පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Friday, March 29, 2013

මුසල්මානුවන්ට ලංකාවේ ඉඩ ලැබුණු හැටි

                                                    

            දහතුන් වන සියවස ගෙවී යත්ම ලෝකයේ මහා බල අරගලයක පෙර නිමිති පහල වන්නට විය. යුරොපීයන්ද මුස්ලිම් වානිජයින්ද තකට තක සිට සාගරයේ බලය තහවුරු කරමින් පෙරදිගට ඇදී එන්නට විය. මෙය සාමකාමී ලෝකයට කොහෙත්ම සුභ දායී ආරංචියක් නොවීය. නමුත් එවකට පැවති පරිදි නවීන  නාවුක යාත්‍රා වලින් සන්නද්ධ වූ පෘතුගීසින් යුරෝපයේ සිට පෙරදිග බලා පැමිණියේ මුස්ලිම් වානිජ බලය සතු ඉසව් ජයග්‍රහණය කරගන්නටයි. මුස්ලිම් වරු ඉන්දියාව ආක්‍රමණය කරමින් එහි සිට ආර්ය රජවරු සමූලඝාතනය කරමින් අක්බාර් ආධිපත්‍ය පිහිටවූ අතර ඉන්දියාව පුරාම මුස්ලිම් ආගම පැතිරෙන්නට විය. දකුණ ඉන්දීය ද්‍රවිඩයින් පමණක් නොව ඇතැම් රාජ වංශිකයින් පවා මුස්ලිම් ආගම වැළඳ ගත් බව ඉතිහාසයේ සඳහන්ය.
         ඉන්දියාවේ මුස්ලිම් පාලකයින් සමග සටන් වැදුණු හින්දු පාලකයින් අවසානයේ මුස්ලිම් වරු සමග සමගි සන්ධාන ගත වූයේ තම කුමරියන් මුස්ලිම් වරුනට පාවා දීමෙනි.මෙයට විරුද්ධව දකුණේ හින්දූන් මහා බලගතු රාජ්‍යයක් පිහිටවූ අතර ලංකාවටද ඉන් විශාල බල පෑමක් එල්ල විය. ක්‍රි.ව.1 287-1250 අතර කාලයේ ලංකාවේ රජ කල සතරවන විජයබාහු රජු මේ නිසා උතුරු ඉන්දියාවේ රාජ්පුත් වංශිකයින් සමග සමගි සන්ධාන ගතව සිටි බව පෙනේ. මෙහි ප්‍රථිපලය වූයේ ලංකාවේ රජුට රාජ්පුත් වංශික ආරක්ෂක සේනාවක්ද වීමයි. මේ තත්වය තුල රජ වාසලේ යම් නොසන්සුන්තාවයක් ඇතිවිය. රජුගේ සෙනෙවි මිත්‍ර රජුට එරෙහිව කුමන්ත්‍රණය කොට රාජ්‍ය ගැනීමට තැත් කලේය. නමුත් රාජ්පුත් ඨකූරක එය වළක්වා මිත්‍ර සෙනෙවි මරා විජයබාහු ගේ පුත් බුවනෙකබාහුට රාජ්‍ය ලැබ දුන්නේය. මෙවකට රාජ්පුත් වංශිකයින් මුස්ලිම් ආගම වැළඳ ගෙන තිබුණී.රජු ඔවුන්ගේ කෙනෙකු උපදේශකයෙකු ලෙසට තබා ගත්තේය.මොහුගේ අනුදැනුම ඇතිව අල්හාජ් අබු උ ඒමන් නම් දූතයෙකු 1283 දී ඊජිප්තුවේ රජවාසලට දූත ගමනක් ද යැවීය. රජු මේ දූතයා අත යවන ලද ලිපියේ  මෙලෙස සඳහන් වේ.
           ලංකාව ඊජිප්තුවයි.ඊජිප්තුව ලංකාවයි. මගේ දූතයා ආපසු එන විට ඊජිප්තුවේ දූතයෙකු ඔහු සමග එනු ඇත කියාත් දුතයෙකු ඒඩන් නගරයේ වාසයට එනු ඇත කියාත් මම බලාපෙරොත්තු වෙමි. හැම වර්ගයකම මැණික් අති විශාල ප්‍රමාණයක් මා සතුව තිබේ. නැව් ඇතුන් මුස්ලින් රෙදි අගිල් සහ කුරුඳු වැනි සියලු වානිජ වස්තූන්ද වෙළෙන්දන් විසින් ඔබ වෙත ගෙන එනු ලැබේ. තෝමර තැනීමට  සුදුසු ලී ඇති ගස් මගේ රාජ්‍ය යේ වැවෙයි.අවුරුදු පතා නැව් විස්සක් එවන්නයි සුල්තාන් තුමා මට කියතොත් ඒවා සැපයීමට මට පුලුවන. තවද එතුමාගේ විජිත වල වෙළෙන්දන්ට මාගේ රාජ්‍ය යේ වෙ‍ලෙදාම් කිරීමට පැමිණිමට සම්පූර්ණ නිදහස තිබේ. මේ තත්වය මත රාජ් පුත්කුමරියක් තම දෙවනි බිසවක් ලෙසට ‍තබාගත්තේ ද රාජ්පුත් බලය රජුට ශක්තියක් වූ බැවිනි යයි කල්පනා කළ හැකිය. මේ අනුව එම බිසවට වත්හිමි නම් පුත්‍ර යෙකුද ඇති  විය.‍
       ඉන්දියාවේ චාලුක්‍ය රජ පෙලපත අවසාන වූවායින් පසුව දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය හොයිසාල් කාකටීය හා යාදව රාජ වංශයන් වශයෙන් රාජධානි හතරක් ඇති විය. 1268 දී පාණ්ඩ්‍ය දේශයේ රජු බවට පත්  මාරවර්මන් කුලශේකර ගේ අමාත්‍යවරයා බුවනෙකබාහු රජුගේ කාලයේදී ලංකාව ආක්‍රමණය කොට යාපහුව වටලා රජු මරා දමා දළදා පාත්‍රා ධාතුවද පැහැරගෙන පාණ්ඩ්‍ය දේශයට ගියේය.අරාජික වූ රාජ්‍ය තුල සිහසුනට පත් වීමට වත්හිමිට මේ අවස්ථාවේදී  මුස්ලිම් වෙළෙඳ බලය විසින් සහාය දක්වන ලදී. බුවනෙකබා රජුගේ අග බිසවගේ පුත් කුමරා ළදරු වියේ සිටීම මෙයට හේතුවයි. ඔවුහු බේරුවල ප්‍රදේශයේ මාළිගයක් තනවා වත්හිමි කුමරා ආරක්ෂා කොට කල්යල් බලා කුමරුට රාජ්‍ය අත්පත් කර දුන්හ.කලුන්දෑ පටුන හා සිරිමල් එතනා නාඩගම දක්වන පරිදි ඉතා කෙටි කලත් වත්හිමි කුමරා රාජ්‍ය විචාල බව පෙනේ.
