පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Saturday, June 22, 2013

මුහුදු මහා විහාරය රැක ගත්තේ මුස්ලිම් ජාතිකයන් ද

 
               ක්‍රි.ව. පළමු වන  සියවසේ දී මහදැළියමානා නොහොත් මහා දාඨික මහා නාග රජ තුමා විසින් ඉඳිකරන ලදැයි පැවසෙන මුහුදු මහා විහාරය රූණු රජ පෙළපතේ වන්දනාමානයට පාත්‍රව තිබූ ප්‍රධාන සිද්ධස්ථානයකි. ජනප්‍රවාදයට අනුව කැළණිතිස්ස රජුගේ දූ කුමරිය වන දේවී කුමරිය මුහුද ගොඩගැලීමෙන් හානියට පත් වන සිය රට බේරා ගැනීම පිණිස මුහුදට බිලි වුණද දෛවයේ හාස්කමකින් මෙන් එතුමිය රැගත් යාත්‍රාව සැඩ රළ පහරට අසුව පාවී අවුත් රුහුණේ  තොටමුණකට ගොඩ ගැසූ බව පැවසේ. මේ ස්ථානය කතරගම අසල කිරින්ද යයි පවතින මතයට බැහැරව යමින් මෙම ජන ප්‍රවාදය නිර්මාණය වී තිබේ.පානම් පත්තුවේ සිංහල ජනතාවගේ තුඩ තුඩ පවතින මේ කතාවට අනුව දේවී කුමරිය ගොඩට පාවී අවුත් ඇත්තේ වත්මන් පොතුවිල් අසල මුහුදු මහා විහාර සීමාවටයි. එකල රුහුණු රජය කල කාවන්තිස්ස රජුට මෙම පුවත දැන ගන්නට ලැබී වහා එහි අවුත් දේවී කුමරිය පිළිගෙන තම බිසෝ තනතුරෙහි පිහිටුවා ගත් බව කියවෙන මේ ප්‍රවාදය ලෙහෙසියෙන් බැහැර කල නොහැකිය. ඉන්පසුව මෙහි ලංකා විහාරය නම් වූ මහා සිද්ධස්ථානයක් ඉඳි වූ බවද ජනප්‍රවාදයේ වැඩි දුරටත් සඳහන් වෙයි. එසේ නම් එම  විහාරය කාවන්තිස්ස රජු ගේ නිර්මාණයක් ද යන්න සිතා බැලිය යුතු කාරණයකි.
        පොතුවිල මොනරාගල පාරේ තිබෙන අනෙක් වැදගත් ම සිද්ධස්ථානය මගුල්මහා විහාරයයි. දේවී කුමරියත් රජුත් විවාහප්‍රාප්ත  වූ ස්ථානය වශයෙන් එය ජනප්‍රවාද ගතය. එයට හේතු  වූ කාරණා අතර එම ස්ථානයෙන් හමු වන අභිෂේක මණ්ඩපයක් දැක්විය හැකිය. ඒසේම එහි තිබෙන සෙල් ලිපියක සඳහන්  මෙම පාඨය ද එම මතය ඇති වන්නට හේතු සාධක සපයා ඇත.
       ශ්‍රී සිරි ලක්හි රජ කළ දාසෙන් කැලි රජ දරුවන් දෑ කරවු මේ රූනු මහවෙර මහ වල් වැ තුබුවා දැකැ සොළී සෙනාව මැඩැ රූණු රට රජ කරන පැරකුම්බා දෙබෑ රජ දරුවන් දෙදෙනාට අගමෙහෙසුන් වූ විහාර මහදේවී නම් මා විසින් මුල පිසැ කරවා දරුලම් වටනා පස පරිවාර සහිතවැ බදවස් කොටැ මා විසින් කරවන ලද මෙ සියලු පින්කම් මතු වන රජ යුව රජ ආදිනුත් අනු පැවැත්විය යුතු බැවින් මා නමින් කළ විහාර දේවී පිරිවෙන මෙ වෙර බව දතු යුතු.
