පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Tuesday, March 30, 2021

උරතිරපුරම් දාගැබ කෝවිලක් වූයේ කෙසේද



          උතුරු පළාතේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ශිවනගර් නමින් දැන් හඳුන්වනු ලබන වසම අතීතයේ දී හඳුන්වන ලදදේ කුමන නමකින්ද යන්න වර්තමානය වන විට අපහැදිලිය. එයට හේතුව දහතුන්වන සියවසෙන් පසු උතුරු පළාත මත ඇතිවූ විදෙස් ආක්‍රමණ සහ පරංගි සමයෙන් පසු විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය පාලන සමයේ මලබාරයෙන් ගෙනවුත් පදිංචි කරන ලද දෙමළ ජනතාවගේ බලපෑම් නිසාය.උතුරු පළාතේ ඇතැම් සිංහල නම් ඒ අයුරින්ම දෙමළට හුරුවූ නමුත් බහුතරයක් ප්‍රදේශයන්ට සම්පූර්ණ දෙමල නම් ආදේශ වී තිබේ.පසුව මිනුම්දෝරු සිතියම් වලටද ඒවා ඇතුලත් කරතිබේ. ලංකා මැනුම කරන අවස්ථාවේ දී මිනුම්දෝරු දෙපාර්තමේන්තුවේ සේවය කළ දෙමළ නිළධාරීන් හිතාමතාම පැරණි සිංහල නම් අහෝසි කල බවට කතාවක්ද තිබේ.පෙරකී උරතිරපුරම් නාමය ඇති වන්නට හේතුව වන්නේ මේ විපිරියාසයයි.

          වර්තමානයේ ශිවනගර් යනුවෙන් හඳුන්වන ග්‍රමයේ පැරණි වැවක් අසල තිබී 1956 දී නශ්ඨාවශේෂ රාශියක් හඳුනාගන්නට යෙදුණි.ඒ අනුව එම පෙදෙස රජයේ ඉඩමක් ලෙසට සිතියම් වලට ඇතුලත් කර ඇත.1958 දී  පුරාවිද්‍යා කොමසාරිස්ව සිටි පී.ඊ.පී. දැරණියගල මහතාගේ පාලන වාර්තාවේ එම කටයුත්ත දක්වා ඇත්තේ මෙසේය.උතුරු පළාතේ උරතිරපුරම් ජනපදයේ තිබෙන දාගැබක් විනාශ කොට ඇති බවට වාර්තා වී තිබේ.උරතිරපුරම් වැව දක්වා මාර්ගයක් තැනවීමේදී කරන ලද සමතලා කිරීම් වලදී මෙම දාගැබ හඳුනාගන්නට යෙදී ඇත.පාර කැපීම වහාම නවත්වන ලදී.දාගැබ අසල ගල්කණු කීපයක්ද හඳුනාගන්නට යෙදී ඇත.නව කෝවිලක් මෙම නටබුන් අසලම දැනට ඉඳි කරමින් ඇත(A modern kovil is under conatruction ).කොවිලේ ගෙඩනැගිල්ල සඳහා අත්තිවාරම් කැපීමේ දී සිංහ හිස සහිත මැටි භාණ්ඩ කීපයක්  සහ පැරණි කාසි හමුව තිබේ.මෙම ස්ථානයේ දේවාලයක් ද තිබෙන්නට ඇතැයි සිතිය හැකිය.මෙම නටබුන් හඳුනාගන්නට යෙදුණද ස්ථානය පුරාවිද්‍යා ස්මාරකයක් බවට ගැසට් කරනු ලබන්නේ 2016 වසරේ දීය(අංක 1960/ 2016-03-24 ).ඒ වන විට ප්‍රදේශය ශිවනගර් ලෙසට නාමකරණය වී ඇති හෙයින් එම නමින්ම ගැසට්ටුවට ඇතුලත් වී තිබේ.

     ලංකාව විදේශ ආක්‍රමණයන්ට නතු වීම සිදුවන්නේ ඉතිහාසයේ දීර්ඝකාලයක සිටය . විශේෂයෙන්ම කාලිංග මාඝ සමය මෙන්ම චෝල ආක්‍රමණ සමය ඉතා ප්‍රබල විය. දකුණ ඉන්දියාව හරහා එල්ල වූ මෙම බලපෑම් නිසා හින්දු ආගමේ ආභාෂය ද නොමදව මෙම පළාත් වලට ලැබී තිබේ. නමුත් සිංහල සංස්කෘතියේ විවිධත්වය මත මෙම බලපෑම අවම කර ගැනීමට සමත්ව තිබෙන ආකාරය දැක ගන්නට හැකිය.උතුරේ පමණක් නොව දකුණේද විහාරස්ථාන ආශ්‍රීතව කතරගම විෂ්ණු කාලි දේවාල ඇති වන්නේ මේ නිසාය.උතුරු පළාතේ මෙම හින්දු බලපෑම නුවර කලාවිය ට  නොහොත් අනුරාධපුර දිස්ත්‍රික්කයට පවා දැනී තිබුණි. අදටත් රජරට ගම්වල පුල්ලෙයාර් නොහෙත් ඝණදෙවි රූප තැන තැන දක්නට ලැබනේනේ මේ නිසාය.හින්දු ආගමේ ඇදහීම් රාශියක් සිංහල සංස්කෘතිය විසින් උකහා ගැනීම මෙයට හේතුවයි.නමුත් එම බලපෑම් නිසා උතුර හෝ නැගෙනහිර ප්‍රදේශ දෙමළ ප්‍රදේශ යනුවෙන් දැක්වීමට හේතුවක් නිර්මාණය වන්නේ නැත.මන්ද හින්දු ආගම දෙමළ ජන වර්ගය සඳහා පමණක් වන ආගමක් නොවන බැවිනි. එය උතුරු ඉන්දියාවේ පවා තිබෙන පැරණිතම ඇදහිලි ක්‍රමයයි.

 මේ තත්වය එසේ වුවද බ්‍රිතාන්‍ය සමයෙන් පසුව උතුරු පළාත සිංහල ජනතාවගෙන් ඈත් වීමත් ද්‍රවිඩකරණයත් නිසා එහි පවතින සියලුම බෞද්ධ සිද්ධස්ථාන අසල දෙමළ කෝවිල් ඉඳි කරන්නට යෙදුණි. ඊට අමතරව ඇතැම් විහාරස්ථාන කඩා බිඳ දමා රෙපරමාදු පල්ලි ඉඳි කළ බවට බල්දෙයස් නම් පූජකයා වාර්තා තබා තිබේ.