       දුරාතීතයේ සිටම බෞද්ධ රාජ්‍යයක් ලෙසට පැවතුණු ලංකාව මුස්ලිම් රටක් බවට පත් වීමේ අවදානම වටහා ගත් භික්ෂූන් වහන්සේලා මේ උගුලෙන් ගැලවීම පිණිස ජාති හිතෛෂි නිළධාරීන් සමග කතිකා කොට ගෙන කුමන්ත්‍රණයක් ලක ලෑස්ති කළහ.මේ අවදියේදී කුරුණෑගල වැවේ රන් සෙම්බුවක් මතු වෙමින් යට යන බවට ආරංචියක් පැතිර ගියේය. වස්තු ලෝභයෙන් භරිත වත් හිමි මෙය ගැනීමට ඇමතියන්ට අණ දුන්නේය. මෙහිදි බෝයගනේ නම් මහ නායක තෙර නමක් මූලික වී මේ අවස්ථාව රජු පහ කිරිමට යොදා ගත්තේය.මේ රන් සෙම්බුව ගැනීමට කුරුණැගල ගල උඩ පිරිත් දෙසුමක් කල යුතු යයි රජුට ඒත්තු ගැන්වූ පිරිස ගල උඩ රෝද සවි කරන ලද පිරිත් කොටුවක් සකස් කලේය. අනතුරුව පිරිත් දෙසුම දිනයේ දි රජු ඒ ස්ථානයට කැඳවා ගෙන පැමිණ අසුන් ගැන්වුයේය. පසුව රජුට නොදැනෙන්නට රැහැන් කපා දමා පිරිත් කොටුවද සමගින් රජු ගලෙන් පහළට පෙරලා ජිවිතක්ෂයට පත් තළ බව සඳහන්ය.වත් හිමි බණඩාර මණ්ඩපයද සමගින් ගල පහළට පෙරලී  ගලේ බණ්ඩාර නමින් යක්ෂ ආත්මයක් ගත් බව සඳහන්ය.අදත් මේ ගලේ බණ්ඩාර දේවාලය කුරුණෑගල ගල පාමුල තිබේ.
                     ලංකාවේ රාජ වංශය මුස්ලිම් වීම වැලැක්වීම ඉතිහාසයේ ශ්‍රේෂ්ට සිදු වීමකි. නමුත් මුස්ලිම් වරු මේ තත්වයෙන් පසුබට නොවුහ. ඔවුහු ලංකාවේ වෙළෙදාම සම්පූර්ණයෙන්ම පාලනය කිරිමට පටන් ගත්හ. පෘතුගීසින් ලංකාවට පැමිනෙන තෙක්ම මේ තත්වය එසේම විය. ඒ අතරවාරයේ ගංපළත් කෝට්ටේ යුගයත් අතර රයිගම රජ කල වීර අලකේෂවරයන් මුස්ලිම් ආගම වැළඳ ගෙන මුස්ලිම් වරුනට රට අභ්‍යන්තරයේ බලකොටු තනා ගන්නට ද අවසර දුනහ. මහාචාර්ය සෙනරත් පරනවිතානයන් මේ බැව් සඳහන් කරන්නේ මෙසේය.
     වීර අලකේස්වර පානදුරේට ඇවිත් එතැන හිටිය මහමදිය වෙළෙන්දන්ගේ උදවු ලබා ගෙන සුවර්ණ පුරයට ගොහින් හිටිය කාලෙදි සුවර්ණ පුරේ විසූ මහමදි ජනයින් සුවර්න පුරරාජ්ජෙ පැහැර ගතහ. වීර අල්කේශ්වර මලක්කාවට ඇවිත් එතැන රජ කර සිටිය පරමේශ්වර රජුත් මහමදියෙක් වෙලා ඉන්න බව අහල හැම තැනම මහමදියො බලයට පත් වෙලා ඉන්නවාය තව ටික කලක් ගියාම ලංකා රාජ්ජයත් ඒ ගොල්ලො අතට ගන්න පුලුවන් වේවිය කියල හිතල බලල තමනුත් මහමදියයෙක් වෙන්න පෙරොන්දුවක් දීල පරමේශ්වර රජු දීපු බල සෙනෙගත් කැටිව පානදුර තොටට ගොඩ බැහැල එතැන සිටිය මහමදිය ජනයින් සමග රයිගම් පුරයට පැමිනිල එතැන සිටිය වීර බාහු  ඈපාගේ සේනාපතියනත් සමග සමග යුද කරල එයා පරදවල රයිගම් පුරය අල්ලගෙන එතැන් මහමදිය පල්ලියක් කරවන්න අරඹල ගංපලත් අල්ලගන්න යන්න පිටත්වුනු තැනේදී චීන රාජ්ජෙ ඉඳල චෙංහෝ නම් සෙන්පතියා පාණදුර තොටට පැමිනිල ඉන්න බව අහන්න ලැබිල රයිගම් පුරය රැක ගැනීම මහමදියන්ට බාර කරල තමන් ගංපලට යන්න රයිගමින් නිකුත් වුනා. චෙංහෝ සෙනවියා මහමදියන් එක්ක යුද්ද කරල උන් පරදවල පලා යවල රයිගම් පුරය අල්ලගෙන ගංපලට යන පාර ඉදිරියට පැමින හරස් කපා ගෙන ඉඳල වීර අලකේශ්වර සමග යුද කරල එයා පරදවල අල්ලගෙන වීර අලකේශ්වරත් එයාගේ මවත් සොහොයුරියත් චීන රාජ්ජෙට ගෙන ගියා......මේ නිසා දෙවන වරටද රට මුස්ලිම් වීම වැලකුණි.