         මේ සෙල්ලිපියේ අක්ෂර අනුව එය ගම්පළ යුගයට අයත් යැයි මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා තීරණය කර ඇත. මෙහි සඳහන් දෙබෑ රජ දරුවන් පස්වන පැරකුම්බා සහ හයවන බුවනෙකබා යන දෙසොහොවුරන් බවද හේ පවසයි. මේ ස්ථානයේ පවතින මෙම සෙල් ලිපිය නිසා විහාර මහා දේවියගේ ප්‍රවාදය යම් කිසි  අකාරයකින් ශක්තිමත් වී ඇතිය සිතිය හැකිය.එහෙත් රූණු රට වෙහෙර දේවීන් දෙදෙනෙකුම සිටියායයි තහවුරු වන නිසා ජන ප්‍රවාද සාක්ෂිත් පුරා විද්‍යා සාක්ෂිත් තුලනය කොට බැලීම වඩා යුක්ති යක්තය.එසේම චාර්ල්ස් ගොඩකුඹුර මහතා පුරවිද්‍යා කොමසාරිස් වශයෙන් සිටි අවදියේ කරන ලද සංරක්ෂණ වලදී මෙම මණ්ඩපය බෝධිඝරයක් ලෙසට හඳුනා ගන්නට යෙදී ඇත.
        කෙසේ වෙතත් මුහුදු මහා විහාරය කාලයේ වැලි තලාවෙන් යටව ගියේය. පොතුවිල් මුහුදු තීරය නිරන්තරයෙන්  මුහුදු කෑමට ලක් වීමෙන් විහාරයට අයත් භූමි ප්‍රදේශය මුහුදුට බිලි විය. නටබුන් වසා ගෙන වැලිකඳු ගොඩ ගැසෙන්නට විය. ලංකා රාජ්‍යත්වය  අවසන් වී බ්‍රිතාන්‍යයන් ගේ පාලන සමයේ දී සුදු නිළධාරීන් අතින් පුරා වස්තු සොයා බැලීම් කරන අවස්ථාවේ දී මුහුදු මහා විහාරය යලි සොයා ගැනුණි. එකළ පානම් පත්තුවේ ජීවත් වූයේ ඉතාමත් අල්ප වූ ජන කොට්ඨාශයකි. එය ගණනින්හත් අටසියක් පමණ පිරිසකි මුස්ලිම් වර්ගයට අයත් මට්ටයන්ද සෙනරත් රජුගේ අණින් මෙහි විත් පදිංචි වී සිටි අතර පොතුවිල අවට ද ඔවුන් ගේ ජනාවාස විය.මුහුදු මහා විහාරය අසල ඉඩම් කීපයක්ද මොවුන් සතු කර තිබුණී. නව සිය පණහ දශකයේ දී මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ මූලිකත්වයෙන් නැගෙනහිර පළාත ගවේශණය කරන කල්හි. මුහුදු මහා විහාරය ඇතුලත් බිම් කඩද පුරාවිද්‍යා රක්ෂිතයක් බවට පත් කරන ලද්දේය. ඒ 1951 වසරේ ජනවාරි 26 ගැසට් පත්‍රයෙන්ය.
            අක්කර හැත්තෑ දෙකකුත් රූඩ් තුනකුත් පර්චර්ස් දහතුනකුත් මේ රක්ෂිතයට අයත් විය. රක්ෂිතය හඳුනා ගැනීමෙන් පසු මෙහි ගවේශණ කටයුතු ද කැණීම් කටයුතු ද ආරම්භ කරන ලද්දේ 1975 වර්ෂයේ දීය.එහෙත් මේ වන විට අක්කර හැත්තෑ දෙකක මූලික හඳුනා ගැනීම් අන්සන්තකව තිබූ බවට සාක්ෂි හමු වෙයි. ඒ නිසා දැනට තිබෙන බිම් කොටස් පමණක් ගෙන 1965 වර්ෂයේ මැයි මස 28 වන දින මුහුද මහා විහාර භූමය නැවත රක්ෂිතයක් ලෙසට ප්‍රකාශයට පත් කොට ඇත. එහි වපසරිය අක්කර තිහකුත්  රූඩ් තුනකුත් පර්ච්ස් දහතුනක් විය.  