     උරතිරපුරම් නම් පෙදෙසේ ශිව නගර් කෝවිල ඉඳි කරනු ලබන්නේ ද මේ ආකාරයෙනි.උරතිරපුරම් ආසන්නයේ එයට උතුරින් සපුමල් කුමරු විසින් ඉඳිකල පැරණි නල්ලූර් දේවාලයද පිහිටා තිබී ඇත.මේ නිසා උරතිරපුරම් නාමයේ යම් සංස්කෘත භාෂා විලාශයක්ද ගැබ්ව පවතින්නේ යැයි සිතිය හැකිය.1958 කාලයේ පටන් මෙම දාගැබ විනාශ වන්නට කටයුතු යෙදුණු බවට පුරාවිද්‍යා වාර්තා දක්නට ඇත. මෑත කාලයේ දාගැබ පවතින රජයේ ඉඩම දීමනා පත්‍රයක් මගින් කෝවිලට පවරා දී ඇත.උතුරු පළාතේ පවතින දැනට ශේෂව දක්නට ලැබෙන පුරාවස්තු අතර උරතිරපුරම් දාගැබ සහ නශ්ඨාවශේෂ ඉතා වැදගත් බැවින් ඒවා ආරක්ෂා කර ගැනීමේ අදිටනින් උතුරු පළාත් පුරාවිද්‍යා කාර්යාලය රජයට යෝජනාවක් ඉදිරිපත් කරනු ලබන්නේ 2020 වසරේ දීය. ඒ අනුව 2021 මාර්තු මාසයේ දී දාගැබ සංරක්ෂණ කටයුතු ආරම්භ කරලීමට කැණීම් කණ්ඩායම් පිටත් කර යැවිණ. නමුත් ‌කෝවිල් පාලක මණ්ඩලය මෙයට විරෝධය දක්වන ලද බැවින් දෙපාර්තමේන්තුවට කැණීම නතර කරන්නට සිදු විය. ඒ සම්බන්ධව කිලිනොච්චි පොලිසියට පැමිණිලි කොට ඇති අතර එම ඉල්ලීම දැනට උසාවියට ඉදිරිපත් කර තිබේ.


      මේ රටේ විවිධ ස්ථානයන්හි විවිධ පුරාවස්තු දක්නට ලැබේ. බොහෝ පුරාවස්තු බෞද්ධ සිද්ධස්ථාන ආශ්‍රිතව පවතින අතර ඒ වායේ යම් කැණීමක් හෝ අලුත් වැඩියාවක් කරන කල්හි එයට විරුද්ධව යෑමක් නැත. ඒ ස්ථානවල වැඩ වසන ස්වාමීන් වහන්සේලා ගේ සහයෝගයෙන් එම කැණීම් කරගෙන යනු ලබයි.නමුත් උතුරු සහ කැගෙනහිර පළාත් වල සිංහල නීතියක් බල පැවැත්වෙන්නේ නැත. යම් පැමිණිල්ලක් පුද්ගලයෙකුට විරුද්ධව ඉදිරිපත් කළද ආණ්ඩුවේ නිළධාරීන්ට එරෙහිව ඉදිරිපත් කළද උසාවි වල තීන්දු ලබා දෙන්නේ දෙමළ පාර්ශවයට වාසි සහගත වන ආකාරයෙනි.ගුරුකන්ද රජමහා විහාර සිද්දියේ දී ඒ බැව් මනාව පැහැදිලි විය.උසාවියේ නඩු අසන්නේ දෙමළ භාෂාවෙනි. සිංහල පාරිවර්තනයක් ලැබෙන්නේ නැත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවා සිය ඉල්ලීම් සහ වාර්තා ඉදිරිපත් කරනු ලබන්නේ ඉංග්‍රීසි භාෂාවෙනි.මේ නිසා සාධාරණයක් බලාපොරෙත්තු විය හැකි නොවේ. පසුගිය යහ පාලන සමයේ දී මේ තත්වය උග්‍ර වුණු අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගය මත පුරාවිද්‍යා ස්ථාන ගැසට් කිරීම  පවා වැලැක්විණ.

       වර්තමාන රජය බලයට පත් වූ පසු මේ තත්වය වෙනස් වන බවට ප්‍රාර්ථනාවක් තිබුණි.නමුත් මේ වන තුරු එලෙස සිදු වන බවක් පෙනෙන්නට නැත. උරතිරපුරම් සිද්දියේ දී කිලිනොච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ධරන් දක්වන විරෝධය හමුවේ වර්තමාන ජාතික උරුම අමාත්‍යවරයා වන විදුර වික්‍රමනායක මහතාට සාධාරණ පිළිතුරක් ලබා දිය හැකිය.මෙහිදී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තුමාගේ වගකීම විය යුත්තේ මෙම ප්‍රශ්ණය උසාවිය ට ඉදිරිපත් කිරීම නොව පොලිස්පතිට සහ නීතිපතිට මෙන්ම අදාල අමාත්‍යවරායටද දන්වා කැණීම කරගෙන යෑමට නීතියේ ආරක්ෂාව ලබා ගැනීමයි. නමුත් අභ්‍යන්තරව පවතින ගැටළු වලට විසඳුම් ලබා දීම ලෙහෙසි පහසු නොවේ. එයට හේතුව උතුර සහ නැගෙනහිර පළෘතට අනන්‍ය වූ මේ ප්‍රශ්ණ ලිහා ගැනීමට විධායකයේ මැදිහත් වීම අත්‍යවශ්‍ය බැවිනි.

 දැනට පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය වෙමින් පවතින අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්ද සැකසෙමින් පවතී.විශේෂයෙන්ම රටේ ප්‍රධාන රාජ්‍ය භාෂාව වන සිංහල  සෑම ප්‍රදේශයකම රාජ්‍ය භාෂාව බවට පත් වීම අනිවාර්ය කරුණකි.එසේම පළාත් සභා අහෝසි කිරීමත් පොලිස් බලතල ලබා දීම අත්හිටුවීමත් සිදු විය යුතුය.


           

Thursday, March 18, 2021

නූතන වන විනාශය ඉඩම් මංකොල්ලයේ ප්‍රතිඵලයක්ද

 

 


 

                               

             ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයට භාර දීමට ප්‍රථම දිවයිනේ සංවර්ධන ඉලක්කයන් සැම සැකසුණේ ගොවිතැන මූලික කොට ගෙනය.වැව් තැනවීම කුඹුරු අස්වැද්දීම හේන් කෙටීම ඇළ මාර්ග තැනවීම ආදී සියල්ල සිදු කරන ලද්දේ ජනතාවගේ ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීම පිණිසය.ඇතැම් කාලවකවානුවල දීර්ඝ අක්‍රමණික සමයන් පසුකිරීමට අපගේ මුතුන් මිත්තන්ට සිදු විය. එවැනි අවස්ථාවලදී රජරට මහා මූකලාන් වලට යටවිය. වැව් බිඳී පිට්ටනි බවට පත් වී කැලෑවට යටවිණ.පසුව සිංහල කුමාරයෙකු විසින් නැවත රාජ්‍යය පිහිටුවීමෙන් පසු කළ පළමු කාර්යය වූයේ ගම් අස්වැද්දීමයි.කැලෑවට යටවූ පෙදෙස් එළි පෙහෙළි කරමින් ගම්බැඳීම යලි සිදු විය.මෙම සිද්දි දාමය නිසා  රට තුළ වන විනාශයක් හෝ පරිසර විනාශයක් සිදු නොවීය.දිය උල්පත් හිඳී නොගිය අතර යලි හරිත වර්ණ ගම්මාන වලින් පරිසරය වසාගත්හ.මන්නාරම වැනි සුෂ්ක පෙදෙස් වල පවා ගහකොළ වලින් සපිරුණු වටපිටාවක් නිර්මාණය කර ගැනීමට යෝධ වැව ඉවහල් වීම සැලකිල්ලට ගත හැකිය.පරිසරයත් සමග පොර බදිමින් එයට සංවේදී වීමට හැකියාවක් තිබූ  අපගේ මුතුන් මිත්තන් අසරණ බවට පත් වූයේ යුරෝපීය ජාතීන්ට යටත් වීමත් සමගමය.

