ත්‍රිකුණාමල බෝධි රාජවිහාරයේ බුදු පිළිමය පොලිසියෙන් පැහැර ගත් සිද්දියේ
උණුසම මැකී යන්නටත් පෙර මඩකලපුව ගිනි ගෙන තිබේ.එම දිස්ත්‍රික්කයේ කිරාන් චෙංකලඩි
වෙල්ලාවලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පවතින හඳුනාගත් පුරාවිද්‍යා ස්ථාන පන්සිය
තිහක් පමණ තිබෙන අතර ඒවා සළකුණු කිරීමේ ව්‍යාපෘතිය ටතේ දැන් වසරක් පමණ සිට දියත්
කරන ලද පුරාවිද්‍යා වැඩ සටහනක් ඇත. ඒ අනුව පුරාවිද්‍යා නාම පුවරු සවි කිරීමද එක් කාර්යයක් වන අතර එය මේ
වන විට අතරමග නැවතී තිබේ.ඊට හේතුව සංස්කෘතික ඇමති හිනිඳුම සුනිල් සෙනෙවි මහතා දුන්
වාචික නියෝගය බව දැන ගන්නට ඇත..මඩකලපුවේ තමිල් අරසු කච්චි පක්ෂයේ එස්.සුදාකරන් ප්‍රා
දේශීය සභා සභාපති විසින් දැනට සවි කර ඇති
පුරාවිද්‍යා නාම පුවරු අටක් මේවන විට ඉවත් කර කිරාන් ප්‍රාදේශීය සභාවට අයත් කුණු
ට්‍රැක්ටරයකට පටවා පැහැර ගෙන ගොස් ඇත. මෙය බරපතල සිද්දියකි.
පුරාවිද්‍යා අඥා පනත යටතේ මෙරට සෑම දිස්ත්රික්කකටම
අයත් හඳුනාගත් ස්ථාන සඳහා හැඳින්වීමේ නාම පුවරු යෙදීමේ පිළිවෙත ක්‍රියාත්මක කරන
අතර එයට බාධා කරන හානි කරන පුද්ගලයන් පොදු දේපළ පනත යටතේ දඬුවම් ලැබිය හැකි
පුද්ගලයන් වන අතර පුරාවස්තු ආඥා පනත උල්ලංඝණය කිරීමෙන් තව දුරටත් ඇප නොදිය හැකි
වරදකට අසුවී ඇත. එහෙත් කණගාටුවට කරුණ නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අදාළ
පොලිසි වලට (වෙල්ලවලි ) කරන ලද පැමිණිලි භාර නොගන්නා තත්වයකට පත් ව තිබේ. මෙහි පහත
පළ වන්නේ අම්පාර හා මඩකලපු දිස්ත්‍රික්ක භාර පුරාවිද්‍යා සහකාර අධ්යක්ෂ අනුශාන්
මුණසිංහ මහතා විසින් වැඩ බලන පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් තුසිතා රණසිංහ මහත්මිය
වෙත යවන ලද ලිපියයි.
පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් තුමියනි,
පුරාවිද්‍යා දිශා පුවරු ඉවත් කිරීමේ සිදුවීම් වාර්තා වීම
සම්බන්ධයෙනි
අම්පාර මකලපුව ප්‍රාදේශීය කාර්යාල බල ප්‍රදේශයට අයත්
කලාප අංක 01, 02, 03, 04, 05 පුරාවිද්‍යා
කලාපයන්හි මෙම වසරේ අනුමත ව්‍යාපෘති යටතේ
පසුගිය මාසයේ සිට යොදන ලද පුරාවිද්‍යා දිසා පුවරු ඇතැම් ප්‍රාදේශීය සභා වල සහ
ඇතැම් පාර්ශවයන්ගේ මැදිහත්වීමෙන් අද දින
උදෑසන කාලයේ ගලවා ඇති බවට සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇත.
2. ඒවා වළක්වාලීමට යාමේදී නිලධාරීන්ට ජීවිත තර්ජන පවා
එල්ල කරන ලද අවස්ථා ඇති වෙමින් පවතී. එනිසා ඒවා වැළැක්වීමට නිලධාරීන් යෙදවීම ද මේ
අවස්ථාවේ සිදු කළ නොහැකි ය. මෙම තත්ත්වය ඊයේදින වෙල්ලාවලී ප්‍රාදේශීය ලේකම්
කොට්ඨාසයේ ආශ්‍රිතව ඇති වූ තත්ත්වයේ දිගුවක් ලෙසද පෙන්වා දිය යුතුය.