රාජා ද සිල්වා මහතා පුරාවිදු කොමසාරිස්වරයා වශයෙන් සිටි අවදියේ දී කැණීම් සඳහා මුදල් වෙන් කෙරිණ. එම කැණිම් කටයුතු වලදි අනුරාධපුරයේ පසු භාගයට අයත් පිළිම ගෙයක් සහ මුල් භාගයට අයත් පිළිම ගෙයක් හඳුනා ගන්නට යෙදුණි. එයට අමතරව පොතුවිල මුහුදු තීරයේ වූ වැල්ලෙන් වැසී ගිය නටබුන් වූ දාගැබ් දෙකක් ද හඳුනා ගන්නට යෙදුණි.  රාජ ලීලාවෙන් සිටින බෝධිසත්ව ප්‍රතිමාවක්ද මෛත්‍රිය බෝධිසත්ව පිළිමයක්ද මෙම පිළිම ගේ තුල තිබෙන අතර ඒවා කැණීම් වලින් පසුව සංරක්ෂණය කරන්ට යෙදුණි. බුදු පිළිමයේ හිස කිසියම් පුද්ගලයෙකු විසින් ගලවා ගෙන ගොස් තිබූ අතර එය මෙහි සිටි පුරාවිද්‍යා මුරකරුගේ ගෙයි ලිප් ගලකට ගෙන ඇති බව පසුව සොයා ගැනීමට හැකි විය.1978 වර්ෂය වන විට මෙහි තහවුරු කිරීම අවසන් වූ අතර පිළම ගෙයට යාබද සීමා පවුර ද ලකුණු කොට තිබුණි. මෙම විහාර සීමාවේ තව දුරටත් ගවේශණ කටයුතු  සිදු කර මෙහි අනන්‍යතාය නිවරදිව හඳුනා ගත යුතු නමුත් කොටි ත්‍රස්තකලබල වලින් පසු මෙම ස්ථානය අරාජික විය.
               මෙම විහාරස්ථානයේ වැදගත් කම් වටහා ගත් පූජ්‍ය තංගල්ලේ සිරි සුනන්ද ස්වාමීන් වහන්සේ 1980 වර්ෂයේ දී මෙහි පැමිණ පුරාණ බෝධින් වහන්සේ සමීපයෙහි කුඩා ආවාස ගෙයක් තනවා ලැගුම් ගත් නමුත් පුරාවිද්‍යා මුරකරු ගේ නිරන්තර පීඩනය නිසා වැඩි කලක් උන්වහන්සේට එහි සිටිය නොහැකි විය. අනතුරුව එහි  පූජ්‍ය තංගල්ලේ ජීවානන්ද හා සද්ධා නන්ද යනුවෙන්  ස්වාමීන් වහන්සේලා දෙනමක් වරින් වර වැඩ වාසය කළහ.  ඉන් පසු පූජ්‍ය කතරගම සිරිරතන හිමියන් මුහුදු මහා විහාරයට වැඩම කොට  කොටි ත්‍රස්වාදී කලබල මධ්‍ය යේ ඉතා දුකසේ වැඩ වාසය කරමින් මේ සිද්ධස්ථානය ආරක්ෂා කරමින් සිටි නමුත් පෙර කී මජීඩ් වහාබ් නමැති මුරකරු ගේ නිරන්තර දබරයන්ට  මුහුණ දීමෙන් පීඩාවට පත්ව සිටියේය. මෙයට පිවිසෙන මාවත මුහුද මහා විහාර මාවත ලෙසට නම් කර තිබියදී එම පුවරුව ගලවා මස්ජිතුල් පලාෆ් මාවත යනුවෙන් නාමකරණය කොට වෙනස් කරන ලද්දේ මේ අවට ඉඩම් බලහත්කාරයෙන් අල්වා ගත් මුසුල්මානුවන්ය.එසේම වන්දනාව සඳහා මුහුදු මහා විහාරයට සපැමිණෙන සිංහල බෞද්ධයින් ගේ මග අවුරණු පිණිස පාර දෙපැත්තේ සීමාව කුඩා කිරීමට ද මුසල්මානුවන් ක්‍රියා කළහ. එහි ප්‍රතිඵලය වූයේ වන්දනා කරුවන්ද ස්වාමීන් වහන්සේ ද නිරන්තර පීඩාවට පත් වීමයි.