      1840 දී පළමුවරට මුඩුබිම් පනත් මගින් දේශයේ ඉඩම් කොල්ල කනු ලැබිණ.ඉන්පසු විහාරගම් දේවාලගම් ඉඩම් පවරා ගන්නට යෙදුණී.වසර දහස් ගණනාවක් තිස්සේ කැලෑවට යටවී තිබූ නෑඹුල් වන ගහනය මෙන්ම ජනතාවගේ හේන් ඉඩම්ද කෝපි වගාවටද පසුව තේ සහ රබර් වගාවටද යොමු කෙරිණ.එහෙත් මේ වතු යායන්ට කොටුවූ සිංහලයන් තමන්ගේ ඉඩම් භුක්ති රටාවෙන් හෝ සිරිත් විරිත් වලින් බැහැර කරන්නට නුපුළුවන් විය.මහනුවර සිට මහියංගනයට යන පාර ට පෙනෙන පැරණි කඳුකර ගම්මානයන්හි අපි දකින්නේ සශ්‍රීක ස්වයං පෝෂිත ජීවන ක්‍රමයයි.එසේම ජල උල්පත් බහුල සොබාදහම් දිනිතියයි. මේ තත්වය 1977 න් පසු විවෘත ආර්ථිකය පැමිණෙන තෙක්ම තිබූ බව අපට මතක් කර ගත හැකිය. නමුත් ඉඩම්  සංවර්ධන ආඥ පනත ඉඩම් නිරවුල් කිරීමේ ආඥා පනත  ආදී නීති මගින් ජනතාවගේ ඉඩම් පරිහරණ රටාවන් වෙනස් කිරීමට අඩිතාලම දමනු ලැබීය.ඉඩම් නිරවුල් කිරීමට අදාල ගම වසා දමා නිකුත් කළ දැන්වීම් තුළ  අදාල ගමේ පරිසරයත් සමග බැඳුණු සොබාදහම් දායාදයන් සියල්ල දක්වා තිබුණද අවසානයේ ගම නිරවුල්ව ගැසට්ටුව නිකුත් වන්නේ පරිසරයයෙන් වියුක්ත වූ ඉඩම් පරිහරණ රටාවත් සමගමය. පෞද්ගලික සන්තකයේ තිබුණ මහා කැලෑ ඉඩම් සරුසාර භූමි ප්‍ර දේශ නින්දගම් අහෝසි කිරීමේ ආඥ පනත මගින් ආණ්ඩුවේ මෙහෙයවීම මත මංකොල්ල කන්නට යෙදුණි.ඉන්පසු ඒවා පෞද්ගලික සන්තකයට නැවත පත් වීමේදී සිදු වූ වන විනාශ නිමක් නැතිය.1972 න් පසු ඇති කල ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ අදහස වූයේ ඉඩම් නැති ජනතාවට ඉඩම් ලබා දීමේ  යහපත් ප්‍ර වේශයකි. ඒ තත්වය තුළ නින්දගම් ඉඩම් අක්කර පණහට සීමා කොට ඉතිරිවා රජයේ වතු බවට පත් කරනු ලැබිණ. අනතුරුව මෙම ඉඩම් අතයට ගනුදෙනුවලින් අන්සන්තක විය.එවැනි ස්ථාන රාශියක අදටත් මහා වන විනාශයක් සිදු වේ. අතැම් විට සිංහරාජ වනාන්තරයේ ප්‍රේරණ කලාපයේ තිබෙන ඉඩම් බොහොමයක් මේ කියන ගණයට අයත් දේ ය.

 මේවායේ ජනතාව පදිංචි වූ ද අද ඊයේ නොවේ.  2004 ජූලි  22 දාතම යටතේ (PS/CS//26/2004 අමාත්‍ය මණ්ඩල සංදේශය ) සිංහරාජ ප්‍රේරණ කලාපයේ පවතින මෙම LRC ඉඩම්    සිංහරාජයට එකතු කර ගැනීමේ ක්‍රියාමාර්ගයක් ගැනුණද එය තවමත් සම්පූර්ණව නැත.නමුත් ඉලුඹ කන්ද සහ බෙරගල නමින් තවත් රක්ෂිත දෙකක් අලුතින් වනයට එකතු විණ.

      විවෘත ආර්ථික සංකල්පයන් පාලකයාට වඩා ඉහළින්ම වැළඳ ගනු ලැබූයේ ජනතාව විසිනි.ඔවුහු භූමියේ තිබූ උරුමකම් අමතක කරමින් රැකියාවන් සොයා නගරයට සංක්‍රමණය වූහ.නැතිනම් ඉඩම් විකුණාදමනු ලැබූහ.බස්නාහිර පලාතේ විශාල කුඹුරු ඉඩම් ප්‍රමාණයක් පුරන් බව පත් වූයේ ජලය හිඟකම් කරදිය පැමිණීම හෝ ගං වතුර තත්වය නිසා නොවේ. ශ්‍රම බලකාය විතැන් වීමෙනි.මෙම අතහැර දැමූ ඉඩම් පස්වලින් පුරවා ගොඩනැගිලි සාදනු ලැබිණ.හේන් කෙටීම තහනම් වූ පසු සිදුවූ කුඩා තේවතු සංවර්ධනය තුළ විශාල වශයෙන් වන ඉඩම් එළි පෙහෙළි කරනු ලැබිණ.ඉඩම් ප්‍රතිසංස්කරණය යටතේ පැවති ඉඩම් මෙන්ම රජයේ කැලෑ මෙම වන විනාශයට ගොදුරු වූ බිම් කඩවල්ය. රජරට පළාතේ කැලෑවට යටව පැවති වැව්  වන සංරක්ෂණයට පවරා ගත් අතර අතැම් වැව් පිටි වලට රජයේ බලපත්‍ර නිකුත්  කරනු ලැබිණ.සීගිරිය අසල කයිලම්වැව වැව් පිටියට අත් වූයේ මෙවැනි කල දසාවකි.මෙම වැව කැඩී බිඳී ගිය පසු ගොවීන් විසින් වැව් පිටි අස්වද්දනු ලැබීය. පසුව සින්නක්කර ඔප්පු සාදා පිටස්තර පුද්ගලයන්ට විකුණනු ලැබූහ. කුමාර සංගක්කාර විසින් මිලදී ගනු ලබනුයේ එවැනි ඉඩම් කට්ටි කීපයකි. පසුව ඔහුගේ භාර්යාව විසින් ද බලපත්‍ර සහිත ඉඩමක් පවරා ගෙන තිබේ. මේ ඉඩම් ගනුදෙනු වලට සැදී පැහැදී සිටින තැරැව් කරුවන් සහ නිළධාරීන් රාශියක් මේ ප්‍ර දේශ වල සිටිති. මෙම ඉඩම් වැව් පිටියක තිබුණු බවවත් නිළධාරීන් නොදැන සිටින බව හුවමාරු වූ ලිපි වලින් පැහැදිලි වන්නේ සබෑවටම නොවේ.අතයට ඉඩම් ගනුදෙනු සිදු කිරීමෙන් ලබන වාසිය නිසාවෙනි.දඹුල්ල අසල කණ්ඩලම වැව ඉස්මත්තේ මහකපුයාය නම් වැව අසල ගල්ලෙනක තිබූ සෙල් ලිපියක් ග්‍රයින්ඩර කර වැවේ රක්ෂිතය හෝටලයකට කොල්ල කනු ලබන්නේ මීට ටික කාලයකට පමණ පෙරදීය.මහකපුයාය කුඹුරු යායේ ගොවීන් සතු ඉඩම් කැබලි කීපයකට කූඨ ලේඛන සැකසෙන්නේ ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේද සාභාගිත්වයෙනි. මෙම ගනුදෙනු වලට ඉඩම් නිළධාරීන් ප්‍රා දේශීය ලේකම් වරුන් සහ වන නිළධාරීන්ද හවුල් ව සිටියහ. කුමාර සංගක්කාර මහතාගේ ඉඩමට පමණක් නොව මෙවැනි ඉඩම් රාශියකට අවසාන වශයෙන් බිම් සවිය යටතේ කැඩැස්තර සකස් වන්නේ පෙර උරුමයන් සියල්ල අවලංගු කරමිනි.දඹුල්ලේ කලුන්දෑව පැරණි ගම්මානයේ පැරණි සිරිතට අනුව වැන්දඹුවන්ට වෙන් කරන ලද ඉඩම් පවා කොල්ලකා බිම්සවිය යටතේ කැඩැස්තරයට ඇතුලත් වන්නේ ප්‍රදේශයේ දේශපාලනඥයෙකු ගේ ගෝලයන් ගේ නමටයි.

