පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Wednesday, December 18, 2019

විග්නේශ්වරන් ගේ ප්‍රකාශය ජාතික ආරක්ෂාවට තර්ජනයක්ද


                                
                ලංකාව බෞද්ධ රටක් නෙවන බවත් උතුර සහ නැගෙනහිර  පෙදෙස් හි සිංහලයන් වාසය නොකළ බවත් දෙමළ බෞද්ධයන් විසින් උතුරේ සිද්ධස්ථාන නිර්මාණය කළ බවත් පැහැදිලි වන ලෙස ප්‍රකාශක් කරමින් විග්නේශවරන් නම් දේශපාලනික දෙමලා යළි කළඑලි බැස තිබේ.2009 වසරේ දී නන්දිකඩාල් කලපුවේ දී ප්‍රභාකරන් නම් ත්‍රස්තයා පරලොව යැවූ පසු දෙමළ ඊළාම් සටන අවසන් වුවද දෙමළ ජාතිවාදය ඇවිලවූ ජත්‍යන්තර ත්‍රස්තවාදය අවසන් නොවීය. එය ප්‍රාණවත්ව තිබෙන්නේ ඇමරිකන් ඩොලර් වලිනි. ජිනීවා නඩගමට අවශ්‍ය කළමනා සැපයූ මේ නොපෙනෙන ත්‍රස්වාදය  හිස ඔසවන ලද්දේ එම මතවාදය යළි නොනැගිටින්නට අවශ්‍ය කටයුතු ලක් රජයෙන් ඉටු නොවුණු හෙයිනි. ඒ වෙනුවට මේ අදිසි විදෙස් කොටි හුරතල් බලමින් වසර හතරහමාරක් තිස්සේ රනිල් වික්‍රමසිංහ කළ රංගනය සජිත් ප්‍රේමදාස ගේ විකට භූමිකාවෙන් අවසන් විය.එහෙත් යටකී ජගත් ත්‍රස්තවාදය ගිනි අඟුරු පල්ලේ උණුසුම් වෙමින් ඇත. ස්විස් තානාපති බලපෑමෙන් පසක් වන්නේ මේ ගිනි අඟුරු අවුලවන්නට ලිපට පිඹිය හැක්තෙක් අවශ්‍ය බවයි. විග්නේෂ්වරන් ගේ අවදීවීම තුළින් අප දකින්නේ ශාස්ත්‍රීය පහරදීමක තත්ත්වය නොවේ. එයට එහා ගිය කෝලාහලයකට මුල පිරීමකි.
         විග්නේශ්වරන් ගේ ප්‍රකාශයන්ට පදනම් වූ ව්‍යාජ ඉතිහාස කෘති රාශියක් යාපනයේ පළ වී තිබේ.ඒවා අතර ශ්‍රීමත් විනාසිතම්බි විසින් ලියන ලද maniampathiar santhathimural a Genelogy of the residents of Manipay and related inhabitancies –( ISBN 955-95185-2-6 ) ග්‍රන්ථය ප්‍රධාන වෙයි.මෙම ග්‍රන්ථය ක්‍රි.. 1901 අච්චුවේලියේදී මුද්‍රණය කර,ඇති අතර   ක්‍රි.. 1992 දක්වා නැවත නැවතත් මුද්‍රණය කර තිබේ. ආචාර්ය කේ. කුණරාසා විසින් රචිත  The Jaffna Dynasty –( ISBN 955-8455-00-8) අනෙක් කෘතිය වෙයි. මෙම කෘති පදනම් කරගෙන ලක්දිව උතුරේ ඊලාම් රාජ්‍යයේ පදනම තහවුරු කිරීමට පසුගිය දේශපාලන කාලය තුළ  දී විශ්‍රාමලත් ආදායම් පාලකවරුන් (DRO) එකතු වී ව්‍යාජ ඉතිහාසයක් ද රජයේ කෘතියකට ඇතුලත කර ඇත.  ක්‍රි.ව. 2013 වසරේ මැයි මස ප්‍රසිද්ධ කළ (Man for all seasons  1939 - 1963) නම් එම කෘතිය රදනා කරන ලද්දේ  K.L. Logiswarna, K. Thayaparan  නම් ඊළාම් බොරු ඉතිහාසඥයන් ගේ අඩි පාරේ යමිනි. එය පෝෂණය කිරීමට සිංහල කතෘවරුන් වශයෙන්  එල්.එම්. සමරසිංහ, ධම්මික අමරසිංහ, ජයතිස්ස බණ්ඩාරගොඩ යන සම්පාදකවරුන් සම්බන්ධ වී තිබේ. එයට අමතරව පසුගිය අවස්ථා කීපයකදී  පත් කළ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය යටතේ පළ කළ ග්‍රන්ථයන්ද මේ ව්‍යාජ ඊළාම් මතවාදයට උඩ ගෙඩි දී තිබේ.
      රජයේ නිළධාරීන් දෙමළ හෝ ඉංග්‍රීසි හෝ වෙනත් විදේශීය භාෂාවක් ඉගෙන ගත යුතු වීම සුදුසු කමක් වුවද පරණවිතාන වැනි විද්වතුන් පවා බැහැර කළ මතයක් වන දෙමළ බ්‍රාහ්මී මිත්‍යාව වැපිරීමට අවශ්‍ය ග්‍රන්ථයන් සම්පාදනය කිරීමට මෙම ආයතන උත්සුක වූහ. එය පිටිපස විශාල කුමන්ත්‍රණයක් තිබෙන බව පෙනී ගොස් ඇත. දකුණු ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ යේ බට්ටිප්‍රෝලු වල ස්ථූපයක් 1870 දී පමණ  කැණීම් කළ අවස්ථාවේදී  ධාතු මංජුසාවක් හමු විය. එහි ලියා තිබූ බ්‍රාහ්මී ලිපිය තුළ වෙනස් අකුරු කීපයක් වූයෙන් ඒවා දෙමළ බ්‍රාහ්මී ලෙසට හඳුන්වන්නට ඇතැම් පුරාවිද්‍යාඥයන් උත්සාහ කළහ නමුත් බියුලර් පරණවිතාන වැන්නන් මෙන්ම නාරායන් රාඕ වැනි දකුණු ඉන්දීය ඉතිහාසඥයන්ද මේ මතය ප්‍රතික්ෂේප කොට තිබේ. මෙයට හේතුව දෙමළ බස කිසිසේත්ම ආර්ය බසක් නොවන නිසාවෙනි. ග්‍රීක වෙළෙඳුන් විසින් ඉන්දියාවට ගෙනා අප්‍රිකානු වහලුන් ගෙන් පැවතෙන දෙමළ ජනවර්ගයන් සිය මවු ශබ්ද උච්චාරණයට බසක් තනා ගත්තේ ඔවුන් දෙශපාලනිකව ශක්තිමත්වූ වකවානුවලදීය. නමුත් බට්ටිප්‍රෝලු මතු කිරීම් වලට දින දී තිබෙන්නේ ක්‍රි.පූ. දෙසීයේ සීමාව තුළයි. මේ යුගයේ ඔවුන්ගේ නැගී සිටීමක් කිසිසේත්ම සිදුව නොමැත. ජනාධිපති කාර්ය සාධක බලකායේ මෙහෙයවීමෙන් සකස් කළ දෙමළ අකුරු පොතේ ළ යන්නට දී තිබෙන අක්ෂරය ගැන සැලකුවහොත් එය මැනවින් තේරුම් ගතහැකිය. එය ළු යන්න මිසක් ළ යන්න නොවේ.  ලක්දිවෙහි සෙල් ලිපි වල වෙළුසුමන කියන තැනදීද පරුමකළු කියන තැනදීද මේ ළු යන්න යෙදේ.මේ පොතේ තවත්තැනක දෙමළ බ්‍රාහ්මී ලේඛනයක් යයි දක්වන රූපයක් ඇත.හි මූලාශ්‍රය පවා දමන්නට සම්පාදක මණ්ඩලයට අමතක වී තිබේ.කෙසේ වෙතත් එයද බ්‍රාහ්මී ලේඛනයක් මිසක දෙමළ ලේඛනයක් ලෙසට විග්‍රහ කළ නොහැකිය.
     ඊළාම් මතවාදය නිර්මාණය කරලීමට කැස කවන බොහෝ උගතුන් ගේ යටගියාව වසර දෙසීයක් ඉක්මවා ගොස් නැත. ඔවුන් ගේ මුල් පරම්පරාවන් මලබාරයේ සිට ලංකාවට ගෙන්වන ලද්දේ ලන්දේසීන් සහ ඉංග්‍රීසීන් විසිනි. පරංගි ලන්දේසි යුද්ධ වලදී දකුණු ඉන්දියාවේ ජීවත් වූ විවිධ කුල වල ජනතාව අසරණ භාවයට පත් වී අනාථ වූ පසු ඔවුන් වහලුන් ලෙස ලංකාවට ගෙනා ආ සැටි ආචාර්ය අරසරත්නම් ගේ ලංකාවේ ලන්දේසි බලය නම් කෘතියෙහි දැක්වෙයි. එසේම විසිවන සියවසේ මුල් භාගයේ ලංකා දේශපාලනයෙහි දෙමළ පාර්ශවය නියෝජනය කළ ප්‍රභූවරුන් ගේ පැටිකිරියද  ඉහත් සඳහන් කෘති වලින් හෙළි වෙයි.ඉහත මනිපායි කෘතියේ එන පරිදි වෙල්ලාහල කුලයේ උලගනාදර් මාතර් ගේ පුත් වූ උලගනාගර්මාතර් කතිරගාම කනනකර් (උපත 1765 ) තම මලබාර් ඥාතීන් සමග ක්‍රි.ව. 1780 දී  කම්කරු වහල් පරම්පරාවක්  ලෙසට කෙරළයෙන් මනිපායි වලට පැමිණ පදිංචි වී ඇත. ඔහුගේ පුත් (උපත 1790 ) තිල්ලෙයි අම්බලම් අරුනාචලම් විය. ඔහුගේ පුත් (උපත 1814 ) අරුණාචලම් පොන්නම්බලම් කතෝලික අධ්‍යාපනය ලබා ගේට් මුඩ්ලියර් තනතුර ලබා ගන්නා ලදී.මෙවකට ඇමරිකානු මිෂනාරීන් ක්‍රි.ව. 1818 දී ලංකාවේ හොඳම ඉංග්‍රීසී අධ්‍යාපන තත්වය යාපනයේ පිහිටවීය.1849 දී වෙල්ලාහල කුල අර්මුග නාවලර් කතෝලික ඉංග්‍රීසී භාෂාව ඉවත් කර හින්දු ආගමික ද්‍රවිඩ භාෂාවෙන් අධ්‍යාපනයක් ආරම්භ කිරීමට සමත් විය. ව්‍යාජ ඊළාම් කෘති දෙමළ බසින් සහ ඉංග්‍රීසි බසින් එළි දැක්වෙන්නට වූයේ මේ පසුබිම සකස් වීමෙන් අනතුරුවයි.පොන්නම්බලම් අරුනාචලම් ගේ පුතුන් වූ පොන්නම්බලම් රාමනාදන් (උපත 1851) සර් පොන්නම්බලම් අරුනාචලම් ද පොන්ම්බලම් පද්මනාදන්ද විය. මේ අයගේ මස්සිනා වූ වූයේ ඉංග්‍රීසි භාෂාවඋගත් සෙල්ලප්පා සභාපති මුදලියාර් විය. පුලෝලිවලට වහල් කම්කරුවකු ලෙසට මලබාර් රටින් පැමිණි නල්ලන් ගේ දියණියක් වූ තයිවානා පිල්ලායි සෙල්ලප්පා සින්නතංගච්චි හා විවාහ වූ සෙල්ලප්පා  සභාපති ගේ පුත් වූයේ සෙල්ලප්පා කනක සභාපති ය.( උපත 1880 ) ඔහු කනගම සෙල්ලප්පා දියණිය සමග විවාහ වී ලැබූ පුතුන් අතර උතුරු පළාතේ මහ ඇමතිවරයා වූ කනක සභාපති විශ්වලිංගම් විග්නේෂ්වර (උපත 1939) ලෙස දැක්විය හැකිය. මොවුන් ගේ පෙළපත් 1911 න් පසුව ලංකා දෙමළ ලෙස වර්ගගීකරණය කරන ලද්දේ විය.( ටික්කම මහින්ද කුමාර ගේ ශාස්ත්‍රීය කෘතිය )
       වසර දෙසීයක් වත් නැති මේ පෙළපත් වල ඉතිහාස කතාව එලෙස වන අතර ඔවුන් මේ රටේ පාරම්පරික උරුමකරුවන් වන සිංහලයන් ගේ ආගන්තුක සත්කාර නිසා මේ රටේ පුරවැසියන් බවට අද පත් වී තිබේ. පාරම්පරික භූමිපුත්‍ර යෙකු වූ වත්මන් ජනාධිපති ගෝඨභය රාජපක්ෂ ගේ පුරවැසි කම ගැන අභියෝග කරන ලද්දේ සුමන්තිරන් විගනේෂ්වරන් ගේ මග ගත් සිංහල ද්‍රොහීන්ය. අද නැවතත් විග්නෙශ්වරන් සිය හඬ අවදි කරමින් සිංහලයා කුපිත කිරීමට ප්‍රකාශ නිකුත් කරමින් සිටී. ස්විස් තානාපතිවරයා ගේ අනුදැනුම සහිතව ලංකා රාජ්‍යයත් ජනාධිපතිවරයාත් අපහසුතාවයට පත් කරලීමට කුමන්ත්‍රණ රංගනය හෙළි වූ අතර දැන් විග්නේශවරන් ලවා ප්‍රකාශ කරවන්නට තැත් කිරීම පිටිපස තවත් රංගනයක් පවතී. එනම් 2020 ජිනීවා වලදී ඊනියා දෙමළ ජනයාට නොසලකා ඇතිය යන්නට බරක් තබන්නටයි. ද්‍රවිඩ නිජබිම ආක්‍රමණය කළ සිංහල හමුදාව වහා උතුරෙන් පිටවිට යුතු බවට තහවුරුවක් කරන්නටය. මේ රංගනය සැබවින්ම ජාතික ආරකෂාවට බලවත් තර්ජනයක්ය. විග්නේශවරන් ගේ ප්‍රකාශය හුදෙක් ශාස්ත්‍රීය පහර දීමට එහා ගිය දේශපාලනික කුමන්ත්‍රණයක් බව අප දක්වන්නේ එහෙයිනි.එම නිසා මේ රටේ බුද්ධි අංශ විසින්මේ තත්වය  අවබෝධ කොට ගෙන පරීක්ෂණ ආරම්භ කළ යුතුය.එසේ නැතහොත් දිගින් දිගටම නව රජයට සිදුවන්නේ තම රටේ ප්‍රශ්ණ අමතක කර ජාත්‍යන්තරයට මුහුණ දෙන පිලිවෙල ගැන කල්පනාවට වැටෙන්නටයි.