        ලංකාවට පෘතුගීසින් ආගමනය වන විට පෙර කී මුස්ලිම් වරු ලංකාවේ විවිධ තොටුමුණු ආශ්‍රිතව තම වෙළෙඳ බලය තර කර ගෙන සිටියහ.කෝට්ටේ සමයේ දී මායාදුන්නේ හා සීතාවක රාජසිංහයන් මේ මුස්ලිම් වරුන්ගෙන් උදව් උපකාර ගෙන පෘතුගීසින්ට පහර දුන්නේය. මේ හේතුව නිසා අවසානයේ දී පෘතුගීසින් විසින් ලංකාවේ සිටි ඉන්දීය මුස්ලිම් වරුනට පහරදී විනාශ කළහ. මේ  හේතුවෙන් ඔවුන් අවතැන් විය. දෙමළ බස කතා කළ ඔවුහු රැකවරණය පතා සෙනරත් රජු වෙත ගියහ. පෘතුගීසින්ට විරුද්ධ  සටන් වලදී මුස්ලිම් වරුන් ගෙන් ගත් සහයෝගය නිසා සෙනරත් රජු මේ පිරිස නැගෙනහිර පළාතේ පදිංචි කරවන ලදහ. 1627 දී කොන්ස්ටයින් අධිරාජයා ගත් තීරණයක් නිසා මුස්ලිම් වරු සහමුලින්ම විනාශ කිරිමට පෘතුගීසින් උත්සුක විය. ලන්දදේසීන් ලංකාවට පැමිණ බලය අත්පත් කර ගන්නා විට මුස්ලිම් වර්ගයාගේ බලය තිබුනේ ඉතාමත්ම සීමිත ලෙසයි.  ඔවුහු මුහුදු බඩ වෙළෙඳාමේ පමණක් යෙදී සිටියහ.මේ මුස්ලිම් වානිජයින් සමූහ වශයෙන් වෙළෙඳ ව්‍යාපාර වල යෙදී සිටියහ. ඔවුන්ගේ ප්‍රධානතම ව්‍යපාරය බවට පත්ව තිබුණේ අලි ඇතුන් වෙළෙඳාමයි. මෙවුහු ඇතැම් විට මුහුද කොල්ලකෑමේ ද යෙදී සිටියහ. ආචාර්ය අරසරත්නම් මහතා සිය ලන්දෙසි බලය කෘතියේ මොවුන් ගැන සඳහන් කරන්නේ මෙසේය.
         බෙංගාලයෙ සහ ගොල්කොන්ඩාවේ මුස්ලිම් වරු ලංකාවේ අලි ඇතුන් කෙරෙහි මහත් සැලකිල්ලක් දැක්වූහ. ලංකාවට නිරන්තරයෙන් අවශ්‍ය වූ සහල් ද තවත් ඒ තරම් වැදගත් නොවූ සීනිද පට රෙදි සේල වර්ගද අබිංද ලංකාවට ගෙන ආහ. මෙසේ මේ වෙලෙඳාම ලංකාවට ඉතා වැදගත් එකක්වූයේ මෙයින් ලංකාවට අත්‍යවශ්‍ය සහල් ලැබුණු අතර ඒ ‍වෙනුවට ඔවුන් ලංකාවේ අලි ඇතුන් හා පුවක් තම රටවලට ආපසු ගෙන ගිය බැවිනි. මෙය මෙසේ නොවූයේ නම් ඇතුන් පිටරට යැවීමට ලංකාවට කරදර වන්නට ඉඩ තිබුණි. බොහෝ විට ඇතුන් ගේ වටිනාකම ලංකාවට ගෙනෙන ලද සහල් වල වටිනාකමට වැඩි වූයෙන් ලංකාවට වාසි වන පරිදි වැඩි පුර මුදලක් ඉතිරි විය. පහතරට ප්‍ර දේශ වල අයිතිය තබා ගත් යම් බලවතෙක් වීද ඒ බලවතා ඇතුන් වෙළෙඳමේද ඒකාධිකාරය අයිතිව සිටියේය. ප්‍රධාන වශයෙන් බෙංගාලයේ නවාබ් තුමාත් ගොල්කොන්ඩාවේ රජතුමාත් මොවුන්ට අමතරව කොරමැන්ඩල් වෙරලේ ඇතැම් සුලු රජවරුන් මේ ඇතුන් මිලදී ගත් අය අතර වූහ.
         අලි ඇතුන් වෙලෙදාමට අමතරව ලංකාවේ ප්‍රධාන ආර්ථිකය බවට පත්ව තිබුනේ පුවක් වෙලෙදාමයි.ලංකාවේ ගම්බද පෙදෙස් වලින් එකුතු කරන ලද පුවක් මිලදී ගත්තේ දකුණු ඉන්දීය මරක්කලයින්ය. ඔවුහු ඉන්දියාවේ සිට සම්පන් නම් යාත්‍රා විශේෂය භාවිතා කරමින් ලංකාවට පැමිණ ඉන්දියාවෙන් ගෙනා සහල් සහ රෙදිපිළ වලට මේ පුවක් හුවමාරු කළහ. දකුණු ඉන්දීය වැසියන් බෙ‍හෙවින්ම පුවක් භාවිතා කල බැවින් මෙලෙස පුවක් වැදගත් වෙළෙඳ භාන්ඩයක් විය. මුස්ලිම් වරු රජයට සුලු රේන්දයක් ගෙවා මදුරාවත් කොරමැන්ඩලයත් අතර ප්‍රදේශයට පුවක් රැගෙන ගියහ. ඉන්දියාවේ සිට ලංකාවට ගෙන ආ සහල් වලට නම් පට බැදුනේද සම්පන් යාත්‍රා මගින් ප්‍රවාහනය කල බැවිනි. ඒවා සම්බා වශයෙන් හැඳින්විණ. මේ සහල් වැඩි පුර පරිභෝජනය කලේ රජ වරු විසිනි. රොබට් නොකස් කියන පරිදි මුස්ලිම් වරුන්ට එකළ අවශ්‍ය වූයේ මේ වෙළෙඳාම සම්පූර්ණයෙන් පාලනය කිරිමට පමණි. රට ඇල්ලීමට හෝ වෙනත් කාර්යයකට ඔවුහු අත නොගැසූහ.
   පෘතුගීසීන් ගෙන් පසු ලන්දේසීන් 1648 දී පමණ මේ පුවක් වෙලෙඳාම කෙරෙහි මහත් රුචියක් දක්වන්නට පටන් ගත්හ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉන්දියාවත් ලංකාවත් අතර පැවති මේ වැදගත් ආර්ථික ක්‍රමය පිරිහෙන්නට පටන් ගත්තේය. ලන්දදේසීහු තමන්ගේ යටත් වැසියන් බණවා පුවක් එකතු කිරීමට අණ කල අතර කුරුඳු ඒකාධිකාරය මෙන්ම පුවක් ඒකාධිකාරයක්ද ඇති කළහ. මේ වන විට ලංකාවෙන් පුවක් අමුණු 40000 ක් පමන වාර්ෂිකව ඉන්දියාවට ගෙන යමින් තිබුණු අතර ලන්දේසීන් මැදිහත් වීම නිසා එය 20000 ට පමණ අඩු විය. මෙයින් අප තේරුම් ගත යුත්තේ මුස්ලිම් වානිජයින්ට ඒ යුගයේ කෙතරම් බලයක් අත්ව තිබුණු බවය. කෙසේ වෙතත් 167 4 වන විට ලන්දේසීන් මේ වෙළෙඳාම සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට පටන් ගත්හ. ඉන්පසු නාගරික ආර්තිකය දියුණු කරලීම පිණිස මුස්ලිම් ජනපද ලන්දේසීන් විසින් තහනම් කළහ.එසේම  ඔවුන්ගේ ගමන් බිමන් සීමා කළහ.මුස්ලිම් වරුන්ට අලුතෙන් කිසිම ඉඩමක් පවරා නෙදිය යුතු බවට නීති රීති පැනවිණි. තිබෙන ඉඩම් වල අයිතියද නිවරදිව පෙන්විය යුත් විය. මේ තත්වය නිසා මුස්ලිම් වරුන්ගේ බලතල හීන වී ගියහ. වෙළෙඳ ඒකාධිකාරයද ලන්දේසීන් සතු විය.