    වර්තමාන වන විනාශය ඉක්මන් කරවීමට ඩෝසරය පැමිණිම හේතු ව තිබේ.දවසකින් මේ යන්ත්‍රය විසින් ගිල දමනු ලබන වන බූටෑවන් අති මහත්ය. වෙනදා දෑතින් මිනිස් ශ්‍රමයෙන් ඉතා ඉවසිලිවත්ව සිදු කරන එළි පෙහෙළි කිරීම් වගක් විභාගයක් නොමැතිවම වේගවත් වන්නට නවීන තාක්ෂණය ඉවහල් වී තිබේ.ඇතැම් පුරාවස්තු පවා ඩෝසර වන්නේ මේ අන්දමටයි.සිංහරාජයේ ප්‍රේරණ කාලපයද පොලෙන්නරුවේ ජල ගැලුම් නිම්නයද  විල්පත්තු මරිච්චකට්ටු වනන්තරයද මඩු රක්ෂිතයද රඹකැන් ඔය රක්ෂිතය තුළද  සිදු වන මහා වන විනාශය සියල්ල සිදු වන්නේ ඉඩම් මංකොල්ල කෑමේ චේතනාවෙන්ය.

 එක පැත්තකින් දේශපාලනඥයන්ය. තවත් පැත්තකින් මේ දේශපාලකයන් පසු  සස්සේ යන ව්‍යාපාරිකයන්ය. අනෙක් පැත්තෙන් මුස්ලිම් අන්තවාදීන්ය. දෙමල ජාතිවාදීන් විසින් කරන ඉඩම් අත්පත් කිරීම් බොහෝ විට පුරාවිද්‍යා රක්ෂිත හරහා සිදු වෙන අතර දෙමළ ගම්මාන පිහිටුවීමේ ක්‍රියාවලියද මේ අතර සිදු වේ.මෙවැනි තත්වයක් සිදු කිරීමට තිබෙන ප්‍රවණතාවය වැඩි වූයේ වන සංරක්ෂණ දේපාර්තමේන්තුවට 2001 වසරේ ගැසට්ටුවකින් පවරා දී තිබූ රජයේ අනෙකුත් කැලෑ නැවත දිසාපතිවරුන් යටතට පත් කිරීමත් සමගය.නීති රීති ලිහිල් කරන කල්හි ඒවායින් ප්‍ර යෝජන ගන්නට මාන බලනවුන් විශාල ප්‍රමාණයක් සිටී. ගම සමග පිළිඳරට එක් වෙමින් ජනපති වරයා විසින් කරන වකගීම් විරහිත ප්‍රකාශ මෙම කැල පාලුවන්ට ඉණිමං බැඳීමකි. රජයේ ඉඩම් ප්‍රතිපත්ති නීති වන නීති පරිස්සමින් ක්‍රියාවේ යොදවමින් අවශ්‍ය ප්‍රතිසංස්කරණයන් කිරීම සුදුසු නමුත් සියලු නීති කඩා ඉහිරවමින් අම්බලමට පැන්න ගොනා මෙන් හැසිරීම ඥානවන්ත ක්‍රියාවක් නොවේ එහි ප්‍රතිඵලය අද අප භුක්ති විඳිමින් සිටිමු.මෙම වන විනාශයන් ගෙන් ප්‍රතිඵල නෙලා ගන්නා තවත් කට්ටියක් සිටිති. ඔවුන් නම් විද්‍යුත්මාධ්‍ය මාෆියාවයි. එක දහය කරමින් කරන මගොඩිස් වැඩ ඔවුන්ගේ ගරිල්ලා මාර්කටින්ය.අවසානයේ සිදු වන්නේ රජය විසින් හීන් සීරුවේ කරනු ලබන නව යටත් විජිතවාදී ඉඩම් කොල්ලයන් ගේ සැබෑ තොරතුරු යටපත් වීමයි.එනම් යහපාලන රජය කාලයේ කරළියට පැමිණි භෞතික සැලැස්මට අවශ්‍ය ඉඩම් ජනතාවගෙන් ලබා ගැනීමට මාර්ගයක් විවර වීමයි.ජනතාව විසින් අනවසරයෙන් එළි කොට විවිධ කාර්යයන් සඳහා යොදා ගත් ඉඩම් වලට රජයේ ඔප්පු පිරි නැමීමත් බිම් සවිය යටතේ නව කැඩැස්තර සකස් කිරීමත් සිදු වෙයි. 1998 වසරේ ඉඩම් හිමිකම් පනත සම්මත කොට බිම් සවිය සඳහා ලෝක බැංකු ආධාර ලැබ දෙන්නේ ජනතාව සතු ඉඩම් පවරා ගැනීමේ නව ක්‍රමයක් ලෙසටය.වර්තමාන ජනපති වරයා මෙම ක්‍රියාවලියට සෘජුවම දායක වෙමින් සිිටී

Saturday, March 13, 2021

එන්නත් ගැහුවොත් වඳ වෙයිද මරණයට පත් වෙයිද

 

 


 

                           

          ක්‍රිෂ් යනු මෑතකදී හින්දුස්ථාන් රසිකයන් වසඟ කළ සිනමා වෘත්තාන්තයකි.ඒ කතා පුවත මගින් කියැවෙන්නේ ලෝක ප්‍රකට ඖෂධ සමාගමක් මගින් විනාශකාරී වෛරස නිෂ්පාදනය කරන ආකාරයයි.ඉන්පසු වෛරසයට ප්‍රතිවිරුද්ධ ප්‍රතිදේහ මගින් ඖෂධ නිපදවා රෝගීන් වෙත නිකුත් කර ලාභාංශ තර කර ගන්නා වසල වෙළඳ පළක් ගැනත් එහි කියැවෙයි.නූතන ලෝකයේ බිහිසුණු ස්වරූපය මෙමගින් ඉස්මතු වන අතර වර්තමාන කොවිඩ් වංසගත තත්වය පැතිරෙන ආකාරය දෙස බලන කල්හි චිත්‍රපටයේ සිදුවීම් ප්‍රබන්ධ කතාවකට වඩා සත්‍යයට ලන්වෙන බව විශ්වාස කිරීමට හැකිවෙයි.මේ වන විට ලංකාවේ කොවිඩි රොගීන් අසූහයදහසකට වඩා වාර්තා වී තිබේ. ඉන් අසූදෙදහසක්ම සුවය ලබා පිටත්ව ගොස් ඇති අතර මරණයට පත්ව තිබෙන්නේ 502  ක් පමණකි.මේ මරණ අතරට අලුතින්ම එක් වන්නේ කාව්‍යමය ධර්මදේශනා මගින් ප්‍රසිද්ධියට පත් සේදවත්ත නවලෝක විහාරයේ පූජ්‍ය පන්නල ඥානාලෝක හිමියන්ය.උන්වහන්සේ අපවත් වී තිබෙන්නේ කොවිඩ් රෝගය වැළඳීමෙන් නොව කොවිඩ් ප්‍රතිවෛරසය එන්නතක් මගින් ශරීර ගත කිරීමෙන් ඇතිවූ සංකූලතාවය නිසාය.සැබවින්ම මෙම සිදු වීම බරපතල තත්වයකි.

