පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Wednesday, November 30, 2016

ආණ්ඩුවට හිසරදේ බුද්ධ ශාසනය දඬුකඳේ

                                          


               නීතිය අධිකරණය පිළිබඳ ප්‍රධාන අමාත්‍ය ධූරය දරන වත්මන් අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අය වැය විවාදය අවස්ථාවේ දී මේ රටේ ආගමික අන්තවාදය ගැන කරන ලද ප්‍රකාශය අප මහත් සේ අගය කරමු. ඔහුගේ ප්‍රකාශ ය සම්පූර්ණයෙන්ම ෆේස්බුක් හරහා තිබෙන බැවින් ක්‍රමනුකූලව අධ්‍යනය කරගැන්මට අවස්ථාවක්  ද ඇත.අමාත්‍ය වරයා මෙම කතාවේදී මතුකළ ප්‍රධානතම ප්‍රවෘත්තිය නම් ලංකාවේ මුස්ලිම් පවුල් හතරකින් පමණ තරණයන් රැසක් අයි.එස්අයි.එස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධව කටයුතු කරන බවයි. මෙම පුවත රාජිත සේනාරත්න ඇමතිවරයා ප්‍රතික්ෂේප කරන නමුත්    මීට කාලකට පෙර ගලේවෙල ජාත්‍යන්තර පාසලක උගන්වන ලද මුස්ලිම් ගුරුවරයෙකු ඉහත සංවිධානයට බැඳි සිටි බව වාර්තා ව තිබුණි. ඒ පිළිබඳව ආරක්ෂක අංශ පරීක්ෂණ ආරම්භ කරන ලද බවටද වාර්තා විය.
       ආගමික ග්‍රන්ථ මගින්ම ත්‍රස්තවාදය උගන්වන නමුත් එම මූලධර්මවාදය අකුරටම පිළි පැදීම ප්‍රතික්ෂේප කළ මුස්ලිම් ජනතාවක් විසිවන සියවස මුල් භාගයේදී මේ රටේ විසූහ. මුස්ලිම් විවාහ නීතිය සහ වෙනම අධ්‍යාපන පහසුකම් රජයේ නීති මගින්ම තහවුරු කර ඇත්තේ ඉංග්‍රීසී පාලන සමය තුළදී නමුත් බහුතර මුස්ලිම් පිරිසක් සිංහල සංස්කෘතියට ක්‍රමානුකූලව ඇතුළුවෙමින් සිටියහ. අල් ටකියා නමින් හඳුන්වන බොරුව එම පිළිවෙතේ තිබෙන්නට ඇති නමුත් ලංකාවේ නිදහස් අධ්‍යාපනය තුළ මුස්ලිම් ජනතාව සිංහලයන් සමග සුහදව ගනුදෙනු කරමින් අවබෝධයකින් සිටි බව පැහැදිලිය .විහාරගම් දේවාලගම් නීති කටයුතු වලදීද ඇතැම් මුස්ලිම් නීතිඥයන්  පෙනී සිට ඇත්තේ ඔවුන් සතු අවබෝධය නිසාය.මේ තත්ත්වය වෙනස්කරන ලද්දේ  අශ්රොෆ් නම් දේශපාලනඥයා විසිනි. ඔහු මුස්ලිම් කොන්ග්‍රසය බිහිකරමින් මුස්ලිම් අන්තවාදයට පසුබිම සකස් කළේය.මාගේ මිත්‍රයෙකුවූ ජාතික කෞතුකාගාර පුස්තකාලයේ සේවය කළ ෆයිරූස් මහතා මෙම නව පක්ෂයේ බිහිවීම  එදා විග්‍රහ කලේ නොසතුටිනි. මින් ඉදිරියට සිංහල මුස්ලිම් සමගිය දෙදරනු ඇතැයි ඔහු අනාවැකි පළ කලේය. ෆයිරූස් මහතා මෙන්ම එම පැරණි මුස්ලිම් සමාජයද දැන් අභාවයට පත්වෙමින් ඇත.ඒ වෙනුවට නොයෙකුත් මූලධර්මවාදී නීති සමගින් මුස්ලිම් අගමික දේශපාලනය රට කළඹමින් ඇත. බුද්ධශාසන ඇමතිවරයාම පවසන පරිදි දොළොස් හැවිරිදි  මාතලේ සිංහල දැරියක් මුස්ලිම් වැඩිහිටියෙකු විසින් විවාහ කර ගෙන ඇත.ඇමතිවරයාට අනුව මේ අවනඩු සියල්ලේ පරීක්ෂණ තීරණ භාරදී ඇත්තේ මුස්ලිම් ආගමික කටයුතු ඇමතිවරයාටයි.
         මුස්ලිම් අන්තවාදය වැඩි වශයෙන් ප්‍රකට වන දිස්ත්‍රික්ක කීපයක් ඇත. මඩකලපුව ත්‍රිකුණාමලය පුත්තලම අනුරාධපුර ගාල්ල සහ කළුතර ප්‍ර දේශ මේ සඳහා උදාහරණ වෙති.නීත්‍යානුකූල නොවන ලෙස ඉඩම් ඇල්ලීම පල්ලි ඉදි කිරීම සිංහල තරුණියන් දූෂණය කිරීම ක්‍රමයෙන් ව්‍යාප්ත වෙමන් පවතී.මුහුදු මහාවිහාරය සඳහා ගැසට් කරන ලද ඉඩම් ඇල්ලීම. මොට්ටාගල දාගැබ දීඝවාපී පරිවාර දාගැබ මෙන්ම හිරුකෝවිල් දාගැබ ඩෝසර් කිරීම ඔවුන්ගේ ක්‍රියාවන්ය. මෙම අසාධාරණ  ක්‍රියාවන්ට විරුද්ධව මඩකලපුවේ මංගලාරාමයේ පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් පසුගිය කාලවකවානුව පුරාවටම අභීතව කටයුතු කළ හැටි අප දනිමු. කෙවිලියාමඩු සිංහලයන් වෙනුවෙන් උන්වහන්සේ නිබඳවම පෙනී සිටි ආකාරය අපට සිහියට නගා ගත හැකිය.මුස්ලිම් අන්තවාදය නිසා අලුතෙන්ම ඉදියට පැමිණි ශරියා නීතිය හලාල් සහ මද්‍රසා පාසල් යන කරුණු ගැන ජනතාව දැනුම්වත් කරමින් මුස්ලිම් අන්තවාදය පිළිබඳ කරුණු ඉදිරිපත් කළ ඥානසාර හිමියන් පසුගිය ආණ්ඩුවට මෙන්ම මේ ආණ්ඩුවට හිසරදයක් බවට පත් වී තිබේ.මෙම සත්‍ය කරුණු ඉදිරියට එත්ම වඩාත් කලබලයට පත් වූයේ සිංහල දේශපාලකයන්ය. දෙවනගල පුරාවිද්‍යාස්මාරකය වටා සීමා කණු සිටවන්ට සැරසෙන කල්හි එතැනට කඩාපැන රජයේ කටයුතු අවුල් කලේ අතාවුද සෙනෙවිරත්න හිටපු ඇමතිවරයාය.මෙයට හේතුව කුමක්ද මෙම දේශපාලකයන් මුස්ලිම් ව්‍යාපාරිකයන්ගෙන් යැපීමය.මුදල් මත යැපෙන මේ දේශපාලකයන් එතැනින් නොනැවතී මුස්ලිම් සිංහල ගැටුම් ඇතිකරලීමටද කුමන්ත්‍රණ කළහ. අළුත්ගම දර්ගානගරයේ ගැටුම ඉදිරියට පැමිණියේ එම ප්‍රදේශයේ කටයුතු කරන සිංහල දේශපාලනඥයෙකු ගේ කුමන්ත්‍රණයක් අනුවයි.
