පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Wednesday, February 26, 2020

වසර හතරක් අරගල කලේ මුස්ලිම් අන්තවාදයට කප්පම් දෙන්නද


                         
         පැවති යහපාලන රජය විදේශ න්‍යාය පත්‍රයක් සමග බලයට පත් වීමෙන් මෙරට ජාතික ආරක්ෂාවත් ජාතික උරුමයත් බරපතල ලෙස අර්බුදයට ගිය ආකාරය පසුගිය කාලයේ දී දැක ගත හැකි විය. ජිනීවා මානව හිමිකම් කවුන්සලය හා ඒකඟව 30/1 යෝජනාවලියට සම අනුග්‍රහය දැක්වීම මින් පළමුවැන්නයි. ඉන් පසු ඒම න්‍යාය පත්‍රය ප්‍රකාරව රට බෙදීමට අවශ්‍ය නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම ආරම්භ විණ. හමුදා බුද්ධි අංශ අකර්මණ්‍ය කරනු ලැබූ අතර උතුරේ දෙමළ අන්තවාදී දෙශපාලනඥයන් හට වර දාන ලැබුණි. රටට අහිතකර නොයෙකුත් පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේ දී සම්මත කරනු ලැබූවේ ඉතාම හිතුවක්කාර පරිදිය. අතුරුදහන් තැනැත්තන් පිළීබද පනත ඒම කාර්යාලීය පනත ආදිය සම්මත කර ගැනීමට කළ උත්සාහය නිසා කොටි ත්‍රස්තයන් ගේ පවුල් වලටද අද වන්දි ගෙවීමට සිදු ව තිබේ. ඒසේම රණවිරුවන් රාශියක්ද ස්වාමීන් වහන්සේලා රාශියක්ද සිරගත කරනු ලැබිණ.යහපාලන රජයේ මේ අමන  තකතීරුකම් වළක්වාලීමට කළ අරගලය 2015 වසරේ සිටම ආරම්භ විය. ගෙදර යැවූ මහින්ද රාජපක්ෂ හිටපු ජනති වරයා දෙස සානුකම්පිකව බැලූ ජනතාව යලි ඔහුගේ දෙශපාලන ආගමනය බලාපොරොත්තු වූයේ රටම අසරණ වී ඇතැයි සිතූ නිසාය. ඒම තත්වය මත. විමල් ගම්මන් පිල ආදීන් ගේ මෙහෙයවීම මත. නුගේගොඩින් ඇරඹී මහින්ද සුළග දේශපාලන පක්ෂයක් බවට පත් වී පැවති පළාත් පාලන මැතිවරණයෙන් මහා ජයග්‍රහණයක් ලබා ගත්තේය. මේ අරගලය දේශපාලන අරගලයක් පමණක් නොවේ.ඒය දේශ ප්‍රේමය ජාතිකත්වය කුලු ගන්වා රටේ ආනාගතය සුරක්ෂිත කර ගැනීමට ඇරඹි ජාතික සටනක් බවට පත් විය.
           චන්ද්‍රිකා  ජනපතිනිය සමයේ ඇරඹි මුස්ලිම් අන්තවාදයේ කූඨ ප්‍රාප්තිය සිදු වූයේ පැවති යහපාලන සමයේ දීය.ආරාබි විදුහල් මද්‍රසා පාසල් ආදීය පාර්ලිමේන්තු කෙටුම්පත් වලින් ආවරණය වී ශක්තිමත් වූ මේ අන්තවාදය තුළ මත්ද්‍රව්‍ය සහ වෙනත් අනාචාරයන් වේගයෙන් වර්ධනය විය. රජයේ නිළධාරීන්ද  දේශපාලකයන්ද තරගයට මෙන් මේ මුස්ලිම් අන්තවාදීන්ට නතු වීමෙන් රජයේ ආයතන හරහා පවා මත්ද්‍රව්‍ය වෙළෙදාම ප්‍රචලිත වූ බව නොරහසකි. විලපත්තු පරිවාර රක්ෂිතයක් වූ මරිච්චකට්ටුව කපා මුස්ලිම් අන්තවාදීන් ගේ ජනාවාසයක් ස්ථාපිත කරලීම 2012 -13 කාල වකාවානුවේ සිදු වුණද ඒයට අවශ්‍ය පසුබිම නිර්මාණය වූයේ අනූව දශකයේ දීය. කෙසේ වෙතත් විල්පත්තුව කැපූ දේශපාලනඥයාගේ අන්තවාදී අත්පත් කිරීම් සහ මූලධර්මවාදී බලාපොරොත්තු සියල්ල දැන් හෙළ වී අවසන්ය. ඇමරිකාවේ අවශ්‍යතාවය මත මේ අන්තවාදීන් ට නොයෙකුත් ආධාර උපකාර ලැබුණේ රට අස්ථාවර කරලනු පීණිසය.සහරාන් ලා බිහි වූයේ ඒ නිසාය. පාස්කු ප්‍රහාරය තුළින් ජන හදවත් දෙදරුම් කෑ අතර මේ ව්‍යසනයට ඒකම පිළියම යහපාලනය පෙරලා දමා නව පාලනයක් පිහිටුවා ගැනීම බවට මහා අවශ්‍යතවායක් පැන නැගිණ. රනිල් වික්‍රමසිංහ කෙතරම් උත්සාහ කළද මේ ජන රැල්ල ආපුස හැරවිය නොහැකි විය. 2019 ජනපතිවරණය සමය වන විට විදෙස් ගත දේශප්‍රේමීන් පවා මෙරටට පැමිණෙමින් රට දැය සමය ආරක්ෂා කර ගනීමට ඉදිරිපත් වූයේ 2009 යුද්ධ කාලයේ මෙන් පෙළ ගැසුණු ජාතිමාමක බලවේග ආදර්ශයට ගනිමිනි. මේ අරගලයේ අවසාන බලාපොරොත්තුව ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ නායකත්වට පත් වීම සැනසුම් සුසුමක් බවට පත් වූයේ ඔහු රුවන් මැලි මහා සෑ රදුන් අභියසදී කළ දිවුරුමත් කළ ප්‍රකාශයත් හේතු කෙටගෙනයි.