        පුරා විද්‍යා රක්ෂිතය භාරව සිටින මුස්ලිම් මුරකරු වරක් කතරගම සිරිරතන හිමියන්ට අඩන්තෙට්ටම් කිරීම සඳහා මුස්ලිම් පිරිසක් උසිගන්වන ලදහ. මේ අකාරයට කොටි ත්‍රස්තවාදී සමයේ හුදකලාවූ මුහුදු මහා විහාරය සතු ඉඩ කඩම් වලින් අක්කර හතක් ජය භූමි පැවරුම් මගින් මුස්ලිම් වරු සන්තක කිරීමටද ප්‍රාදේශීය ලේකම් වරයා ගත් පියවරට එරෙහිව කිසිවෙක් ක්‍රියා නොකළහ . කතරගම සිර රතන හිමියන් ගෙන් පසුව මෙහි විහාරාධිපති ධූරයට පත් පූජ්‍ය වරකාපොළ ඉන්ද්‍රසිරි ස්වාමීන් වහන්සේ මුහුදු මහා විහාරයේ දියුණව උදෙසා වර්තමානය වන විට විශාල වැඩ කොටසක් ආරම්භ කරමින් ඇත. ඒ අතර 2012 වර්ෂයේ දී දිනක් මුස්ලිම් වරු මෙහි පැමිණ වැල්ලට යටව තිබූ පැරණි චෛත්‍ය ඩෝසර කිරීම නිසා මහත් කලබගෑනියක් ඇති විය. මේ තත්වය තුල රජයට තවත් කරබා ගෙන සිටිය නොහැකි විය. අම්පාර දැයට කිරුළ උත්සවයට සමගාමීව මුහුදු මහා විහාරය සංවර්ධනය ආරම්භ කරන ලද අතර අභිනවයෙන් බුදු මැදුරක් ද එයට ප්‍රවිශ්ඨ විය හැකි නව මාවතක්ද විවෘත කරන ලදහ.මෙයින් කෝපයට පත් මුසල්මානුවන් යළිත් වරක් සංවිධානය වී ආවාස ගෙයට ගිනි තබන ලද්දේය.මේ නිසා අද මේ විහාරය ආරක්ෂා කරලීමට සිවිල් ආරක්ෂක බල ඇණියකගේ සේවය ලබා ගැනීමට සිදුව ඇත.
        මේ තත්වය මෙසේ තිබියදී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් ගේ නාපාවල සුමංගලාරාම විහාරයේ අභිනව ගොඩනැගිල්ලක් විවෘත කිරිමට ජනාධිපතිවරයා පැමිණි අවස්ථාවේ දී පවසා සිටියේ මුහුදු මහා විහාරය ආරක්ෂා කරන ලද්දේ මුස්ලිම් ජාතිකයෙකු බවයි.  මෙම ස්ථානයේ ඉතිහාසය දත් කෙනෙකුට එම ප්‍රකාශය අනුමත කළ නොහැකි වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එදා කාවන්තිස්ස රජ සමයෙන් පසු මේ ප්‍රදේශය තුල ඇති වූ බෞද්ධ ප්‍රබෝධය මෙම කලාපයේ තිබෙන සෙල් ලිපි දාගැබ් ආදියෙන් ප්‍රකට වේ. ඒවා නිසි පරිදි ගවේශණය කිරීම හා තහවුරු කිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වගකීමයි. මුහුදු මහා විහාරය සතු ඉතිහාසය වරින් වර යටපත් කර ඇත්තේ මේ වගකීම  පැහැර ඇර ඇති බැවිනි.එය ජාතිය මුහුණ දී තිබෙන මහා ඛේදවාචකයක් ලෙසින් මෙලෙස සටහන් කර තබමි.
            