       බුද්ධ ශාසනය යනු භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා යන සිවු වැදෑරුම් පිරිසයි. බුදුන් වහන්සේ අනුදත් ගිහි මාර්ගය මෙන්ම නිර්වාන මාර්ගයද අනුගමනය කරන මේ පිරිස රැකගැනීම මෙන්ම ඔවුන්ගේ හිත සුභ සිද්දිය ට කටයුතු කිරීම පැරණි රජවරුන්ගේ සිරිත විය. අනුරාධපුර රජබවට පත් වූ පස්වන කසුප් රජු කළ පැනවූ ව්‍යවස්ථා මගින් ඒ බැව් හොඳින් ප්‍රකට වෙයි. මවු මැරීම රහතුන් මැරීම පෙති පිළිම වැනසීම බුදු දහම ඇර වෙනත් ආගම් ගැනීම වැනි පංචමහා සාවද්දයෙන් වැළකී සිටිය යුතු බව ඒ ව්‍යවස්ථාවේ විය. එසේම සඟුන් ගේ යම් විනය ක්‍රියාවකදී  මහා සංඝයා එක්ව හිඳ විචාරීමේ ක්‍රමය අනුමත කලේය. එසේ නොමැති නම් පමණක් රජු මැදිහත් විය යුතු බව ට ව්‍යවස්ථා ද පැණ වීය.දෙවන පරාක්‍රමබාහු රජ දවස බුද්ධ ශාසන ඇමතිවරයාව සිටියේ දේව ප්‍රතිරාජ ඇමතිවරයාය. ඔහු දුකසේ යායුතු සිරිපා ගමන් මග පහසු කලේය. බෙන්තර ගලතුරු මුල වැඩිසිට මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ට පුද සත්කාර කිරීම වෙනුවෙන්  මහත් පින්කම් පවත්වා රජුද කැඳවා අනුමෝදන් කරවීය. කපු වවා නූල් කැට සිවුරු සාදා පඬු පොවා කඨින පූජා කර්මය රාජ්‍යානුග්‍රහයෙන් පැවැත්වීමට කටයුතු කොට ජනතාවට ආදර්ශයක් ලබා දුන්නේය.අදත් සිංහල බෞද්ධයන් අතර මේ කඨින පින්කම මහත් ඉහළින් පැවැත්වෙන්නේ මේ ඇමතිවරයා දුන් මග පෙන්වීම නිසාය.
          ලංකාවේ බුද්ධ ශාසනය සහ ඒ වෙනුවෙන් සකස්ව තිබෙන බෞද්ධ සංස්කෘතිය තුළ ඕනෑම ජනවර්ගයකට අයත් පිරිසකට හෝ අන්‍ය ආගමිකයෙකුට සාමයෙන් විසිය හැකිය. අපේ පන්සල් වලට දේවාල ගෘහ ඇතුළු වූයේ මේ සහජීවනය නිසයි. ඉංග්‍රීසීනට රට භාර දෙන කල්හි  එම ගිවිසුමට බුද්ධශාසනයද දේවාගමද කඩ නොකෙට පවත්වාගෙන යායුතු යැයි වගන්තියක් ඇතුලත් කලේ එහෙයිනි. එම චාරිත්‍රයම 1972 සහ 1978 ව්‍යවස්ථා වලට ඇතුලත්ව තිබේ.එය හුදෙක් අර්ථ නිරූපණයය නොකරන ලද වගන්තියක් වුවද පාලකයන් සියල්ල එයට හිස නැමිය යුතු විය.ලංකාවේ ඕනෑම ප්‍ර දේශයක බෞද්ධ සිද්ධස්ථාන ඇරඹීමට බෞද්ධයන්ට ඇති පරම අයිතිය මේ වගන්තියෙන් ප්‍රකට වෙයි. උතුරු ප්‍රදේශය තුළ පමණක් පැරණි බෞද්ධ සිද්ධස්ථාන 223 ක් දැනට හඳුනාගෙන   තිබේ.සිරිපතුල් ගලක් නටබුන් වූ බුදු පිළිමයක් නොතිබෙන තැනක් ඒ පෙදෙස් වලින් සොයා ගත නොහැකිය.යුද්ධ සමයේදී ත්‍රිවිධ හමුදාව මේ ස්ථාන වල නැවත අළුතින් සිද්ධස්ථාන ඉඳි කලහ. ඇතැම් තැන් වල භික්ෂූන් වහන්සේලා වැඩ සිටින්නට සැලැස්වූහ.නමුත් රජයේ යම් බලපෑම් නිසා මෙම පන්සල් වලට ගොදුරුගම් වශයෙන් බෞද්ධයන් පදිංචි කිරීමට ඔවුන්ට නොහැකි විය. වත්මන් බුද්ධ ශාසන ඇමතිවරයා දෝෂාරෝපණය කරන්නේ මෙවැනි සිද්ධස්ථාන ගැනයි. නමුත් යාපන මහා මාර්ගයේ දෙපස අළුතින් කෙතරම් කුරුස ප්‍රමාණයක් ගසා ඇතිදැයි මේ පාලකයන් දන්නේ නැත.
       උතුරේ තිබෙන බුදු පිළිම ඉවත් කළ යුතු යැයි  උතුරේ සිටින සෑම ද්‍රවිඩ දේශපාලකයෙකු කියා සිටින්නේ මේ පිටිපස තිබෙන අන්‍යාගමික බලපෑම නිසයි. ඇමරිකන් චර්ච් මිෂනාරි ව්‍යාපාරය විසින් යාපනයේ ඇති කරන ලද  සෑම පල්ලියකම යට තිබෙන්නේ  ලන්දේසි පල්ලියකි. ඒ යට තබෙන්නේ බෞද්ධ සිද්ධස්ථානයකි. ඒ බැව් බල්දෙයස් නම් රෙපරමාදු පූජකවරයාගේ ග්‍රන්ථයෙන් පැහැදිලි වේ. උතුරට වෙනම ද්‍රවිඩ පාලනයක් පළාත් ආණ්ඩුවක් සාදන්නට සිය න්‍යාය පත්‍රය සකස් කරගත් රජයකට භික්ෂූන් වහන්සේලාගේ සහ ජාති මාමක පිරිසගෙන් එල්ල වන පීඩනය සුළු පටු නොවේ. මේ මහා සංඝ රත්නය සැම විටම ශාසනික සංරක්ෂණය උදෙසා හඩනගන්නන් වෙති. ඒ ක්‍රියා මගින් සංහිඳියාව බිඳ වැටෙන්නේ යයි උපකල්පනය කොට සංහිඳියා පොලිසියක් ඇති කිරීම යනු බුද්ධ ශාසනය දඬුකඳේ ගැසීමකි.මෙයට කලින් කතිකාවත් පණත් මගින් එය කරන්නට උත්සාහ දරනු පෙනුණි. එය අසාර්ථක වූ කල්හි ඊළඟ පියවර වශයෙන් ඔවුන් තෝරාගෙන ඇත්තේ සංඝයා වහන්සේලා හිරභාරයට ගැනීමයි. අයි .එස්. සංවිධානය ගැන කියමින් වත්මන් ආණ්ඩුව කැස කවන්නේ මේ අපරාධයට බව පැහැදිලිය.  රාජා හෝ මාහෝ ගංගාහෝ යයි කියමින් රජුට ලණු දුන් ආඬි ගුරෙකු නිසා මහා ප්‍රතාපවත් නරපතියෙකු වූ සීතාවක රාජසිංහයන් අතින් සඟුන් හැට නමක් ඝාතනය විය. අවසානයේ උණකටුවක් ඇණී රජුට පරලොව යන්නට සිදු විය. සීතාවක රාජධානියද අභාවයට පත් විය. මේ ඉතිහාසය අපට කියා දෙන්නේ බුද්ධ ශාසනයට අත තැබූ කල්හි වන විපත්තියයි. වත්මන් බුද්ධ ශාසන ඇමතිවරයාට අප පෙන්වා දෙන්නේ  මෙයයි. ඔහු ආදර්ශයට ගත යුත්තේ ඩවුබිගින් වැනි පොලිස්පතිවරයෙකු නොව දේවප්‍රතිරාජ වැනි බුද්ධ ශාසනයට හිතැති යන්ය.