Tuesday, November 5, 2019

දඹුලු විහාරයේ ඉඩම් ඇමරිකාවට තෙවනි මුඩුබිම් පනත සූදානම්


                       

          විසිවෙනි සහශ්‍රය තුළ  තමන්ට අවශ්‍ය ආකාරයට ලෝකය හසුරුවීම ඇමරිකාවට ප්‍රශ්ණයකි.චීනයේ නැගී සිටීම. නව මුහුදු ගමන් විවෘත වීම.වෙළෙඳ පළ තරඟය ආදී කරුණු මත චීනයෙන් එන බලපෑම දේශපාලනික වශයෙන් තුලනය කිරීමට ආසියාවේ බල කේන්ද්‍රස්ථායක් ඔවුනට අවශ්‍ය වේ. ඒ සඳහා සුදුසුම තැන ලංකාවයි. මෙතෙක් කාලයක් තිස්සේ විවිධ උපක්‍රම යොදමින් ඔවුහු ලංකාව පාලනය කරගත්හ.ඇමරිකන් ආධාර තිරිඟු පිටි ආදිය සැපයීමෙන් නොනැවතී උතුරේ වෙනම පාලනයක් සඳහා සටන් වැදි ප්‍රභාකරන් ඇතුළු කොටි ත්‍රස්තයන්ට අවි ආයුධ සැපයීම දක්වා මේ උපක්‍රම තීව්‍ර වීය. ප්‍රභාකරන් අනේපේකෂිත ආකාරයට පරාජයට පත් වන අවස්ථාවේ දී ඇමරිකන් නැවක් එවා ඔහු බේරා ගන්නට තරම් කරුණාවක්ද ඔවුන්ට පහළ විය. නමුත් රට තුළ යුද්ධ වාතාවරණය පහවී සාමය උදා වූ කල්හි යුධ අපරාධ චෝදනාවක් එල්ල කොට වෙනත් ආකාරයකින් ලංකාව පාලනය කර ගැනීමට උත්සාහ දැරීම නිසා අද ලක් රජයට මේ බූවල්ලා ගෙන් ගැලවීම විශාල අභීයෝගයක් බවට පත්ව තිබේ.
        ජනපතිවරණයක් අස්සේ මිලේනියම් චැලේන්ජ් වැඩ සටහනට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි කර දීමට රනිල් වික්‍රමසිංහ පාලනය උත්සාහ දරා තිබේ. 2015  වසරේ මහින්ද රජපක්ෂ රජය පරාජය කලීමට ගත් උදව් නිසා වූ පොරොන්දු සමුච්චයෙන් තදබලම පොරොන්දුවට මෙලෙස අනුමැතිය දීම ඇමරිකාවේ ජයග්‍රහණයකි. ඔවුහු එහි සිට ප්‍රීතිය පළ කලේ එහෙයිනි.පාස්කු ප්‍රහාරය පිටිපස ඇමරිකාව සිටි ආකාරය ගැන තොරතුරු තහවුරු වෙමින් තිබෙන අතර එම ප්‍රහාරයෙන් පසු ඇතිවන ඝට්ටනයන් තුළ මෙම ගිවිසුම සහ සෝෆා ගිවිසුම් අත්සන් කර ගැනීමට සැලසුම් කර තිබූ බවද හෙළි වෙයි. නැගෙනහිර පළාතේ සිට බස්නාහිර පළාතට යා වෙන ප්‍රධන මාර්ග නවීකරණය කොළඹ නගරයේ  වාහන තදබදය විසදීම ආදී කරුණු සදහා ඩොලර් මිලියන 350 ක් ද ඉඩම් රෙජිස්ටර් කිරීම රජයේ හා පුද්ගලික ඉඩම් ප්‍රතිව්‍යුහගත කිරීම සහ ඉඩම් ප්‍රතිපත්ති සංශෝධනයට මිලියන 130 ක් වශයෙන් ඇමරිකාවෙන් ලබා දෙන මුදල් ප්‍රදානයන් ලබා ගැනීමට  මෙලෙස අනුමැතිය ලබාදෙන අතර එම ගිවිසුමට අනුව සැකසූ  ලංකාවේ භෞතික සැලසුම් ලියවිල්ල ආර්ථික සභාව මගින් අනුමැති කර ගැනීම සිදුව තිබේ..මෙම ලියවිල්ල සම්පාදනයට මැදිහත් වන්නේ රජයේ ආයතනයක් වන භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවයි.ඔවුන් විසින් 2017 වසරේ නිකුත් තරන ලද මේ නව සැලසුම සහමුලින්ම මිලෙනියම් චැලෙන්ජ් සැලසුමට සමපාත වන්නේ කෙලෙසකදැයි කල්පනා කොට බැලිය යුතුය.
            විසිවන සියවස ආරම්භය සහ එහි ආර්ථික අභියෝග ජය ගැනීම ඇමරිකාවට ප්‍රශ්ණයක් වන්නේ ඔවුන් ගේ අධි පරිභෝජන වාදි ආකල්පයන් නිසාය.මේ අවශ්‍යතවයන් ඉටු කර ගැනීමට නම් ලෝකයේ බොහෝ රටවල් සතු සම්පත් වල සාරය මුදල් කොට ලබා ගැනීම අනිවාර්ය වේ. දහනව වන සියවසේ දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වාදීන් ක්‍රියාකල ආකාරයට යටත් විජිත ඇති කර ගැනීම එක් පියවරකි. එහෙත් එදා මෙන් අද එලෙස රටවල් යටත් කර ගැනීමට යම් යම් බාධා පවතී. එසේනම් ඊළඟ පියවර වන්නේ නොයෙකුත් රටවල පාලකයන් තමන් ගේ සේවකයන් බවට පත් කර ගෙන ඇමරිකන් සැලසුම් ඔවුන් ලවා කර ගැනීමයි. ඒ සඳහා හොඳම පාලකයා තේරීම සඳහා මුදල් පොම්ප කිරීම සිදු වේ.ලංකාවට නිදහස ලබා දීමෙන් පසු පැවැත් වූ මැතිවරණ සියල්ලේදීම මෙලෙස විදේශ මැදිහත් වීම් රාශියක් සිදු බව වාර්තා ඇත.2015 දී සිදූ වූයේ 2002 වසරේ දී අතර මත නැවතුණු ඇමරිකන් ව්‍යාපෘති ආරම්භ කරලීමට රනිල් වික්‍රමසිංහ මහතාට බලයක් ලබා දීමයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වූ විගස බහුතර බලයක් නොමැති එක්සත්ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහට අගමැතිකම ලැබෙන්නේ මේ සැලසුමේ ප්‍රධාන නියමුවා ඔහු බැවිනි.එදා 2002 වසරේ දී රීගේනින් ශ්‍රී ලංකා නමින් සකස් කළ ගිවිසුම අනුව මේ රටේ භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින්  සකස් කරන ලද ලියවිල්ලේ  මහ නගර රාශියක් ගැන දක්වා තිබිණ. එසේම ඒවා යා වෙන අධිවේග මාර්ග ගුවන් තොටුපළවල් ආදිය මත මේ රටේ ඉඩම් ප්‍රතිපත්තීන් වෙනස් කිරීම ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීම් ආදිය සිදු විය යුතු ආකාරය දක්වා තිබිණ. දැන් එහි දෙවනි අදියර වශයෙන් ඉදිරියට පැමිණ තිබෙන මිලේනියම් චැලෙන්ජ් ආයතනයේ ප්‍රධාන කාර්යාලය අරලිය ගහ මන්දිරයේ තබා ගනිමින් එහි නිළධාරීන්ට සහ එම නිළධාරීන් දේශපාලනඥයන් වෙනුවෙන් සේවය කරන කල්හි ඔවුන්ට පඩි නඩි ගෙවීමද සිදු කර ඇත.එවැනි තත්ත්වයක් යටතේ විද්වතුන් 2000 ක් යොදවා ගෙන 2017 භෞතික සැලසුම සකස් කරන ලද්දේ යැයි චම්පික රණවක අමාත්‍යවරාය විසින කරන ලද ප්‍රකාශය කිසිසේතම් පිළිගත නොහැකිය.
     මේ රටේ ඉහළ නිළධාරි පන්තිය සවකීය ආත්ම ලාභය සඳහා ඕනෑම පාවා දීමක් කළ හැකි පිරිසක් ලෙසට සැලකිය හැකිය. ශිෂ්‍යත්ව පිටරට සවාරි සහ සිය දූ දරුවන් ගේ ඉගෙනීම සඳහා දක්වන සහයෝගිත්වය ආදිය හේතු කොට ගෙන විදේශිකයන්ට අවශ්‍ය සැලසුම් මෙහි සකස් කර දීමට ඔවුහු දායකත්වය සපයති . මෙරට අධ්‍යාපනය වෙනස් කර ඇමරිකාවට අවශ්‍ය ශිෂ්‍යයන් බිහි කරලීමට  දැන් වර්ෂ ගණනාවක සිට මේ නිළධාරීන් දරන වෙහෙස අපමණය.කෙසේ වෙතත් වෙමවැනි තත්වයක් යටතේ වුවත් මේ සැලසුම් වල අවිද්‍යාත්මක පැතිකඩ පෙනවා දෙමින් රට වෙනුවෙන් අදහස් පළ කරන විද්වතුන්ද නැත්තේ නොවේ. නමුත් එම විද්වතුන් ගේ විරෝධයන් නොතකා හැරීමට මේ දේශපාලඥයන් පෙළඹී සිටිති. හොඳම උදාහරණය මෙම භෞතික සැලසුමයි. භොතික සැලසුම සකස්කිරීමෙන් පසු විවිධ දෙපාර්තමේන්තු සභාගි වන තාක්ෂණික අගැයීම කමිටුවකට ඉදිරිපත් කරවීම ආනිවාර්ය වෙයි. එහෙත් මෙම සැලසුම සමාලෝචනය කරලීමට එම කමිටුව රැස්වී නොමැත. එසේම සැලසුමේ අවසන් අදියරේදී ජනාධිපතිවරාය ගේ මූලිකත්වයෙන් රැස්වෙන භෞතික සැලසුම් උපදේශක සභාවට එය ඉදිරිපත් කළ යුතුය. වර්තමාන භෞතික සැලසුම්  අධ්‍යක්ෂ ජනරාල් වරයා හෝ  අමතාත්‍ය චම්පික රණවක එම පියවර ගෙන නොමැත. ඒ වෙනුවට රනිල් වික්‍රමසිංහ මූලිකත්වය ගන්නා ආර්ථික උපදේශක සභාවට එය ඉදිරිපත් කර අනුමැතිය ලබා ගෙන තිබෙන්නේ අදාල මුදල් ප්‍රදානය ලබා ගැනීමට බව පැහැදිලි වෙයි. එසේම මේ වන තුරුම මේ සැලසුම් සහ ගිවිසුම් පිළිබඳ විස්තර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති අතර භෞතික සැලසුම පමණක් ගැසට් කිරීමට පියවර ගෙන ඇත.
      වර්ෂ 1840 දී ඉංග්‍රීසීන් විසින් ගෙනා අනවසර ඉඩම් ආඥාව මගින් මේ රටේ ඉඩම් ලක්ෂ ගණනාවක් කොල්ල කන ලදී. එසේම 1897 දී ගෙනා මුඩුබිම් පණත මගින් විහාරගම් දේවාලගම් සතුව තිබූ ඉඩ කඩම් ද රාශියක් කොල්ල කෑමට පසුබිම සකස් කරන ලදී.1931 සිට ඉඩම් නිරවුල් කිරීමට යැයි දක්වමින් ගෙනා අණ පනත් මගින්  ජනයාගේ සහ විහාරස්ථාන වල ඉඩම් කොල්ල කෑම මේ වන තෙක් නවත්වා නැත. එවැනි සංකීර්ණ ඉඩම් ප්‍රතිපත්තියක් රට තුළ පවතින අවස්ථාවක මෙම මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම යටතේ රටේ සංවේදී හදබිම් රාශියක ඉඩම් ගැන තනි තීරණ ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයට ඇති අයිතිය කුමක් දැයි ජනතාව විසින් ප්‍රශ්ණ කළ යුතුය.මෙම ගිවිසුමෙන් යෝජිත ඉඩම් ප්‍රතිසංසකරණය යටතේ ඉඩමක අයිතිය වෙනුවෙන් දෙදෙනෙකුට එකවර අයිතිය පැවරීමට යෝජනා කෙරේ.ඒ තුළින් ඉඩම් භුක්තිය තුළ විශාල ආරවුලක් නිර්මාණය කරලීම අරමුණයි. එම නිසා මෙම ගිවිසුම ලංකාවේ ස්වාධිපත්‍ය නැති කිරීමට ගෙනා බරපතලම යෝජනාවක් ලෙසට සැලකිය හැකිය.විශේෂයෙන්ම මහා විහාරය ප්‍රමුඛ මහා සංඝ රත්නය විසින් මෙම ගිවිසුම ප්‍රශ්ණ කරමින් විරෝධය පළ කළ යුත්තේ එයින් සංඝයා බුද්ධා දී ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කළ ඉඩම් රාශියක් අර්බුදයට ලක්වන බැවිනි.  බලයේ රැඳී සිටීම වෙනුවෙන් ඕනෑම පාවා දීමක් කිරීමට සැරසෙන මොවුන් ජනපාතිවරණයෙන් නැවත බලයට පත්වුවහොත් මෙරට ඇමරිකන් කොළණියක් වීම වළක්වනු බැරි වන අතර සිංහල ජාතියේ මෙන්ම සම්බුද්ධ ශාසනයේ ඉරණමද ඉන් තීරණය වෙන බව පැහැදිලිය.