        වර්ෂ 1818 මෙන්ම 1848 දීද ඇතිවූ විමුක්ති අරගල දෙකකින් පසුව සිංහල ජනතාව බෙහෙවින් අබල දුබල විය.රාජකාරිය ඇණ හිටීම නිසා වාරිමාර්ග විනාශ විය කුඹුරු වතුපිටි පාලු විය.ඉන්දියාවෙන් වරින්වර සංක්‍රමණිකයන් කැඳවා පැමිණි ලන්දේසීන් සහ ඉංග්‍රීසීන් ඔවුන් තැන් තැන් වල පදිංචි කළහ.මේ අය සමග කොළරාවත් වසූරියත් රටේ පැතිරුණි.එවකට ලෝකයේ තිබූ වසූරිය තත්වයට එරෙහිව වර්ෂ 1798  එඩ්වඩ් ජෙනර් ගව වසූරිය ( සැර බාල කරන ලද චීන ගව වසූරිය වෛරසයක්) ලබා දීමෙන් රෝගියාට කෘතිම ප්‍රතිශක්තිකරණය ඇතිවීමේ අවස්ථාවක් ලබා දෙන ලදී.මේ අතර ලංකාවේ වසූරියට එරෙහිව සිංහල වෙදමහත්වරුන් නොයෙකුත් බෙහෙත් සොයා ගන්නා ලදහ.ශ්‍රී වික්‍රම රාජසිංහ රජුද එම රෝගයෙන් මුදවා ගන්නා ලද්දේ ඔවුන් විසිනි. කෙසේ වෙතත් අබල දුබල ව ආහාර හිඟකමින් බැටකෑ සිංහලයන් වසූරියට ගොදුරු වීම සීඝ්‍ර විය. 1886 දී ඉංග්‍රීසි ආණ්ඩුව එන්නත්  ආඥා පනත මගින් සෑම දෙනෙකුටම එන්නත් ලබා දීමට නියෝග කරවූයේ රටේ ඇතිවූ තත්වය සැලකිල්ලට ගෙනයි..මෙය බලහත්කාරයක් වුවද රටේ නීතියට සැමට එකඟ වන්නට සිදු විය.වසූරියට දුන් එන්නත බටහිර ලෝකයේ ජයග්‍රහණයක් විය.නව වෙලෙඳ පළකට අඩිතාලමක් විය.මේ නිසා යටත් විජිත රටවලට මේවා හඳුන්වාදීමද කෘතිම ප්‍රතිශක්තිකරණ වැඩ සටහන් ආරම්භ කිරීමද සිදු විය.

        1949 දී ක්ෂය රෝග එන්නතද  1961 දී ගල පටල එන්නතද  1962 දී මුඛ පෝලියෝ එන්නතද 1963 දී නවජ දරුවන්ට බී.සී.ජී. ඒන්නතද 1969 දී ගර්භනී මව්වරුන්ට පිටගැස්ම එන්නතද හඳුන්වාදුනි. 1974 දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය ප්‍රතිශක්තිකරණ වැඩ සටහන ආරම්භ කරන ලද්දේ එන්නත් වෙළඳ පළ ජය ගැනීමේ අදියරක් වශයෙනි. ලංකාවේ මෙය ක්‍රියාත්මක කිරීම ආරම්භ වූයේ 1979 වසරේදීය. ඉන්පසු 1986 දී සරම්ප එන්නත හඳුන්වා දීමෙන් මෙරට පැවති යම් බෝවන රෝග වැලැක්වීමේ සාම්ප්‍රදායික ක්‍රමයට නිල වශයෙන් පහර දීම ආරම්භ කරන ලදී.එතෙක් සරම්ප සහ පැපොල දෙයියන්ගේ ලෙඩ වශයෙන් හඳුන්වනු ලැබූහ.එම රෝග වරක් වැළඳුණු කල්හි නැවත ඇති නොවේ. ඒ නිසා. කුඩා කාලයේ දී මේ රෝග ඇතිවීම බලාපොරොත්තුවෙන් සිටියහ.මෙම රෝග වළැක්වීම පිණිස පත්තිනි ඇදහිලි ප්‍රචලිතව තිබුණි. ගම්මඩු නැටීම වැනි ශාන්තිකර්ම ප්‍රචලිතව තිබුණි.නමුත් සරම්ප එන්නත මගින් මේ රෝගයට එරෙහිව සකස්ව තිබූ සංස්කෘතික  ආවරණය දුර්වල කරන ලදී.     1988 හඳුන්වාදුන්  ජැපනීස් එනසෙපලයිටීස් එන්නතේ සිට 2015 දී නිකුත් කළ අජීවී පෝලියෝ එන්නත දක්වා කාලය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අප රටට කරන ලද බලපෑම සුලු පටු නොවේ.ලංකාවේ සෞඛ්‍ය තත්වය පිළිබඳ යම් වෙනසක් සිදු කරන කල්හි. මේ ජගත් සංවිධානයෙන් අවසර ගැනීම දක්වා එම බලපෑම දීර්ඝ වී තිබේ.