          

Monday, November 28, 2016

තලගුණේ පෙහෙකරුවන්ගේ ලෝකය

                                         


                    විජය කුමරු සත්සීයයක් පිරිස සමග තම්මැන්නාවට ගොඩ බසින විට කපු කටිමින් සිටි කාන්තාව නමින් කුවණ්නා විය.  කපු කටිමින් නූල් සාදා ගනිමින් රෙදි වියාගන්නට සමත් කම් දැක්වූවා නම් කුවණ්නා ගේ පරපුරේ ඇත්තන්ගේ ශිෂ්ඨාචාරය කෙලෙසක වී දැයි අපට සිතා ගත හැකිය. කුවණ්නා ගේ පරපුරේ හෙළයන් අදටත් ජීවත්ව සිටීද. මේ මාගේ සිත තුළ නැගුන පැණයකි. මධ්‍යකාලීන සිංහල කලා යන නමින් අගනා ග්‍රන්ථයක් කළ ආනන්ද කුමාරස්වාමි මහතා මෙම පැණයට පිළිතුරක් සපයා ඇත. ඔහු ගේ ග්‍රන්ථයේ සිංහල පේෂකාරයන් ගැන සඳහනක් ඇත.  දකුණු ඉන්දියාවෙන් ලංකාවට සැපත් ද්‍රවිඩ පේෂකාරයන්ගෙන් මේ පිරිස වෙනස් බව ඔහු තව දුරටත් සඳහන් කර තිබේ. සැබවින්ම මොවුන් පිළිබඳ මට මහත් කුතුහලයක් දැනුණි. ඔවුන් ගේ වත්මන් ජීවන පිළිවෙත කෙසේ වීද.යන්න දැක බලා ගැනීම මාගේ ආශාව විය.
          සිංහල පෙහෙකරුවන් ගේ නිජ භූමිය කන්ද උඩරට උඩුදුම්බර තලගුණේ ගම්මානයයි. උඩුදුම්බරින් හැරී කි.මී. තුනක් පමණ පහළට මෝටර් රථ මාර්ගයක ගමන් කළ පසු මේ පෙහෙකරුවන් ගේ පාරම්පරික නිවාස හමු වෙයි. ඔවුන් සොයා එක් හිමිදිරි උදයක මගේ සංචාරය පිළියෙල විය. උඩුදුම්බර සිට කළුගලට බසයක් තිබෙන්නේ යැයි කියැවුණද බසය නොමැති වූයෙන් පරිසරය දැක බලා ගනු රිසියෙන් පයින්ම  මග තරණය කරන්නට ඉටා ගතිමි. උදෑසන පිනි තවත් වේලී නොමැත. උඩුදුම්බරට ආවේණික කුරු වනාන්තර පද්ධතිය පාර දෙපස රූස්සව නැගී සිටී. මේ වනය අතරින් පතර  හෙළි පෙහෙළි කොට තැනූ එළවුළු කොරටුය. තලගුණේ විහාරස්ථානයට හැරෙන කඩමණ්ඩියේ සිට මහ නියරක් දිගේ පියමං කළ විට මේ පෙහෙකරුවන්ගේ නිවාස හමු වෙයි. ආනන්ද කුමාරස්වාමි මහතා මෙම ස්ථානයට පැමිණෙන්නට ඇත්තේ එක්දහස්අටසිය ගණන් වල අවසාන භාගයේදීය.ඒ දැනට වසර සියයකට පමණ පෙරදීය. එදා ඒ නිවසේ සිටි පෙහෙකාර කාන්තාවක් විය. ඇය නමින් ටිකිරාති විය. ඇයගේ චායාරූපයක් මධ්‍ය කාලීන සිංහල කලා පොතේ පිටු අතර ඇත.කාලය වෙනස් වී ඇත. ටිකිරාති ගේ පරම්පරාවේ පිරිමි දරුවා රාජපක්ෂ පංචනාදයාලෑ යක්දෙස්සලාගේ ගෙදර සිල්පා නම් විය.ඔහු 1921 සිට 1941 දක්වාත් ඔහුගේ පුත් උක්කුවා 1972 දක්වාත් ඉන්පසු   යක්දෙස්සලාගේ ගෙදර රන්කිරා අසූව දශකය දක්වාත් මේ ශිල්පය රැගෙන විත් තිබේ.. මා දැන් පැමිණි සිටින්නේ රන්කිරා විසූ ඔහුගේ පාරම්පරික නිවසටයි. රන්කිරා මෙන්ම රන්කිරා ගේ පුත්‍රයා වූ පද්ම සිරි ද මීට කලකට ඉහත අප අතරින් සදහට සමු ගෙන ගොසින්ය. දැන් වත්මන් පරපුරේ පෙහෙකම් දක්ෂයා වශයෙන් සිටින්නේ අශෝක පද්ම සිරි මහතාය.
                    ආනන්ද කුමාරස්වාමි මහතා උඩරට කලා සංගමය ඇතිකොට මේ පාරම්පරික ශිල්පීන්ට වර්තමාන සමාජය විවෘත කොට දුන්නේය. ඉන්පසු දුම්බර පෙහෙකම් රටාවෙන් සැරසෙන්නට නිවෙස් අලංකාර කරන්නට කැමැත්තක් දක්වන විශාල මධ්‍යම පන්තික පිරිසක් බිහිවිය. නවසිය හැට ගණන් වලදී මේ අත්යන්ත්‍ර පෙහෙකම් ශිල්පය ගැමි කාන්තාවන්ට යලි උගන්වනු රිසියෙන් රජය මැදිහත්ව කටයුතු කල ආකාරය මෙහිදී මතකයට නැගේ. නමුත් විවෘත ආර්ථික සංකල්ප රට පුරා පැතිරීයන්නට වූයෙන් අත්කම්  පෙහෙකම් සියල්ල නැවතත් සමාජයෙන් මුලු ගැන්විණි. එහෙත් දුම්බර රටාවන් නම් තවමත් කොළඹ සමාජයට නැතිවම බැරිය. නවසිය අසූ ගණන් වලදී ෆෙයා ෆුට් අයතනය මගින් දුම්බර රෙදි පිළි වලට හොඳ වෙළෙද පළක් අත්පත් කර දුන්හ.රන්කිරා ගේ බෑනාවරයෙකු වූ තලගුණේ ඒ.කේ.ටී සෝමවංශ පෙහෙකම් ශිල්පියා අදටත් මේ වෙළෙඳ පළට රෙදි පිලි සපයයි.ඔහු ගේ කලා ලෝකය ගැන අද ඔහු පවසන්නේ මෙසේය.
        