    දැන් නව ජනපතිවරයෙක් යටතේ නව ආණ්ඩුවක් බලයට පත්ව මාස තුනක් ඉක්මවා යමින් ඇත. පසුගිය යහපාලන සමයේ මහා බැංකුව කොල්ල කමින් කළ ආර්ථික ඝාතනයන් නිසා රට බංකොලොත්ව තිබෙන ආකාරය ඇස් පනා පිට ප්‍රදර්ශනය වන්නේ සංවර්ධන කටයුතු සඳහා පවා මදි පාඩු නැතිව වියදම් කරලීමට මහා භාණ්ඩාගාරයට හැකියාවක් නොමැති බැවිනි. ඒය ජනතාව නොදන්නවා නොවේ. සහල් මිළ ගණන් ඒළවලු මිළ ගණන් අහස උසට යමින් පීඩාවක් ඇති කළද ජනතාව ඉවසා දරා ගෙන සිටින්නේ රටේ සුරක්ෂිත වේ යැයි පවතින  විශ්වාසය මතය. නමුත් නව රජයේ අගමැති මහින්ද සිය කැබිනට් මණ්ඩලය තුළ කරන කටයුතු දෙස මේ මොහොත් විමතියෙන් බලා ඉන්නට සිදුව තිබේ. නව රජය පත් වූ අලුතම ගල් වැලි ප්‍රවානයට පනවා තිබූ බලපත්‍ර ක්‍රමය අහෝසි කෙරුණී. කදුවැටි කපා වෙල් ගොඩ කරන්නට සිය ජාවාරම් මගින් ලාභ උපයන්නට සිටි පුද්ගලයන්ට එය රජ මගුලක් විය. පනතේ කෙසේ සදහන් වුවද කැබිනට්ටුවේ ක්‍රියාකලාපය නීතියට පිටින් යෑමක් බවට පත්ව තිබේ. දිනෙන් දිනම ඔවුන් ගන්නා තීරණ ප්‍රගතිශළි නොවේ.වසර හතරක් පුරාවට අරගල කොට දේශප්‍රෙමය අවදි කරමින් සිටි දේශමාමක ජනතාවට මෙය ඉවසුම් දෙන්නක් නොවේ.
          2015 ට පෙර මිහින්ද රාජපක්ෂ මහතා ජනපතිවරයාව සිටි සමයේ මුස්ලිම් අන්තවාදය පෝෂණය කළ ආකරය ඉතා ඛේජනක ය. රිෂාඩ් බද්යුදීන්  ට අවශ්‍ය ආකාරයට ආයතන පවරා දෙමින් නීති විරෝධිව ජාවාරම් කරලන්ට උඩගෙඩි දුන් ආකාරය රහසක් නොවේ අලුත්ගම දර්ගානගරයේ ඇතිවූ සිද්දිය රාජිත සේනාරත්න ඇතුලු කුමන්ත්‍රණ කරුවන් විසින් ඇවිල වූවක්ය. ඒම ගින්න නිසා ඇතිවූ ගැටුම තුළ මුස්ලිම් ජනතාවට වඩා සිංහල ජනතාව මහින්ද කෙරෙන් බිදුණි . මෙය මහින්ද තේරුම් ගත්තේ නැත. ඔහුගේ හිතුවක්කාර ආධිපත්‍ය නිසා බස්නාහිර පලාතේ චන්ද වලින් ඔහු පරාජයට පත් වූ ආකරය අදටත් පිළිගන්නේ නැති බව නිසැකය. අද වන විට මහින්ද මේ රටේ අගමැතිවරයා වෙයි. නව ජනපතිවරයෙකු යටතේ නව ගමනක් යා යුතු මොහොතක ඔහුගේ හැසිරීම  ගැන අපට සතුටු විය හැකි නොවේ. යම් යම් පත්වීම් ලබා දීමට ඔහු කටයුතු කරන ආකරය මෙන්ම මුස්ලිම් අන්තවාදය නැවත පෝෂණය කරලීමට ගන්නා උත්සාහය ඉතා පිළිකුල් සහගතය. පැවති රජය හෙබවූ අගමැති රනිල් වික්‍රමසිංහ ඉන්දීය අගමැතිවරයාගේ වුවමනාව මත අඹගමුව ප්‍රා දේශීය සභාව තුනකට කඩා ජාතිවාදී පදනමින් මස්කෙළිය සහ නොර්වුඩ් ප්‍රා දේශීය සභා දෙකක් ඇති කලේය. ඒ අති විශේෂ ගැසට්ටුවක්  උපයෝගී කරගනිමිනි. මේ සදහා සීමා නිර්ණ කෙමිසමේ නීර්දේශය පවා නොලැබී තිබුණි. දැන් මහින්ද රජපක්ෂ රජය සයින්දමරුදු සදහා නගර සභාවක් ලබා දී ඇත. කලින් කල්මුනේ නගර සභාව බිහිවන්නේ 1987 වසරේ දීය.