        

Friday, November 1, 2019

අංගම් ඉළන්ගම් සටන් සම්ප්‍රදාය සහ වත්මන් උපයෝගීතාවය




හැඳින්වීම -

       පරම්පරාගතව පැවත එන රහස් සටන් ක්‍රමයක් වන අංගම්පොර සටන් කලාව වසර 5000ක් පමණ ඉහත  රාවන යුගයේ සිට පැවතෙන්නක් ලෙසට හඳුනාගෙන ඇත. දුටුගැමුණු රජ සමයේ සිට විදේශීය පාලන සමය දක්වා පැවති යුධ ජයග්‍රහණ උදෙසා අංගම්පොර සටන් ක්‍රමය භාවිතයට ගෙන ඇත. 1450 දී යාපනය ආර්ය චක්‍රවර්තී පාලනයට විරුද්ධව සටන් කල සපුමල් කුමරුගේ  හමුදාව විදේශිය සේනා පරදවන ලද්දේ ද මෙම සටන් ක්‍රමය ආශ්‍රයෙන් බව පැවසේ.
       15 වන සියවසට අයත් ‘‘ මඟුල් සළකුණ නැමති කාව්‍යයේ සෙංකඩගල නුවර  ‍‘ ඇඟේ මැඩිල්ල නම් ආයතනයක සටන් පුරුදු වු මිනිසුන් දැකිය හැකි බව සඳහන් වේ.   17 වන සියවසේ රාජාවලියේ දැක්වෙන පරිදි රාජකීය සිරිතක් වු ඇ‍‍ඟේ පොර සංදර්ශනයක් කැරළිකාර නායකයෙක් වු ඝෝජණ සිටුවරයා විසින් පැවැත්වූ බව සදහන් වේ. මෙම අංගම්පොරය පුරාතන ලංකාවේ පංච කලංග ලෙස හදුන්වන ලද ‘‘ හේවා කම, අංගම් හරඹ, දූ කෙළිය, අංගම් කෙළිය,  යුධ හරඹ      ආදියෙන් එකකි. ඇ‍‍‍‍‍‍ඟේ යනු ශරීරයයි.  පොර යනු සටනයි. මේ අනුව ඇ‍‍ඟේ පොර,අංගන් පොර, අංගම්පොර වී ඇති අයුරු පැහැදිලිය.    මෙම සටන් කලාව පුහුණු කරන ලදදේ රාජසේවය සදහා තෝරාගත් උසස් කුලිකයන් හටය.  නමුත් පසුව රාජ්‍ය සේවයේ යෙදී සිටි රණවිරුවන්ට මෙය පුහුණු කරනු ලැබිණ.  ආගමට දහමට මුල්තැනක් ලබාදෙමින් විනය නීති මාලාවක් තුළ හික්මීම, නිර්භීතකම මඟින් මෙම සටන් පුහුණුව ලබාදුන් අතර,  ප්‍රධාන වශයෙන් පරම්පරාගතව ගොඩනැගුන මෙම සටන් කලාව උඩරටින් සුදලිය පරම්පරාව සහ මරුවල්ලිය පරම්පරාවටද පහත රටින් සියනෑ කෝරළේ පළිහක්කාර සහ හේවාංග කෝරළේ  වේලක්කාර යන පරම්පරා මතින් ව්‍යාප්ත වී ඇත. එසේම ඔවුන් සටන් කලාව පුරුදු පුහුණු කරන ලද ස්ථානය ‘‘ ඉලංගම් මඩුව       ලෙස හඳුන්වයි.
     ශ්‍රී දන්ත ධාතුන්වහන්සේ කෝටටෙන් සපරගමුවට වඩම්මවූ පසු දළදා පෙරහැර පැවැත්වීමටත් එහි ආරක්ෂාවටත් අංගම් ශිල්පීන් යොදවන ලදී. ඔවුහු අංගම් මිශ්‍ර සටන් සම්ප්‍රදායයක් බිහි කළහ.බටුගෙදර අංගම් සටන් සම්ප්‍රදාය පැවතෙන්නේ මෙවැනි උසස් කුලීන සටන් කරුවන්ගෙන්ය.
        මෙම සටන් ශිල්පයට අදාලව ප්‍රධානම ලිඛිත සාධක වන්නේ පුස්කොළ පොත්ය.  ඒ අතර ප්‍රධාන ග්‍රන්ථ 2 වනුයේ ලෙව්කේ දිසාවේ ගේ මරුනිල ශාස්ත්‍රය හා මීගස්තැන්න දිසාවේගේ මරුනිල ශාස්ත්‍රයයි. එමෙන්ම වෙනත් ග්‍රන්ථ අතර රිබෙයිරෝගේ වාර්තා, රොබට් නොක්ස්ගේ වාර්තා, ජෝන් ඩොයිලිගේ සටහන, ප්ලිනිගේ වාර්තා හා එච්. සී. පී. බෙල්ගේ කෑගලු වාර්තාව ද වැදගත් වේ. 1815 ගිවිසුමෙන් ලක්දිව ඉංග්‍රීසීන්ට අයිතිවුවත් 1818 උඩරට මහ කැරැල්ලේදී සිංහලයන් ඉතා අපූරුවට සටන් කිරීම හේතුවෙන් 1821 ඉංග්‍රීසීන් විසින් අංගම් සටන් ශිල්පය තහනම් කරනු ලැබු අතර, ඒ ශිල්පය ප්‍රගුණ කරවූවන්ට දණ හිසෙන් පහළට වෙඩි තැබීමට අණලබා දී ඇත.     
    ජොන් ඩේව් මහතාගේ, ‘‘ලංකාවේ අභ්‍යන්තර පෙදෙස් පිළිබඳ විස්තරයක් නම් ග්‍රන්ථයට අනුව මිනිසුන් අතර වෛරය හා කලහය පැතිරීමට එය හේතු බැවින් පසුකාලයේ ලේ වැගිරෙන අවි ගැටුමක් වූ මෙම සටන් අතහැර දැමූ බව සඳහන් වේ.  එසේම මෙය තහනම් කිරීම නිසා පැරණි මුතුන් මිත්තන් මෙය වනවැදී නැටුම් ශාස්ත්‍රය හා මුසුකොට සටන් කලාව ආරක්ෂා කරගැනීම සඳහා ක්‍රියාකර ඇත. වීරපුරන්අප්පු ගොන්ගාලේගොඩ බණ්ඩා වැනි රණශූරයන් ඉංග්‍රීසින් විසින් අත්අඩංගුවට ගැනීමත් සමඟ රට තුළ වු අංගම් මඩු ගිනිතබා විනාශ කරදැමීම මඟින් මෙහි අභාවයට පත් කරවනු ලැබීය.