ආනන්ද කුමාරස්වාමි මහතා ඉන්න කාලෙ ටිකිරාති කියල සිටිය අපේ මිත්තනියක් තමයි තලගුණේ රෙදි පිළි රටා ඉදිරිපත් කරල තියෙන්නෙ. එදා තලගුණේ කපුවත්ත කියන ඉඩම් වල කපු වවල නූල් කැටල නූල් සායම් පොවල තමයි රෙදි වියල තියෙන්නෙ. පොළවේ සවි කළ අලුව තමයි රෙදි වියන යන්ත්‍රය. මේ අල්වලෙ රෙදි වියන එක ආසියාතික බොහෝ රටවල තියන ක්‍රමයක්. නමුත් අපේ අළුව අපටම ආවේණිකයි. වර්තමාන රෙදි වියන යන්ත්‍ර යේ ෂටල් එකට  අපි කිව්වේ නඩාව කියලයි.වොප් එකට කීවේ. නූල හැදය කියලයි.රීඩ් එක පනාව යනුවෙන් නම් කලා. නූල් ඔතන යන්ත්‍රය හුළුදෑවයි. ඔහොම සවිමත් භාෂාවකින් තමයි මේ හැම දෙයම තොරුම් කරල දීල තියෙන්නේ. අපේ පරපුර රාවණා යුගයේ සිට පැවතෙනවා  කියල තමයි අහල තියෙන්නේ. ඉන්දියාවෙන් ලංකාවට ආ ශිල්පීන් නිසා අපි වෙනස් වුණේ නැහැ.වර්මානයේ තලගුණේ පවුල් දහයක පමණ මේ රෙදි පිළි කර්මාන්තය කෙරෙනවා. අපිට හොඳ වෙළඳෙ පළක් තිබෙනවා. නමුත් ක්‍රමයෙන් අපේ දූදරුවන් මේ කර්මාන්තයෙන් ඈත් වෙලා යනවා. නමුත් මම  මගේ දරුවන්ට මෙය උගන්වලයි තියෙන්නෙ.
           ටිකිරාති පරපුරේ රන්කිරා ඇත්තා ගේ මුණුබුරු අශෝක පද්මසිරි කියන්නේ මෙහෙම කතාවක්. කොළඹ කොම්පැණියකට අවශ්‍ය විදියට තමයි රෙදි පිළි වියල දෙන්නේ මේ දින වල සාරි ඕඩරයක් අරගෙන වැඩ කරනවා. සාරියත් හැට්ටයට අවශ්‍ය රෙද්දත් වියන්න දින දෙකහමාරක් විතර යනවා. අපේ මුත්ත වැඩ කල අලුව  දැන් වැඩ කරන්නෙ නැහැ. නමුත් රජයෙන් දුන්නු අළුත් පෙහෙකම් යන්ත්‍රවල පරණ විදයට රටා දාල හදන දුම්බර රෙදි පිළි වලට හොඳ ඉල්ලුමක් තිබෙනවා.බිත්ති සැරසිලි දොර රෙදි මේ කොයිවත් ජනප්‍රියයි. මංගල සාරි වුණත් හදන්න පුළුවන්. මේ සාරි වියමනට අවශ්‍ය අසූවෙන් දෙකේ නූල් කිලෝවක් අපිට ගන්න සිද්ද වෙලා තියෙන්නේ එක්දහස් පන්සීයකට. සාරියක් වියල ගැනුම් කරුවන්ට දීල අත ඉතිරි වෙන්නෙ රුපියල් පන්සීයක් පමණයි. නමුත් මම විශ්වාස කරනව අපි එකතු වුණොත් අපේ පාරම්පරික කර්මාන්තය ලෝකයේ පිළිගත්ත ශිල්පයක් විදියට ඉදිරියට ගෙනයන්න හැකි වේ කියල.
          දුම්බර රටාවෙන් හැඩ ගැසුණු පුරාණ දිය කච්චිය අද වියමනට යන්නේ නැත.රටා දැමූ බුලත් මඩිස්සලයද එසේමය. ඒවා කෞතුකාගාරයට එක් වී තිබේ.අලුව ප්‍රදර්ශන උපකරණයක් පමණි. නමුත් ඉන්දියාව බුරුමය වැනි රටවල තවමත් මේ අලුවෙන් වැඩ ගන්නා හැටි අන්තර්ජාල තොරතුරු වලින් හෙළිවෙයි. තලගුණේ හේන් වල කපු වැවීමෙන් පසු කපු ඇට වෙන් කරන්නට ගත් යන්ත්‍රය කපු කපන යන්ත්‍රයයි. මේ කපු කපන යන්ත්‍රය වටා එක් රොක් වී තලගුණේ අඟනුන් කපු කැපූ හැටි කියැවෙන පුරාණ කවි සිවුපද දෙකක් දක්වමින් මේ සටහන අවසන් කරමි.ඒ එදා තලගුණේ පෙහෙකරුවන් ගේ ලෝකය විය.
මූකලන් කොටා කපු ඇට ඉසින්නේ. දෙපෙති වෙලා පැලපත ලොකුව යන්නේ
සමසක් ගිය කලට මල් බොකල වන්නේ-වෙසක් මසට සුරතල් කපු පිපෙන්නේ
රටින් ගෙනා වද විරුදු යන්තරේ - මෙරට තිබෙන්නේ කපු කපන යන්තරේ
ගැරෙන්ඩියට මතුලට අහයිද මන්තරේ -දී යන් ළඳේ නුඹ කපු කපන යන්තරේ