Tuesday, June 11, 2013

How can we preserve kuragala as a Buddhist heritage ?


      


 

            KURAGALA  the  Ancient Buddhist monastery belongs to second B.C. have taken over by Muslims and destroyed the archeological evidences and built some mosque in 1922. After 90 years this rock cave site and monastery got freed from the invaders. Defense secretory  Gotabaya Rajapaksa visited the site and  asked Archaeological director general Mr Senarath Disanayaka to remove the unauthorized construction an occupations.

         Archaeological commissioner Charles Godakubura visited  the site and declared  Kuragala as archaeological Reservation  site in 1971. Although government proclaimed Kuragala as archaeological Reservation site  Muslims did not stop their constructions shops, toilets , waiting halls, kitchens, flag posts etc.

        The kuragala and hituwangala mountains   has 30-40 rock caves. The eight caves in Hituwangala had four important brahmi inscriptions. But after Muslim invasion, to day we can see only two cave inscriptions. The Civil security Department  personals found  one inscription while demolishing 16 unauthorized constructions . Ven Vikiliye Narada Thero visited  the place in 1925 and commented  about ruins of the foundations of Buddhist monastery and Buddha statue in the first cave building. But Muslims destroyed the ruins and built the mosque and their burial grounds.  The Civil security Department  personal demolished  unauthorized construction (a kitchen)  at  the third cave  and found  bricks belongs to old Buddhist monastery.

       Former president Mr. R.premadasa  made a program to clear unauthorized  the occupations at Kuragala site. For this purpose he made arrangements to give 26  acares at hituvangala patina and ibbaanvala pathana  on 30 years leased basis. The lands were leased on section 2 of the crown lands ordinance.  But musliams did not relinquish the archaeological site. Instead of giving up  the Kuragala archaeological preservation, Muslims made arrangements to settle down  some muslim people from kalmune to ibbanvala pathana. They bulit some waiting halls  in 2002 at  hituvangala  pathana.

      Venerable Kolonne Siri Shantha Vijaya took legal action against archeological department at Human Rights Commission on 2004 and  he witnessed at Presidential Commission probing in to Kuragala Ancient Buddhist Monastery. The President Chandrika Kumaratunga recommended that all constructions that made after the proclaimed as a heritage reserve should be demolished.

        As results  archeological department took  legal actions against four Muslim personals who did unauthorized constructions  at Balangoda Magistrate Courts. The decision made by the courts was to remove the four unauthorized constructions. during the removal of unauthorized  constructions archeological department has found some parts of Skelton of  Balangoda man and his belongings like wise Bricks in Anuradapura period also found in the same site.  

Then We as Buddhist  have to decide what should we do?

Buddhist can go to Maragi stupa at the top of kuragala rock and lighting oil lamps, observe sil

and do other Buddhist activities. This the only way we can preserve  Kuragala as a  Buddhist heritage.

 