           ඉංග්‍රීසින් ලංකාවේ බලයට පත් වන විට දකුණු ඉන්දියාවත් ලංකාවත් අතර සුලු වෙළෙඳාම අත්පත්ව තිබුනේ නායක් වරුන්ටයි. ඔවුහු ලන්දේසීන් ගේද ආශිර්වාදය ඇතිව මේ ආර්ථිකය පවත්වා ගෙන ගියහ. නමුත් 1815 දී ශ්‍රි වික්‍රම රාජසිංහයන් බ්‍රිතාන්‍යයන් අතට පත් වීමත් නායක් වරුන්ට ලංකාව තහනම් කිරිමත් හේතු කොට ගෙන මුස්ලිම් වානිජයින්ට නැවතත් අවස්ථාව ලැබුණි. බ්‍රිතාන්‍යයන් යලි වෙළෙදාම නිදහස් කළහ. මුස්ලිම් වරු නව බ්‍රිතාන්‍ය පාලනයේ විශ්වාසය දිනා ගැනිමින් වෙලෙඳාම කරන අතරවාරයේම මුස්ලිම් ජනපද පිහිටුවාලීමට පටන් ගත්හ.1818 ජාත්ක විමුක්ති  සටනේදී ඉංග්‍රීසින්ට උදව් කළ අතර කැප්පෙටිපොළ නිලමේ පරවහගම ප්‍රදේශයේදී පාවා දීමට කටයුතු කරන ලද්දේද මුස්ලිම් වෙළෙන්දෙකු විසිනි.මෙතෙක් ඔවුන් ගේ ජනපද වශයෙන් තිබුනේ ඉතාමත් සීමීත ස්ථාන කීපයක් පමණකි. බන්ඩාරගම අටුලුගම ගම්පල නැගෙනහිර පළාත පුත්තලම වැනි සීමිත ස්ථාන කීපයක පමණක් ඔවුන් සංක්‍රමණිකයින් වශයෙන් රැදී සිටියහ. නමුත් ඉංග්‍රීසින් මේ ක්‍රමය වෙනස් කරමින් 1821 දී පමණ ඔවුන්ට පුරවැසි කම ප්‍රධානය කළහ.ලංකාවේ වර්තමාන මුස්ලිම් බලය නැග ඒමේ ආරම්භය මෙයයි. 1981 වන විට ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම මුස්ලිම් ජනගහනය වර්ධනය තිබූ අතර පුත්තලම නුවර වැනි පෙදෙස් වල විශාල වශයෙන් ජන ගහන වර්ධනයක් දක්නට හැකි විය.
                         

Friday, March 22, 2013

ජිනීවා ගොසින් නහයෙන් හඬා - සිංහල බෞද්ධයින්ට දොස් පැවරීම

                                                  


     ජගත් මානව හිමිකම් සැසිය ලංකාවට හොඳ වේදිකාවකි. එහෙත් මහින්ද සමරසිංහ මහතා හෝ වෙනත් ලංකා නියෝජිතයෙකු මෙතෙක් මේ රටේ සැබෑ තත්වය අනාවරණය කළ බවක් දක්නට නැත. ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වීම ප්‍රතික්ෂේප කිරීම උගත් පාඩම් කොමිසමේ වාර්තාව ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය මෙන්ම ඇමරිකාවට අනුව ලංකාවේ සංහිඳියාවට කළ කී දේ ගැන සවිස්තර වාර්තාවක් ඇරුණු කොට යුද්ධය ඇති වීමට හේතුව සහ යුද්ධය ජය ගැනීමට කළ දේ ගැන සඳහනක්වත් මොවුන්ගේ ප්‍රකාශ වලින් පෙරට නොපැමිනුණි.
           තිස් වසරක කොටි ත්‍රස්තවාදය ඇති වීමට  හේතු වූ කාරනා අතර ඉන්දියාව මෙම ප්‍රශ්ණයට මැදිහත් වීම මූලිකව ගත යුතුය. ඔවුහු දෙමල ත්‍රස්තවාදීන්ට තමිල්නාඩුව තුල රැකවරණය දෙමින් අවි පුහුණුව ලබා දුන් ආකාරය කිසිවෙකුටත් සැඟවිය නොහැකිය.ලංකාව ස්වාධීන රාජ්‍යයක් ලෙසට කර ඔසවා නැගී සිටීම ඉන්දියාව කවදත් ඉවසුවේ නැත. ස්වාධීන රාජ්‍යයක් ව පැවති සිකීම් රටටට අනවශ්‍ය ආකාරයට අත පොවා එහි රජු සිහසුනෙන් පහ කර තමන්ගේ ප්‍රාන්තයක් කර ගත් අඳුරු ඉතිහාසයකට හිමිකම් කියන ඉන්දියාව ලංකාවට ද එය කරන්නට මාන බැලීය. උතුරේ දෙමල වැසියන්ගේ මානව හිමිකම් රකින්ට නිරන්තරයෙන් ඉදිරිපත් වන ඔවුහු ජේ.ආර්.ජයවර්ධන මහතා රට පාලනය කරන කාලයේ අහසින් පරිප්පු දමා බලහත්කාරය පෙන්වා දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනයට මග විවිර කළහ.ඒ මගින් උතුරේ වෙනම දෙමළ පළාත් සභාවක් ඇතිව ඉන්දියානු මැදිහත් වීමකට යා හැකි බව ඉන්දියාව විශ්වාස කළහ.