අංගම් සටන් ප්‍රධාන කොටස් පහකට වෙන් කළ හැකිය -
01. අංගම් ( නිරායුධව )              - ගැට, පැනුම්, පිණුම් ක්‍රම, පා පහර, අත්පහර, යොදාගනී.
02 .ඉළන්ගම් (ආයුධ අතැතිව ) -කඩු සරඹ පිණුම්
03.ගුස්ති -අත් සෙල්ලම් පාසෙල්ලම්
04. මායා අංගම් -  වෙදකම සහ මන්ත්‍ර ශාස්ත්‍ර භාවිතා කරනු ලබයි.
05 . ජ්‍යෙතිෂය - මරු නිල ශාස්ත්‍රය හා නැකැත්
අංගම් පහර -
n  දිග් ගුටිය - උරේ සිට අත දිගහැර ගසන පහර.
n  හරස් ගුටිය - ප්‍රතිවාදියා පහර දෙද්දී ඔහුගේ අත වටා කතිර කොකු බැඳුමක් ඇති කරවන පහර.
n  ඉස්ගුටිය - පන්දුව වීසි කරන්නාක් මෙන් ප්‍රහාරකයාගේ හිසට උඩින් අත වේගයෙන් පද්දවා විරුද්ධවාදියාගේ හකු පිට කන් ඇටය හෝ බෙල්ල පිට ගැසීම.
n  කැපුම - මෙලවූ මිටෙහි සුලැඟිලි  අග හෝ මිට මුල යොදා මුහුණ කන් ඇටය කුලල් ඇටය හෝ නාභි මණ්ඩලය මත වැදෙන සේ  යටි අතට ගසන පහර.
n   චොල්ලේ හෙවත් චොක්කේ - පහර දෙන අත ඇති පැත්තේම ගණහිස අවුළුවා ප්‍රතිවාදියාගේ දණ හිස පසුපසින් ගෙන පිටිපසට පයින් ගසන ගමන්ම අනිකාගේ නාභි මණ්ඩලයට වැලමිටින් ගසමින් ඔහු පසුපසට ඇද වැටීමට සැලැස්වීම.
n  ඉලංගම් (ආයුධ සහිතව)    -
n   කඩුව, හෙල්ල, මුගුර, රාගබෝලය, කෙටේරිය, තෝමරය, සුරුට්ටුවාල, අංකිරිඤ්ඤය, බස්තම ඇතුළු ආයුධ 21ක් යොදාගනී.
n  සටන් පුහුණු කරනු ලබන ස්ථානය ‘‘ ඉලංගම්මඩුව ලෙස හඳුන්වයි. මුගුරු හරඹ, ළිං මල්ලව පොර, ගුස්ති ශිල්ප, දුනු ශිල්ප, මිනිස් හා සත්ව පොර ද මෙහිදී පුහුණු කරනු ලබයි.  කඩු ශිල්ප පුහුණුවේදී ඇත් දළින් කරන ලද බොරුකඩු යොදා ගනිමින් ‘‘ පහළට කැපීම - ඔම්මත්තය ලෙසත්, ඉහළට කැපීම - උම්මත්තය ලෙසත්,  ඇනීම - වෙම්මත්තය ලෙසත් මෙම ත්‍රිවිධාකාර පහරදීමම ‘‘ විම්මත්තයලෙසත් හැඳින්වේ. කඩුව දුන්න මුගුර සිරිය හා හෙල්ල වැදගත් අායුධ පස් වර්ගයයි. ආයුධ තව දෙතිස් වර්ගයක් ඇතැයිද දක්වා ඇත.ආයුධයක උපරිම දිග සරියනකට වැඩි නොවිය යුතුය. ඉතා අඩු දිග සාඟුලකක් විය යුතුය.
n  සිංහල ඉළන්ගම් කරුවන් කඩුවේ නව කොටස දැන සිටියහ. (1) ගෙඩිය (2) මිට හෙවත් සිංහ මූණු මිට (3) අත්වැස්ම හෙවත් අත්හැඩේ (4) වරිසාක්කුව හෙවත් ශැරපේනදියා මුහුණ (5) අල්ලුව (6) කඩුපත හෙවත් ඉස (7) පීලිත(8) අග්ගිස්ස (9) තුඩ
n  ප්‍රතිමල්ලවයාගේ දකුණු පය සිය වම් පයෙන් අවුළුවාගත් මල්ලවයා තම දකුණු පසට ඔහු ඇදීමෙන් සමබර නසා බිම ඇද හෙලීමට තැත් කිරීම.මෙය පොරගැට හා ගැට පොර යනුවෙන් හැඳින්වෙයි.
n  එසේම තම තමන් දෙකකුල් අතර රුවාගෙන එකිනෙකාගේ හිස් මඩින මල්ල පොර ක්‍රමයක්ද වේ.
n  එසේම කාලකිරිඤ්ඤයකින් ඉලයට ඇනීමද සටන් ක්‍රමයකි.
n  මුගුර - උත්තම මුගුර දිගින් දොළොස් වියත් තුනුඟුලකි. ඹධ්‍යම මුගුර පළමුවැන්නට  වියතක් කෙටිය. අධම මුගුර පළමුවැන්නේ දිගින් තුන් කාලකි.
n  මෙම සටන් ක්‍රමය මගින් සිදුවන ආබාධ සුවකිරීමට( ඇනුම් කෙටුම් වෙදකම ), ගැටලිහා දැමීමට, ඕනෑම පහරක් වලක්වා ගැනීමට, ඕනෑම ආයුධයකින් බේරීමට, නිල 107න් මරු නිල 9 හැරුණු විට ඕනෑම නිලයක් යලි යථාතත්වයට ගැනීමේ හැකියාව දක්වනු ලැබෙන ලොව එකම සටන් ක්‍රමය මෙයයි. අංගම් සටනේදී නිල ශාස්ත්‍රය හෙවත් මරණයට පත්වන ස්ථාන වලට පහරදීමේ ක්‍රම ඇත.

ජ්‍යෙතිෂය හා නැකැත් -
   මරු නිල හඳුනා ගැනීම නැකැත්  ක්‍රම උගෙනීම.මගින් ප්‍රතිවාදියාගේ බලය බිඳිය යුතු ස්ථාන හඳුනා ගනී.එකවර මරණයට පත් කිරීම අවශ්‍ය නම් දින කීපයකින් මරණයට පත් කිරීමට සැලැස්වීම ආදිය හදාරනු ලබන්නේ ගුරු ආශ්‍ර යෙන් පමණකි. වෙසෙසින් සත් පුරුෂයකුට පමණක් මෙම ශාස්ත්‍රය දීම සිරිතකි.
ආයුධ ගණ වශයෙන් ගැනීම - දේව ගණ රාක්ෂ ගණ සහ මනුෂ්‍ය ගණ යන මේ එක් ගණයට අයත් මිනිසුන් ජයග්‍රහණය සඳහා භාවිත කළ යුත්තේ සමාන ගණ සහිත ආයුධයි.දේව ගණ ආයුධයන්ගෙන් ජය ලැබේ.රාක්ෂස ගණ ආයුධ විශිෂ්ටය. මනුස්ස ගණ ආයුධයන්ගෙකන් ජය නියත ලෙස ලැබේ. ආයුධයක් එහි ගණය අනුව රියන් වියත් හෝ අඟල් වලට බෙදා මේ ගණන නවයෙන් බෙදූ විට ඉතිරිවන ශේෂයට යෝනි ඵලය යයි කියනු ලැබේ.
විමර්ශණය -
     ලොව අනෙකුත් සටන් ම්ප්‍රදායයන් ගැන සලකා බලන කල්හි දේශීය අංගම් සටන් කලාව ට වෙසෙසි ප්‍රාගුණ්‍යක් හිමි බව පැවසිය යුතුය.වූෂූ කරාතේ චීන අඩි වැනි පෙරදිග සටන් ශිල්ප මෙන්ම ඉන්දියාවේ කලරි වැනි සටන් ක්‍රම වලින් මෙය වෙනස් වන්නේ ඇඟේ සටන් ක්‍රමයක් ලෙසට දක්නට ඇති බැවිනි. සෑම පහරකටම සම්පූර්ණ අත සහ උරහිස්ස ඉදිරියට පැමිණෙයි.නමුත් පහර වදින්නේ උරහිසෙන් විය හැකිය.එසේම නොසිතූ මෙහොතක විහිදා ගත් අත කන් අඩිය හරහා බෙල්ලට එල්ල විය හැකිය. අනෙකුත් පෙරදිග සටන් සම්ප්‍රදායයන් තුළ නොතිබෙන ප්‍රහාර මෙන්ම මායා අංගම් නිසා දේශීය සටන් ශිල්පියා ලෙහෙසියන් පැරදිවිය නොහැකි රණ ශූරයෙකු ලෙසට සලකා තිබේ.
 එළාර දුටු ගැමුණු යුද්ධයේදී බඹර හා දෙබර රෑන් ප්‍රතිවාදීන්ට එරෙහිව යොදා ගැනීම සිදුව තිබේ.එම මායා අංගම් පුරුදු පුහුණු කරනු ලබන්නේ කුණ්ඩලීනී යෝග ආදී ධ්‍යාන වැඩවීමෙනි.එසේම අංගම් ශිල්පීන් ගේ මියගිය මුතුන් මිත්තන් ගේ සහය ගැනීමද මේ මායා අංගම් ශාස්ත්‍ර යේ සිරිතකි.
දේශීය දැනුමක් ලෙසට අංගම් -
       මෙම සටන් සම්ප්‍රදාය තුළ පවතින උපක්‍රම සහ ගුප්ත විධික්‍රම වෙනත් සටන් කලාවන්හි දක්නට නොමැතිය.දැනට රත්නපුර බටුගෙදර අංගම් ශිල්පය රිටිගල අංගම් ශිල්පය කොරතොට අංගම් ශිල්පය සහ බෝපාගොඩ අංගම් ශිල්පය යනුවෙන් පරම්පරා කීපයක් දක්නට හැකිය.නමුත් මින් බහුතරයක සටන් කරුවන් තුළ මෑත කාලීන කරාතේ වූෂූ කුන්ෆූ වැනි සටන් ක්‍රම මිශ්‍රව පවතින බව හැඟේ.නමුත් පෙර සඳහන් කළ පරිදි ඔවුන්ගේ ප්‍රාගුණ්‍ය තුළ සිය මුතුන් මිත්තන් ගේ දැනුම නැවත ආරෝපණය කර ගැනීමට බාධාවක් නොමැත. කෙසේ වුවද අත් සෙල්ලම් පා සෙල්ලම් වැනි හුරු පුරුදු කම් මූලික කර ගත් අයෝමය පුද්ගලයෙකු සමාජයට එහිදී නායකත්වය දෙන බව පෙනේ. මෙම පෞරුෂය පරිපූර්ණ මිනිසෙකු ගේ ස්වරූපයයි. නිවුණු දැමුණු සටන් කරුවකු ඒ මගින් බිහි කරනු ලබයි.අංගම් හා ඉළන්ගම් සටන් සම්ප්‍රදාය තුළ තිබෙන විවිධ මාන ක්‍රමයන් තුළද විද්‍යාත්මක දර්ශනයක් ගැබ්ව පවතින බව පෙන්වා දිය හැකිය.
අංගම් පොර සහ වත්මන් උපයෝගීතාවය -
        අංගම් සහ ඉළංගම් බ්‍රිතාන්‍ය රජයෙන් තහනම් කළ පසුව ඒම සටන් පැවතියේ රහසිගත පාරම්පරික ක්‍රමයක් වශයෙනි. ඉළන්ගම් සටන් ක්‍රමයෙන් භාවිතයෙන් ඉවත් විය. දහඅට වන සියවසේ මුල් භාගයේදී මිෂනාරීන් විසින් වාර්තා කරන ලද්දේ පන්සල් ආශ්‍ර යෙන් මෙවැනි සරඹ මධ්‍යස්ථාන 2500 කට වඩා තිබූ බවයි. මෙයින් අදහස් වන්නේ කුඩා දරුවන් ගේ පෞරුෂය වර්ධනය කිරීමට මෙයින් ලබා දුන් පිටිවහලයි. වෙසෙසින්ම අත් සෙල්ලම් සහා පාසෙල්ලම් වලින් හැඩ ගැසුණු පිරිමි පක්ෂය ට ඕනෑම බර වැඩක නිරත විය හැකි පෞරුෂයක් හිමි විය.පොල් ගෙඩියක් අතින් මිරිකා වතුර ගැනීම මෙයට උදාහරණ ලෙසට දැක්විය හැකිය.මෙම කරුණු සැලකිල්ලට ගෙන වත්මන් උපයෝගීතාවය සඳහා මෙලෙස නිර්දේශ කීපයක් ඉදිරපත් කරමි.
1-අංගම් පොර පිළිබඳ දැනුම සරඹ ක්‍රීඩාවක් ලෙසින් සංවර්ධනය කිරීම.
2- ඉළන්ගම් සටන් ක්‍රමයේ පිණුම් සහ පැනුම්  පුහුණු කිරීම තරඟ ඉසවු වලට යොදා ගත හැකිය.සටන් කලාවක් ලෙසටද එය දියුණු කළ හැකිය.
3 -අංගම් පොර ශිල්පයට අයත් වෙදකම සුවිශේෂය . එයට අදාල දැනුමේ බොහෝ කොටසක් භාවිතයෙන් ඉවත්ව තිබේ. දැනට බෝපාගොඩ හා බටුගෙදර පරම්පරා සතුව මෙම දැනුම සංගෘහිතව ඇත.
4 -මරු නිල ශාස්ත්‍රය පිළිබඳ දැනුම ගුරු ඇසුරෙන් පුරුදු පුහුණු කිරීමෙන් නොයෙකුත් ලෙඩ රෝග සමනයට එය යොදා ගත හැකිය. සමාජ ප්‍රගමනය එහි පරමාර්ථයයි.
5 - අංගම් පොර සටන් සම්ප්‍රදාය ආරක්ෂා කරලීමට මෙම පාරම්පරික ශිල්පීන් විෂයෙහි ප්‍රජා ප්‍රඥප්තියක් ගොඩ නැන්විය හැකිය. එවිට බ්‍රිතාන්‍ය රජය සමයේ සිට පැවති තහනම් නීති ඉවත් කර ගත හැකිවා මෙන්ම වර්තමානයට ගැලපෙන පරිදි උසස් නීතිමය වටිනාකමක් ලබා දිය හැකිය..