Saturday, June 8, 2013

ගැඹුරු උණු දියේ තැම්බූ කුරහන් - දියවැඩියාවට මසුරන්

-->
                          

           සුළඟට ලාලිත්‍ය දෙමින් වැඩෙන පඳුරු කුරහන් අතර රෑන් ඇදී යමින් දිවෙන වට්ටක්කා වැළක  හැංගුණු නාඹර පුලුලුකුලකට තට්ටු කරන්නට නොකැමති ගොවියෙකු වන්නි කරයේ නැති තරම්ය.බඩ ඉරුං ගස් මණ්ඩි ඔස්සේ දකින තියඹරා ගෙඩියක කැඳවුම ද ඒ තරමටම මිහිරිය. හේනේ වනස්පති වෘක්ෂයේ මහ පැළට වී පාලුවේ සිටින්නෙකුට තමන්ගේ හේනේ සිරියාව විවිධාකාරයෙන් අත් විඳිය හැක්කේ එලෙසය. පාලු නිකින්නියේ වල් බැදි කපමින් හෙලූ දහදිය ට මිහිමවගෙන් ලැබෙන තෑග්ගක් බඳු හේන් භෝග හේඩාව එකින් එක අස්වනු දී සෙමින් සෙමින් තුනී වන විට ගොවි ගෙදර අටුව සරි බර වෙයි. කුරහන් බඩ ඉරුං මෑ බටු මිරිස් තක්කාලි අසමෝදගම් තම්පලා ආදී නොයෙකුත් භෝගයන්ට ක්ෂේම භුමියක්ව තිබූ හේන ඉන්පසු කැලෑවට යයි.මේ ළඳු කැලෑවෙන් ද තිබ්බටු එළබටු පමණක් නොව නොයෙකුත් ඖෂධයන්ද ගැමියන්ට ලබා දෙන්නේ ස්වභාව ධර්මයේ කරුණාව මෙතැකැයි කියමිනි.
         මූකලන් හේන වල සිරියාවත් සමෘද්ධියත් ගමෙන් ඉවතට ඇදී ගොසින් දැන් බොහෝකල්ය. හේන හේඩාව වෙනුවට ගමම හේ බා ගොසිනි. සිදාදියේ අරුමෝසම් කෑම වලින් කඩපිල් පිරිලාය. වකුගඩු රෝගයෙන් ද පිළිකාවෙන්ද මැරෙන ගම්මුන් ගේ විලාපය සුළං අතට හැරී හෝ හෝ ගා ගත් ගමන්ය.කුරහන් නැති රටට පැසිපික් රම්බෝ වැනි දෙමුහුන් බඩ ඉරිඟු පැමිණිලාය. මේ බඩ ඉරිඟු වත්තේ මුරකරුවා වන්නේ රජරට ගොවියයාය. කෘෂි රසායන ටැංකිය පිටේ බැඳ ගත් ගමන් සිටින මේ ගොවියාට ත් සෙක්කුවේ බැඳ සිටින හරකාටත් නිදහසක් නම් නැත.
           බ්‍රිතාන්‍යයන් විසින්1840 වර්ෂයේ දී ඉදිරිපත් කරන ලද මුඩුබිම් පණත් වල ප්‍රතිඵලයක් වශයෙන් හේන් ගොවිතැනට අවශ්‍ය වූ මූකලාන් සහ කනතු සිංහලයින්ට අහිමි විය. ඒ ඉඩම් කෝපි වැවිල්ලට යටකරන ලදී. වන්නිය හා නැගෙනහිර ප්‍රදේශ වල පමණක් හේන් ගොවිතැනේ ශේෂ දක්නට ලැබුණි. අනතුරුව ඉඩම් භුක්ති ක්‍රමයේ විකාශනය නිසාම ගොවීහු විනාශකාරී හේන් ගෙවිතැන් ක්‍රම අනුගමනයට පටන් ගත්හ. ඉංග්‍රීසින් ඇතැම් විට මේ ක්‍රමය තහනමට ලක් කරනු ලැබූහ. එහෙත් මාස් කන්නයට පමණක් වැසි ලැබෙන පළාත් වල වැසියන් තමන්ට ආයාසයකින් තොරව ලබා ගත හැකි ධාන්‍ය වර්ග සඳහා හේන අත් නොහළහ.වී වගාවට ජලය නොලැබෙන කල්හි ගොවීහු හේන් වලට සංක්‍රමණය වෙති. මාස් කන්නයේ වුවද නියන් ලකුණු දුටු කල්හි ඔවුන් වඩාත් ප්‍රිය කරන්නේ හේන් කෙටීමටයි. කුරහන් එහි ප්‍රධාන භෝගයයි.