       1948 න් පසු ලංකාව පාලනය කළ නායකයින් ලංකාව සිංහල බෞද්ධ රටක් ලෙසට නොසැලකූහ. ඔවුන්ගේ මනසේ තිබෙන බහු වාර්ගික බහු ආගමික මනස් ගාතය නිසා උතුරේ තිබෙන සිංහල අයිතිය පිළිබඳව ඉන්දියාවට දැනුම් දීමට කිසිදාක නොහැකි වුණි. මෙහි ප්‍රතිඵලය නම් ඉන්දියාව කියන ආකාරයට කටයුතු කරන්නට සිදු වීමයි. පසුගිය තිස් වසරක කාලය තුලම මේ තෙපරබෑම නිසා ලංකාවට අහිමි වූ දෑ බෙහෝ වෙයි. මහින්ද රාජපක්ෂ රජය බලයට පත් කරන ලද ප්‍රධාන බලවේගය වූයේ සිංහල බෞද්ධ ජනතාවයි. රනිල් වික්‍රමසිංහයන් ගේ පාවා දීමේ පාලනයට එරෙහිව තමන්ගේ රටට ඇලුම් කළ විශාල ජනතාවක් මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය පාවිච්චි කළ බව අපි දනිමු. නමුත් මේ රජය බලයට පත් වූ වායින් පසුවද සාම සාකච්ඡා මාර්ගයෙන් කොටි ඉල්ලීම් දිනා දීමට සැලැස්වීමට කටයුතු කළ හැටි අපට අදත් අමතක නැත. මාවිල්ආරු සොරොව්ව වසා ගොවි ජනතාව පීඩාවට පත් කළ මොහොතේ අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාව උතුරට යවා කොටි සමග සාමයට කතා කොට ප්‍රශ්ණය ගොඩින් බේරා ගැනීමට රජය කටයුතු කරන අතර වාරයේ භික්ෂූණ් වහන්සේලා ඇතුල ජාති මාමක බලවේග මැදිහත් වීමත් හමුදාවේ ක්ෂණික පහර දීමත් හේතු කොට ගෙන මහින්ද රාජපක්ෂ රජයට යුද්ධය තොරා ගැනීමට සිදු විය. ඇත්ත කතාව එයයි.
    කොටින් එරෙහිව යුද්ධය මනා සංවිධානයකින් ඇගට ගෙන කරන්නට මේ රජයට සිදු වූයේ ඉන්දියාව ඇතුලු ජගත් බලවේග වලද ආශිර්වාදයෙනි.ප්‍රභාකරන් මේ කාටත් ප්‍රශ්ණයක්ව තිබිම ඊට හේතුවයි.එහෙත් ඔවුන් එලි පිට  විරුද්ධ කම් පෑහ. නමුත් මහින්ද රාජපක්ෂ මහතා සියුලු දහන් ගැට යොදවා මෙම බල වේග හීලෑ කොට යුද්ධය ඉදිරියට ගෙන ගියේය. එය ඔහුගේ පෞද්ගලික දක්ෂ කමකි. එහෙත් ඔහුට කිසිදාක නැවත සිංහල බෞද්ධයින්ට සැලකීමට වුවමනාවක් තිබීනොමැත. එයට හොඳම උදාහරණය උතුරේ නැවත පදිංචි කිරීම් වලදී සිංහලයින්ට තැන නොලැබීමයි. එසේම මේ රජය විසින් පත් කරන ලද උගත් පාඩම් කොමිසම කිසිලෙසකින් වත් රටට හිතකර ලෙසට සිය යෝජනාවලිය සකස් නොකළහ. දෙමළ පිරිසට යමක් දිය යුතු යයි යන පදනමේ සිට සකස් කළ මේ යෝජනාව සිංහලයින්ට මර උගුලකි. ඇමරිකාව දැන් සිය මානව හිමිකම් වාර්තාවන්ට පදනම් කර ගෙන තිබෙන්නේ මේ යෝජනාවයි. එය දඩ මීමා කර ගෙන වරින් වර ඉදිරිපත් කරන සිහි කැඳවීම් වල හරය නම් දෙමල ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් රජය විශාල වැරැද්දක් කර ඇති බවත් උතුරේ අන්‍ය ජාතිකයින් පදිංචි කිරිම අසාධාරණ බවත්ය. එසේම ඉන්දියාව කියන ආකාරයට පළාත් සභා ක්‍රමය නිවරදිව ක්‍රියාක්මක කර බලය බෙදීම නොකිරීම ද විශාල වැරැද්දක් ලෙසට පෙන්වා දී තිබේ.
         වත්මන් රජය සංවර්ධනය පිණිස විශාල වශයෙන් ණය ලබා ගනී. එය සාධාරණී කරනයට ද ඔවුන් නොයෙකුත් කතා ගොතති. විශාල වශයෙන් ණය තුරුස් වලට යටවී ගෙවා ගත නොහැකි වූ පවුලක් බංකොලෙත් වනවා සේම මේ ආණ්ඩුවද දැන් බංකාලෛත් මට්ටමට පත් වී තිබේ. මේ නිසා ඇමරිකාවට ජපානයට මෙන්ම මුස්ලිම් රටවලටද බැගෑපත් වීම ඇරුණුකොට වෙන විකල්පයක් රජයට ඉතිරිව නොමැත. යුද්ධයේ අවසාන දින කීපයේ දී කොටින්ට ආධාර උපකාර කළ රටවල් ගැන විශාල තොරතුරු සමුදායක් හමුදාවට ලැබුණි. ඒවා ඒ දිනවල රස කර කර රූපවාහිනී නාලිකාවලින් ඉදිරිපත් කෙරුණි. ඇමරිකාව නෝර්වේ මෙන්ම ප්‍රංශයද මේ ක්‍රියාවලියේ සිටී. ඔවුන් ප්‍රභාකරන් බේරා ගැනීමට කළ මෙහෙයුම දැන් කිසිවෙකුටත් රහසක් නොවේ. නමුත් ණය උගුලේ හිරවී සිටින ආණ්ඩුව මේ ද්‍රෝහී කම් හෝ ත්‍රස්තවාදය ව්‍යප්ත කිරිමට මේ රටවල් කළ හෙයිම්මාරුව ගැන කතා කරන්නට සූදානම් නැත. මානව හිමිකම් සැසිය ආණ්ඩුවට හොඳ වේදිකාවක් වන්නේ මේ කරුණු කියා පෑමටයි. එහෙත් එසේ වන්නේ නැත. මේ රටේ ඉතිහාසය සිංහල බෞද්ධයින්ට ඉතිහාසයේ සිට සිදුවූ ආසාධාරණකම් මෙන්ම මානව හිමිකම් කැඩීම් ඉන්දියාවේ වර්තමාන ක්‍රියාකලාපය රටේ අභ්‍යන්තර ප්‍රශ්ණ වලට මැදිහත් වීම් මේ සියල්ල කැටි කර ඉතා ශක්තිමත් වාර්තාවත් මානව හිමි කම් සැසියට හෝ එක්සත් ජාතීන්ගේ සමුලුවට ඉදිරිපත් කිරිමට ලංකා රජයේ නියෝජිතයින්ට කොන්දක් නොමැතිවීම බලවත් කණගාටුවකට කාරණයකි.