Tuesday, November 22, 2016

ෆෙඩරල් වාදේ රට සුද්දේ - ඒකාබද්දේ මලබද්දේ

                                
             පොළොන්නරුවේ රජ බවට පත් වූ මහා විජයබාහු නොහොත් කිත්ති විජයබාහු දෙමළ බලමුළු දුරැරලා රට එක්සේසත් කළ බව  ඉතිහාසයේ සඳහන්ය.. රජ බවට පත් වීමෙන් පසු ඔහු වසර පණස් පහක් ලංකා රාජ්‍යය දරා ඇත.ඔහු විසින් පරාජයට පත් කරන ලද්දේ ත්‍රස්තවාදීන් නොවේ. දෙමළ සොළී සතුරන්ය.ඒ බැව් පනාකඩු තඹ සන්නසේ ලියා තිබේ. කලක් තිස්සේ දෙමළ අණසකට යටත්ව තිබූ ලංකාව නිදහස් කොට දෙමළ දරුපොතේ සිංහලයෙන් ව්‍යවස්ථා කරවූ මේ රජු අනුරාධපුරය හා සමානව පොළොන්නරුවද මහා රාජ ධානියක් බවට පත් කළේය. එසේම සසුන් කෙත අස්වද්දා සදහම් අස්වනු නෙලා ගැන්මට සමත් වූ බවට ඉතිහාසය දෙස් දෙයි.
               කිත්ති කුමරුන් ගේ රජ පවුල වසර ගණනාවක් සතුරන් සමගයුධ වැද රට සෙමෙහි තැබුවා යම් සේද දෙමළ කොටින්ගේ ග්‍රහණයට යටව තිබූ උතුරු නැගෙනහිර තර්ජනයෙන් මුදා රටම එකක් කළ වත්මන් නරපතියා වූයේ මහින්ද රාජ පක්ෂයි. නමුත් මහින්ද රාජ පක්ෂ මහතාට බලයේ සිටින්නට හැකිවූයේ වසර දහයක් පමණි.ඔහුගෙන් පසුව බලයට පත් අනුප්‍රාප්තිකයන් රට ලැබූ ජයග්‍රහණයන් එකින් එක පරාජයන් බවට පත් කරමින් ඇත. 1565 දී දකුණු ඉන්දියාවේ තලිකොට් සටනේදී මුස්ලිම් සේනා සිය කාලතුවක්කු වලට දැමූවේ  වෙඩි බෙහෙත් නොවේ. රන්කාසිය. රන්කාසි වලට ලොබින් ස්වදේශික සේනා සටන අත්හළහ. වත්මන් ආණ්ඩුවද ඩොලර් හෝ දිනාර් වලට ලොබින් ලංකාද්වීපය අත්හරිමින් සිටිති.අපගේ මුතුන් මිත්තන්  ගේ ලෙයින් කඳුලින් ලියැවී තිබෙන ඉතිහාසය තුළ දිවි පරදුවට තබා රැකගත් ලංකාභූමිය එහි පාලනය පිළිබඳ පරමාධිපත්‍ය පළාත් ආණ්ඩු සභාවකට දීමට ව්‍යවස්ථා කෙටුම්පත් කර ගෙන යති.
              ශ්‍රී වික්‍රම රාජසිංහයන් කළ දුර්දාන්ත වඩුග පාලනය ඉවසුනු නොහී රදළයන් අතින් ලක්දිව ඉංග්‍රීසීන්ට භාර දී වසර දෙසීයක් සපිරෙයි.මේ භාරදීමෙන් අනතුරුව සිංහළයෝ තමන් රැවටුණු බව ඉතා ඉක්මනින් තේරුම් ගත්හ. ඉංග්‍රීසීන්ට විරුද්ධව මහා කැරැල්ලක් ඇති කලේ එහෙයිනි. නමුත් මේ කැරැල්ල වසර දෙකකින් පරාජයට පත් විය.   අනතුරුව  තවත් වසර ගණනාවකට පසු දෙතිසක් බදු පැනවීයැයි කෝපයට පත්ව මාතලේ දිශාවෙන් ඇරඹූ කැරැල්ල මසක් ඇතුළත පරජයට පත් වුණි.සුද්දන්ට එරෙහිව නව ඇරඹුමකින් සන්නද්ධ විය යුතු බවට ඉඟියක් එහිදී සැපයුණි. නමුත් ඒ බැව් කිසිවෙක් තේරුම් නොගත්හ. වසර දෙසීයකට පසුවද ඓතිහාසික වැරදි සියල්ල එලෙසම කරමින් ඇත.  පසුගිය වසරේ ජනවාරි අටවනදා පෙරළා දමනු ලැබූවේ රට එකසේසත් කරනු ලැබූ රාජ්‍ය නායකත්වයයි.මහින්ද රාජපක්ෂ මහතා සිය දේශපාලන ප්‍රතිවාදියා වූ රනිල් වික්‍රමසිංහ මහතාට අරලියගහ මන්දිරයට ආරාධනා කොට සාකච්ඡා කොට නික්ම ගියේය. මසක් යන්නට ප්‍රථම තමන් කරගත් ගොන්කම ජනතාවට වැටහී ගිය බව පෙනුණි. ඔවුහු බස් පිටින් පවුල් පිටින් පරාජිත මහින්ද බලන්නට තංගල්ලට ගියහ.පැත්තකට වී පරාජය තේරුම් ගනිමින් සිටි මහින්ද නැවතත් දේශපාලන පොර පිටියට ඇදී ආහ.ඔහු පෙරටු කොට නුගේගොඩින් අරඹනු ලැබූ ප්‍රතිවිප්ලවය පරාජය කරනු ලැබූවේ මහා මැතිවරණයෙනි. මේ පරාජයට මූලික හේතුව මහින්ද රාජපක්ෂ මහතා රටට වඩා පක්ෂයට ලොබ බැඳ සිටි බැවින් යැයි පැවසේ.
        මහින්ද ප්‍රතිරැල්ලෙන් බංකොලෙත්ව දේශපාලන පොරපිටියෙන් විසිව ගිය මහින්ද සමරසිංහ ෆයිසර් මුස්තාපා වැන්නවුන් ජාතික ලැයිස්තුවට දමා සිය බලය ස්ථාවර කරගනු වස් අලජ්ජිත ක්‍රියාමාර්ගයක නියැලුනු මෛත්‍රීපාල සිරිසේන මහතා ගම පොළෙන්නරුව වුවත් දෙමළ සතුරන් තම ඔඩොක්කුවේ දමා ගෙන සිටී.ඒ මදිවාට මහින්ද රජයෙන් සාරය උරා බී සිය මූලධර්මවාදය පුම්බාගත් මරක්කලයන්ද  උපදේශකයන් බවට පත් කරගෙන සිටිති. ජනපතිවරණයට පෙර තිස්ස අත්තනායක මහතා ජනතාව ඉදිරියේ ප්‍රකාශ කළ සත්‍යය එකින් එක තහවුරු වෙමින් ඇත. සිංගප්පූරු එකඟතාවය වචන පේළි වලින් මැන බැලිය හැකි නමුත් දෙමළ ඩයස්පෝරාවෙන් සහ ඉන්දීය ඔත්තු සේවා වලින් ලැබූ මුදල් ගණන් බැලිය නොහැකිය. එකම කොන්දේසිය උතුර සහ නැගෙනහිරට ස්වයං පාලනයක් නොහොත් සන්ධීය පාලනයක් ලැබ ගැන්මයි.එසේම ඉන්දියාව සමග ආර්ථික වහල් ගිවිසුමකට පැමිණීමයි. දැන් මේ කොන්දේසි වලට අවශ්‍ය පසුබිම ක්‍රමයෙන් පැහැදිලි කරගනිමින් ඇත.