    සරම්ප සහ රුබෙල්ලා වැනි රෝග සඳහා ද එන්නත් ලබා දීමෙන් මනුෂ්‍යා සදා සුරක්ෂිතයයි යන හැඟිමක්  ලෝකය පුරාවටම  ඇති කර තිබෙන්නේ ජගත් සෞඛ්‍ය සංවිධානයේ පෙළඹවීමෙනි.කොවිඩ් තොරතුරු මධ්‍යස්ථානය විසින් දිනපතා නිකුත් කරන දැන්වීම් මගින් මේ බැව් තව තවත් තහවුරු කර තිබේ.ඔවුන් ගේ මතය අනුව සුදුලූණු කොවිඩ් රෝගීන්ට දීම සුදුසු නොවේ මන්ද ඒ මගින් ලෙඩ සුව වන්නේ යැයි සාක්ෂි නැති බැවිනි.නමුත් සාක්ෂි තහවුරු වී නැති නමුත් වර්තමාන කොවිඩ් එන්නත  වඩා සුරක්ෂිතයයි ඔවුහු ප්‍රකාශ කරති.  දැනට ලෝකයේ නිපදවා තිබෙන  කොවිඩ් එන්නත් හයෙන් අඩුම සඵලතාවය පවතින්නේ මෙරට ජනතාවට ලබා දෙන ඔක්ස්ෆඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත තුළය. එහි සඵලතාවය සියයට හැට දෙකකි.මේ වන විට මෙම එන්නත ලබා ගත් රෝගීන් විවිධ සංකූලතා වලට ගොදුරු වී තිබේ.ඒ අතර මරණ කීපයක්ද වාර්තා වේ.මේ එන්නත නිසා වඳ බව ඇති වන්නේ යැයි තරුණ ප්‍රජාව අතර මතයක් පැතිර තිබේ. නමුත් ලංකාවේ කොවිඩ් තොරතුරු මධ්‍යස්ථානය වාර්තා කරන්නේ මෙවැනි දෙයකි. Vaccines help protect the body from certain diseases. Like any medicine, they can cause minor, short-term side effects while the body adjusts them, such as a sore arm or a mild fever. More serious side effects are possible, but extremely rare. A person is far more likely to be seriously harmed by a disease than by its vaccine.( ලෝක සෞඛ්‍ය සංවිධානය ) කොවිඩ් එන්නත නිපදවා ඇත්තේ චිම්පන්සි ජාන ප්‍රොටීනයක් භාවිතා කරමින් බව දැක්වේ.මනුෂ්‍ය නොවන ජාන භාවිතා කිරීම තුළින්  නිපදවන ඖෂධ මගින් මනුෂ්‍ය ශරීරයේ ඇති වන වෙනස්කම් කිසිවක් ගැන නිශ්චිත පර්යේෂණයක් මෙතෙක් සිදුව නොමැත.එබැවින් එන්නත් නිසා වඳ බව ඇතිවේයැයි සැක පහළ කිරීමට සාධාරණ පදනමක් ඇත. එසේම එන්නත නිසා විවිධ රෝග උත්සන්න වී මරණයට පත් වීම තුළින් කියැවෙන්නේ මේ ප්‍රතිවෛරසය මනුෂ්‍ය ශරීරයට බෙහෙවින්ම ආගන්තුක බවයි.

    කලකට ඉහත හඳුන්වාදුන් එන්නත් වලින් ඇති කරන ලද ප්‍රතිශක්තිකරණයද අද වන විට හීන වී තිබේ.ක්ෂය රෝග එන්නත උදාහරණයකි.මෙවැනි එන්නත් කුඩා දරුවන්ට මෙන්ම පසුව වැඩිහිටියන් බවට පත් වූ අයටද ඇති කරන ලද බලපෑම සුලු පටු නොවේ.ස්වභාවිකව ලැබී තිබෙන ප්‍රතිශක්තිකරණය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිළිගනු ලැබූවද එම මතය අභිබවා කෘතිම ක්‍රියාවලියක් ශරීරය තුළ ඇරඹීම මීට හේතුවයි.මේ එන්නත් ක්‍රියාවලිය නිසා නොයෙකුත් බෝනොවන රෝග ගණනාවක්ම පුද්ගලයන් තුළ වර්ධනය වී තිබේ.මෙවැනි පුද්ගලයන් හුරුව තිබෙන්නේ කෘතිම ප්‍රතිශක්තිකරණයකට බැවින් දියවැඩියාව හෘද රෝග වැනි අවස්ථාවන්හිදී ඒවාට ඒරෙහිව ප්‍රතිදේහ ක්‍රියාත්මක නොවේ.එවිට සිදු වන්නේ විවිධ ඖෂධ මගින් මෙම රෝග පාලනය කිරීමට සිදු වීමයි. ඇමරිකාවේ චීනයේ සහ රුසියාවේ විද්‍යාගාර  වල පැරණි වෛරස සහ ක්ෂුද්‍ර ජීවින් ගබඩා කොට නොයෙකුත් අත්හදා බැලීම් සිදු වෙයි. කෙරෝනා යනුවෙන් අද පිටවී ඇතිතේ එම විද්‍යාගාර වලින් නිකුත් වූවක්ය යන්න දැන් කතාබහට ලක් වී ඇත. වර්තමානයේ පැතිරුණ කොරොනා වෛරසය ට අමතරව දැන් බ්‍රිතාන්‍යයෙන්ද තවත් නව වෛරසයක් පැතිරෙන්නට පටන් ගෙන ඇත.

    මෙමගින් අප තේරුම්ගත යුත්තේ කුමක්ද.සිය ලාභංශ වැඩි කර ගැනීමට ඖෂධ සමාගම් දරන දුෂ්ඨ උත්සාහයයි. ඔවුහු විද්‍යාඥයන් කුලියට ගනී.විශ්ව විද්‍යාල උගතුන් මිළයට ගනී. ලංකාවේ උගෙන විදෙස් වලට සංක්‍රමණය වූ විද්‍යාඥයන් පවා මෙලෙස විශාල පඩියකට ඖෂධ සමාගම් යටතට පත් වී තිබේ. කලකට ඉහත මෙරට කෘෂි විද්‍යාඥයන් විදෙස් ගතව ජාන විකරණය කරන ලද ආහාර නිෂ්පාදනයට දායක වී ඇත. විවිධ හයිබ්‍රිඩ් එළවුලු වර්ග අද වෙළෙඳපළට නිකුත්ව තිබෙන්නේ මෙම වෑයමේ ප්‍රතිඵලයක් වශයෙනි.මේ තත්වය අභියස ලෝකය පවතින්නේ බහුජාතික සමාගම් විසින් හසුරුවනලද යන්ත්‍රණයක් මගින් යැයි කීම විහිලුවක් නොවේ.2019 ජනවාරි වන විට ඇරඹි ලංකාවේ කොරෝනා රැල්ල නිරෝධායන නීති මගින් පාලනය කරන ලද නමුත් දෙවනි වර මේ රැල්ල ඇති වූයේ ඉන්දියාවෙන් පැමිණි ඇඟලුම් සේවකයන් හරහාය.

 ඇඟලුම් පොකුර ඇති වූවායින් පසුව නිරෝධායන නීති තද කරමින් ජනතාව බියට පත් කරන ලදී.මෙම ක්‍රියාවලිය ඉබේ සිදු වූවක් නොව සැලසුම් කරන ලද්දකි. කොරෝනා දෙවනි රැල්ල ඇති වූ පසු ඉන්දියාව විසින් ලංකාවට කොවිඩ් එන්නත නොමිලයේම ලබා දෙ ලදී. ඉන් අනතුරුව ඔවුන් විසින් නැගෙනහිර ජැටිය ලබා ගැනීමේ මෙහෙයුම ද දැඩි කරන ලදී.සැබවින්ම මෙහි ඇත්තේ ආක්‍රමණකාරී දේශපාලනයයි.