        මුස්ලිම් රටවල් ඇමරිකානු යොජනාවට පක්ෂව ඡන්දය භාවිත කලේ ඔවුන් ඇමරිකාවට විරුද්ධ වීම නිසාය . එය අපට දැක්වූ විශේෂ පක්ෂපාතිකමක් නොවේ. නමුත් මේ තත්වය පෙන්වා ලංකාවේ දැන් පැණ නැගී ඇති සිංහල බෞද්ධ රැල්ලට අපහාස කිරීම රජයේ පිළිවෙයි. මුස්ලිම් රටවල් වල සහාය නොලැබෙන තත්වයකට පත් කිරීමට පසුගිය දා ඇති වූ නැගිටීම් හේතු වන්නට ඉඩ තිබුණු බව සිය පාක්ෂිකයින් ඇමතූ ජනාධිපතිවරයා ප්‍රකාශ කලේය. නම් නොකියා කියවුණද මෙය බරපතල ප්‍රකාශයකි. තමන්ට ඡන්දය භාවිතා කළ සිංහල බෞද්ධයින් පවා දීමකි.මේ අවස්ථාවේ රට තුල බිහිවී ඇති රැල්ල තමුන්ට අවාසි සහගත වන බව රජය දනී. ඒ නිසා ඇතිවූ තිගැස්මකින් යුක්තව දැන් නිල් රැල්ලක් ඇති කිරීමට ප්‍රයත්න දරති. ඒ පදනමේ සිට පාක්ෂිකත්වය පෙරට දමා සිංහල බෞද්ධයින්ට අපහාස කිරීම කල හැකිය. මේ රැවටීම කොතෙක් දුරට කළ හැකි දැයි අපට සැකයකි.
               

Saturday, March 16, 2013

ටිබෙට් ජාතික සිකීම් මහින්ද හිමි අනුස්මරණ කෞතුකාගාරය

                          

        ලංකාවේ නිදහස් සටනට පන්නරය ලබා දුන් මහා කවියෙකු වශයෙන් සැලකෙන ටිබෙට් ජාතික සිකිම් මහින්ද හිමියන් අපවත් වී මෙම වර්ෂයේ මාර්තු මස 16 දිනට හැට දෙවසරක් සපිරෙයි. සිංහලයෙකුටත් වඩා සිංහලයෙකු ලෙසින් ජාතිය ආමන්ත්‍රණය කළ උන්වහන්සේ වසර පණහක් වැනි කෙටි ජීවිත කාලයක් තුල තමන් උපන් සිකිම් දේශයට නොව සිංහල ද්වීපයට අනුපමේය සේවයක් කළ උත්තමයෙකු විය.
       1901 දී පමණ වර්තමාන ඉන්දියාවේ උතුරු බෙන්ගාලයේ ඩාර්ජිලින් නගරය ආසන්නයේ භූටියා භස්ති නම් ග්‍රාමයේ වංශවත් පවුලක උප්පත්තිය ලබන මේ කුඩා සිකිම් ළදරුවා නමින් පෙම්පා තෙන්දුප් විය. තම පරපුරෙන් සෙර්කි චෙරින් යන නාමයද මේ නමට එකතු වූයේය.  ලෝක සිතියමේ නේපාලය හා භූතානය අතර මැද තිබ්බත දේශ සීමාවට දකුණෙන් පිහිටි ඉන්දියාවට අයත් භූමිභාගය හෙවත් සිකීම් ප්‍රාන්තය අතීතයේ සිකීම් රාජ්‍යයයි. 1975 ට පෙර එය ස්වාධීන රාජ්‍යයක් විය. වර්තමානයේ එය ඉන්දියාවේ විසි දෙවන ප්‍රාන්තය වී ඇත.සිකීම්හි උතුරු කොටස සදාකාලිකව හිමෙන් වැසී ගිය කඳු පන්තියකින් සමන්විත වන අතර ලොව උසම කඳු සිඛර කීපයක් එයට ඇතුලත් වේ. ඒ අතරින් වැදගත්ම කඳු සිඛරය වන්නේ කංචන් ජුංගාය. මන නදන සොබා සොඳුරු දසුන් මවන මේ කඳු සිඛරය ලොව උසම කඳු අතරින් තෙවන ස්ථානය හිමි කර ගනී.
        සිකීම් භුමිය ජනාවාස වී ඇත්තේ ඊශාන දිග ඉන්දියාව හරහා පැමිණි මොංගොලයිඩ් ජන වර්ගයක් වන ලිප්චාවරුන් ගෙනි. ඔවුහු දහතුන් වන සියවස වන විට ගෝත්‍රික සමාජයක් ලෙසට මේ භූමියේ පදිංචිව සිටියහ. ලිප්චාවරු දඩයම් කරුවන් සේම ආහාර රැස් කරන්නන් සේ සිය ජීවිකාව පවත්වාගෙන ගියහ. 15 හා 16 වන් සියවස් වලදී තිබ්බත සම්භවයක් සහිත ජන කණ්ඩායමක් මේ භූමියට සංක්‍රමණය විය.ඔවුහු භූටියා වරු ලෙසට හැඳින්වුණි.ලිප්චාවරු හා භුටියා වරු අතර ඇති වූ සංහිඳියාව තුල සිකීම් දේශය ගොඩ නැන් වී තිබේ. 
       මහින්ද හිමියන්ගේ පියා සිකීම් හි භුටියා භස්ති විහාරයේ ප්‍රධාන පූජාචාරී තුමන්ය.ඔහු නමින් නිම්පෙන්ජෝ සෙර්කි චෙරින් විය. ඔහුට පිරිමි දරුවන් සිවු දෙනෙකු සහ ගැහැනු දරුවන් දෙදෙනෙකු විය. මෙයින් වැඩි මලා දවා සංදුප්ය.ඔහු කල්කටා විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබ එහිම කථිකාචාර්ය වරයෙකු විය. විසිවන සියවස ආරම්භයේ දී සිකීම් රජුගේ අනුග්‍රහයෙන් ගැන්ටොක් අගනුවර සමීපයෙහි භුටියා ලිප්චා නම් පාසලක් පිහිටුවන ලදී. එහි ප්‍රධානාචාර්යවරයා බවට පත් කරන ලද්දේ දවා සංදුප්ය. 1907 වසරේ දී මේ දරුවන්ගේ පියා මිය ගියේය. පවුලේ වගකීම වැඩිමලා වෙත පැවරුණි. සිකීම් රජු ගේ පුත් සිද්කෙඔන්ග් තුල්කු හා එස්.කේ. තාෂිනම්ග්‍යාල් යන කුමාර වරුද දවාසංදුප් ගේ දරුවන් සියලු දෙනද මේ පාසලේ දී එකට ඉගෙනුම ලදහ. ඒ අතර පෙම්චෝද්‍රර පූර්පා තෙන්දුප් හා පෙම්පා තෙන්දුප් විය.