         පසුගිය මහ මැතිවරණයෙන් විශාල ආසන සංඛ්‍යවක් දිනාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසක් රනිල් මෛත්‍රීපාල සභාගයට එක්ව සිටිති. මේ සභාගයට විරුද්ධව සිටින බහුතරයක් පාර්ලිමේන්තුව තුළ එක්ව සිටී. මහජන චන්ද ලක්ෂ පහක් ලැබූ දෙමල සන්ධානයට විපක්ෂ නායක කම  ලැබුණේ ජනතාවට අවශ්‍ය නිසා නොව අගමැතිවරයාට අවශ්‍ය වූ බැවිනි. එම තත්ත්වය තුළ මන්ත්‍රී ආසන පණස්එකක් ඒකාබද්ධ විපක්ෂය ලෙසට නිල නොවන ලෙසට ක්‍රියා කරයි.විවිධ පක්ෂ වලින් සමන්විත මේ සන්ධානය රනිල් වික්‍රමසිංයන් ගේ ව්‍යවස්ථා මර උගුලට කර තබා ඇත. ඇතුලේ සිදු වන්නේ කුමක්දැයි තෙරුම් ගන්නට තතනන ඔවුහු තව තවත් මර උගුලේ පැටලෙමින් ඇත. පසුගියදා ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේශ් ගුණවර්ධන මන්ත්‍රී වරයා ගේ අත්සනින් ව්‍යවස්ථා දායක සභා කමිටුවකට ඉදිරිපත් වුණු යෝජනා වලියක් අපට දක්නට ලැබුණි. යෝජනා දාහතරකින් සමන්විත මේ ලියවිල්ල මගින් බෙදුම්වාදී ජයම්පතී කමිටුවට කිසිම බලපෑමක් නොකරන බව පෙනේ. ඉතිහාසය පුරාම රට බෙදීම සඳහා ෆෙඩරල් වාදී විසඳුමකට මාන බැලූ ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න සුපුරුදු පරිදි සිය ඉලක්කය සපුරමින් සිටී.නොවැම්බර් 19 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථා සම්පාදක කමිටු වාර්තා වලින් ඒ බැව් පැහැදිළිය.නමුත් ඒකාබද්ධයේ ඉලක්කය නම් ජනධිපතික්‍රමයේ වෙනසක් කර  අගමැති තනතුරින් රටේ නායකත්වය ලබා ගැනීමයි.
           මගේ ලෝකය ග්‍රන්ථයට තිස්වසරක් පිරීම නිමිත්තෙන් පවත්වන්නට යෙදුණු සම්මන්ත්‍රණයේ දී මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියෙන් තබා ගෙන මහාචාර්ය නලින්ද සිල්වා මහතා පැවසූ වැදගත්ම කරුණ මෙහිදී මතක් කළ යුතුය. කොටි ප්‍රශ්ණයට දුන් දේශපාලන විසඳුම නන්දිකඩාල් කලපුවෙන් අවසන් වූ බැවින් මහින්ද මහතා යලි ජාතිකත්වයට පැමිණිය යුතු බව මහාචාර්ය තුමා ගේ අදහස විය.මේ කියන්නේ කුමක්ද. යුද්ධය අවසන් කළ ද මහින්ද ජාතිකත්වයට නොපැමිණි බවයි. තමන් දේශපාලන විසඳුමක් දුන් බව නොදන්නාකමින් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම පත් කරන ලද්දේය. ඒ ජිනීවා උගුලට  පය තැබූ අවස්ථාවයි.2014 දී ජාතික සංවිධාන රාශියක් එකතු වී පළත් සභාවල අහිකර වගන්ති වන 154 (අ) -154(ඩ) දක්වා ද 155(3) අනු ව්‍යවස්ථාවද  නව වන උපලේඛනයද පරිච්ඡින්න කිරීමෙන් අභ්‍යන්තර සවයංපාලනයක් ඇතිවීම වළක්වාලන ලෙසට කටයුතු කරන මෙන් ඉල්ලා සිටියහ. විධායක බලයත් තුනෙන් දෙකේ බලයත් හිමිව සිටි ඔහු එය ප්‍රතික්ෂේප කළේය. එසේම යුද්ධයෙන් පසු ඔහුගේ ආර්ථික ප්‍රතිපත්තිය වූයේ 2002 ඇති කළ යලි පුබුදමු ශ්‍රී ලංකා ලියවිල්ලයි. උතුර නැගෙනහිර සංවර්ධන ක්‍රියාදාමයේදී මෙන්ම කොළඹ නගර සංවර්ධන ක්‍රියාදාමයේදී මේ ලියවිල්ල මත පදනම්ව කටයුතු කර ඇත.
        දැන් ඒකාබද්ධයේ යෝජනා දාහතරෙන් ඉල්ලන්නේ කුමක්ද. පළාත් සභා ක්‍රමය ඒකීය රාජ්‍යයට සහ එහි ආරක්ෂාවට තර්ජනයක් නොවිය යුතුය. පළාත් සභා තම බලතල පාවිච්චි කළ යුත්තේ මධ්‍ය යෙහි විධායක හා ව්‍යවස්ථාදායක බලයට යටත්වය. වැනි යෝජනාවන්ය. මෙසේ කී පමණින් ජයම්පතී වික්‍රමරත්න මහතා සිය ස්ථාවරය වෙනස් කරයිද. නැත.ඔහුගේ අරමුණ සමගාමී ලැයිස්තුවද ඉවත් කරමින් ජනාධිපතිවරයාගේ බලයද ඉවත් කරමින් පළාත් ආණ්ඩුවකට පළාත් විධායක බලයකට පිවිසීමයි. මේ යථාර්තය සංවාදයකට ලක්කොට ජනතාව අතරට ගෙන යෑම ඒකාබද්ධය සතු වගකීමයි. පාර්ලිමේන්තුව තුළ කුමන කතා විරුද්ධව කළත් මහජනතාව සහ මෙරට මහා සංඝරත්නය ඒවා නොදනී නම් මාධ්‍ය විසින් ඒවා වසන් ගන්නේ නම් ව්‍යවස්ථා මර උගුල පරාජයට පත් කල නොහැකිය.  ඒ සඳහා මල්පොහොට්ටු පුප්පන්නට අවශ්‍ය නැත.මල් පොහොට්ටු අතින් ගත් පණ්ඩිතයන් චන්ද්‍රිකා මැතිණිය සමග පැකේජ කරතබා ගෙන තිය හැටි අපට අමතක කළ නොහැකිය.සැබවින්ම ඒකාබද්දයට  මල බද්දය හැදී තිබෙන්නේ මේ අවස්ථාවලදීය.ඔවුන් තටමන්නේ කුමකටද. පක්ෂ පිහිටුවීම හෝ අගමැති තනතුර හෝ එකම ඉලක්කය බවට පත් කර ගත් කල්හි 1848 දී සිංහල ජනතාවට අත්වූ පරාජයට වඩා පරාජයක් ඔවුන්ට අත්වනු නිසැකය. ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගත් මේ දේශපාලන අඳ බාලයන් ගේ ඉරණමට වඩා රටේ ජාතියේ ශෝචනීය ඉරණම ඉතා දරුණුය.