Saturday, September 28, 2019

මුලතිවු කොටි උසාවියේ විධානය නොතැකූ ඥානසාර හිමිගේ විධායකය


                    
            වසර දහයක පමණ කාලයක් මුලතිවු ඓතිහාසික ගුරුකන්ද විහාරයේ විහාරාධිකාරිව වැඩ සිටි කොළඹ මේධාලංකාරකිත්ති හිමියන් කෙටි කලක් ගිලන්ව සිට අපවත් වූ අතර  සමස්ත සිංහල බෞද්ධ හදවත් බලවත් කම්පනයකට පත් කිරීමට මෙම සිදුවීම හේතු විය.  උතුරේ ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන රැක ගනිමින් සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරලීමට අවංකව කැප වුණු  මේධාලංකාරහිමි වැනි එඩිතර හිමි නමකගේ නික්මයෑම වෙන කවරදාටවත් වඩා ඉදිරියේදී දැනෙනු නිසැකය. උන් වහන්සේ ගේ නිසල දේහය  පසුගිය ඉරිදා දිනයේ මුලතිවු විහාරභූමියේ ම වූ වැව අසලදී අදානය කරනු ලැබිණ. මෙ අදාහන පූජෝත්සවය තහනම් කොට උතුරේ සිංහල බෞද්ධ අයිතියට කණේ පහරක් ගසන්නට බලා සිටි දෙමළ ජාතික සංන්ධානය ඇතුලු දෙමළ ජාති වාදීන් සැබවින්ම මේ අදාහනය සිදු වූ ගුරකන්දේදීම තවත් වරක් පරාජයට පත් විය.
       මුලතිවු උසාවිය කොටි උසාවියක් බව මෙයට පෙරත් අවස්ථා ගණනාවකදීම සනාථ කර තිබුණී.එදා ප්‍රභාකරන් පාලන සමයේ දී ඇටවූ කොටි උසාවි වලින් තීන්දු තීරණ ගනු ලැබූවේ.යම් ලෙසටද වර්තමානයේ මුලතිවූ උසාවියෙන්ද නැගෙන්නේ කොටි හඬයි. මේ කොටි අණට කඩේ යන පොලිසියක්ද මුලතිවූ ප්‍ර දේශයේ පිහිටා තිබීම කෙතරම් සංවේග ජනකද. මෙරට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රැකීමට බැඳි සිටින ශ්‍රීලංකා පොලිසිය එහි නවවන වගන්තිය ප්‍රගුණ කර නැති බව පෙනේ.ඔවුහු දෙමළ ජාතිවාදීන් ගේ ඉල්ලීමට ගුරුකන්ද දායක සභාවට එරෙහිව උසාවියට පැමිණිලි කරති.කොටි උසාවිය ඇන්නෑවේ කියමින් දෙමළ ජාතික සන්ධානයේ ජාති වාදී නඩයට සාපේක්ෂකව නඩු තීන්දු නිකුත් කරති.
       දළදා වහන්සේ මුල්වරට වැඩම කලා යැයි ජන ප්‍රවාදගත නයාරු ලංකාතොට අසල ගුරුකන්ද රජමහ විහාරයට  ටී.එන්.. දේශපාලන අංශයෙන් බලහත්කාරකම් සිදු වූයේ අද ඊයේ නොවේ.. ගුරුකන්ද රජ මහ විහාරයේ වර්තමාන විහාරාධිපති කොළඹ මේධාලංකාර හිමියන් ගේ මූලිකත්වයෙන් එහි බුදු පිළිම වහන්සේ නමක් ප්‍රතිෂ්ඨාපනය වන අවස්ථාවේ දීද එය සිදු විය..පසුගිය දුරුතු මස තෛයිපොංගල් දිනයේ දී පන්සලට කඩා වැදුණු හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී රවිහරන් ඇතුළු සියයක පමණ කණ්ඩායමක් ස්වාමීන් වහන්සේට සහ එහි දායකයන්ට බැණ තර්ජනය කරමින් බලහත්කාරයෙන් පන්සල් භූමිය තුළ මඩුවක් අටවා පොංගල් කිරිබත් උයා පන්සල් භූමියේ කෝවිලකට අත්තිවාරම් දමන්නට උත්සාහ දැරූ අකාරය කාහටත් මතක ඇතිවාට නිසැකය.මෙම සිද්දියෙන් පසු එතැනට කඩා වැදුණු ටී.එන්.. සංවිධානයේ මන්ත්‍රීවරු කීප දෙනෙක්ද ආලම්පීල් කෝකිලායි පල්ලි වල පූජකයන්ද චාල්ස් නම් පූජකයාද එක්ව පන්සලට තිබෙන අයිතිය ගැන මේධාලංකාර හිමියන් ගෙන විමසා සිටි අවස්ථාවේ දී උන්වහන්සේ එයට නීර්භීතව පිළිතුරු දුන්හ.මෙවැනි  අභීත හිමිනමක් ගේ අදාහන පූජෝත්සවය පැවැත් වීමට නායකත්වය ගත යුතුව තිබුණේ රජයයි. බුද්ධශාසන ඇමතිවරයා හෝ ජනාධිපතිවරයා මේ සම්බන්ධව කිසිම ක්‍රියාමර්ගයක් ගත් බව දැන ගන්නට නැත.සංස්කෘතික ඇමතිවරයාට වගේ වගක් නැත. එසේම මෙරට බුද්ධශාසනය වෙනුවෙන් වැඩ සිටින මහානායක ස්වාමීන් වහන්සේලාද මේ අදාහනය කළ යුතු නිවරදි ආකාරය පිළිබඳ රජයට උපදෙස් දුන්නේ නැත අඩු ගණනනේ උන්වහන්සේ  ඇතුලත් නිකායට අයත් නායක ස්වාමීන් වහන්සේ පවා මුණිවත රැක තිබෙන අතර වාරයේ  පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇතුලු මහා සංඝ රත්නය ගුරකන්දට වැඩම කිරීම මහත් ශක්තියක් වූ බව කාහටත් පැහැදිලිය.
         මුලතිවු උසාවිය තීන්දුව ප්‍රකාශයට පත් කරන්ට පෙර මේධාලංකාර හිමියන් ගේ චිතකයට ගිනි දැල්වින. ගුරුකන්ද විහාරයට අසල වැව් තීරයට සමීපව ඉතා කඩිනමින් චිතකය සකස් වූ අතර දෙමළ ජාතික සංන්ධානයේ විරෝධය නොතකමින් අදාහනය සිදු විය. මෙම ස්ථානයේ පැරණි පිල්ලෙයාර් කොවිලක් තිබී නොමැති බවට ඕනා තරම් සාක්ෂි ඇත. මෙයට පෙර මෙම භූමිය හමුදා කඳවුරකි. එහි තිබූ අනුරාධපුර යුගයට අයත් ස්ථූපයන් රතු පැහැති ගඩොල් බෝධිසත්ව ප්‍රතිමා වලින් අපට කියා පාන්නේ මෙම ස්ථානය තෙතරම් පැරණි බෞද්ධ සිද්ධස්ථානයක්ද යන්නයි. මෙම සිද්ධථානය වසර දෙදහසකට වඩා පැරණි බෞද්ධ ආරාම සංකීර්ණයක් යැයි වර්තමාන පුරාවිද්‍යා අධයක්ෂ ජනරාල් වරයා මුලතිවු උසාවියට පැමිණ සාක්ෂි දෙමින් සැළ කර සිටියහ. එහෙත් එතුමා විශාල වැරැද්දක් කර තිබුණි. ඔහු දුන් සාක්ෂිය උසාවියට ලිඛිතව ඉදිරිපත් නොකිරීම එම වැරැද්දයි. මේ නිසා මුලිතිවු මහේස්ත්‍රාත්වරයා ඊනියා පිල්ලෙයාර් කොවිලේ පාලක මණ්ඩලයටද මෙම ස්ථානයේ වැඩ කටයුතු කර ගැනීමට අවසරදෙමින් තීන්දුවක් දුන් අතර දැන් එම තීන්දුවට විරුද්ධව මහාධිකරණයෙය් නඩුවක් ගොනු කර තිබේ.
         මේ සියල්ල සිදු වන්නේ දහනම වන ව්‍යවස්ථාව මගින් ජනපතිවරයාගේ බලතල අඩු කොට අගමැති විසින් ඒවා පැහැර ගත් කාලවකවානුවකදීය. එදා 1948 නිදහස ලැබුණු අවස්ථාවේ දීද එංගලන්ත රැජිනට වග කියන අගමැතිවරයෙකු බිහිවිය. ඔහු සොල්බරි ව්‍යස්ථාවේ 29 වන වගනිතිය ප්‍රකාරව සියලුම ආගම් වලට එක සමාන ලෙසට සැලකිය යුතු විය.එම තත්තවය තුළ මේ රටේ සියලුම අගමැතිවරුන්ට සිදු වූයේ බුද්ධශාසනයට කෙණෙහිලිකම් කිරීමටයි.1972 ව්‍යවස්ථාවෙන් මෙරට ජනාධිපති ධූරයක් බිහි වීමත් පසුව 1978 දී විධායක ජනාධිපති ධුරයක් බිහිවීමත් නිසා.අගමැතිට  ඉහළින් සිටින ජාතික නායකයෙකු බිහි විය. එහෙත් එම ව්‍යවස්ථාවේ ද ජනාධිපති බලතල අතර බුද්ධශාසනයට අවශ්‍ය සේවය ඉටු කරලීම දක්වා නොමැතිය . වර්තමාන දහනව වන සංශෝධනය අනුව නම් ජනපතිවරයාගේ කාර්ය භෘරය වී තිබෙන්නේ ජාතික ආරක්ෂාවත් සංහිඳියාව ඇති කිරීමත්ය. ඒ අනුව ඔහු සර්ව ආගමික සංහිඳියා කාරයෙකු වී ඇත. සිංහල බෞදධයන්ට නිහඬව නිවටව සිටින්නට අණ දී දෙමළ ජාතිවාදීන්ට මුස්ලිම් අන්තවාදීනට රිසිසේ නටන්ට ඉඩ සලසා ඇත්තේ එහෙයිනි.කොළම සිටින විග්නේශ්වරන් ගුරුකන්දට පැමිණ උතුරේ පන්සල් වලට විරුද්ධව පෙළපාලි යන්නේ එහෙයිනි. ඒ අතර මොවුන් විධායකය අහෝසි කොට සියලු බලතලයන් අගමැතිවරයාට ලැබෙන පරිදි විසිවන සංශෝධනයක් ගෙන එන්නට වලිකෑම පසුගියදා දැක ගන්ට හැකි විය. ජනපතිවරණයක් කටේ තියා ගෙන එය ඉදිරිපත් කරන ලද්දේ අගමැතිවරයා විසිනි.මේ නිර්ලජ්ජිත ක්‍රියාවලිය තුළින් පසක් වන්නේ සිංහල බෞදධයාට තිබෙන අවසාන අයිතියත් නැති කිරීමට අවශ්‍ය ව්‍යවස්ථා මරඋගුල් අටවන්නට මොවුන් සූදනම් බවයි.මේ සඳහා සජිත් ප්‍රේමදාස ද එකඟ කර ගැනීම ඔවුන් ගේ අවසාන තුරුම්පුවයි.
        විධායකය යනු මේ රටේ සාම්ප්‍රදායානුකූලව තිබූ රාජ්‍ය නායකත්වයයි.රාජකීය තනතුරයි. එය අද ප්‍රජාතන්ත්‍රීයව සකස් ව තිබුණද රටේ වාසානාවට එම තනතුර යොදාගන්නා ආකාරය ඉතිහාසය විසින් පැහැදිලිව සාක්ෂි සහතිකව උගන්වා තිබේ. මහා විජයබාහු මෙන්ම මහා පරාක්‍රමබාහුද සයවන පරාක්‍රමබාහුද එම ආදර්ශය අපට පෙන්වා දී තිබේ.ලංකාවේ ස්වාධීනත්වයට එරෙහිව යම් අවස්ථාවක ප්‍රශ්ණයක් පැණ නැගුණද එයට නිර්භයව මුහුණ දුන්නේ ජාතික නායකත්වයයි. රජුට අවශ්‍ය ශක්තිය දීමට එදා මහාවිහාරය කටයුතු කළ ආකාරය වර්තමාන හා විහාරයට අමතක වී ගොසින්ය. මල්වතු විහාරයේ මහා නායක හිමියන් එදා ලන්දේසි යුගයේ දී ෆැල්ක් ආණ්ඩුකාරයාට  පවසන දේ මීට සාක්ෂි වෙයි. එම සාක්ෂිය මහාචාර්ය අභය ආරියසිංහ මහතා සංස්කරණය කළ ලංකාවේ රජසිරිත් සහ ලෝක චාරිත්‍ර නම් ග්‍රන්ථයට ඇතුලත් කර තිබේ.කෙසේ වෙතත් විධායකය අහෝසි කොට අගමැතිවරයෙකුට රට පැවරීම යලි රට ආපස්සට දැමීමකි.  ජනතා විමුක්ති පෙරමුණත් මෙරට බත් බැලයන් වූ එන්.ජී.ඕ. නඩයත් ලංකාව අස්ථාවර කරලන්ට ගෙන ආ මේ මත වාදය තවත් වරක් ඥානසාර හිමියන් විසින් අවලංගු කර තිබෙන ආකාරය අපට ගුරු කන්දෙන් දැක ගත හැකිය. නායකත්වයක් දක්වමින් ප්‍රශ්ණයකට නිවැරදිව මුහුණ දෙන තැන විධායකය පවතින බව මෙම සිද්දියෙන් අප තේරුම් ගත යුතුය.