3. පොදු දේපළ හානි කිරීම යටතේ පැමිණිලි යෙදීමට මේ වන විට
නිලධාරීන් කටයුතු කරමින් සිටින අතර ඇතැම් පොලිසි ස්ථාන පැමිණිලි බාර ගැනීමට නොහැකි
බවද දන්වා ඇත.
4. ලිඛිතව දැනුම් දෙන තෙක් දැන ගැනීම පිණිස සහ ඉදිරි
අවශ්‍ය කටයුතු සඳහා මෙසේ ඉදිරිපත් කරමි.
5. තත්ත්වය තවදුරටත් බැරෑරුම් වුවහොත් පුරාවිද්‍යා ස්ථාන
ආරක්ෂා කර ගැනීම සම්බන්ධව දැඩි අර්බුදයකට ලක්විය හැක. මේ අනුව වහාම පුරාවස්තු ආරක්ෂණ කොට්ඨාශය
දැනුවත් කොට ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරදෙන මෙන් කාරුණිකව
ඉල්ලා සිටිමි.
6. මෙය පූර්ණ වශයෙන් දේශපාලන බලාධිකාරියේ මැදිහත්වීමෙන්
සිදුවන ක්‍රියාවලියක් වන අතර ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු ඇතැම් රාජ නිලධාරීන් ද
මෙයට සහයෝගය දක්වන බව පෙනී යයි.
7. මේ වන විට මඩකලපුව පුරාවස්තු ආරක්ෂණ කොට්ඨාශය හා රාජ්‍ය බුද්ධි සේවාවද මේ සම්බන්ධයෙන් දැනුවත් කොට ඇත.
පුරාවිද්‍යා ස්ථාන නැතහොත් මෙරට ජාතික උරුමයන් ස්ථාන ගතව
තිබෙන තැන් නැරඹීමට යනෙන සංචාරකයන් නිසා
රටක් වශයෙන් විශාල අදායමක් වාර්ෂිකව උපයා ගනී.ඒවා නිසි පරිදි තහවුරු කොට ගමන්
පහසුකම් සපයා දී මන බඳින ලෙසට තබා ගත් හොත් ජාති බේදයකින් තොරව කාටත් ගෞරව කළ හැකි
ස්ථාන බවට පත් වේ. එහෙත් අභාග්‍යක තරම මෙරට පාලකයන් විසින් වරින් වර රටේ නීතිය
අභිබවා යන තීරණ ගනු ලබන අතර යම් යම් ජන කොටස් වලට හිතූ මතේ වර්ගවාදී කැළඹිලි ඇති කර
සාමය කඩ කිරීමට ඉඩ දීබලා සිටී.මෙරට ප්‍රබල නීතියක් වන පුරාවස්තු ආඥා පනත ක්‍රියාත්මක
කරන්නට ඉඩ නොදෙන තරමට සංස්කෘතික අමාත්‍යවරයා පිරීහීමට පත් වී ඇත. මේ වන විට ඔහු
යම් ප්‍රකාශයක් කර ඇති නමුදු පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයෙකු ස්ථීරව පත් නොකර
කල් මැරීමෙන් බලවත් වරදක් කර තිබේ.යම් ජන වර්ගයක් අසතුටට පත් වේයැයිද ඔවුන්ගේ චන්ද
අහිමි වී යැයිද යන බියෙන් ආණ්ඩුවක් මුනිවත රකී නම් එය මහත් ඛේදවාචකයකි.මඩකලපුවෙන්
දැන් ඉස්මතු වන්නේ එයයි.මඩකලපුවේ ප්‍රධාන දේශපාලකයන් මෙන්ම ත්‍රිකුණාමල ප්‍රධාන
දේශපාලකයන්ද මේවාට සෘජුවම වගකිව යුතු වනු ඇත. රාසමාණික්කම් වැනි අය මහනුවර ජීවත්ව
එහි ප්‍රධාන පාසලක සිංහල ජනතාව සමග අධ්‍යාපනය ලබා මඩකලපුවට පැමිණ මේ ගිනි තබන්නේ
රටේ ජාතික සමගියටයි.ජාතික උරුමයටයි.ජනාධිපතිවරයා මේවා නොදැක්කා සේ සිට තමන්ගේ කමට
තඩි බාන්නේ කුමන වෛරයක් මත පිහිටා සිට දැයි අපට නොතේරේ.වහාම මෙලෙස අනීතිකව කටයුතු
කරන මුග්ධයින් අත්අඩංගුවට පත් කර නීතියේ ස්වාධිපත්‍ය තහවුරු නොකළහොත් රටක් වශයෙන්
අපට අත්වන්නේ බිහිසුණු ඉරණමකි.
මතුගම සෙනෙවිරුවන්

No comments:
Post a Comment