Thursday, November 10, 2016

නව ව්‍යවස්ථාවට එරෙහි වන අයට සිපිරිගෙය පණත ලෑස්තියි

                                      


                     යහපාලන රජය බලයට පත් වීම සහ වසර එකහමාරක කාලයක් තුළ පවත්වාගෙන යෑමේදී ජනතාව ඉදිරියේ ඇති කළ දේශපාලන මුහුණුවර පිළිබඳ නිවරදි තක්සේරුවක් කිරීමට දැන් කාලය පැමිණ ඇත.ජනාධිපතිවරයා ප්‍රකාශ කරන පරිදි ඉතා කුඩා මන්ත්‍රී සංඛ්‍යාවක් තිබූ එක්සත් ජාතික පක්ෂයට රාජ්‍ය බලය රැගෙන දීම සහ ඉන්පසුව කරන ලද නීත්‍යානුකූල නොවන ක්‍රියා රාශියක් ගැන අත්දැකීම් මේවන විට තිබේ . පළාත් පාලන මැතිවරණය දිනෙන් දින කල් යන අතර ජනතා විරෝධය යටපත් කරලීම පිණිස නොයෙකුත් හිතුවක්කාරී දේශපාලන තීරණ ක්ෂණිකව මතු වෙයි. පසුගිය මැති වරණ සමයට පෙර බැඳුම්කර සිද්දියට අදාල කෝප් වාර්තාව නිකුත් කිරීමට ප්‍රථම පාර්ලිමේන්තුව විසිරුවා හැරීම මෙයට එක් නිදර්ශනයකි.එවිට මෙයින් ගම්‍ය වන්නේ කුමක්ද .යහපාලන රජය බිඳ වැටීමට ඉඩ නොදී කෙසේ හෝ පවත්වාගෙන යෑම එහි අරමුණ බව තීරණය කළ හැකිය. දහනව වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු  ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි පාර්ලිමේන්තුව විසිරුවා හල නොහැකි බවද මෙහිදී අප සිහිපත් කළ යුතුය.
              යහපාලන රජයෙහි මූලික අරමුණු අතරින් ඉතා වේගවත්ව ක්‍රියාත්මක වන්නේ නව ව්‍යස්ථාව සකස් කිරීමේ ක්‍රියාවලියයි. ඊට අමතරව ඉන්දියාව සමග අත්සන් කිරීමට යෝජිත ඉක්ටා ගිවිසුමයි.2016 වසරේ ආරම්භයත් සමගම මේ නව ව්‍යවස්ථාව සඳහා මහජන අදහස් විමසීම ඇරඹුණී. එහි වාර්තාවද දැන් නිකුත් වී තිබේ. නමුත් ඒ තුළින් අප දකින්නේ මහජන අදහස් නොව කමිටුවට පත් කළ ප්‍රධානීන් අභිමත ඉලක්කයන්ය. අනාගමික රජ්‍යයක් බවට ලංකාව පත් කිරීම හෝ සියළුම ආගම් වලට සමතැන දීම ජාතික කොඩිය වෙනස් කිරීම.  බලය බෙදා හැරීම.යන කරුණු වලදී සීමිත පිරිසක් වන උතුරේ බෙදුම්වාදීන් ගේ අදහස් වලට කමිටුව මුල් තැන් දී තිබේ. මෙම කමිටුව නියෝජනය කරන පිරිස අතරින් බහුතරයක් බෙදුම්වාදයට පක්ෂවේ. ඒ බැව් එම වාර්තාවේ හැඳින්වීමෙන් ප්‍රකාශ වේ. කෙසේ වෙතත් ඉදිරි මාසයේ එළියට ඒමට නියමිත මෙම ව්‍යවස්ථාව ගැන සමාජයේ ඇතිවූ කතාබහ බෙහෙවින් වැදගත් විය. මහානායක හිමි වරුන් ගෙන් සහ කාදිනල් වරයාගෙන් එහි ඇතැම් කරුණු වලට එල්ල වූ විරෝධය නිසා රජයේ පාර්ශවයෙන් කරුණු පැහැදිලි කර දෙන්නටද උත්සුක විය. ඒසේම ජනමත විචාරණයකින් තොරව මෙම ව්‍යසස්ථාව සම්මත කරන බවද විවිධ දේශපාලන කණ්ඩායම් වලින් මත පළ විය.
           යහපාලන රජය දිනෙන් දින අප්‍රසාදයට පත් වෙයි. රජය පවත්වගෙන යෑමට නොහැකිව බැදුම්කර මගඩි තුළින් ණය බර උත්සන්න වී නලියන කල රජය බිඳ වැටීමකට ලක් විය යුතුය. අඩු ගණනේ අග්‍රාමාත්‍ය පදවිය වෙනස් වීමකට ලක් විය යුතුය. නමුත් ජනාධිපතිවරයා කලින් ලෙසම මෙම බිඳි වැටීම වළක්වාගෙන සිටී.එයට හේතුව ලෙසට අපට සැලකිය හැක්කේ පැවති රජය පරාජය කිරීම පිනිස විදෙස් බලවේග සමග ඇතිවූ එකඟතාවයන් අර්බුදයට යෑම වලක්වා ගැනීමයි. වෙසෙසින්ම සංහිඳියා පිළිවෙත තුළින් උතුර සහ නැගෙනහිරට අවශ්‍ය ප්‍රමාණවත් දේශපාලන බලතල ලබා දීම පිණිස පිහිටවූ සංහිඳියා ලේකම් කාරයාලය ඔස්සේ ඉදිරියට යන වැඩ පිළිවෙල කඩාකප්පල් කර ගැනීමට මේ පිරිසට නොහැකිය. අතුරුදහන් තැනැත්තන් පිළිබඳ පණත වැඩි සංවාදයකට ලක් නොකර සම්මත කර ගැනීමෙන් අපට පැහැදිලි වන්නේ එකඟතාවයන් ඉෂ්ට කිරීමට රජය විශේෂයෙන්ම බැඳි සිටින බවයි.ඒ අනුව ඉදිරියේදී ඉක්ටා ගිවිසුම අත්සන් කිරීමත් ෆෙඩරල් බලතල සහිත නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමත් යන කාරණා සිද්ද කොට අවසන් කිරීමට යොමු විය හැකිය.