ලංකාව වැනි රටකට මේ වෛරස් යුද්ධ නොහොත් සමාගම් වල ජාන හැසිරවීම ඔරොත්තු දෙන්නේ නැත. මෙරට පාලකයන් ගේ හෙචයියන් සැම විටම විවිධ ජාවාරම් මගින් කරන මුදල් ගනුදෙනු වල කොමිස් බැරවන්නේ දේශපාලකයන්ගේ සාක්කු වලයි. එම නිසා කොරෝනා වෛරසයට දෙනු ලබන එන්නත මෙරටට ගෙන්වීම පිටුපස මේ ජාවාරමුන් පෙළ ගැසී සිටී. මෙරට පවතින දේශීය වෙදකමෙන් බිහිවන විවිධ ඖෂධ සමාජය ඉදිරියේ හෑල්ලූ කිරීම මේ ජාවාරමුන්ගේ තවත් ව්‍යාපෘතියකි.එසේම සෞඛ්‍ය අංශ වල නිසි බලධාරිත්වය හොබවන පිරිස මුදලට නතු කරගෙන දේශීය වෙදකමට ගැරහීමත් නීති රීති වෙනස් කිරීමට ඉඩ නොදීමත් තවත් ව්‍යාපෘතියකි. පවිත්‍රා ඇමතිවරියගෙන් සහ සුදුර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමතිණියගෙන් ප්‍රකාශ වන්නේ එම කටුක සත්‍යයි.    පූජ්‍ය පන්නල ඥානාලෝක හිමියන් එන්නතක් නිසා අපවත් වීම සැබවින්ම බරපතල ඛේදවාදකයකි.බොහෝ දුෂ්කරතා මධ්‍යයේ විහාරස්ථාන වල වැඩ වාසය කරමින් සමාජ සේවයන් රැසක්ම ඉටු කරන උන්වහන්සේලා  එන්නත් කරණයට යොමුකරන ලද්දේ රජය විසිනි.විවිධ ලෙඩ රෝග සඳහා ප්‍රතිකාර ලබන උන්වහන්සේලා වෙත මෙම බලහත්කාරය පැටවීමෙන් ආණ්ඩුව විශාල වැරැද්දක් කරතිබේ.මේ මරණයට ඔවුන් සැබවින්ම වග කිව යුතුය.මෙවැනි දුෂ්ඨ ඝාතනයන් ගැන විද්‍යුත් මාධ්‍යයන් ද නිහඬ පිළීවෙතක් අනුගමනය කරන අතර සත්‍ය සමාජ ගත කිරීමට වැට බැඳ තිබේ. මේ නිසා රටක් වශයෙන් ණය ගැතිභාවයද පරාධීනත්වයද ළඟා වෙමින් ඇත

 

Thursday, March 4, 2021

ජිනීවා යදමින් නොමිදුණු රටක සෞභාග්‍ය යනු සිහිනයකි

 



        කන්දක් විලි ලා මී පැටියෙක් වැදුවා බඳු වූ සෞභාග්‍ය ආණ්ඩුව මෑතකදී තම හෙණ්ඩුවෙන් කළ එකම දේ ජිනීවා විරෝධය ට පළිහක් නිර්මාණය කරලීම පමණි.ඒ සඳහා රටේ සෞඛ්‍ය විද්වතුන් ගේද ඇඳිවත ගලවමින් කළ විගඩම දෙස කෝපයෙන් බලා සිටීන ජනතාවක් නිර්මාණය කරමින් ඇත.ඉරණතිව් දූපතේ මිනී වැළලීම තුළින් එම දූපත මුස්ලිම් දූපතක් වන බව දුටුවේ සිංහලයන් නොවේ.මේ ප්‍රශ්ණය හමුවේ සිංහලයන්ට ඇත්තේ කෝපය  හා ශෝකය පමණකි.ජිනීවා බලහත්කාරය යනු යටත්විජිත වාදී බෝම්බයකි. කුඩා රටක් වන ලංකාව බියටපත් කරමින් අධිරාජ්‍යවාදී වුවමනාවන් ඉටු කරගන්නට වළිකන ධවල රෙජීමයක් ලෙසට මෙය හඳුන්වා දිය හැකිය.දෙමළ බෙදුම්වාදී මතවාදයෙන් උන්මත්තකව සරණාගතයන් ලෙසට ඇමරිකාව බ්‍රිතාන්‍ය වැනි රටවලට වී සිටින කොටි හපුවන් තමන්ගේ සල්ලි බලයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ නිළධාරීන් මිළයට ගෙන තිබේ.එවැනි මිළයට ගැනීමක් වෙනස් කරලන්නට නම් දෙගුණ තෙගුණ වූ මිලක් සහිතව ජිනීවා සනසන්නට ආණ්ඩුව කටයුතු කළ යුතු බවට අතැම් කේවට්ටයන් කී බවට  දැන ගන්නට  ලැබී තිබේ.. ලංකාවේ විදෙස් කටයුතු මෙහෙයවන්නේ මෙවැනි කප්පම් මානසිකත්වයෙන් හෙබි පුද්ගලයන්ය.

        1815 මාර්තු දෙවනි දින සිට දහඅට වන දා දක්වා වූ කාලය තුළ ‌ෙඑතිහාසික කන්ද උඩරට මගුල් මඩුවේ දී ධවල අධිරාජ්‍යවාදීන් සමග අත්වැල් බැඳගත් සිංහල රදළයන් ගිවිසුමක් අත්සන් කළහ.එම ගිවිසුමේ අත්සන් හොරට ඇතුලත් කරමින් තහවුරු කල බවක් පැවසෙන නමුදු ජෝන් ඩොයිලි ගේ සට කපට උපායයන් සාර්ථක වූ හැටි අපට මතක් කරගත හැකිය. හොඳින් සිංහල බස කතා කිරීම බණ දහම් දත් බව හැඟවීම බුලත් විට හැපීම භික්ෂූන් වහන්සේලා සමග ළඟ ආශ්‍රය වඩුග රජුට  රහසේම අරක්කු සැපයීම මේ කපටි උපායන් අතර විය.සිංහල රජ වාසලේ සිටි ඇහැලේපොල පිළමතලව්වේ මඩුගල්ලේ ඔවුනොවුන්ට ඥාති වුවද ඥාතිත්වය අභිබවා බල අවස්ථාවාදය රෝපණය කිරීම මේ කපටි උපායන් අතර මහඟු දේශපාලනික ක්‍රියාදාමයක් විය. 1803 දී උඩරටට වන් මැක්ඩොවල්ට පන්න පන්නා පහර දීමට සමත් වූ උඩරට හමුදාව අකර්මණ්‍ය කරන ලද්දේ කුමන උපායකින්ද. වඩුගයෙකු වුවද සිංහල රාජ්‍යත්වය ආරක්ෂා කර ගන්නට වෑයම් කළ කන්නසාමි කුමරුට තනිවම මැද මහනුවරට පසු බසින්නට සිදු වූයේ මේ කපටි උපාය මාර්ගික සැලැස්මේ කූඨප්‍රාප්තියත් සමගය. අවසානයේ වසර දෙදදස් පන්සීයක් ලිඛිත ඉතිහාසයක් හිමි රටක් පරාධීනත්වය පත් විය.මේ වන විට මේ සිදු වීමට වසර 206 ක් ගත වී තිබේ.

      1815 සිට 1948 දක්වා දිගු කාලයක් අපගේ මවුබිම පරාධීනත්වයේ ගැලී සිටියේය. ඒ කාලය තුළ ඉංග්‍රීසීහු තමන් ගේ යටත් විජිතයේ සියලුම දේශපාලනික සමාජීය ව්‍යුහයන්හි මහා වෙනසක් සිදු කරන ලදහ. යන්ත්‍රයක් සහමුලින් ගලවා ඒ කොටස්ම යොදවා නව යන්ත්‍රයක් නිර්මාණය කළ කල්හි එම යන්ත්‍රයෙන් ගම්‍ය වන්නේ අලුත්ම ඉලක්කයකි. ඉංග්‍රීසින් ගේ නීති රීති මෙන්ම සමාජීය ඇවතුම් පැවතුම්ද කරමත පටවනු ලැබූ කල්හි සිංහලයන් යදමින් බැඳුණු අතර තමා වටා වෙලී පැවති දම්වැල් වලට ඇලුම් කිරීමට පටන් ගනු ලැබූහ. දේශපාලන නිදහස ලැබී ස්වදෙශික පාලනයක ඉඩ හසර හිමි කර ගත් නමුදු  වසර හැතුතෑ දෙකක් ගත වීත් ඉංග්‍රීසීන් ගේ රැහැන් පොට අප වටා වෙයි.එම රැහැන ආඩම්බරයෙන් යුක්තව ගෙල පහළට පැළඳීම මගින් ඉස්මතු කරනු ලබනුයේ සිංහල දේශයේ නූතන වහල් භාවයයි .