Saturday, September 7, 2019

ගෝඨාබය ගේ පුරවැසි කම නැති වුණ හැටි ගෝඨාබය දන්නවාද


                      
     වත්මන් ව්‍යවස්ථාවේ හැටියට මන්ත්‍රීධූරයක් දරන තැනැත්තෙකු තමන්ගේ රටේ පමණක් පුරවැසියෙකු විය යුතුය.ගීතා කුමාරසිංහ මහත්මියට සිය ධූරය අහිමි වූයේ මේ ව්‍යවස්ථාපිත තත්ත්වය නිසාවෙනි.දැන් ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ඇමරිකන් පුරවැසි භාවය ගැන බොහෝ දෙන ප්‍රශ්ණ කරමින් සිටී.ඔහු එය ඉවත් කරගත් බව දන්වා සිටියද සමාජ මාධ්‍ය ජාලා තුළ සාකච්ඡා වන්නේ වෙනත් කරුණකි.
        පුරවැසියා (Citizen) යන්න කතාබහ වන්නේ පුරාණ ග්‍රීක පෞර රාජ්‍යය තුළයි. ඔවුන්ගේ දේශපාලන මණ්ඩලය තුළ සිටින්නන් ග්‍රීක පුරවැසියන් ලෙසට හැඳින්වූහ.එය දේශපාලන පීළිබඳ බෞතීස්ම නැන්වීමක් බඳු විය. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයන් සංවර්ධනය වීමේ දී මෙම පුරවැසි අයිතිය පිළීබඳ සකච්ඡෘ වෙමින් තහවුරු වූ ආකාරය අපට ඉතිහාසයෙන් උගත හැකිය.ලංකාවේ දී පුරවැසි භාවය පීළිබඳ පළමුවරට නීතිමය ලෙසට කතා බහ වන්නේ 1948 වර්ෂයේ දීය. 1815 වසරේ  බ්‍රිතාන්‍ය අධිරාජයාට ලංකාව ගිවිසුමකින් භාරදුන් පසුව එංගලන්ත කීරීටයට යටත් පාලනයක් මෙහි විය. ඒ නිසා ලංකාව තුළ වාසය කරන සියලු දෙන එංගලන්ත කොළණීයකට අයත් පුරවැසියන් බවට පත් විය. නමුත් 1948 දී අපට  දේශපාලන නිදහස ප්‍රදානය කරන කල්හි මෙරට වාසය කරන සියලුම ජන කොටස් වල අයිතිය සුරැකීමට යම් නීතිමය ලියවිල්ලක් අවශ්‍ය විය. එම නිසා 1948 අංක 18 දරන පුරවැසි පනතකින් එය නීතිගත කරන ලදී. මෙම පනතේ පැහැදිලිව සඳහන් කරන කල එක කාරණයක් වෙයි.පියා සීයා හෝ මුත්තා පරම්පරාගතව ලංකාවේ ජීවත්ව සිටීයේ නම් ඔහුට පාරම්පරික පුරවැසි බව හිමිවන බවයි. යම් අයෙකු ගේ පියා හෝ සීයා පමණක් මේ රට පදිංචි කරුවන් ලෙසට සිටි අවස්ථාවකදී ඔහුට ලියාපදිංචි පුරවැසි භාවය හිමිකර දීමටද මෙම පනතින් විධි විධාන සැලැස්වීය. මේ අනුව මෙතනදී සිදු වූයේ 1815 න් පසු ලංකාවේ පදිංචි කරන ලද දෙමළ සහ මුස්ලිම් ජන කොටස් වලටද ලංකාවේ නව රජයේ පුරවැසි කම ලියාපදිංචියෙන් හිමි වීමයි.ඒ  අනුව ඉන්දියාවේ සිට පැමිණී අරුණාචලම් පවුල විග්නේශ්වරන් පවුල පසුව ගල් ඔය සංවර්ධන මණ්ඩලයේ ගබඩා පාලක වශයෙන් පැමිණී රාජවරෝදියන්ට ඔහු ගේ පුතණුවන් වන ආර්.සම්බන්ධන්ට මෙන්ම සුමන්තිරන් ගේ පරම්පරාවටත් ලියාපදිංචි පුරවැසි කම හිමි වීමයි. තොන්ඩමාන් මහතාට පුරවැසි කම් ලබා දුන්නේ සිරිමා රජයයි.මෙම පනතේ  ලංකාවේ පාරම්පරිකව ජීවත්ව සිටි ජනතාව ගැන සඳහනක් තිබුණද එම පුරවැසි පනතේ කිසිම තැනක ඔවුන්ගේ අයිතීන් උරුමයන් ගැන සාකච්ඡා කර නැත. එම පනත ගෙන ආයේ බ්‍රිතාන්‍යයන් නොවේ. නිදහස ලබාගෙන ආණ්ඩු බලය හිමිකරගත් මෙරට පාලකයන්ය.
             1950 1955 වර්ෂ වලදී මෙම පනත නැවත සංශෝධනයට බඳුන් විය.ඉන්දු පකිස්ථාන් පුරවැසියන් පිළීබඳ නීති රීති එහි අඩංගු වී තිබුණි. ලංකාවට ගෙන ආ ඉන්දියානු වතු කම්කරුවන් පුරවැසි බව ගැන යලිත් 1962 වර්ෂයේ දී සාකච්චා වූ අතර 1978 දී ඇති කළ ව්‍යවස්ථාවේ  පස්වන පරිඡේදය තුළ පුරවැසි භාවය පිළිබඳ වැදගත් කරුණු රැසක් අඩංගු කිරීමට කටයුතු කර ඇත. ඒ ව්‍යවස්ථාව අනුව 1948 අංක 18 ප්‍රතිපාදනය වෙනස් කර එහි 26(2) වගන්තිය යටතේ සියලුම පුරවැසියන් මෙසේ එක සමාන කර ඇත.එනම් පුරවැසි තත්ත්වය අත්පත් කරගනු ලැබූ ආකාරය එනම් පරම්පරාවෙන්ද නැතහොත් ලියාපදිංචියෙන්ද යනු සලකා කවර වූ හෝ කාර්යයක් සඳහා ශ්‍රි ලංකාවේ පුරවැසියන් වෙසෙසා නොදැක්විය යුතුය යන්න සඳහන් කර තිබේ..ඉන් පසු උඩරට වතු වල පදිංචි දහස් ගණනක දෙමළ කම්කරුවන්ට  දිවුරුම් පෙත්සමක් මගින් ලියාපදිංචිය මගින් පුරවැසි බව හිමි කර ගැනීමේ අවස්ථාව හිමි විය.1978 ව්‍යවස්ථාවේ කළ අනෙක් ප්‍රතිපාදනය නම් එහි 91 වගන්තිය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීමට සුදුසුකම් දැරීම සඳහා වන නියමයට ලංකාවේ පුරවැසි කම් අනිවාර්යය කිරීමයි.
      මේ අනුව 1948 සිට වසර හතළික් දක්වා කාලය තුළ ලංකාවේ ජීවත්වන ඓතිහාසික පුද්ගලයන් වන සිංහලයන් ගේ භූමිපුත්‍රය අයිතිය පුරවැසි කමෙන් වසා දැමීමේ ඛේදවාචකය පීළිබඳ යම් චිත්‍රයක් මවා ගත හැකි වෙයි.දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ චන්ද කුට්ටියට ඇතැම් විට කප්පමට වහල් වී සිංහල දේශපාලඥයන් කළ කුපාඩිකම් මෙලෙස හෙළිදරව් කළ හැකිය. අද වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ දිවිත්ව පුරවැසිභාවය ගැන බොහෝ දෙනෙකු කතා කරති. එය මහා වැරැද්දක් ලෙසට ඉස්මතු කොට ඔහුට කිසිසේත්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි බවට තර්ක ඉදිරිපත් කරති.නමුත් 1948 අංක 18 දරන පනතේ පැහැදිලිව යම් කිසිවෙකු ගේ පුරවැසි කම අහෝසි වන ආකාරය දක්වා තිබේ. එනම් රාජ්‍යයට ද්‍රෝහී වීම රජයට එරෙහිව කුමන්ත්‍රණය කිරීම ආදී කරුණු ප්‍රමුඛ වෙයි. නමුත් ස්ව කැමැත්තෙන් පුද්ගලයෙකුට තමන්ගේ පුරවැසි කම අහක් කොට ගෙන යෑමටද එහි ඉඩ ප්‍රස්ථා ලබා දී තිබේ.. මෙම ප්‍රතිපාදන දෙක ඇරුණු කොට දිවිත්ව පුරවැසි බව ලබන තැනැත්තෙකුට මේ රටේ අයිතිවාසිකම් අහුරන වගන්තියක් එහි නොවේ.මෙය වූයේ කෙලෙසකද
       2015 වසරේ යහපාලන ආණ්ඩුව පත් වීමෙන් පසු දිග හැරෙන විදේශ න්‍යාය පත්‍රය යටතේ බලය බෙදීම ස්වයං පාලනය ලබා දීම මිය ගිය කොටිවන්ට වන්දි ගෙවීම ලංකාවේ ඉඩම් විදේශිකයන්ට පැවරීම වැනි බරපතල කාරණා රැසක් අන්තර්ගතව තිපබුණි. ඒවා සුමට ලෙසට ක්‍රියාත්මක කරලීමට නම් විරුද්ධ පකෂය අකර්මණ්‍ය කළ යුතුය. යහපාලන ආණ්ඩුව සිය ධූර කාලය සම්පූර්ණයෙන් ගත කළ යුතුය.  ඒ නිසාම රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව දහනව වන සංශෝධනය හොර පාරෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධීව පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමට කටයුතු කළහ. මෙම සංශෝධනය කරලීමේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධීව බරපතල ලෙස වැරදි කීපයක් සිදු කර තිබේ. ජනමත විචාරණයකට යා යුතු ඇතැම්  වගන්ති අමු අමුවේ වෙනස් කර හිතූ මනාපයේ තමන්ට අවශ්‍ය න්‍යයා පත්‍රයට සරිලන වගන්ති ඇතුලත් කර තිබේ. එයින් එක් වගන්තියක් වන්නේ මන්ත්‍රීවරයෙකු හෝ ජනාධිපතිවරයෙකුට අපේක්ෂකත්වය ලබා ගැනීමට නොහැකි වන කොන්දේසියයි. එනම් 91 වගන්තියේ සඳහන් ලංකාවේ පුරවැසි භාවය නොමැති කෙනෙකු යන වචනය වෙනස් කොට වෙනත් රටක පුරවැසියෙක් වන  ශ්‍රී ලංකා පුරවැසියෙක් යන්න ආදේශ කිරීමයි.
    සැබවින්ම මෙය මගින් 1948 අංක 18 දරණ මූලික පනත උල්ලංඝණය කර ඇති අතර මානව හිමිකම් සම්බන්ධ ඡෙදයේ ඇතැම් වගන්තිද උල්ලංඝණය කර තිබේ. උපතින් පරම්පරාවෙන් ඉතිහාසයක් හිමි  ගීතා කුමාරසිංහට සහ ගෝඨාභාය රාජපක්ෂ මහතාට අපේක්ෂක සුදුසුකම් අහිමි වන්නේ ඒ නිසාය.කණගාටුව වන්නේ සිංහලයන් වශයෙන් තමන්ගේ අයිතිය අහිමි කර ඇති බව ඔවුන් දෙදෙනාද නොදැනීමයි.නමුත් ලියාපදිංචි කිරීමෙන් පුරවැසි බව හිමි වූ රටට එරෙහි යුධ වැදුණු කුමන්ත්‍රණය කළ ආර්.සම්බන්ධන් සුමන්තිරන් විග්නේශවරන් විජයකලා වැන පුද්ලයන්ද රිෂාඩ් බද්යුදීන් හිස් බුල්ලා වැනි ත්‍රස්තවාදයට අනුබල දෙන පුද්ගලයන්ගේද පුරවැසි කම් හොඳින්ම ආරකෂා වේ. දහනව වන සංශෝධනය සම්මත කර ගැනීමට මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සහාය පළ කළ බව කවුරුත් දනිති.  බරක් පතලක් නොමැතිව කළ මේ ගොන්කම් නිසා අද ඔවුන්ද අමාරුවේ වැටී සිටිති.අමාරුවේ වැටී සිටිතත් තමන් ඇතුලු සිංහල ජනතාව වැටී සිටින අගාධාය ගැන ඔවුහු නොදනිති. සමස්ත සිංහලජාතියටම මේ පුරවැසි පනත් වලින් සහ ව්‍යවසථා සංශෝධන වලින් බලවත් අසාධාරණයක් වී තිබෙන බව කියන්නට  ඔවුන්ටද හයියක් නැත.එසේ කියන්නට ශක්තියක් ලැබේ නම් රටට ද්‍රෝහී වන සම්බන්ධන් සුමන් තිරන් මෙන්ම රිෂාඩ් බද්යුදීන්  ලාගේ පුරවැසි කම අහෝසි කිරීම එතරම් ප්‍රශ්ණයක් නොවේ.