        මේ අරමුණු මෙසේ වුවද යුද්දයෙන් අවසන් කරන ලද කොටි ත්‍රස්ත බිය නැවත මතු වෙමින් පවතී. අවි ආයුද තැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම ගිනි අවි ප්‍රවාහනය කිරීම වැනි දේ උතුරේ යලි සිදු වෙයි. ආරක්ෂක හමුදා වලට  පහර දීම සිදු වෙයි. දෙමළ පොලිස් නිලධාරින්ට ඉල්ලා අස්වන ලෙසට බල කෙරෙන දැන්වීම් ලැබෙයි. මීට ටික දිනකට ප්‍රථම උතුරේ මහ ඇමති විසින් කරන ලද වෛරී ප්‍රකාශවලින් පසු  උතුරේ තරුණයන් ඇවිස්සී තිබේ. ඔවුන් උතුරේ බුදු පිළිම කුඩු කරයි.කැලෑ බෝගස් වැව වැනි සාම්ප්‍රදායික සිංහල ගම්මාන සංවර්ධනය කිරීමට විරුද්ද වෙයි. උතුරේ හමුදා කඳුවරු ඉවත් කළ යුතු යැයි විදෙස් නියෝජිතයන් හමු වේ ප්‍රකාශ වෙයි. බෞද්ධ නොවන ප්‍ර දේශ ලෙස උතුර ගැන හඳින්වීමක් කර ඇත. මේ ළගදී ලංකාවට පැමිණි රීටා නමැති එක්සත් ජාතීන් ගේ සංවිධානයේ නියෝජිතවරිය මෙය අනුමත කරමින් ප්‍රකාශයක් ලබා දී තිබේ.පෙරහර එන විට කස පුපුරුවන බව අප දනිමු.1987 දී ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට ප්‍රථමවද මේ දේ සිදු විය.රටපුරා කලබගෑනි ඇති වී බලහත් කාරයෙන් ගිවිසුම අත්සන් කෙරිණි.
       ජේ.ආර්. මාමාගේ අඩිපාරේ යන වත්මන් අගමැති වරයා සිය අරමුණු සාක්ෂ්‍යත් කර ගැනීමට සමස්ත රජයම ප්‍රාණ ඇපයට ගෙන ඇත. රටේ ඇති ප්‍රධානතම ප්‍රශ්ණය උතුරේ සහ නැගනෙහිර දෙමල මුස්ලිම් අයට බලතල නොදීම යන මිථ්‍යාවේ ඔහු සිරවී සිටී. ජනාධිපතිවරයාද ඊට දෙවනි නැත.මේ දෙදෙනාගේ න්‍යාය පත්‍රය මත සියල්ල සිදු වෙමින් පවතී. මේ අතර තිස්ස අත්තනායක මහතා දෙවනි වරටද අත්අඩංගුවට පත් වී ඇප නොලබා සිපිරිගෙයට ඇතුලත් කර ඇත.ඔහුට තිබූ මුල් චෝදනාව නම් කූඨ ලේඛන සකස් කිරීමයි. එයට දැන් තවත් චෝදනාවක් එකතු කර ඇත. එය නම් ජනවර්ග අතර වෛරය ඇති කිරීමට කටයුතු කිරීමයි. එවැන් නීතියක් රටේ තිබෙන බවද බොහෝ දෙනා නොදනිති.මන්ද එවැනි වරකට මෙතෙක් චෝදනාවක් එල්ල ව නොතිබීමයි. සැබවින්ම 2007 අංක 56 දරන පණතමගින් මෙවනි වරදවල් ආවරණය කරනු ලබයි. පසුගිය මහින්ද රජපක්ෂ රජයේ කැබිනට්ටුව විසින් අනුමත කොට සම්මත කරන ලද මෙම පනත සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියකට අනුව සකස් වූවකි.1966 වසරේ දෙසැම්බර් මස දී එක්සත් ජාතීන්ගේ මණ්ඩලය ඉදිරියේ  සම්මත වූ මෙය 1980 වසරේ දී  ලක් රජය අත්සන් කොට ඇත. රට තුළ පැවති ත්‍රස්ත ක්‍රියාකාරකම් යුද්යෙන් අවසන් කොට නැවත එම බිය ඇති නොවිම සඳහා ජාත්‍යන්තර නීතියට අනුකූල පණතක් ගෙන ඒම එහි බලාපොරොත්තුව වන්නට ඇත. නමුත් එම රජය එම නීතියෙන් ප්‍රහාර එල්ල කොට ඇත්තේ සිංහලයන්ට පමණකි. 2014 දර්ගා නගර සිද්දියට අදාලව සිංහලතරුණයන්ට මේ නීතිය යටතේ නඩු පවරා තිබේ.  තිස්ස අත්තනායක මහතා මැතිවරණයට පෙර මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමන් කාරණා තුනක් ගෙන හැර දැක්වීය. එයින් ප්‍රධන තම කාරණය වන්නේ දෙමළ ජාතික සංවිධනය සමග යම් ගිවිසමුක් ඇති. බවයි. දේශපාලන මැතිවරණ අවස්ථාවකදී මෙවැනි චෝදනා එල්ල වී ම ස්වභාවිකය. කෙසේ වෙතත් මැති වරණයෙන් පසුව තිස්ස අත්තනායක මහාත කූට ලේකණ සකස් කිරීමේ චෝදනවා මත රිමාන්ඩ් භාරයට පත් විය.දැන් අප බලමු මේ නව පණතේ අඩංගු කරුණු අනුව එහි තෙවනි වගන්තියෙන් ප්‍රකාශ වන්නේ මෙයයි.
1 - කිසිම තැනැත්තෙකු විසින් යුද්ධය පැතරවීම හෝ වෙනස් ලෙස සැලකීම එදිරිවාදිකම් වලට හෝ ප්‍රචන්ඩ ක්‍රියාවලට යොමු කිරිම සංයුක්ත වන ජාතික වාර්ගික හො ආගමික වෛරය සඳහා පෙළඹවීම නොකල යුතුය.මෙම වගන්තිය යටතේ වන වරදක් සංඥය හා ඇප දිය නොහැකි වරදක් වන්නේය. එසේම මහාධිකරණය විසින් විශේෂ හේතු මත හැර ඇප දීම සිදු නොකළ යුතුය යන්න දැක්වේ.
         තිස්ස අත්තනායක මහතාගේ සිද්දිය ට අදාලව මෙම නීතිය පෙරට ගැනීම පූර්වාදර්ශයක් සැපයීම සඳහා කරන අත්හාදා බැලීමකි. ඉදිරියේදී නව ව්‍යවස්ථාවට විරුද්ධ වන්නන්ට එරෙහිව මෙය යොදා ගත හැකි වන බවට රජය විශ්වාස කරයි.එයට අමතරවඉක්ටා අත්සන් කිරීම කෙසේ හෝ කිරීම පිණිස බැඳුම්කර සිද්දිය වැනි දේ මාධ්‍ය මගින් අනවශ්‍ය පරිදි උලුප්පා දමා කටයුතු කරන බව පෙනේ. එය අත්සන් කළහොත් දකුණු ඉන්දීය ආර්ථික කලාපයේ කොටසක් බවට උතුර සහ නැගෙනහිර පත් වේ. එවිට නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමේ ක්‍රියාවලියට ඉන්දියාවට මැදිහත් වීමේ ඉඩකඩ විවර වේ. මේ වත්මන් රජයේ න්‍යයා පත්‍රයයි.