        බෞද්ධ පූජාචාරී පරම්පරාවකින් පැවත එන තාන්ත්‍රිකාචාර්ය වරයෙකු වූ දවා සංදුප් ගේ වගකීම වූයේ සිය රට වෙනුවෙන් සහ රජ පවුලේ අනාගතය වෙනුවෙන් කටයුතු කිරීමයි. එසේම රට නවීන ලෝකය සමග ගලපා ගැනීම ද කළ යුතුව තිබුණි. මෙම  අරමුණෙන් යුතුව ඔහුගේ වැඩිමල් සහෝදරයා වූ පූර්පා තෙන්දුප් ශාසනික අධ්‍යාපනය සඳහා ලංකාවට යැවීමට තීරණය විය. මේ වන විට ලෝක ධර්ම දූත සේවයේ නිරතව සිටි ජර්මන් ජාත්ක ඤණාතිලෝක හිමියන් සහ දවා සංදුප් අතර හිත මිත්‍ර කමක් ගොඩ නැගී තිබුණි. කල්කටා විශ්ව විද්‍යාලයේ දී ලංකාව ගැන ලැබුණු අවබොධයත් කල්කටාහි මහා බෝධි සමාගම සමග තිබූ සබඳතාවයත් නිසා ලංකාවේ දහම් අධ්‍යාපනය ගැන මනා වැටහීමක් දවා සංදුප් වෙත තිබුණී. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1914 වසරේ දී පූර්පා තෙන්දුප් ලංකාවට පිටත් කර එවීමට කටයුතු කරන ලද්දේ ශාසනික අරමුණක් සඳහාය. පූර්පා තෙන්දුප් 1914 වසරේ දී සිකිම් පුඤ්ඤසාර නමින් පැවිදි විය. ඉන් අනතුරුව සිය බාල සොහොයුරු පෙම්පා තෙන්දුප් ද ලිප්චා ජාතික තෙම්පා රින්ෂින් ද එලෙසම ලංකාව බලා පිටත් කර හරින ලදී. මේ දරුවන් තිදෙනාටම සිකීම් රාජ්‍යයෙන් ශිෂ්‍යත්වයන්ද පිරිනමන ලදී.
           සිකිම් මහින්ද හිමියන් 1914 වර්ෂයේ දී පූජ්‍ය කලි කුමාර් නම් භික්ෂූන් වහන්සේ සමග ලංකාවට පැමිණියද භාරකරු වශයෙන් සිටි ජර්මන් ජාතික ඤාණාතිලෝක හිමියන් බ්‍රිතාන්‍ය අත්අඩංගුවට පත් විම නිසා පැවිදි පිංකම එම වර්ෂයේදී සිදු නොවුණි. අනතුරුව 1914 සිට 1918 වන් තෙක්ම එම අවස්ථාව නොලැබුණි. අනතුරුව ටිබෙට් ළමයා මහණ කරවන ලද්දේ රජ්ගම ගල්කන්දෙගොඩ දේවප්‍රතිරාජ පිරිවෙනේදීය. ඒ ඒවකට ඉංග්‍රීසි උගත් පඩිවරෙයකු ලෙසට ප්‍රසිද්ධ ව සිටි රජ්ගම ධර්මාධාර හිමියන් සහ රජ්ගම චූලසුමන නාහිමියන් ගේ ප්‍රධානත්වයෙනි. සිකිම් මහින්ද නමින් පැවිදි වුණද උන්වහන්සේට ටිබෙට් ජාතික  ඒස්. මහින්ද නාමය ලැබීමද සිහිපත් කල යුතු සිදුවිමකි. 1920 දී සිය සහෝදරයා වන සිකිම් පුඤ්ඤසාර  හිමි ආපසු සිකිම් දේශයට ගිය අතර මහින්ද සාමෙණ්ර හිමියන් අලුත්ගම ශ්‍රී සීලඛන්ධ නාහිමියන් යටතේ දොඩන්දූවේ සරස්වතී මණ්ඩපයට ඇතුලත් කෙරුණි. මහින්ද හිමියන් සමග සිටි නේවාසික සාමණෙරයන් වූයේ දොඩන්දූවේ ධර්මාරාම හිමියන්ය. සරස්වතී මණ්ඩපයේ සාමණේර ස්වාමීන් වහණ්සේලාට වරින් වර ධර්ම දේශනා කිරීමට අවස්ථාව හිමි වෙයි. මහින්ද හිමියන්ට එම වාරය පැමිණි දිනයේ කලුලෑල්ලේ උන්වහන්සේ ගේ නමට විශේෂණයක් එකතු විය. ඒ ටිබෙට් ජාතික එස්. මහින්ද නාමයයි. එය සටහන් කරන ලද්දේ මහින්ද හිමියන් ගේ මිත්‍ර දොඩන්දූවේ ධර්මාරාම හිමියන්ය. පසු කලෙක මේ මිත්‍රත්වය නිසා මිත්‍ර සංදේශය නමින් සංදේශ කාව්‍යයක් ද රචනා කොට ප.බ.ජි. හේවාවසම් මහතා දූතයා කොට දොඩන්දූවේ කුමාර විහාරයේ වැඩ උන් ධරමාරාම හිමියන් වෙත යවා ඇත. අද ඒ සංදේශ කාව්‍යය පමණක් නොව දෙඩන්දූ සංදේශය හා විල් ලිහිණි සංදේශයද අප්‍රකටය. මේ තොරතුරු අපට මතක් කරන ලද්දේ ධරමාරාම හිමියන් ගේ ශිෂ්‍ය වස්කඩුවේ තිලක නා හිමියන් විසිනි.
      1924 වර්ශයේ දී අලුත්ගම සීලඛන්ධ නා හිමියන් අපවත් වූ පසු මහින්ද හිමියන් බලවත් අසීරුතාවයට පත්විය. රජ්ගම චූලසුමන හා රජ්ගම ධර්මාධාර නාහිමිවරුන් යටතේ පැවිදි බව ලැවූවද උන් වහන්සේලාද අපවත් වී සිටියෙන් උපසම්පදාව ලබා ගැනීමේ ගැටලුවක් මතු විය. මේ නිසා 1927 වර්ෂය වන විට මහින්ද හිමියන් කොළඹ ට පැමිණ පූජ්‍ය වෑකඩ ධීරානන්ද හිමියන් හමු වීකොම්පඤ්ඤ වීදියේ සෞගතවාසයේ නතරවීම උන් වහන්සේගේ පමණක් නොව ජාතියේ ද භාග්‍යයක්ම විය. 1921 වර්ෂයේ දී සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහය පළ කල මහින්ද හිමියන් එවකට කොළඹ මරදානේ 520 ස්ථානයේ රැඳී සිටි පී.කේ.ඩබ්. සිරිවර්ධන මහතා දැන හැඳින ගෙන කතුවරයෙකු ලෙසට ග්‍රන්ථ පළකරන්නට ආරම්භ කරන ලදී. මහා පරාක්‍රමබාහු කුමාර කාලය රාහුල කුමාරයා වැනි ගද්‍ය රචනාද නිදහසේ මන්ත්‍රය නිදහසේ දැහැන වැනි පද්‍ය රචනාද කරන්නට පන්නරය ලැබුණේ එවකට මේ රටේ ජාතික නිදහස් සටන ඇරඹී තිබූ බැවිනි. ශ්‍රීමතී අභය ගුණවර්ධන සාගර පලන්සූරිය වැනි කිවි කිවිඳියන් පමණක් නොව පියදාස සිරිසේන වැනි මහා පුරුෂයින්ද මේ ජාතික සටනට සෘජුව දායකත්වය සපයන්නට විය.