Wednesday, September 4, 2019

සිංහල නීති යට කරගෙන උපන් මද්‍රසාව ට යහපාලන අනුමැතිය


                          
          මේ දිනවල මාධ්‍යවල පළවෙන වාර්තා අනුව මුස්ලිම් කාන්තාවන් මුහුණ දෙන ගැටළු ගැන යම් අවබෝධයක් ලබා ගත හැකිව තිබේ. අටලුගම හසීනා බියගම පාතිමා වැනි කාන්තාවන් හට මුස්ලිම් සමාජ යෙන් සිදු වන ගැහැට ඔවුහු සමාජයට මුදා හරින්නට උත්සාහ කරන ලද්දේ විසිඑක්වන දා සිදු වූ පාස්කු ප්‍රහාරයෙන් අනතුරුවයි. එයට පෙර බොහෝ තැන් වලදී මේ කාන්තාවන් විඳි දුක් ගැහැට ගැන කියන්නට කෙනෙක් සිටියේ නැත. මහජන ආරක්ෂාවට සිටි පොලීසිය අවසාන වශයෙන් මුස්ලිම් මවුලවියන් ගේ පැත්ත ගන්නා අතර ඔවුන් ගේ ප්‍රශ්ණ යටපත් කරලීමටද උදව් උපකාර කරන ආකාරය පැහැදිලි විය.
         ලංකාව ඉංග්‍රීසීන්ගේ යටත් විජිතයක් ලෙසට භාර ගැනීමට ගිවිසුම් අත්සන් කරන ලද අවස්ථාවේ මේ මුස්ලිම් සමාජය හඳුන්වන ලද්දේ මහමදාගම්කාරයන් වශයෙනි. උඩරට ගිවිසුමේ කිසිම තැනක ඔවුන් ගැන සඳහනක් නොතිබුණී නමුත්  මුහුදු බඩ පළාත් වල සිටි ඉංග්‍රීසි ආණ්ඩුව වර්ෂ 1806 දී ඔවුන් වෙනුවෙන් මහමදාගම්කාරයන් ගේ විවාහ හා දේපළ නීතිය යනුවෙන් ගැසට්ටුවක් පළ කර තිබේ.උඩරට පළාත් වල නොතිබූ මුහුදුබඩ පළාත් වල පැනවෙන වෙනම නීතියකට මෙලෙස අවතීරණ වූයේ ඇයිද යන්න සලකා බැලිය යුතුය. මෙහි ආරම්භය වූයේ ලන්දේසීන් සමග 1766 දී සිංහල රදළ වරු විසින් අත්සන් කරන ගිවිසුමයි. රට පුරා ඉඩම් වලින් ගව්වක ප්‍රමාණයක් අත් හැර ලන්දේසී කොම්පඤ්ඤයට පරිහරණයට දීමට එම ගිවිසුමෙන් එකඟ වූයේ කීර්ති ශ්‍රී රාජසිංහට සහ රදළවරුන්ට එරෙහිව සිංහල කුමාරයෙකු පහතරට සිට ගැසූ කැරැල්ලක් හේතුවෙනි. කෙසේ වෙතත් මේ පවරා දීම නිසා ලන්දේසීන් සිය බලතල යටතේ මුහුදු බඩ පළාත් වල සිටි වැසියන්ට නීති පැනවීමට මෙන්ම ඉඩම් ප්‍රදානය කිරීමට පටන් ගත්හ. වෙසෙසින්ම මේ අවදියේ බේරුවල ප්‍රදේශයේ වරාය ආශ්‍රීතව සිටි සංක්‍රමණීක මහමදාගම්කාරයන්ට ලන්දේසි තෝම්බු මගින් රජකාරි ඉඩම් ප්‍රදානයක් දක්නට ලැබිණ. වර්ෂ 1799 දී සිය බලකොටු සියල්ල ලන්දේසීන් විසින් ඉංග්‍රීසීන්ට පැවරූ අවස්ථාවේ දී 1766 සිට අනුගමනය කරන ලද පරිපාලන ක්‍රමවේද සියල්ල එලෙසම අනුගමනයට අදාල ප්‍රකාශනයක් ඉංග්‍රිසීන් නිකුත් කළහ. වර්ෂ 1800 න් පසු ඇඳි සිතියම් සියල්ල නිර්මාණය වන්නේ මේ බෙදීම් ඔස්සේය. විශේෂයෙන්ම  ඉංග්‍රීසීන් ලංකාව පළාත් පහකට බෙදා දක්වන කල්හි මේ බෙදීම ප්‍රයෝජනයට ගත්හ.පෙර සඳහන් කළ  1806  මහමදාගම්කාරයන්ගේ නීති එන්නේ මේ පසුබිම තුළය. මෙය 1852 අංක 08  1881 අංක 02 1888 අංක 20 1910 අංක 20 1912 අංක 09  1918 අංක 05 1922 අංක 09 සහ වශයෙන් මේ නීති සංශෝධනය වී ඇත. අනතුරුව 1931 අංක 10 මුස්ලිම් වකුෆ් පනත (1962 අංක 21 එහිම සංශොධනයි) ආදී වශයෙන් මුස්ලිම් නීති සංග්‍රහ වන්නේ ලංකාවට නිදහස ලැබීම හා වෙනම රාජ්‍ය පාලනයක් යන රීතියද සැලකිල්ලට නොගනිමිනි. 1926 දී රැජිනට එරෙහිව මිස්කින් උම්මා නම් නඩුවේ( එන්.එල් ආර්.330) දී මුස්ලිම් නීති වලට ඉඩ ලබා දීය යුතු යැයි බර්ට්‍රම් සහ ජයවර්ධන නම් විනිසුරු වරුන් දෙදෙන තීන්දුවක් දී ඇත. මේ තත්ත්වය මත 1951 දී ක්වාසි අධීකරණ පිහිටුවීම පිණිස පනතක් මගින් නීති සංග්‍රහ කර ඇත.
         සිංහල රජ දවස ලංකාවේ වෙනම මුස්ලිම් නීති හෝ දෙමළ නීති සංග්‍රහ නොකෙරුණි. රටේ වූයේ එකම රාජ නීතියයි.මහමදාගම්කාරයන් සහ දෙමළ වානිජයන් විටින් විට ලංකාවට පැමිණි අතර රටේ නීති පීළිගන්නා අයට රජු රාජකාරියක් භාර දුන්හ. ඒ සිංහල සංස්කෘතියට අනුගතව වැඩ කිරීමේ කොන්දේසි මතයි.හුළං බද්ද මඩිගේ රාජකාරිය  ඔවුන්ට පැවරූ එක් සේවාවක් විය. මේ සේවාව සඳහා  සිංහලයන් උදෙසා කරන ලෙසම  රාජකාරියට කුඩා ඉඩම් පවරා දුන්හ. මහනුවර අස්ගිරිය ගෙඩිගේ විහාරය සතුව තිබෙන ඉඩකඩම් වල   තෙල් සැපයීමේ සේවාව වර්ෂ 1824 දී මුස්ලිම් පිරිසකට  භාර දී තිබෙන්නේ රාජකාරියට යටත්වයි. අද ගෙඩිගේට නුදුරුව මීනක්කම් පල්ලිය අටවා තිබෙන්නේ මෙලෙස රාජකාරි නිසා හිමි වූ  ඉඩම් වලයි.සෙනරත් රජු ගේ කාලයේ දී තමන්ට එරෙහිව පැමිණී දේශීය බලවේග පරාජයට පත් කිරීම අරභයා මුස්ලිම් පිරිස් යොදා ගෙන ඇත.ඒ නැගෙනහිර පළාතේ පදිංචි කරවීමෙනි.ඔවුන්ට ද පාරම්පරිකව සිංහල සංස්කෘතියට අනුගත වන ලෙසට නියෝග ලැබුණද පසුව මෙම ප්‍රදේශය සිංහල රාජ්‍ය පාලනයෙන් ගිලිහී යෑම නිසා මුස්ලිම් ජනතාව සිංහලයන් ගෙන් වෙන් වීමට පටන් ගත්හ. 1818 ජාතික විමුක්ති අරගලයෙන් පසු ඉංග්‍රීසීන් විසින් නිකුත් කරන ලද රාජඥාව අනුව ප්‍රථම වරට මරක්කලයන් ගැන සඳහනක් ඇතුලත් වී ඇත.එහිදී ඔවුන් විදේශිකයන් ලෙසට වර්ග කිරීමද විශේෂයකි.