පසුව 1999 දී ඒය මහනගර සභාවක් බවට පත් වන්නේ සිංහල දේශපාලඥයන් ගේ චන්ද අවශ්‍යතාවය මතය.කල්මුණේ උතුර ඇරුණූ කොට සයින්දමරුදු සහ කල්මුණේ වල සිසයට සියයක් සිටින්නේ මුස්ලිම් අයයි.  මේ පෙදෙස සඳහා වෙනම මුස්ලිම් පරිපාලනයක් ඉල්ලා සීටිම කාලයක් තිස්සේ සිදුවූවක්ය.අනාගත මුස්ලිම් දේශයක් කරා යන ගමනේ  අනිවාර්ය අවශ්‍යතාවයක් ලෙසට ඒය ඔවුන් විසින් සළකන බව පෙනේ.   මහින්ද රජපක්ෂ ජනපතිවරයා යටතේ 2014 දක්වා ද රනිල් වික්‍රමසිංහ රජය යටතේ 2019 දක්වා ද ඒය සිදු කළ නොහැකි විය.ඒයට හේතුව වූවේ ඒ රජයයන් අප්‍රසාදයට පත් වේ යැයි තිබූ බිය නිසාය.නමුත් දැන් මහින්ද රජය කිසිම බියක් නොමැතිව සයින්දමරුදු සදහා මුස්ලිම් අන්තවාදී පාලන පෙදෙසක් ලබා දී ඇත.මෙය ඉතාම කණගාටුදායකය.වවුනියාවේ බෝගස් වැවට සහකාර  ප්‍රා දේශීයලේකම් කාර්යාලයක් ස්ථාපිත නොකරන වැලිඔයට තනි ප්‍රා දේශීය ලේකම් බල ප්‍ර දේශයක් අනුමත නොකර ආණ්ඩුව මුස්ලිම් බහුතරයක් වෙසෙන පෙදෙස් වලට අති විශේෂ ගැසට් ප්‍රකාශයට පත් කරති.එයින් අදහස් වන්නේ සිංහල බහුතරයකගේ චන්ද ලැබීම බලයක් බවට පත් නොවී ඇති බවයි.
            පසුගිය පාස්කු ප්‍රහාරය සිදුවූ කාලවකාවානුවේ සයින්දමරුදු නගරයේ මුස්ලිම් අන්තවාදය හා ත්‍රස්තවාදය ඉතාමත් ඉහළ මට්ටමක පැවතුණි.මේ බැව් ගෝඨභය රාජපක්ෂ මහතාද නොදන්නවා නොවේ. ඒහෙත් මේ සම්බන්ධව පරිපාලන තීරණ ගැනීමකදී ඒයට බාධකයක් ඒල්ල නොවිණ. මෙයට හේතුව ලබන මැතිවරණයේ දී මුස්ලිම් චන්ද බලාපොරොත්තු වීමයි. නැවතත් බද්යුදින් වැනි අන්තවාදීන් තුරුලට ගැනීමට මුස්ලිම් චන්ද වැඩි ප්‍රතිශතයක් ලබා ගත යුතුය.බද්යුදීන් ලා ගේ කුඩු සල්ලි වලින් මෙරට දේශපාලනය පමණක් නොව නිළධාරි තන්ත්‍රයද පාලනය කරන බවට තිබෙන තවත් උදාහරණයක් ලෙසට මෙම පියවර හදුනාගත හැකිය.. කෙසේ වුවත් මෙම පියවර අප වහා පරාජයට පත් කළ යුත අතර දේශයේ ස්වාධීනත්ත්වය ආරක්ෂා කර ගැනීම සහ නව රජය සුරක්ෂිතකරලීමේ  වගකීම තිබෙන නමුත් ඔවුන් ගන්නා අමන තීරණ ආපසු හැරවීමටත් මේ අවස්ථාවේ දී නව අරගලයකට සූදානම් විය යුතුය. එසේ නැතහොත් මේ රටේ සිංහල බෞද්ධ ජනතාව කබලෙන් ළීපට වැටෙනවා නිසැකය.