               හේන් ගොවිතැන අභාවයට යත්ම කුරහන් ගොවිතැන ද අභාවයට ගියේය. වෙසෙසින්ම මහවැලි ව්‍යාපාර සංවර්ධනයත් සමග හේනට තහංචි පැනවුණි. මෙම ආහාරයට තිබෙන ප්‍රිය මනාප භාවය නිසාම අතරින් පතර කුරහන් වගාව කළද ඒ සාම්ප්‍රදායික ක්‍රමයට නොවේ. 1980 සිට 1994 දක්වා කුරහන් වගාවේ සංඛ්‍යා ලේඛන ගත හොත් මෙම වගාවේ පරිහානිය තේරුම් ගත හැකිය. 1981 වර්ෂයේ දී හෙක්ටයාර් 19600 ක මෙම වගාව පැතිර තිබුණි. 1982 දී එය හෙක්ටයාර් 20 400 විය. ඒ තත්වය ක්‍රමයෙන් වෙනස් වී 1994 වන විට එය හෙක්ටයාර් 7474 ක් දක්වා  අඩුවුණි.2008 වර්ෂය වන විට මේ වගාව හෙක්ටයාර් 2000 කට පල්ලම් බැස ඇත. මේ නිසා දැන් වර්ෂ කීපයකම සිට කුරහන් ඉන්දියාවෙන් මැලේසියාවෙන් සහ වියට්නාමයෙන් ගෙන්වති.
      කුරහන් ශක්ති ජනක ආහාරයකි. ආහාරයක් වශයෙන් එහි අඩංගු කැලරි ප්‍රමණයෙන් ඒ බැව් තේරුම් ගත හැකිය. මාංශ ජනක ධාතු  කැල්සියම්  විටමින් බී වැනි පෝෂ්‍ය ගුණ එහි යහමින් අඩංගු වන බව නවීන පර්යේෂකයින් පෙන්වා දී තිබේ.මහ මොර ගල් මොර කලු ගැටයා මෙන්ම නර මානෙල් නමින් තිබූ පැරණි සාම්ප්‍රදායික කුරහන් වර්ග දැන් අභාවයට ගොසිනි. මාස් කන්නයට හේනට පිරිමහින ප්‍රධාන ගොවිතැනක් වූ කුරහන් යල් කන්නයේ ද සරුවට වැඩුණි. කුරහන්  සකස් කරගන්නට නිවසක තිබූ කුරහන් ගල අපූරු උපකරනයකි. එහි අත් ගලේ මැද හිලට දැමූ කුරහන් ඇට ඇඹරෙමින් ගල දෙපැත්තෙන් බිමට වැටෙන්නේ වන්නිකරයේ ගොවියාගේ අව්‍යාජ සිනාව මතක් කර දෙමිනි. මේ කුරහන් පිටි ඉක්මනින් ආහාරයක් ලෙසට සකස් කර ගන්නට ගෙවිලිය දනී. විග විගැහින් වතුර මුට්ටියක් ලිපේ තබන ඇය වතුර නටා ගෙන එන කල්හි ඉන් වතුර භාගයක් පමණ වෙනත් බඳුනකට අයින් කර ගනී. අනතුරුව කුරහන් පිටි අවශ්‍ය පමණ දමමින් පත්තෙන් පතු ගාන්නේ කවි දෙපදයක්ද කියමිනි.නටන උණු ජලයේ තිබෙන ගුප්ත තාපයෙන් කුරහන් හොඳ හැටි තැම්බෙන අතර වෙන්කර ගත් වතුර මට්ටියේ උණු ජලය වරින් වර දැමීම නිසා කුරහන් පිටි අහුර තලපයක් බවට පත් වී විශාල දොදොල් ගුලියක හැඩය ගනී. මේ තලපය කටේ  අලවා නොගෙන ගිලීමට සමත් හොද්දක් හෝ ආනමක් දැන් අවශ්‍ය වේ. ඒ සඳහා කොල්ලු ආනම අගේට ගැලපේ. රටේ විවිධ පළාත්වලට එයට ගැලපී යන ආනම් දකින්නට හැකිය. කෙසේ වෙතත් ගැඹුරු උණු දියේ තම්බන ලද මේ තලපය ඉතා ඉක්මනින් දිරවන සුලු පොෂණ ගුණයෙන් ඉහළ ආහාරයක්  බව නොකියාම බැරිය.