            හැටේ දශකයේ සිට වර්ෂ 2000 දක්වා කාලය ගතහොත් පාර්ලිමේන්තුව විසින් මුස්ලිම් ජනතාවට අවශ්‍ය නීති රීති විශාල ප්‍රමා තවදුරටත්ණයක් සම්මත කොට දී ඇත. 1990 දී සහාබ්දීන් නමැති අයගේ වාර්තාවක් අනුව හිටපු අධීකරණ ඇමති ආතාවුද සෙනෙවිරත්න විසින් කති උසාවි පිහිටුවීමට පසුබිම සකස් කරන ලදී.  මේ නිසා අප තේරුම් ගත යුත්තේ ඉස්ලාම් ආගම මේ රටේ ප්‍රමුඛස්ථානයට පත් වූ තරමේ පිළීගැන්මකට ලක්ව ඇති ආකාරයයි. නමුත් සිංහල නීති කිසිවක් නැවත භාවිතයට ගැනීමට ලංකාවේ පාර්ලිමේන්තුව කිසි විටක උත්සාහ ගෙන නොමැත. පැරණි සෙල් ලිපි වල පවතින නීති සන්නස් වල පවතින නීති විශාල ප්‍රමාණයක් ගැන මූලාශ්‍ර වලින් හෙළි වන බව ඉතිහාසඥයන් පවසති.විශේෂයෙන් මාඝාතය සඳහා පැනවූ නීති. විහාර පරිපාලනයට අදාල නීති ශාසනික විනය නීති ගැන පැනවූ රීති සංග්‍රහ කර ගැනීමට පවා පාලකයන්ට නොහැකි වී තිබේ. 1931 බෞද්ධ විහාර ගම් දේවාල ගම් පනත ඇති කරන ලද්දේ ශාසනික දියුණුව අපේක්ෂාවෙන් නොවේ. බෞද්ධයන් අතර බේද ඇති කොට ශාසානික පරිහානිය සිදු වන පරිද්දෙනි.  දියවඩන නිලමේ පත් කිරීම ට දිසාපාති වරුන් ගේ චන්දය යොදා ගැනීම එක් ක්‍රමයකි. ඒවා නිසා අල්ලසට දූෂණයට ඉඩ කඩ සලසා දී තිබේ.
       පසුගිය අප්‍රියෙල් 21 දින පාස්කු ප්‍රහාරයෙන් පසුව මුස්ලිම් ජනයාගේ මේ හිතුවක්කාර නීති ගැන සමාජයේ විශෘල කතාබහක් ඇති විය. විශේෂයෙන්ම සම්පූර්ණයෙන්ම මුහුණ වසා අඳින බුර්කාව මුස්ලිම් විවාහ නීතිය සහ කාති උසාවි වල නඩු තීන්දු ගැන බලවත් විරෝධයක් එල්ල විය. මුස්ලිම් කාන්තාවන් කීප දෙනෙකු අතින්ම මෙම විරෝධය එල්ල වීම විශේෂයෙකි. ආණ්ඩුව තේරිම් කාරක සභා පත් කොට දින සති ගණන කල් මරමින් සැබෑ ප්‍රශ්ණය අද වෙන විට යටපත් කොට ඇත.වෛද්‍ය සාපි ගේ සිද්දියට එදිරිව ඉදිරිපත් වූ වෛද්‍යවරුන් සහ නීතිඥයන්ට බලපෑම් එල්ල වූයේ සාෆි ගෙන් පමණක් නොවේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිළධාරීන් ද වරින් වර වෛද්‍ය වරුන් අමතමින් සාක්ෂි දීම නැවැත්වීමට තර්ජනය කළ අවස්ථා තිබේ.මුස්ලිම් විවාහ හා දේපළ නීතිය සංශෝධනය කිරීමට මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයෙන් ඉදිරිපත් වූ යෝජනා අතර තිබෙන්නේ විවාහ විය යුතු වයස 18 ක් කිරීම පමණකි. එයද කාතිවරයාගේ අභිමතය පරිදි වෙනස් කළ හැකිය.
        මේ අතර මද්‍රසා පාසල් නීතිගත කරලීමටද ආණ්ඩුව ඉතා සූක්ෂමව කැස කවමින් තිබේ. මේ මද්‍රසා පාසල් 1600 ක්ට වඩා රටපුරා ලියාපදිංචි කර ඇත්තේ මුස්ලිම් ආගමික අමාත්‍යංශය මගිනි. දැන් මේ පාසල් නීතිගත කරලීමට කැබිනට් සංදේශයක් ඉදිරිපත්ව තිබෙන අතර  ඊට ඇමතිවරුන් ගේ අදහස් විමසා තිබේ. සිංහළයන්ගේ ප්‍රශ්ණ කෙසේ වෙතත් මෙවැනි බරපතල නීති රීති ගැන අබමල් රේණුවක වත් අවබෝධයක් නැති ඇමතිවරු මේ මද්‍රසාව නීති ගත කොට අධ්‍යාපන අමාත්‍යංශයට එක් කරගත යුතු බවට යෝජනා කර ඇත. ජනාධිපතිවරයා පවා මේ ගැන බරපතලව සිතා නැත. ඔහුද කල්පනා කරනවා ඇත්තේ ඒවා රජය හරහා අධීක්ෂණය කළහොත් ප්‍රශ්ණය අහවර වනවා කියාය. නුමුත් මද්‍රසා හරහා ඉගැන්වෙන ඉස්ලාම් මූලධර්මවාදය ශරියා නීතිය ලංකාවට අනවශ්‍ය අරාබි භාෂාව වැනි දේ මගින් සිදු වන්නේ ලංකාවේ සංස්කෘතියෙන් වෙන් වූ පිරිසක් බිහි වීමයි. එසේම ඉස්ලාමීය විද්‍යාව යනුවෙන් තවත් කුණු හරුපහයක් ඉගැන්වේ.( ලෝකය කැරකෙන බව උගන්වා තිබෙන්නේ කුරාණයේ බව මේ විද්‍යාවේ උගැන්වේ) මේ  නිසා මුස්ලිම් තරුණ පරම්පරාව සිංහලයන් ගෙන් වියුක්ත මූලධර්මවාදී පිරිසක් වීමට තිබෙන ඉඩකඩ විශාලය.
      යම් කිසි පනතක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ නම් ඒ අමාත්‍යංශයේ විෂය සීමාව ඉක්මවා නොයා යුතු බවට නීතියක් තිබේ. එසේ නොමැති අවස්ථාවකදී එම විෂ්‍ය පථය හිමි අදාළ අමාත්‍යංශය සමග එක්කාසු වී කැබිනට් සංදේශයක් ඉදිරිපත් කළ යුතුය. මෙහිදී එලෙස සිදු වී නැත . මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශය අධ්‍යාපන අමාත්‍යංශයේ වගකීමද සොරගෙන හිතුවක්කාරයට කටයුතු කර තිබෙන්නේ වත්මන් අගමැතිවරයා මුස්ලිම් ආගමට ප්‍රමඛතාවය පිරිනමන නිසා විය හැකිය. මූලධර්මවාදී වැඩ කොට ජාතිවාදය අවුස්සන හිස්බුල්ලා වැන්නවුන් සිය මධ්‍යම කාරක සභාවට එක් කරගන්නා ජනාධීපතිවරයාටද  බෞද්ධයන්ට වඩා මුස්ලිම් ප්‍රජාව වැදගත් වී තිබේ.  මද්‍රෂා පාසල් වල දිනපතා කෙරෙන ඉගැන්වීම් නිසා රටේ තිබෙන පොදු අධ්‍යාපන ක්‍රමය ඒ හා ගැටෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එම නිසා කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් කළ යුත්තේ මේ පනත ගෙන ඒමට විරුදධ වීමයී. නමුත් ඔවුහු එම පනතේ හරි වැරදි බලන්නට උත්සාහ ගනිති. මේ පනත ප්‍රතික්ෂේප කොට නිරීක්ෂණ ඉදිරිපත් කර තිබෙන්නේ චම්පික රණවක ඇමතිවරයා පමණකි. ඒ ගැන ඔහුට ස්තූතිවන්ත විය යුතුය. කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය සමයේ සිට මුස්ලිම් මූලධර්මවාදයට පාරකැපූ ඉස්ලාමීය නීති අවලංගු කරලීමට දැන් කාලය පැමිණ තිබෙන බව පෙන්වා දිය යුතුය. ඒවා සියල්ල ශූන්‍ය කොට මුස්ලිම් ප්‍රජාව රටේ පොදු නීතියකට රීතියකට යටත් කළ යුතුය.ඒ සඳහා දැඩි තීරණා ගැනීමට ඉදරිපත් වන දේශපාලන චරිතය පිළිබඳව  මේ රටේ ජනතාව විමසිල්ලෙන් බලා සිටිය යුතුය