 තිරිසනා දැක්කවීමට කෙවිටක්ම භාවිතා වෙයි.මිනිසා දැක්කවීමට කෙවිටක් නැති වුවද මානසිකව කෙවිටි කිරීම ඊට පහසුය. ඉංග්‍රීසීන් විසින් දමා ගිය අධිකරණ පද්ධතියක රැස් පරස් තුළින් සාමාන්‍ය ජනතාව පීඩාවට පත් වීම සාමාන්‍ය කරුණකි. නමුත් ඒ පද්ධතිය තුළම සිටින අනුගාමිකයන් ද නිරන්තරයෙන් පීඩාවට පත් වී සිටිති. නමුත් ඔවුහු ඒ බැව් නොදනිති.   බෙදා පාලනය කිරීම ජාත්‍යන්තර දේශපාලනයේ  සිද්ධාන්තයකි.බෙදීම සාර්ථක වන්නට නම් ගැටුම් වැඩි විය යුතුය. කෙප්පයන් නිරිමාණය කළ යුතුයි. දෙමළ බෙදුම්වාදයද එලෙස නිර්මාණය කරන ලද්දකි. ඉංග්‍රීසීන් සහ මිෂනාරින් විසින් නිර්මාණය කරන ලද්දකි.තමන්ගේ පූර්වගාමීන් වූ ලන්දේසින් විසින් ගෙනෙන ලදුව වහල්කමේ යොදාගත් මලබාරයන්ට මුදලි පට්ටමක් ලබා දී භූමියේ අයිතිය සඳහා තරඟ කිරීමට අවස්ථාවක් සලසා දුන්නේ ඉංග්‍රීසින්ය.රෙදීයප් කියමින් තැන තැන සංක්‍රමණය වූ වෙළෙන්දන්ට මුහන්දිරම් තනතුර දී සිංහලයන් ට විරුද්ධව ඔත්තු සැපයීමට රාජකාරියක් භාරදුන්නේ ඉංග්‍රීසින්ය.ඔත්තු සැපයීම සාර්ථක වීමෙන් පසුව ඔවුන්ට වරප්‍රසාද දී නැගෙනහිර පළාතද පුත්තලම් දිස්ත්‍රික්කයද මහනුවර රාජකාරි ඉඩම්ද ලියා දුන්නේ තවදුරටත් සිංහලයන්ට විරුද්ධව යොදා ගැනීම පිණිසය.අද වන විට නූතන කලු සුද්දන් හමුවේ එය වඩාත් සාර්ථක වී තිබේ. ඒ නමුත් දෙමළ බෙදුම්වාදයට විරුද්ව අවි ඔසවා ඉංග්‍රීසින් ගේ තක්කඩි තැරැව්කරුවෙකු බවට පත්ව සිටි ප්‍රභාකරන් අල්ලා පොළවේ ගසා  දෙමළ ජාතිවාදයට තිත තැබූයේ අපගේ වීරෝධාර හමුදාවන් විසිනි. තමන්ගේ තැරැව් කරුවන් ඝාතනය වූ පළිය ගන්නට නැවත වටයකින් මානව හිමිකම් දඩඅඬුව දිගු කර ඇත.

     ඉංග්‍රීසින් ගේ ටයිපටිය ගෙලට සිරකරගනිමින් වැදගත් මහත්වරුන් ලෙසට පෙනී සිටින කලු සුද්දන් ඉදිරියේ  මානව හිමිකම් කෙවිට ලෙල දෙන විට  තැලීමටත් වඩා මහත්ම බියක් ඇති කරගෙන තිබේ. ඉංග්‍රීසින් විසින් ලබා දෙන ලද වරප්‍රසාද අහිමි වීම ලොකුම පීඩාවයි.මේ නිසා මානව හිමිකම් කොමිසමට කප්පම් ලබා දෙමින් වසරින් වසර දුක් අඳෝනා කරමින් සිටීම මහත්ම ප්‍රෝඩාවක් නොවේද. මාර්තු 22 වන විට ලංකාවේ හමුදාවේ රණවිරුවන්ට විරුද්ධව සැකසූ බොරු යුද අපරාධ චෝදනා තවත් වටයකින් එළි දැක්වෙනු ඇත. මේ බොරු තොරතුරු ලබා දීමට මෙරට සිටින දේශ ද්‍රොහීන් කලක් තිස්සේ වෑයම් කර තිබේ.අතුරුදහන් වූවන් ගැන සෙවීමට පත් කළ කොමිසම් වලින් සිදු වූයේ මේ බොරු තොරතුරු වලට නිල තත්වයක් ලබා දීමයි. මේවා රහස්‍ය ලේඛන ලෙසට ජාතික ලේඛනාගාරයේ තැන්පත් කළ පසු නොයෙකුත් විවිධ උපක්‍රම යොදමින් ඒවා පිට කරලීමට සැරසෙති.ඒ කටයුත්ත සාර්ථක කරලීමට පෙර යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන විදෙස් ඒජන්ත ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ විසින් පත් කළ කාන්තාවක් තවමත් මෙම ලේඛනාගාරයේ රැඳී සිටී.එවන් පසුබිමක ජිනීවා උසාවියට කරුණු ඉදිරිපත් කරලීමට තවත් වසරක් ලබා දුන්නද ප්‍රතිඵලයක්  ඇති වන්නේ නැත.දිනෙන් දින සිදුවන්නේ ආණ්ඩුවේ අත කරකවමින් යටත් විජිත වුවමනාවන් සිද්ද කරලීම පමණකි.

       යහපාලන ප්‍රෝඩාව අවසන් කරමින් සෞභාග්‍ය සඳහා යන ගමනකට සිංහල ජනතාව එක හිතින් චන්දය ලබා දී ඇත්තේ තවමත් අප පාලනය කරනු ලබන ධවල සේනාව පරාජයට පත් කරලීම පිණිසය.දේශීය නිෂ්පාදන සහ කර්මාන්ත ආර්ථිකයක් සමග රට ඉදිරියට ගෙන යෑමත් සකල විධ සතුරු කුමන්ත්‍රණ සහ ආක්‍රමණ පරාජයට පත් කරලීමටත් සමත් නායකත්වයක් ජනතාව බලාපොරොත්තු විය.නමුත් මේ ප්‍රාර්ථනා සිහින බවට පෙරළෙමින් තිබේ.සෞභග්‍ය වෙනුවට අභාග්‍ය ළඟා කරවීමට කැස කවන කුමන්ත්‍රණ කරුවන් ජනපතිවරයා වටා පෙළ ගැසී සිටිති.මෙහි ප්‍රතිඵළය වන්නේ ඉන්දියාවේ ඇමරිකාවේ පමණක් නොව චීනයේ ද දඩබිමක් බවට ලංකාව පත් වීමයි.