මෝරන උදරද ථූල පිලා ගෙඩි කැසි මුස වමනෙද මූල              ගෙඩිත්
 ජීරණ කර ඇඟ දිරවන කබරද ලාදුරු දස ගැට                   පරන්ගියත්
රෑ කණ ඇඳිරිද මූල තිඹිරි දිය පසු උල්වාරම් ඇස්                     ගිලුමත්
කාරන මේ සැම ලෙඩ වල් ගුණ වෙන උතුම් ගුලිය ඉන් නම කියවෙත්
කුරහන් දියවැඩියාව සමනයට අගනා ආහරයක් යයි පැරණියන් අතර තිබූ මතය බිඳ හෙලන්නට දැන් වෛවාරන නවීන මත ඉදිරිපත් කරන විට  ආහාරයක් සකස් කර ගන්නට නොදත් සමාජයක් නිතරම පැකිලේ. විචිකිච්චාවට පත් වේ. කුරහන් ගැඹුරු උණුදියේ තම්බන්නට ඕනෑය කීවේ ඒ නිසයි. කුරහන් කැඳ මෝරු සමග බීම දියවැඩියා රෝගීන්ට පත්‍ය ආහාරයකි. කුරහන් පිට්ටුවටද කෙට්ටුව මට්ටු කර ලිය හැකි බව පැරණි කවුරුත් දැන සිටියහ. එයට ගැලපී යන හොද්දක් ඇඹුලක් ද තිබිය යුතුය. කුරහන් රොටිය  ඉතා දුගී ආහාරයක් වුවද උණු අලු පල්ලේ දමා තම්බා ගත් කුරහන් ගිනිපූ නමින් වූ සාම්ප්‍රදායික රොටිය රසවත් කමින්ද ගුණයෙන්ද ඉහළය. එයට හාල් මැස්සන් රතු ලූණු කරපිංචා ආදිය එක් කර කෙසෙල් කොලයක ඔතා උණු අලු පල්ලක දමා තම්බා ගැනීම නිසා ක්ෂණයකින් ලේ ධාතු ගත වන අගනා ශක්ති ජනක ආහාරයක් ලැබේ. සමහරක් හේන් ගොවීන් හේනේ ගල් තලාවක් හොඳ හැටි පිරිසිඳු කර ඒ මත රොටිය වඩවා තබා දහවල් වන තුරු වැඩ කර එතැනට යළිත් පැමිණෙන්නේ පදමට අව්වෙන් තැම්බී ඇති රොටිය ආහාරයට එක් කර ගැනුමටයි.මේ සෑම ආහාරයක්ම තැනේ හැටියට වැඩයේ හැටියට පිරිමහින දේවල්ය. ශිත කාමර වල සිටින දහදිය නොදක්වන හීල් වැඩ කරුවන්ට පෙර සඳහන් කළ කුරහන් තලපය තරම් අගනා ආහාරයක් තවත් නැතිය. සෙම මේද වාත නසන එසේම බඩේ ආමය නිසි ලෙස සකස් කරන තව දුරටත් මුත්‍රා ගල් දියකරවන කොල්ලු ආනමත් එක් වූ විට එයින් ඇති කරවන ප්‍රතිශක්තිය මෙන්ම රුධිර සීනි සමබර තාවය විශිෂ්ඨය. මේ සියුම් තැන් නොදන්නා බටහිරයන් තම වියුක්ත දැනුමේ පිහිටා සිටිමින් කුරහන් වලට අවමන් කරති. නමුත් සත්‍යය දන්නේ කුරහන් නිසා දිවි ගැට ගන්නා රජරට ගොවියාම පමණකි. මී මල් පිපෙන කාලයට ඒවා අහුලා රේණු තලා වේලා කුරහන් පිටි සමග එක් කර කිතුල් පැණි මුසු කර සාදා ගන්නා මී මල් හැලපය වාතය නසන මිහිරිතම අතුරු පසකි.කුරහන් හේනේ හේඩාවට ගොවියා දෑත් එක් කර වඳින්නේ ඒ නිසයි.