    1927සිට 1937 දක්වා කාලය මහින්ද හිමියන් ගේ ස්වර්ණමය අවදියයි. උන් වහන්සේ කොළඹ ආනන්ද විදුහලේ ආචාර්ය වරයෙකු ලෙසට පත් වීමක් ලබන්නේ එවකට එහි විදුහල්පතිව සිටි පී.ද එස්. කුලරත්න මහතාගේ ඇරයුමිනි. එම යුගයේ දී උන්වහන්සේ විසින් මුද්‍රණ ද්වාරයෙන් පළ කරන ලද ලංකා මාතා නිදා සිටි සිංහලයින්ට ගසන ලද කෙවිටි පහරක් විය. උඩරට යටහලගල පෙදෙසේ වන්නම් ගැන කරන ලද පර්යේෂණයකින් පසුව උන්වහන්සේ ආනන්ද විදුහලේ ළමුන් උදෙසා දහඅට වන්නම් නම් කෘතිය පළ කරන ලදී. එයට එම විදුහලේ ආචාර්ය වරයෙකුව සිටි පී.ඊ. ප්‍රනාන්දු මහතා දක්වන ලද සහයෝගය නිසා එවකට ආනන්ද විදුහලේ ළමුන් අතර විශාල සංස්කෘතික ප්‍රබෝධයක් ඇති විය.
   1937 වර්සයේ දී සිය ගුරුදේව කිරිගල්පොත්තේ ඉන්ද්‍රජෝති නාහිමියන් ගේ ඉල්ලීම පරිදි මහින්ද හිමියන් පානදුර අලුබෝමුල්ල ශ්‍රී සුධර්මාරාමයේ විහාරධිකාරී ලෙසට පැමිණීම පිණිස ආනන්ද විදුහලේ ආචාර්ය පදවියෙන් ඉවත් විය. 1937 සිට 1951 දක්වා කාලය උන්වහන්සේ ගේ සමාජ ජීවිතය ඔප් නැන්වුණු අවදියක් විය. පාසල් පෙළ පොත් පළ කිරීමෙන් උන්වහන්සේ අධ්‍යපනඥයෙකු බවට ද පත් විය. අනතුරුව මහ බෙල්ලන විහාරස්ථානය මූලික කර ගෙන නව ලංකා නම් දහම් පාසලක් ආරම්භ කිරීමම පැහැදිලි ලෙසටම විප්ලවයක් විය. මේ විප්ලවය සමාජ ප්‍රතිශෝධනයෙහි මෙන්ම සුචරිත වර්ධනයෙහිද යොමු කරලීමට කල උත්සාහය නිසා උන්වහන්සේට එකල විවිධ විහාරස්ථාන වලින් ධර්මදේශනා සහා ඇරයුම් ලැබුණි. එකල දේශපාලන පොරපිටිය ද මහත් සේ උණුසුම් යුගයකි. ජෝන් කොතලාවල මහතාද උන් වහන්සේ ළඟින්ම ඇසුරු කළ බව සඳහන්ය. මේ නිසා දේශපාලඥයින් ගේ චන්ද ව්‍යාපාර සරු කිරීම උදෙසාද ඇතැම් අවස්ථාවලදී මහින්ද හිමියන් ගේ ධර්මදේශනා අසන්නට ලැබුණු බව උන්වහන්සේ ළඟින්ම ඇසුරු කළ තෙල්වත්ත දළදාවිහාරයේ විහාරාධිපතිව වැඩ සිටි තල්වත්තේ  ඉන්ද්‍ර ජෝති නාහිමියන් පවසයි.
      1951 වසරේ මාර්තු මස 16 වනදින කලුතර දී පැවති ආදාහන උත්සවයක් නිමා කොට යලි සිය විහාරයට පැමිනි මහින්ද හිමියන්  එදිනම රාත්‍රි අටහමාරට පමණ අපවත් වී වදාලේ ජාති මාමකයින් සෝ සයුරේ ගිල්වමිනි.1961 වසරේ උන්වහන්සේ වෙනුවෙන් විද්‍යාලංකාර පිරිවෙනේ දී පැවති ගුණානුස්මරණ උත්සවයෙන් පසුව වාර්ෂිකව මේ මහා යතිවරයානන් සිහිපත් නොකර මාර්තු මාසය ගෙවී නොගිය බව කිව යුතුය. ඒ තරමටම උන්වහන්සේ ජාතියේ සම්මානයට පාත්‍රව සිටියහ. උන්වහන්සේ අපවත්ව වසර හැට දෙකක් ගතව තිබියදීත් වර්තමානයේද උන්වහන්සේ කළ සේවය අගය කිරීමට කෘතගුණ වාදී ජනතාව සූදානම් බව පෙන්වන්නට  තිබෙන හොඳම උදාහරණය නම් මහ බෙල්ලන සුධර්මාරාමයේ දී අභිනවයෙන් ඉඳිකරනු ලැබූ කෞතුකාගාරයයි. මෙම සද්කාර්යයට දායකත්වය සපයන ලද්දේ මැදපෙරදිග සිංහලයින් ගේ හෙළ බිම සංවිධානයයි.                                                                            මෙතෙක් කලක් අප්‍රකටව තිබූ තොරතුරු ගවේශණයේ දී පූජ්‍ය මිස්සක කමලසිරි හිමියන් ගත්  උත්සාහය නිසා  සිකිම් ලේඛනාගාරය සතුව තිබූ මහින්ද හිමියන් ගේ පරම්පරාව පිළිබඳ අගනා තොරතුරු රැසක් මෙම කෞතුකාගාරයේ තැන්පත් කර ගත හැකි විය.මෙම සද් කාර්යය කර ගැනීමට මග පෙන්වන ලද්දේ ජනාධිපති  උපදේශක පූජ්‍ය බෙන්ගමුවේ නාලක හිමියන්ය.  එහෙයින් මහබෙල්ලන සුධර්මාරාමායේ දී විවෘත වන එස්.මහින්ද හිමි කෞතුකාගාරය හා පුස්තකාලය මෙරට ජාතික ව්‍යාපාරයේ ගමන් මගේ පැතිකඩක් පෙන්වන සිහවටනයක් බවට පත් වන බවද කිව යුතුය.