේතයක් ලෙසට සැලකීම වැරදිය.
   වර්තමාන නීති සම්ප්‍රදායද  පවත්වාගෙන යන විධායක ජනාධිපතික්‍රමයද එයට වඩ අඩු ලුහුඬුකම් වලින් යුක්තය. අගවිනුසුරුවරිය හැසිරෙන ආකාරයද ජනාධිපතිවරයා හැසිරෙන අකාරය දෙසද වඩා විමර්ශනාත්මක බැලීමෙන් ඒ බැව් පැහැදිලි වේ. ජනාධිපති වරයා රජෙකු විලාසයෙන් පිළිගැනීමට ජනතාව සූදානම් ව ඇතැයි මතයක් මේ වන විට ඇතිවී තිබේ. එයට හේතුව  ජනාධිපතිවරණ දෙකේදීම අති මහත් බහුතරයක චන්ද පදනමක් හිමි වීමයි. මෙම ලැබීමට ප්‍රධාන හේතුව මහ ජනතාව පීඩාවට පත් කළ යුද්ධය ජය ගැනීමට නායකත්වය දීම බව කාගේත් පිළි ගැනීමයි. එහෙත් නායකත්වය විසින් තේරුම් කර ගෙන ඇත්තේ ඕනෑම දෙයක් හිතූමතයේ කිරීමට බලය ලබා දීමක් ලෙසටය. එම පිළිවෙත රජකම ඔලුවෙන් සිටවීමකි. ඔල්මාදය යයි ඇතැම් විට කියන්නේද මෙයටය.යටත් විජිත සමයේ සිටි ගමේ රාළහාමිලාට මෙවැනි ඔල්මාද තිබුණි. මෙහිදී විරුද්ද වාදියාට ක්‍රෝධ කිරීමද නිරපරාද වරදට පටලැවීමද යුක්ති ධර්මයක් ලෙසට කල්පනා කරති. සරත් ෆොන්සේකා මහතාගේ සිද්දියේ දී මේ වග ඉතාමත් පැහැදිලිව පෙන්නුම් කලේය. දැන් අග විනිසුරුවරියගෙන් පළි ගැනීමට සියලු දහන් ගැට යොදයි. මෙය රාජ ධර්මයට පටහැනිය. මේ ක්‍රියාත්මක වන්නේ රාජ ප්‍රතිරූපකයෙකුගේ විලාශයයි. 1815 දී ඉංග්‍රීසින්ගේ අත්අඩංගුවට පත්ව පිටුවහල් කළ රාජසිංහ රජුද අවසාන කාලයේ ක්‍රියා කලේ මෙලෙසය. ඔහු රාජ ධර්මය තුට්ටුවකටවත් මායිම් නොකොට පරණාතල හිමි වැනි භික්ෂූන් වහණ්සේලාද රදළයින්ද සාමානය ජනාතාවද ඝාතනය කරන්නට අණ දුන්නේ පළි ගැනීමේ චේතනාවෙනි. එයින් රටට අත් වූ ප්‍රතිඵලය නම් ස්වාධිනත්වය නැතිවීමයි.
        වර්තමානයේදී ද ජනාධිපතිවරයා එක් පැත්තකට වී තමන්ගේ පිරිස සමග අගවිනුසුරුවරිය ඉවත්කරගන්නට සටනකට අවතීර්ණ වී සිටින අතර ශිරානි බණ්ඩාරනායක මහත්මියද තවත් පසෙකට වී එයට විරුද්ධව පළිහ අතට ගෙන තිබේ. මේ ප්‍රශ්ණයට වෙන කවදාටවත් වඩා විදේශීය මැදිහත් වීම ඇති වියහැකිය. එය රටේ ස්වාධීනත්වයට හානි කරය. පෙර රජ වරුන් නම් මහනායක හිමිවරුන් ගේ බසට කන්දුන්හ. නමුත් අද එසේ නොවේ.  ලක්දිව නොබෝසත්හු නොරජ්හු විය යුතු යයි  අනුරාධපුරයේ ගලේ කොටවා තබා ඇත්තේ බෝසත් ගුණ ඇති දශ රාජ ධර්මයට හිස නමන මහා විහාරයේ අනුශාසනා පිළිගන්නා පුද්ගලයින් රජ විය යුතු නිසාය. ඒ පිබඳව වර්තමානයේද අවධානය යොමු විය යුතුය.